01.03.20    Avyakt Bapdada     Spanish Murli     02.12.85    Om Shanti    Madhuban


                            බන්දන වලින් නිදහස් වන මාර්ගය වන්නේ ආධ්‍යාත්මික බලයයි.


අද දින, බාප්දාදා ඔහුගේ ආධ්‍යාත්මික දරුවන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දෙස බලමින් සිටියා. සියලු දෙනාම ඔහුගේ දරුවන් නිසා, සෑම ආධ්‍යාත්මික දරුවෙක්ම, ආධ්‍යාත්මික බලය තිබීමට පියාගෙන් සම්පූර්ණ අයිතිය හිමි කරගෙන තිබේ. කෙසේවෙතත්, ඔබ කෙතරම් ප්‍රමාණයකට ලැබීම් වල ප්‍රතිමූර්ති බවට පත් වී ඇතිද කියා බාබා බැලුවා. දිනපතාම, සෑම දරුවෙක්ම, තමන් ආධ්‍යාත්මික දරුවන් ලෙස හඳුන්වා, තම දෙතොලින් හෝ මනසින්, සෙනෙහස, සිහිපත් කිරීම සහ නමස්තේ ආකාරයෙන්, ආධ්‍යාත්මික පියාට සෙනෙහස සහ සිහිපත් කිරීමේ ප්‍රතිඋපකාරය ලබා දෙයි. ඔබ මෙම ප්‍රතිඋපකාරය ලබා දෙනවා නේද? මෙහි අරුත වන්නේ, ආධ්‍යාත්මික පියාණන්, දිනපතාම ඔබව ආධ්‍යාත්මික දරුවන් ලෙස හඳුන්වා, ආධ්‍යාත්මික බලයේ සැබෑ අරුත ඔබට සිහි කර දෙයි, මන්ද, මෙම බ්‍රහ්මණ ජීවිතයේ විශේෂත්වය වන්නේ ආධ්‍යාත්මික බලයයි. ඔබ මෙම ආධ්‍යාත්මිකත්වයේ බලයෙන්, තමන්වත් අන් අයවත් පරිවර්ථනය කරයි. ප්‍රධාන අත්තිවාරම වන්නේ මෙම ආධ්‍යාත්මික බලයයි. ඔබ බොහෝ ආකාරයේ බන්දන වලින් විමුක්තිය ලබාගන්නේ මෙම බලයෙනි. දැන් පවා, ඔබ විමුක්තිය ලබා තිබිය යුතු නමුත් තවමත් අත්විඳින, සියුම් බන්දන තිබෙන බව බාප්දාදා දකිනවා. විමුක්තිය ලැබීමේ ක්‍රමවේදය, ඔබට