01.06.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, නිරන්තරයෙන්ම දෙවියන්ගේ සේවයේ කාර්යබහුල වන්න. එවිට පියා වෙත ඔබගේ ඇති සෙනෙහස දිගින් දිගටම වැඩි වන අතර ඔබගේ සතුට සීඝ්‍රයෙන් ඉහළ යනු ඇත.

ප්‍රශ්නය:
එක් බැල්මකින් මෙලොවින් ඔබ්බට ගෙන යැවෙනා දරුවන්ගේ හදවතෙහි තිබෙන්නා වූ සතුට කුමක්ද?

පිළිතුර:
ඔවුන් තුළ දිව්‍යලෝකයේ අධිකාරීත්වය නම් වූ සතුට වැජඹෙනු ඇත. මන්ද, පියාගේ දැකීම ඔවුන් වෙත තිබෙනා හෙයිනි. එනම්, ඔවුන් උරුමය ලැබීමට සුදුස්සන් වන බවයි.

ප්‍රශ්නය:
සෑම දිනකම බාබා ඔබට නොයෙකුත් අයුරින් අලුත් කරුණු කියා දෙන්නේ ඇයි ?

පිළිතුර:
මන්ද, ඔහු දරුවන්ගේ උපත් ගණනාවක සිට පැවත එන ආශාවන් ඉෂ්ඨ කළ යුතු වන හෙයිනි. දරුවන් පියාගේ අලුත් කරුණු වලට කන් දෙනවා. ඉතින් පියා වෙත ඔවුන් තුළ ඇති සෙනෙහස දිගින් දිගටම වැඩි වෙනවා.

ගීතය:
ඔබ දහවල කෑමටත් රාත්‍රිය නින්දටත් ගත කරමින් සිටියා...

ඕම් ශාන්ති.
දරුවන් ඔබගේ දෑස් ඔහු වෙත දල්වාගෙන මෙහි අසුන්ගෙන සිටිනවා. පියා ජීවය හා ශරීරය දකිනා අතර දරුවනුත් ඔහු දෙස බලනවා. ඔහු වෙත නිකම්ම ඇහුම්කන් දීමේද, ඔහුව දැකීමේද වැඩි වින්දනයක් ඇත්තේ ? ඔබ බොහෝ දේවලට ඇහුම්කන් දී තිබෙනවා. ඔබ බොහෝ දැනුම් කරුණුවලට සවන් දී තිබෙනවා. ඔබ නොම්මර එකේ භක්තිවන්තයින්. වැඩිපුර භක්තියෙහි යෙදී ඇත්තේ ඔබයි. ඔබ වේදාවන්, ආගමික ග්‍රන්ථ, සික් ආගමේ ග්‍රන්ථ නම් වූ පොත, ගීතාව, ගයත්‍රි ආදිය ඉගෙන ගෙන තිබෙනවා. ඔබ මැතිරීම් හා තපස්යා ආදී සෑම දෙයක්ම කර තිබෙනවා. ඔබ බොහෝ දෑ සවන් දී තිබෙනවා. ඔබ ඒවාට සවන්දීමට පටන් ගත්තේ කවදා සිටද යන්න ගැන පියා විස්තර කරනවා. ඔවුන් ඒවා ලියූ දා සිටම ඔබ බොහෝ සේ ඒවාට සවන් දී තිබෙනවා. කොහොමනමුත්, ඔබ පියා සමග දෑසින් වන හමුවීම සිදුවන්නේ දැන්ය. එක් බැල්මකින් ඔබව මෙලොවින් ඔබ්බට ගෙන යැවෙනවා. මෙවැනි කියමනක්ද තිබෙනවා: එක් බැල්මකින් ස්වාමි සත්ගුරූ ඔබ මෙලොවින් ඔබ්බට ගෙන ගියා. ඔහු ගුරූ වන අතර මනමාළියන්ගේ ස්වාමියා (පාලකයා) ද වනවා. ඔහු ඔබගේ දර්ශන ඉදිරියෙහි අසුන්ගෙන සිටිනා අතර ඔබ පියාව හඳුනා ගන්නේද