01.10.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ දේවතාවරුන් විය යුතුයි, එමනිසා, මායාගේ දෝෂ ඉවත් කර ගන්න. කෝප වීම, කෙනෙකුට ගැසීම, කෙනෙකුට වද දීම, නරක ක්‍රියාවන් සිදු කිරීම සහ සොරකම් කිරීම ආදි සියල්ල විශාල පාපයන්ය.

ප්‍රශ්නය:
මෙම ඥානයේ, වේගයෙන් ඉදිරියට යා හැක්කේ කුමන දරුවන්ටද? පාඩු විඳින්නේ කවුරුන්ද?

පිළිතුර:
තම ගිණුම් තබා ගැනීමට දන්නා දරුවන්ට මෙම ඥානයේ ඉතා වේගයෙන් ඉදිරියට යා හැක. ජීවාත්ම අවධානයේ රැඳී නොසිටින්නන් පාඩු අත් විඳී. බාබා පවසන්නේ ව්‍යාපාරිකයින්ට තම ගිණුම් තබා ගැනීමේ පුරුද්ද තිබේ. එබැවින්, මෙහිදීද ඔවුන්ට ඉතා වේගයෙන් ඉදිරියට යා හැක.

ගීතය:
අහෝ මිනිසාණනි, තම හදවත් කැඩපතේ ඔබගේ මුහුණ බලන්න!

ඕම් ශාන්ති.
පරම පියා ආධ්‍යාත්මික නළුවන් වන දරුවන්ට විස්තර කර දෙයි, මන්ද මෙම අසීමිත නාටකයේ චරිත කොටස් රඟපාන්නේ ජීවාත්මයන් බැවින්. චරිත කොටස් ඇත්තේ මනුෂ්‍යයින්ටයි. ඔය දරුවන් දැන් උත්සාහ දරයි. මිනිසුන් වේද සහ ආගමික ග්‍රන්ථ ඉගෙන ගත්තත්, ශිව වන්දනාවේ යෙදුනත් පරම පියා පවසන්නේ ඒ එකදු ක්‍රමයකින්වත් මා ලබන්නට බැරිය, මන්ද භක්ති මාර්ගය පහත බැසීමේ මාර්ගය බැවින්. ඥානය තුළින් විමුක්තිය ඇති වෙයි. එබැවින් සැබවින්ම ඔබව පහත හෙළීමටත් යමක් තිබිය යුතුයි. කිසිකෙනෙක් නොදන්නා නාටකය මෙයයි. ඔවුන් ශිව ලිංගමයකට වන්දනාමාන කරන විට එයට බ්‍රහ්ම තත්ත්වය යැයි නොකියයි. එසේනම්, ඔවුන් වන්දනා කරන්නේ කාවද? එය දෙවියන් යැයි සළකා ඔහුට වන්දනාමාන කරයි. ඔබ මුලින්ම වන්දනාමාන කිරීම ආරම්භ කළ විට, ඔබ දියමන්ති ශිව ලිංගම් නිර්මාණය කළේය. ඉන්පසු ඔබ දුප්පත් විය, එමනිසා, ඒවා ගල් වලින් සෑදුවේය. දියමන්ති ශිව ලිංගමය ඒ කාලයේ රු 4000 ක් 5000 ක් පමණ වටින්නට ඇති. එයට සමාන වර්තමාන වටිනාකම රු 500,000 සිට 700,000 ක් පමණ වෙයි. ඒ කාලයේ යෙදූ දියමන්ති දැන් සොයා ගැනීම ඉතාමත් අසීරුය. මිනිසුන්ට ගල් බුද්ධි ඇති නිසා කිසිම ඥානයක් නොමැතිව ගල් වලට වන්දනාමාන කරති. ඔබට ඥානය ඇති විට ඔබ වන්දනාමාන නොකරයි. දැන් ඔබ මෙනෙහි කරන්නේ පෞද්ගලිකවම ඔබ ඉදිරියේ ජීවමානව සිටින කෙනා පමණයි. මෙනෙහි කිරීම තුළින් ඔබගේ පාප දුරු වන බව ඔබට වැටහෙයි. ගීතයේ කියැවෙන්නේ ඔහෝ දරුවනි! ජීවාත්මයන්ට, ජීවමාන ජීව යැයි කියයි. ජීවමාන ජීවයක් තම ශරීරය අත්හළ විට, ඉතිරි වන්නේ මළ කඳක් පමණයි. ජීවාත්ම තම ශරීර අත්හරියි. ජීවාත්ම අවිනාශීය. ජීවාත්මයක් ශරීරයකට ඇතුළු වන විට එම ශරීරයට පණ එයි. පරම පියා පවසන්නේ ඔහෝ ! ජීවාත්මයනි, ඔබ කොතරම් දුරට දිව්‍යමය ගුණධර්ම ධාරණය කර තිබේද කියා, තමන්ගේ ඇතුලාන්තය දෙස බලන්න. ඔබ තුළ කිසියම් දුර්ගුණයන් තිබේද? සොරකම් කිරීම වැනි රාක‍්ෂක පුරුදු ඔබට තිබේද? රාක‍්ෂක ක්‍රියාවන් කිරීමෙන් ඔබ පහතට වැටී, ඔබට උසස් තත්ත්වයක් හිමි කර ගැනීමට නොහැකි වෙයි. ඔබ අනිවාර්යෙන්ම ඔබගේ නරක පුරුදු සියල්ලම අවසන් කළ යුතුයි. දේවතාවරුන්, කිසි කෙනෙක් සමඟ තරහ වන්නේ නැත. මෙහි, රාක‍්ෂකයන්ගෙන් ඔබ බොහෝ ගුටි බැට අත්විඳී. ඔබ දේවතා සමාජයේ කොටසක් බවට පත්වන බැවින්, මායා ඔබගේ සතුරා වෙයි. මායාගේ දොස් දිගටම ක්‍රියා කරයි. කෙනෙකුට ගැසීම, කෙනෙකුට වද දීම, නරක ක්‍රියාවන් කිරීම ආදි සියල්ලම පාපයන්ය. ඔය දරුවන් ඉතා පිරිසිදුව සහ පාරිශුද්ධව සිටිය යුතුයි. සොරකම් කිරීම ආදිය විශාල පාපයකි. ඔබ පරම පියාට පොරොන්දු වන්නේ බාබා, ඔබ පමණක් මිස, වෙන කිසිවෙක් මගේ නොවෙයි. මම ඔබව පමණක් සිහිපත් කරන්නෙමි. භක්ති මාර්ගයේ ඔවුන් මෙය ගායනා කරන මුත්, සිහිපත් කිරීමෙන් සිදුවන්නේ කුමක්ද කියා ඔවුන් නොදනී. ඔවුන් කිසිසේත්ම පරම පියාව හඳුනන්නේ නැත. එක් අතකින්, ඔහු නාමයකට සහ රූපයකට ඔබ්බෙන් සිටින බව කියන අතර, අනෙක් අතට ඔවුන් ශිව ලිංගමයකට වන්දනා කරයි. ඔබ මෙය හොඳින් වටහා ගෙන, ඉන්පසු අන් අයට විස්තර කර දිය යුතුයි. පරම පියා පවසන්නේ ශ්‍රේෂ්ඨ ජීවාත්මයක් යැයි ඔබ කිව යුත්තේ කාටදැයි, දැන් තමන්ම විනිශ්චය කර ගන්න. ස්වර්ණමය යුගයේ කුඩා දරුවෙක් සහ රාජ කුමාරයෙක් වන ශ්‍රී ක්‍රිෂ්ණා ශ්‍රේෂ්ඨ ජීවයක්ද, එසේත් නැත්නම් කලි යුග මිනිසෙක් ශ්‍රේෂ්ඨ ජීවයක්ද? ක්‍රිෂ්ණා දුර්ගුණ තුළින් උපදින්නේ නැත. එය දුර්ගුණ වලින් තොර ලෝකය වන අතර මෙය දූෂිත ලෝකයයි. දුර්ගුණ වලින් තොර අයට ඔබට බොහෝ නම්බු නාම දිය හැක. දූෂිත අයට ඔබට කුමන නම්බු නාමයක් ද දිය හැක්කේ? ඔබව උසස් කළ හැකි වන්නේ එකම එක පරම පියාට පමණයි. ඔහු උසස්ම උසස් කෙනායි. සියලුම මනුෂ්‍යයින් නළුවන්ය. එබැවින් ඔවුන් අනිවාර්යෙන්ම ඔවුන්ගේ චරිත කොටස් රඟපෑමට පැමිණිය යුතුයි. ස්වර්ණමය යුගය ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයින්ගේ ලෝකයයි. එහි සිටින සියලූම සත්වයන්ද ශ්‍රේෂ්ඨයි. මායා, රාවණ් එහි නොසිටියි. එහි කිසිම පහත් සත්වයින් නොමැත. ඔබ දන්නවා මොණරා සහ සෙබඩ දුර්ගුණ තුළින් පැටවුන් බිහි නොකරන බව. මොණරා කඳුලක් හෙලන අතර සෙබඩ එය අහුලා ගනී. මොණරාට ජාතික පක‍්ෂියා යැයි කියයි. ස්වර්ණමය යුගයේ දුර්ගුණ ගැන සඳහනක් වත් නොමැත. ඔවුන් ශ්‍රී ක්‍රිෂ්ණා, ලොවෙහි අංක එකේ රාජ කුමාරයාගේ හිස මත මොණරු පිහාටු පෙන්වයි. එහි යම්කිසි විශේෂත්වයක් ඇත. පරම පියා මේ සෑම කරුණක්ම විග්‍රහ කොට ඔබට විස්තර කර දෙයි. එහි දරුවන් උපදින්නේ කෙසේදැයි ඔබ දන්නවා. එහි දුර්ගුණ නොමැත. පරම පියා පවසන්නේ මම ඔබව දේවතාවරුන් බවට පත් කරවන්නෙමි. එබැවින් තමන්ව දැඩි ලෙස පරික‍්ෂා කරගන්න. උත්සාහ නොගෙන, ඔබට ලොවට අධිපතියන් විය නොහැක. ඔය ජීවාත්මයන් තිත්ය. එමෙන්ම පරම පියාද තිතකි. මේ පිළිබඳව අවුලක් ඇති කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. ඔබගෙන් සමහරෙකු මෙසේ කියයි අපිට බාබාව බලන්න ඕනේ. පරම පියා පවසන්නේ ඔබට දැක ගත හැකි අයගේ වන්දනාමාන ඔබ බොහෝ සේ කර ඇත. එසේ කිරීමෙන් යහපතක් සිදුවූයේ නැත. මම දැන් සෑම දෙයක්ම ඔබට නිවැරදිව විස්තර කර දෙන්නෙමි. මම සම්පූර්ණ කොටසින්ම පිරී පවති. මම පරම්පිතා, පරමාත්මායි. කිසිම දරුවෙක් තම ලෞකික පියාට මෙසේ අමතන්නේ නැත. මේ අන්දමින් අමතන්නේ ඒකායන කෙනාව පමණයි. තමන්ට පියා යැයි අමතන දරුවන් සන්යාසීන්ට නොමැත. ඒකායන කෙනා, සෑම ජීවාත්මයකගේම පියායි, ඔබට ඔබගේ උරුමය ලබා දෙන කෙනායි. සන්යාසීන් පවුල් මාවත අනුගමනය කරන්නේ නැත. උපත් 84 ක් ගෙන ඇත්තේ ඔබ බව