01.10.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ ඉතා උසස් කුලයට අයත් අයයි. ඔබට බ්‍රාහ්මණයන් ගෙන් දේවතාවරු බවට වෙනස් වීමට තිබෙන බැවින් ඔබ සියලු අපsරිසිඳු, පාපී පුරුදු අහවර කළ යුතුම වේ.

ප්‍රශ්නය:
මෙම අධ්‍යාපනයට සම්බන්ධ නොවන්නේ කුමක්ද?

පිළිතුර:
ඔබ ඇඳුම් අඳින ආකාරය මෙම අධ්‍යාපනය හා සම්බන්ධයක් නැත. මෙහිදී ඔබේ වස්ත්‍ර වෙනස් කිරීම පිළිබඳ ප්‍රශ්ණයක් නැත. ඔබ ජීවාත්මයන් හට උගන්වන්නේ පරම පියායි. ජීවාත්මය දන්නවා මේ පරණ අපවිත්‍ර ශරීරයන්ය, ඔබ ඊට කිනම් වර්ගයේ සාමාන්‍ය වස්ත්‍ර මෙහි පැළැඳුවත් කම් නැත කියා. මේ ශරීරයත්, ජීවාත්මයත් දෙකම අවලස්සනයි. අවලස්සන අයවයි පරම පියා ඇවිත් සුන්දර අය බවට වෙනස් කරන්නේ.

ඕම් ශාන්ති.
මේ ආධ්‍යාත්මික දරුවන්, ආධ්‍යාත්මික පියා ඉදිරියේ වාඩි වී සිටින්නේ ආධ්‍යාත්මික පාසැලකය. මෙය ලෞකික පාසැලක් නොවෙයි. පරම පියා ආධ්‍යාත්මික පාසලෙහි ඉඳ ඔබ ආධ්‍යාත්මික දරුවන්ට රාජයෝගාව උගන්වනවා. ආධ්‍යාත්මික පියා සමග ඔබ සිටින්නේ සාමාන්‍ය මනුෂ්‍යයන් ගෙන් නාරායන් බවට වෙනස් වීමට කියා ඔය දරුවන් දන්නවා. එනම්, දේවතා තත්වය නැවත වරක් මුදුන්පතක්ර ගැනීම සඳහායි. මෙය අළුත් දෙයකි. ලක්ෂ්මි සහ නාරායන්ගේ අධිරාජ්‍යයක් තිබූ බවත්, ඔවුන් ද්විත්ව ඔටුනු පළන් අය බවත් ඔබ දන්නවා. ඔවුන්ට ආලෝක ඔටුන්නක් සහ මිණිමුතු ඔබ්බන ලද ඔටුන්නක් තිබුණි. ප්‍රථමයෙන් ආලෝක ඔටුන්නක් ඔවුන්ට තිබෙයි. මෙහි සිටි අය ගොසින් තමයි ඔවුන් වටා සුදු රැස් වළල්ලක් සිතුවම් කළේ. මෙය පාරිශුද්ධතාවයේ සංකේතයයි. අපිරිසිදු අයව එසේ ආලෝකයක් ඇතිව නොපෙන්වයි. ඔබේ සේයාරුවක් ගත් කල එහි ආලෝකයක් පෙන්විය නොහැකියි. ඔවුන් එය පාරශුද්ධත්වයේ සලකුණක් වශයෙන් යොදා ඇත. ආලෝකය සහ අන්ධකාරය: බ්‍රහ්මාගේ දහවල ආලෝකයයි. එවිට බ්‍රහ්මාගේ රාත්‍රිය අන්ධකාරයයි. අන්ධකාරය යනු, ඔහු වටා ආලෝකයක් නොමැත. ඔය දරුවන් දන්නවා පරම පියා පමණයි පැමිණ අවලස්සන අය, අපවිත්‍ර අය පවිත්‍ර කරන්නේ කියා. පවිත්‍ර රාජධානිය මෙහි දැන් නොමැත. ස්වර්ණම යුගයේ රජත් රැජිණත් කෙසේ වේද පුරවැසියනුත් එසේම වේ: සැවොම පාරිශුද්ධයි: එයයි ලක්ෂ්මි සහ නාරායන්ගේ රාජධානිය. ඔය දරුවන් මෙම පින්තුර භාවිත කරමින් ඉතා