01.01.2019       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, අප පිටස්තර වූ අයයි. ඔබ හොඳ ආහාර ගැනීමටත් හොඳ ඇඳුම් ඇඳීමටත් රුචියක් තිබිය යුතු නැත. අධ්‍යයනයටත් ඔබේ චරිතයටත් සම්පූර්ණ අවධානය යොදන්න.

ප්‍රශ්නය:
ඥාන මිණිමුතු වලින් නිරන්තරව පිරී සිටීමට මාර්ගය කුමක්ද?

පිළිතුර:
දානය කිරීමයි ඔබ අන් අයට මිණිමුතු දුන් තරමට ඔබ ඉන් පිරී යනු ඇත. අර්ථවත් අය වූ කලී හොඳින් ඇහුම්කන් දී ඒවා උකහා ගෙන ඒවා අන් අයට දෙන අයයි. බුද්ධිය නැමති පැසෙහි සිදුරක් තිබුණොත් ඒවා කාන්දු වී ගොස් උකහා ගැනීමට නොහැකි වේ. ඒ නිසා විනයක් ඇතිව අධ්‍යයනය කරන්න. පාප පහෙන් දුරස්ව සිටින්න. රුප් සහ බසන්ට් බවට පත් වන්න.


ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා ආධ්‍යාත්මික දරුවන් වන ඔබට විස්තර කරයි. ආධ්‍යාත්මික පියා භෞතික අවයව වලින් කතා කරන අතර ආධ්‍යාත්මික දරුවන් ඇහුම්කන් දෙන්නේ ද භෞතික අවයව තුළිනි. මෙය අළුත් දෙයකි. ලෝකයේ කිසිම මනුෂ්‍යයෙකුට මෙසේ කිව නොහැකියි. ඔබද මෙය විස්තර කරන්නේ ඔබ කරනා උත්සාහය අනූව අනුපිළිවෙලටය. එය හරියට ගුරුවරයෙක් උගන්වන විට ශිෂ්‍යයින්ගේ ලේඛණයෙන් සියල්ල පෙන්වනවා මෙනි. ඔවුන්ගේ ලේඛණයෙන් ඔබට ඔවුන්ගේ හැසිරීම සහ අධ්‍යයනය ගැන කිව හැකියි. ප්‍රධානම දේ වන්නේ අධ්‍යයනය සහ චරිතයයි. මෙය වූ කලී වෙන කිසිවෙකුට ඉගැන්විය නොහැකි දේව අධ්‍යයනයයි. මේ නිර්මාණකයාත්, ලෝක චක්‍රය තුළ නිර්මාණයේ මුල, මැද සහ අග පිළිබඳවත් ඥානයයි. මුළු ලෝකයේම වෙන කිසිම මනුෂ්‍යයෙක් මෙය නොදනී. හොඳින් අධ්‍යාපනය ලැබූ අධිකාරීන් වන පුරාණ ඍෂිවරු පවා කියා ඇත්තේ ඔවුන් නිර්මාණකයා හා නිර්මාණය ගැන නොදන්නා බවයි. පියාම පැමිණ ඔහුගේ හැඳින්වීම ලබා දුන්නේය. මේ කටු අකුලක් යැයි සිහිපත් කර ඇත. කැළයකට නියතයෙන්ම ගිණි ඇවිලේ. මල් උයනකට කවදාවත් ගිණි ඇවිලෙන්නේ නැත්තේ එය හරිත වර්ණ නිසාය. මුළු වනාන්තරයම වියළිය. හරිත වර්ණයෙන් යුත් සුගන්ධවත් උයනකට කවදාකවත් ගිණි ඇවිලෙන්නේ නැත, වියළි වනයකට ඉක්මනින්ම ගිණි ඇවිලේ. මේ ගිණි ඇවිළුණු අසීමිත වනය වන අතර උද්‍යානයත් ස්ථාපනය වී ඇත. ඔබේ උද්‍යානය හැදෙන්නේ අදෘෂ්‍යමාන ලෙසය. ඔබ දන්නවා අපි උද්‍යානයේ මල් වන සුවඳ හමන දේවි දේවතාවුන් බවට පත් වන බව. ඊට