01.12.23       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම පාසැලට පැමිණීමෙන්, ඔබට ක්ෂණික ලැබීම් හිමි වෙයි. පියා ලබා දෙන සෑම ඥාන මැණිකක්ම සිය දහසක් වටින දේපළයි.

ප්‍රශ්නය:
බාබා ඔබට දෙන කුල්මත් බව අඩුවන්නේ ඇයි? ඔබගේ කුල්මත් බව සෑම විටම ඉහළින් තබා ගැනීමේ ක්‍රම වේදය කුමක්ද?

පිළිතුර:
කුල්මත් බව අඩුවන්නේ, ඔබ ඉවතට හැරී, ඔබගේ නෑයන්ගේ මුහුණු දකින විට සහ බැඳීම් විනාශ කරන්නෙක් බවට පත්ව නැති විටයි. ඔබගේ කුල්මත් බව සෑම විටම ඉහළින් තබා ගැනීමට, පියා සමඟ හදවතින් හදවතට කතා බහක යෙදෙන අන්දම ඉගෙන ගන්න. බාබා, මා ඔබට අයත් විය. ඔබ ඉන්පසු මාව දෙව්ලොව යැවූ අතර මා උපත් 21ක් සතුට අත්වින්දා, පසුව මා දුකට පත් විය. මා දැන් නැවත වරක් සතුටේ උරුමය හිමිකර ගැනීමට පැමිණ සිටිනවා. බැඳීම් විනාශ කරන්නෙක් වන්න, එවිට ඔබගේ කුල්මත් බව සෑම විටම ඉහළින් තිබෙයි.

ගීතය:
ඔබගේ මාවතේ දිවි ගෙවන්නත් ඔබගේ මාවතේ මියැදෙන්නත්.

ඕම් ශාන්ති.
ඔබට ඇසුනේ කාගේ වදන්ද? ගොප් සහ ගෝපීන්ගේ. ඔවුන් එසේ කියන්නේ කාටද? පරම පියා, පරමාත්ම ජීවය, ශිව බාබාට. නමක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඔබ පවසන්නේ ජීවමානව සිටින විට මා ඔබට අයත් වන්නේ, ඔබගේ ගෙල වටා මාලයේ කොටසක් වීමටයි. ඔබ පමණක් සිහි කිරීමෙන්, මා ඔබගේ ගෙල වටා මාලයේ කොටසක් බවට පත්වන්නම්. රුද්‍ර මාලය ඉතා සුප්‍රසිද්ධයි. සියලුම ජීවාත්ම, රුද්‍ර මාලාවේ කොටසක් බව, පියා පහදා දී තිබේ. මෙය ආධ්‍යාත්මික ගසකි. එය මනුෂ්‍යයන්ගේ ජානමය ගසක් වන අතර මෙය ජීවාත්මයන්ගේ ගසයි. ගසේ කොටස් තිබේ - දේවතාවන්ට කොටසක්, ඉස්ලාමිකයන්ට කොටසක්, බෞද්ධයින්ට කොටසක්. වෙනත් කිසිවෙකුට මෙම දේවල් විස්තර කළ නොහැක. ඔබට මෙය පවසන්නේ, ගීතාවේ දෙවියන් පමණයි. ඉපදීම සහ මරණය ඉක්මවා සිටින්නේ ඔහු පමණයි. ඔහු කිසිදා නූපදින කෙනා, ලෙස හැඳින්විය නොහැක. සිදුවන්නේ, ඔහු උපත්, මරණ චක්‍රයට ඇතුළු නොවීම පමණයි. ඔහුට සූක්ෂම හෝ භෞතික ශරීරයක් නැත. දේවාලවල ඔවුන් ශිව ප්‍රතිමාවකට වන්දනා කරයි. ඔවුන් එය පරමාත්ම ජීවය ලෙස