01.07.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, විශාල නගර වල විශාල සාප්පු විවෘත කරන්න. රැස්වීම් තබා, සැලසුම් සාදා, සේවය වැඩි කරන්නේ කෙසේදැයි සිතා බලන්න.

ප්‍රශ්නය:
සෑම කෙනෙක්ම භෞතික පුදුමයන් ගැන දන්නා නමුත්, ඔය දරුවන් පමණක් දන්නා විශාලතම පුදුමය කුමක්ද?

පිළිතුර:
විශාලතම පුදුමය වන්නේ පියා, සැමටම විමුක්තිය ලබාදෙන්නාම, පැමිණ අපට ඉගැන්වීමයි. මෙම චමත්කාරජනක දේ ගැන සැමටම කීම සඳහා ඔබගේ සාප්පුවල බොහෝ සේ බාහිර ආටෝප තිබිය යුතුයි, මන්ද, යම් තැනක බාහිර ආටෝප තිබුණොත් පමණයි මිනිසුන් එතැනට යන්නේ. එබැවින් සෑම කෙනෙකුටම පැමිණ වටහා ගැනීම සඳහා හොඳම සහ විශාලතම සාප්පුව තිබිය යුත්තේ අගනුවරය.

ගීතය:
ඔබගේ මාවතේ දිවි ගෙවීමටත් ඔබගේ මාවතේ මියැදීමටත්.

ඕම් ශාන්ති.
ශිව දෙවියන් කතා කරයි. රුද්‍ර දෙවියන් කතා කරයි යැයි ද කිව හැක. මන්ද, සිහිපත් කරන්නේ ශිවාගේ මාලාව නොවේ. භක්ති මාර්ගයේ මනුෂ්‍යයින් බොහෝ සේ ගණනය කරන මාලාවට කියන්නේ රුද්‍රාගේ මාලාව කියාය. එකම දේ වුවද, ශිව් බාබා ඔබට නිවැරදි ආකාරයට උගන්වයි. විය යුත්තේ අනෙක් නම වුවද, දිගටම පැවතී ඇත්තේ රුද්‍රාගේ මාලාව යන නමයි. එබැවින්, ශිවා සහ රුද්‍රා අතර වෙනසක් නොමැති බවත් පැහැදිලි කර දිය යුතුයි. ඔබ හොඳින් උත්සාහ කොට බාබාගේ මාලාවේ ලඟින් පැමිණිය යුතු බව ඔය දරුවන්ගේ බුද්ධියේ ඇත. දරුවන් තම ඉලක්කය වෙත දිව ගොස්, එය අල්ලා නැවත පැමිණ තම ගුරුවරයාගේ පිටපුසින් සිටගෙන සිටින, උදාහරණය ඔබට දී ඇත. ඔබ උපත් 84 චක්‍රය වටා ගොස් ඇති බව ඔය දරුවන් දනී. ඔබට දැන් තිබෙන්නේ ගොසින්, මාලාවේ ඉදිරියෙන් අමුණා ගැනීමය. එම තරගය මනුෂ්‍ය ශිෂ්‍යයින් අතර වන නමුත් මෙය ආධ්‍යාත්මික තරගයකි. ඔබට එම තරගය තිබිය නොහැක. මෙය ජීව පිළිබඳ කරුණකි. ජීව, තරුණ හෝ මහළු, විශාල හෝ කුඩා වන්නේ නැත. ජීව එකම ප්‍රමාණයෙන් සිටියි. ඔය දරුවන් ඔබගේ පියාව සිහිපත් කළ යුතුයි. මෙහි අපහසුතාවයක් පිළිබඳ ගැටළුවක් නැත. සමහරුන් මෙම ඉගෙනුමේ මන්දගාමී වුවත්, මෙම සිහිපත් කිරීමේ ඇති අපහසුතාවය කුමක්ද? කිසිවක් නොමැත! ජීව සියල්ලම