01.08.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරම පියා ඔබට පවසන සුමිහිරි ඥාන කරුණු ධාරණය කරගන්න. කිරි සහ පැණි මෙන් ඉතා සුමිහිරි වන්න. කිසිවිට ලුණු වතුර මෙන් නොවන්න.

ප්‍රශ්නය:
ඔය දරුවන් නව රාජධානියේ තිලකය ලබන්නේ කිනම් මහා මන්ත්‍රයෙක්ද?

පිළිතුර:
මෙකල්හි පරම පියා විසින් දෙන මහා මන්ත්‍රය: සුමිහිරි ආදරණිය දරුවනි, පියාවත් ඔබේ උරුමයත් සිහිපත් කරන්න.

ප්‍රශ්නය:
ඔබේ දැක්ම කෙසේද ලෝකය එසේ වේ යනුවෙන් කියා ඇත. මෙම කියමන කුමකට ද?

පිළිතුර:
මෙකල මනුෂ්‍යයන් අපවිත්‍රයි එසේම අවලස්සනයි. ඒ හෙයින් ඔවුන් ඒ අනුව ලක්ෂ්මී නාරායන සහ රාමා සීතා වැනි දේවතාවරුන්ගේ පූජනීය ප්‍රතිමා නිර්මාණය කර ඇත. එහි අරුත ඔවුන්ට නොතේරෙයි. මෙම කියමන ඇත්තේ අන්න ඒ නිසායි.

ගීතය:
ඔබේ හදවත නම් කැඩපත තුළින් බලනු මැන හිතවත!