ඔබගේ දෑස් මඟින් පමණයි. පසුව ඔබ ඔහුගෙන් මුළු ලෝකයේම පාලන බලය ලබා ගන්නවා. ඔබ පියාව දකිනා විට ඔබගේ හදවත සතුටට පත්වෙනවා. මන්ද, ඔබ පියාගෙන් සියලු දේ ලබනා නිසයි. සෑම දෙයක්ම තිබෙන්නේ පියා තුළයි. ඔබ පියාව සොයාගෙන ඔහුගේ දර්ශනය ඉදිරියේ අසුන්ගෙන සිටිනා නිසා දිව්‍යලෝකයේ අධිකාරීත්වය දරුවන් තුළ අනිවාර්යෙන්ම උදා විය යුතුයි. පළමුවෙන්ම පියා පිළිබඳව වූ ඔබගේ කුල්මත්භාවය තිබෙනා අතර, පසුව බීටා අධිකාරීත්වය පිළබඳ වූ කුල්මත්භාවය ඔබ තුළ ඇති වෙනවා. තමා දැන් පියා ඉදිරියේ අසුන්ගෙන සිටිනා බව ඔබ දන්නවා, ඔබගේ ශරීර අවධානය දැන් ඉවත්වෙමින් තිබෙනවා. තමා ශරීරයක් සමග චරිත කොටසක් රඟදක්වන අතර ජීව වන ඔබ චක්‍රය පුරාම ගමන් කරනවා. ඔබගේ පියා දැන් පෞද්ගලිකවම ඔබ ඉදිරියේ ඉන්නවා. ඔබ පියාත් සමඟ ඉන්නා විට, තම උරුමය පිළිබඳ වූ සතුට ඔබ තුළ ඇති වෙනවා. දරුවෙක් වර්ධනය වන විට තමා ඉන්ජිනේරුවරයෙකුගේ, නීතීඥයෙකුගේ හෝ අධිරාජ්‍යයෙකුගේ දරුවෙක් බව ඔවුන්ගේ බුද්ධිය තුළට ඇතුළු වෙනවා; ඔහු එම රාජධානියේ පාලකයා වනවා. මෙහිදී, ඔබ පියාගෙන් දිව්‍යලෝකයේ උරුමය හිමි කර ගන්නා බව ඔබ දන්නවා. පියා දැකීමෙන් දරුවන් තුළ සදාතනික සතුටක් ඇති විය යුතුයි. මෙය හඳුන්වන්නේ හදවතින් හදවතට කෙරනා කතාබහ ලෙසයි. සෑම කෙනෙකුගේම උත්තරීතර පියා මෙහි අසුන්ගෙන ජීවයන්ට කතා කරනවා. ජීවය ශරීරය මාර්ගයෙන් ඇහුම්කන් දෙනවා. බොහෝ කාලයක් තිස්සේ පියා සිහිපත් කිරීමෙන් පසුව තමයි මෙම දෑස් මාර්ගයෙන් ඔහු ඔබව මුණ ගැසුණු විට, ඔහු උපත් 21ක උරුමය ඔබට ලබා දෙන්නේ. දරුවන් මෙය මතක තබා ගත යුතුයි. ඔබට එය අමතක වී යනවා. නමුත්, කිසි විටෙක ඔබ අමතක නොකළ යුතුයි. බාබාගේ ඉදිරියේම සිටීමෙන්, තමා බාබා සමඟ අසුන්ගෙන සිටිනා බව ඔබට වැටහෙනවා. බාබා දැකීමෙන් ඔබගේ සතුටේ ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යනවා. පියා මෙහි අසුන්ගෙන ඔබට අලුත් අලුත් කරුණු කියා දෙනවා, දරුවන් පියාට සම්පූර්ණයෙන්ම ආදරය දැක්විය යුතුයි. මෙතරම් කාලයක් තිස්සේ වෙන්වී සිටි හෙයින් ජීව දැන් තම හදවතෙහි ආශා ඉෂ්ට කර ගත යුතුයි. ජීව