01.04.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබලා පරමාත්ම දෙවියන්ගේ ගැලවීමේ සේනාවයි. ඔබ සෑම කෙනෙකුටම විමුක්තිය ලබා දිය යුතු අතර ජීවාත්මයන්ගේ සෙනෙහස ඔවුනගේ පරමාත්ම පියා වෙතට යොමු කරවිය යුතුයි.

ප්‍රශ්නය:
මිනිසුන් තම බුද්ධිය මෙහෙයවන්නේ කුමන දේ කෙරෙහිද ඔබ ඔබගේ බුද්ධිය මෙහෙය විය යුත්තේ කුමකටද?

පිළිතුර:
මිනිසුන් අහසේත් පොළොවේත් අවසානය සෙවීමට තම බුද්ධිය මෙහෙය වූවත් එයින් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ: ඒවායේ අවසානයක් සොයා ගැනීමට ඔවුනට හැකි වන්නේ නැහැ. ඔය දරුවන් තම බුද්ධිය මෙහෙය වන්නේ වන්දනීය වීමටයි. ලෝකයා ඔවුනට වන්දනා කන්නේ නැහැ. ඔය දරුවන් දැන් වන්දනීය දේවතාවරුන් වෙමින් සිටිනවා.

ගීතය:
ඔබ සොයා ගැනීමෙන් අප මුලු ලොවම ලැබුවෙමු.

ඕම් ශාන්ති.
මෙය ඥාන මාර්ගය බවත් එය භක්ති මාර්ගය බවත් ඔය දරුවන් දැන් අවබෝ කර ගෙන සිටිනවා. ප්‍රශ්නය නම්: භක්ති මාර්ගය වඩා හොඳද? ඥාන මාර්ගය වඩා හොඳද? කොටස් දෙකක් තිබෙනවා. ගැලවීම ලැබෙන්නේ ඥානයෙන් කියාත් කියනවා. භක්තිය හා ඥානය එකිනෙකට වෙන් වූ ඒවා බව අනිවාර්යෙන්ම කිව හැකියි. භක්ති වන්දනා කිරීමෙන් ඥානය ලැබේවියි කියාත් තමන්ට විමුක්තිය ලැබෙන්නේ ඉන් පසුව පමණක් බවත් මිනිස්සු විශ්වාස කරනවා. භක්තිය අතරමැද ඥානය තිබිය නොහැකියි. භක්තිය සැමටම අයිති වන අතර ඥානයත් සෑම කෙනෙකුටම අයිතියි. දැන් මේ ඇත්තේ කලි යුගයේ අවසානයයි. එමනිසා, සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම සිටින්නේ පරිහාණි තත්ත්වයක විය යුතුයි. අන්න ඒ නිසා තමයි මිනිස්සු කන්නලව් කරමින්: අපි අන් සෑම කෙනෙකුගෙන්ම බිඳී විත් ඔබ සමඟම පමණක් සම්බන්ධ වෙන්නම් කිය කියා ගී ගයන්නේ. ඔහු කවුද? ඔවුන් තමන්ව සම්බන්ධ කර ගන්නේ කාටද? ඔවුන්ට මෙය තේරෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිසුන්ගේ සිහිය ක්‍රිෂ්ණා වෙතට ගිය විට ඔවුන් කියනවා: මම ඔබට සැබවින්ම ආදරය කරන්නම්. ඔවුන් ක්‍රිෂ්ණාට ආදරය කරනා නිසා ගුරුන් හෝ වෙනත් කිසිම කෙනෙක්ව අවශ්‍ය වන්නේ නැහැ: ඔවුන් සිහි කළ යුත්තේ ක්‍රිෂ්ණාව පමණයි. සෑම කෙනෙකුටම ක්‍රිෂ්ණාගේ පින්තූරයක් තිබෙනවා. මිනිස්සු ක්‍රිෂ්ණාගේ උපන් දිනය සමරණා නිසා වෙනත් කිසිම කෙනෙක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ ලෙසින්ම මීරා සෙනෙහස දැක්වූයේ එකම එක ක්‍රිෂ්ණාට පමණයි . සෑම වැඩකටයුත්තක්ම කරනා අතරත් ඇය සිහි කළේ ඔහුවම පමණයි. නිවසක ජීවත් වන අතර ඇය සෑම දෙයක්ම කළ යුතුයි. කනවා.බොනවා. ඇය ආදරය කළේ ක්‍රිෂ්ණාටම පමණයි. හරියට නිකම් ඇය ආදරවන්තියත් ඔහු ආදරවන්තයාත් වගේයි. ක්‍රිෂ්ණා සිහිකිරීමෙනුත් යමෙකුට ඵලයක් ලැබෙනවා. සෑම කෙනෙක්ම ක්‍රිෂ්ණාව දන්නවා. මිනිස්සු කියනවා: මම ඔබට සැබැවින්ම ආදරය කරනා නිසා අන් සෑම කෙනෙකුගෙන්ම බිඳී ගිහින්. ඉහළම ඉහළ කෙනා සත්‍යය පරමාත්ම පියායි. සෑම කෙනෙකුටම උරුමයක් දෙන්නේ එකම එක පරමාත්ම පියා පමණයි. කිසිම කෙනෙක් ඔහුව දන්නේ නැහැ. පරමාත්ම පියා පරමාත්ම ජීවය ශිවා කියා කිව්වත් ඔහු පැමිණෙන්නේ කවදාදැයි කියා ඔවුන් දන්නේ නැහැ. ශිව ජයන්තියක් ඇති නිසා අනිවාර්යෙන්ම ඔහු පැමිණෙන්න ඇති. ඔහු පැමිණෙන්නේ කවදාද, පැමිණ කරන්නේ කුමක්දැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔහු තමයි සෑම කෙනෙක්ටම විමුක්තිය දානය කරන්නේ කියා එකම එක මිනිසෙක්වත් දන්නේ නැහැ. කෙසේවෙතත් ඔහු එය කරන්නේ කෙසේද? විමුක්තිය යන්නෙහි අරුත කුමක්ද? ඔවුන්ට එය තේරෙන්නේ නැහැ. ශිව බාබා අනිවාර්යෙන්ම දෙව්ලොව ආධිපත්‍යය ලබා දෙන්න ඇති. ඒ ධර්මයට අයිති ඔය දරුවන්වත් ඒ ගැන දැන ගෙන සිටියේ නැහැ. ඔබටම එය අමතක වුණා නම් අනිත් අයට මතක තිබෙන්නේ කොහොමද? ඔබ දැන් මෙය ශිව් බාබාගෙන් දැනගෙන අන් අයටත් කියා සිටිනවා. ඔබ තමයි දේවමය ගැලවීමේ සේනාව. ඔබට එය ගැලවීම කියා හෝ ගැලවීම සඳහා සිටිනා සේනාව කියා හෝ කිව හැකියි. ඔය දරුවන්ට දැන් වගකීමක් තිබෙනවා. පින්තූර පැහැදිලි කර දිය හැකියි. භාෂා ගණනාවක් තිබෙනවා. එම පින්තූර ප්‍රධාන භාෂා වලිනුත් නිර්මාණය කළ යුතුයි. භාෂා සම්බන්ධයෙන් විශාල පටලැවිල්ල තිබෙනා නිසා ප්‍රදර්ශන සඳහා ගෙන යාමට පින්තූර නිර්මාණය කළ යුතුයි. පින්තූර භාවිතයෙන් පැහැදිලි කිරීම හරිම පහසුයි. මුලු ඥාන සම්භාරයම චක්‍රය තුළ අන්තර්ගතයි. ඉණිමඟ ඇත්තේ භාරතීය ජනතාව වෙනුවෙන් පමණයි. එහි වෙනත් ආගම් නැහැ. භාරතය තමෝප්‍රධාන් වුණු විට අන් අයත් තමෝප්‍රධාන් නොවී තිබෙන්නේ නැහැ: සෑම කෙනෙක්ම තමෝප්‍රධාන් වෙනවා. එමනිසා, ඔවුන් වෙනුවෙනුත් යමක් තිබිය යුතුයි. මෙවන් සේවා සිතිවිලි ඔබගේ සිහියේත් තිබිය යුතුයි. පියවරුන් දෙදෙනා පිළිබඳ රහසත් පහදා දෙන්න. උරුමයක් ලැබෙන්නේ නිර්මාණකරුවෙකුගෙන් පමණයි. වෙනත් කිසිම ධර්මයක කෙනෙක් ලක්ෂ්මී නාරායන භාරතයේ පළමු අධිරාජණිය හා අධිරාජ්‍යවරයා. එනම් දේවතා හා දේව වුණු බව දන්නේ නැහැ. අච්චා. දෙව්ලොව රාජධානිය ඔවුන් ලද්දේ කෙසේද? අනිවාර්යෙන්ම පරමාත්ම දෙවියන්ගෙන් විය යුතුයි. ඔවුන් එය ලද්දේ කෙසේද කවදාද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ගීතාවේත් ක්‍රිෂ්ණාගේ නම සඳහන් කර ශූන්‍ය වී යාමක් ගැන කියනවා. නමුත් එහි ප්‍රතිඵලයක් නැහැ. ඔය දරුවන් මෙය පැහැදිලි කර කියා දිය යුතුයි. සෑම තැනකම පින්තූර තිබෙනවා. ඇඳුම් අන්දවා ඇති විදිය හා හැඩරුව වෙනස් වූවත් ලක්ෂ්මී නාරායන පින්තූරත් සෑම තැනකම තිබිය යුතුයි. සෑම කෙනෙක්ම තම තමන්ට දැනෙනා ආකාරයෙන් යම් යම් දේ නිර්මාණය කර තිබෙනවා. ශ්‍රී නාථ හා ශ්‍රී නාථනි යනු ක්‍රිෂ්ණා හා රාධේයි. ශ්‍රී රාධේ හා ශ්‍රී ක්‍රිෂ්ණාට කිරුළු නැහැ. ඔවුන් තද නිල් පැහැ වන්නේත් නැහැ. රාජධානිය ලක්ෂ්මී නාරයනගේයි. රාධේ ක්‍රිෂ්ණාගේ නොවෙයි. මිනිස්සු නොයෙකුත් දේවාල සාදා ඒවාටත් ලක්ෂ්මී නාරායන නම ම තබා තිබෙනවා. ඒ වංශය ලක්ෂ්මී නාරායන වංශය කියා හඳුන්වාවි. මෙය රාම සීතා හා ලක්ෂ්මී නාරායනගේ වංශ මිසක් රාධේ ක්‍රිෂ්ණාගේ නොවෙයි. මේ දේවල් මිනිසුන්ගේ මනසට ඇතුලු වන්නේ නැහැ. ඔය දරුවන්ටත් මෙය තේරෙන්නේ ඔබ දරණා උත්සාහයේ තරමටයි. සේවය කිරීමේ ආශාවෙන් සිටිනා අය දැඩි උද්යෝගයකින් සිටිනවා. ඇතැම් අය තමන්ට සියල්ලම තේරෙනවා කියා කිව්වත්, ඔවුන්ගේ කටවල් ඇරවීමට (ඥානය දීමට) ක්‍රම විධි සොයා ගත යුතුයි. වේද ග්‍රන්ථ කියවා, යාග හෝම පවත්වා, තපස් දම් රැක නැතිනම් වන්දනා ගමන් ගොස් දෙවියන්ට ලඟා විය හැකියි කියා ඇතැම් අය සිතනවා. කෙසේවෙතත්, පරමාත්ම දෙවියන් කියන්නේ: ඒ සෑම දෙයක්ම ඔබව මාගෙන් ඈත් කරවීමට සාදා ඇති දේවලුයි. නාටකයේ සෑම