දෙව් ලොව යැයි කියයි. දිව්‍යලෝකය දැන් ස්ථාපනය වෙමින් තිබේ. ඔබ මිනිසුන්ට කොතරම් විස්තර කළත් එය කිසිවෙකුගේ බුද්ධිය තුළ නොසිටින බව විශ්මය ජනකය. මෙම ආගම ධර්මයට අයිති නොවන අයගේ බුද්ධිය තුළ එය තැන්පත් නොවනු ඇත. ඔවුන් එක කණකින් අසා අනෙක් කණින් පිට කරයි. ස්වර්ණමය යුගයේ හා රිදී යුගයේ භාරතයේ සිටින්නේ ඉතා සුළු පිරිසකි. ඉන් පසු ද්වෝපූර් යුගයේ දී හා කළි යුගයේ දී විශාල වර්ධනයක් සිදුවේ. එහි, ළමුන් එක්කෙනෙක් හෝ දෙදෙනෙක් වන අතර මෙහිදී දරුවන් හතරක් පහක් ලැබේ. ඒ නිසා නියතයෙන්ම වර්ධනයක් ඇත. භාරතයේ දැන් මිනිසුන්ට කියන්නේ හින්දුවරු කියාය. ඇත්තෙන්ම, ඔවුන් අයිති වී සිටියේ දේවි දේවතා ආගමටයි. අනෙක් ආගම් වල කිසිවෙක් ඔවුන්ගේ ආගම අමතක නොකරයි. මෙය අමතක වූයේ භාරත්වාසීන්ටය. බලන්න, දැන් මෙකල විශාල ජනගහනයක් ඇත. ඔවුන් සියලු දෙනාටම මෙහි පැමිණ ඥානය ලබා ගත නොහැකියි. ඔබ හැම කෙනෙකුටම ඔබේ උපත් තේරුම් ගත හැකියි. සම්පූර්ණ උපත් 84 ම ගත් අය නියත වශයෙන්ම පැරණිතම භක්තිවන්තයින්ය. ඔබට තේරුම් ගත හැකියි ඔබ කොතරම් භක්ති ක්‍රියා කර ඇත්ද කියා. ඔබ අඩුවෙන් භක්ති කළා නම්, අඩුවෙන් ඥානය ගෙන සුළු පිරිසකට විස්තර කරනු ඇත. ඔබ බොහෝ භක්ති කර ඇත්නම්, බොහෝ ඥානය ගෙන අන් බොහෝ දෙනාට ඥානය විස්තර කර දෙනු ඇත. ඥානය බොහෝ සෙයින් නොගතහොත් එතරම්ම විස්තර කළ හැකිද නොවේ. ඒ නිසා ඔබට ලැබෙන ඵලය ද අඩුය. ගිණුම එසේ වේ. එක් දරුවෙක් ඉස්ලාම් අය උපත් කීයක් ගන්නවාද සහ බෞද්ධ අය උපත් කීයක් ගන්නවාද කියා ගණන් බලා පියාට යැව්වේය. බුදුන් වහන්සේ ද ආගමක නිර්මාතෘවරයෙකි. ඔහුට පෙර බෞද්ධ ආගමේ අය කිසිවෙක් නොවීය. බුද්ධ ජීවාත්ම සත්තාව කෙනෙකුට ඇතුළු වී බුද්ධාගම ස්ථාපනය කළ අතර එක්කෙනෙකුගේ සිට ප්‍රසාරණය සිදු විය. ඔහු ද ප්‍රජාවගේ පියෙක් (ප්‍රජාපිතා) විය. එක්ගෙනකුගේ සිට එතරම් ප්‍රසාරණයක් සිදුවිය. ඔබ නව ලෝකයේ රජුන් විය යුතුයි. ඔබ මෙහි පිටස්තරයින් වී ඇත. ඔබ කිසිවකට කිසි රුචියක් තිබිය යුතු නොවේ. මට හොඳ ඇඳුම් ඕන. එය ද ශරීර විඥානයයි. ඔබට ලැබෙන දේ හොඳටම ප්‍රමාණවත්ය. මේ ලෝකය පවතින්නේ ඉතා කෙටි කාලයකි. ඔබ මෙහිදී හොඳ ඇඳුම් ඇන්දොත් එහිදී එය අඩුවේ. ඔබ ඒ රුචියෙන් මිදිය යුතුව ඇත. ඔබ දිගින් දිගට ඉදිරියට යන විට ඔබට නිරායාසයෙන් දිගටම