01.09.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරමාත්ම පියා පැමිණ සිටින්නේ කර්ම, අකර්ම, පාපකර්ම පිළිබඳ වූ ගැඹුරු න්‍යාය ඔබට කියා දීමටයි. ජීවයත් ශරීරයත් දෙකම පාරිශුද්ධ වුණු විට ක්‍රියා අකර්ම වේ. ඔබ අපිරිසිදු වුණු විට ක්‍රියා පාප ක්‍රියා වේ.

ප්‍රශ්නය:
ජීවාත්මයන් මළ බැඳීමට හේතුව කුමක්ද? මළකඩ බැඳුන ජීවිතයක ලක්ෂණ මොනවාද?

පිළිතුර:
මළකඩට හේතුව පාපයනුයි ඔබලා මළ බදින්නේ ඔය ජීවාත්මයන් අපිරිසිදු වුණු විටයි. දැනටත් ජීව මත මළකඩ තිබෙනවා නම් ඔවුන් පැරණි ලෝකයට ආකර්ශනය වෙනවා. ඔවුන්ගේ බුද්ධිය නිරතුරුවම දූෂිත වන අතර ස්මරණයේ රැඳී සිටීමට ඔවුන්ට නොහැකි වෙනවා.

ඕම් ශාන්ති.
මෙහි අරුත ඔය දරුවන් තේරුම් ගෙන සිටිනවා. ඔය ජීවාත්මයන් ඕම් ශාන්ති කියා කිවූ සැනකින් ඔබලා මෙහි වාසය නොකරන්නන්ය යන විශ්වාසය ඔබ තුළ ඇති වෙනවා. අපි ශාන්ත දේශයේ වැසියෝ වෙමු. අපි අපේ නිවහනේ සිටිනා විට අපගේ මුල්ම ධර්මතාවය සාමයයි. පසුව අපි අපගේ චරිත කොටස් රඟදැක්වීමට මෙහි පැමිණෙනවා. මන්ද ජීවයන් වන අප ක්‍රියා කරන්නේ ශරීර හරහායි. සාදු සන්නාසිවරුන් සියල්ල අතහැර දමා පාරිශුද්ධ ජීවිතයක් ගත කරනා නිසා ඔවුන් පාප ක්‍රියා කරන්නේ නැහැයි කියා මිනිස්සු සිතනවා. ඇත්තටම කියනවා නම් පාරිශුද්ධ වෙනවා යනු කුමක්දැයි කියා ඔවුන් කිසිසේත්ම දන්නේ නැහැ. ඔවුන් කියනවා: - මම අපිරිසිදුයි - කියා ඔවුන් පාරිශුද්ධකරුට කන්නලව් කරනවා. ඔහු පැමිණෙන තෙක් ලෝකය පාරිශුද්ධ විය නොහැකියි. මෙහි මෙය පැරණි අපිරිසිදු ලෝකයක් වන නිසා තමයි ඔවුන් පාරිශුද්ධ ලෝකය සිහිකරන්නේ. ඔවුන් පාරිශුද්ධ ලෝකයට ගිය විට අපිරිසිදු ලෝකය නැවතත් සිහිකරන්නේ නැහැ. ඒ ලෝකය වෙනමම ලෝකයක්. සෑම දෙයක්ම මුලදී අළුත්වට තිබී පසුව පැරණි වෙනවා. එකම එක අපිරිසිදු ජීවයකටවත් නව ලෝකයේ සිටින් බැහැ. නව ලෝකයේ නිර්මාණකරු පරමාත්ම පියායි. පරමාත්ම ජීවයයි. පාරිශුද්ධකරු වන්නේ ඔහු පමණයි. ඔහුගේ නිර්මාණය අනිවාර්යෙන්ම පාරිශුද්ධ විය යුතුයි: පාරිශුද්ධත්වයෙන් අපිරිසිදු වෙනවා. අපිරිසිදු බවින් පාරිශුද්ධ වෙනවා. මේ දේවල් වෙන කිසිම කෙනෙකුගේ සිහියට යන්නේ නැහැ. පරමාත්ම පියා සෑම කල්පයකදීම පැමිණෙන්නේ ඔබට පැහැදිලි කර කියා දීමටයි. ඔය දරුවන් අතරිනුත් ඇතැම් අය තුළ බුද්ධියේ විශ්වාසය ඇති නමුත් කෙටි කලකින් ගැටළු ඇති වී පසුව මායා ඔවුන්ව සම්පූර්ණයෙන්ම ගිල දමනවා. ඔබලා මහාරතීනුයි එහෙම නේද? මුලදී ඔබලා ඉතාමත් පිරිසිදු වන්දනීය අය ලෙසින් සිටියා. දැන් මෙය අපිරිසිදු ලෝකයයි. පාරිශුද්ධ ලෝකයේ සිටියේ භාරතවාසීන් පමණයි. ඔය භාරතවාසීන් ආදී සනාතන දේවි දේවතා ධර්මයට අයිති සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර කිරුළු දෙකක් පැළදි අය ලෙසින් සිටියා මහාරාතීන් මේ ලෙසින් පැහැදිලි කළ යුතුයි. මෙය ඔබ ප්‍රීතියෙන් පහදා දිය යුතුයි. පරමාත්ම දෙවියන් කියනවා: රාග ගින්න මත අසුන් ගැනීමෙන් ඔබ අවලස්සන වෙනවා. පසුව ඥාන ගින්න මත අසුන් ගැනීමෙන් ඔය ජීවාත්මයන් ලස්සන වෙනවා. පැහැදිලි කිරීම් කරනා ඕනෑම කෙනෙක් රාග ගින්නේ අසුන් නොගන්නෙක් විය යුතුයි. කෙසේවෙතත්, අන් අයට පැහැදිලි කිරීම් කළත් තමුන් රාග ගින්නේ අසුන් ගන්නා අයත් සිටිනවා. අද ඔවුන් මෙම ඥානය පහදා දී හෙට ගිහින් පාපයේ වැටෙනවා මායා හරිම ශක්තිමත්. ඒ ගැන අහන්නවත් එපා. අන් අයට පැහැදිලි කිරීම් කරනා අයත් ගිහින් රාග ගින්නට වැටෙනවා. පසුව පසුතැවිලි වී ඔවුන්ට අනේ මොකද වුණේ? කියා ඇසීමට සිදු වෙනවා. මෙයත් බොක්සිං තරගයක්. පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙක් දුටු ගමන් ඇයට ආකර්ශණය වී තම මුහුණ කැත කර ගන්නවා. මායා හරිම බලවත් පොරොන්දුත් වෙලා පසුව ඇද වැටෙනවා. එහෙම වුණොත් සියයට සීයකින්ම දඬුවම් විඳීමට සිදු වෙනවා. එය ශුද්‍ර යෙක් සේ අපිරිසිදු වීමක් වැනියි. අමෘතය පානය කර පිටතට ගිහින් වැරදි ක්‍රියා කරමින් අන් අයට හිරිහැර කරනා අයත් සිටිනා බව සඳහන් වී තිබෙනවා. අත්පුඩි ගැසීමට අත් දෙකක් අවශ්‍යයි: එක් අතකින් අත්පුඩි ගසන්න බැහැ. දෙදෙනාම නරක් වෙනවා. ඇතැම් අය ඒ ගැන තොරතුරු දන්වනවා. අනිත් අය ලැජ්ජාවටම කිසිවක් නොකියා සඟවා ගන්නවා. බ්‍රහමිණ් වංශය අතරේ තම නම අපහාසයට ලක් වේවි