01.01.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ පිවිතුරු ලෝකයට යා යුතුයි. එබැවින් විශාලතම සතුරා වන රාගය පරාජය කරන්න. රාගය ජයගෙන ඒ අනුව ලෝකය ජයගත් අය වන්න.

ප්‍රශ්නය:
ඔබගේ ක්‍රියාකාරකම් මගින් ඔබට සෑම කෙනෙකුටම ලබා දිය හැකි දර්ශනය කුමක්ද?

පිළිතුර:
ඔබට සෑම කෙනෙකුටම ඔබගේ ක්‍රියාකාරකම් තුළින්, ඔබ හංසයෙක්ද නැත්නම් කොකෙක්ද කියා පෙන්විය හැක. හංසයින් කිසිම විටෙක කිසිම කෙනෙකුට දුකක් නොදෙයි. කොක්කු දූෂිත බැවින්, දුක ඇති කරයි. ඔය දරුවන් දැන් කොක්කුන්ගෙන් හංසයින් බවට පත්වෙමින් සිටිනවා. දිව්‍යමය බුද්ධි ඇති අය බවට පත් වෙමින් සිටින ඔය දරුවන්ගේ වගකීම වන්නේ, අන් සෑම කෙනෙක්වම දිව්‍යමය බුද්ධියක් ඇති අයෙක් බවට පත් කරවීමය.

ඕම් ශාන්ති.
ඔබ ඕම් ශාන්ති කියන විට, ඔබගේ මුල්ම ධර්මය ඔබට සිහිවෙයි. එමෙන්ම ඔබගේ නිවහනද ඔබට සිහිවන නමුත් ඔබ නිකම්ම නිවසේ අසුන්ගෙන නොසිටිය යුතුයි. ඔබ පරම පියාගේ දරුවන්ය, එබැවින් ඔබ අනිවාර්යෙන්ම ඔබගේ දෙව්ලොව සිහිකළ යුතුයි. එබැවින් ඕම් ශාන්ති යැයි කීමෙන් මේ සියලුම ඥානය, ඔබගේ බුද්ධියට ඇතුලු වෙයි. ජීවාත්මය වන මා, සාමයේ ප්‍රතිමූර්තියක්. මම, සාමයේ මහා සාගරය වන පරමාත්ම පියාගේ දරුවෙක්මි. දිව්‍යලෝකය ස්ථාපිත කරන පියා, අපව පාරිශුද්ධත්වයේ සහ සාමයේ ප්‍රතිමූර්ති බවට පත් කරවනවා. ප්‍රධානතම කාරණය වන්නේ පාරිශුද්ධත්වයයි. පිවිතුරු සහ අපවිත්‍ර වන්නේ, ලෝකයයි. පිවිතුරු ලෝකයේ එකදු අපවිත්‍ර අයෙකු වෙසෙන්නේ නැත. අපවිත්‍ර ලෝකයේ පාපයන් පහ පවතින අතර, මේ ලෝකයට දූෂිත ලෝකයක් යැයි කියන්නේ ඒ නිසාය. එය, පාපයෙන් තොර ලෝකයයි. පාපයෙන් තොර ලෝකයේ සිට, ඔබ ඉනිමඟ දිගේ පහළට පැමිණෙන අතර, ඔබ දූෂිත ලෝකයට පැමිණෙයි. එය පිවිතුරු ලෝකය වන අතර මෙය අපවිත්‍ර ලෝකයයි. එය දිවා කාලයයි, ප්‍රීතියයි. මෙය එහෙ මෙහෙ ඉබාගාතේ යන රාත්‍රියයි. ඇත්ත වශයෙන්ම කිසි කෙනෙක් රාත්‍රියේ ඉබාගාතේ නොයයි, නමුත් භක්තිය, ඉබාගාතේ යනවා මෙන්, යැයි කියයි. ඔය දරුවන් දැන් විමුක්තිය ලබා ගැනීමට මෙහි පැමිණ සිටියි. ඔය ජීවාත්ම, එම පාප වලින් පිරී සිටියා! පාපයන් පහ ඔබට තිබුණි. ඉන් ප්‍රධානතම පාපය වන්නේ, රාගයයි. මනුෂ්‍යයින්, පාප ආත්ම වන්නේ මෙය මඟිනි. ඇය හෝ ඔහු, අපවිත්‍ර, සහ පාපකාරී ජීවාත්මයක් බව, සෑම කෙනෙක්ම දන්නවා. රාගය නමැති පාපය නිසා, සියලු සුදුසුකම් විනාශ වී යයි. මේ නිසයි පරමාත්ම පියා පවසන්නේ රාගය ජයගන්න, එවිට ඔබ ලෝකය ජයගත්තන් බවට පත් වෙයි, එනම්, නව ලෝකයේ පාලකයන් වෙයි. එබැවින් ඔබ තුළ ඒ තරමට සතුට තිබිය යුතුයි. මනුෂ්‍යයින් අපවිත්‍ර වූ විට, ඔවුන්ට කිසි දෙයක් වටහා ගත නොහැක. පියා පවසන්නේ ඔබ තුළ එකදු අවගුණයක්වත් නොතිබිය යුතුයි. ප්‍රධානතම අවගුණය වන්නේ රාගය වන අතර, මෙතරම් කැලඹීම් තිබෙන්නේ, මෙය නිසාය. සෑම නිවසකම බොහෝ අසාමය ඇත. සෑම තැනකම අසරණ බවේ හැඬුම් තිබේ. මෙම ලෝකයේ අසරණ බවේ හඬ තිබෙන්නේ ඇයි? ඔවුන් පාපකාරී ජීවාත්ම නිසාය. ඔවුන්ට රකුසන් යැයි කියන්නේ පාපයන් නිසාය. මේ ලෝකයේ කිසිම දෙයකින් ප්‍රයෝජනයක් නැති බව ඔබට දැන් වැටහෙයි! පිදුරු ගොඩ ගිණි ගත යුතුයි. ඔබගේ භෞතික ඇස් දෙකින් දකින සෑම දෙයක්ම ගිණි ගැනීමටයි යන්නේ. ජීවාත්ම වලට ගිණි තැබිය නොහැක. ජීවාත්ම, සෑම විටෙකම රක‍්ෂණය වී ඇති සේය! ඔවුන් සෑම විටෙකම ජීවමානයි. කිසි කෙනෙක් ජීවාත්මයක් රක‍්ෂණය කරයිද? ශරීරය රක‍්ෂණය කළ හැක. ජීවාත්මය අවිනාශීය. මෙය නාටකයක් බව ඔය දරුවන්ට විස්තර කර දී ඇත. ජීවාත්ම උඩ, ඉහළ වාසය කරන අතර, පංච මහා භූතයන්ගෙන් මුලුමනින්ම වෙන්වී සිටියි. ලෝකයේ ඇති සියලුම දේ, නිර්මාණය කරන්නේ පංච මහා භූතයන්ගෙනි. ජීවාත්ම කිසිම විටෙක නිර්මාණය කෙරෙන්නේ නැත! ඒවා සෑම කල්හිම පවතී. සිදුවන්නේ, ඔවුන් පුණ්‍ය ආත්ම සහ පාප ආත්ම බවට පත්වීම පමණයි. මෙම නම් දෙන්නේ ජීවාත්මයටයි! පුණ්‍ය ආත්මය හෝ පාප ආත්මය. ජීවාත්ම, පාපයන් පහ නිසා බොහෝ අපිරිසිඳු වනවා! පරම පියා දැන් ඔබව සියලුම පාපයන්ගෙන් මුදවාගැනීමට පැමිණෙයි. මුලු චරිතයම විනාශ කර දමන්නේ පාපයන්ය. හොඳ චරිතයක් යනු කුමක්ද කියාවත් මිනිසුන්ට නොවැටහෙයි. මෙය උසස්ම-උසස් ආධ්‍යාත්මික රජයයි. ඔබට පාණ්ඩව රජය යැයි