02.01.2019       Morning Sinhala Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, අති උත්තම මානව ජීව බවට පත් වීම සඳහා මෙම සුබ මංගල වූ සංගම යුගයේ දී ඉහළම උත්සාහය දරන්න. සිහි කිරීමත් අධ්‍යයනයත් වෙත හැකි උපරිම අවධානය යොමු කරන්න.

ප්‍රශ්නය:
ඔය දරුවන් ඉතාමත් විශාල ව්‍යාපාරිකයින්ය. එමනිසා, ඔබලා අවධානය යොමු කර බැලිය යුත්තේ කුමන කරුණ සම්බන්ධවද?

පිළිතුර:
සෑම විටම ලාභ අලාභ ගැන සිතන්න. මේ ගැන සිතුවේ නැතිනම් ඔබට දැසි දස්සන් වීමට සිදු වේවි. එවිට පියා විසින් ඔබට දෙන උපත් 21ක අධිරාජ්‍යය උරුමය ඔබට අහිමි වී යාවි. එමනිසා, පියා සමඟ හොඳ ගණුදෙනුවක් කරන්න. දානපතියා පියායි. ඔය දරුවන් සුදාමා සේ හාල් මිටක් දී ලෝක අධිරාජ්‍යය දිනා ගනී.


ඕම් ශාන්ති.
දරුවන් මෙහි වාඩි වී සිටිනවා. මෙය පාසලක්. මෙය ආධ්‍යාත්මික හමුවක් නොවෙයි. ඔබ ඉදිරියේ මේ අසුන් ගෙන සිටින්නේත් ආශ්‍රමයේ ප්‍රධානියා හෝ සන්‍යාසීවරයෙක් නොවෙයි. ස්වාමිතුමා ඔබත් සමඟ තරහ වෙයි කියා දෙයක් සිදු වන්නේ නැහැ. භක්ති මාර්ගයේ දී සාදු සන්‍යාසී කෙනෙකුට ආරාධනා කළ විට ඔහුගේ දෙපා සෝදා ඒ වතුර බීමට ගැනීමේ පුරුද්දක් තිබෙනවා. ඒ කෙනා පරම පියායි. ගෙදරක දරුවන් තම පියාට බය වෙනවාද? ඔබ පියා සමඟ කනවා, බොනවා, සෙල්ලම් කරනවා. සන්‍යාසීවරයෙක් හෝ ගුරු කෙනෙක් සමඟ ඒවා කරනවාද? එහිදී මුළු දවස පුරාම ගුරු ජී, ගුරු ජී කිය කියා සිටීමට තමයි ඔබට සිදුවන්නේ. මෙහිදී ඔබට එවන් දෙයක් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔහු පියායි. ගුරුවරයෙකුගේ උරුමය ඔබ ගුරුවරයාගෙන් ලබනා අතර ගුරුගේ උරුමය ගුරුගෙන් ලබනවා. පියාගෙන් ඔබ ලබන්නේ දේපළයි. දරුවක් ඉපදුණු ගමන්ම ඔහු උරුමක්කරුවෙක් වෙනවා. මෙහිදීත් ඔබ පරම පියාව හඳුනා ගත් දවසේ පටන්ම ඔහුගේ දරුවෙක් වී ඉන් පසුව සත් යුගයේ පාලකවරයෙක් බවට පත් වෙනවා. සත් යුගය සාදන්නේ පරම පියායි. මේ ලක්ෂ්මි හා නාරායන් සත් යුග රාජ්‍යය ලබන්නේ කෙසේද, කාගෙන් ද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. තමන් ඒ තත්ත්වයේ සිටි බවත් නැවතත් වතාවක් එම තත්ත්වයට පත් වෙන බවත් ඔබලා දන්නවා. ඒ කෙනා කවුද ඔවුන් වන්දනා කරන්නේ කාවද කියන කිසිම දෙයක් ගැන මිනිස්සු සිතන්නේවත් නැහැ. නිකම් ශිව දේවාලයකට ගිහින් ශිව ප්‍රතිමාවට වතුර දමා ආපසු ගෙදර