01.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබව රජවරුන් කරවන්නේ මෙම අවිනාශී මිණිමුතුයි. මෙය අසීමිත පාසලකි. ඔබ ඉගෙන ගෙන දැනුමේ මිණිමුතු වලින් ඔබේ ඒප්‍රනය පුරවා, අන්‍යයන්ට ඉගැන්විය යුතුයි.

ප්‍රශ්නය:
සැමගේ සෙනෙහසට පාත්‍ර වන්නේ කිනම් දරුවන් ද? ඔබ උසස් තත්ත්වයක් හිමිකර ගැනීමට කුමන උත්සාහයක් දැරිය යුතු ද?

පිළිතුර:
දැනුමෙන් තම ඒප්‍රනය පුරවාගෙන අන් බොහෝ දෙනෙකුට දානය කරනා දරුවන් සියල්ලන්ගේම සෙනෙහසට පාත්‍ර වේ. උසස් තත්ත්වයක් ලබා ගැනීම සඳහා ඔබ බොහෝ අයගේ ආශීර්වාද ලබා ගැනීම අවැසි වේ. මෙහි ධනය පිළිබඳ ගැටළුවක් නැත. එහෙත් ඔබ නොනවත්වා බොහෝ අයට ඥාන ධනයෙන් යහපත සැලැස්විය යුතුයි. පරම පියාගේ නම කීර්තිමත් කරන්නේ, සතුටු, යෝගී දරුවන් පමණයි.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා මෙහි ඉඳිමිත් ආධ්‍යාත්මික දරුවන්ට පැහැදිලි කරනවා. ඔබ දැත් ආපසු නිවසට යාමට සිටින බව ඔය දරුවන් දන්නවා. කලින්, ඔබ කිසිසේත් මෙය දැන සිටියේ නැහැ. පරම පියා ඔය දරුවන්ට පැහැදිලි කර දෙනවා. නාටකය අනුව මෙකල ඔබට මේ දේ පැහැදිලි කිරීම රිසි වේ. මෙය අන් කිසිවකුටත් පැහැදිලි කළ නොහැකියි. ඔබ දැන් ආපසු නිවසට යාමට ඇත. අපවිත්‍ර ජීවීන්ට එහි යා නොහැකියි. ඔබට මෙම දැනුම ලැබෙන්නේ මේ කාලයේය. එය දෙන්නේ පරම පියාම පමණයි. මුලින්ම, ඔබ මතක තබා ගත යුත්තේ ආපසු නිවසට යාමට තිබෙන බවයි. ඔබ බාබාට හඬනගා කතා කළ නමුත් ඔබ කොහෙත්ම කිසිවක් දැන සිටියේ නැහැ. හදිසියේම, කාලය පැමිණි විට බාබා මෙහි පැමිණියා. ඔහු දැන් අළුත් දේවල් දිගටම පැහැදිලි කරනවා. අප දැන් නිවසට යා යුතුව තිබෙනවා. ඉතින් ඒ නිසා අපවිත්‍ර බවෙන් අප පවිත්‍ර විය යුතුව ඇත. එසේ නැතිනම්, ඔබට දඬුවම් විඳීමට සිදුවේවි, එසේම ඔබේ තනතුරුත් විනාශ වී යාවි. මෙහි සිටින රජවරු සහ දුගියන් අතරේ තිබෙන වෙනස වාගේම එහි රජවරු සහ දුගියන් අතරත් ඒ තරම් වෙනසක් ඇත. සියල්ල ඔබේ උත්සාහය මතයි තිබෙන්නේ. පරම පියා දැන් කියනවා: ඔබමයි අපවිත්‍ර වූයේ. ඒ නිසායි ඔබ හඬනඟා කතා කරන්නේ. දැන් මේ සියල්ලක්ම ඔබට පැහැදිලි කළා. අඥාන මාර්ගයේ මේ දේවල් ඔබේ බුද්ධියේ නොතිබුණි. පරම පියා කියයි: අපවිත්‍ර වූ ජීවාත්ම දැන් සතෝප්‍රධාන් වෙන්න ඕන. ඔබ දැන් පාරිශුද්ධ විය හැකි