01.11.23 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, බ්‍රහ්මාගේ දරුවන් වන ඔබලා සහෝදර සහෝදරියන්ය. ඔබලාගේ ආකල්ප ඉතාමත් පිරිසිඳු
හා පාරිශුද්ධ විය යුතුයි.
ප්‍රශ්නය:
අන් අය තුළ
හොඳ බලපෑමක් ඇති කරවන්නේ කුමන දරුවන්ගේ පැහැදිලි කිරීම්ද?
පිළිතුර:
තමාගේ පවුලේ අයත් සමඟ නිවසේ ජීවත් වෙමින් නෙළුම් මලක් සේ පාරිශුද්ධව වාසය කරන්නන්.
එවන් අත්දැකීම් බහුල දරුවන් මෙම දැනුම අන් අයට පැහැදිලි කර දුන් විට, ඔවුන් තුළට
මෙය ඉතාමත් හොඳින් කාවදිනවා. මන්ද, විවාහ වුණත් කිසිම අපිරිසිඳු ආකල්පයකින් තොරව
සිටීම යනු ඉතාමත් ප්‍රබල වූ ගමනකි. දරුවන් මේ සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රවේසම් සහගත
විය යුතුයි.
ගීතය:
අපගේ වන්දනා
ගමන අසහායයි.
ඕම් ශාන්ති.
පියා මෙහි ඉඳගෙන දරුවන්ට සියල්ල අවබෝධ කර දෙනවා. මන්ද, පියා ගැන දන්නේ ඔබ පමණයි.
දරුවන් දරුවන්මයි. සියලුම දරුවන් බ්‍රහ්ම කුමාරයින් හා කුමාරියන්ය. බ්‍රහ්ම
කුමාරයින් හා කුමාරියන් සහෝදර සහෝදරියන්ය. ඔබ සෑම කෙනෙක්ම එකම එක පියාගේ දරුවන්ය.
එමනිසා, යථාර්ථවාදීව බැලු විට දරුවන් වන ඔබ සෑම කෙනෙන්ම සහෝදරයින් හා සහෝදරියන් වන
බව ඔබ පහදා දිය යුතුයි. සෑම කෙනෙක්ම සහෝදරයෙක්. මෙහිදී, තමන් සීයාගේ හා පියාගේ
දරුවන් වන බව ඔබලා අවබෝධ කර ගත යුතුයි. ඔබලා ශිව බාබාගේ මුණුපුරන්ය. එමෙන්ම
බ්‍රහ්මාගේ දරුවන්ය. මොහුගේ බිරිඳත් කියන්නේ ඇය බ්‍රහ්ම කුමාරී කෙනෙක් බවයි.
එමනිසා, ඇයගේ සම්බන්ධතාවය ඒ ආකාරයේ එකක් බවට පත් වේ. භෞතික සහෝදරයෙක් හා සහෝදරියක්
අතර කිසිම විටෙක අපිරිසිඳු දර්ශනයක් එකිනෙකා අතර ඇතිවන්නේ නැහැ. මේ දිනවල සෑම
කෙනෙක්ම කිලිටි වෙලා. මන්ද, මෙම ලෝකය කිලිටි ලෝකයක් බවට පත් වෙලා. තමන් බ්‍රහ්ම
කුමාරයින් හා කුමාරියන් වන බව දරුවන් වන ඔබට දැන් වැටහෙනවා. ඔබලා බ්‍රහ්මා
මාර්ගයෙන් හදා ගැනීමට ගත් අය බවට පත් වෙලා එමනිසා, ඔබලා සහෝදර සහෝදරියන්ය.
