01.11.20    Avyakt Bapdada      Sinhala Murli     11.04.86    Om Shanti    Madhuban


ඔබගේ ශ්‍රේෂ්ඨ භාග්‍යයේ චිත්‍රය නිර්මාණය කිරීමේ ක්‍රමය.


අද, භාග්‍යයේ නිර්මාණකරු වන බාප්දාදා, සියලුම දරුවන්ගේ ශ්‍රේෂ්ඨ භාග්‍යයේ චිත්‍ර දකිනවා. ඔබ සියලු දෙනාම භාග්‍යවන්ත වී ඇති නමුත්, එක් එක්කෙනාගේ භාග්‍යයේ චිත්‍රයේ දීප්තිය අසහායයි. චිත්‍රශිල්පීන් චිත්‍ර අඳින විට, සමහර චිත්‍ර රුපියල් දහසකට මිල කරන අතර තවත් ඒවා සාමාන්‍යයි. මෙහිදි, ඔබට බාප්දාදාගෙන් ලැබී ඇති භාග්‍යය චිත්‍රයට නැඟීම යනු, එය ඔබගේ ප්‍රායෝගික ජීවිතයට එකතු කර ගැනීමයි. වෙනසක් ඇති වන්නේ මෙහිදීය. භාග්‍යයේ නිර්මාණකරු, සියලු දෙනාටම එකම වෙලාවේ එකම භාග්‍යය බෙදා දී ඇති නමුත් තම භාග්‍යයේ චිත්‍ර සාදන ජීවාත්ම විවිධ නිසා, ඔවුන් සාදන චිත්‍ර අංකානුරූප බව පෙනෙයි. චිත්‍රයේ විශේෂත්වය, ඇස් වලින් සහ සිනහවෙන් හෙළිදරව් වෙයි. චිත්‍රයක වටිනාකමේ පදනම වන්නේ මෙම විශේෂත්ව දෙකයි. ඒ ආකාරයෙන්ම මෙහිද, භාග්‍යයේ චිත්‍රයටද මෙම විශේෂත්ව දෙක තිබේ. ඇස් යනු, ලෝක යහපත සහ දයාවේ දැක්ම සහ හානියක් සිදුකර ඇති අය කෙරෙහි හිතකාමී බවය. ඔබගේ දෑස් වල මෙම විශේෂත්වය තිබේ නම්, එවිට ඔබගේ භාග්‍යයේ චිත්‍රය ශ්‍රේෂ්ඨයි. ප්‍රධාන දේවල් වන්නේ, බැල්ම, සිනහව සහ ඔබගේ මුහුණේ දීප්තියයි. මෙය, නිරතුරුවම තෘප්තිමත්ව රැඳී සිටීමේ දීප්තියයි - තෘප්තිමත්කමේ සහ සතුටේ. ඔබගේ මුහුණේ නිරන්තරයෙන් ඔබට ආධ්‍යාත්මික දිස්නයක් තිබෙන්නේ, මෙම විශේෂත්ව මඟින්ය. එය ආධ්‍යාත්මික හසරැල්ලක් ලෙස අත්දකියි. චිත්‍රයේ වටිනාකම වැඩි කරන්නේ මෙම විශේෂතා දෙකය. ඉතිං, අද බාප්දාදා බලමින් සිටියේ මේ දෙසයි. ඔබ සියලු දෙනාම ඔබගේ භාග්‍යයේ චිත්‍ර නිර්මාණය කර තිබේ. පරම පියා ඔය සෑම කෙනෙකුටම ඔබගේ චිත්‍රය ඇඳීමට පෑනක් ලබා දී තිබේ. එම පෑන වන්නේ, ශ්‍රේෂ්ඨ අවධානය සහ ශ්‍රේෂ්ඨ ක්‍රියා පිළිබඳ ඥානයයි. ශ්‍රේෂ්ඨ ක්‍රියා සහ ශ්‍රේෂ්ඨ සිතිවිලි යනු, ශ්‍රේෂ්ඨ අවධානයකි. මෙම ඥානයේ පෑනෙන්, ඔය සෑම සියලු ජීවාත්මයක්ම, ඔබගේ භාග්‍යයේ චිත්‍රය නිර්මාණය කරමින් සිටින අතර ඔබ දැනටමත් එය පිංතාරු කර තිබේ. චිත්‍රය දැනටමත් පිංතාරු කර තිබේ. ඇස් සහ මුහුණුවරද ඇඳ තිබේ. දැන් එයට එකතු කිරීමට තිබෙන්නේ, පරිපූර්ණත්වයේ සහ පරම පියාට සමාන වීමේ අවසන් පින්සල් පාර කිහිපය පමණයි. ද්විත්ව විදේශිකයන් චිත්‍ර ඇඳීමට බොහෝ ප්‍රිය කරයි. එබැවින් අද, බාප්දාදා සියලු දෙනාගේම චිත්‍ර දෙස බැලුවා. ඔය සෑම කෙනෙකුටමත් තමන්ගේම චිත්‍රය දැකිය හැකි අතර එය කෙතරම් වටින්නේද කියා දැකගත හැක, එහෙම නේද? සෑම විටම ඔබගේ මෙම ආධ්‍යාත්මික චිත්‍රය දෙස බලා, එය අඛණ්ඩව අංගසම්පූර්ණ කරන්න. ලෝකයේ සියලුම ජීවාත්ම අතරින්, ඔබ කෝටි ගණනකින් සුළු පිරිසක් වන අතර එම භාග්‍යවන්ත ටික දෙනාගෙන් අතලොස්සකි. කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨ වීම එක දෙයක් වන අතර අනෙක, සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨ වීමය. එසේ නම් ඔබ ශ්‍රේෂ්ඨ වී තිබේද, නැතහොත් වඩාත්ම ශ්‍රේෂ්ඨතම වී තිබේද? මෙය පරීක‍්ෂා කර බලන්න. අච්චා.