දසුන් ලැබේවි. ඔබම මෙසේ කියාවි මෙයා බොහෝ සේවය කරයි. එය විශ්මය ජනකයි. ඔහු ඉහළ අංකයක්ම නියතයෙන්ම ලබයි. එවිට ඔබ දිගටම අන් අයව ඔබ හා සමාන කිරීම කරයි. දිනෙන් දින උද්‍යානය වර්ධනය වේ. ස්වර්ණමය යුගයේ සහ රිදී යුගයේ කොපමණ දේවි දේවතාවන් සිටී ද ඔවුන් සැම මෙහි අප්‍රසිද්ධියෙන් සිටින අතර පසුව ඔවුන් එළිදරව් වනු ඇත. ඔබ දැන් අදෘෂ්‍යමාන තත්ත්වයක් ලබමින් සිටී. ඔබ දන්නවා දැන් ඔබ ඉගෙන ගන්නේ මරණයේ දේශයේ බවත්, ඔබේ තත්ත්වය ලැබෙනු ඇත්තේ අමරණීය දේශයේ දී බවත්. එවැනි අධ්‍යයනයක් ඔබ කවදා හෝ දැක තිබේද? ඔබ ජරාජීර්ණ ලෝකයේ ඉගෙන ගෙන නව ලෝකයේ තත්ත්වයක් ලැබීම විශ්මය ජනකය. ඔබට උගන්වන කෙනා වන්නේ මරණයේ දේශය විනාශ කර අමරණීය දේශය ස්ථාපනයට උනන්දු කරන කෙනාය. මෙම බොහෝ සුබ වූ ඔබේ සංගම යුගය ඉතා කෙටිය. පියා පැමිණ ඔබට උගන්වන්නේ මෙම යුගයේ දීය. ඔහු පැමිණි වහාම ඔබගේ අධ්‍යයනය ආරම්භ වේ. පියා මෙසේ කියන්නේ ඒ නිසාය ශිවා උපදින දිනය ගීතාවේ උපන් දිනය ද වේ. මිනිසුන් ඔහුව දන්නේ නැත. ඔවුන් සඳහන් කර ඇත්තේ ක්‍රිෂ්ණාගේ නමයි. දැන්, කෙනෙක් මෙම වරද තේරුම් ගත යුතුමය! කෞතුකාගාරය නැරඹීමට බොහෝ වැදගත් මිනිසුන් පැමිණේ. ඔවුන් පියා දනී යැයි කෙසේවත් ඉන් අදහස් වන්නේ නැත. ඒ නිසා බාබා මෙසේ කියයි ඔවුන්ට පෝරමයක් පිරවීමට දීමෙන් ඔබට බැලිය හැකියි ඔවුන් යමක් ඉගෙන ගෙන ඇත්ද නැත්ද කියා. කොහොමනමුත්, මෙහි ආ විට ඔවුන් වෙන කුමක් කරන්නද? මෙහි වෙන තැන් වල මෙන් මහත්මාවරුන් සහ ශුද්ධවන්ත මුණිවරුන් වෙත ගියා සේ නොවේ. මොහුට ඇත්තේ සාමාන්‍ය ස්වරූපයකි. ඔහුගේ ඇඳුමද වෙනස් වී නැත. කිසිවෙකුට තේරුම් ගැනීමට බැරි ඒ නිසයි. ඔවුන් දන්නේ ඔහු ස්වර්ණාභරණ වෙළෙන්දෙක් වූ බවයි. ඔබ කටයුතු කරන්නේ මහා ව්‍යාපාරික, විජ්ජාකාර සහ මැණික් වෙළෙන්දා වන අසීමිත පියා සමඟයි. ඒ නිසා ඔබ හැම කෙනෙක් ම රුප් සහ බසන්ට් විය යුතු බව සැළකිය යුතුය. අපට දහස් සිය ගණන් වටිනා ඥාන මිණිමුතු ඇත. මේ ඥාන මිණිමුතු වලින් ඔබ දිව්‍ය බුද්ධියක් ඇති අය බවට පත්වේ. මෙයද තේරුම් ගත යුත්තකි. මේවා උකහා ගන්නා හොඳ අර්ථාන්විත දරුවන් ඇත. උකහා ගත නොහැකි කෙනෙක් ඇත්නම් ඔහුගෙන් වැඩක් නැත. ඔහුගේ පැස සිදුරකින් යුක්ත බවත් ඉන් සියල්ල අහක යන බවත් සළකන්න. පියා මෙසේ කියයි