01.08.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඉගෙනගැනීමෙන් ඔබගේ තත්ත්වය කර්මතීට් බවට පත් කළ යුතුයි. එයට අමතරව ඔබ අන් අයටත් අපවිත්‍ර භාවයෙන්, පාරිශුද්ධත්වයට පත්වන මාර්ගය පෙන්වා දිය යුතුයි. එබැවින්, ආධ්‍යාත්මික සේවය කරන්න.

ප්‍රශ්නය:
කුමන මන්ත්‍රය සිහිපත් කිරීමෙන්ද පාපකාරී ක්‍රියාවන් කිරීමෙන් තමන්ව වලක්වා ගත හැකි වන්නේ?

පිළිතුර:
පියා ඔබට ලබා දී ඇති මන්ත්‍රය යක්‍ෂ දේ නොඅසන්න. යක්‍ෂ දේ නොදකින්න. යක්‍ෂ දේ කතා නො කරන්න. මෙම මන්ත්‍රය මතක තබා ගන්න. ඔබගේ භෞතික ඉන්ද්‍රියන් තුළින් ඔබ කිසිම පාපකාරී ක්‍රියාවක් නොකළ යුතුයි. කලියුගයේ සෑම කෙනෙක්ම පාප ක්‍රියාවන් සිදු කරයි. මේ නිසයි බාබා ඔබට පාරිශුද්ධත්වය නම් ගුණධර්මය, ධාරණය කරනා ක්‍රමය පෙන්වා දෙන්නේ. අංක එකේ ගුණ ධර්මය මෙයයි.

ඕම් ශාන්ති.
ඔය දරුවන් අසුන්ගෙන සිටින්නේ කවුරුන් ඉදිරියෙන්ද? ඔබ අසුන් ගෙන සිටින්නේ පාරිශුද්ධත්වයට පමුණුවන්නා, සැමට විමුක්තිය ලබා දෙන්නා, අපගේ අසීමිත පියා ඉදිරියෙන් බව ඔබගේ බුද්ධීන් තුළ සැබවින්ම තිබිය යුතුයි. එම පියා, බ්‍රහ්මාගේ ශරීරය තුළ සිටියත්, ඔබ සිහිපත් කළ යුත්තේ ඔහුවයි. මනුෂ්‍යයින්හට, කිසිවෙකුට විමුක්තිය ලබා දිය නොහැක. කිසිම මනුෂ්‍යයෙකුට පාරිශුද්ධත්වයට පමුණුවන්නා යැයි කිව නොහැක. ඔය දරුවන්, තමන් ජීව යැයි සැළකිය යුතුයි. ඔහු ජීවයන් වන අප සැමගේම පියායි. පියා අපව, දෙව්ලොව අධිපතියන් බවට පත් කරවමින් සිටියි. ඔය දරුවන් මෙය දැන සිටිය යුතුයි, එමනිසා ඔබ සතුට අත්විඳිය යුතුයි. තවද ඔය දරුවන් අපායේ වැසියන්ව හිඳ, දෙව්ලොව වැසියන් බවට පත්වන බවද ඔබ දනී. ඉතා පහසු මඟක් ඔබට පෙන්වා දෙනු ලබයි. ඔබට ඇත්තේ ඔහුව සිහිපත් කිරීම සහ ඔබ තුළ දිව්‍යමය ගුණාංග ධාරණය කර ගැනීම පමණයි. ඔබ තමන්ව පරීක‍්ෂා කළ යුතුයි. නාරද්ගේ උදාහරණය තිබේ. පියා, ඥාන සාගරය, ඒ සියලු නිදසුන් ලබා දුනි. සන්‍යාසීන් ආදිය දෙන සෑම නිදසුනක්ම, මුලින්ම ලබා දුන්නේ පියාය. භක්ති මාර්ගයේ මිනිසුන් නිකම්ම දිගටම ගීත ගායනා