01.09.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ ජීවිතය ආරක්ෂා කර දෙන ජීවිතයේ ස්වාමියා වන පියා, දරුවන් වන ඔබට ඥානයේ මිහිරි මුරලිය වාදනය කිරිමටත්, ඔබගේ ජීවිතය රැක දීමටත් පැමිණ සිටියි.

ප්‍රශ්නය:
වාසනාවන්ත දරුවන් වන ඔබට පමණක් ඇති ශ්‍රද්ධා විශ්වාසය කුමක්ද?

පිළිතුර:
එම ශ්‍රද්ධාව නම්, අපේ වාසනාව නිර්මාණය කරනා පියා පැමිණ සිටියි යන ශ්‍රද්ධාවයි. අපි අපේ භක්තියේ ඵල ලබා ගන්නවා. මායා විසින් කපා ඉවත් කළ පියාපත් ආපසු අපට දි අපව නැවතත් නිවහන වෙත ගෙන යාමට පියා දැන් පැමිණ ඇත. මෙම ශ්‍රද්ධා විශ්වාසය ඇත්තේ වාසනාවන්ත දරුවන්ට පමණයි.

ගීතය:
උදේ පාන්දරම පැමිණියේ කවුද?

ඕම් ශාන්ති.
උදේ පාන්දරම මෙහි පැමිණ මුරලිය වාදනය කරන්නේ කවුද? ලෝකය ඇත්තේ සම්පූර්ණ අන්ධකාරයේයි. ඔබ දැන් ඥානයේ සාගරය, පාරිශුද්ධකරු වන, ජීවිතයේ ස්වාමියා වන පරමාත්ම පියාට ඇහුම් කන් දෙනවා. ඔහු පරමාත්ම දෙවියන්ය. ඔබගේ ජීවිතය රැක ගත් කෙනායි. මිනිස්සු කියනවා අහෝ දෙවියනි, මෙම වේදනාවෙන් මාව බේරා ගන්න. ඒ මිනිස්සු ඉල්ලන්නේ සීමිත උදව්ය. ඔහු අසීමිත පියා වන නිසා දරුවන් වන ඔබ දැන් අසිමිත උදව් ලබනවා. ජීවාත්ම අදෘෂ්‍යමාන බව හා පරමාත්ම පියාත් අදෘෂ්‍යමාන වන බව ඔබ දන්නවා. දරුවන්ගේ ශරීර දෘෂ්‍යමාන වන විට පියාගේ ශරීරයත් දෘෂ්‍යමාන වෙනවා. ජීවාත්ම නොපෙනෙනා වන නිසා ඔවුන්ගේ පියාත් නොපෙනේ. ඔබට අසීමිත උරුමයක් ලබාදීම සඳහා පියා පැමිණ සිටිනා බව ඔබ දන්නවා. ශ්‍රීමත් (උපදෙස්) ලැබෙන්නේ ඔහුගෙන්ය. සෑම ග්‍රන්ථයකම මැණික වන ගීතාව ඉතාමත් ප්‍රසිද්ධයි. ඔවුන් කර තිබෙන්නේ එහි නම වෙනස් කිරීම පමණයි. ශ්‍රීමත් යනු පරමාත්ම දෙවියන් විසින් පවසනා ලද වදන් බව ඔබ දැන් දන්නවා. සාමාන්‍ය මනුෂ්‍යයින් නාරායනවරුන් බවට පත්කරන ඒකායන කෙනා ඔහුයි. සත්‍ය නාරායනගේ කතාන්තරයක් තිබෙනවා. අමරණීයත්වයේ කතාන්තරය සාදා ඇත්තේ ඔබව අමරණීය දේශයේ පාලකයින් බවට පත් කරවීමටයි. එනම්, මනුෂ්‍යයින් නාරායන ලෙසට වෙනස් කරවීමටයි, එයත් ඒ දේම තමයි. මේ මරණයේ දේශයයි. භාරතය අමරණීයත්වයේ දේශය යන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ. මෙතනත්, අමරණීය බාබා භාරතයේ මිනිසුන් වන ඔබට සෑම දෙයක්ම කියා තිබෙනවා. එක් පාර්වති කෙනෙක් හා එක් ද්‍රවුපදී කෙනෙක් පමණක් නොවෙයි සිටියේ. මෙයට ඇහුම් කන් දෙන බොහෝ දෙනෙක් සිටිනවා. ශිව බාබා බ්‍රහ්මා මාර්ගයෙන් ඔබට කතා කරනවා. පරම පියා කියනවා ඉතාමත් මිහිරි ජීවාත්ම වන ඔබට මම බ්‍රහ්මා මාර්ගයෙන් කතා කරනවා. ඔබ අනිවාර්යෙන්ම ජීව අවධානයට පත් විය යුතුයි කියා පියා ඔබට පහදා දි තිබෙනවා. ඔබව මෙම තත්ත්වයට පත් කර විය හැක්කේ පියාට පමණයි. ජීවාත්මය පිළිබඳ වූ ඥානය ලෝකයේ සිටිනා එකම මනුෂ්‍යයෙකුටවත් නැහැ. ජීවාත්මය පිළිබඳ ඥානය ඔවුන්ට නැති නම්, උත්තරීතර පියා, උත්තරිතර ජීවාත්මය පිළිබඳ ඥානයක් ඔවුන් ලබා ගන්නේ කෙසේද? ජීවාත්මය උත්තරීතර ජීවාත්මයයි කියා මිනිස්සු කියනවා. ලෝකය එතරම් මිත්‍යාවක පැටලි සිටිනවා. මේ මොහොතේදි, මිනිසුන්ගේ බුද්ධිය කිසිම වැදගැම්මකට නැති එකක් බවට පත් වෙලා. ඔවුන් තම තමන්ගේ විනාශය සඳහා කටයුතු සුදානම් කර ගන්නවා. දරුවන් වන ඔබට මෙය අළුත් දෙයක් නොවෙයි. නාටකයට අනුව එය ඔවුන්ගේ කොටස බව ඔබ දන්නවා. ඔවුන් නාටකයේ බැඳිම් වලින් බැඳිලා. මේ දවස්වල ලෝකයේ කලබල රාශියක් උද්ගතවී තිබෙනවා. විනාශය සිදුවන මොහොතේදි දරුවන් වන ඔබ තුළ සෙනෙහස පිරි බුද්ධියක් තිබෙනවා. පියා කෙරෙහි කිසිම සෙනෙහසක් නොමැති දරුවන් විනාශය කරා මෙහෙයවන බව සඳහන් කර තිබෙනවා. මෙම ලෝකය දැන් වෙනස් විය යුතුයි. මීට පෙර මහා භාරත යුද්ධය සිදුවුණු බවත්, පියා ඔබට රාජයෝගා ඉගැන් වූ බවත් ඔබ දන්නවා. මුළු ලෝකයේම සමූල ඝාතනයක් ගැන මිනිස්සු කතා කරනවා. කොහොමනමුත්, සම්පූර්ණ විනාශයක් සිදුවිය නොහැකියි එසේ නොමැතිනම්, සමූල ඝාතනයක් සිදුවනු ඇත - මහා භූත හැරෙන්න, මිනිසුන් හෝ වෙන කිසිම දෙයක් ඉතිරි වන එකක් නැහැ. එය සිදුවිය නොහැකියි. සමූල ඝාතනයක් සිදු වෙනවා නම් මිනිසුන් පැමිණෙන්නේ කොහේ සිටද? ක්‍රිෂ්ණා බුලත් කොලයක පාවී යන ආකාරය පෙන්වා දි තිබෙනවා. පොඞ් දරුවෙක් එසේ එන්නේ කොහොමද? මිනිස්සු ඒ වගේ දේවල් ග්‍රන්ථ වල සඳහන් කර තිබෙනවා. ඒවා ගැන අහන්නවත් එපා. බිෂම්පිතා වැනි උගතුන්ටත් කුමාරින් ඥානයේ ඊතලය විදිය යුතුයි. අනාගතයේදි ඔවුනුත් මෙහි පැමිණේවී. සේවයෙන් ඔබ වැඞ් වැඞ්යෙන් බලවත් වුණු තරමට හා පියාගේ හැඳින්වීම දුන් තරමට එහි විශාල