මම ඔබට අවිනාශී ඥාන මිණිමුතු දානය කරමි. ඔබද එම දානය ම දිගට ගෙනයනවා නම්, ඔබ ද පිරී සිටිනු ඇත. නැත්නම් ඔබට කිසිවක් නොලැබේ. ඔබ හිස්ය. ඔබ ඉගෙන නොගන්නා අතර විනයානුකූලව ඉදිරියට නොයයි. මෙහි විෂයන් ඉතා හොඳය. ඔබ පාප පහෙන් සම්පූර්ණයෙන් බැහැරව සිටිය යුතුයි. රක්ෂා බන්ධන් උළෙල ද මෙකල බව පියාත් විස්තර කරයි. කොහොමනමුත්, රාඛී බඳින්නේ ඇයි දැයි මිනිසුන් තේරුම් ගන්නේ නැත. ඔවුන් රාඛී බඳිමින් ම දිගටම අපිරිසිඳු වෙයි. කලින්, රාඛී බැන්ඳේ බ්‍රාහ්මණ පූජකයින්ය. දැන් සොයුරියන් ඔවුන්ගේ සොයුරන්ට රාඛී බඳින්නේ තෑගි (බොහෝ විට මුදල්) හුවමාරුවටය. එහි පාරිශුද්ධියේ ප්‍රශ්නයක් නැත. ඔවුන් විවිධ විලාසිතා රාඛී හදයි. මේ දීවාලී සහ දෂෙරා උත්සව ද සංගම යුගයේය. පියා ඉටු කළ ක්‍රියා භක්ති මාර්ගයේ ද දිගටම යයි. පියා ඔබට සත්‍ය ගීතාව කියා දී ඔබව ලක්ෂ්මි සහ නාරායන් ලෙස තනයි. ඔබ දැන් පළමු ශ්‍රේණියටම අයත් වන්නට යයි. සත්‍ය නාරායන්ගේ කතාන්දරය ඇසූ පසු, ඔබ සාමාන්‍ය මිනිසකුගෙන් නාරායන් බවට වෙනස් වෙයි. ඔබ දරුවන් දැන් මුළු ලොවම අවධි කළ යුතුව ඇත. ඔබට එතරම්ම යෝගා බලය අවශ්‍යය. ඔබ හැම චක්‍රයේ දීම දෙව්ලොව ස්ථාපනය කරන්නේ යෝගා බලයෙන්ම පමණි. ස්ථාපනය යෝගා බලයෙන් සිදුවන අතර විනාශය සිදුවන්නේ භෞතික බලයෙනි. වචන දෙකක් ඇත ඇල්ෆා සහ බීටා. ඔබ මුළු ලොවම අයිති කරුවන් වන්නේ යෝගා බලයෙනි. ඔබේ ඥානය සම්පූර්ණයෙන්ම අදෘෂ්‍යමානයි. ඔබ සතෝප්‍රධාන්ව සිටි අතර දැන් තමෝප්‍රධාන් බවට පත් වී ඇත. ඔබ නැවත සතෝප්‍රධාන් බවට පත් විය යුතුව ඇත. සියලු දේ නියතයෙන්ම පරණ වී සිට අළුත් වේ. නව ලෝකයේ නැත්තේ මොනවාද? ජරාජීර්ණ පැරණි ලෝකයේ කිසිවක්ම නැත, එය හිස් පෙට්ටියක් මෙනි. කලින් භාරතය දෙව් ලොවක්ව තිබුණු අතර දැන්, භාරතය අපායයි, දවල් රෑ මෙන් වෙනසකි. ඔවුන් රාවණ්ගේ පඹයින් පිළිස්සුවත් එහි තේරුම නොදනී. ඔබ දැන් දන්නවා ඒ මිනිසුන් කරන්නේ කුමක්ද කියා. ඊයේ ඔබත් නොදැන සිටි අතර අද ඔබට ඥානය ඇත. ඊයේ ඔබ අපායේ සිටි අතර අද යථාපරිදි දෙව්ලොවට යමින් සිටී. එය මිනිසුන් කියන ආකාරයේ දිවංගත වීම නොවේ. දැන් ඔබ දෙව්ලොව ගියා නම්, අපාය තවදුරටත් නොතිබේ. මේ කරුණු තේරුම් ගත යුතුය. මෙය තත්පරයක කරුණකි. පියා සිහිකළ විට ඔබේ පව් දුරු වී යයි. මෙය