ප්‍රායෝගික ස්වරූපයකට දැමීමට නොහැකි වී තිබේ. මෙයට හේතුව කුමක්ද? එයට හේතුව, සෑම ක්‍රියාවකදීම ආධ්‍යාත්මික බලය භාවිත කරන්නේ කෙසේද කියා ඔබ නොදන්නා නිසාය. ඔබ තුනම - සිතිවිලි, වචන සහ ක්‍රියා, එකවර බලවත් කර ගත යුතුයි. කෙසේනමුත්, ඔබ ලිහිල් වන්නේ කුමකින්ද? එක අතකට ඔබගේ සිතිවිලි ඔබ බලවත් කරගන්නා නමුත් ඔබගේ වචන වලින් ඔබ ටිකක් ලිහිල් වෙයි. ඇතැම් විට ඔබගේ වචන ඔබ බලවත් කරගන්නා අතර ඔබගේ ක්‍රියා වලින් ඔබ ටිකක් ලිහිල් වෙයි. කෙසේවෙතත්, විමුක්තිය ලබා ගැනීමේ ක්‍රමවේදය වන්නේ, මෙම තුනම එකවර ආධ්‍යාත්මිකව බලවත් කර ගැනීමයි. ලෝකය නිර්මාණය කිරීම සඳහා කාර්යයන් තුනම - නිර්මාණය, පැවැත්ම සහ විනාශය - අවශ්‍ය වන ආකාරයෙන්ම, සියලුම ආකාරයේ බන්දන වලින් නිදහස් වීම සඳහා - සිතිවිලි, වචන සහ ක්‍රියා - යන තුනම, එකවර බලවත් කර ගැනීම අවශ්‍යයි. ඇතැම් විට ඔබ ඔබගේ මනස රැක බලා ගන්නා අතර එවිට ඔබගේ වචන වල යම් අඩුවක් තිබෙයි. එවිට ඔබ පවසන්නේ මා ඒ ආකාරයට සිතුවේ නැහැ, එබැවින් එය එසේ වුණේ ඇයි කියා මා නොදනී. ඔබ තුනටම සම්පූර්ණ අවධානය යොමු කළ යුතුයි. ඇයි? මෙම ක්‍රමවේද තුනම ඔබගේ පරිසමාප්ත ස්ථීතිය සහ පරම පියාව හෙළිදරව් කරයි. විමුක්තිය ලබා ගැනීම සඳහා, මේ තුනෙහිම ආධ්‍යාත්මිකත්වය අත්විඳිය යුතුයි. තුනෙන්ම, සම්පූර්ණයෙන් ඥානවන්ත අය, ජීවන-මුක්තිය ලබා ඇත. එබැවින් බාප්දාදා සියුම් බන්දන දෙස බලමින් සිටියා මේ තුන, සියුම් බන්දන සමඟද විශේෂ සම්බන්ධකමක් තිබේ.