සහෝදරයන්ය. අර තරගයේදී තරුණයන් වඩා වේගයෙන් දිව යයි. එය, මෙහිදි අදාල නොවේ. ඔය දරුවන් තරගයේ දුවන්නේ රුද්‍රාගේ මාලාවේ තමන්ව අමුණා ගැනීමටයි. ඔය ජීවයන්ගේ වෘක‍්ෂයක් ඇති බව ඔබගේ බුද්ධියේ ඇත. එය ශිව් බාබාට අයත් සෑම මනුෂ්‍යයෙකුගේම මාලාවයි. එය 108 ක හෝ 16,108 පමණක් වූ මාලාවක් නොවේ නැත. එය සෑම මනුෂ්‍යයෙකුගේම මාලාවයි. සෑම කෙනෙක්ම ගොස්, අංක පිළිවෙලට අනුව, තමන්ගේ ආගමේ පෙනී සිටින බවත්, සෑම චක්‍රයකදීම නැවතත් එම ස්ථානයටම යන බවත් ඔය දරුවන්ට වැටහේ. මෙයද පුදුමයකි. ලොවේ අන් කිසිවෙකු මෙම දේවල් පිළිබඳව නොදනී. ඔබ අතරිනුත්, පුළුල්, අසීමිත බුද්ධීන් ඇති අයට මෙම දේවල් වටහා ගත හැක. සෑම කෙනෙකුටම මාර්ගය පෙන්වන්නේ කෙසේද, යන තැකීම පමණයි ඔය දරුවන්ගේ බුද්ධීන් තුළ තිබිය යුත්තේ. මෙය විෂ්ණුගේ මාලාවයි. මුල සිටම පෙළපත් වෘක‍්ෂය ඇත. අතු සහ රිකිලි ද ඇත. එහෙ ඉහළ, කුඩා ජීවයන් සිටින අතර මෙහි මනුෂ්‍යයින් සිටියි. ඉන්පසු සෑම ජීවයක්ම ගොස් එහි නිවැරදි ආකාරයට සිටගනී. මේවා චමත්කාරජනක කරුණුය. මිනිසුන් නැරඹීමට යන භෞතික පුදුම වල කිසිවක් නොමැත. උත්තරීතර පියා, උත්තරීතර ජීවය, සැමට විමුක්තිය ලබා දෙන්නා, ඔහුම පැමිණ අපට ඉගැන්වීම බොහෝ සේ චමත්කාරජනකය. ක්‍රිෂ්ණාට, සැමට විමුක්තිය ලබා දෙන්නා යැයි නොකියයි. ඔබ මේ සෑම කරුණක්ම ධාරණය කරගත යුතුයි. ප්‍රධානතම කරුණ වන්නේ ගීතාවේ දෙවියන් කවුරුන්ද? ඔබ මෙය ජයගත් පසු, ඔබට අවශ්‍ය වන්නේ එපමණයි. දෙවියන් විසින් කියන ලද්දා වු, ගීතාව මවයි, සෑම ආගමික ග්‍රන්ථයකම මාණික්‍යයයි. ඔබ මෙය පළමුවෙන් අත්හදා බැලිය යුතුයි. මේ දිනවල මිනිසුන්ට බොහෝ සේ බාහිර ආටෝප අවශ්‍යයි. බාහිර ආටෝප ඇති සාප්පු වලට බොහෝ මිනිසුන් රැස් වන්නේ, එහි ඉතා හොඳ දේවල් ඇති බව ඔවුන් විශ්වාස කරන නිසාය. විශාල මධ්‍යස්ථානයක් විවෘත කිරීම සඳහා ලක‍්ෂයක හෝ දෙකක කුලී අත්තිකාරමක් ගෙවීමට සිදුවන බව, මන්ද ඔවුන් කැමති අන්දමේ ගොඩනැගිල්ලක් සොයා ගැනීමට ඇති එකම ක්‍රමය මෙය බව, සමහර දරුවන් කනස්සලු වෙයි. තිබිය යුත්තේ එක් විශාල රාජකීය සාප්පුවකි. විශාල සාප්පු විවෘත කරන්නේ විශාල