අත්හැරීමේ වර්ග දෙකක් ඇති බව ඔබ පැහැදිලි කර කියා දිය යුතුයි. අත්හැරීම යනු
පාරිශුද්ධව සිටීමයි. පස් පව් අත්හැරීමයි. අන් අය හතා යෝගී සන්යාසීන්ය. ඔවුන්ගේ
දෙපාර්තමේන්තුව වෙනමම තිබෙන්නක්. පවුල් මාර්ගයේ ඇති සෑම ආකාරයකම බන්ධන ඔවුන් බිඳ
දමනවා. ඔවුන්ව හඳුන්වන්නේ හතායෝග සන්යාසීන්, ක්‍රියා අත්හරින්නන් යනුවෙනි. තමාගේ
පවුලේ අයත් සමඟ නිවසේ ජීවත් වන ගමන්, තමාගේ ශරීරයත් ශාරීරික ඥාතීනුත් කෙරෙහි වූ
අවධානය අත්හැර දැමිය යුතුයි කියා දරුවන් වන ඔබට පහදා දී තිබෙනවා. අනිත් අය ගෙවල්
දොරවල් ව්‍යපාරීක කටයුතු අතහැර දමා යනවා. ඔවුන් තමාගේ කිසිම ඥාතිවරයෙක් සමඟ කිසිම
සම්බන්ධතාවක් තබා ගන්නේ නැහැ. තමන්ට ඇත්තේ එකම එක දෙයක් බවයි ඔවුන් විශ්වාස කරන්නේ.
ඒ එකම එක දේ පමණක් සිහිපත් කළ විට ඔවුන්ගේ ආලෝකය ඒ හා මුසු වේවි. එනම්, නිර්වාණ
දේශය වෙත ඔවුන් යා යුතුයි. ඔවුන්ගේ දෙපාර්තමේන්තුව වෙනමම එකක් වන අතර ඔවුන්ගේ
ඇඳුමත් වෙනස්. ඔවුන් කියන්නේ කාන්තාව අපායට මඟ පාදන්නන් බවයි, පුළුන් හා ගින්දරට
එකට ඉන්න බැරි බවයි, වෙන වෙනම ජීවත් වීමෙන් පමණයි තමාව ආරක්ෂා කර ගත හැක්කේ කියලයි.
නාටකයට අනුව, ඔවුන්ගේ ධර්මය වෙනස් එකක්. ශන්කරාචාර්ය තමාගේ ආගම නිර්මාණය කළා. ඔහු
ඉගැන්වූයේ රාජයෝගාව නොව, ක්‍රියා අත්හරිනා හතා යෝගාව ගැනයි. නාටකය කල් තබාම තීරණය
වූවක් බව ඔබට වැටහෙනවා. ඒකත් අනුපිළිවෙලකට තිබෙන්නේ. සෑම කෙනෙක්ටම 100%ක්ම එක වගේ
වෙන්න බැහැ. ඇතැම් අය 100%ක් ඥානවන්ත බවත් තවත් පිරිසක් 100%ක්ම අඥානවන්ත බවත් කියා
තිබෙනවා. මෙය සිදු වේවි. ඔබ ’මමා හා බාබා‘ කියා කියූ සැනෙකින්ම ඔබලා සහෝදර
සහෝදරියන් වෙනවා. නීතියට අනුව කිසිම කිලිටි සිතිවිල්ලක් නොතිබිය යුතුයි. සහෝදරයෙක්ට
හා සහෝදරියකට කවදාවත් එකිනෙකාව විවාහ කර ගන්න බැහැ. ගෙදරක සහෝදරයෙක් හා සහෝදරියක්
අතර එවන් ආකාරයක දෙයක් සිදු වෙනවා නම්, ඔවුන්ගේ පියා එම අපිරිසිඳු ක්‍රියා ගැන දැන
ගත්තොත්, ඔහු ඒ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වේවි. එතරම් ප්‍රමාණයක විනාශයක් ඇතිකර
ගැනීමට තරම් ඔවුන් පැමිණ සිටින්නේ කොහි සිටන්ද? ඔහු ඔවුන්ට හොඳටම බැණ වදීවි. පෙර
දින වල, සෑම කෙනෙක්ම මේ දේවල් ගැන වඩාත් සැලකිල්ලෙන් සිටිනවා. දැන් සෑම කෙනෙක්ම
100%ක්ම තමෝප්‍රධාන්ය. මායාගේ බලපෑම ඉතාමත් ශක්තිමත්. මායා උත්තරීතර පියා වන
උත්තරීතර ජීවයේ දරුවන් සමඟ නිකම් රණ්ඩු වෙන්න පටන් ගන්නවා. පියා කියනවා මේ මගේ
දරුවන්. මම ඔවුන්ව දිව්‍යලෝකය වෙත ගෙන යනවා. මායා කියනවා නැහැ, මේ අය මගේ දරුවනුයි!