හොඳින් පැහැදිළි කරන්න ඕන. ඔබේ ඉලක්කය සහ අරමුණ වන්නේ මෙයයි. පැහැදිළි කිරීම සඳහා ඔබට තවත් බොහෝ පින්තූර තිබෙනවා. මේ නිසයි. බොහෝ පින්තුර මෙහි තබා ඇත්තේ. මිනිසුන් එවෙලෙහිම මෙය වටහාගන්නේ නැහැ. මෙම ස්මරණ වන්දනා ගමන තුළින් ඔවුන් තමෝප්‍රධාන්ව සිට සතෝප්‍රධාන් වෙනවා කියාත්, අනතුරුව මුක්ති දනව්වට ගොස් ජීවන මුක්තියට යන බවත් ඔවුන් වටහා ගන්නේ නැහැ. ජීවන මුක්තිය කුමක්ද කියා ලොවෙහි කිසිම කෙනෙක් නොදනී. ලක්ෂ්මි සහ නාරායන්ගේ රාජධානිය පැවතුනේ කොයි කාලේද කියාත් කිසිවකු නොදනී. ඔබ දැන් පාරිශුද්ධ දේවතා ස්වාධිපත්‍යය පරම පියාගෙන් ලබාගන්නා බව දන්නවා, ඔබට මේ පින්තූර පාවිච්චි කර හොඳාකාරව පැහැදිළි කළ හැකියි. භාරතයෙහි සිටින්නන් පමණයි ද්විත්ව ඔටුනු පැළැඳි අයට වන්දනාමාන කරන්නේ. එවන් රූප ඇත්තේ ඉනිමග පින්තූරයේයි. ඔවුන්ට ඔටුනු තිබෙයි නමුත් ආලෝක ඔටුනු නොතිබෙයි. පූජනීයත්වයට පත්වන්නේ පාරිශුද්ධ අය පමණයි. පාරිශුද්ධත්වයේ සංකේතය ආලෝකයයි. කිසියම් කෙනෙක් සිංහාසනයේ අසුන් ගත්විට ආලෝකය මතු ‍වෙනවා නොවෙයි. එහෙම වෙන්නේ නැහැ. එය පාරිශුද්ධතාවයේ සංකේතයයි. ඔබ දැන් උත්සාහ කරන්නන් නිසායි ඔබව එම ආලෝකය ඇතිව දැක්විය නොහැක්කේ. දේවතාවරුන්ගේ ජීවාත්මය සහ ශරීරය දෙකම පිවිතුරුයි. මෙහි පවිත්‍ර ශරිරයක් කිසිවකුටත් නොමැත. එම නිසායි ආලෝකය සහිතව පෙන්වීමට නොහැක්කේ. ඔබ අතරේ ඇතැමුන් මුළුමනින්ම පවිතුරුවත් ඇතැමුන් අඩ පිවිතුරුවත් සිටිති. ඔවුන්ට බොහෝ සේ මායාගේ කුණාටු තිබෙන හෙයින් ඔවුන් අඩ-පිවිතුරු යැයි හැඳින්වේ. ඇතැමුන් මුළුමනින්ම අපවිත්‍ර වේ. ඔවුන් මුළුමනින්ම අපවිත්‍ර වී සිටින බව ඔවුන්ටම වැටහේ. එසේ අපවිත්‍ර වූයේ ජීවාත්මය වූ හෙයින් ආලෝකය ඇතිව පෙන්විය නොහැකියි. අති උසස්ම පියාගේ දරුවන් ඔය දරුවන්මයි කියා කිසිවිට අමතක නොකළ යුතුයි. ඒ හෙයින් බොහෝ රාජකීයත්වයක් තිබිය යුතුයි. උදාහරණයකට කීවොත් වැසිකිළි ශුද්ධ කරන්නෙකු MLA හෝ MP කෙනෙකු වුවොත් හෝ ඔහු ඉගෙන ගෙන එම පදවිය ලබාගත්තා වුවත් ඔහු බොහොම ටිප් ටොප් (ඉස්තරම්) වෙනවා. එසේ බොහෝ අය සිටිනවා. එම කුලයට අයත් වූවන් වුවත් එම පදවිය ලැබුණු විට බොහෝ කුල්මත්ව ඊට සරිලන ඇඳුම් අඳිනු ඇත. ඒ අයුරින්ම, ඔබත් දැන් අපවිත්‍ර බවින් පවිත්‍ර