නගරවලයි. ඔබට ඇති විශාලම සාප්පුව තිබිය යුත්තේ අගනුවරයි. සේවය වැඩි කරන්නේ කෙසේදැයි ඔය දරුවන් සිතින් කැලතිය යුතුයි. ඔබ විශාල සාප්පු විවෘත කළ විට, ලොකු වැදගත් මිනිසුන් පැමිණෙයි. ලොකු වැදගත් මිනිසුන් නගන හඬ වේගයෙන් පැතිරෙයි. පළමුව මෙය කිරීමට තැත් කරන්න. වැදගත් මිනිසුන් පැමිණ, එය දැක පුදුමයට පත්වන අයුරින්, විශාල නගරයක, සේවය සඳහා විශාල ස්ථානයක් නිර්මාණය කරන්න. එවැනි ස්ථාන වල විස්තර කරන්නන්ද පළමුවන පෙළේ අය විය යුතුයි. එතරම් දක‍්ෂ නැති බ්‍රහ්ම කුමරියක් විස්තර කර දෙන විට, මිනිසුන් සිතන්නේ සෑම බ්‍රහ්ම කුමරියක්ම එලෙස කියාය. එබැවින් සාප්පු වල නොම්මර එකේ වෙළඳ සේවකයන් සිටිය යුතුයි. මේ සෑම දෙයක්මත් ව්‍යාපාරයක් නොවේද? පියා පවසන්නේ ඔය දරුවන් එඩිතර වන විට බාප්දාදා උදව් කරන බවයි. අර විනාශ වන ධනය කිසිදු අයුරකින් ප්‍රයෝජනවත් නොවනු ඇත. මෙම බ්‍රහ්මා කළ ආකාරයෙන්, ඔබත් ඔබගේ අවිනාශී ආදායම උපයාගත යුතුයි. මෙයින් බොහෝ දෙනෙකුට සෙත සැලසෙයි. කිසිවෙකු නිරාහාරව මිය යන්නේ නැත. ඔබට ආහාර ගත හැක. මොහුද ආහාර ගනී. ඔබට මෙහිදි ලැබෙන කෑම සහ බීම වෙන කිසි තැනකින් ලබා ගත නොහැක. මෙහි ඇති සෑම දෙයක්ම අයත් වන්නේ දරුවන්ටයි. ඔය දරුවන් තමන්ගේම රාජධානි ස්ථාපනය කර ගත යුතුයි. මේ සඳහා ඔබට ඉතාමත් පුළුල් බුද්ධියක් අවශ්‍යයි. අගනුවර ඔබගේ නම සුපතල වන විට, ඔබ සත්‍යය පවසන බව සෑම කෙනෙක්ම වටහාගෙන විශ්වාස කරයි ලොවට අධිපතියන් බවට ඔබව පත් කළ හැක්කේ දෙවියන්ට පමණක් බව. මනුෂ්‍යයින්ට, මනුෂ්‍යයන්ව ලොවෙහි අධිපතියන් බවට පත්කළ නොහැක. සේවය ව්‍යාප්ත කරන්නේ කෙසේද කියා බාබා ඔබට දිගටම අවවාද කරයි. දරුවන්ගේ හදවත් නිර්ලෝභි වූ විට සේවය ව්‍යාප්ත වෙයි. ඔබ කරන සෑම දෙයක්ම බොහෝ සේ නිර්ලෝභීව කරන්න. ශුභ කටයුත්තක් තමන්ගේ අතින් සිදු කිරීම ඉතා හොඳය. මෙවැනි කියමනක් ඇත යමක් කිරීමට යැයි කියන්නට පෙරම එය කරන්නේ දේවතාවන්, කියූ පසු යමක් කරන්නේ මනුෂ්‍යයන් සහ කියූ පසුත් කිසිවක් නොකරන්නේ..! බාබා ලබා දෙන්නාය. ඔහු මේ දේ කරන්න කියා කිසිවෙකුට කියන්නේ වත්, මෙම මුදල යම් දෙයක් වෙනුවෙන් වියදම් කරන්න