මම ඔවුන්ව අපාය වෙත ගෙන යනවා. මෙහිදී ඔබ සිටින්නේ ධර්මරාජ් නම් වූ පියාගේ අතේයි.
තමාගේ පවුලේ අයත් සමඟ නිවසේ ජීවත් වෙමින් පාරිශුද්ධව සිටිනා අය ඉතාමත් පැහැදිලිව
අන් අයට කියා දිය යුතුයි එකටම ඉඳගෙන පාරිශුද්ධව සිටින්නේ කොහොමද යන්න ගැන. හතායෝගී
සන්යාසීන් මඟින් කරගෙන යා නොහැකි වුණු කාර්යය පියා මඟින් ඉටු වෙනවා. සන්යාසීන්ට
බැහැ රාජයෝගා උගන්වන්න. විවේකානන්ද ’රාජයෝගා‘ යන නමින් පොතක් ලිව්වා. කොහොමනමුත්,
සන්යාසීන් හුදෙකලා මාර්ගයට අයිති අය වන අතර ඔවුන්ට රාජයෝගා උගන්වන්න බැහැ. ගෙවල් වල
ඉඳිමින් පාරිශුද්ධත්වයත් රකිනා ඔබගෙන් කෙනෙක් මේ දේවල් ගැන අන් අයට පැහැදිලි කර
කියා දුන් විට, ඔබගේ ඊතලය නියම ඉලක්කය වෙත යනවා. දිල්ලි වල ගස් ගැන සම්මේලනයක්
පැවැත්වෙන බව බාබා පුවත්පත් වලින් දැනගත්තා. ඔබ ඔවුන්ගෙන් ඇසිය යුතුයි, එම කැලෑ ගස්
ගැන ඔතරම් සැලකිලිමත් වන ගමන්ම, තමාගේ පරම්පරා ගස ගැනත් සැලකිලිමත් වුණාද, එම ගස
මතු වුණේ කෙසේද, එයට පෝෂණය ලැබුණේ කෙසේද වැනි දේ ගැන සිතා බැලුවාද කියා ඇසිය
යුතුයි. තවමත් දරුවන් වන ඔබලාගේ බුද්ධිය එතරම් පුළුල් වී නැහැ. ඔබ එතරම් හොඳ
අවධානයක් යොමු කරන්නේ නැහැ. කුමන හෝ ආකාරයක ලෙඩක් දුකක් සෑදෙනවා. භෞතික නිවසක පවා,
සහෝදරයෙක් හා සහෝදරියක් අතර කිසිම විටෙක අපිරිසිඳු සිතිවිලි ඇති වන්නේ නැහැ. මෙහි
සිටිනා ඔබ සෑම කෙනෙක්ම එකම එක පියාගේ දරුවන්ය, සහෝදරයින් හා සහෝදරියන්ය, බ්‍රහ්ම
කුමාරයින් හා කුමාරියන්ය. අපිරිසිඳු සිතිවිලි පැමිණියොත්, එවන් අය ගැන මොනවාද
කියන්නේ? එවන් අය සාමාන්‍ය අපායේ ඉන්නා අයටත් වඩා දහස් ගණනකින් අපිරිසිඳු අය ලෙස
සැලකේවි. දරුවන් වන ඔබලා මත විශාල වගකීමක් පැවරී තිබෙනවා. තමන්ගේ පවුලේ අයත් සමඟ
නිවසේ වාසය කරනා අය පාරිශුද්ධව ජීවත්වීම සඳහා විශාල උත්සාහයක් දැරිය යුතු වෙනවා.