හඳුන්වයි. ඔවුන් දේවතා ප්‍රතිමා ඉදිරියට ගොස් ඔවුන්ගේ මෙම වර්ණනාව ගායනා කරයි. ඔවුන් කිසිදා මෙසේ නොකියයි බ්‍රහ්ම පරමාත්මයට නමස්කාර වේවා. ඔවුන් සෑම විටම පරමාත්මය ලෙස සලකන්නේ ශිවාය. ඔවුන් පවසන්නේ ශිව පරමාත්මයට නමස්කාර වේවා. එය අශාරීරික ලෝකය වන අතර අනෙක සූක්ෂම කලාපය ද, මෙය ශාරීරික ලෝකය ද වේ. දෙවියන් සෑම තැනකම සිටින බවට දැනුම, ඔය දරුවන්ට මෙහිදි නොදෙන බව ඔබ දැන් දන්නවා. දෙවියන් මෙම කෙනා තුළත් සිටියේ නම්, ඔබ ඔහුට මෙසේ කියනු ඇත පරමාත්මයට නමස්කාර වේවා. ඔහු සිරුරක් තුළ සිටින විට, ඔබ පරමාත්මයට නමස්කාර වේවා යැයි නොකියයි. ඇත්ත වශයෙන්ම භාවිත කෙරෙන වදන් වන්නේ, මහා ආත්මය, පුණ්‍ය ආත්මය සහ පාප ආත්මයයි. කිසිම විටෙක මහා පරමාත්මය නොකියයි. පුණ්‍ය පරමාත්මය හෝ පාපී පරමාත්මය යන ව්‍යවහාර පවා නොමැත. මෙම කාරණා වටහාගත යුතුයි. මෙම පාසැලට පැමිණීමෙන් ක්ෂණික ඵලයේ ලැබීම ඔබට හිමි වන බව දන්නේ ඔය දරුවන් පමණයි. මෙම ඉගෙනුම තුළින් අපි අනාගතයේදී දේවතාවන් වෙයි. වෙනත් කිසිවෙකුට මෙය කිව නොහැක. මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය වන අය ඔබලාය. දේවතාවන් අතරින් ප්‍රසිද්ධ අය වන්නේ ලක්ෂ්මි සහ නාරායන්ය. මිනිසුන් සත්‍ය නාරායන්ගේ කතාව ගැන පවසන්නේ මේ නිසයි. නාරායන් සමඟ අනිවාර්යෙන් ලක්ෂ්මි ද සිටිනු ඇත. ඔවුන් මෙසේ නොකියයි සත්‍ය රාමාගේ කතාපුවත. ඔවුන් පවසන්නේ එය සත්‍ය නාරායන්ගේ කතා පුවතයි. අච්චා, එය තුළින් කුමක් වෙයිද? සාමාන්‍ය මිනිසා නාරායන් බවට පරිවර්ථනය වෙයි. ඔබ නීතිඥයෙක්ගෙන්, නීතිඥයෙකුගේ කතා පුවත අසා, නීතිඥයෙක් බවට පත් වෙයි. ඔබ මෙහි පැමිණෙන්නේ ඔබගේ අනාගත උපත් 21ක ලැබීම වෙනුවෙන්ය. අනාගත උපත් 21හි ලැබීම හිමිවන්නේ, එය සංගම යුගය වන විටයි. ඔබ මෙහි පැමිණ සිටින්නේ පියාගෙන් ස්වර්ණමය යුග රාජධානියේ ඔබගේ උරුමය හිමි කර ගැනීමට බව ඔබ දන්නවා. කෙසේවෙතත්, ප්‍රථමයෙන්ම ශිව බාබා ඔබගේ බාබා බවට ස්ථීර විශ්වාසය ඔබට තිබිය යුතුයි. ඔහු මෙම බ්‍රහ්මාගේ ද බාබායි. එබැවින් ඔහු බීකේවරුන්ගේ දාදා (සීයා)ය. මෙම පියා (බ්‍රහ්මා) පවසන්නේ මෙය මගේ දේපල නොවෙයි. ඔබට ලැබෙන්නේ සීයාගේ දේපලයි. ශිවා බාබාට ඥාන මැණික් වල ධනය තිබේ. සෑම මැණිකක්ම, සිය දහස් ගණනක් වටින දේපලයි. එහි වටිනාකම කෙතරම් ඉහළද කියතොත්, කිසිවෙකුට උපත් 21ක රාජධානියේ භාග්‍යයක් ගැන, සිහිනෙන්වත් සිතා ගැනීමට නොහැකි විය. මිනිසුන් ලක්ෂ්මි සහ නාරායන්ට වන්දනා කරමින් සිටිය නමුත් ඔවුන්ගේ එම තත්ත්වය හිමි වුයේ කෙසේද කියා කිසිවෙක් නොදනී. ඔවුන්ට කිසි දෙයක් වටහා ගැනීමට නොහැකි වී තිබෙන්නේ, ස්වර්ණමය යුගයේ කාලය, වසර සිය දහස් ගණනක් බව ඔවුන් පවසා තිබෙන නිසාය. ඔවුන් රාජධානිය පාලනය කිරීමට පැමිණ, දැනට වසර 5000ක් ගත වී ඇති බව ඔබ දන්නවා. එවිට, ප්‍රථම කාල පරිච්ඡේදයෙන්, කතාපුවත ආරම්භ වන බව කියයි බොහෝ ඈත කාලයේ මෙම භාරතයේ, ලක්ෂ්මි සහ නාරායනගේ රාජධානිය පැවතුනි. භාරතය, බාහිස්ත් (පාරාදීසිය) ලෙස හැඳින්වෙයි. මෙය කිසිවෙකුගේ බුද්ධියේ නොමැත. කල්පයක කාල වකවානුව වසර 5000ක් බව, ඔය දරුවන් දැන් දන්නවා. එම ශාස්ත්‍රයන් වල ලියා ඇති කුමක් වුවත් නාටකයේ තීරණය වී තිබේ. ඒවාට සවන් දීමෙන් කිසිදු ප්‍රතිඵලයක් ලැබී නැහැ. ඔවුන් බොහෝ සමරයි. සිටින්නේ එක් ජගදම්බා වුවද ඔවුන් ඇගේ බොහෝ ප්‍රතිමා නිර්මාණය කරයි. එබැවින්, සරස්වතී ජගදම්බා, බ්‍රහ්මාගේ දියණියයි. ඇයට අත් අටක් හෝ දහයක් නැත. පියා පවසන්නේ ඒ සියල්ල භක්ති මාර්ගයේ මහා මෙවලම්ය. ඥානය තුළ ඒ කිසිවක් නැත. ඔබ කළ යුත්තේ නිහඬව සිට පියා සිහි කිරීම පමණයි. බාබාව දැක නොමැති දියණියන් බොහෝ දෙනෙක් සිටිනවා. ඔවුන් මෙසේ ලිපි එවයි බාබා, ඔබ මාව නොහඳුනන නමුත් මා ඔබව හොඳින් හඳුනනවා. ඔබ එම බාබාමයි. මා අනිවාර්යෙන් ඔබගෙන් මගේ උරුමය හිමි කර ගන්නම්. නිවසේ අසුන් ගෙන සිටින විට පවා බොහෝ දෙනෙකුට දර්ශන ලැබෙයි. සමහරුන්ට දර්ශන නොලැබුණත්, ඔවුන් දිගින් දිගටම ලිපි ලියයි. සිහිපත් කිරීමේ සිටින අතර ඔවුන් සම්පූර්ණයෙන් සෙනෙහසේ ගිලෙයි. විමුක්තිදායකයා, පියා පමණයි. ඔබ ඔහුට බොහෝ සෙනෙහස දැක්විය යුතුයි. දෙමාපියන් දරුවන්ට සතුට ලබා දෙන නිසා, දරුවන් මුළුමනින්ම දෙමාපියන් මත