නොයෙකුත් ආකාරයේ දුක දැක තිබෙනවා. ඔබ දැන් පෞද්ගලික ලෙසම ඔහු ඉදිරියේ අසුන්ගෙන සිටිනවා, ඉතින්, ඔහු දැකීමෙන් ඔබ ඉතාමත් උද්යෝගිමත් විය යුතුයි. පියා ඉදිරියේ සිටිනා විට පමණද, ඔබ උද්යෝගයෙන් ඉන්නේ ? නැතිනම්, ඔබ පියාගෙන් ඈතින් සිටිනා විටත් ඒ ලෙසින්ම උද්යෝගිමත්ව සිටිනවාද ? ඔබගේ ඇතුල් සිත කියන්නේ ඔබ බොහෝ පිටස්තර දේවල්වලට සවන් දෙන බවත්, මෙම හේතුවෙන් ඔබගේ බුද්ධිය අනෙක් දිශා වෙත යොමුවන බවත්ය. මධුභන්හී සිටිනා දරුවන් පෞද්ගලිකවම බාබාට සවන් දෙනවා. බාබා ජීවයන්ව ආකර්ෂණය කර ගන්නේ ඔහුගේ සෙනෙහස තුළිනි. ඔබේ බාබා ඉතා ආදරණීයයි, ඉතා මිහිරියි! ඔහු ඔබව දිව්‍යලෝකය වෙත යාමට සුදුස්සන් බවට පත් කරවනවා. දරුවන් වන ඔබ දිව්‍යලෝකයේ පාලකයන් වූවා. දැන්, නාටකයට අනුව ඔබට සියලු දේ නැති වී ගොස් තිබෙනවා. රාජ්‍යයක් නැතිකර ගෙන එය නැවතත් ලබා ගැනීම එතරම් ලොකු දෙයක් නොවේ. මෙම කරුණ ගැන දන්නේ ඔබ පමණයි. ලෝකයේ මිලියන ගණන් ජිව වාසය කරනවා, නමුත්, මිලියන ගණනින් ඉතාම අතලොස්සක් පමණයි මා කවුද, මා කුමන ආකාරද, මගෙන් ලැබෙන්නේ මොනවාද යනාදී වශයෙන් මා හඳුනා ගන්නේ. යමෙක් මේ සෑම දෙයක්ම තේරුම් ගෙනත්, පුදුමය වන්නේ මායා ඔවුන්ට මෙය අමතක කරවීමයි. බාබා ඉදිරියේ අසුන්ගෙන සිටිනා අයටත් මායා ඔහුව අමතක කරවන්නේ නැත්තේ නැහැ. ඔහු ඉදිරියේ පෞද්ගලිකවම අසුන්ගෙන සිටිනා අයට පවා මායා ඔහුව අමතක කරවනවා. ශිව බාබා කෙරෙහි ඔබ සම්පූර්ණ සෙනෙහස ඇති කර ගත යුතුයි. බාබාගෙන් උසස්ම උරුමය හිමිකර ගැනීම උදෙසා ඔබට තම සෙනෙහස වර්ධනය කරගත හැක්කේ කෙසේද ? පරම පියා කියනවා : සේවය කරන්න! පියා ද දරුවන් වන ඔබට සේවය කරනවා. බාබා ඒ ඈත දනව්වේ සිට පැමිණ සිටිනා බව දරුවන් දන්නවා. තම බුද්ධිය තුළ විශ්වාසය තිබෙනා දරුවන් කිසිසේත් සසල විය යුතු හෝ පටලැවිල්ලට පත්විය යුතු නැහැ, නමුත් මායා ඉතාම බලවත්. බාබා ඔබව සරසනවා. ඔහු ඔබව මනුෂ්‍යයින්ගෙන් දේවතාවන් බවට වෙනස් කරනවා. මෙය ඔබ දේවතාවන් බවට පත්වන පාසලයි. ඔබව ඒ පිරිසිඳු ලෝකයේ පාලකයා බවට පත්කරවීම සඳහා වන උත්සාහය මෙයයි. බාබා ඉතා සරළ ලෙස මෙසේ කියනවා : මා