බලපෑමක් ඇති වේවි. ඔව් බාධාවනුත් තිබේවි. යක්ෂයින් මාර්ගයෙන් මෙම යාගයට නොයෙකුත් බාධක එල්ල කරනා බවත් දක්වා තිබෙනවා. ඔවුන්ට උගන්වන්න ඔබට බැරි වේවි. ඥානය හා යෝගා ලබා දෙන්නේ පරම පියා පමණයි. මුක්තිය දානය කරන්නා වන්නේත් එකම පියා පමණයි. අපිරිසිඳු අය පාරිශුද්ධත්වයට පත් කරවන්නේ ඔහු පමණයි. එමනිසා, අනිවාර්යෙන්ම ඔහු ඥානය ලබා දෙන්නේ අපිරිසිඳු වුණු අයට පමණයි. ඔවුන් කියනා ආකාරයෙන් පියාට සර්ව ව්‍යාප්තිකයෙක් වන්න පුළුවන්ද? දිව්‍යමය බුද්ධියකින් අපි දිව්‍යත්වයේ පාලකයින් බවට පත් වන බව ඔබ දන්නවා. මනුෂ්‍යයින් දේවාල කීයක් සාදා තිබෙනවාද කියා බලන්න! කොහොමනමුත්, තමන් කවුරුන් වී සිටියේද, එසේ ඔවුන් සිටි කල, ඔවුන් කළ දේවල් මොනවාද යන්න ඔවුන් දන්නේ නැහැ. දිව්‍යත්වයේ ස්වාමියා වෙනුවෙන් සෑදුණු දේවාලත් තිබෙනවා. භාරතය දිව්‍යත්වයේ දේශයයි. දියමන්ති හා මැණික් ඔබ්බවා සාදන ලද මාළිගා එහි තිබුණා. එය මේ ඊයේ සිදු වූ දෙයක් වගෙයි. ස්වර්ණමය යුගය පමණක් අවුරුදු සිය දහස් ගණනක් පැවති බව ඔවුන් කියනවා. නමුත්, පියා කියනවා මුළු නාටකයම අවුරුදු 5000 කි. භාරතය දැන් තිබෙන්නේ කෙසේද හා තිබුණේ කෙසේද කියා බලන්න! කියා කියන්නේ අන්න ඒ නිසායි. වසර සියදහස් ගණනක දෙයක් කීම කෙනෙකුට සිහිපත් කරන්න බැහැ. දරුවන් වන ඔබ දැන් සියලු දේ මතක තබාගෙන සිටිනවා. එය වසර 5000ක කතාවක් බව ඔබ දන්නවා. බාබා කියනවා යෝගා කරන්න. තමා ජීවාත්මයක් බව සලකා මා සිහිපත් කරන්න. ඥානය යනු මෙයයි, එහෙම නේද? කකුලක් උඩ කකුලක් දාගෙන වාඩිවී සිටින අය හත යෝගීන්ය. ඔවුන් කරන දේ දෙස බලන්න! අම්මලාට එය කරන්න බැහැ. ඔවුන් වාඩිවී සිටින ආකාරයෙන් ඔබට වාඩි වෙන්න බැහැ. භක්ති මාර්ගයේ පිළිම ගණනාවක් තිබෙනවා. පියා කියනවා සුමිහිරි දරුවනි, මේ වගේ දේවල් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. පාසලක ශිෂ්‍යයින් ඉතාමත් විනයානුකූලව සිටිය යුතුයි. පියා ඔබට එපමණ දෙයක් කියන්නේ නැහැ. ඔබට කැමති විදියකට ඔබට වාඩිවී සිටිය හැකියි. වාඩි වෙලා ඉඳගෙන වෙහෙස දැණුනොත් දිගා වෙන්න! බාබා ඔබට තහනම් කරන්නේ නැහැ. මේ කරුණු තේරුම් ගැනීමට ඉතාමත් පහසු කරුණුයි. මෙහි කිසිම අපහසුවක් නැහැ. ඔබ කෙතරම් ලෙඩ වුවත්, ඥානයට ඇහුම් කන් දෙමින් හෝ ශිව බාබා සිහිපත් කරමින් ඔබට ඔබගේ ශරීරය අතහැර යා හැකියි. ශරීරය අතහැර යන මොහොතේදි ගංඟා නදියේ වතුර ඔබගේ දෙතොලේ තිබිය යුතුයි, ඔබ ගංඟා නදිය අසබඩ සිටිය යුතුයි කියා සඳහන් කර තිබෙනවා. ඒ සෑම දෙයක්ම භක්ති මාර්ගයේ කතාන්තරයි. ඇත්තෙන්ම කියනවා නම් එයින් අදහස් වන්නේ ඥානය නැමැති අමුර්තය ගැනයි. ජීවාත්මය සැබැවින්ම මේ ආකාරයට තම ශරීරය අතහැර යාමට සිටිනා බව ඔබ දන්නවා. දරුවන් වන ඔබ මෙහි පැමිණි විට, ඔබ මාව පැත්තකට කර දමනවා. පියා කියනවා මම දරුවන් වන ඔබව ආපසු මා සමඟ ගෙන යමි. මම පැමිණ සිටින්නේ දරුවන් වන ඔබව මා සමඟ නැවත නිවස වෙත ගෙන යාමට පමණයි. ජීවාත්ම වන ඔබ, ඔබගේ නිවහන ගැන දන්නේ නැහැ, ඔබ ගැන දන්නේත් නැහැ. මායා සම්පූර්ණයෙන්ම ඔබගේ පියාපත් කපා දමලා. ජීවාත්ම වලට පියාසර කර යන්න බැරි, ඔවුන් තමෝප්‍රධාන් නිසායි. සම්පූර්ණයෙන්ම පාරිශුද්ධත්වයට පත්වුණේ නැතිනම්, ඔවුන් සාමයේ දේශය වෙත යන්නේ කෙසේද? නාටක සැලසුමට අනුව සෑම කෙනෙක්ම තමෝප්‍රධාන් විය යුතු බව ඔබ දන්නවා. මේ මොහොතේදි මුළු ගසම එහි සම්පූර්ණම දිරාපත් වීමකට ලක් වෙලා. මෙහි සිටිනා කිසිම කෙනෙකුට සතෝප්‍රධාන් තත්ත්වයක් ලබා ගන්න බැහැ. ජීවාත්මයක් පිරිසිඳු වුණු විට ඔහුට තව දුරටත් මෙහි සිටින්න බැහැ. ඔහු මෙතනින් පියඹා යයි. මුක්තිය ලබාගැනීම සඳහා සෑම කෙනෙක්ම භක්ති කළා. කොහොමනමුත්, කිසිම කෙනෙක්ට දැන්ම නිවස වෙත යන්න බැහැ. එයට නීතියෙන් අවසර නැහැ. පරම පියා මෙහි සිට මේ සෑම රහසක්ම ඔබට උගන්වා දෙනවා. කෙසේවෙතත්, ප්‍රධානතම කාරණය නම් පියාව සිහිපත් කිරීම හා ස්වදර්ශන චක්‍රය කැරකැවීමයි. බීජය සිහිපත් කළවිට ඔබගේ බුද්ධිය මුළු වෘක්‍ෂය පුරාම විහිදෙනවා. එක තත්පරයකින් ඔබ සෑම දෙයක්ම දැන ගන්නවා. මානව ලෝකයේ බීජය වන්නේ එකම එක පියා බව ලෝකයේ සිටිනා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ක්‍රිෂ්ණා, දෙවියන් නොවෙයි. ක්‍රිෂ්ණා ලස්සන හා අවලස්සන (ශ්‍යාම් සුන්දර) වශයෙන් හඳුන්වනවා. විසකුරු නයෙක් දෂ්ඨ කර ඔහු අවලස්සන වුණා නොවෙයි. මිනිස්සු අවලස්සන වන්නේ රාගය නැමැති ගින්නේ අසුන් ගැනීමෙනි. මිනිස්සු රාමාවත් කැතට පෙන්වනවා. ඔහුව කෑවේ කවුද? ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ! කොහොමනමුත්, වාසනාව ඇති අය අනිවාර්යෙන්ම තම පියාගෙන් තමාගේ වාසනාව දිනා ගන්නවා ඇත. විශ්වාසයක් නොමැති නම් කවදාවත් ඔවුන් තේරුම් ගන්නේ නැහැ. වාසනාව නැත් නම් ඔබ දරණ උත්සාහය කුමක්ද? වාසනාව නැතිවිට, ඔවුන් කිසිම දෙයක් තේරෙන්නේ නැති කෙනෙක් වගේ වාඩිවී සිටිනවා. අසීමිත උරුමය දීම සඳහා පියා පැමිණ සිටිනවාය යන විශ්වාසයවත් ඔවුන්ට නැහැ. අළුතින්ම වෛද්‍ය විද්‍යාලයට ගිය කෙනෙක් කිසිම දෙයක් තේරෙන්නේ නැතිව වාඞ් වෙලා බලා සිටිනවා සේ, අතැම් අය මෙතනටත් පැමිණ වාඩිවෙලා ඉන්නවා. මෙම අවිනාශි ඥානය කිසිමදාක විනාශ වන්නේ නැහැ. ඔවුන් පැමිණ කරන්නේ මොනවාද? අධිරාජ්‍යයක් ස්ථාපනය කළ විට සේවක සේවිකාවන්, පුරවැසියන්ගේ සේවක සේවිකාවන් වැනි අයත් අවශ්‍යයි. තවදුරටත් ඉදිරියට යන විට, අනිත් අයත් ඉගෙන ගන්න බලාවි. නමුත් එවිට ලොකු අපහසුතාවයක් ඇති වේවි. කලබල රාශියක් ඇති වෙන්න පුළුවන්. දවසින් දවස කුණාටු වැඞ් වේවි. මධ්‍යස්ථාන ගණනාවක් තිබෙනවා. එමනිසා, ඇතැම් අය පැමිණ ඉතාමත් හොඳින් මේවා තේරුම් ගන්නවා. බ්‍රහ්මා මාර්ගයෙන් ස්ථාපනය සිදුවන බව සඳහන් වී තිබෙනවා. විනාශය අත ලඟයි. විනාශය සිදුවිය යුතුයි. දරුවන් අඩුවෙන් ඉපදිය යුතුයි කියා මිනිසුන් කියනවා. කොහොමනමුත්, ගස වර්ධනය විය යුතුයි. පියා මෙහි සිටිනා විට, සෑම ආගමකම ජීව පහළට පැමිණිය යුතුයි. නිවස වෙත යාමට කාලය පැමිණි දින, ජීව පහළට පැමිණීම අවසන් වේවි. සෑම කෙනෙක්ම දැන් පහළට පැමිණිය යුතුයි. නමුත් මේ කරුණු කිසිම කෙනෙක්ට තේරෙන්නේ නැහැ. දෙවියන් භක්තිවන්තයින්ගේ ආරක්ෂකයායි කියා ඔවුන් පවසයි. එමනිසා, භක්තිවන්තයින්ට අනිවාර්යෙන්ම කලබල පැමිණිය යුතුයි. රාවණ්ගේ අධිරාජ්‍යයේදි, සෑම කෙනෙක්ම සම්පූර්ණයෙන්ම පාපාකාරි ජීව බවට පත් වෙලා. කලි යුගයේ අවසානයේදි, තිබෙන්නේ රාවණ්ගේ රාජ්‍යය වන අතර, ස්වර්ණම යුගයේ ආරම්භයේ ඇත්තේ රාමාගේ රාජ්‍යයයි. මේ මොහොතේදි, සෑම කෙනෙක්ම අයිති රාවණ්ගේ යක්ෂ සමාජයටයි. අහවල් අහවල් කෙනා ස්වර්ගයේ වැසියන් බවට පත් වුනා කියා කියනවා. එසේ නම් ඉන් අදහස් වන්නේ මෙය අපාය බවයි. ඔවුන් ස්වර්ගවාසින් බවට පත් වුණා නම්, එය හොඳයි! බලන්න ඔහු පත් වී ඇති