එල්ලී සිටියි. කෙසේවෙතත් වර්තමාන දෙමාපියන් සතුට නොදෙයි ඔවුන් දරුවන්ව තව වැඩියෙන් පාපයන් තුළ සිර කරයි. පියා පවසන්නේ අතීතය, අතීතයයි. ඔබට දැන් මාර්ගෝපදේශනය ලැබෙනවා දරුවනේ, කාම අසිපතේ දේවල් පසෙකට දමා, පිවිතුරු වන්න, මන්ද, ඔබ ක්‍රිෂ්ණාගේ දේශයට යා යුතුයි. ස්වර්ණමය යුගයේ ක්‍රිෂ්ණාගේ රාජධානිය තිබේ. ඔවුන් ක්‍රිෂ්ණා පෙන්වා තිබෙන්නේ තඹ යුගයේය. ස්වර්ණමය යුගයේ රජකුමරා පැමිණ, තඹ යුගයේ ගීතාව පවසන්නේ නැහැ. ඔහු ශ්‍රී නාරායන් වී, ස්වර්ණමය යුගයේ පාලනය කළ යුතුයි. දෙවියන් පවසයි මෙකල සියලුම මනුෂ්‍යයන්ට රකුසු ගති තිබේ. ගීතාවේ දෙවියන් පැමිණෙන්නේ, ඔවුන්ව දිව්‍යමය ස්වභාවයන් ඇති අය කරවීමටයි. පියාගේ නම වෙනුවට ඔවුන් දරුවාගේ නම ඇතුලත් කර, ඉන්පසුව එම දරුවාව තඹ යුගයේ පෙන්වා ඇත. මෙයත් විශාල වැරදීමකි. එවිට ඔවුන්ට එම කාලයේ යාදවයන් සහ පාන්ඩවයන් සිටි බව ඔප්පු කළ නොහැක. පියා පවසන්නේ දරුවනේ ඔබ අයත් වූයේ දේවතා වංශයටයි, එසේ නම් ඔබගේ තත්ත්වය දැන් මෙසේ වී ඇත්තේ ඇයි? මා දැන් නැවත වරක් ඔබව දේවතාවන් බවට පත් කරනවා. මනුෂ්‍යයන්ට, තවත් මනුෂ්‍යයෙක්ව දෙව්ලොව රජෙක් කළ නොහැක. මනුෂ්‍යයන් දෙව්ලොව ස්ථාපිත කරන්නේ නැත. ජීවාත්මයක්, පරමාත්ම ජීවය ලෙස හැඳින්වීම ඉතා විශාල වැරදීමක්. සන්යාසීන්ට, මනුෂ්‍යයන්ව, දේවතාවන් බවට පරිවර්ථනය කළ නොහැක. මෙය පියාගේ කාර්යය පමණයි. ආර්ය සමාජයට අයත් අය අන් අයව ආර්ය සමාජයට අයත් අය බවට පත් කරයි. ක්‍රිස්තියානුවන්, අන් අයව ක්‍රිස්තියානුවන් බවට පත් කරයි. ඔබ කවුරු වෙතට ගියත් ඒ අය ඔබව ඔවුන් හා සමාන බවට පත් කරයි. දේවතා ධර්මය පවතින්නේ ස්වර්ණමය යුගයේ වන බැවින්, පියා පැමිණිය යුත්තේ සංගම යුගයේය. මෙය මහා භාරත යුද්ධය වන අතර, මෙම යුද්ධය තුළින් ඔබගේ ජයග්‍රහණය සිදුවෙයි. විනාශයට පසුව, ජයග්‍රහණයේ හඬ මතුවෙයි. විනාශය අනිවාර්යෙන් සිදුවීමට යන බව ඔබ දන්නවා. අද, කෙනෙක් සිහසුනක් මත අසුන්ගෙන සිටින විට, ඔහුව ඉන් ඉවත් කිරීමට ඔවුන්ට වැඩි කලක් ගත වන්නේ නැත. මෙය දිව්‍යලෝකය ලෙස ඔබ හඳුන්වයිද? මෙය මුළුමනින්ම අපායයි. එය දිව්‍යලෝකය ලෙස හැඳින්වීම වැරදීමකි. මිනිසුන් සිටින්නේ බොහෝ අසතුටින්ය. අද කෙනෙක් උපදින්නේ නම්, බොහෝ ප්‍රීතිය සහ සතුට තිබෙයි. කෙසේවෙතත් කෙනෙක් මියැදෙන්නේ නම්, දුක ඇති වෙයි. මෙහිදී ඔබ සියලු දෙනා කෙරෙහිම බැඳීම් විනාශ කරන්නෙක් විය යුතුයි. එසේ නොමැතිනම්, බාබා ඔබට සේවය වෙනුවෙන් පිටතට යන ලෙස කිසිසේත් නොකියනු ඇත. බාබා පවසන්නේ මා බැඳීම් විනාශ කර තිබේ. මා තුළ, යම් දෙයකට බැඳීමක් තිබෙන්නේ කුමටද? මා ගෘහවාසියෙක් නොවෙයි. මෙම පිදුරු ගොඩ සැබවින්ම ගිණි ගැනීමට යන බව ඔය දරුවන් දන්නවා. විනාශය වැඩි කලක් ගත වන්නේ නැත. ඔබ දේශනයක් පවත්වන විට, පැමිණ ඔවුන්ගේ උරුමය අසීමිත පියාගෙන් හිමි කරගන්නා ලෙස ඔවුන්ට කියන්න. ඔබගේ සීමිත පියාගෙන් ඔබට ලැබෙන්නේ සීමිත උරුමයක්. ඔබ මෙම අපායේ උපත් 63ක් ගෙන තිබේ. මා ඔබට උපත් 21කට දෙව්ලොව උරුමය ලබා දීමට පැමිණියා. එසේනම් හොඳ, රාවනගේ උරුමය ද, නැතහොත් රාමාගේ උරුමයද? රාවනගේ උරුමය හොඳ නම්, ඔබ ඔහුගේ පඹයෙක් පුළුස්සන්නේ ඇයි? ඔබ ශිව බාබාව කවදාවත් පුළුස්සනවාද? ක්‍රිෂ්ණාගේ පඹයෙක් කිසි දිනක පුළුස්සන්නේ නැත. මෙය රාවනගේ සමාජයයි. සියලු දෙනාම උපදින්නේ පාපය තුළින්ය. මෙය ගණිකා මඩමයි, විෂ සාගරයයි. එය පාපයෙන් තොර ශිවාලයයි, අමෘතයේ සාගරයයි. විෂ්ණු, කිරි සාගරයක සැතපී සිටින ආකාරය ඔවුන් පෙන්වන නමුත් කිරි සාගරයක් තිබිය නොහැක. කිරි ලැබෙන්නේ ගවයෙකුගෙන්ය. දෙවියන් සෑම තැනකම සිටින බව ඔවුන් පවසා ඉන්පසුව ශිවෝහම් (මම ශිවාය) කියන්නේ ඔවුන් පිවිතුරුව සිටින නිසයි. කෙසේවෙතත් ඔවුන් වෙන අයට මෙසේ නොකියයි දෙවියන් ඔබ තුළ සිටිනවා, හෝ ඔබ අපවිත්‍ර බැවින් දෙවියන් ඔබ තුළ නැත. ජීවාත්මය පවසන්නේ පරම පියා, පරමාත්ම ජීවය විසින් මා පිවිතුරු කරවන අතර, මා පිවිතුරු වූ පසු, මා රාජධානිය පාලනය කරනවා. ඔබට අනේක වාරයක් උරුමය ලැබී, ඉන්පසුව එය අහිමි වී ඇත. නාටක චක්‍රය දැන් ඔබගේ බුද්ධිය තුළ තිබේ. පියා විස්තර කරන්නේ ඔබ සියලු දෙනාම පාර්වතීන් වන අතර මා ශිවාය. කතාපුවත් ආදියෙන් හැඳින්වෙන්නේ මෙහේ ගැනයි. සූක්ෂම කලාපයේ කතාපුවත් ආදිය නැත. ඔබට අමරණීයත්වයේ කතාපුවත පවසන්නේ ඔබව අමරණීය දේශයේ අධිපතියන් කරවීමටයි. එය අමරණීය දේශයයි. එහි තිබෙන්නේ සතුටම පමණයි. මරණීය දේශයේ ආරම්භයේ සිට මැද හරහා අවසානය දක්වාම තිබෙන්නේ දුකය. මේ සියලු දේම ඔබට ඉතා හොඳින් විස්තර කරනු ලබනවා. පෙර කල්පයේ පියාගෙන් තම උරුමය හිමි කරගත් අයගේ උත්සාහයන් දැනුදු පවතිනවා. වර්තමාන කාලය දක්වා පැවතී ඇති මිශනාරී ගණන කෙරම්ද, පෙරද එම මිශනාරි ගණනම තිබුණි. ඔබ සේවයේදී මන්දගාමී බව බාබා පවසන නමුත්, ඔබ පෙර කල්පයේදී කළ සේවයම කරන බවද ඔහු කියයි. කෙසේවෙතත් ඔබ නොකඩවා උත්සාහ දැරිය යුතුයි. කුණාටු නිසා කුඩා මැටි පහන් චංචල වෙයි. සියලු දෙනාගේම තොටියා ඒකායන පියාය. මෙවන් කියමනක් තිබේ මගේ ඔරුව එගොඩ කරන්න... නාටකයේ ඉරණම මේ අන්දමට නිර්මාණය වෙයි. සියලු දෙනාම පැරණි ලෝකයට යයි. මෙහි සිටින්නේ ටික දෙනෙක් පමණයි. ඔබලා සිටින්නේ ඉතා සුළු පිරිසක් පමණයි. අවසානයේ බොහෝ දෙනෙක් සිටින නමුත් දිවා රාත්‍රිය මෙන් වෙනසක් තිබේ. ඔවුන් සියලු දෙනාම රාවනගේ සමාජයේය. පියා ඔබගේ කුල්මත්භාවය බොහෝ ඉහළ නංවයි. කෙසේවෙතත් ඔබගේ නෑ මිතුරන්ගේ මුහුණු දකින විට, එම කුල්මත් බව අඩුවෙයි. එය එසේ සිදු නොවිය යුතුයි. ජීවාත්මයන්ට මෙසේ කියයි පියා සමඟ හදවතින් හදවතට කරන කතාබහක යෙදෙන්න. බාබා, මා ඔබට අයත් විය. ඔබ මාව දෙව්ලොව ඇරියා. මා උපත් 21ක් රාජධානියක් පාලනය කර, ඉන්පසුව උපත් 63ක් දුක අත්කරගත්තා. මා දැන් නියත වශයෙන්ම ඔබගෙන් මගේ උරුමය හිමි කර ගන්නවා. බාබා ඔබ ඉතාමත්ම හොඳයි! කල්ප භාගයක්ම මට ඔබව අමතක විය. බාබා පවසන්නේ මෙම නාටකය පෙර නියම වූවක්. සෑම කල්පයකම පැමිණ, ඔය දරුවන්ව මායාගෙන් මුදවාගෙන, ඉන්පසුව ඔබව බ්‍රහ්මනයන් බවට පත් කර ඔබට ලෝකයේ මුල, මැද සහ අවසානය ගැන රහස් පැවසීම ද මගේ වගකීමයි. මා පැමිණෙන්නේ මට දිව්‍යලෝකය නිර්මාණය කිරීමට තිබෙන විටයි. ඔබ දැන් සුරංගනාවන් බවට පත්වනවා. ඔබට පාරිශුද්ධත්වයේ දර්ශන දෙනු ලබනවා. ඔබ බැඳීම් විනාශ කරන්නන් බවට ද පත්විය යුතුයි. කෙනෙක් බාබාට මෙසේ පවසන්නේ නම් බාබා, මා සේවය සඳහා යා