සිහිපත් කරන්න! පුද්ගලයෙක් මිය යාමට ආසන්නව සිටිනා විට, ඔහුට රාමා (දෙවියන්) සිහි කරන්න කියා කියනවා. කොහොමනමුත්, ජනයා රාමා ගැන දන්නේ නැහැ, ඒ නිසා එම සිහිපත් කිරිමෙහි ඇති ප්‍රයෝජනයක් නැහැ. ඔබ පියාගේ සම්පූර්ණ හැඳින්වීම ලබා තිබෙනවා. ඔබ ශිව බාබා ලඟට එනවා. ඔහු අශාරීරිකයි, නිර්මාණකරු ඔහුයි. ඔහු නිර්මාණය සිදු කරන්නේ කෙසේද ? ප්‍රජාපිතා බ්‍රහ්මාත් නිර්මාණකරුවෙක් ලෙස හඳුන්වනවා. මනුෂ්‍ය ලෝකය නිර්මාණය වන්නේ බ්‍රහ්මා මාර්ගයෙනි. මේ නිසා තමයි ඔහු මිනිසාගේ පියා වූ බ්‍රහ්මා ලෙස හඳුන්වන්නේ. ඔබ දැන් බ්‍රහමින්වරුන් බවට පත්ව සිටිනවා. තමා දැන් ශිව බාබාගේ මුණුපුරන් බවටත්, බ්‍රහ්මාගේ දරුවන් බවටත් පත්ව සිටිනා බව, ජීව වන ඔබ හොඳින්ම දන්නවා. දරුවන්ට ඔබගේ පාප නැති කර ගැනීමට අවශ්‍යයි, ඒ වගේම ජයග්‍රහණයේ මල්දාමයට අයිති වීමටත් ඔබට අවශ්‍යයි. එමනිසා, මේ සඳහා ඔබ බොහෝ සෙයින් බාබා සිහිපත් කළ යුතුයි. ඔබ කර්ම යෝගීන් ද වනවා. ඔබ තම ගෙදර වැඩකටයුතුත් හොඳින් රැක බලාගෙන නෙළුම් මලක් සේ පාරිශුද්ධත්වයෙන් ජීවත් විය යුතුයි. සන්යාසීන්ට මෙම උදාහරණය ගැලපෙන්නේ නැහැ. ඔවුන්ට තම පවුලත් සමඟ එකට ජීවත් වෙමින් නෙළුම් මලක් සේ පාරිශුද්ධව වාසය කළ නොහැකියි. ඒ නිසා අන් අයට මෙසේ පවසන්නවත් ඔවුන්ට බැහැ. කෙනෙක් සිටිනා තත්ත්වය කුමක්ද, ඔහුට අන් අයවත් පත්කළ හැක්කේ එම තත්ත්වයටමයි. සන්යාසීන්ට මෙසේ කියන්න බැහැ: නෙළුම් මලක් සේ පාරිශුද්ධ වන්න. මනුෂ්‍යයින්ට බ්‍රහ්ම ආලෝකය සිහි කරන්න කියා කියන්නවත් ඔවුන්ට බැහැ; එය පවා ඔවුන්ට කළ නොහැකියි. ඔවුන් මෙසේ කියාවි: ඔබ ඔබගේ නිවසත්, පවුලත් අතහැර දමා පැමිණියා, නමුත් අපි කොහොමද එසේ කරන්නේ ? ඔබටම පවුලේ අයත් සමඟ එකට ජීවත් වීමට නොහැකි වූවා, එසේ නම්, අන් අයටත් එසේ කිරීමට ඔබ කියන්නේ කොහොමද ? ඔවුන්ට රාජයෝගා උගන්වන්න බැහැ. ඔබ දැන් සෑම ආගමකම රහස් වටහාගෙන තිබෙනවා. සෑම ආගමක්ම තමන්ට අදාල කාලයේදි මෙහි පැමිණිය යුතුයි. කලි යුගයට පසුව ස්වර්ණම යුගය පැමිණිය යුතුයි. සත් යුගය සඳහා ආදී සනාතන දේවි දේවිතා ධර්මය අවශ්‍ය වෙනවා. සාමාන්‍ය