ලෝකයේ සිටිනා කිසිම කෙනෙක් මෙම කරුණු ගැන දන්නේ නැහැ. පියා පැමිණෙන්නේ ඔබව
පාරිශුද්ධත්වයට පත් කරවීම සඳහායි. එමනිසා, දරුවන් වන ඔබලා අනිවාර්යෙන්ම පොරොන්දුවක්
වී රාඛි එකක් බඳිනවා. ඒ සඳහා සෑහෙන උත්සාහයක් දැරිය යුතුයි. විවාහ වෙලත් පාරිශුද්ධව
සිටීම ඉතාමත් තියුණු ගමනක්. බුද්ධිය මඳ වශයෙන්වත් ඇදී නොයා යුතුයි. මිනිස්සු විවාහ
වන විට, ඔවුන් අපිරිසිඳු වෙනවා. පියා පැමිණ ඔබව එම කස පහරින් බේරා ගන්නවා.
ද්‍රවුපතීගේ කතාන්දරයත් ග්‍රන්ථ වල ලියා තිබෙනවා. ඒ දේවල් වල කුමන හෝ ආකාරයක
වැදගත්කමක් තිබෙනවා. එම ග්‍රන්ථ ආදී සෑම දෙයක්ම නාටකයට අනුව නියමිත වූ දේවල්ය.
නාටකයේ පසුවන සෑම දෙයක්ම කල් තබාම නියමිතව ඇති ඒවා වන අතර ඒවා නැවතත් එලෙසින්ම සිදු
වේ. දැනුම් මාර්ගය හා භක්ති මාර්ගය දෙකම තීරණය වී හමාරය. ඔබගේ බුද්ධිය දැන් ඉතාමත්
පුළුල් එකක් බවට පත් වෙලා. අසීමිත පියාගේ බුද්ධිය කොයි ආකාරයේද ශ්‍රීමත් අනුගමනය
කරනා විශේෂ දරුවන්ගේ බුද්ධියත් ඒ ආකාරයේම විය යුතුයි. දරුවන් ගණනාවක් සිටිනවා. තවත්
කී දෙනෙක් සිටිනවාද කියා කවුද දන්නේ? බ්‍රහමින් බවට පත්වන තෙක් ඔවුන්ට තමාගේ උරුමය
ලබා ගත නොහැකියි. ඔබ දැන් අයිති බ්‍රහ්මාගේ වංශයටයි, පසුව ඔබ සූර්ය වංශය වෙතට ඇතුළු
වනු ඇත. එනම්, විශ්නුගේ වංශයට ඇතුළුවනු ඇත. දැන් ඔබ අයිති ශිවාගේ වංශයටයි. ශිවා
දාදා (සීයා) වන අතර බ්‍රහ්මා බාබා වෙනවා. සෑම මිනිසෙක්ම වෙනුවෙන් එකම එක පියෙක්
සිටිනා අතර මිනිස්සු රාශියක් සිටිති. මානව ලෝක ගසට බීජයක් තිබිය යුතුයි කියා
මිනිසුන්ට තේරෙනවා. පළමුවෙන්ම එන මිනිසෙකුත් සිටිය යුතුයි. ඔහුට තමයි ’අළුත්
මිනිසා‘ කියා කියන්නේ. එසේනම්, ඒ ’අළුත් මිනිසා‘ වන්නේ කවුද? බ්‍රහ්මාම විය යුතුයි.