අද ඔය ද්විත්ව විදේශිකයන් තරඟයේ දිව යනවා නේද? ඔබ ඉදිරි අංකයක් හිමිකර ගැනීමට යනවාද, නැත්නම් ඉදිරියේ සිටින අය දැක සතුටු වනවා පමණක්ද? අන් අය දැකීමෙන් සතුටු වීමද අවශ්‍ය නමුත් තමන් පිටුපස රැඳී සිටිමින් අන් අය දෙස නොබලන්න. ඔවුන් අසලින්ම සිට, අන් අය දැකීමෙන් සතුටු වී, නොකඩවා ගමන් කරන්න. ඔබම ඉදිරියට ගමන් කර, පිටුපස සිටින අයට ඉදිරියට ගමන් කිරීමට මඟපාදන්න. මෙය, අන් අයව ඉහළ නැංවීම ලෙස හැඳින්වෙයි. අන් අයව ඉහළ නංවන කෙනෙක් වීමේ විශේෂත්වය වන්නේ, සෑම විටම සියලු ආත්මාර්ථකාමී චේතනාවන්ගෙන් නිදහස්ව සිටීමය. සෑම අවස්ථාවකම, සෑම කාර්යයකදී සහ සෑම සහයෝගී සමූහයකදි, පරාර්ථකාමිත්වය වැඩියෙන් තිබෙන තරමට, ඔබට අන් අයව වඩාත් ඉහළ නැංවීමට හැකි වෙයි. තමන් නිරන්තරයෙන් පිරිපුන් බව ඔබ අත්විඳියි. ඔබට සෑම විටම ලැබීම්වල ප්‍රතිමූර්තියක් වීමේ ස්ථීතිය තිබෙයි. අන් අයව ඉහළ නංවන සහ අන් අයට එම අත්දැකීම ලැබීමට මඟපාදන කෙනෙක් වීමේ අවසන් ස්ථීතිය ඔබට අත්විඳීමට හැකි වන්නේ එවිට පමණයි. ඔබ බ්‍රහ්ම පියාව දුටුවා අවසන් ස්ථීතියේ දිස් වූ විශේෂතා වූයේ, එපිට සිටීම සහ අන් අයව ඉහළ නැංවීමය. ඔහු තමන් වෙනුවෙන් කිසිවක් පිළිගත්තේ නැහැ. ඔහු තමන් පිළිබඳ කිසිම වර්ණනාවක් පිළිනොගත් අතර කිසිම භාණ්ඩයක් පිළිගත්තේද නැත තමන්ට සිටීමට ස්ථානයක් පවා ඔහු පිළිගත්තේ නැත. භෞතික මෙන්ම සූක‍්ෂම දේවල් අතින්ද, ඔහු සෑම විටම ඔහුට ඉදිරියෙන් තැබුවේ දරුවන්වයි. මෙය, අන් අයව ඉහළ නැංවීම ලෙස හැඳින්වෙයි. මෙය පරිපූර්ණත්වයේ සහ අංගසම්පූර්ණත්වයේ සලකුණයි. ඔබට වැටහෙනවාද?