බන්දන තුළ සිටින කෙනෙකුගේ ලක‍්ෂණය වන්නේ, එම කෙනා සෑම විටම අන් අයගේ බලපෑමට යටත් වෙයි. බන්දන වල සිටින අය සෑම විටම අභ්‍යන්තර සතුට අත් නොවිඳින අතර ඔවුන්ට නිරන්තර සතුටේ අත්දැකීමද නොතිබෙයි. භෞතික ලෝකයේ, තාවකාලික පහසුකම් ඔබට තාවකාලික ප්‍රීතිය සහ සතුටේ අත්දැකීම ලබා දෙයි, නමුත් අභ්‍යන්තර හෝ අවිනාශී සතුටේ අත්දැකීම නොමැත. ඒ ආකාරයෙන්ම මෙම සියුම් බන්දන වල බැඳී සිටින ජීවාත්ම, මෙම බ්‍රහ්මණ ජීවිතයේ කෙටි කාලයකට, යම් සේවයක්, සමූහයක බලය, එක් හෝ තව ලැබීමක් හෝ යම් උසස් ඇසුරක පදනමට අනුව නොකඩවා ඉදිරියට ගමන් කරන අතර, ඔවුන්ට මෙම ක්‍රමවේද තිබෙන තාක් ඔවුන්ට ප්‍රීතිය හා සතුට අත්විඳීමට හැක. කෙසේවෙතත්, මඟ අවසන් වූ විට (හෝ ඉවත් කළ විට), ඔවුන්ගේ සතුටද අවසන් වෙයි එය නිරන්තරව රැඳෙන්නේ නැත. ඇතැම් විට ඔවුන් බොහෝ සතුටින් නර්ථනය කරයි, එකලට, ඔවුන් මෙන් වෙනත් අයෙක් නැත. කෙසේවෙතත්, ඔවුන් එක තැන නතර වූ විට, කුඩා ගලක් පවා කන්දක් මෙන් අත්විඳියි. ඔවුන්ගේ ආදිතම බලය නොමැතිකම නිසා, ඔවුන් නර්ථනය කරන්නේ, එම මාර්ග වල පදනමට අනුවයි. මඟ ඉවත් කළ විට, ඔවුන් නර්ථනය කරන්නේ කොහිද? මේ නිසයි, එකවර ස්වරූප තුනෙන්ම අභ්‍යන්තර ආධ්‍යාත්මික බලය, සෑම විටම අත්‍යාවශ්‍ය වන්නේ. ප්‍රධානතම බන්දනය වන්නේ ඔවුන්ට, ඔවුන්ගේ මනසේ සිතිවිලි මත පාලන බලය නොමැතිකමය. ඔබගේම සිතිවිලි වල බලපෑමට ලක් වීම නිසා, ඔබ අන් අයගේ බලපෑමට යටත් වීම අත්දකියි. තමන්ගේම සිතිවිලි වල බන්දනය යටතේ සිටින අය, දීර්ඝ වෙලාවක් මෙය සමඟ කාර්ය බහුලව රැඳී සිටියි. ඔබ අහසේ මාළිගා තැනීම ගැනත් පවසයි. ඔබ මාළිගා තනන අතර ඉන්පසුව ඒවා විනාශ කර දමයි. ඔබ විශාල තාප්පයක් බඳියි. එය අහසේ මාළිගාවක් ලෙස හඳුන්වන්නේ මේ නිසයි. භක්ති මාර්ගයේ ඔවුන් ප්‍රතිමා වන්දනා කර, ඒවා සරසා ඉන්පසුව ජලයේ ගිල්වා දමන සේම, තම සිතිවිලි වලට බන්දන වලින් බැඳී සිටින ජීවාත්ම, බොහෝ දේ ගොඩනඟන අතර ඉන්පසුව ඒවා බොහොමයක් නරක් කරද දමයි. ඔවුන් එම නිෂ්ඵල කාර්යයෙන් වෙහෙසට පත්වන අතර අධෛර්යමත්ද වෙයි. ඇතැම් විට අහංකාරකම නිසා තම වරදට අන් අයට වරද පටවයි. එවිට කාලය ගෙවී යත්ම, ඔවුන් කළ දේ නිවැරදි නොවන බව ඔවුන්ට වැටහි අවබෝධ වන නමුත් අහංකාරකමේ බලපෑමට හසුවීම නිසා, තමන් නිවැරදි බව පෙන්වීමට, ඔවුන් අන් අයට වරද පටවයි. විශාලතම බන්දනය වන්නේ බුද්ධියට අගුල් දමන, මෙම මනසේ බන්දනයයි. එබැවින් ඔබ ඔවුන්ට කෙතරම් පහදා දීමට තැත් කළත්, ඔවුන්ට වැටහෙන්නේ නැත. බන්දන තුළ සිටීමේ විශේෂ සලකුණ වන්නේ අවබෝධ කරගැනීමේ බලය අවසන් වීමය. මේ නිසයි මෙම සියුම් බන්දනය අවසන් නොකර ඔබට අභ්‍යන්තර සතුට හෝ සෑම කලටම අතීන්ද්‍රීය සුඛය අත්විඳින්නට නොහැකි වන්නේ.