වීම සඳහා ඉගෙන ගනිමින් සිටිනවා. ඔවුන්ගේ අධ්‍යාපනය තුළින් ඔවුන් වෛද්‍යවරයකු හෝ අධිනීතිඥ වරයකු වෙති. කෙසේවෙතත්, ඔවුන් තවමත් අපවිත්‍රව සිටින්නේ ඔවුන්ගේ අධ්‍යාපනය, පවිත්‍ර වීම සඳහා නොවන නිසායි. ඔබ අනාගතයේ පවිත්‍ර දේවතාවන් වන්නට යන බව ඔබ දනී. ඒ හෙයින්, ශුද්‍ර පුරුදු නොකඩවා ඉවත් වී යාවි. ඔබේ අභ්‍යන්තරයෙහි එම පරමාත්ම පරම පියා ඔබව ද්විත්ව ඔටුනු පළඳින්නත් බවට පතක්රවනවා යන කුල්මත්භාවයක් තිබිය යුතුයි. අප ශුද්‍ර තත්ත්වයෙන් බ්‍රාහ්මණයන් බවට වෙනස් වී ඉන්පසු දේවතාවරු වීමටයි යන්නේ, එමනිසා, එම අපිරිසිඳු, පාපී පුරුදු නැති වී යායුතුයි. සියලු යක්‍ෂ දේවල් අත්හැරිය යුතුයි. යම් කෙනෙක් වැසිකිළි පිරිසිදුකරන කෙනෙකුගෙන් MP කෙනෙක් වුවොතින් ඔහුගේ ජීවන රටාව සහ ඔහුගේ නිවස ආදිය ඉස්තරම් එකක් වේවි. ඔවුන්ට මේ කාලයේදී පමණයි එය තිබෙන්නේ. ඔබ දන්නවා ඔබ අනාගතයෙහි කවුරු වෙන්න යනවාද කියා. මෙලෙස ඔබ සමගම කතා කරන්න: මම කලින් කවරෙක් ද, දැන් මම කවුරුවී සිටින්නෙම් ද? ඔබත් එම ශුද්‍ර කුලයටයි අයත් වී සිටියේ. දැන් ඔබ ලෝකාධිපතීන් වෙමින් සිටිනවා. යම් කෙනෙක් උසස් පදවියක් ලබයිද එවිට ඔහුට එම කුල්මත් භාවය තිබෙයි. එසේනම්, ඔබ කවුරුවීද සිටියේ? ඔබ අපවිත්‍රව. කළිටිවයි සිටියේ. දැන් ඔබට දෙවියන් උගන්වනවා, ඔබව අසීමිත ලොවට අධිපතීන් කරවනවා. ඔබට රාජයෝග උගැන්වීම සඳහා පරමාත්ම පරම පියා අනිවාර්යෙන්ම මෙහි එන බව ඔබට වැටහේ. ඔහු එය අශාරීරික ලොවේ හෝ සූක්‍ෂම කලාපයේ සිට උගන්වන්නේ නැහැ. ඔබ සියලු ජීවාත්මයන් බොහෝ ඈත එපිට දේශයේ වැසියන් වේ. ඔබ ඔබේ කොටස් රඟපාන්න මෙහි ආවා. උපත් 84ක කොටස් රඟපාන්න වුණා. ඔවුන් 8.4ක ජීවරාශීන් ගැන පවසති. ඔවුන් එවන් ගණ අඳුරේයි සිටින්නේ. ඔබට දැන් වැටහී තිබෙනවා ඔබ වසර 5000කට පෙර දේවතාවරු වී සිටි බවත්, දැන් ඔබ අපවිත්‍ර වී ඇති බවත් මිනිසුන් ගයනවා ඕ පාරිශුද්ධකරුවාණනි, එන්න ඇවිත් අපව පාරිශුද්ධ කරන්න. කෙසේවෙතත්. පරම පියාම ඔබව පවිත්‍ර කිරීමට එන බවත් ඔහු ඇවිත් රාජයෝගා උගන්වන බවත් ඔවුන්ට නොතේරෙයි. ඉගෙන නොගෙන කිසිවකුටත් උසස් තත්ත්වයක් ලබාගත නොහැකියි. ඔබ දන්නවා බාබා ඔබට උගන්වනවා. එසේම සාමාන්‍ය මිනිසෙකුගෙන් නාරායන් බවට ඔබව පත්කරවනවා