ඕම් ශාන්ති.
සුමිහිරිතම ආදරණිය බොහෝ කල් වෙන් වී සිට දැන් හමු වූ දරුවන් ගීතයෙන් කොටසක් ඇසුවා. ඔබේ හදවත නම් කැඩපතෙත් බලන්න. ඔබ කොපමණ පව් කර තිබේද, කොපමණ පින් කර තිබේද කියා හද කැඩපතෙන් බැලීමෙන් කොපමණ පව් සහ පින් ඔබ රැස්කර ඇත්දැයි සිතා බලන්න. මෙය පාපතර ජීවාත්මයන්ගේ ලෝකය වේ. ස්වර්ණමය යුගයට කියන්නේ පින්වත් ජීවාත්මයන්ගේ ලෝකය කියායි. පින්වත් ජීවාත්මයන් මෙහි කෙසේ සිටිය හැකිද? සියල්ලන්ම නොකඩවා පව් කරමින් සිටින්නේ රාවනගේ රජදහත නිසායි. ඔවුන්ම කියනවා: පාරිශුද්ධ කරුවාණෙනි, පැමිණෙන්න! භාරතය පින්වත් ජීවාත්මයන්ගේ ලෝකය බව අප දන්නවා. එහිදී කිසිම කෙනෙක් පව් කර නැත. සිංහයා සහ බැටළුවා එකම ජලාශයේ එකට වතුර බොති. ඔවුන් කිරියි පැණියි වාගේය. පියාත් කියන්නේ: දරුවනි, කිරියි පැණියි වාගේ ඉන්න. පුණ්‍යාත්මයන්ගේ ලෝකයේ තමෝප්‍රධාන් ජීවාත්මයත් සිටිය හැක්කේ කෙසේද? දැන් පරම පියා ඔබව ප්‍රබෝධමත් කර ඇත. ඔබ සතෝප්‍රධාන් දේවතාවන් වී සිටි බව ඔබ දන්නවා. ඔවුන්ගේ වර්ණනා තිබෙනවා: සර්ව ගුණ සම්පන්න, සොළොස් කලාවෙන් පරිපූර්ණ වුවන් කියා අපත් ඔවුන්ව එසේ වර්ණනා කරනවා. මිනිස්සු කියනවා: මා ගුණදම් නොමැති කෙනෙක්. මා හට යහගුණ කිසිවක් නැත. ප්‍රභූ ඔබ පැමිණි කල අපටත් ඒ අය මෙන් විය හැකියි. අපට කරුණාව පාන්න. මෙසේ කීවේ ජීවාත්මයයි. ඔබ මේ කාලේ පාපාත්මයන් බව තේරුම් ගෙන ඇත. පූජිත දෙවි දේවතාවන් පුණ්‍යාත්මයන්ය. සැවොම දේවතා ප්‍රතිමාවන් පා මුල වැඳ වැටෙති. සාදූ සන්යාසී වරුන්ද අමරනාත්, ශ්‍රීනාත් ද්වාරේ වන්දනාවේ යති. එබැවින් මෙය පාපාත්මයන්ගේ ලෝකයයි. භාරතය ලක්ෂ්මි සහ නාරායනගේ රාජධානිය වී තිබු කල එය පුණ්‍යාත්මයන්ගේ ලොව විය. එයට කීවේ දිව්‍ය ලෝකය කියායි. කෙනෙකු මිය ගිය විට මිනිස්සු ඔහු දෙව්ලොව සැපත් වුණා කියා කියති. එහෙත් දෙව්ලොව ඇත්තේ කොහේද? දිව්‍ය ලෝකයක්ව තිබූ කල එය ස්වර්ණමය යුගය විය. මිනිස්සු සිතට එන ඕනෑම දෙයක් කියා ගනී: ඔවුන් කිසිවක් තේරුම් ගන්නේ නැහැ. ඔහු දිව්‍ය ලෝකයට ගියා නම්, නිසැකයෙන්ම ඔහු සිටිත්ත ඇත්තේ අපායේ. සන්යාසීවරයෙක් අපවත් වූ විට ඔවුන් කියන්නේ ඔහු ආලෝකයේ ගිලී ගියා කියායි. එහි යම් වෙනසක් තිබෙනවා. ආලෝකයේ ගිලී යාම යනු ඔහු යළිත් මෙහි නොඑන වගයි. අප ජීවාත්මයන් වාසය කරන්නේ නිර්මාණයේ (ශබ්දය අභිබැවූ) බව ඔබ දන්නවා. වෛකුන්ත් (පාරාදීසය) වලට නිර්වාණ දේශය කියා කිව නොහැක. ඔබට හොඳින් ධාරණය කරගත යුතු ඥානයේ ඉතාමත් හොඳ සුමිහිරි විෂයන් බාබා කියන්නේ. බාබා ඇවිත් සිටින්නේ පාරාදීසයට යන මාර්ගය ඔබට පෙන්වාදීමටයි කියා ඔබ දන්නවා. පරම පියා ඇවිත් සිටින්නේ අපට රාජයෝග උගැන්වීමටයි. ඔහු අපට පාරිශුද්ධ ලොවට යන මාර්ගය පෙන්වා දෙයි: ඔහු අපේ මාගෝපදේශක වී අපව ආපසු නිවසට ගෙන යයි. සැබැවින්ම විනාශය අත ලඟ ඇත. විනාශ වී යාමට තිබෙන්නේ පැරණි