හැම කෙනෙකුටම දිගටම කියන්න. ඔවුන්ට මෙසේ ද කියන්න ඔබ ඔවුන් (ලක්ෂ්මි සහ නාරායන්) ලෙස සිටියා. දැන් උපත් 84ක් ගෙන පව් කාරයින් බවට පත් විය. ඔබ සතෝප්‍රධාන් බවින් තමෝප්‍රධාන් බවට පත් වූ අතර නැවත සතෝප්‍රධාන් බවට පත් විය යුතුව ඇත. බාබා දිගටම විවිධ ආකාරයෙන් ඔබට විස්තර කරයි. මගේ බැටරිය කවදාවත් පැරණි වන්නේ නැත. බාබා මෙසේ ද කියයි ඔබ ලක්ෂ්‍යයක්, ජීවාත්ම සත්තාවක් බව සළකන්න. ඔවුන් මෙසේ කියයි මොහුගේ ජීව සත්තාව වෙන් වී ගියා. ඒ නිසා, ඔහුගේ සංස්කාර අනූව එක ශරීරයක් අත හැර තවත් එකක් ගනී. ජීවාත්ම සත්තාවන් දැන් නැවත ගෙදර යා යුතුයි. මෙය නාටකයයි. ලෝක චක්‍රය දිගටම නැවත නැවත සිදුවේ. දැන් අවසානයේ දී ඔවුන් ජනගහනය ගණනය කර කියන්නේ මෙතරම් මිනිසුන් ගණනක් ලෝකයේ සිටිනවා කියාය. මෙතරම් ජීවාත්ම සත්තාවන් සිටී යැයි ඔවුන් නොකියන්නේ ඇයි? පියා මෙසේ කියයි දරුවන් මාව එතරම්ම අමතක කර ඇත. එවිට මා පැමිණ හැම කෙනෙකුටම යහපත කළ යුතු වන අතර ඔවුන් පියාට අඬගසන්නේ ඒ නිසාය. ඔබ පියාව අමතක කළත් පියා ඔබ දරුවන් අමතක නොකරයි. පියා පැමිණෙන්නේ අපිරිසිඳු අය පිරිසිඳු කිරීමටයි. මෙයා ගව මුඛ්ය (එළදෙන ගේ මුඛය). ගොනෙක් ගැන ප්‍රශ්න නැත. මෙය වාසනාවත් රථයයි. බාබා ඔබ දරුවන්ට මෙසේ කියයි ශිව බාබා ඔබව සරසයි. මෙය තදින් සිහි කරන්න. ශිව බාබා සිහිකිරීමෙන් විශාල යහපතක් සිදුවේ. බාබා මෙම බ්‍රහ්මා තුළින් ඔබට උගන්වයි. නමුත්, ඔහුව සිහිකළ යුතු නැත. එකම ශිව බාබා පමණක් සත්ගුරු වේ. ඔබ ඔහුට කැප විය යුතුයි. මෙයාද ඔහුට කැප වී ඇත. පියා මෙසේ කියයි නිරතුරුවම මා පමණක් ම සිහි කරන්න. ඔබ දරුවන් ස්වර්ණමය යුග මල් ලෝකයට යමින් සිටී. ඉතින් ඔබ කටු වලට ඇලෙන්නේ ඇයි? උපත් 63 ක් තුළම ඔබ භක්ති ආගමික ග්‍රන්ථ හා වන්දනාමාන කළා, මුළින්ම ඔබ වන්දනා කළේ ශිව බාබාටය. ඒ නිසයි ඔබ සෝමනාථ සිද්ධස්ථානය සෑදුවේ. සියලු රජවරුන්ගේ මාළිගා වලද සිද්ධස්ථාන තිබුණි. බොහෝ දියමන්ති සහ මැණික් ද විය. පසුව ඒවාට පහර එල්ල විය. ඔවුන් එම සිද්ධස්ථානයෙන් පමණක් බොහෝ රත්තරන් ආදිය ගෙන ගියේය. ඔබ ඒ තරම් ධනවත් ලෝකයක අයිතිකරුවන් බවට පත් වෙමින් සිටියි. එසේ වුවත් ඔවුන් කොතරම් කල්, කවදා සිට එම රජදහන තිබුණේ දැයි කිසිවෙක් නොදනී. පියා මෙසේ කියයි එය අවුරුදු 5000 