යන්න. අරමුණ සහ ඉලක්කය ඔබ ඉදිරියේ ඇත. පුරවැසි තත්ත්වය ඔබේ අරමුණ සහ ඉලක්කය නොවේ. ලක්ෂ්මි සහ නාරායන්ගේ පින්තූරයක් ඇත. වෙන කොහේද එවන් පින්තූරයක් තබාගෙන උගන්වන්නේ ? ඔබේ බුද්ධියෙහි සියලු දැනුම ඇත. අප උපත් 84ක් ගෙන අපවිත්‍ර වීයි සිටින්නේ. එම ඉනිමගේ පින්තූරය ඉතා හොඳයි. මෙය අපවිත්‍ර ලෝකයයි. සයිලුම සාදූ සන්යාසීවරුන්, පූජනීය මනුෂ්‍යයන් මෙහි ඇතුළත් වෙයි. ඔවුන් විසින් නොකඩවා මෙසේ ගයති:ඕ පාරිශුද්ධකරුවාණනි පැමිණෙන්න! මේ අපිරිසිදු ලොවට පාරිශුද්ධ ලොවක් කියා කිව නොහැකියි. නව ලොවටයි පාරිශුද්ධ ලොව කියන්නේ. මෙම අපිරිසිදු ලොවෙහි පවිත්‍ර වූ කිසිම කෙනෙකුට සිටිය නොහැකියි. ඔබ දෙවිපියාණන්ගේ ශිෂ්‍යයන්ය. එම දෙවියන්ම ඔබට උගන්වනවා යන කුල්මත් බව ඔබ දරුවන්ට තිබිය යුතුයි. පරම පියා ඇවිත් උගන්වන්නේ දුප්පතුන්ට පමණයි. මේ දුප්පත් මිනිසුන්ගේ වස්ත්‍ර ඉතාමත් කිළිටියි. දැන් ඉගෙන ගනිමින් සිටින්නේ ඔබ ජීවාත්මයන්ය. ජීවාත්මය දන්නවා ඔහුට තිබෙන්නේ පැරැණි ශරීරයක්ය. එසේම ඊට සාමාන්‍ය ඇඳුම් ඇන්දුවාට කමක් නැත කියා. ඔබේ ඇඳුම් වෙනස් කිරිමේ සහ විදහා පෑමේ අවශ්‍යතාවයක් නැත. ඔබ අඳින පළඳින ආකාරය පිළිබඳ ප්‍රශ්ණයක් නැත. පරම පියාමයි ඔබ ජීවාත්මයන්ට උගන්වන්නේ. ඔබ කොයිතරම් ඉස්තරම් ඇඳුම් ඇන්දත් ශරීරය අපවිත්‍රයි. ශරීරය සහ ජීවය දෙකම අපවිත්‍රයි. ඔවුන් ක්‍රිෂ්ණාගේ රූපය තද නිල් පැහැයෙන් පෙන්වන්නේ මන්ද, ඔහුගේ ශරීරය සහ ජීවාත්මය යන දෙකම අපිරිසිදුයි. එසේම ඔහු ගැමි කොලුවෙකි. ලොවෙහි සියලුම මනුෂ්‍යයන් අනාථයන් වේ: ඔවුන් කොහෙත්ම පියා ගැන නොදනී. සැමදෙනාටම සීමිත පියෙක් සිටින නමුත්, ඔබ බ්‍රහමින්වරුන්ට අසීමිත පියා හමුවී ඇත. මේ අසීමිත පියා දැන් ඔබට රාජයෝගාව උගන්වයි. ඥානය තිබෙනවා. භක්තිය තිබෙනවා, භක්තිය අවසානයට එනවිට, පරම පියා ඇවිත් ඔබට ඥානය දෙයි. දැන් මේ අවසානයයි. මේ දේවල් කිසිවක්. ස්වර්ණමය යුගයෙහි නොතිබෙයි. මේ පැරැණි ලොව. විනාශ වන තත්ත්වයට ලඟා වී ඇත. පාරිශුද්ධ ලෝකය. දිව්‍යලෝකය කියා හැඳින්වේ. මෙය ඉතා පැහැදිළිව පින්තූර වල දැක්වේ. රාධේ සහ ක්‍රිෂ්ණා පසුව ලක්ෂ්මි සහ නාරායන් බවට පත්වෙති. මේ දෙකෙන් කොයිකවත් කවුරුත් නොදනී. ඒ දෙදෙනා වෙන වෙන රාජධානි වල සිටි බව