කියාවත් කියන්නේ නැත. මහා රජවරු කිසි විටෙක ලෝභ නැති බව බාබා විස්තර කර දී ඇත. රජවරු සෑම විටම ලබා දෙන්නන්ය. ඔබ ගොස් කළ යුත්තේ කුමක්ද කියා බාබා ඔබට අවවාද කරයි. බොහෝ සේ ප්‍රවේශම්ද විය යුතුයි. මායා පරාජය කළ යුතුයි එවිට ඔබගේ තත්ත්වය බොහෝ සෙයින් උසස් වෙයි. අවසානයේදී ප්‍රතිඵල නිකුත් වෙයි. හොඳ ලකුණු ලබා සමත් වන අය බොහෝ ප්‍රීතිමත් වෙයි. අවසානයේදි ඔබ කළ දේවල් වල දර්ශන ඔබ සෑම කෙනෙකුටම ලැබෙයි. කෙසේවෙතත්, එවිට ඔබ කුමක් කරන්නද? ඔබගේ භාග්‍යයේ ඇති දේ ඔබ සෑම කෙනෙකුටම ලැබේවි. උත්සාහ කිරීම වෙනම කරුණකි. ඔය දරුවන්ට පියා කියන්නේ පුළුල් බුද්ධි ඇති කරගන්නට කියාය. ඔබ දැන් නිවැරදි ක්‍රියා වල යෙදෙන ජීවයන් බවට පත්වෙමින් සිටියි. ලොවෙහි නිවැරදි ක්‍රියාවන් වල යෙදුනු ජීවයන් බොහොමයක් හිඳ, පිටව ගොසින්ය. ඔවුන් ඉතා ප්‍රසිද්ධය මේ මේ කෙනා ඉතා නිවැරදි ක්‍රියාවන් වල යෙදුණු අයෙකි. සමහර මිනිසුන් බොහෝ මුදල් උපයා ගෙන, ඉන්පසු හදිසියේම මිය යති. එවිට භාරකාරිත්වයක් ඇති කරති. දරුවෙක් නොවටනා කෙනෙක් වූ විට, ඔහුට භාරකරුවෙක් පත් කෙරෙයි. මෙකළ මෙය පාපී ජීවයන්ගෙන් යුක්ත වූ ලොවකි. මිනිසුන් නමගිය ගුරුන්ට ආදිය මුදල් පරිත්‍යාග කරති. උදාහරණයක් වශයෙන්, කාශී හි මහරාජා ඔහුගේ මුළු ධනයම, ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කිරීම සඳහා ආර්ය සමාජීන්ට පැවරූහ. ඔබ දැන් කුමක් කළ යුතුද? කුමන ආගම ව්‍යාප්ත කිරීමද ඔබ කළ යුත්තේ? ඔබට ඇත්තේ එක් ආදි සනාතන දෙවි දේවතා ධර්මය පමණයි. ඔබ නැවත වතාවක් එම ආගම ස්ථාපනය කරන බව කිසිවෙකු නොදනී. නිර්මාණය සිදුවන්නේ බ්‍රහ්මාගේ මාර්ගයෙනි. ඔය දරුවන් දැන් එක් අයගේ ස්මරණයේ සිටිය යුතුයි. ඔබට පාරිශුද්ධ ලොවක් අවශ්‍ය බැවින්, ඔබගේ ස්මරණයේ බලයෙන් ඔබ මුළු ලොවම පාරිශුද්ධත්වයට පත් කරයි. එය ගිණි තැබූ විට, එය පාරිශුද්ධත්වයට පත් වෙයි. නරක් වී ඇති ඕනෑම දෙයක් ගින්දර මඟින් පිවිතුරු කළ හැක. පාරිශුද්ධ ද්‍රව්‍ය පමණක් ඉතිරිවන සේ, සියලූම අපවිත්‍ර මූල ද්‍රව්‍ය ගින්නෙන් පිළිස්සෙයි. මෙම ලොව ඉතා අපවිත්‍ර සහ තමෝප්‍රධාන් බව