කරයි. ඔවුන් ඉබ්බා, සර්පයා සහ ගුම් නද දෙන සලබයා ආදිය පිළිබඳ නිදසුන් දුන්නත්, ඔවුන්ට තමන්ටම කියා කිසි දෙයක් කළ නොහැක. ඔවුන් භක්ති මාර්ගයේදී පියා දැන් දෙන නිදසුන් නිකම්ම නැවතත් කියයි. භක්ති මාර්ගය අතීතයයි. මෙම කාලයේදී ප්‍රායෝගිකව සිදුවන සෑම දෙයක්ම පසුව භක්ති මාර්ගයේදී සිහිපත් කරයි. ඔවුන් දෙවියන්ගේ සහ දෙවි දේවතාවන්ගේ උපන් දින සැමරුවත් ඔවුන් කිසි දෙයක් නොදනී. ඔබ දැන් සෑම දෙයක්ම වටහාගැනීමට පටන්ගෙන ඇත. අපවිත්‍රව සිට පාරිශුද්ධ වීමට ඔබ පියාගෙන් ඉගෙනුම් ලබාගන්නා අතරම, ඔබ අන් අයටද අපවිත්‍රව සිට පාරිශුද්ධ වන මාර්ගය පෙන්වා දෙයි. ප්‍රධානතම ආධ්‍යාත්මික සේවය මෙයයි. ඔබ වෙතට එන ඕනෑම කෙනෙකුට පළමුවෙන්ම ජීවය පිළිබඳ දැනුම ලබා දෙන්න ඔබ ජීවයකි. ජීවය ගැන කිසි කෙනෙක් නොදනී. ජීව විනාශ වන්නේ නැත. නිසි කාලයේදී ජීවය ශරීරයක් තුළට ඇතුළු වෙයි. එබැවින් ඔබ නැවත නැවතත් තමන් ජීවයක් යැයි සැළකිය යුතුයි. ජීවයන් වන අපගේ පියා, උත්තරීතර පියා, උත්තරීතර ජීවයයි. ඔහු උත්තරීතර ගුරුවරයාද වෙයි. ඔය දරුවන් සෑම මොහොතකදීම මෙය සිහිපත් කළ යුතුයි. ඔබ මෙය අමතක නොකළ යුතුයි. ඔබ දැන් ආපසු නිවහනට යා යුතු බව ඔබට වැටහෙයි. විනාශය ඔබ ඉදිරියෙන් සිටගෙන සිටියි. ස්වර්ණමය යුගයේ දේවතා පවුල ඉතා කුඩාය. කලි යුගයේ මනුෂ්‍යයින් අධිකය. බොහෝ ආගම් සහ බොහෝ මත තිබේ. මේ කිසි දෙයක් ස්වර්ණමය යුගයේ නොපවති. ඔය දරුවන් මෙම කරුණු දවස පුරාම ඔබගේ බුද්ධිය තුළ තබා ගත යුතුයි. මෙය ඉගෙනුමකි, එසේ නොවන්නේද? ලෞකික ඉගෙනුමකදී, ඔවුන්ට බොහෝ පොත් පත් ආදිය තිබේ. ඔවුන් සෑම පංතියකදීම අළුත් පොත් පත් මිල දී ගත යුතුයි. මෙහි, පොත් හෝ ග්‍රන්ථ පිළිබඳ ගැටළුවක් නොමැත. මෙහි ඇත්තේ එක් දෙයකි, එක් ඉගෙනුමක් පමණි. බ්‍රිතාන්‍ය රාජ්‍යය මෙහි සිටි කල, එය රජවරුන්ගේ රාජධානියක් වූ බැවින්, ඔවුන් රජු හෝ රැජිණ ගේ ඡායාරූපය හැරුණු කොට වෙනින් කිසිවෙකුගේ ඡායාරූප මුද්දර වලට භාවිත නොකළේය. මේ දිනවල, හිඳ නැතිව ගිය භක්තිකයන් ආදින්ගේද මුද්දර නිපදවයි. ලක්ෂ්මී