අන්දම ඉනිමඟ පින්තූරයෙන් පැහැදිළි කළ හැකි වේ. ඒත් එක්කම, දිව්‍යමය ගුණධර්මත් ඔබ ධාරණය කරන්න ඕන. මෙය අසීමිත පාසලකි. පාසැල් වල හොඳ, වඩා හොඳ, විශිෂ්ට යන වාර්තා තබාගනී. සේවාධාරී දරුවන් ඉතාමත් සුමිහිරියි. ඔවුන්ගේ වාර්තා හොඳයි. වාර්තාව හොඳ නැතිනම් එපමණ උද්යෝගයක් නොතිබෙයි. සියල්ල රඳා පවතින්නේ ඔබේ ඉගෙනුම, යෝගාව සහ දිව්‍යමය ගුණ ධර්ම මතයි. ඔය දරුවන් දන්නවා, දැන් ඔබට උගන්වන්නේ අසීමිත පියා බව. කලින් අප අයත්ව සිටියේ ශුද්‍ර කුලයටයි. දැන් අප බ්‍රහමින් කුලයට අයත්ව සිටිනවා. අප බ්‍රහමින්වරු ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන්ය. බොහෝ දරුවන් මෙය අමතක කරයි. ඔබ පරම පියා ස්මරණය කළ දා පටන් බ්‍රහ්මාවත් ඔබ සිහිපත් කරන්න ඕන. ඔබ බ්‍රහමින් කුලයට අයත්ය යන කුල්මත් බව ද තිබිය යුතුයි. ඔබ මෙය අමතක කරන විට ඔබ බ්‍රහමින් කුලයට අයත් වී පසුව දේවතා කුලයට අයත් වනවා යන කුල්මත් බව නොනැඟේවි. මෙය බ්‍රහමින්වරුන්ගේ රජ වංශයක් නොවේ. මෙය කුඩා පවුලක්. දැන් ඔබවම බ්‍රහමින්වරු යනුවෙන් සලකන්නේ නම්, පසුව ඔබ දේවතාවරු බවට පත්වේවි. ඔබේ රාජකාරීන් වල යෙදෙන විට සියල්ලම ඔබට අමතක වෙයි. ඔබ බ්‍රහමින් යන්න පවා අමතක කරයි. ඔබ වැඩරාජකාරි වලින් මිදුනු වහාම තමන් ගේ උත්සාහ කිරීමෙහි යෙදිය යුතුයි. සමහර මිනිසුන්ට තම රාජකාරියෙහි බොහෝ සේ අවධානය දිය යුතුව ඇත. ඔබේ වැඩ අහවර වූ වහා තමා කෙරෙහි අවධානය දක්වන්න. ස්මරණයේ අසුන් ගන්න. බොහෝම හොඳ බැජ් එකක් ඔබට තිබෙනවා. එහි ලක්ෂ්මී සහ නාරායන්ගේ සහ ත්‍රිමූර්තී පින්තූරය ඇත. බාබා අපව මෙසේ කරනවා. එපමණයි. මෙයයි "මන්මතා භව්". සමහර අය පුරුද්දක් ඇති කරගෙන තිබෙන අතර අනෙක් අය එසේ නැත. භක්තිය දැන් අවසන් වෙන්නයි යන්නේ. ඔබ දැන් පරම පියා සිහිපත් කරන්න ඕන. මෙම අසීමිත පියා දැන් ඔබට අසීමිත උරුමය දෙනවා. එමනිසා, ඔබ සතුටින් සිටිනවා. සමහර අය ඉතා හොඳින් සෙනෙහස වඩවා ගනී. ඇතැම් අය අඩුවෙන් වඩවා ගනී. එය ඉතා පහසුයි. ගීතාවේ ආරම්භ කාලයේ 'මන්මනාභව්' භාවිත කළ අතර අවසානයේ දීත් භාවිත කරනවා. මේ එම ගීතාවේ සිද්ධියයි සිදුවෙමින් තිබෙන්නේ. හුදෙක් එහි ක්‍රිෂ්ණාගේ නම ඇතුල් කර තිබෙනවා. සියලු උදාහරණ ආදිය අදාල වන්නේ මේ කාලයටයි. භක්ති මාර්ගයේ දී කිසිවකුත් කියන්නේ නැහැ: ශරීර අවධානය අත්හරින්න. තමාව ජීවාත්මයක් යැයි සලකන්න කියා. පරම පියා පැමිණි වහාම ඔබට මේ දැනුම දුන්නා. ඔබ තුළින් දේවතා ධර්මය ස්ථාපිත වනවා යන විශ්වාසය ඔබට තිබෙනවා. රාජධානියක් ද ස්ථාපනය වනවා. මෙහිදී සටන් වැදීමක් යන දෙයක් නොමැත. පරම පියා දැන් ඔබට පවිත්‍රතාවය ගැන උගන්වනවා. එය අඩ චක්‍රයක් පුරා ස්ථිරව තිබේවි. එහි රාවණ රාජ්‍යයක් නොතිබේ. ඔබ දැන් පාපයන් මත ජය ලබනවා. හරියටම ඔබ පෙර චක්‍රයේ කළාක් මෙන්ම රාජධානියක් නිර්මාණය කරමින් සිටින බව ඔබ දන්නවා. අපට මෙම පරණ ලොව අවසන් වී තිබෙනවා. නාටක චක්‍රය නොකඩවා කැරකෙනවා. එහි රත්රන්ම පමණයි තිබෙන්නේ. නැවතත් කලින් තිබූ දේවල්ම තිබේවි. මෙහි ව්‍යාකූල වීමට කිසිවක් නොමැත. ඔවුන් මායා සහ මැජික්කරුවා යන නාට්‍යයක් පෙන්වනවා. ඔහු රත්රන් ගඩොල් දර්ශනයෙන් දකී. ඔබත් පාරාදීසයේ රත්රන් මාලිගා දකී. ඔබට කිසිවක් එතැනින් ගෙන ආ නොහැකිය. ඒවා හුදෙක් දර්ශන පමණයි. මේ දේවල් ඔබ භක්ති මාර්ගයේ දැන සිටියේ නැහැ. පරම පියා දැන් කියනවා: මා පැමිණ සිටින්නේ ඔබව ආපසු නිවසට ගෙන යාමටයි. ඔබ නැතිව එහි අවිවේකී බවක් තිබෙන්නේ. වේලාව පැමිණි විට දැන් මා පහළට යා යුතුයැයි අවිවේකීභාවය ඇතිවෙනවා. දරුවන් අසතුටින් අඬගසත විට මා හට අනුකම්පාවක් දැනී දැන්ම ඔවුන් වෙත යා යුතුයි යන සිතිවිලි ඇතිවෙනවා. නාටකයෙහි එම වේලාව එනවිට දැන් මා යා යුතුයි යන සිතිවිල්ල සහ හැඟීම ඇති වෙනවා. ඔවුන් නිරූපණය කරනා නාට්‍යයක විෂ්ණුගේ අවතරණය පෙන්වා ඇත. සැබැවින්ම විෂ්ණුගේ අවතරණයක් සිදු නොවේ. දිනෙන් දින මිනිසුන්ගේ බුද්ධි නරක් වෙනවා; ඔවුන්ට කිසිවක් වැටහෙන්නේ නැහැ. ජීවාත්ම අපවිත්‍ර වී සිටිනවා. පරම පියා දැන් කියනවා: දරුවනි, පාරිශුද්ධ වන්න, රාම රාජ්‍යය ඇති වන්නේ එවිටයි. දරුවන් රාමාව නොදනී. ඔවුන් ශිවාට වඳින විට ඔහුට රාමා කියා කීවේ නැහැ. ශිව් බාබා කියන එකයි හරි. භක්ති කිරීමෙහි කැමැත්තක් නොතිබෙයි. දැන් ඔබට තිබෙන්නේ මෙම කැමැත්තයි. පරම පියාම කියනවා: සුමිහිරි දරුවනි, මා ඇවිත් සිටින්නේ ඔබලාව ආපසු ගෙන යාමටයි. අනතුරුව ඔබ ජීවාත්මයන් ඉබේටම මෙන් සතුටු දේශයට යන්න යාවි. මා එහි ඔබට සහකරුවෙක් වෙන්නේ නැහැ. ඔබේ ස්ථිතිය අනුව ගිහින් එහි වෙනත් ශරීර තුළ ගර්භාෂ තුළට පිවිසෙයි. ඔවුන් ක්‍රිෂ්ණා