තත්ත්වය දෙස! ඔහු අනිවාර්යෙන්ම අපායේ වැසියෙක් වෙන්න පුළුවන්. තමන් අපායේ වැසියන් බවවත් ඔවුන්ට තේරෙන්නේ නැහැ. පියා පැමිණි විට පමණයි ඔබ ස්වර්ගයේ වැසියන් බවට පත් වන්නේ. ඔහු දේව පියා වශයෙන් හඳුන්වනවා. ඔහු පැමිණි විට පමණයි දිව්‍ය ලෝකය ස්ථාපනය වන්නේ. සෑම කෙනෙක්ම ගී ගයමින් සීතාට අයිති රාමා යැයි කියමින් පාරිශුද්ධකරු මතක් කරනවා. අපි අපිරිසිඳුයි, අපව පාරිශුද්ධත්වයට පත්කළ හැක්කේ ඔබට පමණයි. ඒ සෑම කෙනෙක්ම භක්ති මාර්ගයට අයත් සීතාවරුන්ය. පියා රාමායි. මිනිසුන්ට මෙය කෙළින්ම කී විට, ඔවුන් එය විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් අඬගසන්නේ රාමාටයි. පියා දැන් දරුවන් වන ඔබට තෙවැනි ඇස ලබා දී තිබෙනවා. එය දැන් හරියටම ඔබ දැන් වෙනම ලෝකයකට අයිති කෙනෙක් බවට පත් වෙලා වගෙයි. පියා පැහැදිලි කරනවා දැන් සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම තමෝප්‍රධාන් විය යුතුයි, එවිට පියා පැමිණ ඔබව සතෝප්‍රධාන් කරවනවා. පියා සෑම දෙයක්ම ඉතා හොඳින් පැහැදිලි කර කියා දෙනවා. ඔහු කියනවා දරුවන් වන ඔබ ඔබට සේවය කර ගත්තත් එක දෙයක් සිහියේ තබාගන්න පරම පියා සිහිපත් කරන්න! සතෝප්‍රධාන් වන මාර්ගය කියා දෙන්න වෙන කිසිවෙකුටවත් බැහැ. සෑම කෙනෙක්ගේම ආධ්‍යාත්මික ශල්‍යවෛද්‍යවරයා වන්නේ ඒකායන කෙනායි. තමෝප්‍රධාන් වී සිටින්නේ ජීවාත්ම වන නිසා ජීවාත්ම වලට එන්නත් ලබා දෙන්නේ ඒකායන කෙනා වන ඔහුයි. සදාකාලික ශල්‍යවෛද්‍යවරයා යන නමින් හඳුවන්නේ පරමාත්ම පියාවයි. ජීවාත්ම අවිනාශී වන අතර උත්තරිතර ජීවාත්මය වන පියාත් අවිනාශියි. සතෝප්‍රධාන් වීමෙන් අනතුරුව ජීවාත්ම තමෝප්‍රධාන් වෙලා. ජීවාත්ම වලට එන්නතක් අවශ්‍යයි. පරමාත්ම පියා කියනවා දරුවනි, තමන් ජීවාත්ම බව සලකන්න, පරම පියා සිහිපත් කරන්න. ඔබගේ යෝගාව උඩ ඉහළ සිටිනා කෙනාත් සමඟ සම්බන්ධ කරනා විට, ඔබ මිහිරි නිවහන වෙත යනු ඇත. ඔබේ සුමිහිරි නිහඬ නිවහන වෙත දැන් යා යුතු බව ඔබ දන්නවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. දැනුමින් හා යෝගාවෙන් ඔබගේ බුද්ධිය දිව්‍යමය එකක් බවට පත්කරවා ගන්න. ඔබ කොතරම් ලෙඩින් සිටියත්, කොතරම් අපහසුතාවයන් තිබුණත් පරම පියාව සිහිපත් කළ යුතුයි.