සහ නාරායන් ගේ රාජධානිය වන විට, එක් අධිරාජයා සහ අධිරාජිනියගේ පිංතූරය පමණක් තිබෙයි. අතීතයේ පැවතුණු දෙවි දේවතාවන් ගේ සියලුම පිංතූර විනාශ වී නොමැත. පෞරාණික දෙවි දේවතාවන්ගේ පැරණි පිංතූර මිල දී ගැනීමට මිනිසුන් විශාල උනන්දුවක් දක්වන්නේ, දෙවි දේවතාවරුන්, ශිව් බාබා ලඟට සිටින නිසාය. ඔය දරුවන් අන් අයට මාර්ගය පෙන්වීම සඳහා මේ සියලුම දේවල් ධාරණය කළ යුතුයි. මෙය සම්පූර්ණයෙන්ම අළුත් ඉගැන්වීමකි. ඔබ මීට පෙර මෙය අසා, තත්ත්වයක් හිමි කර ගත්තේය. වෙනින් කිසිවෙකුත් මෙය දන්නේ නැත. උත්තරීතර පියා, උත්තරීතර ජීවය, ඔබට රාජයෝගා උගන්වයි. මහාභාරත යුද්ධය ඉතා සුප්‍රසිද්ධයි. අප දියුණුවත්ම, සිදුවන්නේ කුමක්දැයි අපට දැක බලා ගත හැකි වනු ඇත. සමහරුන් එක් දෙයක් කියන අතර, තවත් සමහරු තවත් දෙයක් කියති. දිනෙන් දින, මනුෂ්‍යයින්හට මෙයින් යම් කිසි දෙයක් දැනෙන්නට පටන් ගනී. ලෝක යුද්ධයක් සිදුවන්නට යන බව වුවද ඔවුන් කියයි. එය සිදුවන්නට පෙර, ඔය දරුවන් මෙම ඉගෙනුම තුළින් තමන්ගේ කර්මතීට් තත්ත්වයට ලඟා විය යුතුයි. කෙසේවෙතත්, රාක‍්ෂකයන් සහ දේවතාවරුන් අතර යුද්ධයක් නොමැත. මෙකළ ඔබ බ්‍රහ්මිණ් ජන කොට්ඨාශය වන අතර, ඉන්පසු ඔබ දේවතා ජන කොට්ඨාශය වෙයි. මේ නිසයි ඔබ මෙම උපතේදි දිව්‍යමය ගුණාංග ධාරණය කර ගන්නේ. පළමුවන දිව්‍යමය ගුණාංගය වන්නේ පාරිශුද්ධත්වයයි. ඔබගේ ශරීර තුළින් ඔබ බොහෝ පාප ක්‍රියාවන් සිදු කර ඇත. පාපතර ජීවියෙක් යැයි කියන්නේ ජීවයටයි. ජීවයන් තම භෞතික ඉන්ද්‍රියන් තුළින් බොහෝ පාපයන් සිදු කරයි. යක්‍ෂ දේවල් නොඅසන්න යැයි කියන්නේ කාහටද? ජීවයන්ටයි. කන් තුළින් සවන් දෙන්නේ ජීවයන්ය. පියා ඔය දරුවන්ට සිහිපත් කර දී ඇත්තේ ඔබ ආදි සනාතන දෙවි දේවතා ධර්මයට අයත්ව සිටියේය, ඔබ චක්‍රය වටා ගොස් දැන් නැවත වතාවක් එයට අයත් විය යුතුයි. මෙම සුමිහිරි මතකයන් ඉස්මතු වන විට, පාරිශුද්ධ වීමට ජීවය එඩිතර වෙයි. උපත් 84 ක කොටස් ඔබ රඟ පා ඇති අයුරු, ඔබ මුලින් පාරිශුද්ධව සිටි අයුරු, ඔබගේ බුද්ධීන් තුළ තිබේ. මෙය