ලෝකයයි. මහත් විපත්ති ආදිය සිදුවන්නේ පැරණි ලෝකය තුළයි. බාබා ඉතාමත් සුමිහිරියි! ඔහු අන්ධයින්ට සැරයටියක් වෙනවා. මිනිස්සු දිගටම ඝණ අඳුරේ කැරකෙනවා. බ්‍රහ්මාගේ දහවල සහ බ්‍රහ්මාගේ රාත්‍රිය කියා කියති. බ්‍රහ්මා මෙහි සිටිනවා. පරම පියා ඇවිත් රාත්‍රිය දහවලට වෙනස් කරනවා. අඩ චකයක් එය දහවලත් අඩ චක්‍රයක් එය රාත්‍රියත් වේ. ඔබට දැන් එය වැටහී ඇත. මිනිස්සු සිතන්නේ යකඩ යුගය තවමත් එහි ළදරුවියේ කියායි. ඇතැම් විට ලෝකය විනාශ වීමට ඇතැයි කියාද කියති. එහෙත් ඔවුන්ට කිසිවක් නොවැටහේ. මෙකල යම් කෙනෙක් තම නිවස අතහැර යන්නේ බොහෝම කලාතුරකින්. කිසියම් කාරණාවක් මතයි ඔවුන් නිවෙස් අතහැර ගොස් සන්යාසීන් වන්නේ. කලකට පෙර රජය විසින් නියෝගයක් කර තිබුණේ සන්යාසීන් පවා බලපත්‍රයක් අරගත යුතුයි කියා. තමන්ගේ පවුලේ අය සමග නොරොක් වී සන්යාසියකු වීම කළ නොහැකි දෙයකි. එසේ වේ නම් ඔහු හේතු රහිතව බොහෝ දේ ලබනු ඇත. ඒවා සීමිත අත්හැරීම්ය. එහෙත් ඔබේ අසීමිත අත්හැරීමයි. මෙකල මුළු ලොවම අපිරිසිඳුයි. එය පිවිතුරු කිරීම ඒකායන පියා සතු වූ කාර්යයි. ස්වර්ණමය යුගයෙහි තිබෙන්නේ පාරිශුද්ධ ගෘහස්ථ ධර්මය පමණයි. ලක්ෂ්මි සහ නාරායනගේ රූප තවමත් ඇත. මිනිස්සු දේවතාවරුන්ගේ වර්ණතා ගයන්නේ: ඔබ සියලු ගුණධර්ම වලින් සපිරි අයයි කියාය. සන්යාසීන්ට ඇත්තේ හථ යෝගාව, කර්මය අත්හැරීම. කෙසේ වෙතත්, කර්මයේ අත්හැරීම කළ නොහැක. මිනිසුන්ට තත්පරයකට වත් ක්‍රියාවක් නොකර සිටිය නොහැක. කර්මය ප්‍රතික්ෂේප කරන ප්‍රකාශය වැරැදියි. මෙය කර්ම යෝගා සහ රාජ යෝගා වේ. ඔබ සූර්ය වාංශික දේවතාවරුන් වී සිටියා. ඔබ උපත් 84ක් ගත යුතු බව ඔබ දන්නවා. ඔවුන්ද කුලයන් ගැන කතා කරති. බ්‍රහමින් කුලය ගැන කිසිවකු දන්නේ නැත. ඔබ දරුවන් හට පරම පියා මහා මන්ත්‍රයක් දී තිබෙයි. නොකඩවා පරම පියා සහ ප්‍රාප්තිය සිහිපත් කරන්න. එවිට ඔබ රාජධානියේ තිලකය ලබාගන්නවා ඇත. සුමිහිරි ප්‍රියතම දරුවන් ඔබේ නිවසේ පවුලේ අය සමග ඉඳිමින් නෙළුම් මලක් මෙන් ජීවත්වෙන්න. සෙනෙහසින් සිටිනවා වාගේ ඔබට කෝපයෙන් එතරම් දේවල් ලබාගත නොහැකියි. ඉතාමත් සුමිහිරි වන්න. පරම පියාගේ ස්මරණයෙහි ඉඳිමින් අඛණ්ඩව නොකඩවා සිනාසෙමින් සිටින්න. දේවතාවරුන්ගේ පින්තූර දෙස බලන්න. ඔවුන් ඉතා ප්‍රීතිමත්වයි සිටින්නේ. ඔබ දැන් දන්නවා අප තමයි එසේ සිටියේ කියා. දේවතාවරුන් වී සිට පසුව අප ක්ෂත්‍රිය, වෛශ්‍ය සහ ශුද්‍රයන් බවට පත්වුණා. දැන් සංගම යුගයේදී අප බ්‍රහ්මාගේ මුවින් උපන් දරුවන් වී සිටිනවා. බ්‍රහ්මාගේ මුවින් උපන් නිර්මාණයන් පරමාත්ම දෙවියන්ගේ කුලයට අයත් වෙනවා. ඔබට පියාගේ උරුමය වශයෙන් මුක්තිය සහ ජීවන් මුක්තිය ලැබෙනවා. ඔබ දන්නවා දේවතා අධිරාජ්‍යය තිබුණේ කොයි කාලයේද කියා. එකල වෙනත් ආගම් නොතිබුණි. එහි චන්ද්‍රවංශයත් නොතිබුණි. මෙය තේරුම් ගත යුතු