ඔබ බොහෝ මුරලි වලට සවන් දී තිබේ. දැන් මුරලිධාර්ලා වී, නොකඩවා නර්ථනය කරමින් අන් අයවත් නර්ථනය කරවන්න. බටනලාවකින් ඔවුන්ට සර්පයෙකුගේ විෂ ඉවත් කළ හැක. එබැවින් කෙනෙකුගේ ස්වභාවය හා සංස්කාර කෙතරම් සැර හෝ කටුක වුවත්, ඔබට එය පාලනය කිරීමට, එනම්, ඔබට එම කෙනාව නිදහස් කර එම ජීවාත්මය නර්ථනය කර ප්‍රබෝදමත් කරවීමට හැකි වන ආකාරයෙන්, එවන් මුරලිධාර් කෙනෙක් වන්න. එවන් වටිනා මුරලිධාර් කෙනෙක් වන්නේ කවුරුන්ද, යන ප්‍රතිඵලය අපට දැන් පෙනෙයි. ඔබ තුළ මුරලියට මෙන්ම මුරලිධාර් කෙරෙහිද සෙනෙහස තිබෙන නමුත් සෙනෙහසේ සාක‍්ෂිය වන්නේ, ඔය දරුවන් වෙනුවෙන් මුරලිධාර් තුළ ඇති පිවිතුරු ආශාව ප්‍රායෝගික අන්දමකින් ඉටු කිරීමයි. සෙනෙහසේ සලකුණ වන්නේ, ඔබට පවසා ඇති කුමක් වුවත්, ප්‍රායෝගිකව සිදු කර පෙන්වීමයි. ඔබලා එවන් මාස්ටර් මුරලිධාර්ලා නේද? ඔබ එය බවට පත් විය යුතුයි. ඔබ දැන් එය බවට පත් නොවන්නේ නම්, ඔබ එය වන්නේ කවදාද? ඔබ යම් අවස්ථාවකදී එය කරන බව නොසිතන්න. ඔබ එය කළ යුතුයි. ඔබ සෑම කෙනෙක්ම සිතිය යුත්තේ මා එය නොකරන්නේ නම්, එය කවුරු කරයිද? මා අනිවාර්යෙන් මෙය කළ යුතුයි. මා මෙය බවට පත් විය යුතුයි. සෑම කල්පයකටම අදාල වන මෙම ගනුදෙනුව මා ජයග්‍රහණය කළ යුතුයි. එය මුළු කල්පයම පිළිබඳ කාරණාවක්. එබැවින්, පළමුවන කොට්ඨාශයට යාමේ අධිෂ්ඨානය ධාරණය කරගන්න. ඔබ පවසන්නේ යම් අළුත් දෙයක් ගැනද? ඔබ බොහෝ වාර ගණනක් ඇඳ ඇති රේඛාව මතම රේඛාවක් අඳිනවා පමණයි. නාටකයේ රේඛාව දැනටමත් ඇඳ තිබේ. එය කෙලින් ඇඳෙයිද, නැද්ද කියා සිතීමට වුවද, ඔබ අළුතින් රේඛාවක් අඳිනවා නොවෙයි. ඔබ කරන්නේ දැනටමත් නිර්මාණය වී ඇති සෑම කල්පයකම ප්‍රතිලාභය, නැවත වරක් ප්‍රතිනිර්මාණය කිරීම පමණයි, මන්ද, මෙය ක්‍රියාවන්හි ඵලයේ ගිණුමයි. එබැවින් එහි ඇති නවතාවය කුමක්ද? මෙය පරණ දෙයකි එය දැනටමත් සිදුවී අවසන්. මෙය නොසැලෙන විශ්වාසයයි. මෙය අධිෂ්ඨානය ලෙස හැඳින්වෙයි. මෙය තපස්යා ප්‍රතිමූර්තියක් වීම ලෙස හැඳින්වෙයි. සෑම සිතිවිල්ලකම අධිෂ්ඨානය තිබීම යනු තපස්යාවයි. අච්චා.