කතන්දරයකි. වසර 5000 කට පෙර අප දෙවි දේවතාවන්ව සිටි බව ඔබගේ බුද්ධියට ඇතුළු විය යුතුයි. ජීවයන් වන අප අශාරීරික ලොවෙහි වැසියන්ය. ජීවයන් වන අපගේ නිවහන එය වූ බව සහ එහි සිට අපගේ කොටස් රඟපෑම පිණිස පැමිණි බවත්, අප සූර්ය වංශයේ කොටසක් බවටත් ඉන්පසු චන්ද්‍ර වංශයේ කොටසක් බවට පත්වූ බවත් පිළිබඳව, පෙර කල, අල්ප මාත්‍රයකුදු සිතිවිල්ලක් වත් අප තුළ ඇති වූයේ නැත. ඔබ දැන් බ්‍රහ්මිණ්වරුන්ගේ පෙළපතයි, බ්‍රහ්මාගේ දරුවන්ය. ඔබ දෙවියන්ගේ දරුවන් බවට පත්ව ඇත. දෙවියන් මෙතැන අසුන්ගෙන ඔබට ඉගැන්වීම් ලබා දෙයි. එම උත්තරීතර පියා, උත්තරීතර ගුරුවරයා මෙන්ම උත්තරීතර ගුරු ද වෙයි. ඔහුගේ උපදෙස් පිළිපැදීමෙන් අප සියලුම මනුෂ්‍යයින්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන්නෙමු. මුක්තිය සහ ජීවන් මුක්තිය යන දෙකම ශ්‍රේෂ්ඨයි. අප අපගේ නිවහනට ගොස්, ඉන්පසු පාරිශුද්ධ ජීවයන් වශයෙන් පහළට විත් පාලනය කරන්නෙමු. මෙය චක්‍රයකි. මෙයට කියන්නේ ස්වදර්ශන චක්‍රය කියාය. මෙය දැනුම පිළිබඳ කරුණකි. පියා පවසන්නේ ඔබගේ ස්වදර්ශන චක්‍රය නොනැවතිය යුතුයි. එය නොකඩවා භ්‍රමණය කිරීමෙන් ඔබගේ පාපයන් දුරු වී ඔබ රාවන් පරාජය කරයි ඔබගේ පාපයන් මැකෙයි. ඔබට දැන් මේ සෑම දෙයක්ම සිහිපත් වෙයි. එබැවින් ඔබට ඒ පිළිබඳව සිතිය හැක. ඔබ අසුන්ගෙන ජප මාලාවක පබුළු භ්‍රමණය කළ යුතු නැත. ඔය ජීවයන් තුළ මෙම දැනුම ඇත. එබැවින් ඔය දරුවන් වෙනත් සහෝදර සහෝදරියන්හට එය විස්තර කර දිය යුතුයි. දරුවන් උදව්කරුවන් බවටද පත්වෙයි, එසේ නොවන්නේද? මා ඔය දරුවන්ව ස්වදර්ශන චක්‍රධාරීන් බවට පත් කරන්නෙමි. මාහට මෙම ඥානය තිබේ, මේ නිසයි මට ඥාන සාගරය, කල්ප වෘක‍්ෂයේ බීජය යැයි කියන්නේ. ඔහුට උද්‍යානයේ ස්වාමියා යැයිද කියයි. ශිව් බාබා, දෙවි දේවතා ධර්මයේ බීජය වපුරා ඇත. ඔබ දැන් දෙවි දේවතාවන් බවට පත්වෙමින් සිටියි. මෙපමණක් හෝ දවස පුරාම ඔබ සිහිපත් කළහොත්, ඔබට බොහෝ යහපත අත්විඳින්නට ලැබෙයි. ඔබ දිව්‍යමය ගුණාංග ධාරණය කළ යුතුයි. තවද ඔබ පාරිශුද්ධ විය යුතුයි. සැමියා