2. ඔබට කිසියම් යහපතක් උදාවන්නේ පියාව සිහිපත් කිරීමෙන් පමණයි. එමනිසා, ඔබගේ වාසනාව උසස් කරවා ගැනීම සඳහා බුද්ධියේ සම්පූර්ණ විශ්වාසය තබා ගන්න. ඔබගේ බුද්ධියේ යෝගාව මිහිරි නිහඬ නිවහන වෙත සම්බන්ධ කරවා ගන්න.

වරදානය:
ඔබ ආලෝකමත් සහ සැහැල්ලු වී, ඒකාබද්ධ ස්වරූපයේ අවධානය නිරතුරුව තිබීමෙන් අපහසු කාර්යයන් පහසු කරත්වා.

නිරන්තරයෙන් සිහිපත් කිරීමේ සිටින දරුවන් නිරතුරුවම ඔහුගේ ඇසුර අත්විඳියි. ඔවුන් ඉදිරියට කිසියම් ප්‍රශ්නයක් පැමිණි විට, තමන් ඒකාබද්ධ බව අත්විඳ, ඔවුන් බිය නොවෙයි. ඒකාබද්ධ ස්වරූපයේ අවධානය ඕනෑම අපහසු කාර්යයක් පහසු කරවයි. ඕනෑම විශාල සිදුවීමක් ඔබ ඉදිරියට පැමිණි විට, ඔබගේ බර පරම පියාට භාරකර සැහැල්ලු සහ ආලෝකමත් වන්න. එවිට ඔබගේ මනස සුරඟනාවක් සේ නොකඩවා දිවා රෑ සතුටින් නර්ථනය කරයි.

පාඨය:
සෑම දේකටම විසඳුමක් සොයාගෙන, තෘප්තිමත්ව රැඳී සිට අන් අයවත් තෘප්තිමත් කරන අය, තෘප්තිමත් මැණික්ය.


මාතේශ්වරීගේ අමිල වදන්.
ඥානය සහ යෝගාව අතර වෙනස.

