02.01.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරමාත්ම පියාගේ ශ්‍රීමත් වලට ගෞරව කිරීම යනු, කිසිම දිනයක මුරලියක් අතපසු නොකිරීමයි! සියලු උපදෙස් වලට කීකරු වීමයි.

ප්‍රශ්නය:
ඔබ සතුටින් සහ තෘප්තිමත්ව සිටිනවාද කියා ඔය දරුවන්ගෙන් විමසුවහොත්, ඔබ කුල්මත්භාවයෙන් යුතුව පිළිතුරු දෙන්නේ කෙසේද?

පිළිතුර:
ඔවුන්ට කියන්න එපිට, බ්‍රහම් පදාර්ථයේ වාසය කරන කෙනාව සොයාගැනීමට මට අවශ්‍ය වුණා. දැන් මට ඔහුව හමු වී ඇති නිසා, වෙන මොනවාද මට ඕනේ? මට අවශ්‍ය වුණු දේ මා ලබාගත්තා. පරමාත්ම දෙවියන්ගේ දරුවන් වන ඔබලාට අන් කිසිවක් ගැන තැකීමක් නැහැ. පරමාත්ම පියා ඔබව ඔහු සතු කර, ඔබගේ හිස මත කිරුළු තබනවා. එබැවින්, ඔබ තැවුලට පත් වන්නේ කුමක් ගැනද?

ඕම් ශාන්ති.
බාබා, පියා, ගුරුවරයා මෙන්ම පරම ගුරූ බව, ඔය දරුවන්ගේ බුද්ධිය තුළ අනිවාර්යෙන්ම තිබිය යුතු බව, පියා පවසනවා. ඔබ අනිවාර්යෙන්ම මෙය සිහි කළ යුතුයි. මෙම සිහිපත් කිරීම, වෙනත් කිසිම කෙනෙකුට ඔබට ඉගැන්විය නොහැක. සෑම චක්‍රයකදීම පැමිණ, ඔබට මෙය උගන්වන්නේ පරමාත්ම පියා පමණයි. ඥානයේ මහා සාගරය මෙන්ම පාරිශුද්ධකරුවාණන් වන්නේ ඔහුම පමණයි. ඔහු පියා, ගුරුවරයා මෙන්ම ගුරුය. දැන් ඔබට ඥානයේ තෙවැනි ඇසක් ලැබී ඇති බැවින් ඔබට මෙය වැටහෙයි. ඔය දරුවන්ට මෙය වැටහෙන නමුත්, ඇතැමුන්ට පරම පියා අමතක වෙයි. එබැවින් ඔවුන් ගුරුවරයා හෝ ගුරූව සිහි කරන්නේ කෙසේද? මායා කෙතරම් බලවත්ද කියතොත්, ඔහුගේ ස්වරූප තුනේ වර්ණනාව ඔබ දන්නා නමුත්, ඇය ඔබට එය අමතක කරවයි! ඇය එතරම් සර්ව බලධාරියෙක්. දරුවන්ද මෙසේ ලියයි බාබා, අපට අමතක වෙනවා! මායා බොහෝ බලවත්ය! නාටකයට අනුව මෙය ඉතා පහසුයි. ඔහු මෙන් තවත් කෙනෙක් කිසිදා සිටිය නොහැකි බව ඔය දරුවන්ට වැටහෙනවා. ඔහු පියා, ගුරුවරයා මෙන්ම සත්ගුරුය. ඔහු සැබවින්ම මෙයයි! එය ගොතන ලද කතාවක් නොවෙයි. ඔබ තුළ මෙම වැටහීම තිබිය යුතු නමුත් මායා ඔබට එය අමතක කරවයි. ඇතමුන් පවසන්නේ ඔවුන් පරාජය වන බවයි. එබැවින් ඔවුන් සෑම පියවරකදීම කෝටි ගණනක් රැස් කරගන්නේ කෙසේද? දේවතාවන් පෙන්වා ඇත්තේ නෙළුම් මලක සංකේතයක් ඇතිවයි. මෙය සෑම කෙනෙකුටම දිය නොහැක. මෙම ඉගෙනුම උගන්වන්නේ මනුෂ්‍යයන් විසින් නොව, පරමාත්ම දෙවියන් විසිනි. මෙම ඉගෙනුම කිසි විටෙක මනුෂ්‍යයින් විසින් ඉගැන්විය නොහැක්කකි. දේවතාවන්ට ප්‍රශංසා කරන නමුත් උසස්ම උසස් වන්නේ ඒකායන පරමාත්ම පියා පමණයි. අද ඔවුන්ට බූරුකමක් තිබෙන අතර හෙට ඔවුන්ට රාජධානියක් තිබෙන බැවින් ඔවුන්ට වැඩිපුර ප්‍රශංසාවක් තිබෙන්නේ කෙසේද? ඔබ දැන් ඔවුන් මෙන් (ලක‍්ෂ්මි සහ නාරායන මෙන්) වීමට උත්සාහ දරමින් සිටිනවා. බොහෝ දෙනෙක් ඔවුන්ගේ උත්සාහයන් වලදී අසමත් වී ඇති බව ඔබ දන්නවා. දැන් ඉගෙනගනිමින් සිටින්නේ, පෙර චක්‍රයේදී සමත් වූ අය පමණයි. ඇත්ත වශයෙන්ම මෙම ඥානය ඉතාමත්ම පහසු නමුත් මායා ඔබට එය අමතක කරවයි. පරමාත්ම පියා පවසන්නේ ඔබගේ දවසේ වාර්තාව ලියන්න! කෙසේවෙතත්, ඔබට මෙය කිරීමට නොහැකි වෙයි. ඔබ කෙතරම් වේලාවක් අසුන් ගෙන ලියයිද? එය ලිවීමට ඔබ අසුන් ගන්නා විට, ඔබ පැය දෙකක් සිහිපත් කිරීමේ සිටියාද කියා ඔබ පරීක‍්ෂා කළ යුතුයි. එවිට ඔබ ප්‍රායෝගික අන්දමකින් පියාගේ ශ්‍රීමත් අනුගමනය කරනවාද කියා දැකගත හැක. එවන් දුප්පත්, බලාපොරොත්තු නොමැති දරුවන්, ඇතැම් විට ලැජ්ජාවට පත්ව සිටින බව, පරම පියාට එවිට වැටහෙයි! එසේ නැත්නම් ශ්‍රීමත් ප්‍රායෝගික කරනු ඇත. කෙසේවෙතත්, සියයට දෙකක් පමණයි ඔවුන්ගේ දින වාර්තා ලියන්නේ. ශ්‍රීමත් වලට දරුවන් එතරම් ගෞරවයක් දක්වන්නේ නැත. ඔවුන්ට මුරලි ලැබෙන නමුත් ඔවුන් ඒවා හදාරන්නේ නැත. බාබා සැබවින්ම සත්‍යය පවසන බව, අනිවාර්යෙන්ම ඔවුන්ගේ හදවත් ඔවුන්ට කොනිත්තනු ඇත. මා මුරලිය හදාරන්නේ නැත්නම්, අන් අයට මා විස්තර කරන්නේ මොනවාද? (සිහිපත් කිරීමේ වන්දනාව). ඕම් ශාන්ති. ආධ්‍යාත්මික පියා, ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කරයි. අප සැබවින්ම ජීවාත්ම බවත්, උත්තරීතර පරමාත්ම පියා, උත්තරීතර පරමාත්ම ජීවය, අපට උගන්වන බවත් ඔය දරුවන්ට වැටහෙයි. ඔහු වෙනින් මොනවද පවසන්නේ? මා සිහිපත් කරන්න, එවිට ඔබ දිව්‍ය ලෝකයේ අධිපතියන් වෙයි! පියා, ඉගෙනුම සහ ගුරුවරයා යන සියල්ල මෙහි ඇතුලත්ය. විමුක්තිය පිරිනමන්නා ද මෙහි ඇතුලත්ය. සියලූම ඥානය වචන ස්වල්පයක මුසු වී තිබේ. ඔබ මෙහි පැමිණෙන්නේ මෙය පුනරීක‍්ෂණය කිරීමටයි. ඔබම, ඔබට අමතක වන බව පවසන නිසයි, පරමාත්ම පියා මෙය විස්තර කරන්නේ. ඔබ මෙහි පැමිණ, එය පුනරීක‍්ෂණය කරන්නේ මේ නිසාය. සමහරුන් මෙහි වාසය කරන නමුත් ඔවුන්ට එය පුනරීක‍්ෂණය කළ නොහැක. එය ඔවුන්ගේ භාග්‍යයේ නැත! පියා