කියනවා වෙනුවට, ඔබට දේවමය රජය යැයි කිව හැක. ඔබ දේවමය රජය බව ඔබට වැටහෙයි. දේවමය රජය කරන්නේ කුමක්ද? එය ජීවාත්ම පිවිතුරු කර, ඔවුන්ව දේවතාවන් බවට පත් කරවයි. දේවතාවන් වෙන කොහේ සිට පැමිණෙන්නද? කිසිවෙකු මෙය නොදනී. දේවතාවන්ද මනුෂ්‍යයන් වන අතර, ඔවුන් දේවතාවන් බවට පත් වුණේ කෙසේද? එමෙන්ම ඔවුන්ව එය බවට පත් කළේ කවුරුන්ද? දේවතාවන් සිටින්නේ දිව්‍යලෝකයේ පමණයි. දෙව්ලොව වැසියන්, අනිවාර්යෙන්ම අපායේ වැසියන් වන අතර, ඉන්පසුව ඔවුන් නැවතත් දෙව්ලොව වැසියන් බවට පත් වෙයි. ඔබ මෙය දැන සිටියේ නැත, එබැවින් අන් අය මෙය දැනගන්නේ කෙසේද? නාටකය පෙර නියම වූ එකක් බවත්, මේ සියලුම ජීවාත්ම, නලුවන් බවත් ඔබට දැන් වැටහෙයි. මේ සියලුම කරුණු ඔබගේ බුද්ධිය තුළ තබාගන්න. ඉගෙනුම, ඔබගේ බුද්ධිය තුළ තිබිය යුතු අතර තවද ඔබ අනිවාර්යෙන්ම පිවිතුරුද විය යුතුයි. අපවිත්‍ර වීම ඉතාමත්ම නරකයි. අපවිත්‍ර වන්නේ ජීවාත්මයි. ඔවුන් දිගින් දිගටම එකිනෙකා සමග අපවිත්‍ර වෙයි. අපවිත්‍ර අයව පිවිතුරු කිරීම, ඔබගේ රාජකාරියයි. පිවිතුරු වන්න, එවිට ඔබ පිවිතුරු ලෝකයට යයි. මෙය ජීවයට වැටහෙයි. ජීවයක් නොමැති නම්, ශරීරය තිබිය නොහැකි අතර, ප්‍රතිචාර දැක්වීමටද නොහැක. ඔබ ආරම්භයේදී වාසය කරන්නේ පිවිතුරු ලෝකයේ බව, ඔය ජීවාත්මයන්ට වැටහෙයි. ඔබ මුලුමනින්ම නුවණ නොමැත්තන් වූයේ කෙසේද සහ ඔබ අපවිත්‍ර ලෝකයට සුදුසු වූයේ මේ නිසා බවත් පරමාත්ම පියා දැන් පහදා දී තිබේ. දැන් ඔබ පිවිතුරු වන තුරු, දිව්‍යලෝකයට සුදුසු විය නොහැක. දිව්‍යලෝකය සමග සැසඳීම සිදුකරන්නේ සංගම යුගයෙදීය. එහි සංසන්දනය කිරීමක් සිදු කරන්නේ නැත. ඔබට සියලුම ඥානය ලැබෙන්නේ මෙම සංගම යුගයෙදී පමණයි. ඔබට පිවිතුරු වීම සඳහා ආයුධ ලැබෙයි. පාරිශුද්ධකරු බාබා, කියා අමතන්නේ එක් අයට පමණයි. ඔබ ඔහුට පවසන්නේ අපව ඔවුන් මෙන් පිවිතුරු කරන්න! ඔවුන් දිව්‍යලෝකයේ අධිපතියන්ය. ඔබ දිව්‍යලෝකයේ වැසියන්ව සිටි බවත් පසුව උපත් 84ක් ගැනීමේදී, ඔබ අපවිත්‍ර වූ බවත් ඔබ දන්නවා. මෙම කෙනාව ශ්‍යාම් සුන්දර් යැයි නම් කර තිබේ. ඔවුන් ක්‍රිෂ්ණාගේ නිල් පැහැති ප්‍රතිමා සාදන නමුත් ඔවුන්ට එහි අරුත නොවැටහෙයි. ඔබට ක්‍රිෂ්ණා පිළිබඳව ඉතා පැහැදිලි වැටහීමක් ලැබෙයි. ඔවුන් ලෝක දෙකක් පෙන්වා ඇති නමුත් ඇත්ත වශයෙන්ම ලෝක දෙකක් නැත! තිබෙන්නේ එක් ලෝකය පමණයි. එය අලුත් වී පසුව පරණ වෙයි. පළමුවෙන්ම ළදරුවෙක් අලුත් වන අතර පසුව ඔහු වැෙඩත්ම මහලු වෙයි. ඔබ ඔවුන්ට විස්තර කර දීමට බොහෝ සෙයින් ඔලුව වෙහෙසවයි. ඔබ තමන්ගේම රාජධානිය ස්ථාපිත කරගන්නවා. ලක‍ෂ්මි සහ නාරායනටද මෙය වැටහුණා, එහෙම නේද? මෙය වටහා ගැනීමෙන් ඔවුන් බොහෝ මිහිරි විය. ඔවුන්ට විස්තර කර දුන්නේ කවුද? පරමාත්ම දෙවියන්! යුද්ධයක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. පරමාත්ම දෙවියන් බොහෝ නුවණක්කාර මෙන්ම ඥානයෙන් පිරිපුන්ය! ඔහු අති පාරිශුද්ධයි! සියලුම මනුෂ්‍යයින්, ශිවාගේ ප්‍රතිමාව ඉදිරියට ගොස් හිස නමන නමුත්, ඔහු කවුරුන්ද, එමෙන්ම කරන්නේ කුමක්ද කියා ඔවුන් නොදනී. ඔවුන් නිකම්ම දිගින් දිගටම මෙසේ කියයි ශිව කාශි විශ්වනාත් ගංගා...(ලෝකයේ අධිපතිගේ මුවින්, ගංගා නදිය මතු වූ, කාශි වල ඇති ශිව දේවාලය). ඔවුන් එහි අරුත කිසිසේත් නොදනී! ඔබ ඔවුන්ට විස්තර කරන විට ඔවුන් පවසන්නේ ඔබ අපට මොනවා විස්තර කරන්නද? අපි සියලුම වේද ශාස්ත්‍ර හදාරා තිබෙනවා. කෙසේවෙතත්, රාමාගේ රාජධානිය කුමක්ද කියා කිසිවෙකු නොදනී. ස්වර්ණමය යුගය, නව ලෝකයට, රාම රාජධානිය යැයි කියයි. මෙය ධාරණය කරගන්නා ඔබලාද අංකානුරූපයි. ඔබගෙන් ඇතමුන්ට මෙයද අමතක වෙයි, මන්ද ඔබගේ බුද්ධි මුලුමනින්ම ගල් මෙනි. එබැවින් දිව්‍යමය බුද්ධි ඇති අයගේ වගකීම වන්නේ අන් අයවද සමාන කරවීමයි. ගල් වැනි බුද්ධි ඇති අය, එම ක්‍රියාකාරකම් දිගින් දිගටම සිදුකරයි. මෙයට හේතුව වන්නේ, කොක්කු මෙන්ම හංසයින්ද සිටීමයි. හංසයින් කිසිම විටෙක කිසිම කෙනෙකුට දුක් දෙන්නේ නැත. දුක් දෙන්නේ කොක්කුන්ය. ඇතමුන් මුලුමනින්ම කොක්කු මෙන් හැසිරෙන අතර, ඔවුන්ට සියලුම අවගුණ ඇත. ඇතැම් බොහෝ දූෂිත අය මෙහිද පැමිණෙයි. ඔවුන්ට රකුසන් යැයි කියයි. ඔවුන්ව හඳුනාගත නොහැක. බොහෝ දූෂිත