සහ බිරිඳ එකට වාසය කළත් පාරිශුද්ධව හිඳීයි. මෙවැනි වෙනත් ධර්මයක් නොමැත. සන්‍යාසී මාර්ගයේ පුරුෂයින් පමණයි පාරිශුද්ධව සිටින්නේ. ඔවුන් පවසන්නේ සැමියාට සහ බිරිඳට එකට වාසය කොට පාරිශුද්ධව සිටිම අපහසු දෙයක් බවයි. කෙසේවෙතත්, ස්වර්ණමය යුගයේ සෑම කෙනෙක්ම මෙසේ වීය, එසේ නොවේද? මිනිසුන් ලක්ෂ්මී සහ නාරායන් ගේ ගුණ ගායනා කරති. බාබා අපව ශුද්‍රයින්ගෙන් බ්‍රහ්මිණ්වරුන් බවට හරවා, අපව දේවතාවන් බවට පත් කරවන බව ඔබට දැන් වැටහෙයි. එවිට අප වැඳුම් ලබන්නට සුදුසුව සිට වන්දනාමාන කරන්නන් බවට වෙනස් වෙයි. ඉන්පසු ඔබ පාපී මාර්ගයට ගිය පසු, ඔබ ශිවාට දේවාල ගොඩනංවා ඔහුට වන්දනාමාන කරයි. ඔය දරුවන්ට ඔබගේ උපත් 84 පිළිබඳ දැනුම තිබේ. පියා පවසන්නේ ඔබගේ උපත් 84 පිළිබඳව ඔබ දැන සිටියේ නැත, මා දැන් එය පවසන්නෙමි. කිසිම මනුෂ්‍යයෙකුට මෙය ඔබට කිව නොහැක. පියා දැන් ඔබව ස්වදර්ශන චක්‍රධාරීන් බවට පත් කරවන්නේය. ඔය ජීවයන් පාරිශුද්ධ වෙමින් සිටියි. ඔබගේ ශරිර වලට මෙහිදී පාරිශුද්ධ විය නොහැක. ඔය ජීවයන් පාරිශුද්ධ වූ විට, ඔබගේ අපවිත්‍ර ශරීර අත්හළ යුතුයි. සෑම ජීවයක්ම පාරිශුද්ධ වී ආපසු නිවහනට යා යුතුයි. පාරිශුද්ධ ලොව දැන් ස්ථාපනය වෙමින් පවති. ඉතිරි සියලුම දෙනා සුමිහිරි නිවහනට ආපසු යයි. මෙය මෙනෙහි කරන්න. පියාගේ සිහිපත් කිරීම සමගම, ඔබ ආපසු නිවහනට යා යුතු බැවින් ඔබගේ නිවහනද සිහිපත් කළ යුතුයි. ඔබ පියාව නිවහනේදී සිහිපත් කළ යුතුයි. පියා මෙම ශරීරයට ඇතුළු වී ඔබට දැනුම කියා දෙන බව ඔබ දන්නා මුත්, ඔබගේ බුද්ධියට, උත්තරීතර දේශයෙන්, සුමිහිරි නිවහනින් මිදීමට ඉඩ නොදෙන්න. ගුරුවරයා ඔහුගේ නිවහනින් පිටවී ඔබට ඉගැන්වීමට මෙහි පැමිණෙයි. ඔබට ඉගැන්වීමෙන් පසු, ඔහු ඈතට, ඈතට යයි. ඔහුට තත්පරයකින් ඕනෑම තැනකට යා හැක. ජීවය ඒතරම් කුඩා තිතකි. ඔබ පුදුමයට පත්විය යුතුයි. ජීවය පිළිබඳ දැනුම පියා ඔබට ලබා දී ඇත. ඔබගේ අත්, පා හෝ ඇඳුම් අපිරිසිඳු වන, කිසිම අපිරිසිඳු දෙයක් දිව්‍ය ලෝකයේ නොමැති බවත් ඔබ දන්නවා. දෙවි දේවතාවරුන්ගේ ඇඳුම් පැළඳුම්, ඉතාමත් ලස්සනයි. ඔවුන්ගේ ඇඳුම් පළමුවන පෙළේ ඒවාය. ඒවා සේදීමට අවශ්‍ය වන්නේ නැත. ඒවා දැකීමෙන් බොහෝ සෙයින් සතුටු විය යුතුයි. අනාගත උපත් 21 කේ දී අප වන්නට යන්නේ මෙය බව ජීවය දනී. දිගින් දිගටම මේ දෙස බලන්න. සෑම කෙනෙක් ලඟම මෙම පිංතූරය තිබිය යුතුයි. බාබා අපව මෙය බවට පත් කිරීම පිළිබඳව ඔබ තුළ විශාල සතුටක් තිබිය යුතුයි. ඉතිං එවැනි පියෙකුගේ දරුවන් වන ඔබ අඬන්නේ ඇයි? ඔබ තුළ කිසිම කනස්සලුභාවයක් නොතිබිය යුතුයි. මිනිසුන් දේවතාවන්ගේ දේවාල වලට ගොස් මෙසේ ගුණ ගී ගායනා කරති ඔබ සෑම ගුණධර්මයකින්ම පිරිපුන්ය ආදී වශයෙන්. ඔවුන් බොහෝ නාමයන් මතුරති. ඔවුන් සිහිපත් කරන සෑම නමක්ම ආගමික ග්‍රන්ථවල ලියා ඇත. ඒවා ග්‍රන්ථ වල ලියුවේ කවුරුන්ද? ව්‍යාස්, හෝ සමහර නවකයන්ද ඒවා ලියයි (ආගමික ග්‍රන්ථයන්). මුලදී, ග්‍රාන්ත් එක ඉතා කුඩා, සහ අතින් ලියූ එකක් විය. ඔවුන් දැන් එය ඉතා විශාල එකක් බවට පත් කර ඇත. ඔවුන් සැබවින්ම එයට එකතු කිරීම් කරන්නට ඇති. ගුරු නානක් පැමිණෙන්නේ නිකම්ම ආගමක් ස්ථාපනය කිරීමටයි. එක්කෙනා පමණයි දැනුම ලබා දෙන්නේ. ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙන්නේද නිකම්ම ආගමක් ස්ථාපනය කිරීමටයි. සෑම කෙනෙක්ම පහළට පැමිණුනු පසු, ඔබ සියලුදෙනාම ආපසු යයි. ඔබව නිවහනට යවන කෙනා කවුරුන්ද ? එය ක්‍රිස්තුස්වහන්සේද? නැත ඔහු වෙනත් නාමයකින්, ස්වරූපයකින් සහ තමෝප්‍රධාන් තත්ත්වයක සිටියි. ඔහු සතෝ, රජෝ සහ තමෝ තත්ත්ව පසු කළ යුතුයි. මෙකල සෑම කෙනෙක්ම තමෝප්‍රධාන්ය. සෑම කෙනෙක්ම පූර්ණ පිරිහුණු තත්ත්වයක සිටියි. මෙකල, පුනරුත්පත්ති ගැනීමෙන් අනතුරුව, සෑම ආගමකම අය තමෝප්‍රධාන් බවට පත්ව සිටියි. සෑම කෙනෙක්ම දැන් අනිවාර්යෙන්ම ආපසු නිවහනට යා යුතුව ඇත. චක්‍රය නැවතත් භ්‍රමණය විය යුතුයි. පළමුව, ස්වර්ණමය යුගයේ පැවති නව ආගම අවශ්‍යයි. පියා පැමිණ ආදි සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපිත කරයි. ඉන්පසුව විනාශය සිදු විය යුතුයි. ස්ථාපනය, විනාශය සහ ඉන් පසුව