මනුෂ්‍යයින්ව දේවතාවන් කරවීම, අනෙක් ආගම්වලට කරන්න බැහැ. ඔවුන්ට යාමට හැක්කේ විමුක්තිය වෙත පමණයි. සතුට තිබෙන්නේ දිව්‍යලෝකයේයි. අප දේවතාවන් බවට පත්වූ විට, අනෙක් ආගම්වල අය විමුක්තිය වෙත යනවා. කොහොමනමුත්, අප ජීවන මුක්ති දේශය, දිව්‍යලෝකය වෙත යනතුරු, කිසිම කෙනෙක්ට විමුක්ති දේශය වෙත යන්න බැහැ. දිව්‍යලෝකය හා අපාය යන දෙකම එකම අවස්ථාවකදී තිබිය නොහැකියි. අප ජීවන මුක්තියේ උරුමය ලබා ගත් කල, බන්ධනවලින් යුතු ජීවිතවල සිටින අය මෙහි ඉතිරිවන්නේ නැහැ. දැන් මේ තිබෙන්නේ සංගම් යුගය බව ඔබ දන්නවා. සෑම චක්‍රයකදීම සංගමයේදී ඔබ බාබා මුණ ගැසෙනවා; වෙන කිසිම කෙනෙක්ට ඔහුව මුණ ගැසිය නොහැකියි. මෙය කලි යුගය බව අනෙක් අය සිතනවා, නමුත්, අපි තව දුරටත් කලි යුගයේ රැඳෙන්නේ නැහැ. අප, බාබාගෙන් අපගේ දිව්‍යලෝක උරුමය හිමිකර ගන්නවා. අප දැන් ජීව මරණයක් ලබා සිටිනා අතර, අප අයිති බාබාටයි. දරුවන් ලෙස හදා ගැනීමට ගත් අය තම ලෝක දෙකම (පවුල් දෙකම) ගැන දන්නවා: මා අහවල් අහවල් කෙනාට අයිති වූ අතර දැන් මා අයිති අහවල් අහවල් කෙනාටයි. ඔවුන් තම නෑ හිත මිතුරන් දන්නවා: පැති දෙකේම තම නෑයන් ගැන ඔවුන් දන්නවා. අප දැන් මෙතැනින් අපගේ නැංගුරම ඔසවා තිබෙනා බවත්, අප දැන් ගමන් කරනා බවත්, දරුවන් දන්නවා. මේ පරණ ලෝකයත් සමඟ අපට කිසිම සබඳතාවයක් නැහැ. දෙවියන් (සත්‍යය) තම දරුවන්ට කතා කරයි, එනම්, උත්තරීතර පියා, උත්තරීතර ජීවය තම දරුවන්ට (සැලිග්‍රම්-පුංචි පුංචි පිළිම) කතා කරනවා. පරමාත්ම දෙවියන්(සත්‍යය) මෙහි පැමිණ සිටී, නමුත්, කිසිම කෙනෙක් ඔහුව දන්නේ නැහැ. පියා ගැන නොදන්නාකම නිසා ඔවුන් පටලැවිල්ලට පත්ව සිටිනවා. එවන් වූ පහසු දෙයක් කිසිම කෙනෙකුට තේරුම්ගත නොහැකියි. ඔවුන් ඔහුව සිහිපත් කරනවා. ශරීරයක් ගෙන ජීව වන ඔබ කොටසක් රඟ දක්වන බව ඔබ දන්නවා. අපි එන්නේ ඒ උත්තරිතර දනව්වේ සිටයි. උත්තරිතර පියා, උත්තරිතර ජීවයත් එහි වාසය කරනවා. මනුෂ්‍යයින් ජිවයන් ගැන දන්නේත් නැහැ, උත්තරීතර ජීවය ගැන දන්නේත් නැහැ. දෙවියන් පැමිණ අපව මුණ ගැසෙන්නේ කෙසේද, ඔහු කරන්නේ මොනවාද, කිසිම