කෙනෙක්ම පරිහාණියට පත් විය යුතුයි. ඒ නිසා තමයි ඔවුන් එවන් දේ නිර්මාණය කර තිබෙන්නේ. මීට පෙර, අපිත් කීවේ දෙවියන් ඉහළම මුදුනේ සිටිනා කෙනෙක්. ඕනෑම කෙනෙකුට ඕනෑම මඟකින් ඔහු වෙතට යා හැකියි කියලයි. ඉතින් ඔහු වෙතට යාමට මිනිස්සු නොයෙකුත් මාර්ග වල යනවා. භක්ති මාර්ගයේ නොයෙකුත් මාවත් ඔස්සේ එසේ ගිහින් ඔවුන් වෙහෙසට පත් වුණු විට, දෙවියන්ට කන්නලව් කරන්න පටන් ගන්නවා: අහෝ පාරිශුද්ධකරුවාණනි, පැමිණ අපට පිවිතුරු වීමේ මඟ පෙන්වා දෙන්න. ඔබ නැතිව අපට පාරිශුද්ධ විය නොහැකියි. අපි දැන් වෙහෙසට පත් වෙලා. දවසින් දවස භක්තිය ඔබව මුලුමනින්ම වෙහෙසට පත් කරවනවා. මිනිස්සු සිය දහස් ගණනින් ගිහින්. මේලාවන්ට එක්රොක් වෙනවා. එවැනි තැන් හරිම අපිරිසිදුයි. දැන් මේ ඇත්තේ අවසානයයි ලෝකය වෙනස් වීමටයි යන්නේ. ඇත්තේ එකම ලෝකයකි. නමුත් මිනිස්සු එය කොටස් දෙකකට කඩලා. ඒ නිසා මිනිස්සු සිතන්නේ දෙව්ලොව හා අපාය වෙනමම ලෝක දෙකක් කියලයි. කෙසේවෙතත්, ඒ දෙකේම කාල පරාසය එක හා සමානයි. ඉහළින් ස්වර්ණමය යුගය ඇති අතර ඉන් පසුව රිදී, තඹ හා කලි යුග පවතිනවා. කලියුගයේ දී සෑම කෙනෙක්ම තමෝප්‍රධාන් විය යුතුයි: ලෝකය පැරණි විය යුතුයි. කිසිම කෙනෙකුට මේ දේවල් තේරෙන්නේ නැහැ. ඔවුන් පටලැවිල්ලට පත් වෙලා. ඇතැම් අය ක්‍රිෂ්ණා දෙවියන් කියා සලකනා අතර තවත් පිරිසක් රාමා දෙවියන් කියා සලකනවා. මේ දිනවල මිනිස්සු තම තමන්ටම දෙවියන් කියා කියා ගන්නවා. මම දේව අවතාරයක් මිනිස්සු තමන්ව දේවතාවරුන්ටත් වඩා ඉහළින් සළකනවා. දේවතාවරුන්ට තවමත් කියන්නේ දේවතාවරුන් කියලමයි. මෙහි මිනිස්සු මිනිසුන්ට දෙවියන් කියා කියනවා. ඒ භක්ති මාර්ගයයි. දේවතාවරුන් දෙව්ලොව වාසීන්ය. මේ කලියුගයේදී මිනිස්සු දෙවියන් වන්නේ කොහොමද? පරමාත්ම පියා කියනවා ලෝකය පරිවර්තනය කළ යුතු කාලයේදී මම සංගම යුගයේදී මෙලොවට පැමිණෙනවා. කලියුගය ස්වර්ණම යුගය බවට පත්වන අතර අන් සෑම කෙනෙක්ම සාම දේශයට යාවි. එය අශාරීරික ලෝකය වන අතර මෙය ශාරීරික ලෝකය වේ. මෙය පැහැදිළි කිරීමට නම් ලොකු අශාරීරික ගසක් නිර්මාණය කළ යුතු වෙනවා. බ්‍රහ්ම ලෝකය අහස තරම් විශාල වූවකි. ඒ දෙකින් එකකවත් අවසානයක් සොයා ගත