කාරණාවයි. ඔවුන් "හම් සෝ' යන්නෙහි අර්ථය වටහාගෙන තිබෙන්නේ ජීවාත්මයත් පරමාත්මය වේය කියායි. ඔබ දැන් දන්නවා අප නැවත වතාවක් දේවතාවන් වී පසුව ක්‍ෂත්‍රියන් වනවා කියා. මෙසේ ජීවාත්මය කියයි: ජීවාත්මයක් වූ මා පාරිශුද්ධව සිටි කල, මා හට පාරිශුද්ධ ශරීරයක් තිබුණි. එය පාපයෙන් තොරවූ දේශයයි. එහෙත් මෙය පාපතර දේශයයි. දුක් දේශය, සතුටු දේශය සහ අප සියලු ජීව සත්තාවන් විසූ සාම දේශය ඇත. ඔවුන් කියයි: චීන සහ හින්දුන් සහෝදරයන් කියා. නමුත් ඔවුනුත් එහි අරුත දැනගත යුතුයි. අද ඔවුන් සහෝදරයන් කියා ගනී. හෙට දින ඔවුන් වෙඩි තබාගතී. සියලු ජීව සත්තාවත් සහෝදරයන්. දෙවියන් සර්ව ව්‍යාප්තියි කියා කීමෙන් සියල්ලන්ම පියවරුන් වෙනවා. උරුමය දෙන්නේ පියෙක්. එවිට උරුමය ලබන්නේ සහෝදරයන්. මෙහි දිවා රෑ මෙන් වෙනසක් තිබෙයි. ඔහු පාරිශුද්ධකරුවා වේ. නොවේද? ඔබ පාරිශුද්ධ විය යුත්තේ ඔහු තුලිනී. අප මනුෂ්‍ය බවෙන් දේවතාවන් බවට වෙනස් විය යුතුයි. එය ග්‍රන්ථ වලත් සඳහන් වෙන්නේ: මනුෂ්‍යයන්ව දේවතාවන් බවට වෙනස් කිරිමට දෙවියන්ට ඒ තරම් කාලයක් ගත වන්නේ නැතැයි කියායි. තත්පරයක් තුළ ජීවන් මුක්තිය කියාත් සිහිපත් කරනවා. අප ජීවන් මුක්තිය ලද ජීවාත්මයන් හට දැන් තිබෙන්නේ බැඳීම් සහිත ජීවිතයක්. දේවතාවරු පාප මාර්ගයේ යනවිට තඹ යුගයත් සමඟම රාවන රාජ්‍යය පටන් ගනී. ඔවුන් ලඟ ඒවායේ සලකුණු ඇත. ජගන්නාත් පුරයෙහි දෙවි දේවතාවන්ගේ ඉතා විරූපී ප්‍රතිමා ඇත. මුලදී ඒවායෙහි අරුත ඔබද නොදැන සිටියේ. එහෙත් දැන් ඔබ බොහෝ සේ වටහා ගෙන ඇත. ඔබ පුදුමයට පත්වුණා දෙවි දේවතාවරුන්ගේ රූප ඒ තරම් විරූපී ලෙස තිබිය හැක්කේ කෙසේ ද කියා. එහි ඇතුලත ජගන්නාථ ගේ කළු ප්‍රතිමාවන් ඇත. ශ්‍රීනාත් ද්වාරේ පවා කළු ප්‍රතිමා තිබෙනවා. ජගන්නාථගේ රූප මළුවට පෙන්වා ඇත්තේ ඇයිදැයි කිසිවෙකු නොදනී. ඔවුන් කියන්නේ ක්‍රිෂ්ණාව සර්පයෙක් දෂ්ඨ කර තිබෙනවා කියායි. රාමාට කුමක්ද වුණේ? ඔවුන් නාරායනගේ පවා කළුවන් ප්‍රතිමා පෙන්වා ඇත. එසේම ඔවුන් ලඟ කළු ගල් ශිවලිංගම් ද ඇත. ඔවුන් සැමෙකක්ම කැතට පෙන්වා ඇත. ඔවුන්ගේ දැක්ම අනුව ඔවුන්ගේ ලොව එසේම වේ. මෙකල සියල්ලන්ම අපවිත්‍රයි අවලස්සනයි. එමනිසා, ඔවුන් දෙවියන්වත් අවලස්සනට පෙන්වූවා. ප්‍රථමයෙන්ම ඔවුන් ශිවාට පුජා කරන්න ගත්තේ දියමන්ති ලිංගම් එකක් නිර්මාණය කිරීමෙන්. දැන් ඒ සියලු දේ අතුරුදහන් වී ඇත. මේවා ඉතාමත් වටිනා දේවල්. පුරාථන දේවලට බොහෝ වටිනාකමක් දී තිබෙනවා. වන්දනාමාන කිරීම පටන්ගෙන දැනට වසර 2500ක කාලයක් ගත වී ඇත. එම නිසා, ඒවා ඒ තරම්ම පැරණි ඒවා විය යුතුයි. ඊට වඩා වැඩියෙන් නොවේ. ඉතාමත් පුරාථන රූප එම දෙවි දේවතාවරුන්ගේ ය. ඔවුන් කියන්නේ ඒවා වසර සිය දහස් ගණන් පැරැණියි කියායි. වසර 5000කට පෙර දිව්‍ය ලෝකයක් වී තිබූ භාරතය දැන් යකඩ යුගයෙහි ඇති බව දැන් ඔබ දන්නවා. විනාශය අත