ඔබ දනී. ස්වර්ණම යුගයේ මංගල උත්සව ඔබ දැක තිබෙනවා. ඔබේ විනෝදය තකා සියලු වර්ගයේ සංගීත භාණ්ඩ පාකිස්ථානයෙහි ඔබට තිබුණා. සෑම දේවල් වලම දර්ශන ඔබ දුටුවා. ඔබ රාජයෝගා ඉගෙන ගන්නා බව ඔබ දන්නවා. ඔබ මෙය අමතක නොකළ යුතුයි. ඔබ මෙහි කෑම පිසිමින් හෝ පිඟන් සෝදමින් සිටිනවා විය හැකියි. සැමගේ ජීවාත්මයයි ඉගෙන ගන්නේ. සැවොම ඇවිත් මෙහි ඉඳගනී. සුප්‍රකට මිනිසුන් මෙහි එන්නේ නැහැ. මන්ද. දුප්පතුන් පමණයි මෙහි එන්නේ කියා විශ්වාස කරන නිසා, ඔවුන්ට ඒමට අපහසුතාවයක් දැනෙයි. පරම පියා දුප්පතුන්ගේ ස්වාමියා වේ. වැසිකිළි පිරිසිදු කරන්නන්ද ඇතැම් මධ්‍යස්ථාන වලට යනවා. ඉස්ලාම් ආගමික අයද එනවා. පරම පියා කියයි: සියළු ශාරීරික ආගම් අත්හරින්න. "මම ගුජරාතී, මම අහවල් කෙනා" යනාදිය ශරීර අවධානයයි. මෙහි ඔබ ජීවාත්මයන්ට උගන්වන්නේ පරම පියායි. පරම පියා කියයි: මම සාමාන්‍ය ශරීරයකට ඇතුල් වෙමි, සාමාන්‍ය අය පමණයි සාමාන්‍ය වන්නේ. මේ කෙනා සවර්ණාභරණ වෙළෙන්දෙක් වී සිටියා කියා ඔබ තේරුම් ගත්තා. පරම පියා ඔබට පෙර කල්පයේ ඔහු විසින් කී දේ ඔබට යළිත් මතක් කරනවා. මම සාමාන්‍ය පරණ ශරීරයකට පිවිසෙමි. මම මොහු තුළට පිවිසෙන්නේ මොහුගේ බොහෝ උපත් ගණනාවක අවසන් උපතේ අන්තිමේ දීය. මම ඔහුට කීවා ඔබ ඔබේම උපත් ගැන දන්නේ නැහැ. ඔහු අශ්ව රථයක ඉඳිමින් අර්ජුනාට පමණක් ඥානය දුන්නේ නැහැ. එයට පාඨශාලාවක් කියා කිව නොහැකියි: මෙය යුධ පිටියකුත් නොවෙයි. මෙය අධ්‍යාපනයකි. ඔය දරුවන් මෙම ඉගෙනුමට පූර්ණ අවධානයක් දිය යුතුයි. ඒ කෙසේ වෙතත්, ඇතැම් අයගේ බුද්ධියෙහි කිසිවක් නොරැඳේ. ඔවුන්ගේ වාසනාව එවැන්නකි! පාසැලක සිසුන් සමත් වෙයි. අසමත් වෙයි. ඔවුන්ගේ වාසනාවේ නැතිනම් ඔවුන් උත්සාහ නොදරයි. අසනීප වෙයි. එමනිසා හැදැරීමට නොහැකි වෙයි. ඇතැමුන් හරියටම ඉගෙන ගනී. එහෙත් එය ලෞකික ඉගෙනුමක්ය. ඒ වුණත් මෙය ආධ්‍යාත්මික ඉගෙනුමයි. මේ වෙනුවෙන් රත්තරන් බුද්ධියක් අවැසි වෙයි. සදා පවිතුරු රත්තරන් පියාව නොකඩවා සිහිපත් කිරීම මගින් ඔබ ජීවාත්මයන්ගේ බුද්ධීන් රත්තරන් මෙන් වෙනවා. මෙසේ කියති: මෙයාට තියෙන්නේ ගල් බුද්ධියක්. එහිදී ඔවුන් එසේ නොකියති. එය දිව්‍යලෝකයයි. භාරතය දිව්‍ය ලෝකයක්ව තිබූ බව ඔවුනට අමතක වී ඇත. ප්‍රදර්ශන වලදී