බාප්දාදා උසස්ම ආගන්තුක සත්කාර කරන්නා වන අතර ස්වර්ණමය ආගන්තුකයාද වෙයි. ඔහු ඔබව ආගන්තුක සත්කාර ලබා දෙන්නා ලෙස මෙන්ම ආගන්තුකයා ලෙසද මුණ ගැසෙයි. කෙසේවෙතත්, ඔහු ස්වර්ණමය ආගන්තුකයාය. ඔහු බැබළෙනවා, එහෙම නේද? ඔබ ආගන්තුකයන් බොහෝ දෙනෙක් දැක ඇති නමුත් ස්වර්ණමය ආගන්තුකයා කිසිදා දැක නැහැ. තුති පුද කිරීම සඳහා ඔබ ප්‍රධාන අමුත්තෙක් බැහැ දැකීමට යයි. එබැවින් බ්‍රහ්ම පියා ආගන්තුක සත්කාර ලබා දෙන්නා බවට පත් වී, සංඥා ලබා දුන් අතර ආගන්තුකයා ලෙසින් සියලු දෙනාට සුබ පැතුම් ලබා දෙනවා. ස්වර්ණමය ආගන්තුකයා ලෙසින් ඔහු, මුළු වාරය පුරාම සේවය කළ අයට සුබ පැතුම් ලබා දෙනවා. ප්‍රථමයෙන් සුබ පැතුම් ලබා දිය යුත්තේ කාටද? උපකරණ දාදීන්ට. බාධක වලින් නිදහස්ව නිමා කළ සේවය වෙනුවෙන් බාප්දාදා සුබ පැතුම් ලබා දෙනවා. තවද බාබා, බාධක වලින් නිදහස්ව රැඳී සිටීම වෙනුවෙන්, ප්‍රබෝදමත්ව රැඳී සිටීම වෙනුවෙන් සහ සියලුම ආගන්තුකයන්ට ආගන්තුක සත්කාර ලබා දීම වෙනුවෙන් මධුබාන් නිවැසියන්ට විශේෂ සුබ පැතුම් ලබා දෙනවා. පරමාත්ම දෙවියන්ම ආගන්තුකයා ලෙසින් පැමිණ ඇති අතර දරුවන්ද එසේ පැමිණ ඇත. පරමාත්ම දෙවියන් ආගන්තුකයා ලෙසින් පැමිණෙන නිවස අයත් කෙනා බොහෝ භාග්‍යවන්තයි. රථයටත් සුබ පැතුම්, මන්ද මෙම චරිත කොටස රඟදැක්වීම සුළුපටු දෙයක් නොවෙයි. තමන් තුළට මෙතරම් දීර්ඝ කාලයක් එවන් බලයක් ගැනීමට හැකි වීමත් විශේෂ චරිත කොටසකි. කෙසේවෙතත්, ඔබ සියලු දෙනාම, මෙම හැඩ ගැසීමේ බලයේ ඵලය ලබා ගන්නවා. එබැවින් හැඩගැසීමේ බලයේ විශේෂත්වය තුළින් බාප්දාදාගේ බලයට හැඩ ගැසීමත් විශේෂ චරිත කොටසක් හෝ ගුණධර්මයකි. එබැවින් සියලුම සේවාධාරීන් අතරින්, ඇගේ සේවයේ චරිත කොටස රඟදැක්වීමේදි මෙම කෙනාද බාධක වලින් නිදහස්ව රැඳී සිටියා. එයට සුබ පැතුම් මෙන්ම කෝටි ගුණයක තුති. ද්විත්ව විදේශිකයන්ට දෙගුණයක තුති, මන්ද ඔබ මධුබාන් බොහෝ ලස්සන කළා. බ්‍රහ්මණ පවුලේ සැරසිල්ල වීම වෙනුවෙන් සුබ පැතුම්. මධුබාන් සහ පවුලේ සැරසිල්ල වීම වෙනුවෙන් සුබ පැතුම්. ඔබ මධුබාන් පවුලේ විශේෂ තිළිණයයි. ද්විත්ව විදේශිකයන්ට දෙගුණයක