ඔබව උත්සාහ දැරීමට දිරිගන්වයි. ඔබට උත්සාහ දැරීමට දිරිගන්වන්නේ එක් පරමාත්ම පියා පමණයි. මෙහිදී පක‍්ෂපාතිත්වයක් තිබිය නොහැක! විශේෂ ඉගෙනුමක්ද නැත. ලෞකික ඉගෙනුමකදී විශේෂයෙන් පුද්ගලික ටියුෂන් ලබා දීමට ඔවුන් ගුරුවරයෙක් පත් කරගනී. එම කෙනා, ඔවුන්ගේ භාග්‍යය නිර්මාණය කිරීමට, සෑම කෙනෙකුටම එක හා සමානව උගන්වයි. එක් එක්කෙනාට පුද්ගලිකව, කෙතරම් ප්‍රමාණයකට එම කෙනා උගන්වන්නද? දරුවන් විශාල ගණනක් සිටියි! ලෞකික ඉගෙනුමකදී සමහර ශිෂ්‍යයන්, වැදගත් මිනිසුන්ගේ දරුවන් බැවින් ඔවුන්ට පුද්ගලිකව උගන්වනු ලබයි. කෙනෙක් දුර්වල ශිෂ්‍යයෙක් බව ඔහුගේ ගුරුවරයාට වැටහෙන බැවින්, ශිෂ්‍යත්වයක් දිනා ගැනීමට සුදුසු කෙනෙක් බවට ඔහුව පත් කරවයි. එම පියා මෙසේ නොකරයි. ඒ කෙනා සෑම කෙනෙකුටම සමානව උගන්වයි. වෙනත් ගුරුවරුන් ඔබට වැඩිපුර උත්සාහ දැරීමට දිරිගන්වයි. එම කෙනා එක් පුද්ගලයෙකුට වැඩිපුර උත්සාහ දරන්නට යැයි නොකියයි. එම ශිෂ්‍යයා දක‍්ෂයෙක් කිරීම සඳහා, ඔහුට ඉගැන්වීමට විශේෂ කාලයක් වෙන්කිරීම වෙනුවෙන්, ගුරුවරයාට වැඩිපුර ගෙවීමක් සිදුකරන නමුත්, කෙනෙකුට වැඩිපුර උගන්වනවා යනු, ගුරුවරයා තුළ ඔහු වෙනුවෙන් විශේෂ අනුකම්පාවක් තිබීමයි. කෙසේවෙතත්, මෙහි වැඩිපුර ඉගැන්වීමක් පිළිබඳ ප්‍රශ්නයක් නැත! එවැනි ප්‍රශ්නයක් නැත. ඔහු ඔබට එක් මහා මන්ත්‍රය ලබා දෙයි! මන්මනාභව! සිහිපත් කිරීම තුළින් සිදුවන්නේ කුමක්ද කියා ඔබට වැටහෙයි. පරමාත්ම පියා, පාරිශුද්ධකරු බව ඔබට වැටහෙයි. ඔහුව සිහිපත් කිරීමෙන් ඔබ පිවිතුරු වන බව ඔබට වැටහෙයි. ඔය දරුවන්ට දැන් ඥානය ඇත. සිහිපත් කිරීම වැඩියෙන් තිබෙන ප්‍රමාණයට අනුව, ඔබ වැඩියෙන් පාරිශුද්ධ වෙයි. සිහි කිරීම අඩුවෙන් තිබෙන්නේ නම්, ඔබ අඩුවෙන් පිවිතුරු වෙයි. සෑම දෙයක්ම රඳා පවතින්නේ ඔය දරුවන්ගේ උත්සාහයන් මතයි. අසීමිත පියාව සිහිපත් කිරීමෙන් අපි ලක‍්ෂමි සහ නාරායන විය යුතුයි. සෑම කෙනෙක්ම ඔවුන්ගේ වර්ණනාව දන්නවා. මෙසේ කියමනකි ඔබ පුණ්‍ය ආත්ම වන අතර අපි පාප ආත්මයි. ඔවුන් වෙනුවෙන් බොහෝ දේවාල තනා ඇත. මිනිසුන් එහි යන්නේ කුමක් සඳහාද? මොහොතක දර්ශනයක් පමණක් ලබා ගැනීමෙන් ඵලක් නැත. අන් අය දේවාල වලට යනවා දකින විට, ඔවුන්ද යයි. ඔවුන් එහි යන්නේ මොහොතක දර්ශනයක් ලබා ගැනීම සඳහා පමණයි. ඇතමුන් කියන්නේ අහවලා