ඔබට පහදා දිය හැකියි. එසේම ඔවුන්ටත් එය කියන්න හරින්න. මෙය පොජෙක්ටර් වලින් කළ නොහැකියි. මුලින්ම, ත්‍රිමූර්තී. ලක්‍ෂ්මී සහ නාරායන් සහ ඉනිමග යන පින්තූර ඉතාමත් අත්‍යාවශ්‍යයි. ලක්‍ෂමී නාරායන් පින්තූරයේ උපත් 84හිම ඥානය අන්තර්ගතව ඇත. දවස පුරාම ඔය දරුවන් මේ ගැන සිතිය යුතුයි. මේ ප්‍රධාන පින්තූර සෑම මධ්‍යස්ථානයේම තබාගත යුතුයි. මිනිසුන්ට පින්තූර වලින් ඉතා හොඳින් වටහා ගැනීමට හැකිවෙයි. බ්‍රහ්මා තුළින් රාජධානිය ස්ථාපනය වේ. අප ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන්, බ්‍රහ්ම කුමාර් සහ බ්‍රහ්ම කුමාරින්ය. කලින් අප අයිති වී සිටියේ ශුද්‍ර කුලයටය. දැන් අප බ්‍රාහ්මණ කුලයට අයිති වී සිටිනවා. පසුව අප දෙවි දේවතාවරුන් වෙනවා. ශිව බාබා අපව ශුද්‍ර බවෙන් බ්‍රාහ්මණ බවට වෙනස් කරනවා. අපගේ අරමුණ සහ ඉලක්කය අප ඉදිරියේම වේ. ලොවේ අධිපතීන් වී සිටියේ ලක්ෂ්මි සහ නාරායන්ය. පසුව ඔවුන් ඉනි මගෙන් පහළට ආවේ කෙසේද? ඔවුන් මොන තත්ත්ව යේ සිට මොන තත්ත්වයට පත්වෙලාද බලන්න. ඔවුන් තනිකරම මෝඩයන් වී සිටියි. ලක්ෂ්මි සහ නාරායන් විසින් පාලනය කළේ භාරත රාජධානියයි. කුමක් ද සිදුවුණේ. පසුව ඔවුන් කොහෙද ගියේ කියා භාරත මිනිසුන් දැනගත යුතුයි. කවරෙක් හෝ ඔවුන්ව මර්ධනය කළාද, සටනකදී ඔවුන් පරාජිත වුණාද? කිසිවෙකුත් මර්ධනය කළේ හෝ ඔවුන් පරාජිත වූයෙත් නැත. මේ සියලු දේ මායාගේ ප්‍රශ්ණයකි. රාවණ රාජ්‍යය පටන්ගත් වහාම, ඔවුන් පාප පහේ ගැලී. සිය රාජධානිය නැතිකර ගත්තා. අනතුරුව පාප පහ මර්ධනය කිරිමෙන් යළිත් ඒ බවට පත්විය. දැන් තිබෙන්නේ රාවණ අධිරාජ්‍යයේ උත්කර්ෂවත් බවයි. අප අපගේ රජදහන අදෘෂ්‍යමාන ලෙස ස්ථාපනය කරමින් සිටිනවා. ඔබලා ඉතාමත් සාමාන්‍ය අයයි. ඔබට උගන්වන්නේ. අති උසස්ම උසස් කෙනාය. අශාරීරික පියා, අපිරිසිදු ශරීරයක් තුළට පිවිස ඔය දරුවන්ව එසේ (ලක්ෂ්මි සහ නාරායන්) කරවනවා. ඔහු ඈත දනව්වක සිට අපවිත්‍ර ලොවට පැමිණ අපවිත්‍ර ශරීරයකටයි ඇතුල් වෙන්නේ. එසේ වුවද ලක්ෂ්මි හෝ නාරායත් බවට ඔහු පත්වන්නේ නැහැ. එසේ පත් කරන්නේ ඔය දරුවන්වයි. කෙසේවෙතත් ඔබ එසේ වන්නට සම්පූර්ණ උත්සාහ කරන්නේ නැහැ. ඔබ රෑ දවල් තිස්සේ ඉගෙන ගනිමින්, උගන්වන්න ඕන. ඉතා පහසු ක්‍ර ම වේද