ලඟයි. සෑම කෙනෙක්ම ආපසු යා යුතුයි. සියලු දෙනාවම ආපසු ගෙන යන්නේ පරම පියායි. ඔබ මා තුළින් බ්‍රාහ්මණයන් වුණා. පසුව එහිදී ඔබ දේවතාවන් වශයෙන් පෝෂණය කෙරෙනවා ඇත. මේ දේවල් භගවද් ගීතාවේ සඳහන් වී ඇත. පරම පියා කියයි: ඥානය අතුරුදහන් වෙයි. ලක්‍ෂමි සහ නාරායන ත්‍රීකාල් දර්ශීන් නොවෙයි. එමනිසා, මෙම ඥානය ඉතා පැරැණි එකක් යැයි කිව හැක්කේ කෙසේද? මේ කාලේ ඔබ තිකාල් දර්ශි වේ. ඔබ විසින් මේ කාලයේදී හොඳම සේවය සිදු කෙරෙනවා. එමනිසා සැබෑ ආධ්‍යාත්මික සමාජ සේවකයන් ඔබ වේ. ඔබ දැන් ජීව අවධානයට පත්වෙමින් සිටින්නේ. ජීවාත්මය තුළ මිශ්‍ර වී තිබෙන දේ ඉවත් කරනේ කෙසේ ද? පියාත් ස්වර්ණාභරණ වෙළෙන්දෙකි. ජීවාත්මය නම් වූ රත්රන් වලට යකඩ මිශ්‍ර වූ විට ජීවාත්මය අපවිත්‍ර වෙයි. එසේනම්, ජීවාත්මය දැන් පාරිශුද්ධ විය හැක්කේ කෙසේද? පරම පියා කියයි: ඕ ජීවාත්මයනි, නිරතුරුවම මා පමණක්ම සිහිපත් කරන්න. පාරිශුද්ධකරු, පරමාත්ම පියා ඔබට ශ්‍රීමත් ලබා දෙනවා. පරමාත්ම දෙවියන් කතා කරනවා: ඕ ජීවාත්මයනි, ඔබ තුළ කලවමක් තිබෙනවා. දැන් ඔබ අපිරිසිඳුයි. මහත්මා කෙනෙක් අපිරිසිඳු වෙන්න බැහැ. එක් ක්‍රමයයි තිබෙන්නේ: නිරන්තරයෙන් මා පමණක් ස්මරණය කරන්න. ඔබේ පාපයන් යෝග ගින්නෙන් නැතිවී යාවි. ආශ්‍රමයන් බොහෝ ඇත. ඔවුන් විවිධ වර්ග වල හථ යෝගා පින්තූර තබා ඇත. මෙය ස්මරණය හෝ යෝගාවේ භතියයි (උඳුනයි). ඔබට, තමන්ගේ නිවසේ පවුලේ අය සමඟ ඉඳිමින් ආහාර ආදිය සාදන්නත් ඔබේ දරුවන් රැක බලාගැනීමත් කරන්න පුළුවනි. නමුත් ඔබට උදෑසන කාලය තිබේ. මෙසේ කියා තිබෙනවා. මේ මාගේ මනස, හිමිදිරි පාන්දර රාමා සිහි කරන්න!බුද්ධිය ඇත්තේ ජීවාත්මය තුළයි. ඔවුන් භක්ති කරන්නේ පාන්දරින්මයි. ඔබ පාන්දරින්ම අවදි වී පරම පියා සිහිපත් කරන්න. එවිට ඔබේ පව් නැතිවී යයි. සියලු කුණු කසල ඉවත් වී යාවි. එවිට ඔබ ජීවාත්මයත් පිරිසිඳු වේවි. අනතුරුව ඔබට පිවිතුරු ශරිරත් ලැබේවි. ඔබ ජීවාත්මයන් තුළ කැරට් (ප්‍රමිතිය) දෙකක් වත් ඉතිරිව නැත. භාරතයේ දේවතාවරුන්ගේ උපත් 84ක ගිණුම් තිබෙන්න ඕන. ලෝක ඉතිහාසය සහ භූගෝලය දැන් යළිත් සිදුවෙමින් ඇත. කෙසේවෙතත්, එහි කාල පරාසය කිසිවෙකුත් නොදනී. ඔවුන් චක්‍රයේ කාල පරාසය පවා නොදනී. පරම පියා කියයි:මා පැමිණ ඔබට ශ්‍රීමත් ලබාදී ඔබව උසස් අය බවට පත් කරවනවා. කලවම ඉවත් වී යන්නේ ස්මරණයේ ගින්නෙත් පමණයි. වෙන ක්‍රමයක් නැත. ඔය දරුවන් එඩිතර විය යුතුයි. බිය නොවන්න. පරමාත්ම දෙවියන්, ආරක්ෂයා තම පියා වූ කල දරුවන් බිය විය යුත්තේ කුමකටද? ඔබ හට මොන ශාපයක් යමෙකුට දිය හැකිද? කොහෙත්ම නැත! අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ විසින් කළ යුතු සෑම දෙයක්ම සෙනෙහසෙන් කරන්න. පරම පියා සිහිපත් කරමින් නිරන්තරයෙන් ප්‍රමෝදයෙන් සිටින්න. දෙවි දේවතාවරු මෙන් සදා නිරතුරුවම සිනාමුසුව සිටින්න.

2. ජීවාත්මය තුළ තිබෙන කලවම යෝග ගින්නෙන් ඉවත් කරන්න. ඔබේ පාප නැති කරගන්න. දිරිමත්ව සේවය කරන්න. බිය නොවන්න.

වරදානය:
ඔබ මාස්ටර් සර්වබලධාරියෙකු වී ඔබේ සියලු භෞතීක ඉන්ද්‍රියන් නීති ප්‍රකාරව තබාගන්න.

මාස්ටර් සර්වබලධාරි රාජයෝගීවරයෙකු වන අයෙක් ස්වාධිපත්‍යයෙකු බවට පත්වන අතර තම සියලු භෞතීක ඉන්ද්‍රියන් නීති ප්‍රකාරව භාවිතා කරයි. රජෙකුට රාජ සභාවක් තිබේ ද, ඒ ආකාරයෙන්ම, දිනපතා ඔබේ රාජකීය සේවකයන්, භෞතික ඉන්ද්‍රියන්ගේ සභාවක් පවත්වා ඔවුන්ගේ ශුභසාධනය පිළිබඳව විමසා ඔවුන් කිසිවෙකුත් ඔබට විරුද්ධ නොවන බවටත් ඔවුන් සැවොම ඔබේ පාලනය යටතේ සිටින බවටත් සහතික කරගන්න. මාස්ටර් සර්වබලධාරින් තම භෞතික ඉන්ද්‍රියන් වලින් එකකින් පවා රැවටිය නොහැකියි. ඔබ "නවතිනු" කියා කියූ සැනින් එය නවතී.