කෙනෙක් කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. ඔවුන් ගීතාවෙහි සෑම දෙයක්ම වැරදි ලෙස ලියා තිබෙනවා. ඔවුන් නම වෙනස් කර තිබෙනවා. පියා ඔබෙන් අසනවා : ඔබ මාව දන්නවාද ? ක්‍රිෂ්ණා, ඔබ මාව දන්නවාද කියා අසන්නේ නැහැ. මුළු ලෝකයම ඔහු දන්නා නමුත්, ඔහුට දැනුම දිය නොහැකියි. එමනිසා, දෙවියන් තම ස්වරූපය වෙනස් කරනා නමුත්, ඔහු ශ්‍රී ක්‍රිෂ්ණා බවට පත් නොවන බව ඔබ අනිවාර්යෙන්ම විස්තර කළ යුතුයි. ඔහු මනුෂ්‍ය ශරිරයකට ඇතුළු වෙනවා. ඔහු ක්‍රිෂ්ණාගේ ශරිරයට ඇතුළු වන්නේ නැහැ. මොහු බ්‍රහ්මායි; ක්‍රිෂ්ණා ජීවය ඔහුයි. මේ පුංචි දේ ඔවුන් වරදවාගෙන තිබෙනවා. ආරම්භයේදි ක්‍රිෂ්ණා බවට පත්වන්නා වූ ක්‍රිෂ්ණා ජීවයේ 84වන උපතෙහි ශරිරය මෙයයි. ඔහු තම අවසන් උපතේදි ක්‍රිෂ්ණා තත්ත්වය ලබා ගැනීම උදෙසා උත්සාහයෙහි යෙදෙනවා. මේවා ඉතාමත් සූක්ෂම වූ කරුණු. ඔවුන්ට ඉතාමත් පුංචි දෙයක් අමතක වී ගොස් තිබෙනවා. මෙය තේරුම් ගැනීමට, ඉතා ලිස්සන සුළු වූ දෙයක්. තමා ක්‍රිෂ්ණා වංශයට අයත් වූ බව ඔබ දන්නවා. ඔබ දැන් නැවතත් ශිව බාබාගෙන් ඔබගේ රාජ්‍යය නම් වූ වාසනාව හිමිකර ගන්නවා. ඔබගේ බුද්ධිය තුළ ක්‍රිෂ්ණා ඇත්තේ නැහැ. මිනිස්සු කියනවා: ක්‍රිෂ්ණා දෙවියන් කතා කරයි. කිසිම දෙයක් ඔප්පු කරන්න බැහැ. පාණ්ඩවයින් පස්දෙනා ආරක්ෂා වූ ආකාරය ඔවුන් ගීතාවෙහි පෙන්නුම් කර තිබෙනවා. ඔවුන් එක් චක්‍රයක කාල පරාසය අවුරුදු සියදහස් ගණනක් ලෙස පෙන්නුම් කර තිබෙනවා. එවන් වූ සරළ දෙයක් මිනිසුන්ට තේරුම් ගන්න බැහැ! සූර්ය වංශයට අයත්ව සිටි ඔබ, පසුව ෂුද්‍ර වංශයට අයත් වූවා. පසුව ඔබ බ්‍රහමින් තත්ත්වයේ සිට දේවත්වයට පත්වෙනවා; මෙම වංශ ගැන ඔබ තම බුද්ධිය තුළ රඳවා ගත යුතුයි. වංශ වලින් භාගයක්ම ඔවුන් කපාහැර දමා තිබෙනවා; ඔවුන් මුදුන් මල්කඩ වූ බ්‍රහමින්වරුනුත්, ශිව බාබාවත් අමතක කර තිබෙනවා. ඔවුන් පෙන්වා තිබෙන්නේ, දේවතා, වෛශ්‍ය, ක්ෂත්‍රිය හා ෂුද්‍ර පමණයි. අනිවාර්යෙන්ම බ්‍රහමින්වරුන් අවශ්‍ය වනවා. බ්‍රහ්මාගේ දරුවන් ගියේ කොහේද ? කිසිම කෙනෙකුගේ බුද්ධිය තුළ මෙය පතිත වන්නේ නැහැ. පියා ඉතා පැහැදිලි ලෙස මෙය ඔබට විස්තර