සුබ පැතුම් ලබා දෙන්නේ ඒ නිසයි. ඔබ කොහේ සිටියත් කම් නැහැ, බාබා ඉදිරියේ සිටින්නේ ටික දෙනෙක් පමණක් වන අතර බාබා භාරතයේ සහ විදේශයන්හි සෑම තැනකම සිටින සියලුම දරුවන්ට විශාල හදවතකින් සුබ පැතුම් ලබා දෙනවා. ඔබගෙන් සෑම කෙනෙක්ම ඉතා හොඳ චරිත කොටසක් රඟ පා තිබේ. දැන් ඉතිරිව තිබෙන්නේ එක දෙයක් පමණක් වන අතර එය සමාන සහ අංග සම්පූර්ණ වීමයි. දාදීන්ද ඉතා හොඳින් උත්සාහ කර තිබේ. ඔවුන් ශාරීරික ස්වරූපයෙන්, බාප් සහ දාදා යන දෙදෙනාගේම චරිත කොටස් රඟපානවා. මේ නිසයි බාප්දාදා ඔහුගේ හදවතින්ම සෙනෙහස මෙන්ම සුබ පැතුම්ද ලබා දෙන්නේ. ඔබ සියලු දෙනාම ඉතා හොඳ චරිත කොටසක් රඟපෑවා. සියලුම සෑම-ආකාරයකම සේවය කරන අය, එය කුඩා සේවයක් වුවත්, එම සේවය ශ්‍රේෂ්ඨයි. ඔය සෑම කෙනෙක්ම තමන් වෙනුවෙන් රැස් කරගත් අතර පුණ්‍යකර්මයක්ද සිදු කළා. මේ දේශයෙන් සහ විදෙස් වලින් සියලුම දරුවන් මෙහි ලඟා වීමේ විශේෂත්වයද සුබ පැතුම් ලැබීමට තරම් වටින්නේය. සියලුම මහාරතීන් එකට එකතු වී, සේවයේ ශ්‍රේෂ්ඨ සිතිවිල්ල ප්‍රායෝගික ස්වරූපයකට දැමූ අතර නොකඩවා එය කරනු ඇත. සේවය සඳහා උපකරණ වන අයට කිසිදු අපහසුතාවයක් නොදිය යුතුයි. ඔබගේ නොසැලකිල්ල නිසා ඔබ කිසිවෙකුට වෙහෙස වී වැඩ කිරීමට සිදු නොකළ යුතුයි. තමන්ගේ දේවල් බලා කියා ගැනීමත්, දැනුමේ කාරණාවක්. බ්‍රහ්ම පියා පැවසූ දේ ඔබට මතකද? ඔබ තම ලේන්සුව නැති කරගන්නේ නම්, ඔබ යම් දවසක තමන්වත් නැති කරගනීවි. සෑම සිතිවිල්ලකින්ම ශ්‍රේෂ්ඨ වීම සහ සාර්ථක වීම යනු, දැනුමින් පිරිපුන් වීමයි. ඔබට සිරුර පිළිබඳ දැනුම තිබෙන අතර ජීවාත්ම පිළිබඳ ඥානය ද තිබේ. සෑම ක්‍රියාවකදී මේ දෙයාකාරයේම ඥානය අවශ්‍යයි. සිරුරේ රෝග පිළිබඳ දැනුමද අවශ්‍යයි. ඔබගේ සිරුර හොඳින් ක්‍රියාත්මක විය හැක්කේ, කුමන ක්‍රමයෙන්ද කියා ඔබ දැන සිටිය යුතුයි. ජීවාත්මය ශක්තිමත් නිසා සිරුර වැදගත් නැති බව නොසිතන්න. ඔබගේ සිරුර නිරෝගී නැත්නම් ඔබට යෝගාවේ සිටීමට නොහැකි වෙයි. එවිට ඔබගේ සිරුර, ඔබව ඒ දෙසට ඇදගනී. මේ නිසයි ඥානයෙන් පිරිපුන් වීමේදි, මේ සියලුම දැනුමත් ඇතුලත් වන්නේ. අච්චා.

බාප්දාදා ඉදිරියේ කුමාරීන් කිහිප දෙනෙක් විසින් කැප වීමේ උත්සවයක් සමරන ලදි

බාප්දාදා සියලුම විශේෂ ජීවාත්ම, විශේෂයෙන් සැරසී සිටින අයුරු දකිනවා. දිව්‍යමය ගුණදම් වල සැරසිල්ල සියලු දෙනාව ඉතා හොඳ සහ ලස්සන කරවනවා. ආලෝක කිරුළු ඉතා ලස්සනට දිලිසෙනවා. අවිනාශී සැරසිල්ලකින් සැරසී ඇති මුහුණු බාප්දාදා දකිනවා. උනන්දුව සහ උද්යෝගයෙන් පිරි දරුවන්ගේ මෙම සිතිවිල්ල දැකීමට බාප්දාදා සතුටු වනවා. බාප්දාදා ඔය සියලු දෙනාව සදා කාලයටම තෝරාගෙන තිබේ. ඔබත් බාප්දාදාව බොහෝ ස්ථීරව තෝරාගෙන තිබෙනවා නේද? අධිෂ්ඨානගත සිතිවිල්ලක අත් වළල්ල දැන් නියම වී තිබේ. සෑම කෙනෙකුගේම හදවතින් මතුවන සෙනෙහසේ සිතිවිල්ල ඉතා වේගයෙන් බාප්දාදා වෙතට ලඟා වෙයි. දැන් මෙම ශ්‍රේෂ්ඨ බන්දනය ඔබගේ සිතිවිලි වලින්වත් ලිහිල් වන්නේ නැත. ඔබ තමන්ව ඉතා ස්ථීරව බැඳ තිබෙනවා නේද? ඔබ පොරොන්දුවක් වී ඇත්තේ උපත් කොපමණකටද? එය, බ්‍රහ්ම පියා සමඟ සෑම විටම සම්බන්ධතාවයක සිටීමේ ස්ථීර පොරොන්දුවක් වන අතර ඔබ විවිධ නම්, රූප සහ සම්බන්ධතා වලින් උපත් 21 ක් නිරන්තරයෙන් ඔහු සමඟ සිටින බව සහතිකයි. එබැවින් ඔබට බොහෝ සතුට තිබේ. ඔබට එය ගණනය කළ හැකිද? මෙය ගණනය කළ හැකි කෙනෙක් තවම මතු වී නැහැ. දැන් ඔබ සිටින ආකාරයට සෑම විටම සැරසී සිටින්න, සෑම විටම කිරුළ පැළඳ, සතුටින් ගී ගයමින් නර්ථනය කරමින් ආධ්‍යාත්මික ප්‍රීතියෙන් රැඳී සිටින්න. ඔබ බාබාගේ පිය සටහන් මත ඔබගේ දෙපා තබන අය බවට පත්වන බවට අධිෂ්ඨානගත සිතිවිල්ලක් ඔබ සියලු දෙනාටම අද තිබුණා නේද? එහි, මනාලිය භෞතික වශයෙන් මනාලයාගේ පියසටහන් මත ඇගේ දෙපා තබන නමුත් ඔබ සියලු දෙනා ඔබගේ සිතිවිල්ලේ දෙපා, පරම පියාගේ සිතිවිල්ලේ පියවර මත තබන අයයි. පරම පියාගේ සිතිවිල්ල කුමක් වුවත් එය දරුවන්ගේද සිතිවිල්ලයි. ඔබට එවන් සිතිවිල්ලක් ඇති වී තිබේද? එකදු පියවරක්වත් අස්ථානගත නොවිය යුතුයි - පියාගේ පියවර මත හැර වෙනත් කිසිම තැනක නොවෙයි. සෑම සිතිවිල්ලක්ම ශක්තිමත් කරගන්න, එනම්, පියා සිදුකරන ආකාරයෙන්, පරම පියාගේ පියවර මත ඔබගේ දෙපය තබන්න. අච්චා.

විදෙස් සහෝදර සහෝදරියන්ට

ඔබ අහස්යානාවල පියාසර කරමින් මෙහි පැමිණ ඇති ආකාරයෙන්ම බුද්ධියේ අහස්යානාවත් සෑම විටම ඉතා වේගයෙන් පියාසර කරමින් තිබිය යුතුයි. එසේ නැත්නම් අවස්ථාවට අනුව ඔබට එම අහස්යානාව අල්ලා ගැනීමට නොහැකි වෙයි. කෙසේවෙතත්, සෑම විටම බුද්ධියේ අහස් යානාව ඔබ සමඟ ඇත්නම්, එමෙන්ම එය සෑම විටම ශක්තිමත් නම්, එවිට ඔබට තත්පරයකදි ඔබට අවශ්‍ය ඕනෑම තැනකට යා හැක. එබැවින් ඔබ මෙම අහස්යානාවේ පාලකයන් නේද? මෙම බුද්ධියේ අහස්යානාව සෑම විටම සූදානමින් තබාගන්න, එනම්, බුද්ධියේ රේඛාව පැහැදිලිව තබාගන්න. බුද්ධිය, සෑම විටම ශක්තිමත්ව පරම පියා සමඟ තබා ගන්න, මන්ද, ඔබට තත්පරයකදි ඔබට අවශ්‍ය තැනකට යාමට හැකි වන්නේ එවිට පමණයි. බුද්ධියේ අහස් යානාව බොහෝ ඉහළට යන අයගේ, භෞතික අහස් යානයද ඔවුන් වෙනුවෙන් හොඳින් පියාසර කරනු ඇත. බුද්ධියේ අහස් යානාව, යහපත් තත්ත්වයක නොමැති නම්, එවිට අර අහස් යානයද පියාසර නොකරයි. අච්චා.