පරම පියා මෙතැන අසුන් ගෙන විස්තර කර දෙයි. මුලින් ඔබ සතෝප්‍රධාන් වූ අතර ඉන්පසු ඔබ පහතට වැටීම ආරම්භ විය. තමන් දැන් උත්තරීතරයි කියා ඔබ කියා ගන්නේ නැත. තමන් පහත් යැයි ඔබ සළකයි. පරම පියා නැවත නැවතත් පවසන්නේ ප්‍රධානම දේ තමන් තුළ කිසියම් දුර්ගුණ තිබේදැයි පරීක‍්ෂා කර බැලීමයි. සෑම දිනකම රාත්‍රියේ ඔබගේ දින වාර්තාව ලියන්න. ව්‍යාපාරිකයන් සෑම විටෙකම ගිණුම් තබා ගනී. රාජ්‍ය සේවකයන්ට ගිණුම් තබා ගත නොහැක. ඔවුන්ට නිශ්චිත ආදායමක් ලැබෙයි. ව්‍යාපාරිකයින්ට මෙම ඥාන මාවතේ ඉතා වේගයෙන් ඉදිරියට යා හැක. උගත් නිලධාරීන්ට ඒ තරමටම වේගයෙන් යා නොහැක. ව්‍යාපාර වල ඔවුන්ට අද 50 ක් ද හෙට 60 ක් ද උපයා ගැනීමට පුළුවන. විටෙක පාඩු ඇති වේ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප නිශ්චය එකකි. මෙම ආදායමේද, ඔබ ජීවාත්ම අවධානයෙන් නොසිටින්නේ නම් පාඩුවක් විඳීයි. ඔය මව්වරුන් ව්‍යාපාර කරන්නේ නැත. ඔවුන්ට එය ඊටත් ඩඩා පහසුයි. ඔය කුමාරීන්ටද පහසුයි, මන්ද මව්වරුන් ඉනිමඟේ පහළට පැමිණිය යුතු නිසා. එය බොහෝ උත්සාහ දරන්නන්ගේ ශ්‍රේෂ්ඨත්වයයි. ඔය කුමාරීන් දුර්ගුණ වලට ඇතුළු වී නොමැති නිසා ඔබට අත් හැරීමට ඇත්තේ මොනවාද? පිරිමින්ට එය අපහසු බව දැනෙයි. ඔවුන්ට තම පවුල් සහ වංශ ආරක‍්ෂා කර ගත යුතුව ඇත. ඔවුන්ට ඉහළ නැඟුණු ඉනිමඟේ පහළට පැමිණීමට තිබේ. මායා නැවත නැවතත් ඔවුන්ට පහර දී ඇද දමයි. ඔබ දැන් බීකේ වරුන් බවට පත් වී ඇත. කුමාරීන් පාරිශුද්ධයි. භාර්යාවකට විශාලතම සෙනෙහසක් ඇත්තේ ඇයගේ සැමියාටයි. ඔබ සැමියන්ගේත් සැමියාව (උත්තරීතර ජීවය) සිහිපත් කොට අන් සෑම දෙනෙකුව අමතක කළ යුතුයි. දෙමව්පියන්ට තම දරුවන් කෙරෙහි බැඳීම් තිබේ. දරුවන් බැඳීම් පිළිබඳව නොදනී. බැඳීම් ඇරඹෙන්නේ ඔවුන් විවාහ වීමෙන් පසුවයි. පළමුව ඔවුන් භාර්යාවට ආදරය කරයි, ඉන්පසු ඔවුන් ඇයව දුර්ගුණ නම් ඉනිමඟේ ඉහළට තල්ලු කර දමයි. කුමාරියක් දුර්ගුණ වලින් තොරයි, එබැවින් ඇය වන්දනාවට පාත්‍ර වෙයි. ඔබට කියන්නේ බ්‍රහ්ම කුමාරින් කියායි. ඔබ ප්‍රශංසා ලැබීමට සුදුසු වී, ඉන්පසු වන්දනාවට