දවසෙන් දවස බාබා ඔබට කියා දෙනවා. පැහැදිළි කිරීම ලක්‍ෂමී සහ නාරායන් ගෙන් ආරම්භ කරන්න ඕන. ඔවුන් කෙසේ උපත් 84ක් ගත්තේ ද? දැන් ඔවුන්ගේ අවසාන උපතේ ඉගෙන ගනිමින් සිටිනවා. ඉන්පසු ඔවුන්ගේ රාජවංශය නිර්මාණය වෙනවා. පැහැදිළි කර දීමට බොහෝ දේවල් ඇත. බාබා පින්තූර සඳහා ඔබට උපදෙස් දෙයි. ඔබ පින්තූර සාදන විට බාබා වෙත දිව ආ යුතුයි. බාබා එය හරි ගස්සා තවත් උපදෙස් දෙයි. බාබා කියනවා: මම සියළු අධිරජ වරුන්ගෙත් අධිරජවෙමි. ඔබේ ධනවස්තු ගබඩා පිරේවි. අන් කිසිවක් ගැන නොසිතන්න. මෙහි බොහෝ දරුවන් සිටිනවා. කවුරු තුළින් ඒ අයගේ ගබඩාව පිරවිය හැකිදැයි බාබා දන්නවා. ජායිපූර් ලොකු ජවයක් ඇතිව නඟා සිටුවීමේ අදහසක් බාබාට තිබුණා. එහි හතයෝගීන්ගේ කෞතුකාගාරයක් තිබෙනවා. ඒ අයුරින්ම, කා හටත් ගොස් බලාගත හැකි සේ ඔබේ රාජයෝග කෞතුකාගාරයක් ඔබ නර්මාණය කළ යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙත් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබේ බුද්ධියට පිවිතුරු ඥානය උකහා ගැනීම පිණිස. ඔබේ බුද්ධිය නම් බඳුන රත්තරන් කරගන්න. මෙම බඳුන රත්තරන් වනුයේ සිහිකිරීම තුළින් පමණි.

2. ඔබලා දැන් බ්‍රාහ්මණයන් වී සිටිනවා. එබැවින් සියළු ශුද්‍ර පුරුදු නැති කරන්න. මාහැඟි රාජකීයත්වයෙන් ජීවත් වෙන්න. ඔබ ලෝක අධිපතීන් වීමට සිටිනවා යන කුල්මත් භාවය පවත්වා ගන්න.

වරදානය:
ඔබගේ ද්‍රිෂ්ඨිය සහ ආකල්පය පරිවර්ථනය කර, දර්ශන පිරිනමන ප්‍රතිරුවක් වී, ඒ අනුව ලෝකය පරිවර්ථනය කරත්වා.

ඔබගේ ආකල්පය පරිවර්ථනය කිරීමෙන් ඔබගේ ද්‍රිෂ්ඨිය දිව්‍යමය කරගන්න, එවිට බොහෝ ජීවාත්ම, ඔවුන්ගේ සැබෑ ස්වරූපය, සැබෑ නිවහන සහ ඔවුන්ගේ සැබෑ රාජධානිය ඔබගේ ද්‍රිෂ්ඨිය තුළින් දකීවි. ඔවුන්ට එම සැබෑ දර්ශනය ලබා දීම සඳහා, ඔබගේ ආකල්පයේ, ශරීර අවධානයේ සුළු දඟකාරකමක් වත් නොතිබිය යුතුයි. ඔබගේ ආකල්පය වෙනස් කර, ඔබගේ ද්‍රිෂ්ඨිය දිව්‍යමය කරගන්න, එවිට මෙම ලෝකය පරිවර්ථනය වෙයි. ඔබව දකින අය, ඔබගේ දෑස්, දෑස් පමණක් නොව නමුත් විජ්ජා සිදු කරන බඳුන් ලෙස අත්දකියි. ඔබගේ දෑස ඔවුන්ට දර්ශන ලබා දීමට මඟක් වෙයි.

පාඨය:
සේවය කිරීමට උනන්දුව සහ උද්යෝගය තිබීමත් සමඟම, සාර්ථකත්වය සඳහා මඟ වන්නේ, අසීමිත නිරාශාවේ ආකල්පයකි.