බාප්දාදා කණ්ඩායම් මුණගැසෙමින්

1. ඔබ සෑම විටම තමන් ශ්‍රේෂ්ඨ රාජ යෝගී ජීවාත්ම බව අත්දකිනවාද? රාජ යෝගීවරයෙක් යනු, ඔබගේ සියලු භෞතික ඉන්ද්‍රියන්ගේ රජ කෙනෙක් (පාලකයෙක්) වීමයි. ඔබගේ භෞතික ඉන්ද්‍රියන් මඟින් පාලනය වන කෙනෙක් නොව, ඔබ භෞතික ඉන්ද්‍රියන් පාලනය කරන රජෙක් වන්න. තම භෞතික ඉන්ද්‍රියන්ගේ පාලනය යටතේ ගමන් කරන අය, රාජ යෝගීන් නොව, ප්‍රජා-යෝගීන්ය (පුරවැසියන්). එම භෞතික ඉන්ද්‍රියන් ඔබගේ සේවකයන් බවත්, ඔබ ඒවායේ පාලකයා බවටත් ඥානය ඔබට ලැබී ඇති නිසා, එවිට පාලකයාට කිසිම විටෙක සේවකයාගේ බලපෑමට හසු විය නොහැක. කෙනෙක් කෙතරම් තැත් කළත්, රාජ යෝගී ජීවාත්ම, සෑම විටම ශ්‍රේෂ්ඨ ලෙස රැඳී සිටියි. මෙම රාජ යෝගී දිවිය තුළදි ඔබ දැන් තමන්ව නිරන්තරයෙන් පාලනය කරන සංස්කාර වලින් පුරවා ගත යුතුයි. කුමක් වුවත් සෑම විටම ඔබගේ මෙම නම්බු නාමය සිහියේ තබා ගන්න මා රාජ යෝගීවරයෙක්. ඔබට සර්ව බලධාරීගේ බලය තිබේ ඔබට ඔහු කෙරෙහි විශ්වාසය තිබේ, එබැවින් ඔබගේ අයිතියක් ලෙසින් ඔබට සාර්ථකත්වය හිමි වෙයි. අයිතියක් පහසුවෙන් ලැබෙයි, එය අපහසු නැත. සියලු බලයන්ගේ පදනමට අනුව, සෑම කාර්යයකම සාර්ථකත්වය සහතිකයි. ඔබ හදවත් සිහසුන මත අසුන්ගෙන සිටින ජීවාත්මයක් බවට ආධ්‍යාත්මික කුල්මත් බව, සෑම විටම පවත්වාගන්න. මෙම ආධ්‍යාත්මික කුල්මත් බව, ඔබව සියලු කණස්සලු වලින් ඔබ්බට ගෙන යයි. මෙම ආධ්‍යාත්මික කුල්මත් බව නොමැති නම්, එවිට තිබෙන්නේ වෙනත් කිසිවක් නොව, කණස්සලු පමණයි. එබැවින් සෑම විටම මෙම කුල්මත් බව පවත්වාගන්න, සියලු ආශිර්වාද හිමිකර ගෙන ඇති කෙනෙක් වී, නොකඩවා ආශිර්වාද බෙදා හරින්න. පරිසමාප්ත වී, අන් අයවත් පරිසමාප්ත කරවන්න. අන් අයව මෙය බවට පත් කරවනවා යනු, ඔවුන්ට දිව්‍ය ලෝකයේ ආසනයකට සහතිකය ලබා දීමය. කඩදාසි සහතිකයක් නොව, නමුත් අයතියක්. අච්චා

2. ඔබ සෑම පියවරකින්ම කෝටියක ආදායමක් උපයාගන්නා අය, අසීමිත සම්පත් වල අධිපතියන් බවට පත් වී ඇති අයයි. ඔබ එවන් සතුටක් අත් විඳිනවාද? වත්මන් ලෝකය මුලාවක්. ඔබ මුලාවේ ලෝකයෙන් ඉවතට පියවර තබා ඇත. ඔබට මුලාවේ ලෝකය කෙරෙහි කිසිදු බැඳීමක් නැහැ නේද? සේවය වෙනුවෙන් සම්බන්ධතා තිබීම වෙනම කාරණයක්, නමුත් ඔබගේ සිත් තුළ කිසිදු බැඳීමක් තබා නොගන්න. එබැවින් ඔබ සුළු නැති බව, සාමාන්‍ය නොවන, නමුත් ශ්‍රේෂ්ඨ ජීවාත්ම බවත්, ඔබ සෑම විටම පරම පියාගේ සෙනෙහසට පාත්‍ර වන බවට කුල්මත් බව, සෑම විටම පවත්වාගන්න. පරම පියා කෙබඳුද, දරුවන්ද එවැනිය. නොකඩවා ඔබගේ පියවර, පරම පියාගේ පිය සටහන් මත තබන්න, එනම්, නොකඩවා අනුගමනය කරන්න, එවිට ඔබ පරම පියාට සමාන වෙයි. සමාන වීම යනු පරිසමාප්ත වීමයි. බ්‍රහ්මණ දිවියේ කාර්යය මෙයයි.