යුතුද? බාබා මෙසේ පවසනු ඇත ඔබ බැඳීම් ජයගෙන ඇත්නම් ඔබ පාලකයෙක්, ඔබට අවශ්‍ය ඕනෑම තැනකට යාමට පුළුවනි. ඔබ අවුලට පත් වන්නේ ඇයි? ඔබ පාලකයෙක් ඔබ අන්ධයින්ට මාර්ගය පෙන්විය යුතුයි. ඔබ අසන්නේ ඔබගේ බැඳීම් විනාශ කර නොමැති නිසාය. ඔබ බැඳීම් විනාශ කර තිබුණේ නම්, ඔබ දිව යනු ඇත ඔබට මෙහි ඉන්නට නොහැකි වෙයි. ගමනාන්තය ඉහළයි. පියා සේවය කරන දරුවන් වෙනුවෙන් තමන්ව කැප කරයි. මෙම බාබා පළමුවන අංකය විය. සියලු දෙනාටම අත්හැරීම තිබුණු නමුත්, මෙම කෙනා ප්‍රථම අංකය විය. බාබා පවසන්නේ ජීව අවධානයට පත් වන්න, එනම් තමන් අශාරීරික බව සලකන්න. අසීමිත පියා ඔබට උරුමය උපත් 21කට ලබා දෙනවා. අච්චා, ඔහු පැමිණෙන්නේ කෙසේද? මෙසේ ලියා තිබේ නිර්මාණය නිමවන්නේ බ්‍රහ්මාගේ මුඛයෙන්ය, එබැවින් ඔහු නිසැකවම බ්‍රහ්මා තුළට ඇතුළු වනු ඇත. ප්‍රජාපිතා ලෙස හැඳින්වෙන්නේ බ්‍රහ්මා පමණයි. එබැවින් පැමිණ, එම පියාගෙන් ඔබගේ උරුමය ලබාගන්න. මෙම දේවල් විස්තර කිරීමේදි, ලැජ්ජා වීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. බ්‍රහ්ම පියා මෙන්, ඔබ අත්හැරීමේදී ඉදිරි අංකයක් හිමි කරගත යුතුයි. රුද්‍රාගේ ගෙල වටා මාලාවේ කොටසක් වීම පිණිස, ඔබ ජීවත්ව සිටින විට තමාව කැප කළ යුතුයි.

2. සේවයට ලැදි කෙනෙක් වීම සඳහා ඔබ බැඳීම් විනාශ කරන්නෙක් විය යුතුයි. අන්ධයින්ට පාර පෙන්වන්න.

වරදානය:
ඔබගේ මනස තුළ සතුට තිබී, සියලු රෝග පලවා හැර, ඔබ සදා නිරෝගී වේවා.

මෙවන් කියමනකි: ඔබගේ මනස සතුටින් තිබෙන විට, ලෝකය සතුටින් තිබෙන අතර මනසේ රෝගයක් ඇති විට ඔබගේ මුළු සිරුරම සුදුමැලි වෙයි. ඔබගේ මනස නිරෝගි නම්, එවිට ඔබට ශරීරයේ කිසිදු රෝගයක් නොදැනෙයි. ඔබගේ සිරුර නිරෝගි නැති වුණත්, ඔබගේ මනස නිරෝගිමත්ය, මන්ද, ඔබට සතුටේ ඉතා හොඳ පෝෂණය තිබේ. මෙම පෝෂණය, රෝග පලවා හැර, ඔබට එය අමතක කරවයි. එබැවින් ඔබගේ මනස සතුටින් තිබෙන විට ලෝකය සතුටින් තිබෙන අතර ඔබගේ ජීවිතය සතුටින් තිබේ, ඔබ සදා නිරෝගී වන්නේ මේ නිසයි.

පාඨය:
කාලයේ වැදගත්කම ගැන දැනුවත් වන්න, එවිට ඔබ සියලු සම්පත් වලින් පිරිපුන් වෙයි.