අය, විවිධ මධ්‍යස්ථාන වලට යයි. ඔවුන් බ්‍රහ්මනයින් බව කියා, බොහෝ ගැලවුමට හේතු දක්වන නමුත් එය මුසාවකි. මෙයට මුසාවේ ලෝකය යැයි කියයි. නව ලෝකය සත්‍යයේ ලෝකයයි. එය දැන් සංගම යුගයයි. එය ඉතා විශාල වෙනසකි! බොරු පවසමින්, සියලු වංක දේවල් සිදුකරන අය, තුන්වැනි පංතියේ අය වෙයි. පළමු පංතියේ සහ දෙවැනි පංතියේ අයද සිටියි. පරම පියා පවසන්නේ ඔබ පාරිශුද්ධත්වයේ සම්පූර්ණ සහතිකය ලබා දිය යුතුයි. ඇතමුන් පවසන්නේ, එකට වාසය කරමින් පිවිතුරුව සිටීම කෙසේවත් කළ නොහැකි බවයි. එබැවින් ඔය දරුවන් ඔවුන්ට විස්තර කළ යුතුයි. සමහරුන්ට කිසි යෝගා බලයක් නොමැති බැවින්, මෙතරම් පහසු දෙයක් මුලුමනින්ම විස්තර කරදීමට ඔවුන්ට නොහැක. අපට මෙහිදී උගන්වන්නේ පරමාත්ම දෙවියන් බව, කිසි කෙනෙක් විස්තර කරන්නේ නැත. ඔහු පවසන්නේ පිවිතුරු වීමෙන් ඔබ උපත් 21කට දිව්‍යලෝකයේ අධිපතියන් බවට පත් වෙයි. එය පිවිතුරු ලෝකයයි. පිවිතුරු ලෝකයේ කිසිම අපවිත්‍ර කෙනෙක් සිටිය නොහැක. පාපයන් පහ එහි නොපවතී. එය පාපයෙන් තොර ලෝකය වන අතර මෙය දූෂිත ලෝකයයි. අපට ස්වර්ණමය යුගයේ ආධිපත්‍යය හිමි වනවා. එබැවින් අප එක් උපතකට පිවිතුරු නොවන්නේ මන්ද? අප මෙතරම් විශාල ලොතරැයියක් දිනනවා! මෙතරම් සතුට තිබෙන්නේ මේ නිසාය. දේවතාවන් පිවිතුරුයි. ඔබව අපවිත්‍ර බවින් පිවිතුරු කරන්නේ පරමාත්ම පියා පමණයි. එබැවින් ඔබට මෙම ආකර්ෂණය ලබා දෙන බව, ඔබ ඔවුන්ට කිව යුතුයි. ඔබව, ඔවුන් මෙන් කරවන්නේ පරම පියා පමණයි. පරම පියා හැර වෙනත් කිසිවෙකුට ලෝකය අලුත් කළ නොහැක. මනුෂ්‍යයින්ව දේවතාවන් බවට පරිවර්ථනය කිරීමට පැමිණෙන්නේ පරමාත්ම දෙවියන් පමණයි. ඔහුගේ මෙම රාත්‍රිය සිහිකර තිබේ. මෙසේ පැවසෙයි ඥානය, භක්තිය හා නිරාශාව. ඥානය සහ භක්තිය යන දෙක, කාලයෙන් භාගයකදී බැගින් පැවතෙයි. භක්තියට පසුව නිරාශාව තිබෙයි. ඔබ දැන් ආපසු නිවසට යා යුතුයි. එබැවින් ඔබගේ ශරීර පැළඳුම් ඔබ හලා දැමිය යුතුයි. ඔබ තව දුරටත් මෙම කිලිටි ලෝකයේ ජීවත් නොවිය යුතුයි. උපත් 84හි චක්‍රය දැන් අවසානයකට පැමිණ තිබේ. අපි දැන් සාම දේශය