කට පෙර සිදු විය. ඔවුන් අවුරුදු 2500 ක් පාලනය කළ අතර ඉතිරි 2500 තුළ සියලු නිකායන් හා සංස්කෘතින් දිගටම වර්ධනය විය. අසීමිත පියා ඔබට උගන්වන නිසා ඔබ දරුවන් බොහෝ සතුටු විය යුතුයි. ඔබට බොහෝ ධනය ලැබේ. ඔවුන් දේවි දේවතාවුන් නිමවා ඇත්තේ මැණික් පිරුණු පිඟන් අතැතිව සාගරයෙන් මතුවන ආකාරයටය. ඔබ දැන් ඥාන මිණිමුතු පිරි පිඟන් ලබමින් සිටී. පියා වූ කලී ඥාන සාගරයයි. සමහරු ඔවුන්ගේ පිඟන් හොඳින් පුරවා ගන්නා අතර ඇතැමුන්ගේ පිඟන් වලින් සියල්ල ඉවතට ගලා යයි. හොඳින් ඉගෙන ගෙන අන් අයට උගන්වන අය නියතයෙන් ම විශාල ධනවතුන් බවට පත් වනු ඇත. රජදහනක් ස්ථාපනය වෙයි, මෙය නාටකයේ නියමිතය. හොඳින් ඉගෙන ගන්නා අයට පමණක් ශිෂ්‍යත්වයක් ලැබේ. මෙයයි අවිනාශී දේව ශිෂ්‍යත්වය, අනෙක් ඒවා විනාශ වන සුළුය. ඉණිමඟ ද ඉතා විශ්මිතය. ඒ උපත් 84 කතාන්තරයයි. පියා මෙසේ කියයි විශාල ලෙස ඉණිමඟේ විශාල ට්‍රාන්ස්ලයිට් පිංතූරයක් සාදා, ඈත සිට බැලිය හැකි ලෙස සකස් කරන්න. එය බලන අය පුදුම වන අතර ඔබේ නම දිගටම බැබලේ. දැන් වටේ කැරකෙමින් සිටින අය අවසානයේ දී නැවත එයි. ඔවුන් කීපවරක් පැමිණ කැරකෙන අතර ඔවුන් වාසනාවත් නම් මෙහි නවතී. ඇත්තේ එකම ගිණිසිළුවයි, ඔවුන් වෙන කොහේ යන්නද? ඔබ දරුවන් ඉතා මිහිරි අය බවට පත් විය යුතුයි. ඔබ යෝගා හි සිටින විට මිහිරි බවට පත් විය හැකි වනු ඇත. යෝගා වලින් පමණක් ආකර්ෂණය ඇති වේ. මළකඩ ඉවත් කරන තෙක් කිසිවකු ආකර්ෂණය නොවේ. සියලු ජීවාත්ම සත්තාවන්ට මෙම ඉණිමඟේ රහස කියන්න. ක්‍රමාණුකූලව හැම කෙනෙක්ම අනුපිළිවෙල දැන ගනීවි. මෙය නාටකයයි. ලෝකයේ ඉතිහාසය හා භූගෝලය දිගටම පුනරාගමනය වේ. ඔබ මෙය විස්තර කළ කෙනා සිහිකළ යුතුයි. ඔවුන් පියා සර්වව්‍යාපි යැයි කිව්වත් මෙහි සර්වව්‍යාපීව සිටින්නී මායාය. මෙහි ඔබට පියා ඇත්තේ ඔහුට තත්පරයෙන් මෙහි ආ හැකි නිසාය. බාබා නිතරම මොහු තුළ සිටින බව ඔබ තේරුම් ගත යුතුයි. ඔහු කරන් කරවන්නාය. ඔහු සියල්ල කරන අතර සියල්ල කරවා ගැනීමට ද උනන්දු කරවයි. ඔහු ඔබ දරුවන්ට උපදෙස් දෙන අතර ඔහුද දිගටම ක්‍රියාත්මක වේ. ඔහුට මෙම ශරීරය තුළින් කළ හැකි දේත් කළ නොහැකි දේත් විනිශ්චය කරන්න. බාබා කෑම කන්නේ නැත, ඔහු එහි සුගන්ධය ගනී. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. 