පෝෂණය තිබේ. ස්වර්ණමය යුගයේ එක් ආගමක් පමණක් ඇත. ඔබට මෙය මතකද? මුළු චක්‍රයම ඔබගේ අවධානයට ගෙන එන්න. අපි දැන් 84 හි චක්‍රය සම්පූර්ණ කොට ආපසු නිවහනට යන්නෙමු. ඇවිදින අතරතුර, කතා බස් කරන අතරතුර, ස්වදර්ශන චක්‍රය භ්‍රමණය කරන්න. අර මිනිසුන් පවසන්නේ, සියලුම දෙනා මරණයට පත් කළ, ස්වදර්ශන චක්‍රයක් ක්‍රිෂ්ණා හට තිබූ බවයි. ඔවුන් අකාසූර් සහ බකාසූර් (රාක‍්ෂක යුවළක්) ගේ පිංතූරයක් පෙන්වා ඇත. කෙසේවෙතත්, එවැනි කිසිම දෙයක් තිබුණේ නැත. ඔය දරුවන් දැන් ස්වදර්ශන චක්‍රය භ්‍රමණය කරමින් සිටිය යුතුයි, එවිට එයින් ඔබගේ පාපයන් කැපී යයි. රාක‍්ෂක ස්වභාවය අවසන් වෙයි. දේවතාවන් සහ රාක‍්ෂයන් අතර යුද්ධයක් තිබිය නොහැක. රාක‍්ෂයන් කලි යුගයේ වෙසෙන අතර දේවතාවරුන් ස්වර්ණමය යුගයේ වාසය කරයි, තවද ඒ දෙක අතරෙහි සංගම් යුගය ඇත. ආගමික ග්‍රන්ථයන් අයත් වන්නේ භක්ති මාර්ගයටයි. දැනුමේ නාමයක් හෝ සළකුණක් වත් නැත. දැනුමේ සාගරය වන්නේ සැමගේම පියාණන්ය. පියා නොමැතිව කිසිම ජීවයකට පාරිශ+ද්ධ වී ආපසු නිවහනට යා නොහැක. ඔබ අනිවාර්යෙන්ම ඔබගේ කොටස් රඟ පෑ යුතුයි. එබැවින් ඔබ දැන් ඔබගේ උපත් 84 හි චක්‍රයද සිහිපත් කළ යුතුයි. අප අපගේ ස්වර්ණමය-යුග වූ නව ජන්මයට යයි. එවැනි උපතක් අපට යළිත් නොලැබෙයි. ශිව් බාබා සහ මෙම බ්‍රහ්ම බාබා සිටියි. ලෞකික පියෙක්, පාරලෞකීක පියා සහ මේ ආලෞකීක පියා සිටියි. මේ කාලයේදී පමණයි මේ කෙනාට ඔබ ආලෞකීක පියා යැයි කියන්නේ. ඔය දරුවන් සිහිපත් කරන්නේ ශිව් බාබාවයි, බ්‍රහ්මාව නොවේ. මිනිසුන් දෙවොලෙහි බ්‍රහ්මාට වන්දනාමාන කිරීමට යන මුත්, එම වන්දනාව, සූක‍්ෂම දේශයේ සිටින, අංග සම්පූර්ණ අව්‍යක්ත් ස්වරූපයට පමණයි. ශාරීරික ජීවියා වන්දනාමානයට සුදුසු නැත. ඔහු මනුෂ්‍ය ජීවියෙකි. මනුෂ්‍යයින්ට වන්දනාමාන කරන්නේ නැත. බ්‍රහ්මා රැවුලක් සමගින් නිරූපණය කරයි. එබැවින් ඔහු මෙහෙට අයත් බව කිව හැක. දේවතාවන්ට රැවුල් නොමැත. මේ සෑම දෙයක්ම ඔය දරුවන්ට විස්තර කර ඇත. ඔබගේ නාමය බබළවා ඇත, මේ නිසයි ඔබගේ දෙවොල් නිර්මාණය කර ඇත්තේ. සෝම්නාථ දේවාලය අන් සැමට වඩා උසස්ම එකය. ඔබට පානය කිරීමට අමෘතය දීමෙන් පසු සිදුවූයේ කුමක්ද? දැන්, බලන්න දිල්වාලා දෙවොල දෙස. එම දෙවොල මෙහෙ ගැන නිවැරදි සිහිවටනයකි. ඔබ බිම තපස්යාවේ සිටින අයුරු පෙන්වා ඇති අතර, දෙව්ලොව උඩ, ඉහළින් දක්වා ඇත. මිනිසුන් සිතන්නේ දෙව්ලොව කොහේ හෝ උඩ, ඉහළ තැනක ඇති කියාය. ඔවුන් කෙසේද දේවාලවල, පහළ ස්ථානයක දිව්‍ය ලෝකය නිර්මාණය කරන්නේ? මේ නිසයි ඔවුන් එය ඉහළ සීලිමේ දැක්වූයේ. ඒවා නිර්මාණය කළ අයට කිසි දෙයක් වැටහුණේ නැත. ඔබ මෙය කෝටිපතියන්ට විස්තර කළ යුතුයි. ඔබට දැන් දැනුම ලැබී ඇත. එබැවින් ඔබට මෙය බොහෝ දෙනෙකුට ලබා දිය හැක. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1.ඔබගේ රාක‍්ෂක ස්වභාවය අවසන් කිරීම සඳහා, ඔබ එහා මෙහා යන අතර තුරදී, ස්වදර්ශන චක්‍රය භ්‍රමණය කරන්න. මුළු චක්‍රයම ඔබගේ අවධානයේ තබා ගන්න.

2. පියා සිහිපත් කරන අතරම, ඔබගේ බුද්ධිය, නිවහනට, උත්තරීතර දේශයට ද සම්බන්ධ කරන්න. පියා ඔබට මතක් කර දී ඇති දේවල් පිළිබඳව සිතා, තමන්ට යහපතක් සිදු කර ගන්න.

වරදානය:
ඔබ පූර්ණ කැප කිරීමක් කිරීමට අධිෂ්ඨානය ඇත්තෙක් වී, පරිවර්ථනයේ උත්සවය සමරත්වා.

මෙවන් කියමනක් තිබේ, ඔබට මියැදීමට සිදු වුණත්, ඔබ තම ධර්මය අත් නොහල යුතුයි. එබැවින් කුමන අවස්ථා පැමිණියත්, මායාගේ මහාවීර ස්වරූපයක් ඔබ ඉදිරියට පැමිණියත්, ඔබගේ ප්‍රතිපත්ති අත්නොහරින්න. ඔබගේ මනසින් ඔබ ඉවත් කළ වැඩකට නැති දේවල්, නැවතත් ඔබගේ සිතිවිලි තුළට නොගන්න. සෑම විටම ශ්‍රේෂ්ඨ නළුවෙක් වී, ඔබගේ ශ්‍රේෂ්ඨ ස්ව-අභිමානයේ, ශ්‍රේෂ්ඨ අවධානයේ සහ ශ්‍රේෂ්ඨ දිවි පෙවෙතේ ශක්තිමත් ස්වරූපයෙන්, ශ්‍රේෂ්ඨත්වයේ ක්‍රිඩාව නොකඩවා රඟ දක්වන්න. දුර්වලතාවයේ සියලු ක්‍රිඩා අවසන් කරන්න. එවන් පූර්ණ කැප කිරීමක් කිරීමට ඔබ තුළ අධිෂ්ඨානය ඇති විට, පරිවර්ථනයේ උත්සවය සිදුවෙයි. දැන් එකට එකතු වී මෙම උත්සවයට දිනයක් නියම කරගන්න.

පාඨය:
සැබෑ දියමන්තියක් වී ඔබගේ චිත්ත තරංග වල දීප්තිය, ලෝකය තුළ විහිදුවා හරින්න.