හරහා ආපසු පිවිතුරු ලෝකයට යා යුතුයි. පළමුවෙන්ම ඔබ ඇල්ෆා යන කාරණය අමතක නොකළ යුතුයි. පැරණි ලෝකය විනාශ වීමටයි තිබෙන්නේ කියා, ඔය දරුවන්ට වැටහෙනවා. පරමාත්ම පියා නව ලෝකය ස්ථාපිත කරනවා. පියා දිව්‍යලෝකය ස්ථාපිත කිරීමට බොහෝ වාර ගණනාවක් පැමිණ ඇත. අපාය විනාශ වීමටයි යන්නේ. අපාය බොහෝ විශාල වන අතර දිව්‍යලෝකය ඉතාමත්ම කුඩාය! නව ලෝකයේ තිබෙන්නේ එක් ධර්මය පමණක් වන අතර, මෙහි අසංඛේය ආගම් ඇත. එක් ධර්මය ස්ථාපිත කළේ කවුරුන්ද? එසේ කළේ බ්‍රහ්ම නොවෙයි. බ්‍රහ්ම අපවිත්‍ර වී ඉන්පසුව පිවිතුරු වෙයි. ඔබ මා ගැන මෙසේ නොකියනු ඇත පිවිතුරු වන අපවිත්‍ර කෙනා. ඔවුන් පිවිතුරුව සිටින විට, ඔවුන්ට ලක‍ෂ්මි සහ නාරායන යැයි කියයි. බ්‍රහ්මගේ දිවාකල සහ බ්‍රහ්මගේ රාත්‍රිය තිබේ. මෙම කෙනා, ප්‍රජාපිතාය. ශිව බාබාට සදාතනික නිර්මාණකරු යැයි කියයි. සදාතනික යන වචනයෙන් හැඳින්වෙන්නේ පරමාත්ම පියාය. පියා සදාතනික වන අතර එමනිසා, ජීවාත්මයන්ද සදාතනිකයි. නාටකයද සදාතනිකයි. නාටකය පෙර නියම වී තිබෙන එකකි. තමා වන ජීවාත්මයට, මුලු ලෝක චක්‍ර වකවානුවේ ආරම්භය, මැද සහ අවසානය පිළිබඳ ඥානය ලැබෙයි. මෙය ලබා දෙන්නේ කවුද? පරමාත්ම පියා. ඔබ උපත් 21කට අධිපති සහ ස්වාමියාට අයත් වන අතර, පසුව ඔබ රාවනගේ රාජධානියේ අනාථයින් බවට පත් වෙයි. පාපයන් ඇතුලුවන බැවින්, චරිතය නරක් වන්නේ එතැන් පටන්ය. කෙසේවෙතත්, ලෝක දෙකක් නැත. අපාය සහ දිව්‍යලෝකය එකට පවතින බව, මිනිසුන් විශ්වාස කරයි. ඔය දරුවන්ට දැන් සෑම දෙයක්ම බොහෝ පැහැදිලිව විස්තර කර දෙනවා! ඔබ දැන් අදෘෂ්‍යමානයි. ආගමික පත පොතෙහි ලියා ඇති දේ බලන්න! ඔවුන් සෑම දෙයක්ම මුලුමනින්ම පටලවා තිබේ. පැටලී ඇති සියල්ලෙහි පැටලිලි ඉවත් කළ හැක්කේ පරමාත්ම පියා හැර, වෙනත් කිසිවෙකුට නොවෙයි. මිනිසුන් ඔහුට කන්නලව් කරයි මගෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ, එබැවින් පැමිණ, මා පිවිතුරු කර, මගේ චරිත ස්වභාවය නිවැරදි කරන්න! ඔබගේ චරිත ස්වභාව බොහෝ සෙයින් නිවැරදි කරනු ලබනවා! කෙසේවෙතත්, අනෙක් අයට, එය නිවැරදි වෙනවා