කියා ඔවුන් සිතනවා. සටනකදී කෙනෙක් පැරදුණු විට එතරම් ප්‍රබල කෙනෙකුත් පැරදුණානේ කියා මහා හඬක් ඉක්මනින්ම දසත පැතිරෙනවා. එවන් හදිසි අනතුරු බොහොමයක් සිදු වෙනවා. ගමනාන්තය ඉතාමත් ඉහළයි. සතෝප්‍රධාන්ව ලස්සනට සිටි අය රාග ගින්න මත අසුන් ගැනීම නිසා තමෝප්‍රධාන් අවලස්සන අය බවට පත්ව ඇතැයි කියා ඔය දරුවන් දැන පහදා කියනවා. රාමාව තද නිල් පාටින් පෙන්වනවා. එවන් බොහෝ දෙනෙකුගේ නිල් පාට පින්තූර ඔවුන් සාදනවා. කෙසේවෙතත්, ඔබට කියන්නේ, ප්‍රධාන අය කිහිප දෙනෙක් ගැණ පමණයි. මෙහිත් තද නිල් පාට රාමචන්ද්‍ර පින්තූර තිබෙනවා. ඔවුන්ගෙන් අහන්න: ඇයි මේ පින්තූර නිල් පාටින් පෙන්වා තිබෙන්නෙ? ඔවුන් කියාවි: ඒ තමයි දෙවියන්ගේ කැමැත්ත. මෙය කාලාන්තරයක් තිස්සේ පැවත එන්නක්. ඇයි එහෙම වෙන්නේ කුමක්ද සිදු වූයේ කියා ඔවුන් දන්නේ නැහැ. පරමාත්ම පියා දැන් ඔබට පහදා කියනවා: රාග ගින්න මත අසුන් ගැනීමෙන් ඔබ අපිරිසිදු දුක්ඛිත පැන්සයක් තරම්වත් නොවටිනා අය බවට පත් වෙලා. එය පාපයෙන් තොර ලෝකය වන අතර මෙය පාපකාරී ලෝකයයි. මේ ආකාරයෙන් පැහැදිලි කරන්න: මෙය සූර්ය වංශයයි. එය චන්ද්‍ර වංශයයි. පසුව ඔබලා ක්ෂත්‍රිය වංශයේ කොටසක් බවට පත්විය යුතුයි. පාප මගට යාම නිසා ඔවුන්ට තවදුරටත් දේවතාවරුන් කියා කියන්න බැහැ. ජගත්නාථ දේවාලයේ ඉහළින් දේවතාවරුන්ගේ පින්තූර පෙන්වා තිබෙනවා. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් දේවතාවරුන්ගේ ඇඳුම් ලෙසින් තිබුණත් කරන ක්‍රියා පෙන්වා ඇත්තේ ඉතාමත් අපිරිසිදුවටයි. පරමාත්ම පියා විසින් ඔබගේ අවධානයට යොමු කරවන දේ කෙරෙහි විශේස සැලකිල්ලක් දක්වන්න. දේවාල වල විශාල සේවයක් කළ හැකියි. ශ්‍රී නාථ දේවාලයේදීත් ඔබට පැහැදිලි කළ හැකියි. ඔවුන්ගෙන් අහන්න: ඇයි මේ පින්තූර ඔක්කොම නිල් පාටින් පෙන්වා තිබෙන්නේ? මෙය පහදාදීම ඉතාමත් හොඳයි. එය ස්වර්ණමය යුගයයි මෙය කළියුගයයි. ජීව මළබදින්නේ එකලයි. ඔබගේ මළකඩ දැන් ඉවත් වෙමින් තිබෙනවා. ස්මරණයේ නොසිටිනා අයගේ මළකඩ ඉවත් වන්නේ නැහැ. ජීවාත්මයන් මළබැදුණු විට ඔවුන් පැරණි ලෝකයට බෙහෙවින් ආකර්ෂණය