ඔබ දන්නවා. එය සතෝප්‍රධාන් බවට පත් කළ යුතුයි. මෙය දැනුමේ යාගහෝමයයි. ඔබලා බ්‍රහ්මිණ්වරුන්ය. ඔබ දන්නවා යාගහෝමය සම්බන‍ධයෙන් ආගමික ග්‍රන්ථයන්හී බොහෝ දේ ලියා ඇති බව. දක‍්ෂ් ප්‍රජාපිතා යන නම ද සඳහන් කර ඇත. ඉතිං, රුද්‍රාගේ දැනුමේ යාගහෝමයට සිදුවූයේ කුමක්ද? ඔවුන් ඉඳගෙන ඒ පිළිබඳ බොහෝ කතා ලිවූහ! යාගහෝමය පිළිබඳ නිසියාකාර විස්තරයක් නොමැත. පියා පමණයි පැමිණ සෑම දෙයක්ම විස්තර කර දෙන්නේ. ඔය දරුවන් දැන් දැනුමේ යාගහෝමය ශ්‍රීමත් අනුසාරයෙන් නිර්මාණය කර ඇත. මෙය යාගහෝමයකි තවද මෙය විශ්ව විද්‍යාලයකි. දැනුම සහ යාගහෝමයක් යනු වෙනස් දෙකකි. යාගහෝමයක් තුළට බිලි දැමිය යුතු වේ. පියා, ඥාන සාගරය, පැමිණ මෙම යාගහෝමය නිර්මාණය කරයි. මුළු ලොවම බිලි ගන්නා මෙම යාගහෝමය ඉතා වැදගත් එකකි. ඔය දරුවන් සේවය සඳහා සැලසුම් පිළියෙල කළ යුතු වේ. ඔබලාට ගම් වලට ගොස් ද සේවය කළ හැක. බොහෝ දෙනෙකු මෙම දැනුම දුප්පතුන්ට දෙන්නට කියා කියති. ඔවුන් නිකම්ම ඔබට අවවාද කරයි එහෙත් ඔවුන් කිසිවක් නොකරයි. ඔවුනොවුන් සේවය නොකරයි, එහෙත් ඔබට මේ මේ දේ කරන්න කියාත්, එය ඉතා හොඳ බවත්, එහෙත් ඔවුන්ට කාලය නොමැති බවත් කියයි. මේ දැනුම ඉතා හොඳයි. සෑම කෙනෙක්ම මේ දැනුම ලබාගත යුතුයි, යැයි ඔවුන් පවසයි. එම මිනිසුන්, තමන් වැදගත් සහ ජ්‍යෙෂ්ඨ ලෙසටත්, ඔබ ඔවුන්ට වඩා කණිෂ්ඨ ලෙසටත් සලකයි. ඔබ බොහෝ සේ ප්‍රවේශම් විය යුතුයි. එම ඉගෙනුම සමඟම, ඔබට මෙම ඉගෙනුමද තිබේ. අධ්‍යාපනය තුළින්, මිනිසුන් කතා කරන අන්දමත්, හොඳ පිළිවෙත් වර්ධනය කිරීමත් ඉගෙන ගනී. නූගත් අය කිසිවක් නොදනී. මිනිසුන්ට නිවැරදි ආකාරයට කතා කිරීමේ නුවණ ඔවුන්ට නැත. වැදගත් මිනිසුන්ට සෑම විටම ගෞරවාන්විතව කතා කළ යුතුයි (ආප් කීමෙන්). මෙහි සමහරුන් තම ස්වාමි පුරුෂයාටද අගෞරවනීය ලෙස කතා කරයි. ගෞරවනීය වදන් භාවිත කිරීම රාජකීයයි. වැදගත් මිනිසුන්ට සෑම විටම කතා කළ යුත්තේ ගෞරවනීය ලෙසින්ය. එබැවින් බාබා ඔබට අවවාද කරන්නේ පරිස්ථාන්ව තිබූ දිල්ලිය, නැවත පරිස්ථාන් බවට පත් කළ යුතුයි. එබැවින් දිල්ලියේ සිටින සෑම කෙනෙකුටම පණිවිඩය ලබා දිය යුතුයි. ඉතා හොඳ ප්‍රචාරක කටයුතු සිදුවිය යුතුයි. බාබා ඔබට දිගටම මාතෘකා ලබා දෙයි. මාතෘකා ලැයිස්තුවක් සාදා දිගටම මෙසේ ලියන්න ලොවෙහි සාමය ඇති කළ හැක්කේ කෙසේදැයි පැමිණ වටහාගන්න. උපත් 21 ක් පුරා රෝග වලින් තොරව සිටින අන්දම පැමිණ වටහා ගන්න. මහත් සතුට ලබා දෙන කාරණා ලිවිය යුතුයි. ඇතුලට පැමිණ, ස්වර්ණමය යුගයේ උපත් 21 ක් පුරා ලෙඩ රෝග වලින් මිදී ද්විත්ව කිරුළක් පළඳින්න. ඔබ ලියන සෑම දේකම අනිවාර්යෙන්ම ස්වර්ණමය යුගයේ යන වදන භාවිත කරන්න. එය දුටු විට මිනිසුන් සතුටු වන සේ, එය අලංකාර අත් අකුරින් ලියා ඇති බව තහවුරු කරගන්න. පිංතූර සහිත එවැනි පුවරු ඔබගේ නිවෙස් ඉදිරිපිටද සවි කරන්න. ඔබගේ ව්‍යාපාර ආදිය ද කරගෙන යන්න, නමුත් ඒත් සමඟම දිගටම සේවයේ ද යෙදෙන්න. ඔබ දවස පුරාම ව්‍යාපාරික කටයුතු නොකරයි, ඔබට ඇත්තේ නිකම්ම සෑම දේකම වැඩ බැලීමයි. වැඩ කරන්නේ සහකාර මැනේජර්වරුන්ය. සමහර ධනවත් සහ නිර්ලෝභී ව්‍යාපාරිකයන් සහායකයන්ට හොඳ පඩියක් ගෙවා ඔවුන්ව යම් තත්ත්වයකට පත් කරයි. මෙහි ඇත්තේ අසීමිත සේවයයි. අන් සෑම සේවයක්ම සීමිතයි. මෙම අසීමිත සේවයෙහි යෙදීමට ඔබට ඉතා පුළුල් සහ අසීමිත බුද්ධියක් අවශ්‍යයි. අප දැන් ලොව ජයගනිමින් සිටියි. ඒ සමඟම අපි මරණයද ජයගනිමින් අමරණීයත්වයට පත්වෙමින් සිටින්නෙමු. මෙවැනි වැකි දුටුවිට බොහෝ දෙනෙකු ඇතුලට විත් වටහා ගැනීමට තැත් කරයි ඔබ කෙසේද අමරණීය දේශයේ අධිපතියන් වන්නේ කියා ඇතුලට විත් වටහාගන්න. ඔබට බොහෝ මාතෘකා සොයාගත හැක. ඔබට ඕනෑම කෙනෙකු ලොවෙහි අධිපතියෙක් බවට පත් කළ හැක. එහි දුකෙහි නාමයක් හෝ සළකුණක් වත් නැත. ඔය දරුවන් බොහෝ සේ සතුටු විය යුතුයි! බාබා නැවත වරක් පැමිණ සිටින්නේ අපව කවුරු බවට පත් කරන්නද! පැරණි ලොව අළුත් විය යුතු බව ඔය දරුවන්ට වැටහෙයි. මරණය අතේ දුරින් සිටගෙන සිටියි. යුද්ධ දිගින් දිගටම සිදුවන ආකාරය ඔබට දැකගත හැක. මහා ලෝක යුද්ධය සිදුවන විට මුළු නාටකයම නිමාවට පත් වෙයි. ඔබ මෙය හොඳින් දනී. පියා බොහෝ සෙනෙහසින් මෙසේ පවසයි සුමිහිරි දරුවනි, ලොවෙහි ආධිපත්‍යය ඔබටයි. ලොවට අධිපතියන් වී සිටියේ ඔබයි. ඔබ භාරතයේ බොහෝ සෙයින් සතුට අත් දුටුවේය. එහි රාවණ්ගේ රාජ්‍යය පවතින්නේ නැත. එබැවින් ඔබ බොහෝ සෙයින් සතුටු විය යුතුයි. ඔය දරුවන් එකට හමු වී මෙම දේවල් සාකච්ඡා කළ යුතුයි. එය පුවත්පත් වල ප්‍රචාරය කරන්න. ගුවන් යානයකින්, දිල්ලියට ඉහළ අහසේ සිට පත්‍රිකා හෙලන්න. ආරාධනා පත් යවන්න. මෙයට වැඩි වියදමක් දැරීමට සිදුවන්නේ නැත. ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැමිණ මෙම දැනුම වටහාගත්තේ නම් ඔහු එය නොමිලේම වුවත් කර දෙයි. බාබා ඔබට අවවාද කරන්නේ කල්කටාව වගේ නගරයක චතුරශ්‍රයේ විශාල, පළමුවන පංතියේ රාජකීය සාප්පුවක් තිබිය යුතුයි කියාය. එවිට බොහෝ පාරිභෝගිකයන් පැමිණෙයි. මදුරාසිය සහ බොම්බාය වැනි නගර වල විශාල සාප්පු තිබිය යුතුයි. බාබා ව්‍යාපාරිකයා ද වෙයි. බලන්න, පැන්සයක්වත් නොවටින වැඩකට නැති දේවල් ඔහු ඔබගෙන් ගෙන, ඒ වෙනුවට ඔබට ඔහු දෙන දේ බලන්න! මේ නිසයි ඔහු අනුකම්පා සහගත කෙනා ලෙස සිහිපත් කරන්නේ. ඔහු බෙලි කටු දියමන්ති බවටත්, සාමාන්‍ය මිනිසුන්, දෙවි දේවතාවන් බවටත් පරිවර්ථනය කරන කෙනාය. මහිමය එක් පියාගේය. පියා නොසිටියේ නම් ඔබට කුමන ප්‍රශංසාවක් හිමිවෙයිද? දෙවියන් ඔබට උගන්වනවා යන කුල්මත්මත්භාවය ඔය දරුවන්ට තිබිය යුතුයි. සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන් බවට පත්වීමේ අරමුණ සහ ඉලක්කය ඔබ ඉදිරිපිට ඇත. අමිශ්‍ර භක්තිය පළමුවෙන්ම ආරම්භ කළ අයයි පැමිණ, උසස් තත්ත්වයක් හිමි කරගැනීමට උත්සාහ දරන්නේ. බාබා ඉතා හොඳ කරුණු පැහැදිලි කර දෙයි. ඔය දරුවන්ට ඒවා අමතක වෙයි, මේ නිසයි ඒවා සටහන් කරගන්නට කියා බාබා ඔබට කියන්නේ. දිගටම මාතෘකාවන් ලියාගන්න. වෛද්‍යවරුන් ද පොත් පාඩම් කරති. ඔබලා මාස්ටර් ආධ්‍යාත්මික ශල්‍යවෛද්‍යවරුන්ය. ජීවයන්හට ඉන්ජෙක්ෂනයක් ලබා දෙන අයුරු ඔබට උගන්වනු ලබයි. ඉන්ජෙක්ෂන් එක දැනුමයි. මේ සඳහා කටුවක් ආදිය භාවිත නොකරයි. බාබා සනාතන ශල්‍යවෛද්‍යවරයායි ඔහු පැමිණ ජීවයන්හට උගන්වයි. අපවිත්‍ර වී ඇත්තේ ජීවයන්ය. මෙය ඉතා පහසුයි. පියා අපව ලොවට අධිපතියන් බවට පත් කරවමින් සිටියි. එබැවින් අප ඔහුව සිහිපත් නොකළ යුත්තේ මන්ද? මායාගෙන් බොහෝ සේ බාධක තිබේ. මේ නිසයි බාබා කියන්නේ ඔබගේ දින සටහනක් තබාගන්න, තවද සේවය ගැන සිතන්න එවිට ඔබට බොහෝ සතුට ලැබෙයි. යෝගාව නොමැති නම්, කෙනෙක් කෙතරම් හොඳින් දැනුම ලබා දුන්නත්, පියාත් සමඟ අවංක වීම ඉතා අපහසු වනු ඇත. ඔබ ඉතා දක‍්ෂ බවත්, හොඳින් දියුණුවන බවත් ඔබට හැඟේ නම්, ඔබ ඔබේ මෙනෙහි කිරීමේ සටහන බාබාට එවිය යුතුයි, එවිට ඔබ කොතෙක් දුරට වැරදි ද නිවැරදි ද කියා බාබාට වටහාගත හැක. අච්චා. ඔය දරුවන් අවිනාශී ඥාන මිණිමුතු වල වෙළඳ සේවකයන් විය යුතු බව ඔය දරුවන්ට කියා තිබේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබ ඉදිරියෙන් තබාගෙන කුල්මත්භාවයෙන් සිටින්න. මාස්ටර් ආධ්‍යාත්මික ශල්‍යවෛද්‍යවරුන් වී සෑම කෙනෙකුටම දැනුමේ ඉන්ජෙක‍්ෂනයක් ලබා දෙන්න. සේවයෙහි යෙදෙන අතරම මෙනෙහි කිරීමේ සටහනක්ද තබා ගැනීමෙන් ඔබට සතුටින් සිටිමට හැකි වෙයි.

2. අන් අය සමඟ කතාබස් කිරීමේදී හොඳ පිළිවෙත් රකින්න. අන් අයව ගෞරවාන්විතව අමතන්න. සෑම කටයුත්තකදීම නිර්ලෝභී හදවතක් ඇත්තෙකු වන්න.

වරදානය:
ඔබ ස්ව-යහපතෙහි ප්‍රායෝගික ආදර්ශයක් වී ලෝක-යහපත සේවාවෙහි අඛණ්ඩ සාර්ථක ප්‍රතිමූර්තියක් වේවා.

මෙකල, මුළුමනින්ම පාහේ හෘදයාබාධයෙන් තමයි සියලු ලෙඩ රෝග ඇති වී තිබෙන්නේ. ඒ අයුරින්ම, ආධ්‍යාත්මික වර්ධනයේ දී, බහුලව ඇත්තේත්, අධෛර්යමත් වීමේ රෝගයයි. අධෛර්යමත් වූ ජීවාත්මයන් තුළ ප්‍රායෝගික පරිවර්ථනය දැකීම මඟින් මිනිසුන් ධෛර්යය සහ ශක්තිය වඩවා ගනී: ඔවුන් බොහෝ අසා තිබෙයි. දැන් කැමති යම් දෙයක් දැකීමටයි. ඔවුන්ට අවැසි වන්නේ උදාහරණයක් දැකීම මඟින් පරිවර්තනය සිදු වීමයි. එමනිසා, ලෝක යහපත උදෙසා, මුලින්ම ඔබ තමාටම සෙත සලස්වා ගැනීමේ ආදර්ශය (Sample) ඔවුන්ට පෙන්වන්න. මෙමඟින් පමණයි, ලොව යහපත සේවාවේ සාර්ථක ප්‍රතිමූර්තියක් වීමේ මාර්ගය වූ ප්‍රායෝගික ආදර්ශයක් වීම සහ පරම පියා හෙළිදරව් වීම සිදු වන්නේ. ඔබ පවසන සියලු දේ ඔවුන් පිළිගන්නේ ඒවා ප්‍රායෝගික අන්දමින් ඔබේ ස්වරූපය තුළ දුටුවොතින් පමණයි.

පාඨය:
ඔබේ අදහස් අන් අයගේ අදහස් සමඟ එකමුතු කර ගැනීම ගෞරවය දැක්වීම වේ.