ධාරණය සඳහා සාරාංශය:

1. රුප් හා බසන්ට් බවට පත් වී සැමවිට ඔබේ බුද්ධි පැස අවිනාශී ඥාන මිණිමුතු වලින් පුරවා තබා ගන්න. ඔබේ බුද්ධි පැසේ සිදුරක් නොතබන්න. ඥාන මිණිමුතු උකහා ගෙන ඒවා අන් අයට දානය කරන්න.

2 ශිෂ්‍යත්වයක් දිනා ගැනීමට නම් ඉතා හොඳින් ඉගෙන ගන්න. සම්පූර්ණ පිටස්තරයෙක් සේ සිටින්න. කිසි වර්ගයක රුචියක් නොතබාගන්න. සුවඳ මලක් බවට පත් වී අන් අය ද එසේ ම කරවන්න.

වරදානය:
ඔබ සියලු දෙනාගේ සෙනෙහසට බඳුන් වීමෙන්, අන් අය කෙරෙහි පිවිතුරු සහ ධනාත්මක සිතිවිලි ඇති කර, සියලු දෙනාගේ සහයෝගය ලබා ගනිත්වා.

අන් අය කෙරෙහි පිවිතුරු සහ ධනාත්මක සිතිවිලි ඇති අය වෙනුවෙන්, සියලු දෙනාගේ හදවත් තුළ සෙනෙහස තිබේ, මන්ද ඔවුන්ව සහයෝගී කරවන්නේ එවන් සෙනෙහසයි. සෙනෙහස ඇති තැන, මිනිසුන් ඔවුන්ගේ කාලය, ධනය සහ සහයෝගය කැප කිරීමට සෑම විටම සූදානමින් සිටියි. එබැවින් ඔබ තුළ අන් අය කෙරෙහි පිවිතුරු සහ ධනාත්මක සිතිවිලි තිබීම, අන් අය ඔබ කෙරෙහි ආදරණීය කරවන අතර, සෙනෙහස නිසා, සියලු ආකාරයේ සහයෝගීතා, ඔබ වෙනුවෙන් කැප වෙයි. එබැවින්, තමන් වෙනුවෙන් සහ අන් අය වෙනුවෙන් නිරන්තරයෙන් පිවිතුරු සහ ධනාත්මක සිතිවිලි වලින් පිරී සිට, සියලු දෙනාව ආදරණීය සහ සහයෝගී කරවන්න.

පාඨය:
මෙකල, පිරිනමන්නන් වන්න, එවිට ඔබගේ රාජධානියේ සෑම ජීවාත්මයක්ම සෑම උපතකදීම පිරි සිටියි.

දැන්වීම:

මෙම අව්‍යක්ත මාසය, බ්‍රහ්මන දරුවන් වන අප සියලු දෙනාට ආශිර්වාද වල විශේෂ මාසයකි. මෙම මාසය තුළ, අපි අභ්‍යන්තරගතව හිඳිමින්, බ්‍රහ්ම පියා හා සමාන වීමේ අරමුණ තබාගෙන, තීව්‍ර උත්සාහයේ යෙදෙමු. මේ සඳහා, සෑම දිනකම මුරලිය අවසානයේ, විශේෂ උත්සාහ දැරීමට අපි විශේෂ කරුණක් ලියනවා. කරුණාකර මෙම විශේෂ කරුණට අවධානය යොමු කොට, දවස පුරාම එය ආවර්ජනය කරමින්, සූක්ෂම කලාපය වටා සංචාරය කරන්න.

බ්‍රහ්ම පියාට සමාන වීම සඳහා විශේෂ උත්සාහයන්.

කාලයට අනුව, සෑම විටම වචන තුනක් සිහියේ තබා ගන්න - අභ්‍යන්තරගත වීම (අන්තර්මුඛී), අව්‍යක්ත සහ අලෞකික. මේ වන තුරු, යම් ලෞකිකත්වයක් මිශ්‍ර වී තිබේ, නමුත් ඔබ සම්පූර්ණයෙන්ම අලෞකික සහ අභ්‍යන්තරගතව සිටින විට, ඔබ අව්‍යක්ත සුරංගනාවක් ලෙස දිස්වෙයි. ආධ්‍යාත්මික සහ අලෞකික මානසික ස්ථීතියේ සිටීමට, අභ්‍යන්තර ගත වන්න.