සංගම යුගයේ විශේෂත්වය වන්නේ, අතීන්ද්‍රීය සතුට නම් ඔංචිල්ලාවේ පැද්දීම සහ නිරන්තරයෙන් සතුටින් නර්ථනය කිරීමයි. එබැවින් සංගම-යුගී අය වීමෙන් පසුවත් ඔබ මෙම විශේෂත්වය අත්නොවිඳින්නේ නම්, ඒ ගැන කිව හැක්කේ කුමක්ද? එබැවින් ඔබ කිසියම් ආකාරයක සිතිවිලි වල බන්දන තුළ, එය නිෂ්ඵල සිතිවිලි වල බන්දන, ඊර්ෂ්‍යාවේ හෝ ගැටුම්කාරි සිතිවිලි, නොසැලකිලිමත්කම හෝ අලසකමේ සිතිවිලි තුළ සිටින්නේද කියා, තමන්ව පරීක‍්ෂාකර බලන්න. මේ ඕනෑම ආකාරයක සිතිවිල්ලක් මනසේ බන්දන වල සලකුණකි. එබැවින් අද බාප්දාදා බන්දන දෙස බලමින් සිටියා ඔබගෙන් කී දෙනෙක් විමුක්තිය ලැබූ ජීවාත්මද?

විශාල රැහැන් දැන් අවසන් වී ඇත. දැන් තිබෙන්නේ මෙම සියුම් නූල්ය. ඒවා සිහින් වන නමුත් ඔබව බන්දන වල බැඳීමේ දක‍්ෂයි. ඔබ බන්දන වල බැඳී සිටින බවවත් ඔබ නොදනී, මන්ද මෙම බන්දන තාවකාලික කාලයකට ඔබව කුල්මත් කරයි. විනාශ වන කුල්මත් බව තිබෙන අය, තමන් පහත් බව කිසි විටෙක නොසිතයි ඔවුන් කානුවක සිටින විටත් තමන් සිටින්නේ මාළිගාවක බව සිතයි. ඔවුන් හිස් අතින් සිටින නමුත් තමන් රජවරු බව සිතයි. ඒ ආකාරයෙන්ම මෙම කුල්මත් බව තිබෙන අයද, තමන් වැරදි බව කිසි විටෙක නොසලකයි. ඔවුන් සෑම විටම තමන් නිවැරදි බව ඔප්පු කිරීමට තැත් කරයි හෝ මෙවන් නොසැලකිලිමත්කමක් පෙන්වයි, මෙය සෑම විටම සිදුවනවා එය සෑම විටම මේ වගෙයි. මේ නිසයි ඔබට මනසේ බන්දනය ගැන කියා තිබෙන්නේ. බාබා ඔබට වචන සහ ක්‍රියා ගැන වෙනත් වෙලාවක කියන්නම්. ඔබට වැටහෙනවාද?

ආධ්‍යාත්මික බලයෙන් නොකඩවා විමුක්තිය ලබාගන්න. සංගම යුගයෙදී ජීවන-මුක්තිය අත්විඳීම යනු, අනාගත ජීවන-මුක්ති ප්‍රතිලාභය හිමිකර ගැනීමයි. ඔබ ස්වර්ණමය ජුබිලියේදි ජීවන-මුක්තිය ලබා ගත යුතුයි, එහෙම නේද? එසේ නැත්නම් ඔබට අවශ්‍ය, ස්වර්ණමය ජුබිලිය සැමරීමට පමණක්ද? එය බවට පත්වීම යනු සැමරීමය. ලෝකයේ මිනිසුන් සැමරීම පමණක් සිදුකරන නමුත් මෙහිදි, ඔබ එය බවට පත් වෙයි. දැන් විගසින් සූදානම් වන්න, මන්ද එවිට පමණයි, ඔබගේ විමුක්තිය තුළින් අන් සියලු දෙනාමද විමුක්තිය ලබන්නේ. විද්‍යාඥයන් පවා ඔවුන්ම නිර්මාණය කර ඇති පහසුකම් වල බන්දන තුළ සිර වී සිටියි. දේශපාලන නායකයන්ටද තමන්ව බේරාගැනීමට අවශ්‍ය නමුත් ඔවුන් කෙතරම් බැඳී සිටින්නේද යත් ඔවුන් සිතන දේවල් කිරීමට ඔවුන්ට නොහැකි වී තිබේ, එබැවින් එය බන්දනයන් නොවේද? සියලු දෙනාව විවිධ බන්දන වලින් නිදහස් කරන ඔබලාම, විමුක්තිය ලබමින් සිටින අතර, දැන් ඔබ සියලු දෙනාව නිදහස් කරගත යුතුයි. සියලු දෙනාම හඬමින් විමුක්තිය අයැදිමින් සිටියි. ඇතැමුන්ට දුප්පත්කමින් නිදහස අවශ්‍ය වන අතර ඇතැමුන්ට තම ගෘහයන් වලින් නිදහස අවශ්‍ය වී ඇත, නමුත් විමුක්තිය වෙනුවෙන් සියලු දෙනාගේම ඉල්ලීම එකයි. එබැවින් දැන් විමුක්තියේ දානපතියන් වී, ඔවුන්ට විමුක්තිය වෙතට මාවත පෙන්වා ඔවුන්ට විමුක්තියේ උරුමය ලබාදෙන්න. ඔවුන්ගේ හඬ ඔබ වෙතට ලඟා වෙනවා නේද? නැත්නම් ඔබ මෙසේ සිතනවාද එය පරම පියාගේ වැඩක්. එය මට මොකටද? බාබා පවසන්නේ ඔබ ප්‍රතිලාභය ලබාගත යුතුයි පියාට එය ලබාගැනීමට අවශ්‍ය නැහැ. පුරවැසියන් සහ බැතිමතුන් අවශ්‍ය ඔබලාටයි. පරම පියාට ඔවුන් අවශ්‍ය නැහැ. ඔබගේ බැතිමතුන් වන අය, ඉබේටම පරම පියාගේ බැතිමතුන් වෙයි, මන්ද තඹ යුගයේ ප්‍රථම බැතිමතුන් වන්නේ ඔබලාය. පරම පියාගේ වන්දනාව පළමුවෙන්ම ආරම්භ කරන්නේ ඔබයි. එබැවින් සියලු දෙනාම දැන් ඔබ සියලු දෙනාව අනුගමනය කරයි. එබැවින් ඔබ දැන් කළ යුත්තේ කුමක්ද? ඔවුන්ගේ හඬට සවන් දෙන්න. විමුක්තිය පිරිනමන්නන් වන්න. අච්චා.

ආධ්‍යාත්මික බලය ලබාගැනීමේ ක්‍රමවේදයෙන් නිරන්තරයෙන් විමුක්තිය ලබාගන්නා අයට, විමුක්තිය පිරිනමන්නන් වී නිරන්තරයෙන් තමන්ව සියුම් බන්දන වලින් නිදහස් කරගන්නා අයට, තම අභ්‍යන්තර සතුට සහ අතීන්ද්‍රීය සුඛය තුළින් තමන්ව නිරන්තරයෙන් ඉදිරියට ගමන් කරවන අයට, සියලු දෙනාට විමුක්තිය ලබා දීමට සෑම විටම සුබ පැතුම් තිබෙන අයට, එවන් ආධ්‍යාත්මිකව බලවත් දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, සිහි කිරීම සහ නමස්කාරය.