කර දෙන අතර ඔබගේ බුද්ධිය ඉතා හොඳින් එය ධාරණය කර ගත යුතු වෙනවා. පියාගේ බුද්ධිය තුළ තිබෙනා දැනුම කුමක්ද, ඔබගේ බුද්ධිය තුළ තිබිය යුත්තේත් එයමයි. මා ජීව වන ඔබවත් මා වැනිම තත්ත්වයට පත්කරවනවා. මගේ බුද්ධියෙහි තිබෙන්නා වූ ලෝක චක්‍රයෙහි දැනුම, ඔබගේ බුද්ධිය තුළත් තිබෙනවා. මෙහිදී ඥානවන්තයින් අවශ්‍ය වෙනවා. බාබා සමඟ ඔබ යෝගා විය යුතු අතර, නොකඩවා දැනුමේ සාගරය මතගෑ යුතුයි. ඔබ දැන් පෞද්ගලික ලෙසම ඔහු ඉදිරියේ අසුන්ගෙන සිටිනවා. බාබා ඉතා පහසු ලෙස ඔබට උගන්වන බව ඔබට වැටහෙනවා. කතාවක් තියෙනවා: බොහෝ කාලයක් තිස්සේ ජීවය හා උත්තරීතර ජීවය වෙන්ව සිටියා. සත්ගුරූ ඔබට මෙම අතරමැදියාගේ ස්වරූපය මාර්ගයෙන් උගන්වනවා. අතරමැදියෙක් යනු ඔබට ගණුදෙනුවක් කර ගැනීමට උදව් කරනා කෙනෙක්. පියා මෙහි පැමිණ මොහු මාර්ගයෙන් ඔබට ඔහු හා ගණුදෙනුවක් කිරීමට සලස්වනවා. අතරමැදියා සිහි නොකළ යුතු බව ඔබ දන්නවා. අප ශිව බාබාට අයිති වන්නේ මේ අතරමැදියා මාර්ගයෙනි. ඔබ සැවොම ඒ අතර සිටිනා අතරමැදියන්ය. ඔවුන්ගෙන් අසන්න: උත්තරීතර පියා, උත්තරීතර ජීවයත් සමඟ ඔබට ඇති සම්බන්ධය කුමක්ද ? ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට ක්‍රම සොයා ගන්න. ප්‍රජාපිතා බ්‍රහ්මා යන නමත් ඔබ සඳහන් කරනවා. ශිව බාබාගෙන් ඔබට උරුමයක් ලැබෙනවා. දිව්‍යලෝකයේ නිර්මාණකරුවා ඔහුයි. සජීවීව සිටිනා අය උත්තරීතර ජීවය හා සම්බන්ධ වෙනවා. ඔබ ඔහු හා සබැඳිව සිටියා, ඔබගේ උරුමය ලබා ගත්තා, දැන් නැවතත් ඔබ එය ලබා ගන්නවා. සෑම චක්‍රයකදීම, සංගම් යුගයේ දී ඔබගේ ව්‍යාපාරය මෙය වන බව ඔබ දන්නවා. වෙන කිසිම කෙනෙක් ජීව උත්තරිතර ජීවය හා සම්බන්ධ කරන්නේ නැහැ. ඔබ ඔවුන්ව ලෝක පාලකයන් බවට පත්කරවන්නා වූ ඔහු වෙත සම්බන්ධ කරනවා. උසස්ම වූ ආධ්‍යාත්මික සබැඳියාව මෙයයි. සෑම චක්‍රයකදීම, ජීවයන්, පරම පියා සමග ආධ්‍යාත්මික සබැඳියාවකට සම්බන්ධ කරන ආකාරය ඔබ පියාගෙන් ඉගෙන ගන්නවා. සෑම චක්‍රයකදීම සිදුවන්නේ මේ දෙයමයි. සෑම චක්‍රයකදීම අනිවාර්යෙන්ම ඔබ සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් දේවත්වයට පත්වනු