කොළයක් මත පාවී ආ ලෙස පෙන්වා ඇත. එහිදී සාගරය වැනි දෙයක් නොවෙයි කියා ඇත්තේ, ඔහු ගර්භාෂයේ ඉතාමත් සුවපහසුව සිටි බවයි. බාබා කියනවා: මා ගර්භාෂයක් තුළට පිවිසෙන්නේ නැහැ. මා කෙනෙක් තුළට පිවිසෙනවා. මා ළදරුවෙක් වෙන්නේ නැහැ. මා වෙනුවට ඔවුන් ක්‍රිෂ්ණා ළදරුවෙක් වශයෙන් සලකාගෙන ඔහු හා විනෝද වෙනවා. ක්‍රිෂ්ණා දැනුම දුන්නා යැයි ඔවුන් විශ්වාස කරන නිසායි ඔවුන් ඔහුට බොහෝ සේ සෙනෙහස දක්වන්නේ. මා සියල්ලන්වම මා සමඟ ආපසු ගෙන යනවා. එතැනින් ඔබලාව එහි යවනවා. මගේ කොටස අවසත් වෙනවා. අඩ කල්පයක් පුරා මා හට මොනම කොටසක් වත් නැත. අනතුරුව මගේ කොටස පටන් ගන්නේ භක්ති මාර්ගයේ දීය. මෙයද නාටකයේ නියම වී තිබෙන දෙයකි. දැන් ඔය දරුවන්ට මෙම දැනුම වටහා ගන්නත්, පැහැදිලි කරන්නත් පහසු වේ. ඔබ අන් අයට පැහැදිලි කරන විට ඔබට එම සතුට ඇතිවනවාත් සමඟ මතු උසස් තත්ත්වයක් ද ලැබේවි. මිනිස්සු මෙහි ඉඳිමින් සවන් දෙන්නේ කැමැත්තෙන් නමුත් පිටතට ගිය වහාම ඔවුන්ට එය අමතක වෙනවා. ඔවුන් කූඩු වූ කුරුල්ලන් වාගෙයි. ඔවුන් කුමක් හෝ දඟකමක් කර නිතරම හිරේ යන්න පුරුදුව සිටිනවා. ඔබ ගර්භාෂයේ සිටිද්දී පොරොන්දුවක් වෙනවා. පසුව එම පොරොන්දුව කුමක් වුවත් එය එතැනම තිබෙයි. ඒ සියලු කතන්දර සාදා තිබෙන්නේ මිනිස්සු පව් නොකරන්නටයි. ජීවාත්ම තම සංස්කාර ඔවුන් සමඟ ගෙන යනවා. ඒ නිසා ඇතැම් අය ළමා කාලයේදීම පණ්ඩිතවරු වෙනවා. මිනිස්සු සිතන්නේ කර්ම බලපෑමට ජීවාත්ම ප්‍රතිශක්තයි කියායි. කෙසේනමුත්, ඒවා ප්‍රතිශක්ත නොවේ. ජීවාත්ම තමයි හොඳ නරක සංස්කාරයන් අරගෙන යන්නේ. ඒ නිසායි, අතීත ක්‍රියාවන් නිසා වේදනා විඳීම තිබෙන්නේ. ඔබ දැන් පිවිතුරු සංස්කාර ඔබ හා ගෙන යනවා. ඔබ ඉගෙනගෙන තත්ත්වයක් ලබනවා. බාබා මුළු සමූහයම නිවසට ආපසු ගෙන යනවා. ඉතාමත් ස්වල්ප දෙනෙක් ඉතිරි වෙනවා. ඔවුන් දිගටම අවසානය දක්වාම එනවා. අවසානයේ එන්නට සිටින අය පමණක් මෙහි රැඳී සිටිනවා. රෝසරියක් තිබෙනවා. මෙම රෝසරිය නොකඩවා අනුපිළිවෙලින් සෑදෙනවා. ඉතිරි සියලු දෙනා දිව්‍යලෝකෙට දිගටම අවසානය දක්වා යනවා. බාබා ඉතා හොඳින් ඔබට පැහැදිලි කරනවා. සමහර අයට ධාරණය කරගත හැකි වෙයි. එහෙත් අනෙක් අයට නොහැකියි. ඔවුන්ගේ තත්ත්වය එවැන්නක් නිසා ඒ අනුව ඔවුන්ටත් තත්ත්වයක් හිමිවෙනවා. ඔය