වෙනුවට, තව තවත් නරක් වනවා. කෙනෙකුගේ හැසිරීමෙන් සෑම දෙයක්ම දැන ගත හැක. අද කෙනෙකුට මහාරති කෙනෙක් හෝ හංසයෙක් යැයි කියන නමුත්, හෙට දින ඔහු කොකෙක් මෙන් වෙයි. එයට වැඩි කල් ගත වන්නේ නැත! මායා අදෘෂ්‍යමානයි. කෝපයද නොපෙනෙයි. කෙනෙක් බුරන්නට පටන් ගත් විට, එය මතු වන අතර එවිට එය දෘෂ්‍යමාන වෙයි. තවද, ඥානයට සවන් දී, ඉන් බොහෝ විශ්මයට පත් වී, අන් අයටත් එය පැවසූ අය පසුව පැන යයි. ඔවුන් බොහෝ සේ ඇද වැටෙයි! ඔවුන් මුලුමනින්ම ගල් වැනි වෙයි. ඉන්ද්‍රාගේ අධිකරණයේ කතා පුවත තිබේ. එවන් අයව හඳුනාගත හැක ඔවුන් මෙම හමුවට නොපැමිණිය යුතුයි. ඥානය සුලුවෙන් හෝ ලබාගත් ඕනෑම කෙනෙක් දිව්‍යලෝකයට යයි, මන්ද, ඥානය කිසි දා විනාශ නොවන බැවින්. පරමාත්ම පියා පවසන්නේ ඔබ දැන් උත්සාහ දරා, උසස් තත්ත්වයක් හිමි කරගත යුතුයි. ඔබ පාපයේ ගැලෙන්නේ නම්, ඔබගේ තත්ත්වය පහත් වෙයි. ඔබ පළමුවෙන්ම සූර්ය රජ පෙළපතේ කොටස්කරුවන්ද, ඉන්පසුව චන්ද්‍ර පෙළපතේද පසුව වෛශ්‍ය පෙළපතේද ඉන්පසුව ශුද්‍ර පෙළපතේද කොටස්කරුවන් වෙයි. චක්‍රය බ්‍රමණය වන ආකාරය ඔබට දැන් වැටහෙයි. ඔවුන් පවසන්නේ කලි යුගය අවසන් වන්නට තව වසර 40,000ක් ඉතිරිව ඇති බවයි. ඔබ ඉනිමඟ දිගේ පහළට පැමිණිය යුතුයි. තව වසර 40,000ක් තිබෙන්නේ නම්, මනුෂ්‍යයින් බොහෝ ගණනක් සිටීවි! වසර 5000ක කාලයකදී පමණක් මෙතරම් මනුෂ්‍යයින් සංඛ්‍යාවක් සිටින බැවින්, කෑමට ප්‍රමාණවත් තරම් වත් නැත. එබැවින් එතරම් වසර දහස් ගණනක් තව තිබෙන්නේ නම්, ජනගහණය බොහෝ විශාල වනු ඇත! එබැවින් පරමාත්ම පියා පැමිණ ඔබට ඉවසීම ලබා දෙයි. අපවිත්‍ර මනුෂ්‍යයින් අඛණ්ඩව එකිනෙකා සමග සටන් කරගනී. ඔවුන්ගේ බුද්ධි මේ පැත්තට හැරෙන්නේ නැත. බලන්න ඔබගේ බුද්ධි කෙතරම් වෙනස් වී තිබේද. ඒ තිබියදී මායා නිසැකයෙන්ම ඔබව පරාජය කරයි. ඔබ සියලුම ආශාවන් පිළිබඳ දැනුම ගැන නොදැනුවත් විය යුතුයි. යම්කිසි ආශාවන් තිබේ නම්, සියල්ල නැති වනු ඇත. ඔබ පැන්සයක්වත් වටින්නේ නැති බවට පත් වෙයි. මායා එක් අන්දමකින් හෝ තව එකකින් ඉතා හොඳ මහාරතීන්වද මුලා කරයි. එවිට සමහරුන්ට