ඇත. පසුව, දේවතාවන් නැවතත් මනුෂ්‍යයින් බවට පත්වෙනවා. මනුෂ්‍යයින් කියන්නේ මනුෂ්‍යයින්! කොහොමනමුත්, දෙවියන්ට මනුෂ්‍යයින්ව දේවත්වයට වෙනස් කිරිමට එතරම් කාලයක් ගියේ නැති වගක් සඳහන්ව තිබෙන්නේ ඇයි ? ඔහු දේවතා ධර්මය ස්ථාපනය කරනා නිසයි. මෙම සබඳතාවය මාර්ගයෙන්, අප මනුෂ්‍ය තත්ත්වයෙන් දේවත්වයට පත්වන බව ඔබ තේරුම් ගන්නවා. සෑම කෙනෙක්ම කියනවා, ක්‍රිස්තුන් වහන්සේ පැමිණීමට අවුරුදු 3000ට ප්‍රථම භාරතය දිව්‍යලෝකයක් වූවා කියා. කොහොමනමුත්, මෙය ඔවුන්ගේ බුද්ධිය තුළට ඇතුළු වන්නේ නැහැ. මුලදී, භාරතය දිව්‍යලෝකයක් වූවා. දැන් පවා ඔවුන් බොහෝ කෝවිල් තනනවා. දැන්, අන් සෑම කෙනෙකුගේම පහළ බසිනා තත්ත්වය වන නමුත්, ඔබගේ මෙය, ඉහළ යාමේ තත්ත්වය වනවා. ඉහළ යාමේ තත්ත්වයට පිවිසීමට ගතවන්නේ තත්පරයක් පමණයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. කිසිම විටෙක කිසිම දෙයක් ගැන පටලැවිලි සහගත තත්ත්වයට පත්වී ඔබගේ විශ්වාසය බිඳෙන්න ඉඩදෙන්න එපා. ඔබගේ නිවසත් පවුලේ අයත් රැක බලා ගන්නා අතරම, කර්මයෝගී කෙනෙක් වන්න. ජයග්‍රහණයේ මල්දාමයෙහි සමීප ලෙසම එක්වීම උදෙසා අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයට පත්වන්න.

2. ඥානාන්විත වීම උදෙසා, දැනුම් සාගරය මතගාන්න. සැමවිටම දෙවියන්ගේ සේවයේ නියුතු වන්න. අන් අයවත් ඔබ හා සම තත්ත්වයට පත්කරවීමේ සේවයෙහි යෙදෙන්න.

වරදානය:
ඔබ "බාබා" යන වචනයේ අවධානයෙන් "මගේ" නම් වූ සීමිත විඥානය බාරදුන් කෙනෙක් වීම මඟින් අසීමිත අත්හරින්නෙකු වේවා.

ඇතැම් දරුවන් "මගේ මේ ගුණාංගය", "මගේ ශක්තිය" කියති. මෙය වරදකි. දෙවියන්ගෙන් ලද තෑග්ග තමාගේ කීම මහා පාපයක්. ඇතැම් දරුවන් සාමාන්‍ය ලෙස: මගේ ගුණාංග වලින් හෝ මගේ බුද්ධියෙන් ඵලක් නැතැයි කියති. කොහොම වෙතත්, "මගේ" යැයි කීම කිළිටි කරගැනීමයි: එසේම රැවටීමද වේ. ඒ හෙයින්, මෙම "මගේ" යන සීමිත විඥානය භාර දී නිරන්තරයෙන් "බාබා" යන වචනය සිහිකරන්න. එවිටයි ඔබව අත්හළ ජීවාත්මයක් වශයෙන් සැලකෙන්නේ.

පාඨය:
ඔබේ සේවාව පරම පියාට භාර කරන්න. එවිට නොකඩවා ඵලය සහ සේවයේ බලය ඔබට ලැබෙනවා ඇත.