යනවා. ඔවුන් කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. මරණීය දේශයේ එම ශරීරය අත්හැර තමන් දැන් අමරණීය දේශය වෙත යාමට සිටිනවාය යන හැඟීම ඔබලාට තිබෙනවා. ඉන් තමන්ට ප්‍රාප්ත කර ගත හැකි දේ අති මහත්. භක්ති මාර්ගයේ දී කිසිම දෙයක් ළඟා කර ගත හැකි වන්නේ නැහැ. බාබාම කියනවා මම ගුරූන් 12 දෙනෙක් ළඟ සිටියා. එය කාලය අපතේ හැරීමක් වුණු බවත් ඒ කාලය තුළදී තමන් තව තවත් පහළට ඇද වැටුණු බවත් ඔහුට දැන් තේරෙනවා. කොහොමනමුත්, එයත් නාටකයේම තීරණය වී ඇත්තක්. අපට කිසිම කෙනෙක් ගැන තරහක් නැහැ. අපට සෙනෙහසක් ඇත්තේ එකම එක පියා කෙරෙහි පමණයි. පන්ති කාමරයට පැමිණි විට මෙම පින්තූර දැක ඔබ ඉතාමත් සතුටු විය යුතුයි. මන්ද, ඔබ ඉගෙන ගන්නේ ඒ තත්ත්වයට පත් වීමටයි. මෙම අධිරාජ්‍යය ස්ථාපනය වෙන්නේ කෙසේද කියා ඔබ දන්නවා. පරම පියා කියනවා දරුවනි, පටලැවිල්ලට පත් වෙන්න එපා. පරම පියා ඉතාමත් පැහැදිලිව සියල්ල පහදා දෙනවා. ඒ වුණත් ඇතැම් අය මෙම ඥාන කරුණු වලට සවන් දුන් විට ඉන් ඉතාමත් සතුටට පත් වී අන් අයටත් එය පැහැදිලි කර කියා දී පසුව පැන යන්න යනවා. පසුව ඔවුන් මායාට අයිති වෙනවා. තමන්ගේම අධිරාජ්‍යයක් තිබියදීත් ගිහින් වෙනත් රාජ්‍යයකට අයිති වන ඔවුන්ව හඳුන්වන්නේ ද්‍රෝහීන් ලෙසිනුයි. පරම පියා ඔබට උත්සාහ දැරීමට උනන්දු කරවනවා. භක්ති මාර්ගයේ දී මිනිස්සු හරියට රස්තියාදු වෙනවා. ඔවුන් දාන මාන දී පින්දහම් කරමින් වන්දනා ගමන් යමින් විවිධ ශීල සමාදම් වෙනවා. හොඳයි කෙනෙක්ට යම් දිව්‍යමය දර්ශනයක් දකින්න ලැබුණා කියා ඉන් සිදු වන්නේ කුමක්ද? එයින් ඔවුන් වර්ධනීය තත්ත්වයකට පත් වුණේ නැහැ. ඇත්තෙන්ම කියනවා නම් ඔවුන් තව තවත් පහළටමයි ඇද වැටුණේ. ඔබට සෑම දිනයක්ම වර්ධනීය තත්ත්වයක්. අන් සෑම කෙනෙක්ටම මෙය පහළට ඇද වැටෙන කාලයක්. ඥානය බ්‍රහ්මාගේ දවස බවත් භක්තිය බ්‍රහ්මාගේ රාත්‍රිය බවත් ගුරූන් සඳහන් කරනවා. ඥානය හා භක්තිය අතර දිවා රෑ මෙන් වෙනසක් තිබෙනවා. ඥානයෙන් ඔබ ලබන්නේ සතුටයි. පරම පියා ඔබට එතරම් පහසු ඥානයක් දෙනවා. ලෝක පාලකවරුන් ලෙසින් සිටි ඔබලා එන්න එන්නම පහළට ඇද වැටුණා. පරම පියා දැන් කියනවා ඉතාමත් සරළව තමන් ජීවයක් කියා සලකන්න. ජීව අවිනාශීයි. ජීව කියනවා ඔහෝ අවිනාශී පරම පියාණනි. පැමිණ අපව පාරිශුද්ධ කරවන්න. මුක්තිය හා ජීවන මුක්තිය දෙකම එහි අන්තර්ගතයි. භක්ති මාර්ගයේ දී ඔබ කිසිම දෙයක් ගැන