නොහැකියි. අහස් යානා වලින් ගිහින් මෙය සොයා ගැනීමට මිනිස්සු උත්සාහ කළත් එහි අවසානයට ඔවුන්ට යා නොහැකියි. එහි සාගරයත් අහසත් හැරෙන්න වෙන කිසිම දෙයක් නැහැ. මිනිස්සු මෙය මහා ඉහළින් කරන්න ගියත් එයින් ඇති ඵලය කුමක්ද? ඔවුන් සිතන්නේ එය බුද්ධිය මෙහෙය වීමක් කියලයි. මිනිසුන්ගේ මොළවල් ඒ වගේ තමයි. මිනිසුන්ට විද්‍යාව සම්බන්ධයෙනුත් ඇත්තේ ලොකු අහංකාරයක්. කෙනෙක් කෙතරම් නව සොයා ගැනීම් කළත් මුලු ලෝකයම ඔහුට වන්දනා කරන්න යන්නේ නැහැ. වන්දනා කෙරෙනේනේ දේවතාවරුන්වයි. පරමාත්ම පියා ඔය දරුවන්ව ඉතාමත් උසස් අය බවට පත් කරවනවා. ඔහු ඔබ සෑම කෙනෙක්වම ශාන්ත දේශයට ගෙන යනවා. තමන් පැමිණෙන්නේ අශාරීරික ලෝකයේ සිටයි කියා සෑම කෙනෙක්ම දැනගෙන සිටියා වුවත් ඔබ තේරුම් ගන්නා තරමින් ලෝකයේ මිනිස්සු මෙය තේරුම් ගන්නේ නැහැ. එය කුමක්ද. එහි ජීවාත්ම වාසය කරන්නේ කෙසේද. ඔවුන් පහළට පැමිණෙන්නේ කෙසේද යනාදි කිසිම දෙයක් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මහා ඉහළ බ්‍රහ්ම ලෝකයේ අභෞතික ගසක් ඇති බවවත්, ස්වර්ණමය යුගයේ වාසය කරන්නේ ඉතාමත් සුළු පිරිසක් බවත්, අන් සෑම ජීවාත්මයක්ම වාසය කරන්නේ අශාරීරික ලෝකයේ බවවත් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මෙය භෞතික ලෝකය වන්නාක් සේ එහි ඇත්තේ අභෞතික ලෝකයයි. මේ ලෝකයවත්, ඒ ලෝකයවත් කසිම ලෝකයක් කවදාවත් හිස් වන්නේ නැහැ. අවසාන කාලය වන විට ජීවාත්මයන්ව මාරු කර හිනවා. ටික දෙනෙක් මෙම ලෝකයේ සිටිය යුතුයි. මුලු ලෝකයම හිස් වුණා නම් සියල්ල ශූන්‍ය වී යාවි. මෙය අවිනාශි දේශයක් වන නිසා එවන් ශූන්‍ය වීමක් සිදු විය නොහැකියි. මේ සියලුම කරණු ඔබගේ සිහියේ තබා ගන්න. මුලු දවස පුරම අන් අයට යහපත සලසන්නේ කෙසේද යන්න ගැන සිතන්න. ඔබගේ සෙනෙහස ඒ කෙනා හා යාවී තිබුණු විට, ඔබට ඔහුගේ හැඳින්වීම දිය හැකියි. ඔහු පරමාත්ම පියා වන අතර ඔබ ඔහුගෙන් උරුමය දිනා ගන්නවා. ඔබ එය දිනා ගත්තේ කෙසේදැයි කියා අපට කිව හැකියි. මෙසේ කිව හැකි අය අතරත් සෑම දෙනාම එක් එක් මට්ටම් වල අයයි. ඇතැම් අය ඉතාමත් හොඳ දේශන දෙන නමුත් අන් අයට එවන් දෙයක් කර ගත නොහැකියි. එමනිසා ඔවුන් එය ඉගෙන ගත