තම දෙමාපියන්ගේ හදවතට ඇතුලු වීමට නොහැකි වන අන්දමින්, ඔවුන්ට හදවතට ඇතුලු වීමට නොහැකි වෙයි. ඇතැම් දරුවන් කෙබඳුද යත්, ඔවුන්ගේ ලෞකික දෙමාපියන්ව මරා දමයි! ඔවුන් තම පවුලේ අයද මරා දමයි! ඔවුන් බොහෝ සෙයින් පාප ආත්මයි. රාවන කරන දේ බලන්න! මෙම ලෝකය ඉතා කිලිටිය. ඔබගේ හදවත, එයට බැඳ නොගත යුතුයි. පිවිතුරු වීමට බොහෝ නිර්භීතකම අවශ්‍යයි. ලෝක ආධිපත්‍යයේ ත්‍යාගය ලබා ගැනීමට අවශ්‍ය වන ප්‍රධානතම දෙය වන්නේ පාරිශුද්ධත්වයයි, මේ නිසයි, පියාට පැමිණ, ඔබව පිවිතුරු කරන්නට කියා ඔබ පවසන්නේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මායාට මුලා වීමෙන් ආරක‍්ෂිතව සිටීම සඳහා, සියලු ආශාවන් පිළිබඳ දැනුම ගැන මුලුමනින්ම නොදැනුවත් වන්න. මෙම කිලිටි ලෝකයට ඔබගේ හදවත බැඳ නොගන්න.

2. පාරිශුද්ධත්වයේ සම්පූර්ණ සහතිකය ලබා දෙන්න. ඉහළම චරිතය වන්නේ පාරිශුද්ධත්වයයි. තමන්ව නිවැරදි කරගැනීම සඳහා, ඔබ අනිවාර්යෙන්ම පිවිතුරු විය යුතුයි.

වරදානය:
ඔබ අභ්‍යන්තරගත වී, සූක‍්ෂම බලයන්ගේ දිව්‍යමය ක්‍රියාකාරකම්, ඔබගේ ඒකාග්‍රතාවයේ ස්වරූපයෙන් අත්විඳින්න.

ඒකාග්‍රතාවයේ පදනම වන්නේ අභ්‍යන්තරගත වීමයි. අභ්‍යන්තරගත වූ අය, තමන් තුළ දිව්‍යමය ක්‍රියාකාරකම් වල බලය අත්විඳියි. ජීවාත්ම කැඳවීම, ජීවාත්ම සමග හදවතට සමීප කතාබස් පැවැත්වීම, ජීවාත්මයන්ගේ සංස්කාර සහ ස්වභාවය පරිවර්ථනය කිරීම, පරමාත්ම පියා සමග සම්බන්ධතාවයක් ඇති කිරීම ජීවාත්මයන්ගේ ලෝකයේ එවන් ආධ්‍යාත්මික සේවය කිරීම සඳහා, ඔබගේ ඒකාග්‍රතාවයේ බලය වැඩි කරගන්න. මෙසේ කිරීමෙන් සියලු ආකාරයේ බාධක ඉබේටම අවසන් වෙයි.

පාඨය:
හෙළිදරව්වේ පදනම වන්නේ, තමන් තුළ සියලු ලැබීම් ධාරණය කරගෙන, ලෝක වේදිකාව මත හෙළිදරව් වීමයි.


විශේෂ සටහන : මෙම ජනවාරි මාසය, මිහිරි සකාර් බාබාගේ සිහිවටනයේ මාසයයි. තමන්ව බලගැන්වීම සඳහා, ඔබ විශේෂයෙන් අභ්‍යන්තරගත වී, සූක‍්ෂම බලයන්ගේ දිව්‍යමය ක්‍රියාකාරකම් අත්විඳිය යුතුයි. මුලු මාසය පුරාම ඔබගේ අව්‍යක්ත ස්ථීතිය පවත්වා ගන්න. මනසේ නිහැඬියාව සහ මුවේ නිහඬ බව රැකගන්න