යෝගාව සහ ඥානය වචන දෙකකි. පරමාත්ම දෙවියන් සිහි කිරීම, යෝගාව ලෙස හැඳින්වෙයි. වෙනත් කිසිවෙකු සිහි කිරීමට යෝගාව යන වචනය භාවිත නොකරයි. ගුරූන් උගන්වන යෝගාවද දෙවියන් සමඟ සම්බන්ධ වීම සඳහා වන නමුත් ඔවුන්ට පරමාත්ම දෙවියන්ගේ සම්පූර්ණ හැඳින්වීම නොමැති නිසා ඔවුන්ට යෝගාවෙන් එතරම් සාර්ථකත්වයක් නොලැබෙයි. යෝගාව සහ ඥානය යන දෙකම ශක්තීන් වන අතර මෙම විෂයන් දෙකෙහි උත්සාහ දැරීමෙන් ඔබට බලය ලැබෙන අතර ඔබ පාපකාරී ක්‍රියා ජයගෙන ඔබගේ ජීවිතය ශ්‍රේෂ්ඨ කරවයි. සියලු දෙනාම යෝගාව ගැන කතා කරන නමුත් ප්‍රථමයෙන් ඔබ යෝගාවෙන් සම්බන්ධ වන ඒකායන කෙනාගේ හැඳින්වීම ලබා ගෙන තිබිය යුතුයි. අපට පරමාත්ම දෙවියන්ගේ හැඳින්වීම, පරමාත්ම දෙවියන්ගෙන් ලැබෙයි, එමෙන්ම එම හැඳින්වීම තුළින් යෝගාවේ සිටීමෙන්, අපට සම්පූර්ණ සාර්ථකත්වය ලැබෙයි. යෝගාව තුළින් අපගේ අතීත පාපයන්ගේ බර අප පුළුස්සා දමන අතර ඥානය තුළින් අප අනාගතයේ සිදුකළ යුතු ක්‍රියා මොනවාද සහ කුමක් නිසාද කියා අපට අවබෝධ වනවා. අපගේ ජීවිතවල මුල්, අපගේ සංස්කාර වන අතර සදාතනික ජීවාත්ම සැදී ඇත්තේ සංස්කාර වලින්ය, නමුත් අපගේ සංස්කාර අපගේ ක්‍රියා තුළින් අඛණ්ඩව වෙනස් වෙයි. යෝගාව සහ ඥානය තුළින් ජීවාත්ම ශ්‍රේෂ්ඨත්වයට පත් වන අතර ඔබගේ ජීවිත වල ඔබ බලයද වර්ධනය කරගනී, නමුත් මේ දෙකම ලැබෙන්නේ පරමාත්ම දෙවියන්ගෙනි. අපගේ කර්මික බන්දන වලින් නිදහස් වීමට අප මාර්ගය සොයා ගන්නේ පරමාත්ම දෙවියන්ගෙනි. අපගේ අනාගත ක්‍රියා පාපකාරී නොවන සේ, අප සිදුකර ඇති පාපයන්ගේ කර්මික බන්දන වලින් නිදහස් වීමට අපට බලය ලබා දිය හැක්කේ දෙවියන්ට හැර වෙනත් කිසිවෙකුට නොවෙයි. පරමාත්ම දෙවියන් යෝගාව සහ ඥානය යන දෙකම ගෙන එයි. යෝගා ගින්නේ අපගේ පාපයන් පුළුස්සා දැමීමට ඔහු අපව දිරිමත් කරවන අතර අනාගතයේ අපගේ ක්‍රියා අකර්ම වන සේ, ඔහු අපට ශ්‍රේෂ්ඨ ක්‍රියා සිදුකරන අන්දම උගන්වයි. පරමාත්ම දෙවියන් මෙසේ පවසා ඇත්තේ ඒ නිසයි කර්ම, අකර්ම සහ විකර්ම වල දර්ශන වාදය ඉතාමත්ම ගැඹුරුයි. දැන් ජීවාත්ම වන අපට පරමාත්ම දෙවියන්ගෙන් ඍජුවම බලය අවශ්‍යයි. අපට ආගමික ග්‍රන්ථ වලින් යෝගාවේ සහ ඥානයේ බලය ලබා ගත නොහැක. අපට මේවා ලබා ගත හැක්කේ සර්ව බලධාරි, සියලු බලයන්ගෙන් පිරිපුන් ඒකායන කෙනාගෙන් පමණයි. අප දැන් අපගේ ජීවිතවල සතුට ලබා ගැනීමට හැකි වන සේ අපගේ ජීවිතවල මුල් (සංස්කාර) සකසා ගත යුතුයි. එබැවින් පරමාත්ම දෙවියන් පැමිණ, පිවිතුරු සංස්කාර වල බීජ වපුරා, මෙම පිවිතුරු සංස්කාර වල පදනමට අනුව, අප කල්ප භාගයක් ජීවන-මුක්තිය ලබයි. අච්චා.