යුතුයි. ඔය සෑම දරුවෙක්ම තම තමන්ට යහපත සලසා ගත යුතුයි. නිවැරදි මාවත සොයා ගෙන සිටිනා නිසා අන් සෑම කෙනෙකුටමත් යහපත සැලසීමට ඔබට පුළුවනි. ආධ්‍යාත්මිකව සේවය කර පරමාත්ම පියාගේ හැඳින්වීම ලබා දීමටයි ඔබගේ හිතේ තිබෙන ආසාව. සෑම කෙනෙක්ම එකිනෙකාට සේවය කරනවා. පරමාත්ම පියා පැමිණ ආධ්‍යාත්මික සේවය කරන්නේ කෙසේදැයි කියා කියලා දෙනවා. වෙන කිසිම කෙනෙක් ආධ්‍යාත්මික සේවය කරනා ආකාරය දන්නේ නැහැ. ආධ්‍යාත්මික පියා පමණයි ආධ්‍යාත්මයන්ට සේවය කරන්නේ. උපත් ගණනාවක් පුරා භෞතික සේවය විශාල වශයෙන් කර තිබෙනවා. දැන් මෙම අවසන් උපතේදී, පරමාත්ම පියා විසින් ඔබට උගන්වා ඇති ආධ්‍යාත්මික සේවය කරන්න. එහි යහපතක් තිබෙනවා. වෙන කිසිම දෙයක යහපතක් නැහැ. තම ගෙවල් දොරවල් වල ජීවත් වෙමින් ඔබ වගකීම් ඉටු කළ යුතුයි. ඔවුන්ටත් මෙය පැහැදිලි කර කියා දී ඔවුන්ටත් යහපත සලසන්න. ඔවුන් ඔබට ආදරෙයි නම් ඔබ කියන යම් දෙයකට ඔවුන් ඇහුම් කන් දේවි. ඇතැම් අය තමන්ටත් යමක් අතහැරීමට සිදු ව් යැයි සිතා බිය වෙනවා. මේ දිනවල සන්නාසීවරුන් ගණනාවක් සිටිනවා. කහ සිවුරක් දමා ගෙන වචන කිහිපයක් කියා කොහෙන් හෝ කුස පුරවා ගැනීම පමණයි ඔවුන් කරන්නේ. ඔවුන් එක් වෙළඳපලකට ගිහින් ආහාර පිඩක් ලබාගෙන තවත් එකකට ගිහින් තවත් ටිකක් වැඩිපුර ලබා ගන්නවා. ඒක ඔවුනට හොඳටම ඇති. විවිධාකාරයේ යාචකයින් සිටිනවා. ඔබට හිමි වන්නේ මෙම පියාගෙන් ලැබෙනා එක් ආකාරයේ උරුමය පමණයි. අසීමිත ආධිපත්‍ය ලබා ඔබ සදහටම ලෙඩරෝග වලින් නිදහස් වෙනවා. ධනවතුන් එතරම් දෙයක් ගන්නේ නැහැ. දුප්පතුන්ට යහපත සැලසිය යුතුයි. ගම්මාන ගණනාවක් තිබෙනා නිසා බාබා ප්‍රදර්ශණ භාණ්ඩ රැසක් සාදා තිබෙනවා. රාජ්‍ය ඇමතිවරුන් ආදි අය මෙම ඥානය ඉතාමත් හොඳ එකක් බව අවබෝධ කර ගත් විට සෑම කෙනෙක්ම පැමිණ එයට ඇහුම් කන් දේවි. ඔව්. තවත් ඉදිරියට යන විට ඔබගේ නම කීර්තියට පත් වී බොහෝ දෙනා පැමිණේවි. මළකඩ ඉවත් වීමට කාලයක් ගත වෙනවා. කෙනෙක් දිවා රෑ පුරා මෙහි නිරත වුවහොත්, ඇතැම් විට මළකඩ සේදී යාවී. ජීවාත්මය පිරිසිදු වුණු විට ශරීරය අතහැර දමා යාවි. මේ කරුණු සියල්ල තේරුම් ගත යුතුයි. ඒ වගේම ප්‍රදර්ශන වලදීත් පැහැදිලි කර කියා