දරුවන් කාරුණික සහ පරිත්‍යාගශිලී වෙන්න ඕන. නාටකය නිර්මාණය වී තිබෙන්නේ මේ අයුරිනි: කා හටවත් දොස් කිව නොහැකියි. පෙර චක්‍රයේ ඔබ ඉගෙන ගත් තරමටයි ඔබ ඉගෙන ගන්නවා ඇත්තේ. ඊට වඩා ඔබට ඉගෙනගත නොහැකි වනු ඇත. ඔබ කොපමණ උත්සාහයක් දැරුවත් වෙනසක් ඇතිවිය නොහැකියි. වෙනසක් සිදුවන්නේ ඔබ මෙම දැනුම අන් අයට දෙනවිටයි; එය අනුක්‍රමිකයි. රජවරුන් සහ දිළින්දන් අතර වෙනසක් තිබෙයි. මේ දැනුමේ අවිනාශී මිණිමුතු ඔබව රජවරු කරවනවා. ඔබ උත්සාහ නොකළොත් නම් ඔබ දිළින්දන් වෙනවා. මෙය අසීමිත පාසලකි. එහි ප්‍රාථමික ද්වීතීය සහ තෘතීය යනුවෙන් ඇත. භක්තියෙහි ඉගෙන ගැනීමේ ප්‍රශ්නයක් නැත. එහි පහළට පැමිණීමක් තිබෙන්නේ. එය ඉතා සුන්දරයි. ඔවුන් සංගීත භාණ්ඩ වාදනය කරමින් ප්‍රශස්ති ගී ගයනවා. එහෙත් මෙහි ඔබ නිශ්ශබ්දව සිටින්න ඕන. හඬනගා කියන භක්ති ගීත කිසිවක් නැත. අඩ කල්පයක් පුරා ඔබ භක්ති කළා. භක්තියේ බොහෝ ආටෝප ඇත. ඔබ සෑම කෙනෙකුටම තමන්ට අයත් කොටසක් තිබෙනවා. සමහරු වැටෙයි. සමහරු ඉහළට නඟී. සමහර අයට හොඳ වාසනාව සහ සමහර අයට අඩු වාසනාව ඇත. ඔබ සෑම කෙනෙක්ටම සමාන උත්සාහයක් කිරීමටයි බාබා ඔබව ප්‍රබෝධ කරවන්නේ. එකම ඉගෙනුම සහ එකම ගුරුවරයා වේ. එහෙත් ඉතිරි සියල්ලන්ම මාස්ටර්වරුන්ය. වේලාව නැතැයි කියා විශිෂ්ට පුද්ගලයෙක් කීවොත් ඔහුගෙන් අසන්න: "අප ඔබේ නිවසට පැමිණිය යුතුද?" මන්ද ඔවුන්ටම කියා මාන්නයක් තිබෙනවා. එක්කෙනෙක්ව අල්ලාගත්තොත් අන් අය මතත් එම බලපෑම ඇති වේවි. මෙම දැනුම හොඳයි කියා ඔහු අන් අයට කීවොත් එවිට මොහු බ්‍රහ්ම කුමාරින්ගෙන් පාට වෙලා කියා අන් අය කියාවි. අන්න ඒ නිසායි ඔහු සරලව මෙය හොඳයි කියන්නේ. ඔය දරුවන්ට ඉතාමත් හොඳ යෝග බලයක් තිබීම අවැසියි. ඥාන අසිපතෙහි යෝග බලය තිබෙන්න ඕන. ඔවුන් සතුටු සහ යෝගී නම් ඔවුන් පරම පියාගේ නම කීර්තිමත් කරාවි. රාජධානියක් නිර්මිත වන්නේ අනුක්‍රමිකවයි. පරම පියා කියනවා: මෙය ධාරණය කිරීම ඉතාමත් පහසුයි. ඔබ බොහෝ සේ බාබා සිහිපත් කරයිද ඔබට බොහෝ සේ ඔහු කෙරෙහි සෙනෙහස ඇතිවේවි. එහි එම ආකර්ෂණය තිබේවි. ඉඳිකටුවක් පිරිසිඳු නම් එය කාන්දමට ඇදී එනවා: එය මලබැඳි එකක් නම් එය නොඇදේ. මෙහිත් එසේමයි. ඔබ පිරිසිඳු වූ විට, ඔබ ප්‍රථම අංකය ලබා ගනී. පරම පියාගේ ස්මරණය තිබෙන විට මලකඩ ඉවත් වේවි. මෙසේ ගයා ඇත: මේ ගුරුගේ මහිමයයි කියා. අන්න ඒ නිසායි ගුරු බ්‍රහ්මා ගුරු විශ්ණු.... කියා ඇත්තේ. ගුරුන් තමයි මිනිසුන්ගේ විවාහ ගිවිසුම් උත්සවයත් සිදු කරන්නේ. ඔබ ශිවාටයි තීන්දු වුණේ. බ්‍රහ්මාට නොවෙයි. එමනිසා, ඔබ සිහිපත් කළ යුත්තේ ශිවාවයි. ඒජන්තයකුගේ පින්තූරයේ අවශ්‍යතාවයක් නැත. විවාහ ගිවිසුම නියම වූ විටම ඔවුන් නොකඩවා එකිනෙකා සිහිපත් කරති. ඉතින්, මේ අතරමැද සිටින්නාටත් කොමිසමක් ලැබෙයි. විවාහ ගිවිසුම තීන්දු කිරීමට ඔහුව ඇතුළත් කර ගැනීම නිසා ඔහුට යමක් ලැබෙනවා. ඔහු (ශිව් බාබා) මේ ශරීරය ණයට ගත් නිසා එම ඇදීමත් එහි තිබෙයි. අන්න ඒ නිසා ඔහුත් ඔය දරුවන්ට පැහැදිලි කරන්නේ: ඔබ වැඩි වැඩියෙත් අන් අයට යහපත සලස්වයි ද, විශාල තෑග්ගක් ඔබට හිමිවෙනවා ඇත. මේවා දැනුමේ කරුණුයි. නොකඩවා අන් අයට දැනුම දෙන්න. එවිට ඔබට ආශීර්වාද ලැබේවි. මුදල් වල අවශ්‍යතාවයක් නැත. මමාටත් මුදල් කිසිවක් නොතිබුණත් ඇය බොහෝ දෙනෙකුට යහපත සැලැස්වූවා. සෑම කෙනෙකුටම නාට්‍යයෙහි තමන්ට අදාල කොටසක් තිබෙයි. ධතවතෙක් මුදල් දානය කළත් හෝ කෞතුකාගාරයක් විවෘත කළත් ඔහුට බොහෝ මිනිසුන්ගෙන් ආශීර්වාද ලැබෙනවා. එමනිසා ඔහු ධනවතෙක් යන හොඳ තත්ත්වයක් ඔහුට ලැබෙනවා. ධනවත් මිනිස්සුන්ට මෙහෙකරුවන් මෙහෙකාරියන් ඇත. ධනවතුන්ට බොහෝ සේ මුදල් තිබෙන නිසා ඔවුන් ණය දෙනවා. ධනවත් වීම හොඳයි. මේ දුප්පත් අය තමයි ධනවත් වන්නේ. ධනවත් අයට දැන් එතරම් ධෛර්යයක් නොමැත. මේ බ්‍රහමින්වරු එසැනින් සියල්ල අත්හැරියා. මෙසේ කියා ඇත. "මෙය සැමවිටම දෙන දෑතක්..." බාබා මොහු තුළට ඇතුල් වුණා. ඉතිත් ඔහු සියල්ලක්ම දුන්නා. ඔබ කරච්චියේ ජීවත් වුණේ කොහොමද ? ඔබට ලොකු ගෙවල්, කාර්, බස් ආදිය තිබුණා. ඔබට සෑම දේම තිබුණා. දැන් පියා කියන්නේ: ජීව අවධානයට පත්වන්න! දෙවියත් ඔබට උගන්වනවා කියා බොහෝ කුල්මත්භාවයෙන් ඔබ සිටිය යුතුයි! පරම පියා ඔබට බොහෝ ධනවස්තු දෙනවා. ඔබ ඒවා ධාරණය නොකරයි. ඒවා ගැනීමට ඔබට බලයක් නැහැ. ඔබ ශ්‍රීමත් අනුගමනය කරන්නේ නැහැ. පරම පියා කියනවා: දරුවනි, ඔබේ ඒප්‍රනය පුරවා ගන්න. ඒ මිනිස්සු ශංකර් වෙතට ගොස් කියනවා: අපගේ මඩිය පුරවන්න! මෙහි බාබා බොහෝ අයගේ ඒප්‍රනය පුරවනවා. එහෙත් පිටතට ගිය වහා ඔවුන් හිස් වෙනවා. පරම පියා කියයි: මා ඔබට ඉතා අනර්ඝ ධනවස්තු දෙනවා. මා ඔබේ ඒප්‍රනය දැනුමේ මිණිමුතු වලින් පුරවනවා. එසේ වුවද, ඔබේ ඒප්‍රනයේ පිරෙත්තේ අනුක්‍රමිකවයි. ඉන්පසු ඔබ ඒවා අන් අයට දන් දෙමින් සැමගේ සෙනෙහසට ලක් වෙනවා. ඔබ සතුව කිසිවක් නැතිනම් ඔබ කුමක් දෙන්න ද? ඔබ උපත් 84 හොඳින් වටහාගෙන පැහැදිලි කරන්න ඕන. එහෙත් යෝගාවට උත්සාහය අවැසියි. ඔබ දැන් සටන් බිමකයි සිටින්නේ. ඔබ මායා ජයගන්නටයි සටන් වදින්නේ. ඔබ පැරදුණොත් ඔබ චන්ද්‍ර වංශයේ කොටසක් වනවා ඇත. මෙය වටහාගත යුතු කාරණාවකි. දරුවනි, ඔබ ඉතාමත් සතුටිත් සිටිය යුතුයි: බාබා ඔබ අපට බොහෝ ලැබීම් දෙනවා. ඔබේ බුද්ධියෙහි දවස පුරාම ඉඳිමින් ඇවිදිමින් සිටිය දී එය ඔබට ධාරණය කරගත හැකියි. ප්‍රධාන දෙය යෝගාවයි. යෝගාවෙන් තමයි ඔබ ලොව පිවිතුරු කරන්නේ. අනතුරුව ඔබ ලබාගත් ඉගෙනුම අනුව ඔබ රාජධානිය පාලනය කරයි. එම මුදල් ආදිය දුහුවිලි බවට හැරෙනවා. එහෙත් මෙම අවිනාශී ආදායම ඔබ සමඟ යනවා ඇත. බුද්ධිමත් දරුවන් කියන්නේ ඔවුන් බාබාගෙන් සම්පූර්ණ උරුමය ලබාගන්නවා කියායි. එය කෙනෙකුගේ වාසනාවේ නැත්තම්, ඔවුන් ලබනවා ඇත්තේ පැන්ස කිහිපයක තත්ත්වයකි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසිත් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ ඉගෙනීම සහ දිව්‍යමය ගුණධර්ම ධාරණය කරන්නේ කෙසේද යන්නෙහි නිසි වාර්තා සටහනක් තබන්න.

2. සෑම කෙනෙකුගෙන්ම සෙනෙහස සහ ආශිර්වාද ලබා ගැනීම පිණිස දැනුමේ මිණිමුතු වලින් ඔබේ ඒප්‍රනය පුරවා ඒවා සැමට දානය කරන්න.

වරදානය:
කරන සෑම ක්‍රියාවකදීම පියා සමඟ විවිධ සබඳතා පැවැත්වීමෙන් ඔබ මහත් භාග්‍යවන්ත වී සිහිකිරීමේ ප්‍රතිමූර්තියක් බවට පත් වේවා.

ඔබ දවස පුරා කරන විවිධ ක්‍රියා වලදී, සමහර විට පරමාත්ම දෙවියන් ඔබේ මිතුරා ලෙසත්, සමහර විට ඔබේ ජීවිත සහකරු ලෙසත්, සමහර විට ඔබේ විශේෂයෙන් ආදරණීය දරුවා ලෙසත් සිතන්න. සමහර විට, ඔබ අධෛර්යයට පත් වූ විට, සර්වබලධාරි අයෙකු ලෙස අත්විදීමට සර්වබලධාරී අධිකාරය පිළිබඳ අවබෝධය මතු වන විට ඔබේ හදවත සතුටු වන අතර ඔබට පරමාත්ම පියාගේ ඇසුර ඉබේම අත්විඳිය හැකිය. එවිට ඔබට මෙම බ්‍රාහ්මණ ජීවිතය අමිල බවත් ඔබම මහත් භාග්‍යවන්ත වීමත් නිරතුරුවම අත්විඳිනු ඇත.

පාඨය:
බ්‍රහ්ම බාබාට සමාන වීම යනු ඔබේ පරිසමාප්ත ගමනාන්තයට ළඟා වීමයි.