දැන ගෙන සිටියේ නැති බව ඔබලාට දැන් තේරෙනවා. ඔබ ඒත් සිටියේ ගවේශනයේමයි. අනේ දෙවියනේ අපට අනුකම්පා කරන්න කිය කියා ඔබ කන්නලව් කරමින් සිටියා. එහි එතරම් රසයක් නැහැ. දෙවියනේ කියා කියනා විට ඔබට ඔබගේ උරුමය ගැන සිහි වෙන්නේත් නැහැ. අති උත්තම ශිව බාබා කියා කියූ සැනකින්ම ඔබට සිහි වන්නේ උරුමයයි. මෙය රාවණ්ගේ රාජ්‍යය බව ඔබට දැන් තේරෙනවා. රාමාගේ රාජ්‍යය ඇත්තේ ස්වර්ණමය යුගයේයි. ස්වර්ණමය යුගයේ සිටියේ ඉතාමත් අඩු ජනගහනයක්. එකම එක ආදී සනාතන දේවි දේවතා ධර්මයක් පමණයි එහි තිබුණේ. සාමය හා සතුට එහි තිබුණා. මෙහි මිනිස්සු සාමය සොයමින් සෑම තැනම ඇවිදිනවා. සම්මන්ත්‍රණ ආදියට බොහෝ සෙයින් වියදම් කරනවා. ශාන්ත සාගරය, පාරිශුද්ධත්වයේ සාගරය හා සෞභාග්‍යයේ සාගරය ඔහුයි කියා ඔවුන්ට ලියන්න. සියල්ල ලද හැක්කේ ඔහුගෙනුයි. සත් යුගයේ දී ඔබලා ඉතාමත් ධනවත්ව සිටි බව ඔබලා දැන් දන්නවා. ඒ ලෝකය ශාන්තව තිබුණා. කෙසේ වෙතත්, ජීව සාමය අත්දකින්නේ තමන්ගේ නිවහනේදී, පරමදාමයේදීයි. ලෝකයේ අප තනිවම සිටි කළ සාමයත් සතුටත් සියල්ලම තිබුණා. එමනිසා, ඔය දරුවන් ඉතාමත් සතුටු විය යුතුයි. එවන් සත් යුගයක් ගැන ග්‍රන්ථ වල ලියා ඇත්තේ මොනවාද කියා බලන්න! පරම පියා දැන් කියන්නේ මම ඔබට සියල්ලම පහදා දෙනවා. පැමිණ අපිරිසිඳු අයව පාරිශුද්ධ කරන්න කියා, එනම්, ලෝකය අළුත් කර දෙන්න කියා ඔබ කන්නලව් කරනවා. කෙසේ වෙතත් එහි අර්ථය කුමක්දැයි කියා ඔබට කිසිසේත්ම තේරෙන්නේ නැහැ. නූල් බෝලය සම්පූර්ණයෙන්ම පැටලිලා. දැන් ඒ පටලැවිල්ල ලිහා ගත යුතුයි. භක්ති මාර්ගයේදී විවිධාකාර ප්‍රතිමා නිර්මාණය කර තිබෙනවා. ක්‍රිෂ්ණා අතේ තිබුණු චක්‍රයෙන් ඔහු අකාසූර් බකාසූර් වැනි යක්ෂයින්ව විනාශ කළා කියා සඳහන් කර තිබෙනවා. ඔහු හිංසාකාරී කෙනෙක්ද? ඒ වගේම ඔහු අහවල් අහවල් කෙනාව පැහැර ගත්තා කියාත් කියනවා. ඔවුන් ඔහුව දෙගුණයකින් හිංසාකාරී පුද්ගලයෙක් කරවලා. එය මහත් පුදුමයක්. එය ග්‍රන්ථ ලියූ අයගේ බුද්ධියේ පුදුමයමක්. ඔහු ව්‍යාස් දෙවියන් කියාත් ඔවුන් හඳුන්වනවා. පරම පියා දැන් කියනවා මා සිහි කර දිව්‍යමය ගුණධර්ම උකහා ගන්න. වෙන කරන්න කිසිම දෙයක් නැහැ. බාබාව සිහි නොකරනා අය රාශියක් සිටිනා නිසා ඔබව යෝගාවේ වාඩි කරවනවා. ඔවුන් තම තමන්ගේ වැඩ වලම නිරත වී සිටිනවා. ඔවුන්ට කිසිම වේලාවක් නැහැ. කොහොමනමුත්, මෙහිදී ඔබ බාබාව සිහි කළ යුත්තේ වැඩපළ කරනා ගමන් වුවත් තම බුද්ධියෙනුයි. ඔබ ආදරවන්තයා වන මාගේ ආදරවන්තියන්. මම දැන් ඔබට කියන්නේ අන් සෑම කෙනෙකුගෙන්ම අත්මිදී මා සමඟ පමණක්ම සම්බන්ධ වන්න. කන බොන අතර පවා මම ජීවයක් යන පුරුද්ද ඇති කර ගනිමින් පරම පියාව සිහි කරන්න. පරම පියා ඔබව ඉතාමත් උසස් අයෙක් බවට පත් කරවනවා. පැන්ස කිහිපයක් වටිනා මේ දේවල් (සිහි කිරීම එතරම්ම සරළයි) ඔබ කොහෙත්ම පිළිනොගන්නා නිසා, ඔබ මාව සිහි කරන්නේ නැහැ! ඔබ ඔබගේ දූ දරුවන් සිහි කරනවා. නමුත් මාව සිහි කරන්න බැහැ. ඇත්තෙන්ම කියනවා නම් මා වෙනුවෙන් භාවනාව මෙහෙය වීමට කාව හෝ විශේෂයෙන් යොදවන්න කියා කීම සම්පූර්ණයෙන්ම වැරදියි. බාබා කෙළින්ම පැමිණ කියන්නේ නිරන්තරයෙන් මා පමණක් ම සිහි කරන්න. පරම පියා මීට පෙර කල්පයේදීත් ඔබට තනිවම සියල්ල පැහැදිලි කර කියා දුන්නා. දැන් ඔහු කියනවා සුමිහිරි, ආදරණීය දරුවනි, කල්පයකට පසුව හමු වුණු දරුවනි, ඔබගේ උපත් 84 දැන් අවසන් වේගෙනයි යන්නේ. නැවතත් ආපසු නිවහන කරා යාමට ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධ විය යුතුයි. පාපයේ ගැලීම නිසා තමයි ඔබ ඉතාමත් අපිරිසිඳු අය බවට පත් වී තිබෙන්නේ. පාරිශුද්ධත්වයට පත් වුණේ නැතිනම් ඔබ ලබන්නේ පහත් තත්ත්වයකි. තමා ජීවයක් කියා සලකා පරම පියාවත් උපත් 84 චක්‍රයත් සිහි කරන්න. ස්ව දර්ශන චක්‍රය මෙයයි. මෙහි අර්ථය කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔබ හක්ගෙඩිය නාද කළ යුතුයි. මේවා ඥාන කරුණුයි. මේ ඔබගේ අසීමිත පියායි. සත් යුගයේ නිර්මාණකරු ඔහුයි. පරම පියාව සිහි කරන්න, ඔබ වර්ධනීය තත්ත්වයට යාවි. මෙය එතරම්ම පහසු දෙයක්. මෙම නාටකය කල් තබාම තීරණය වූවක් බව ඔය දරුවන්ට දැන් වැටහෙනවා. පරම පියා සෑම වසර 5000 කට වතාවක්ම මෙහි පැමිණෙනවා. ඔබ දැන් ඉතාමත් හොඳින් උත්සාහ දැරිය යුතුයි. ඇයි ඔබ මුදල් පසුපස හඹා යන්නේ? අච්චා. මාසෙකට රුපියල් 100,000 ක් 200,000 ක් ඉපැයූවත් ඒ සියල්ල නැති වී යන්නයි යන්නේ. ඒවා පරිහරණය කිරීමට ඔබගේ දරුවන්වත් ඉතිරි වෙන එකක් නැහැ. තම දරු මුණුපුරන්ට ඉන් පෝෂණය විය හැකියි කියා කෑදරකමක් තිබෙනවා. ඒ සෑම කෙනෙක්ම එකම පවුලේ ඉපදේවි කියා දෙයක් නැහැ. ඔවුන් කුමන තැනක ඉපදේවි ද කියා අපට කියන්න බැහැ. ඔබ උපත් 21ට උරුමය ලබනවා. අඩු උත්සාහයක් දැරුවොත් ඔබ පුරවැසියන්ගේ දැසි දස්සන් වී මහත් පාඩු