දෙන්න. ප්‍රධානම දෙය නම් සියල්ල අදාල වන්නේ භාරතයටයි. භාරතයේ නැග්ම සිදු වන විට සෑම කෙනෙක්ම ඉහළ යනවා. ප්‍රොජෙක්ටර් යන්ත්‍ර වලින් කරනවාට වඩා වැඩි සේවයක් ප්‍රදර්ශන වලින් කළ හැකියි. ක්‍රමානුකූලව වර්ධනය වේවි. දවසින් දවස ඔබගේ නම කීර්තියට ලක් වේවි. මීට වසර 5000කට පෙරදීත් මෙයම වූ බවත් ලියා තැබිය යුතුයි. මේවා ඉතාමත් අපූරු කරුණුයි. බාබා ඔය දරුවන්ට අනතුරු ඇඟෙව්වත් ඔබලා සියල්ල අමතක කර දමනවා. යමක් සිදු වුවහොත් එය වසර 5000කට පෙරදීත් වුණු බව කිව හැකියි. මේ දේවල් ඉතාමත් පැහැදිලියි. නමුත් ඒත් ඒවා කාගේ හෝ සිහියට ඇතුළු වුවහොත් පමණයි. ඔබ මේවා පුවත්පත් වලත් පළ කළ යුතුයි. එවිට ඔවුන්ටත් යමක් තේරුම් ගත හැකියි. ඥාන මාර්ගයට ඉතාමත් ඉහළ ගණයේ තත්ත්වයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම එවන් හොඳ දේ සිහියේ තබා ගෙන ප්‍රීතියෙන් සිටින්න. මෙම පුහුණුව වර්ධනය කර ගත් විට ඔබ ඉතාමත් සතුටින් පිරි ප්‍රබෝධමත් තත්ත්වයක සිටීවි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැතිවී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියා ගෙන් අධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අන් සෑම කෙනෙකුගෙන්ම තම සිහියේ සෙනෙහස ඉවතට ගෙන ඒ සෑම කෙනෙකුගේම සෙනෙහස එකම එක පරමාතේම පියා හා බඳවන්න.

2. පරමාත්ම දෙවියන්ගේ සැබෑම ආධ්‍යාත්මික සහායකයෙක් වන්න. තමාටත් යහපත සලසා ගනිමින් අන් අයටත් මඟ පෙන්වන්න. ඔබගේ තත්ත්වය ඉතාමත් සතුටින් හා ප්‍රමෝදයෙන් පිරි එකක් බවට පත් කර ගන්න.

වරදානය:
ඔබ භාග්‍යවන්ත ජීවාත්මයක් වී, ඒකායන පියාගේ අවධානය තිබීමෙන්, සැබෑ සුහාග් (සැමියෙක් සිටීමේ වාසනාව) අත්විඳිත්වා.

අන් අයගේ වචන ඇසුනත් නෑසෙන, ඔවුන්ගේ සිතිවිලි හෝ සිහින වලට වෙනත් ජීවාත්මයන්ගේ අවධානය ගෙන නොඑන, එනම්, කිසිම ශාරීරික ජීවයකට යටහත් නැති, වෙනත් කිසිවෙකුට නොව, ඒකායන පියාට පමණක් අයත් වීමේ අවධානය ඇති අය මත, අවිනාශී සුහාග් තිලකය තිබේ. භාග්‍යවන්ත වන්නේ, තම සැබෑ සුහාග් ඇති අය පමණයි.

පාඨය:
ඔබගේ ස්ථීතිය උසස් කරගැනීම සඳහා, පළමුව ඇතුලාන්තයට යොමු වී ඉන්පසුව බාහිරට යොමු වන්න.