වෙනවා. ලොකුම මළකඩය නම් කාමරාගයයි. ජීවයන් අපිරිසිදු වී ඇත්තේ පාප නිසායි. ඔබගේ බුද්ධිය දුෂ්ඨ නොවන බවට වගබලා ගන්න. ඉතාමත් හොඳ පළමු ගණයේ දරුවනුත් මෙයින් පැරදෙනවා. ප්‍රධානම කරුණ පාරිශුද්ධත්වය බව ඔය දරුවන් දැන් තේරුම් ගනිමින් සිටිනවා. මුල් කාලයේ පටන්ම මෙම කරුණ නිසා නොයෙකුත් සටන් ඇතිවුණා. පරමාත්ම පියා මෙයට ක්‍රමයක් සොයා ගත්තා. සෑම කෙනෙක්ම කිව්වේ තමන් ඥාන අමෘතය පානය කිරීමට යනවා කියලයි. ඥාන අමෘතය ඇත්තේ මහා ඥාන සාගරයට පමණයි. ග්‍රන්ථ පොත් පත් කියවා කිසිම කෙනෙකුට පාරිශුද්ධ වෙන්න බැහැ. ජීවාත්මයන් පිරිසිදු වී පාරිශුද්ධ ලෝකයට යා යුතුයි. පාරිශුද්ධ වීමෙන් පසුව ඔබ මෙහෙන් යන්නේ කොහාටද? අහවල් අහවල් කෙනා සදාතනික මුක්තිය ලැබුවායි කියා මිනිස්සු විශ්වාස කරනවා. ඔවුන් දන්නේ මොනවාද? කෙනෙක් සදාතනික මුක්තිය ලැබුවා නම් ඒ ජීවය වෙනුවෙන් ඔබට අවසන් කටයුතු සැමරීම කියා දෙයක් කරන්න බැහැ. මෙහි මිනිස්සු ඒ යන ජීවයට අඳුරේ අතපත ගාමින් කරදර වීම වැළැක්වීමටයි කියා පහනක් පත්තු කර තබනවා. ජීවයක් එක් ශරීරයක් අතහැර තවත් එකකට එක් තත්පරයක කාලෙකින් ගමන් කරනවා. ජීවයකට අඳුරක් කියා දෙයක් ඇති වන්නේ කෙසේද? එහෙම සිරිතක් පැවතගෙන එනවා. ඔබත් ඒවා කළා. නමුත් දැන් නැහැ. ශරීරය පසට එකතු වෙනවා කියා ඔබ දන්නවා. එහේ ඒ වගේ සිරිත් විරිත් නැහැ. ප්‍රාතිහාර්ය පෑමේ බලය වැනි දේත් ඇති දෙයක් නැහැ. උදාහරණයක් ලෙස ගතහොත් කෙනෙකුට පියාපත් ලැබී ඔහු පියාසර කිරීමට පටන් ගත්තයි කියමු... ඉතින් මොකද? එහි ඇති ඵලයක් තිබෙනවාද? පරමාත්ම පියා කියනවා: මා සිහි කරන්න. ඔබගේ පාපා දුරු වී යාවි. අපිරිසිදු ඔබ පාරිශුද්ධ කරවනා මෙය යෝග අග්නියයි. ඥානයෙන් ඔබට ධනය ලැබෙනවා. යෝගාවෙන් ඔබ නොනිමි සුවයක් ලබා පාරිශුද්ධ වන අතර ඥානයෙන් නොනිමි ධනයක් ලබනවා. යෝගිවරයෙකුගේ ආයුෂ කාලය කොහොමත් භෝගිවරයෙකුගේ (ඉන්ද්‍රිය සන්තර්පනයේ යෙදෙන්නන්) ආයුෂ කාලයට වඩා වැඩියි. ක්‍රිෂ්ණාට යෝගේෂ්වර කියලත් කියනවා. ඔහු ක්‍රිෂ්ණා වූයේ පරමාත්ම දෙවියන් සිහි කිරීමෙනුයි. දෙව්ලොවේදී ඔහුට යෝගේෂ්වර කියන්නේ නැහැ. එවිට ඔහු රජකුමරෙක් පසුගිය උපත් වලදී ඔහු කළ ක්‍රියා නිසා දැන් ක්‍රිෂ්ණා වී සිටිනවා. කර්ම, අකර්ම හා පාපකර්ම ගැන වූ ගැඹුරු කර්ම නියාමය පරමාත්ම පියා දැන් ඔබට පහදා දෙනවා. කල්ප බාගයක් පුරාවට රාම රාජ්‍යය පැවති අතර අනිත් කල්ප බාගයේ තිබුණේ රාවන රාජ්‍යයයි. කාමරාගයේ ගැලීම ලොකුම පාපයයි. ඔබ සැම සහෝදර සහෝදරියන්ය. සෑම ජීවයක්ම සහෝදරයෙක්ය. ඔබලා පරමාත්ම දෙවියන්ගේ දරුවනුයි. ඉතින් දුෂ්ඨ හිරිහැර ඇතිවිය හැක්කේ කෙසේද? අපි බීකේ වරුන් පාපයේ ගැලෙන්නේ නැහැ. මෙම ක්‍රමය මගින් පමණයි ඔබලාට පාරිශුද්ධව සිටිය හැක්කේ. රාවන රාජ්‍යය දැන් අවසන් වෙමින් පවතින බව ඔබලා දන්නවා. පසුව සියළුම ජීව පාරිශුද්ධ වේවි. සෑම නිවසක්ම ඒකාලෝක වෙනවා කියන්නේ මෙයයි. ඔබගේ ආලෝකය දැන් දැල්විලා. ඔබ සෑම කෙනෙකුටම දැනුමේ තෙවෙනි ඇස ලැබී තිබෙනවා. ස්වර්ණමය යුගයේ දී සෑම කෙනෙක්ම පාරිශුද්ධයි. ඔබ මෙය තේරුම් ගන්නේ මේ කාලයේදී පමණයි. අන් අයට පැහැදිලි කිරීමේ දී ඔය දරුවන්ගේ ශක්ති මට්ටම එකිනෙකට වෙනස්. ඔබ ස්මරණයේ රැඳී සිටීම එකිනෙකට වෙනස්. රාජ්‍යයක් ස්ථාපනය වන්නේ කෙසේද යන්න කිසිම කෙනෙකුගේ සිහියට ඇතුළු වන්නේ නැහැ. ඔබලා සේනාවකි. ස්මරණයේ බලයෙන් ඔබ පාරිශුද්ධ වී පසුව රජවරුන් රැජිණියන් බවට පත් වෙනවා. ඔබගේ ඊලඟ උපතේදී. ඔබ දෙතොලේ රන් හැන්දක් තිබේවි. උසස් විභාගයකින් සමත් වන්නන් උසස් තත්ත්වයකට පත් වෙනවා. වෙනසක් තිබෙනවා: ඔබට සතුට ලැබෙන්නේ අධ්‍යයනයේ තරමටයි. පරමාත්ම දෙවියන් උගන්වයි. එමනිසා , ඒ කුල්මත් බව ඔබ තුළ සෑම විටම තිබිය යුතුයි. දැන් ඔබ පෝෂ්‍යදායි ආහාර ලබනවා. පරමාත්ම දෙවියන් හැරෙන්න වෙන කිසිම කෙනෙක්ට ඔබව දෙවි දේවතාවරුන් කරවන්න බැහැ. ඔබලා දැන් අපිරිසිදු බවින් පාරිශුද්ධ වෙනවා. පසුව උසස් තත්ත්වයක් ලබා ඔබ උපතක් උපතක් පාසා සතුටින් සිටීවි. ඉගෙන ගන්නා අතර ඔබෙන් ඇතැම් අය කිළිටි වෙනවා. ශාරීරික අවධානයට ලක්වීමෙන් ඔබගේ ඥානය නම් වූ තෙවන ඇස වැසෙනවා. මායා ඉතාමත් බලවත් පරමාත්ම පියාම කියනවා: ලොකු උත්සාහයක් අවශ්‍යයි. මම බ්‍රහ්මාගේ ශරීරයට ඇතුළු වී ලොකු