පාඨය:
ඔබේ සියලු බලයන් නිසි වේලාවට අනුව ප්‍රයෝග කිරීම යනු මාස්ටර් සර්ව බලධාරියෙකු වීමයි.

මාතේශ්වරිජී ගේ අමිල වූ උසස් වදන්.

1. ඇත්ත වශයෙන්, ඥානය ලබාගැනීම විනාඩියක කාරණාවක්. ඉතින්, කෙනෙක් විනාඩියෙන් සියල්ල තේරුම් ගන්නවා කියන්නේ, ඔහුට ඒ සඳහා වැය විය යුත්තේ විනාඩියක් පමණකි. ඒ සමඟම ඔහුගේ ධර්මයත් ඔහු දැනගනී: ජීවාත්මයක් වන මා සාමයේ ප්‍රතිරුවකි, සහ පරමාත්ම දෙවියන්ගේ දරුවෙකි. මෙය වටහා ගැනීම විනාඩියක කාරණාවක් වූ නමුත් මෙය විශ්වාස කිරීම සඳහා ඔබට මොනම හථයෝගා, ජප තපස්යා හෝ මොනයම් ආධ්‍යාත්මික ප්‍රයත්නයක් වත් දැරිමට අවශ්‍ය නොවේ. එහෙත් ඔබ සරළව කළ යුතු වන්නේ ඔබේ ආදීම රූපය ග්‍රහණය කර ගැනීමයි. ඉතින්, අප මේ කරන සියලු උත්සාහයන් කුමක් සඳහා ද? එය පැහැදිලි කර තිබෙන්නේ හුදෙක් මේ කුඩා දෙය සඳහායි අප මේ සියලු උත්සාහයන් කරන්නේ කියායි. උදාහරණයක් වශයෙන්, අපට ජීවිතය ප්‍රායෝගික කිරීමට අවැසි නම් අප සියලු ශරීර අවධානයන් සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු වෙනවා. යථාර්තයෙහි, අපගේ සියලු උත්සාහයත් අවැසි වන්නේ ජීවින්ම අවධානයට පත්වීම සහ දිව්‍යමය ගුණධර්ම ධාරණය කිරීමයි. මේ සඳහා අප සෑම මොහොතේ ම සෑම පියවරකදීම අවදානම් සහිතව සිටින්න වෙනවා. අප මායා ගැන අවදානමින් සිටි ද එවිට අප හමුවේ කොපමණ උවදුරු පැමිණියත් ඒවාට අපට බාධා කළ නොහැක. මායා බාධා කරන්නේ අපට අපවම අමතක වූ විටයි. අපගේ ප්‍රායෝගික දිවිය නිර්මාණය කිරීම සඳහා මෙපමණ මායිමක් අපට ඇත. කෙසේ වෙතත්, ඥානය තත්පරයක විෂයකි.

2. අපගේ මෙම දේවමය ඥානය අපගේ බුද්ධියෙන් මතුවූවක් නොවෙයි. අපගේ අවබෝධ වීමක් හෝ අපගේ උපකල්පනයක් හෝ චින්තන නොවෙයි. මේ ඥානය අපට අසන්නට ලැබුණේ ලෝක නිර්මාතෘවරයා ගෙනි. එමෙන්ම, අප ඥානයට සවන්දී එය අපගේ විඥානයෙන් අත්විඳීමෙන් සහ වටහාගැනීමෙන් පසුවයි ඔබට ප්‍රායෝගිකව පවසන්නේ. එය අපගේ විඥානයට අදාල කාරණාවක් නම්, එවිට එය ක්‍රියා කරන්නේ අපට පමණයි. එනමුත් අපට මෙය අසන්නට ලැබුණේ පරමාත්ම දෙවියන්ගෙනි. එය අපගේ විඥානයෙන් ධාරණය කර අත්විඳීමක් ලබා ඇත. අප කුමක් ධාරණය කරයි ද එය අපගේ විඥානය පිළිගත් විට සහ අත්විඳීමක් ලැබූ විට එය අපගේ යැයි සැලකේ. අප මෙය ඔහුගෙන් දැනගත්තා එමනිසා, දෙවියන්ගේ නිර්මාණය කුමක් ද? දෙවියන් කවුරුන් ද? එය අපගේ සිතිවිලි සම්බන්ධ කාරණාවක් නොවෙයි. මන්ද, එය එසේ වුයේනම්, අපගේ මනසින් එය මතු වනු ඇත. එබැවින්, අප පරමාත්ම දෙවියන්ගෙන් ලද ධාරණය කළ යුතු ප්‍රධාන කරුණ වන්නේ යෝගා වීමටයි. කෙසේ වෙතත්, අපට යෝගා කිරීමට හැකි වීමට පෙර, අපට ඥානය අවශ්‍යයි. යෝගා කිරීමට පෙර අපට ඥානය අවශ්‍ය වන්නේ ඇයි? පළමුවෙන් සිතනවා, ඉන්පසු වටහා ගන්නවා. ඉන්ප සුවයි අපට යෝගාව ඇතිවන්නේ. සැම විටම කියන දෙයක් තමයි මුලින් වටහාගැනීම අවශ්‍යයි කියා. එසේ නැතිකොට වැරැදි ක්‍රියාවන් සිදුකෙරේ. ඒ නිසයි ඥානය මුලින්ම අත්‍යවශ්‍ය වන්නේ. ඥානය උසස් තත්ත්ව යක් වන අතර එය තේරුම් ගැනීමට අපට බුද්ධිය අවශ්‍යයි. මන්ද, අපට උගන්වන්නේ අති උසස් පරමාත්ම දෙවියන්ය. අච්චා.