සුදුසු වෙයි. පරම පියා ඔබගේ ගුරුවරයාද වන බැවින් ඔය දරුවන් තුළ ශිෂ්‍යයින් වීමේ කුල්මත්භාවය තිබිය යුතුයි. පරමාත්ම දෙවියන් අනිවාර්යෙන්ම ඔබව දෙවි දේවතාවරුන් බවට පත් කරවයි. පරමාත්ම දෙවියන් එක්කෙනෙක් බව ඔබට විස්තර කර දී තිබේ. අන් සියලූම දෙනා සහෝදරයෝ වෙනින් සම්බන්ධකමක් නොමැත. නිර්මාණය සිදුවන්නේ ප්‍රජාපිතා බ්‍රහ්මාගේ මාර්ගයෙනි. ඉන්පසු සංඛ්‍යාව වැඩි වෙයි. ජීවාත්මයන්ගේ සංඛ්‍යාව වැඩි වෙයි කියා කිව නොහැක. සංඛ්‍යාව වැඩි වන්නේ මනුෂ්‍යයින්ගේය. ජීවාත්මයන් සීමිත සංඛ්‍යාවක් සිටියි. බොහෝ දෙනෙක් නොකඩවා පැමිණෙයි. ඔවුන් උඩ සිටින තාක්කල්, පහළට නොකඩවා පැමිණෙයි. වෘක‍්ෂය නොකඩවා වැඩෙයි. එය වියැළෙන්නේ නැත. මෙම වෘක‍්ෂය නුග ගසකට සංසන්දනය කෙරේ අත්තිවාරම නොමැති වුවත් ගසේ ඉතිරි කොටස් තවමත් තිබේ. ඔබත් සමඟද එය එසේමයි. අඩිතාලම නොමැති වුණත් තවමත් එහි සංඥා එකක් හෝ තිබේ. දැන් වුවද ඔවුන් නොකඩවා දේවාල ගොඩනඟයි. දේවතාවරුන්ගේ රාජධානිය පැවතුනේ කවදාද කියා මනුෂ්‍යයින් දන්නේ නැත. එය කොහෙද ගියේ? මෙම ඥානය ඇත්තේ ඔය බ්‍රහ්මිණ්වරුන්ටයි. උත්තරීතර ජීවයේ ස්වරූපය, තිතක් බව කියාවත් මනුෂ්‍යයින් නොදනී. ඔහුගේ ස්වරූපය, සනාතන, අසීමිත ආලෝකයක් බව ගීතාවේ ලියා තිබේ. පෙර, ඔවුන්ගේ භක්තියට අනුව බොහෝ දෙනෙකුට දර්ශන ඇති වූයේය. ඔවුන් රතු පැහැ ගැන්විය. ඇති! මට එය තවත් දරා ගත නොහැකියි යැයි ඔවුන් කියයි. එය නිකම් දර්ශනයක් පමණයි. පරම පියා පවසන්නේ දර්ශන දැකීමේ කිසිම ඵලයක් නොමැත. මෙහි ප්‍රධානතම දේ සිහිපත් කිරීමේ වන්දනාවයි. රසදිය ලිස්සා යන අයුරින්ම සිහිපත් කිරීමද නැවත නැවතත් ලිස්සා යයි. කෙනෙකුට පරම පියාව සිහිපත් කිරිමට කොතරම් උවමනා වුණත්, වෙනත් සිතිවිලි මතු වෙයි. ඔබ දිවිය යුත්තේ මෙම සිහිපත් කිරීමේ තරඟයේය. ඔබගේ පව් ක‍්ෂණයකින් දුරු වන්නේ නැත, එයට කල් ගත වෙයි. ඔබ දැන් කර්මාතීත් තත්ත්වයට පත්වූයේ නම් ඔබගේ ශරිරය ඉතිරි වන්නේ නැත. කෙසේවෙතත්, කිසිවෙකුට තවමත් කර්මාතීත් තත්ත්වයට පත් විය නොහැක. එසේ වුවා නම් ඔබට ස්වර්ණමය යුග ශරීරයක් අවශ්‍ය