වෙහෙසක් දරනවා. ඇතැම් අය මෙය තේරුම් ගෙනත්: කොහොමද මේ ශිව බාබා පැමිණ අපට උගන්වන්නේ? කියා අසා මම මෙය පිළිගන්නේ නැහැයි කියා කියනවා. මේ ඔවුන්ගේම දක්ෂතාවයයි. ඔවුන් නිකම් ඒ වගේ දේවල් කතා කර කර සිටිනවා. කෙසේවෙතත්, අධිරාජ්‍යය ස්ථාපනය වෙනවා. සත්‍ය යේ ඔරුව ගල්පර වල වැදී සෙලවුණත් කිසිදු විටෙක ගිලෙන්නේ නැහැයි කියා කියනවා. බාධක ගණනාවක් ඇති වෙනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බෙහෝ කාලයක් තිසේසේ නැතිවී සිට මේ දැන් හමු වුණු දෑසේ ආලෝකය වන අවලස්සනකින් ලස්සන වන ජීවාත්මයන් වන ඔය දරුවන්ව ඔබගේ මව හා පියා වන බාප්දාදා තම හදපත්ලෙන්ම නැගි සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. යෝග අග්නියේ පාප මළකඩ ඉවත් කර දමන්න. ඔබගේ බුද්ධිය දුෂ්ඨ වෙනවාද නැද්ද කියා පරීක්ෂා කර බලන්න.

2. ශ්‍රද්ධාවන්ත බුද්ධියක් දියිණු කර ගත් පසු කිසිම දෙයක් පිළිබඳ ගැටළුවක් ඇති කර ගන්න එපා. පාපක්‍රියා කිරීමෙන් තමාව බේරා ගැනීමට නම් පළමුව තම ආදි ධර්මතාවයේත් පිය ස්මරණයේත් ස්ථාවරව සිටිමින් කරනා ක්‍රියාවක් කරන්න.

වරදානය:
ඔබ සියලු ලැබීම් අත්විඳීමෙන්, බලවත් වී, නිරතුරුව සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වේවා.

සියලු ලැබීම්වල ප්‍රතිරූ වන අය ශක්තිමත්ය. සියලු ලැබීම් අත්දකින, එවන් බලවත් ජීවාත්මයන්ට පමණයි, සාර්ථකත්වයේ පිළිරූ වීමට හැකි වන්නේ. සතුටේ සහ සාමයේ මාස්ටර් දානපතියන් සිටින්නේ කොහිද කියා, සියලුම ජීවාත්ම දැන් සිතමින් සිටියි. ඔබට සියලු බලයන්ගේ තොගයක් තිබෙන විට, ඔබට සියලු දෙනාව තෘප්තිමත් කිරීමට හැකි වෙයි. මෙකල, සෑම දෙයක්ම එක වෙළඳසැලකින් ලබා ගත හැක, එබැවින් ඔබද ඒ හා සමාන විය යුතුයි. කෙනෙකුට දරාගැනීමේ බලය තිබෙන නමුත් මුහුණ දීමේ බලය නොමැති වීම, සිදු නොවිය යුතුයි. ඔබට සියලුම බලයන්ගේ තොගයක් තිබිය යුතුයි, මන්ද ඔබට සාර්ථකත්වයේ පිළිරුවක් වීමට හැකි වන්නේ එවිට පමණයි.

පාඨය:
බ්‍රහ්මන දිවියේ පියවර වන්නේ විනය නීති මාලාවය. පියාගේ පිය සටහන් මත තම පියවර තැබීම යනු, ඔබගේ ගමනාන්තයට ලඟා වීමය.