බාප්දාදා කණ්ඩායම් මුණගැසෙමින්
1) සවන් දෙනවාත් සමඟම ඔබ ප්‍රතිරූප බවට පත්වන බලවත් ජීවාත්ම නේද? සෑම දිනකම ඔබගේ සිතිවිලි වල, තමන් වෙනුවෙන් සහ අන් අය වෙනුවෙන් උනන්දුව සහ උද්යෝගයෙන් පිරි සිතිවිල්ලක් ඇති කරගන්න. මෙකල ඔවුන් පුවත්පත් වල හෝ වෙනත් විවිධ ස්ථාන වල අද දිනට සිතිවිල්ලක් පල කරයි. ඒ ආකාරයෙන්ම උනන්දුව සහ උද්යෝගයෙන් පිරි එක් හෝ තව සිතිවිල්ලක් ඔබගේ මනසේ ඉස්මතු කර ගන්න. එම සිතිවිල්ල සමඟම, එය ඔබගේ ස්වරූපය තුළට දමන්න, එමෙන්ම එය අන් අයට සේවය කිරීමටද භාවිත කරන්න. එවිට කුමක් සිදුවෙයිද? සෑම විටම නව උනන්දුව සහ උද්යෝගය තිබෙයි. අද, මා එය කරන්නම්. අද මා මෙය කරන්නම්. විශේෂ වැඩසටහනක් තිබෙන විට උනන්දුව සහ උද්යෝගය තිබෙන්නේ ඇයි? ඔබ සැලසුම් සාදනවා නේද? මා මෙය කර ඉන්පසුව එය කරන්නම්. එය කිරීමෙන් විශේෂ උනන්දුව සහ උද්යෝගයක් තිබේ. මේ ආකාරයෙන් සෑම දිනකම අම්රිත් වේලාවේ උනන්දුවේ සහ උද්යෝගයේ විශේෂ සිතිවිල්ලක් ඇති කර ඉන්පසුව එයට අනුව තමන්ව පරීක‍්ෂා කර බලන්න. එවිට ඔබගේ ජීවිත සෑම විටම උනන්දුව සහ උද්යෝගයෙන් පිරි තිබෙන අතර ඔබ අන් අයවත් උද්යෝගිමත් කරවන අය බවට පත් වෙයි. ඔබට වැටහෙනවාද? ඔබට විනෝදාත්මක වැඩසටහන් තිබෙන ආකාරයටම ඔබගේ මනසේ විනෝදය වෙනුවෙන් මෙම වැඩසටහන පවත්වන්න. අච්චා.

2) ඔබ, බලවත් සිහිකිරීම තිබීමෙන්, සෑම විටම ඉදිරියට ගමන් කරන ජීවාත්ම නේද? බලවත් සිහිකිරීම නොමැතිව, කිසිම අත්දැකීමක් තිබිය නොහැක. එබැවින් සෑම විටම බලවත් වී, නොකඩවා ඉදිරියට ගමන් කරන්න. සෑම විටම ඔබගේ ශක්තියට අනුව පරමාත්ම දෙවියන්ගේ සේවයේ නියැලී සිට, සේවයේ ඵලය ලබාගන්න. ඔබගේ සිරුරින්, මනසින් හෝ ධනයෙන් වුවත්, ඔබට තිබෙන තරම් බලය, සේවය වෙනුවෙන් නොකඩවා භාවිත කරන්න. ඔබට අනිවාර්යෙන් එකක් වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගුණයක් ලැබීමට යනවා. ඔබ තමන් වෙනුවෙන් රැස්කර ගන්නා අතර ඔබ බොහෝ උපත් ගණනාවක් වෙනුවෙන් රැස් කරගත යුතුයි. එක උපතකදී රැස්කර ගැනීමෙන් උපත් 21කට උත්සාහ දැරීමෙන් ඔබ නිදහස ලබයි. ඔබ මෙම රහස දන්නවා නේද? එබැවින් සෑම විටම නොකඩවා ඔබගේ අනාගතය ශ්‍රේෂ්ඨ කරගන්න. සතුටින්, තමන්ව සේවයේ ඉදිරියට ගමන් කරවන්න. සෑම විටම සිහිපත් කිරීම තුළින් නිරන්තර සහ ස්ථාවර මනෝ ස්ථීතියකින් ඉදිරියට ගමන් කරන්න.