වෙයි. ඔය දරුවන් දැන් සිහිපත් කළ යුත්තේ පරම පියාව පමණයි. නොකඩවා තමන්ව පරික‍්ෂා කරන්න මම කිසියම් නරක ක්‍රියාවක් සිදුකරන්නේද? ඔබ අනිවාර්යෙන්ම දින වාර්තා සටහනක් තබා ගත යුතුයි. එවැනි ව්‍යාපාරිකයන්ට ඉතා ඉක්මණින් ධනවත් විය හැක. පරම පියාට ඥානය තිබේ, ඔහු එය ඔබට ලබා දෙයි. පරම පියා පවසන්නේ මෙම ඥානය මගේ ජීවයේ තැන්පත් වී තිබේ. චක්‍රයකට පෙර මම ඔබට කියූ දේවල් පමණයි එම අන්දමින්ම මම ඔබට කියන්නේ. මම විස්තර කරන්නේ ඔය දරුවන්ට පමණයි. වෙන කිසිවෙකු නොදනී. ඔබ මෙම ලෝක චක්‍රය දනී. සෑම නළුවෙක්ම රඟපාන චරිත කොටස් තීරණය වී ඇත. එහි කිසිම වෙනසක් තිබිය නොහැකි වන අතර, තමන්ගේ චරිත කොටස රඟපෑමෙන් නිදහස් වීමට ද කිසිවෙකුට නුපුළුවන. ඔව්, ඉතිරි කාලයේදී ඔවුන් විමුක්තිය ලබයි. ඔබ මුළු-වටේම යන්නන්ය ඔබ උපත් 84 ක් ගනී. ඉතිරි අය සියල්ලන්ම නිවහනේ හිඳ, පසුව පහළට පැමිණෙයි. සදාතනික විමුක්තිය උවමනා අය මෙහි නොපැමිණෙයි. ඔවුන් අවසානයේදී ආපසු යයි. ඔවුන් මෙම ඥානයට ඇහුම්කන් නොදෙයි. ඔවුන් පහළට පැමිණ මදුරුවන් මෙන් ආපසු යයි. ඔබ නාටකයට අනුව ඉගෙන ගනිමින් සිටියි. බාබා වසර 5000 කට පෙරද රාජ යෝගා ඉගැන්වූ බව ඔබට වැටහේ. මෙය කතා කරන්නේ ශිව් බාබා බව ඔබ වෙන අයට විස්තර කර දෙයි. ඔබ කෙතරම් ශ්‍රේෂ්ඨව සිටියාද, හා දැන් කෙතරම් පහත් වී ඇද්ද කියා ඔබට වැටහෙයි. පරම පියා දැන් ඔබව ශ්‍රේෂ්ඨත්වයට පත් කරවමින් සිටියි. එබැවින් ඔබ උත්සාහ කළ යුතුයි. ඔබ මෙහි පැමිණෙන්නේ නැවුම් වීම සඳහායි. මෙම ස්ථානයට මධුබන් යැයි කියයි. බාබා ඔබගේ කල්කටාවේ හෝ බොම්බායේ මුරලිය කියන්නේ නැත. මුරලිය වාදනය කරන්නේ මධුබන්හි දි පමණයි. නැවුම් වීම සඳහා මුරලියට සවන් දීමට ඔබ පරම පියා වෙතට පැමිණිය යුතුයි. බොහෝ අළුත් කරුණු නොකඩවා මතු වෙයි. ඔබ කෙලින්ම මුරලියට සවන් දෙන විට ඔබට වෙනස දැනෙයි. ඔබ ඉදිරියට යත්ම තව බොහෝ කොටස් දකින්නට ලැබෙයි. බාබා සෑම දෙයක්ම ඔබට කලින් කියන්නේ නම්, සියලු රසය නැති වෙයි. සෑම දෙයක්ම මතු වන්නේ ක්‍රමක්‍රමයෙනි. එක් තත්පරයක් අනෙකට සමාන නැත. පරම පියා පැමිණ ඇත්තේ ආධ්‍යාත්මික සේවය කිරීමටයි. එබැවින් ඔය දරුවන්ගේ යුතුකම වන්නේ ද ආධ්‍යාත්මික සේවය කිරීමයි. අඩු තරමින් සෑම දෙනාටම පරම පියාව සිහිපත් කරන ලෙස, සහ පාරිශුද්ධ වන ලෙස කියන්න. ඔවුන් අසමත් වන්නේ පාරිශුද්ධත්වයේය, මන්ද, ඔවුන්ට සිහිපත් කිරීම නොමැති නිසා. ඔය දරුවන්ට බොහෝ සතුට තිබිය යුතුයි. කිසිවෙකු නොදන්නා අසීමිත පියා ඉදිරියේ ඔබ පෞද්ගලිකවම අසුන් ගෙන සිටියි. ඥානයේ සාගරය වන්නේ ශිව් බාබා පමණයි. ශාරීරික ජීවීන්ගෙන් ඔබගේ බුද්ධිය ඉවත් කර ගන්න. මෙය ශිව් බාබාගේ රථයයි. ඔබ ඔහුට ගෞරව නොකරන්නේ නම් ධර්මරාජ් ගෙන් බොහෝ දඬුවම් විඳීමට සිදුවෙයි. ඔබ ජ්‍යෙෂ්ඨයින්ට ගෞරව කළ යුතුයි. ආදි දේව්ට බොහෝ සෙයින් ගෞරව දක්වයි. අජීවී රූප වලට ඒ තරම් ගෞරව දක්වන බැවින් ජීවමාන අයට කෙතරම් ගෞරව දැක්විය යුතුයිද ? අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. තමන්ව පරීක‍්ෂා කර දිව්‍යමය ගුණධර්ම ධාරණය කර ගන්න. සියලූම නරක පුරුදු අත්හරින්න. බාබාට පොරොන්දු වන්න බාබා, මම කිසිම විටෙක කිසිම නරක ක්‍රියාවක් නොකරන්නෙමි.

2. කර්මාතීත් තත්ත්වයට පත් වීමට සිහිපත් කිරීමේ තරඟයේ දුවන්න. ආධ්‍යාත්මික සේවයේ එළඹ සිටින්න. ඔබගේ ජ්‍යෙෂ්ඨයින්ට ගෞරව කරන්න.

වරදානය:
ඔබ නිරන්තර ශ්‍රේෂ්ඨ දානපතියෙක් වී, ඔබගේ සියලු සම්පත්, තමන්ට සහ අන් අයට භාවිත කරත්වා.

පරම පියාගේ බන්දාරාව (මුළුතැන්ගේ, සම්පත් ගබඩාව) දිනපතාම ක්‍රියාත්මක වන අතර ඔහු දිනපතාම ඉන් බෙදා දෙයි. ඒ ආකාරයෙන්ම ඔබ නිරන්තරයෙන් නොකඩවා ලබා දිය යුතුයි, මන්ද, ඔබට පිටාර ගලන ඥාන මිණිමතු, බල සහ සතුටේ සම්පත් තිබේ. මේවා ඔබ ලඟ තබාගෙන භාවිත කිරීමේ කිසිදු අනතුරක් නැත. මෙම සම්පත් ගබඩාව විවෘතව තැබූ විට, සොර සතුරන් පැමිණෙන්නේ නැත. ඔබ එය වසා තබන්නේ නම්, සොරුන් පැමිණෙයි, එබැවින් නැවත නැවතත් ඔබට ලැබී ඇති සම්පත් දෙස බලා, තමන්ට සහ අන් අය වෙනුවෙන් ඒවා භාවිත කරන්න, එවිට ඔබ නිරන්තරයෙන් මහා දානපතියෙක් වෙයි.

පාඨය:
ඔබ සවන් දී ඇති සෑම දෙයක්ම ආවර්ජනය කරන්න, මන්ද, ඔබ බලවත් වන්නේ ආවර්ජනය කිරීමෙන් පමණයි.