විඳීමට සිදු වේවි. ඉතින් ඒ නිසා ලාභ අලාභ ගැනත් ඔබ සිතා බැලිය යුතුයි. ව්‍යාපාරිකයින් පාපකාරී ක්‍රියා රැසක්ම කරනා නිසා පිනට කියා කිසියම් මුදලකුත් අනිවාර්යෙන්ම වෙන් කරනවා. මෙය කලාතුරකින් කෙනෙක් කරනා අවිනාශී ඥාන මිණිමුතු වෙළෙඳාමයි. ඔබ මෙම ගණුදෙනුව ඍජුවම පරම පියා සමඟ කළ යුතුයි. පරම පියා ඔබට ඥාන මිණිමුතු දෙනවා. ඔහු දානපතියායි. ඔය දරුවන් හාල් මිටක් දුන්නත් පරම පියා ඔබට අසීමිත ස්වාධිපත්‍යයක් ලබා දෙනවා. ඒ හා සසඳන විට මෙය පොඩි හාල් මිටක් පමණයි. ඔබ සෑම කෙනෙක්ම සුදාමා කෙනෙක්. ඔබ දෙන්නේ මොනවාද, ලබන්නේ මොනවාද? ලෝක ආධිපත්‍යය ලබා ඔබ ලෝකයේ පාලකවරුන් බවට පත් වෙනවා. එකම එක භාරත දේශයක් පමණයි තිබිය හැක්කේ කියා ඔබගේ බුද්ධියෙන් ඔබ දන්නවා. මහාභූත පවා අළුත් වේවි. ජීව වලට රිදී එකතු වෙන්න පටන් ගත් නිසා ඒ කාලය රිදී යුගය ලෙස හැඳින්වූවා. ඔබ එන්න එන්නම ඉණිමගේ පහළටම පැමිණියා. මේ කාලයේ දී ඔබලා ඉතාමත් උසස්, බහුරූපී ප්‍රතිමාවකුත් තිබෙනවා. නමුත් එහි අර්ථය මිනිසුන් දන්නේ නැහැ. ප්‍රතිමා රාශියක් තිබෙනවා. ඇතැම් අය ක්‍රිස්තුන් වහන්සේගේ පින්තූරයක් තබා ගෙන සිටිනා අතර තවත් පිරිසක් සායි බාබාගේ පින්තූරය තබාගෙන සිටිනවා. ඉස්ලාම්වරුන්ව පවා ඇතැම් අය ගුරූන් කර ගන්නවා. ඒ ඒ තැන් වලට ගොස් ඔවුන් උත්සව පවත්වා මත්පැන් ආදිය පානය කරනවා. පරම පියා කියනවා පැතිරී ඇත්තේ මහා විශාල ඝණ අන්ධකාරයක්. ඒ සියල්ල භක්තියේ අඳුරයි. තමා තබාගෙන සිටිනා ආශ්‍රය සම්බන්ධයෙන් ඔබ ඉතාමත් ප්‍රවේසම් සහගත විය යුතුයි. යහපත් ආශ්‍රයෙන් ඔබ එගොඩ වන බවත් නරක ඇසුර ඔබව ගිල්වන බවත් සඳහන් කර තිබෙනවා. නරක ඇසුර යනු මායාගේ පාප පහයි. ඔබ දැන් සැබෑ පියාගේ ඇසුර ලබා සිටිනා නිසා ඔබට එගොඩ විය හැකියි. සත්‍යය කතා කරන්නේ පරම පියා පමණයි. සෑම කල්පයකදීම ඔබ සත්‍යයේ ඇසුර ලබනවා. පසුව කල්ප බාගයකට පසුව ඔබ රාවණ්ගේ නරක ඇසුරට වැටෙනවා. අධිරාජ්‍යයත් අනිවාර්යෙන්ම මීට පෙර කල්පයේ දී ස්ථාපනය වුණු ආකාරයෙන්ම ස්ථාපනය වන බව ඔබලාට තේරෙනවා. ඔබ අනිවාර්යෙන්ම ලෝක පාලකවරුන් වේවි. මෙහි බෙදීමක් සිදු වුණු නිසා රණ්ඩු සරුවල් වීම වැඩියි. එහි ඇත්තේ එකම එක ධර්මයකි. නොබෙදුණු දේවතාවරුන්ගේ රාජ්‍යය පැවති කළ ලෝකයේ සාමය තිබුණා. එකම එක ධර්මයක් පමණයි තිබුණේ. නොසන්සුන්තාවයක් එහාට කොහෙන් එන්නද? එය දෙවියන්ගේ රාජ්‍යයයි. ආධ්‍යාත්මික ඥානයෙන් දෙවියන් එම රාජ්‍යය ස්ථාපනය කළ නිසා අනිවාර්යෙන්ම එහි සතුට තිබෙන්න ඇති. පරම පියා ඔය දරුවන්ට ආදරෙයි. පරම පියා කියනවා ඔබට කෙතරම් වෙහෙස වෙන්න සිදු වුණා ද කියා මා දන්නවා. කුමන හෝ වේෂයකින් දෙවියන් ඒවි කියා මිනිස්සු දන්නවා. ඇතැම් විට ගොනෙක් පදවා ගෙන යන කෙනෙක් ලෙස ඔහුව පෙන්වනවා. ගොනෙක් උඩ යන්න කාටවත් පුළුවන්ද? පැතිරී ඇත්තේ මහා අන්ධකාරයක්. ඉතින් ඔය දරුවන් දැන් සෑම කෙනෙක්ටම කිව යුතුයි සෑම කෙනෙක්ටම උරුමයක් දීමට පරම පියා පැමිණ සිටිනවා. බ්‍රහ්මා මාර්ගයෙන් නව ලෝකය ස්ථාපනය වෙමින් පවතිනවා. බාබා සෑම විටම නුග ගසක උපමාව ගෙන එනවා. ඇත්තෙන්ම කියනවා නම් එහි පදනම දැන් දැමෙමින් පවතිනවා. වෙන කිසිම ආගමක් ඉතිරි වන්නේ නැහැ. අවිනාශී දේශය හා අවිනාශී වන්දනා ස්ථානය වන්නේ භාරතයයි. එය පරම පියාගේ ජන්ම භූමියයි. බාබා මහත් සෙනෙහසකින් ඔය සුමිහිරි දරුවන්ට කරුණු පහදා දෙනවා. ගුරුවරයෙකුගේ ස්වරූපයෙන් ඔහු උගන්වනවා. ඔය දරුවන් හොඳින් ඉගෙන ගෙන මටත් වඩා ඉහළට යනවා. මම අධිරාජ්‍යයක් දිනා ගන්නේ නැහැ. මෙහි පැමිණෙන්න කියා ඔබ කවදාවත් මට ආරාධනා කළාද? මම ඔබව දිව්‍යලෝකයට යවනවා. මෙය හරිම අපූරු සෙල්ලමක්. පරම පියා කියනවා අච්චා. දරුවනි, ඔබට දීර්ඝායු වේවා! මා ගිහින් විශ්‍රාම සුවයේ සිටින්නම්. පරම පියා කියනවා ඔබගේ හිස මත්තෙන් දැන් ව්‍යසන ඇති වෙලා තිබෙනවා. මෙන්න මේ නිසා තමයි මෙම සංගම යුගයේදී ඉතාමත් උසස්ම උසස් මිනිසුන් වීමට ඔබ උත්සාහ දැරිය යුත්තේ. නිරන්තරයෙන් පරම පියාවම සිහි කිරීමට උත්සාහ දරන්න. ඔබගේ පාප දුරු වී යාවි. හොඳින් ඉගෙන ගත් තරමට ඔබ උසස් වංශයකට යාවි. පරම පියා කියනවා තමාගේ තුනපහ තමාම අඹරා ගත් විට ඔබගේ සතුටත් වැඩි වේවි. දරුවන් සෑම විටම පරම පියාගෙන් උරුමයක් ලබනවා. පිට ලෝකයේ එය ලබන්නේ පිරිමි දරුවන් පමණයි. ගැහැණු දරුවන්ව පිනට දෙනවා (විවාහ කර දෙනවා). මෙහිදී සෑම ජීවයක්ම උරුමයක් ලබනා අතර ඒ ලබනා උරුමයත් අසීමිත වූවක්. ඉතින් මේ සඳහා ඔබ හොඳ අවධානයක් යෙදවිය යුතුයි. ඔබට උගන්වන්නේ පරමාත්මයයි. ඉතින් එමනිසා, එක දවසක්වත් අතපසු නොකළ යුතුයි. ඇතැම් අය බාබාට කියනවා මට වෙලාවක් නැහැ, කියලා. ආ නේ ඇත්තද? ජීවය වන ඔබට මාත් එක්ක ඉගෙන ගන්න වෙලාවක් නැහැයි කියන්න ලැජ්ජා නැද්ද? අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. 