3. ඔබ සෑම විටම තමන් පරම පියාගේ උයනේ ආධ්‍යාත්මික රෝස මල් බව සලකනවාද? වඩාත්ම සුවඳ මල් වන්නේ රෝස මල්ය. රෝස වතුර බොහෝ දේට භාවිත කරයි. වර්ණය සහ ලස්සන අතින් වැඩියෙන්ම ආදරයට බඳුන් වන්නේ රෝස මල්ය. ඉතිං ඔබ සියලු දෙනාම ආධ්‍යාත්මික රෝස මල්ය. ඔබගේ ආධ්‍යාත්මික සුවඳ ඉබේටම අන් අයව ආකර්ෂණය කරයි. යම් සුවඳවත් දෙයක් තිබෙන විට, සියලු දෙනාගේ අවධානය, ඉබේටම එය වෙතට ඇදී යයි. ඔය ආධ්‍යාත්මික රෝස මල්වල සුවඳ, ලෝකය ආකර්ෂණය කරයි, මන්ද එයට මෙම ආධ්‍යාත්මික සුගන්ධය අවශ්‍යයි. එබැවින් සෑම විටම මෙය ඔබගේ අවධානයේ තබා ගන්න මා සදාතනික උද්‍යානයේ සදාතනික රෝස මලකි. මා කිසිදා මිලාන වන්නේ නැහැ, මා සෑම විටම පිපී සිටිනවා. එවන් පිපී සිටින ආධ්‍යාත්මික රෝස මල්, සෑම විටම ඉබේටම සේවය සඳහා උපකරණ වෙයි. සියලු දෙනාටම අඛණ්ඩව සිහිපත් කිරීමේ සුගන්ධය මෙන්ම බල සහ ගුණදම් වල සුගන්ධය ලබා දෙන්න. පරම පියාම පැමිණ ඔය මල් පිළියෙල කර තිබේ, එබැවින් ඔබ එවන් විශේෂයෙන් ආදරය ලබන, බොහෝ කල් නැතිව සිට දැන් හමුවූ අයයි. අච්චා.

වරදානය:
ඔබ සියලු රහස් දන්නා කෙනෙක් වී, නොබැඳී සිටිමින්, සෙනෙහසින් යුතුව සිටීමේ රහස දැන, නිරන්තරයෙන් සතුටින් රැඳී සිටිත්වා.

තම නිවෙස් වල පවුලේ අය සමඟ වාසය කරන අතර නොබැඳී සිටිමින් සෙනෙහසින් යුතුව සිටීමේ රහස දන්නා දරුවන්, තමන් සමඟ සතුටු වන අතර ඔවුන් තම පවුලේ අයවත් සතුටින් තබයි. මේ සමඟම ඔවුන්ට අවංක හදවත් ඇති නිසා, ස්වාමී සෑම විටම ඔවුන් ගැන සතුටු වෙයි. මෙම රහස දන්නා, එමෙන්ම නිරන්තරයෙන් සතුටින් රැඳී සිටින එවන් දරුවන්ට කිසිවෙක් තමන්ගේ උපදේශක කිරීමට අවශ්‍ය නොවෙයි - තමන්ට හෝ වෙනත් කිසිවෙක් වෙනුවෙන් - මන්ද ඔවුන්ටම තමන්ගේ තීරණ ගත හැක. එබැවින් ඔවුන්ට කිසිවෙක් තම උපදේශක, නීතීඥවරයා හෝ විනිශ්චයකරු කිරීමට අවශ්‍ය වන්නේ නැත.

පාඨය:
සේවය කිරීමෙන් ඔබට ලැබෙන ආශිර්වාද, ඔබගේ යහපත් සෞඛ්‍යයේ පදනමයි.