3) ඔබගේ සිහිපත් කිරීමේ සතුට තුළින් ඔබ බොහෝ ජීවාත්මයන්ට සතුට ලබා දෙන සේවකයන් නේද? සත්‍ය සේවකයන් යනු සෙනෙහසේ ගිලී සිටින මෙන්ම අන් අයටද සෙනෙහසේ ගිලී සිටීමට මඟ පාදන අයයි. එක් එක් ස්ථානයේ සේවය, එයටම ආවේනිකයි. එවිට වුවද, මෙම අරමුණ ඇතිව ඔබ ඉදිරියට ගමන් කරන්නේ නම්, එවිට මෙම ඉදිරියට ගමන් කිරීම විශාල සතුටට කාරණාවකි. ඇත්ත වශයෙන්ම ඒ ලෞකික අධ්‍යයන ආදි සියල්ලම විනාශ වන සුලුයි. අවිනාශී ලැබීම් ලබාගැනීමේ මඟ වන්නේ මෙම ඥානය පමණයි. ඔබ මෙය අත්දකිනවා නේද? බලන්න ඔය සේවාධාරීන්ට නාටකයේ බොහෝ සේ ස්වර්ණමය අවස්ථාවක් හිමි වී තිබෙනවා. මෙම ස්වර්ණමය අවස්ථාවෙන් අවශ්‍ය තරම් ඉදිරියට ගමන් කිරීම තිබෙන්නේ ඔබගේ අතේය. සියලු දෙනාටම මෙවන් ස්වර්ණමය අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එය ලැබෙන්නේ කෝටි ගණනකින් අතලොස්සකට පමණක් වන අතර ඔබට එය ලැබී තිබෙනවා. එබැවින් ඔබට එතරම්ම සතුටක් තිබෙනවාද? ලෝකයේ වෙනත් කිසිවෙකුට නොමැති දෙයක් ඔබට තිබෙනවා. නිරන්තරයෙන් තමන්ම මෙම සතුටේ රැඳී සිට, අන් අයටද මෙම සතුට ලබා දෙන්න. තමන් ඉදිරියට ගමන් කරන ප්‍රමාණයට අනුව, ඔබ එක් එක් කෙනා අන් අයව ඉදිරියට ගමන් කරවයි. ඔබ නිරන්තරයෙන් ඉදිරියට ගමන් කරන අයයි, අවට බලමින් එක තැනක නතර වන අය නොවෙයි. සෑම විටම ඔබ ඉදිරියේ පරම පියා සහ සේවය පමණක් තබාගන්න. එවිට ඔබ නිරතුරුවම නොකඩවා ප්‍රගතිය ලබයි. ඔබ පරම පියාගේ බොහෝ කලක් නැතිව සිට දැන් හමුවූ ආදරණීය දරුවන් බව සලකමින් සෑම විටම නොකඩවා ඉදිරියට ගමන් කරන්න.

බාබා රැකියාවක් ඇති කුමාරීන් මුණගැසෙමින්
1) ඔබ සියලු දෙනාගේම අරමුණ ශ්‍රේෂ්ඨයි, එහෙම නේද? ඔබ පැති දෙකෙන්ම දිගටම ගමන් කරයි කියා, ඔබ සිතන්නේ නැහැ නේද? යම් කිසි බන්දනයක් තිබෙන විට, දෙපසින් ගමන් කිරීම වෙනම කාරණයකි, නමුත් බන්දන වලින් නිදහස් ජීවාත්ම, දෙපසක සිටිනවා යනු, වැනීමයි. සමහරුන්ගේ අවස්ථාවන් නිසා බාප්දාදා ද ඔවුන්ට අවසර ලබා දෙයි. කෙසේවෙතත්, එය මනසේ බන්දනයක් නම්, එවිට එය වැනීමකි. එක පාදයක් මෙහෙ සහ අනෙක් පාදය එහෙ තිබන්නේ නම්, කුමක් වෙයිද? එක ඔරුවක එක් පාදයක් සහ තවත් ඔරුවක අනෙක් පාදය තිබෙන්නේ නම්, ඔබගේ තත්ත්වය කුමක් වෙයිද? ඔබ අසරණ වෙයි නේද? එබැවින් පාද දෙකම එක ඔරුවේ තබන්න. සෑම විටම එඩිතරකම පවත්වාගන්න. එඩිතරකම තිබීමෙන් ඔබට පහසුවෙන් එතෙර යාමට හැකි වෙයි. බාබා ඔබ සමඟ සිටින බව, සෑම විටම මතකයේ තබාගන්න. ඔබ ඉන්නේ තනිව නොවෙයි. ඔබට අවශ්‍ය ඕනෑම කාර්යයක් ඔබට කළ හැක.