ධාරණය සඳහා සාරාංශය:

1. තමා විසින් තබා ගෙන සිටිනා ආශ්‍රය පිළිබඳව ඉතාමත් ප්‍රවේසම් වන්න. එකම එක සැබෑ පියාව පමණක් ඇසුරු කරන්න. පස් පව් මායාගෙන් හොඳටම ඈත් වී සිටින්න.

2. ඔබගේ ඉගෙනීමට මුළුමනින්ම අවධානය යොදන්න. තමාගේම සතුටේ රැඳී සිටින්න. තමාගේ තුනපහ තම අතින්ම අඹරා ගත් විට දැනෙන්නේ ලොකු සතුටක්, කියා කියනවා. එක දිනකටවත් පාඩම් අතපසු කරන්න එපා.

වරදානය:
ඔබ නිරතුරුව නිදහස් සැහැල්ලු භාරකරුවෙක් වෙමින් පරම පියාගේ උදව්වෙන් කුරුසය කටුවක් බවට පරිවර්තනය කරගන්න.

අතීත ගිණුම් කුරුසයක් සේ වන නමුත් පරම පියාගේ උදව්වෙන් ඒවා කටුවක් මෙන් වෙයි. සැම දෙයක්ම මෙහිදී දැන් පියවා ගත යුතු නිසා නියතයෙන්ම දුෂ්කර අවස්ථා පැමිණෙන නමුත්, පරම පියාගේ උදව්වෙන් ඒවා සුළු කටුවක් බවට පරිවර්තනය වේ. මහා පරම පියා ඔබ සමඟ සිටිනා නිසා විශාල දෙයක් කුඩා දෙයක් බවට පත් වේ. මෙම පැහැදිලි ශ්‍රද්ධාව ඇතිව නිරතුරුව සැහැල්ලු නිදහස් කෙනෙක් වෙන්න. භාරකාරයෙක් ලෙසින්, මගේ යන්න ඔබේ යන්නට හරවා සැහැල්ලු ආලෝකමත් කෙනෙක් වී සියලු බර තත්පරයක ඇසිල්ලකින් අවසන් කර ගන්න.

පාඨය:
සුබ පැතුම් ගොන්නකින්, නිශේධනීය බව සාධනීය බවට පරිවර්තනය කරන්න.

 

බ්‍රහ්ම බාබාට සමාන වීම සඳහා වූ විශේෂ උත්සාහයන්.

ඇතුලාන්තය පැහැදිව දැකීමේ සිංහාවලෝකන තත්ත්වය සමඟ, හැම කෙනෙකුගේම හදවතේ රහස් දැන ගනිමින් ඔවුන් සතුටට පත් කරන්න. මේ සඳහා, ඔබම අසාමාන්‍ය තත්ත්වයන් සාමාන්‍ය තත්ත්වයෙන් අත්විඳීම මඟින් අන් අයටත් මෙම අත්දැකීම ලබා දෙන්න. බාහිර දැක්මට එන අවස්ථා වල දී, ඔබේ සිංහාවලෝකන තත්ත්වය දිගටම තබා ගන්න.