බ්‍රහ්මා හා සරස්වතී තමයි අළුත් අය වශයෙන් සලකන්නේ. මේවා තේරුම් ගැනීම සඳහා පුළුල්
බුද්ධියක් අවශ්‍යයි. අහෝ දෙවි පියාණනි! අහෝ උත්තරීතර දෙවි පියාණනි! කියා කියන්නේ
ජීවයනුයි. එසේ කියන්නේ ජීව සත්තාවනුයි. ඉතින් එමනිසා, ඔහු සෑම කෙනෙකුගේම නිර්මාණකරු
විය යුතුයි. ඔහු තමයි ඉහළම ඉහළ කෙනා. පහළ සිටිනා මෙම මානව ලෝකයේදී, ඉහළම ඉහළ කෙනා
වශයෙන් සැලකෙන්නේ කවුරුන්වද? මානව ලෝකයේ පියා. මෙම මානව ලෝක ගසෙහි ප්‍රධානම කෙනා
වන්නේ බ්‍රහ්මා බව ඕනෑම කෙනෙක්ට අවබෝධ කරගත හැකියි. ශිවා ජීවයන්ගේ පියා වන අතර
බ්‍රහ්මා මිනිසුන්ගේ නිර්මාණකරු වශයෙන් හැඳින්විය හැකියි. කොහොමනමුත්, ඔහු මෙය
කරන්නේ කාගේ උපදේස මතද? පියා කියනවා මම බ්‍රහ්මාව හදා ගන්නවා. ඉතින් අළුත් බ්‍රහ්මා
එන්නේ කොහේ ඉඳන්ද? ඔහුගේ උපත් ගණනාවක අවසන් උපතේදී මම ඔහුගේ ශරිරයට ඇතුළු වී
ප්‍රජාපිතා බ්‍රහ්මා කියා ඔහුට නම දෙනවා. තමන් දැන් අනිවාර්යෙන්ම බ්‍රහ්මාගේ
දරුවන්ය යන්න ඔබට දැන් තේරෙනවා. අපි ශිව බාබාගෙන් දැනුම ලබා ගන්නවා. අප පැමිණ
සිටින්නේ පාරිශුද්ධත්වය, සතුට, සාමය, නිරෝගි බව හා ධනය යන සියල්ලම පියාගෙන් ලබා
ගැනීමටයි. අපි භාරතය තුළ නිරන්තරයෙන් සතුටින් සිටියා. දැන්, තවදුරටත් එය අප තුළ
නැහැ. පියා දැන් නැවතත් වතාවක් අපට එම උරුමය ලබා දෙනවා. පාරිශුද්ධත්වය පළමුවෙන්ම
පැමිණෙන්නක් බව දරුවන් වන ඔබට තේරෙනවා. රාඛියක් බඳින්නේ කාටද? අපිරිසිඳු වූවන් තමන්
අනිවාර්යෙන්ම පාරිශුද්ධ වන්නම් කියා පොරොන්දුවක් වෙනවා. මෙම ගමන ඉතාමත් බෑවුම්
සහිතයි කියා දරුවන්ට තේරෙනවා. සහෝදරයෙක්, සහෝදරියක් යන අවධානය ඇතිව අප ඉන්නේ කෙසේද
යන්න ගැන පළමුවෙන්ම විවාහක දෙපළකට පහදා දිය යුතුයි. ඔව්, එවන් තත්ත්වයක් ගොඩනඟා
ගැනීමට සෑහෙන කාලයක් ගත වෙනවා. මායාගේ කුණාටු ගණනාවක් එනවා කියා දරුවන් ලියනවා.
එමනිසා, ගෙවල් වල ඉඳගෙන පාරිශුද්ධත්වය රකිනා දරුවන් දේශන දෙනවා නම්, බොහොම හොඳයි.
මන්ද, එවිට එතන කිසියම් අළුත් දෙයක් තිබෙනවා. මෙය ආත්ම ආධිපත්‍යය ඇති කරවන යෝගාවයි.
මෙහිදීත් අත්හැරීමක් තිබෙනවා. ඔබගේ පවුලේ අයත් සමඟ නිවසේ ජීවත් වෙන ගමන් ජීවන
මුක්තිය, එනම්, ගැලවීම ලබා ගැනීමටත් ඔබට අවශ්‍යයි. මෙහි ඇත්තේ බන්ධන වලින් පිරි
දිවියකි. ඔබගේ තත්ත්වය ස්ව ආධිපත්‍යය ඇත්තකි. ආත්මයට ආධිපත්‍යයක් අවශ්‍යයි. දැන්
එහි කිසිම ආධිපත්‍යයක් නැහැ. ජීවය කියනවා මම රජ කෙනෙක් වශයෙන් සිටියා. මම රැජිණක්
වශයෙන් සිටියා. දැන් මම පාපකාරී වෙලා, දරිද්‍රතාවයට පත් වෙලා. මා ළඟ කිසිම
ගුණධර්මයක් නැහැ. මෙසේ කියන්නේ ජීවයයි. එමනිසා, ඔබ තමා ජීවයක් ලෙසින් සැලකිය
යුතුයි. උත්තරීතර පියාගේ, උත්තරීතර ජීවයේ දරුවෙක් වශයෙන් සැලකිය යුතුයි. ජිව වන අප
සහෝදරයින්ය. එමනිසා, එකිනෙකා අතර විශාල සෙනෙහසක් තිබිය යුතුයි. අපි මුළු ලෝකයම
ආදරණීය එකක් බවට පත් කරවනවා. රාමාගේ රාජ්‍යයේදී සිංහයාත් එළුවාත් එකම පොකුණෙන් වතුර
බිව්වා කිසිම කෙනෙක් රණ්ඩු කළේ නැහැ. එසේනම්, දරුවන් වන ඔබලා අතර කෙතරම් විශාල වූ
සෙනෙහසක් තිබිය යුතුද? මෙම තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් පැමිණේවි. බොහෝ අය නොයෙකුත් දේ
සඳහා රණ්ඩු වෙනවා. පාර්ලිමේන්තුවේදී රණ්ඩු වෙනවා පුටු පවා විසිකර ගන්නවා! එය
යක්ෂයින්ගෙන් පිරි කණ්ඩායමක්. මෙය ඔබගේ දේවමය වූ කණ්ඩායමයි, ඉතින්, කෙතරම් නම් වූ
කුල්මත් බවක් ඔබ තුළ තිබිය යුතුද? කොහොමනමුත්, මෙය පාසලකි. පාසලක ඇතැම් අය
ඉගෙනීමෙන් ඉදිරියට යනවා, තවත් පිරිසක් පසුපසට වැටෙනවා. මෙය පදුමාකාර වූ පාසලක්. එහි
ගුරුවරයා හා පාසල එකිනෙකට වෙනස්. නමුත් මෙහි එකම එක පාසලක් හා එකම එක ගුරුවරයෙක්
පමණයි සිටින්නේ. ජීවය ශරීරයක් ගෙන උගන්වනවා. ඔහු ජීව වලට උගන්වනවා. ජීව වන අප අපගේ
ශරීර මඟින් ඉගෙන ගන්නවා. මේ තරම් දුරට ඔබ ජීව අවධානයට පත් විය යුතුයි. අප ජීව වන
අතර ඔහු උත්තරීතර ජීවයයි. මුළු දවස පුරාම මෙය ඔබගේ බුද්ධියේ තරඟ කළ යුතුයි. ශාරීරික
අවධානය නිසා තමයි ඔබලා වැරදි කරන්නේ. පියා නැවත නැවතත් කියන්නේ ජීව අවධානයට පත්
වන්න! ශාරීරික අවධානයට පත් වීමෙන් ඔබ මායාගේ ප්‍රහාර වලට ලක් වෙනවා. මෙම නැග්ම
ඉතාමත් ප්‍රපාතාකාරයි. ඔබ දැනුම් සාගරය බොහෝ කැලඹිය යුතුයි! දැනුම් සාගරය හොඳින්ම
කැලඹිය හැක්කේ රාත්‍රියේදීයි. මේ ආකාරයට දැනුම් සාගරය කැලඹීමෙන් ක්‍රම ක්‍රමයෙන් ඔබ
පියා හා සම තත්ත්වයට පත් වේවි. මෙම මුළු දැනුමම දරුවන් වන ඔබ තමාගේ සිහියේ තබාගෙන