මාතේශ්වරීජීගේ අමිල වදන්

නිර්මාණය වී ඇති සදාතනික නාටකය, උත්සාහය සහ ප්‍රතිලාභයේ එකකි.

මාතේශ්වරී උත්සාහය සහ ප්‍රතිලාභය කාරණා දෙකක්. ප්‍රතිලාභයක් නිර්මාණය වන්නේ දරන ලද උත්සාහයට අනුවයි. මෙම සදාතනික නාටකය නොකඩවා භ්‍රමණය වෙනවා. භාරතයේ ආදි සදාතන නිවැසියන්, පිදුම් ලබන්නට සුදුසුව සිට පසුව පුදන්නන් විය. ඉන්පසුව එම පුදන්නන්ම උත්සාහ දරා පිදුම් ලබන්නට සුදුසු අය වෙයි. නැග්ම සහ බැස්මේ සදාතනික නාටකය, කල් තියා නියමිත වූවකි.

සොයන්නා මාතේශ්වරී, මට මේ ප්‍රශ්නයත් තිබෙනවා. මේ ආකාරයට මෙම නාටකය කල් තියා නියමිත වූවක් නිසා, මා නැඟීමට යන්නේ නම් එය ඉබේටම සිදුවෙයි. එසේ නම් උත්සාහ දැරීමේ ඇති ප්‍රයෝජනය කුමක්ද? නඟින අය පසුව වැටෙයි, එසේ නම්, අපි මෙතරම් උත්සාහ දරන්නේ කුමටද? මාතේශ්වරී, නාටකය ඒ ආකාරයෙන්ම නැවතත් සිදුවන බව ඔබ කියනවා, එසේ නම් සර්ව බලධාරී දෙවියන්ට එවන් නාටකයක් නැරඹීම එපා වන්නේ නැද්ද? ඍතු සතරේ වෙනසක් තිබෙන සේම, එනම් වසන්ත, ග්‍රීෂ්ම, සරත් සහ ශිත ආදි ලෙසින්, මේ නාටකයෙත් යම් වෙනසක් තිබෙනවාද?

මාතේශ්වරී මේ නාටකයේ අසහාය බව මෙයයි එය ඒ ආකාරයෙන්ම නැවත සිදුවනවා. මේ නාටකයේ තවත් විශේෂත්වයක් වන්නේ, එය ඒ ආකාරයෙන්ම නැවත සිදුවන නමුත් එය දිනපතාම අළුත් බව හැඟෙයි. මුලදි අපට මෙම ඉගැන්වීම් තිබුණේ නැහැ, නමුත් අපට මෙම දැනුම ලැබුණු පසුව, අපි දැනගත්තා ගෙවී යන සෑම තත්පරයක්ම, තත්පරයෙන් තත්පරයට, පෙර චක්‍රයේ සිදුවූ එම ආකාරයෙන්ම කිසිදු වෙනසක් නොමැතිව සිදුවන බව, නමුත් අප නොබැඳි නරඹන්නෙක් ලෙස එය නරඹන විට, එය දිනපතාම අළුත් බව අපට දැනෙනවා. අපට දැන් සතුට සහ දුක යන දෙක පිළිබඳ අවබෝධය ලැබී තිබෙනවා, එබැවින් අප අසමත් වීමට යන නිසා අප ඉගෙන ගන්නේ කුමටද කියා අපි නොසිතිය යුතුයි. නැහැ. එසේ නම් ඔබට මෙහෙමත් සිතන්නට පුළුවන්, ඔබට ආහාර ලැබෙන්නට තිබේ නම්, ඔබට එය ඉබේටම ලැබෙයි, එසේ නම් යමක් උපයා ගැනීමට ඔබ මෙතරම් වෙහෙස වන්නේ ඇයි? ඇත්ත වශයෙන්ම දැන් ඉහළ නැඟීමේ කාලය පැමිණ ඇති බව මා දකිනවා, එමෙන්ම එම දේවතා රාජ පෙළපතම ස්ථාපනය කෙරෙනවා, එසේ නම් අපි ඒ සතුට දැන් නොගන්නේ මන්ද? නිදසුනක් ලෙස, කෙනෙකුට විනිශ්චයකරුවෙක් වීමට අවශ්‍ය නම්, එවිට ඔහු යම් උත්සාහයක් දැරූ විට පමණයි ඔහුට උපාධියක් හිමි වන්නේ. ඔහු අසමත් වන්නේ නම්, සියලු උත්සාහ අපතේ යයි. කෙසේවෙතත්, මෙම අවිනාශී ඥාන මිණි මුතු සමග එය එසේ නොවෙයි. මෙම අවිනාශී ඥාන මිණි මුතු සුළුවෙන් වත් විනාශ වන්නේ නැහැ. දේවතා රජ පෙළපතට පැමිණීමට අවශ්‍ය තරම් උත්සාහ ඔබ නොදැරුවත්, ඔබ අඩුවෙන් උත්සාහ දරා ඇත්නම්, ඔබට ස්වර්ණමය යුගී පුරවැසියන්ගෙන් කොටසක් විය හැක. කෙසේවෙතත්, උත්සාහ දැරීමට අවශ්‍යයි, මන්ද ප්‍රතිලාභය නිර්මාණය වන්නේ උත්සාහ දැරීමෙන් පමණයි, එබැවින් ශ්‍රේෂ්ඨ වන්නේ උත්සාහයයි.

මෙම දේවමය ඥානය, සියලු මනුෂ්‍ය ජීවාත්මයන්ටයි.

ප්‍රථමයෙන් අප එක් ප්‍රධාන කරුණක් අපගේ අවධානයේ තබා ගත යුතුයි. මේ මනුෂ්‍ය ලෝක වෘක‍ෂයේ බීජය පරමාත්ම දෙවියන් නිසා, සියලුම මනුෂ්‍යයන්ට, පරමාත්ම දෙවියන්ගෙන් අපට ලැබෙන ඥානයේ මිණි මුතු අවශ්‍යයි. සියලු ආගම් වල අයට මෙම ඥානයට අයිතියක් තිබෙනවා. සෑම ආගමකම දැනුම එයටම ආවේනික වුවද, ඔවුන්ගේ ආගමික ග්‍රන්ථ ඔවුන්ටම ආවේනිකයි, ඔවුන්ගේ අදහස් ඔවුන්ගේමයි, ඔවුන්ගේ සංස්කාර ඔවුන්ටම ආවේනිකයි, එනමුදු මෙම ඥානයේ මිණි මුතු, සියලු දෙනාටමයි. ඔවුන්ට මෙම දැනුම ලබා ගැනීමට නොහැකි වුවත්, එමෙන්ම ඔවුන්ට අපගේ රජ පෙළපතට පැමිණීමට නොහැකි වන නමුත්, එම ඒකායන කෙනා සියලු දෙනාගේ පියාණන් නිසා, ඔහු සමග යෝගාවේ සිටීමෙන් ඔවුන් සියලු දෙනාම අනිවාර්යෙන් පිවිතුරු වෙයි. එමෙන්ම මෙම පාරිශුද්ධත්වය නිසා, ඔවුන් තමන්ගේම කොටසේ අනිවාර්යෙන්ම තත්ත්වයක් හිමි කරගනී, මන්ද සියලුම මනුෂ්‍යයන්ට යෝගාව ගැන විශ්වාසයක් තිබේ. බොහෝ දෙනෙක් පවසන්නේ ඔවුන්ට සදාකාලික මුක්තිය අවශ්‍ය බවයි. කෙසේවෙතත්, ඔබට දඬුවම් ලැබීමෙන් නිදහස් වීමට බලය ලබා ගත හැකි වන්නේ මෙම යෝගාවේ සිටීමෙන් පමණයි. අච්චා.