2) සංගම යුගයේ කුමාරීන්ට විශේෂ චරිත කොටස් තිබේ. එවන් විශේෂ චරිත කොටස් ඇති අය බවට ඔබ තමන්ව පත් කරගෙන තිබේද? නැත්නම් ඔබ දැන් පවා සාමාන්‍යද? ඔබගේ විශේෂත්වය කුමක්ද? ඔබගේ විශේෂත්වය වන්නේ සේවාධාරීන් වීමය. සේවාධාරීන් වන අය විශේෂයි. ඔබ සේවාධාරියෙක් නොවෙයි නම්, එවිට ඔබ සාමාන්‍යයි. ඔබ තබා ඇත්තේ කුමන අරමුණක්ද? ඔබට මෙම අවස්ථාව ලැබෙන්නේ සංගම යුගයෙදි පමණයි. ඔබ මෙම අවස්ථාව දැන් ලබා නොගන්නේ නම්, ඔබට මුලු කල්පය පුරාවටම එය නොලැබෙයි. විශේෂ ආශිර්වාදය තිබෙන්නේ සංගම යුගයට පමණයි. ලෞකික අධ්‍යාපනයක් හදාරන අතර ඔබගේ සෙනෙහස තිබිය යුත්තේ මෙම ඉගෙනුමටයි. එවිට එම අධ්‍යාපනය බාධාවක් නොවෙයි. ඉතිං ඔබ සියලු දෙනාම ඔබගේ භාග්‍යය නිර්මාණය කරමින් නොකඩවා ඉදිරියට ගමන් කරයි. ඔබගේ භාග්‍යය ගැන ඔබට වැඩියෙන් කුල්මත් බවක් තිබෙන තරමට අනුව ඔබ වඩාත් පහසුවෙන් මායා පරාජය කරන්නන් වෙයි. මෙය ආධ්‍යාත්මික කුල්මත් බවයි. සෑම විටම ඔබගේ භාග්‍යයේ ගීත ගායනා කරන්න, එවිට ගීත ගයමින් ඔබගේ රාජධානියට ඔබ ලඟා වෙයි.

වරදානය:
ඔබ තම සියලු දුර්වලතා, දන් දීම තුළින් ඒවා අවසන් කරන, දානපතියෙක් සහ භාග්‍යයේ දානපතියෙක් වේවා.

භක්ති මාර්ගයේ, ඔබට යමක අඩුවක් තිබෙන විට, එයම දන් දෙන ලෙස ඔවුන් ඔබට පවසන ක්‍රමවේදයක් තිබේ. ඔබ එය දන් දීමෙන්, එම දීමේ ස්වරූපය, ලැබීමේ ස්වරූපයක් වෙයි. එබැවින් ඕනෑම දුර්වලතාවයක් අවසන් කිරීමට, දානපතියෙක් සහ භාග්‍යයේ දානපතියෙක් වන්න. අන් අයට, පරම පියාගේ සම්පත්, ආධාරකයක් ලෙස ලබා දීමට ඔබ උපකරණයක් වන්නේ නම්, දුර්වලතා එවිට ඉබේටම ඉවත් වෙයි. දානපතියෙක් සහ භාග්‍යයේ දානපතියෙක් වීමේ ඔබගේ බලවත් සංස්කාර ඉස්මතු කරගන්න, එවිට දුර්වල සංස්කාර ඉබේටම අවසන් වෙයි.


පාඨය:
ඔබගේ දුර්වලතා ගැන නොව, ඔබගේ ශ්‍රේෂ්ඨ භාග්‍යයේ ප්‍රශංසාව ගැන නොකඩවා ගායනා කරන්න.