සිටිය යුතුයි. තමාගේ පවුලේ අයත් සමඟ ජීවත් වෙමින් රාජයෝගා ඉගෙන ගන්න. බුද්ධියට ඇති
එකම කාර්යය එයයි. මේ දේවල් උකහා ගන්නේ බුද්ධියයි. තමාගේ පවුලේ අයත් සමඟ නිවසේ ජිවත්
වන අයට විශාල උත්සාහයක් දැරීමට සිදු වෙනවා. මේ දිනවල තමෝප්‍රධාන්ව සිටීම නිසා
මිනිස්සු ඉතාමත් කිලිටි අය බවට පත් වෙලා. මායා සෑම කෙනෙක්වම විනාශ කර දමලා. ඇය සෑම
කෙනෙක්වම හපා දමා සම්පූර්ණයෙන්ම ගිල දමලා. පියා පැමිණ කිඹුලා වන මායාගේ බෙඩන් ඔබව
නිදහස් කර ගන්නවා. ඔබව ඉන් නිදහස් කර ගැනීම ඉතාමත් අපහසුයි. තමාගේ පවුලේ අයත් සමඟ
නිවසේ ජීවත් වන අය තමාගේ දිප්තිය පෙන්විය යුතුයි. අපට ඇත්තේ රාජයෝගාව බව පැහැදිලි
කළ යුතුයි. ඇයි අපව බ්‍රහ්ම කුමාරයින් හා කුමාරියන් කියා හඳුන්වන්නේ? මෙම ගැටළුව
තේරුම් ගෙන ඔවුන්ට කියා දිය යුතුයි ඇත්තෙන්ම කියනවා නම්, ඔබලාත් බ්‍රහ්ම කුමාරයින්
හා කුමාරියන් වනවා. ප්‍රජාපිතා බ්‍රහ්මා නව ලෝකය නිර්මාණය කරනවා. නව ලෝකය නිර්මාණය
වී ඇත්තේ නව මිනිසා සඳහායි. ඇත්තෙන්ම කියනවා නම්, සත් යුගයේ පළවෙනිම දරුවා
හැඳින්විය යුත්තේ අළුත්ම කෙනෙක් වශයෙනුයි. එහි සතුටේ නලා වාදනය වේවි. එහි ජීවය හා
ශරීරය දෙකම පාරිශුද්ධව තිබෙනවා. බාබා දැන් මොහුගේ ශරීරයට ඇතුළු වෙලා. මේ නව මිනිසා
පිරිසිඳු නැහැ. ඔහු මෙම මහළු කෙනාගේ ශරීරයට විත් ඔහුව අළුත් කරවනවා. ඔහු පැරණි දේ
අළුත් කරවනවා. දැන් අළුත් මිනිසා කියා හැඳින්විය හැක්කේ කාවද? බ්‍රහ්මාට එසේ කිව
හැකිද? බුද්ධිය මේ සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. ආදම් හා ඒව යනු කවුරුන්දැයි කියා
ඔවුන්ට තේරෙන්නේ නැහැ. අළුත් කෙනා ශ්‍රී ක්‍රිෂ්ණා වන අතර පැරණි කෙනා වන්නේ මේ
බ්‍රහ්මායි. මම දැන් නැවතත් වතාවක් මෙම පැරණි මිනිසා වන බ්‍රහ්මාව අළුත් කෙනෙක් බවට
පත් කරවනවා. නව ලෝකය සඳහා නව මිනිසෙක් අවශ්‍යයි. ඔහු පැමිණෙන්නේ කොහි සිටන්ද? නව
මිනිසා සත් යුගයේ කුමාරයායි. ඔහුව හඳුන්වන්නේ ලස්සන කෙනා යනුවෙනි. මොහු අවලස්සනයි
ඔහු අළුත් කෙනෙක් නොවෙයි. උපත් 84ක් ගන්නා ක්‍රිෂ්ණාම දැන් තමාගේ අවසන් උපතට පැමිණ
සිටිනා නිසා බාබා ඔහුව තමා ළඟට අරගෙන. ඔහු පැරණි දේවල් අළුත් කරවනවා. මේවා අවබෝධ කර
ගැනීම සඳහා වටිනා, ඉතාමත් හොඳ දේවල්ය. අළුත් දේ පැරණි වන අතර පැරණි දේ අළුත් වෙනවා.
සැමටම වඩා පැරණිම වූ කෙනා අළුත්ම කෙනා බවට පත් වෙනවා. බාබා ඔබව තරුණ අය බවට පත්
කරවා ඔබව අළුත් කරවනවා. මේ කරුණු සියල්ල අවබෝධ කර ගත යුතුයි. ඔබගේ මට්ටමත් නිර්මාණය
කර ගත යුතුයි. කුමාරයන් හා කුමාරියන් කොහොමත් පිරිසිඳුයි. කොහොමනමුත්, තමාගේ පවුලේ
අයත් සමඟ ගෙවල් වල ජිවත් වන අය නෙළුම් මලක් සේ ජීවත් විය යුතුයි. ස්ව දර්ශන
චක්‍රධාරීන් විය යුතුයි. විශ්නුගේ වංශය තුළ ත්‍රිකාලදර්ශී වීම ගැන දැනුම නැහැ. මහළු
මිනිසා ත්‍රිකාලදර්ශීයි. මේවා ඉතාමත් ප්‍රවේසමින් තේරුම් ගත යුතු දේවල්ය. දැනුම ගෙන
අළුත් මිනිසෙක් බවට පත් වන්නේ මේ මහළු කෙනායි. පියා මෙහි ඉඳගෙන සියල්ල පැහැදිලි
කරනවා එය හතායෝගාවයි, මෙය රාජයෝගාවයි. රාජයෝගා යනු සත් යුගයේ රාජ්‍යය හිමි කර
ගැනීමයි. සතුට යනු කපුටෙකුගේ වර්චස් පිඩක් වැනි දෙයක් කියා සන්යාසීන් කියනවා. ඔවුන්
එයට ආසා කරන්නේ නැහැ. පියා කියනවා කාන්තාවන් සත් යුගයට මාවතයි. දැනුමේ කලස මම
තබන්නේ මව්වරුන් මතයි. ඉතින්, පළමුවෙන්ම, ’ශිවාට නමස්කාර වේවා‘, ’ශිව දෙවියන් කතා
කරයි‘ යන්න පැහැදිලි කර කියා දෙන්න. මෙම හඬ ඉතාමත් වේගයෙන් පිට විය යුතුයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා
සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ජීවාත්ම වන
අප සහෝදරයින්ය. මෙම විශ්වාසයෙන්, මෙම පාරිශුද්ධත්වයේ පොරොන්දුව තබනා ගමන් එකිනෙකා
කෙරෙහි වූ මහත් වූ සෙනෙහසකින් වාසය කරන්න. සෑම කෙනෙක්වම ආදරණීය අය බවට පත් කරවන්න.
2. ඔබගේ බුද්ධිය
පුළුල් කර ගනිමින් මෙම දැනුමේ මූලිකම වූ වැදගත්කම අවබෝධ කර ගන්න. දැනුම් සාගරය
කලඹන්න. මායාගේ ප්‍රහාර වලින් බේරී සිටීමට නම්, ජීවාත්ම අවධානයේ සිටීම පුහුණු
කරන්න.
වරදානය:
ඔබ ජීවමාන
මරණයක් මියැදී, දැනුමේ අමෘතයේ වැහි පොද යට, ශ්‍රේෂ්ඨත්වයට පත් වේවා.
පරම පියා ඔය දරුවන්
මතට දැනුමේ අමෘතය වස්සා, මලමිණී මෙන් සිටි ඔබව ශ්‍රේෂ්ඨත්වයට පත් කර ඇත. ඔහු
දැවෙමින් තිබුණු චිතකයෙන් ඔබව ඉවතට ඔසවා ඔබට ජීවමානව මියැදෙන්නට සැලැස්වීය. ඔහු ඔබට
ඥානයේ අමෘතය ලබා දී ඔබව අමරණීය කළා. දෙවියන් මළ ගිය ඇත්තන්ට නැවත ප්‍රාණය ලබා දෙන
බව මිනිසුන් කියයි, නමුත් ඔහු එය සිදු කරන්නේ කෙසේද කියා ඔවුන් නොදනී. පෙර කල, ඔබගේ
ශරීර අවධානය නිසා, මළමිණි මෙන් මිය ගොස් සිටි ඔබ, දැන් ශ්‍රෙෂ්ඨ වී ඇති බවට සතුට
ඔබට තිබේ.
පාඨය:
ක්‍රියා සිදු
කරන අතර ඔවුන්ගේ ධර්මයේ ස්ථාවරව රැඳී සිටින අය, ධර්මිෂ්ඨ ජීවාත්මයි.