වන්දනා ගමනක යන බැවින් මටද යාමට අවශ්‍යයි. එය තුළින් කුමක් සිදුවෙයිද? කිසි දෙයක් නැත! ඔය දරුවන්ද වන්දනා ගමන් ගොස් ඇත. ඔවුන් සියලුම උත්සව සමරන ආකාරයෙන්, ඔවුන් වන්දනා ගමන්ද, උත්සවයක් ලෙස සලකයි. ඔබ දැන් සිහිපත් කිරීමේ වන්දනාව, උත්සවයක් බව සලකයි. ඔබ සිහිපත් කිරීමේ වන්දනාවේ සිටියි. තිබෙන්නේ එක් වචනය පමණයි මන්මනාභව! ඔබගේ මෙම වන්දනා ගමන සදාතනිකයි. ඔවුන්ද පවසන්නේ, ඔවුන් සදාකල්හි වන්දනා ගමන්වල යෙදී ඇති බවයි. කෙසේවෙතත්, ඔබ සෑම චක්‍රයකදීම මෙම වන්දනා ගමනේ යන බව ඔවුන්ට කීම සඳහා ඔබට ඥානය තිබේ. පැමිණ, මෙම වන්දනා ගමන උගන්වන්නේ පරමාත්ම පියා පමණයි. ඔවුන් උපතින් උපතට, ප්‍රධාන වන්දනා ස්ථාන සතරට, වන්දනා ගමන් යයි. අසීමිත පියා පවසන්නේ මා සිහිපත් කරන්න, එවිට ඔබ පිවිතුරු වෙයි! මිනිසුන් වන්දනා ගමනක් යන විට, ඔවුන් පිවිතුරුව රැඳී සිටියි. මෙකල, එහි සෑම දෙයක්ම බොහෝ අපිරිසිදුය! ඔවුන් පිවිතුරුව සිටින්නේ නැත. මෙම වන්දනා ගමන ගැන කිසිවෙකු නොදනී. සත්‍ය වන්දනා ගමන වන්නේ, මෙම සිහිපත් කිරීම පමණක් බව, පරම පියා දැන් ඔබට පවසා තිබේ. ඒ මිනිසුන් වන්දනා ගමනක යන අතර, ඔවුන් ආපසු ගිය විට, පෙර සිටි අන්දමටම පත්වෙයි. ඔවුන් නොකඩවා වටේ යයි. වස්කෝද ගාමා, ලෝකය වටා ගිය අන්දමින්ම, ඔවුන්ද වටේ යයි. මෙවැනි ගීතයකි අපි සෑම තැනකම වටේට ගිය නමුත් ඔබගෙන් බොහෝ දුරස්ථව සිටියෙමු. ඔහුව හිමි කරගැනීමට, භක්ති මාර්ගයේ කිසිම කෙනෙකුට ඔබට මඟ පෑදිය නොහැක. කිසි කෙනෙකුට පරමාත්ම දෙවියන් හමු වී නැත! ඔවුන් දෙවියන්ගෙන් දුරස්ථව සිට ඇත. ඔවුන්ගේ වන්දනා ගමන් වල ඔවුන් යන අතර, ඔවුන් පසුව ආපසු නිවෙස් වලට ගිය විට, පාපයන් පහේ සිරගත වෙයි. ඒ සියලූම වන්දනා ගමන් ව්‍යාජයි. පරමාත්ම පියා පැමිණෙන, වඩාත්ම ශුභදායක සංගම යුගය මෙය බව, ඔය දරුවන්ට වැටහෙයි. පරම පියා පැමිණ ඇති බව, යම් දිනයක සෑම කෙනෙකුටම දැනගන්නට ලැබෙයි. මෙසේ කියයි අවසානයේදී ඔබට දෙවියන් හමුවෙයි. නමුත් කෙසේද? කිසි කෙනෙක් මෙය නොදනී. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබ නැවත වරක් භාරතය, දිව්‍ය ලෝකය බවට පත් කරවන බව, ඔය මිහිරි දරුවන්ට වැටහෙයි. ඔබ සඳහන් කරන්නේ භාරතයේ නම පමණයි. එකල වෙනත් ආගම් නොමැත. මුළු ලෝකයම පිවිතුරු වෙයි. දැන් අසංඛේය ආගම් තිබේ. පරම පියා පැමිණ, ඔබට මුළු වෘක‍්ෂයම පිළිබඳ ඥානය පවසයි. ඔහු ඔබට මෙය සිහිකර දෙයි. ඔබ දේවතාවන්ව සිටි අතර පසුව ඔබ ක‍්ෂත්‍රියන්ද, ඉන්පසුව වෛශයන්ද පසුව ශුද්‍රයින්ද විය. ඔබ දැන් බ්‍රහ්මණයින් වී ඇත. පියා ඔබට හම් සෝ (මා පෙර වී සිටි කෙනාය) පිළිබඳව ඉතා පහසු පැහැදිලි කිරීමක් ලබා දෙයි. ඕම් යනු, ජීවාත්මය වන මම එමෙන්ම, චක්‍රය වටේ යන්නේ, මා වන ජීවාත්මයයි. ඒ මිනිසුන් පවසන්නේ, ජීවාත්මය වන මා, උත්තරීතර ජීවාත්මය වන බවත්, උත්තරීතර ජීවාත්මය, ජීවාත්මය බවත්ය. ඔවුන්ගෙන් එක්කෙනෙක් වත් හම් සෝහි නියම අරුත නොදනී. පරම පියා පවසන්නේ නිරන්තරයෙන් මෙම මන්ත්‍රය සිහි කරන්න! චක්‍රය ඔබගේ බුද්ධිය තුළ නොමැති නම්, ඔබ ලෝකයේ පාලකයන් වන්නේ කෙසේද? ජීවාත්ම වන අපි, දැන් බ්‍රහ්මණයන් වී ඇති අතර, පසුව අපි දේවතාවන් බවට පත් වනවා. ඔබට ගොස්, ඕනෑම කෙනෙකුගෙන් මෙය විමසිය හැකි අතර, කිසිම කෙනෙකුට ඔබට පිළිතුර කීමට නොහැකි වෙයි. ඔවුන්ට උපත් 84 පිළිබඳ අරුථවත් වැටහෙන්නේ නැත. භාරතයේ නැග්ම සහ බැස්ම සිහිකර තිබේ. එය හොඳයි! ඔය දරුවන්ට දැන් සතෝප්‍රධාන්, සතෝ, රජෝ, තමෝ, සූර්ය පෙළපත, චන්ද්‍ර පෙළපත, වෛශ්‍ය පෙළපත යන තත්ත්ව පිළිබඳ සෑම දෙයක්ම වැටහෙයි. බීජය ලෙසින් හැඳින්වෙන පරමාත්ම පියා පමණයි, ඥානයේ මහා සාගරය වන්නේ. ඔහු මෙම චක්‍රයට ඇතුළු වන්නේ නැත. ජීවාත්ම වන අප, උත්තරීතර ජීවාත්මය වනවා නොවෙයි! නැත! ඥානයෙන් පිරිපුන් වීමේදී, පරම පියා, අපව ඔහු හා සමාන බවට පත් කරවයි. ඔහු අපව, ඔහු මෙන් පරමාත්ම දෙවියන් බවට පත් කරවන්නේ නැත. මෙම දේවල් ඉතා පැහැදිලිව තේරුම් ගැනීමට හැකි විය යුතුයි, මන්ද එවිට පමණයි ඔබට ඔබගේ බුද්ධිය තුළින් චක්‍රය බ්‍රමණය කිරීමට හැකි වන්නේ. මෙයට ස්වදර්ශන චක්‍රය යැයි කියයි. ඔබගේ බුද්ධිය භාවිත කිරීමෙන්, ඔබ උපත් 84 හි චක්‍රය තුළට පැමිණුනේ කෙසේද කියා ඔබට වටහාගැනීමට හැකි වනු ඇත. මෙහි සෑම දෙයක්ම ඇතුලත්ය. කාලය, වංශ, සහ රජ පෙළපත් යන සියල්ලද මෙහි ඇතුලත්ය. මේ සියලුම ඥානය ඔය දරුවන්ගේ බුද්ධිය තුළ තිබිය යුතුයි. ඔබට උසස් තත්ත්වයක් හිමි වන්නේ ඥානය තුළින් පමණයි. ඔබට ඥානය තිබෙන විට, ඔබට එය අන් අයටද දීමට හැකිය. මෙහිදී ඔබට කිසිම විභාග පත්‍රයක් ගැනීමට සිදු වන්නේ නැත. වෙනත් පාසැල් වල ඔවුන්ගේ විභාග ප්‍රශ්න පත්‍ර පැමිණෙන්නේ පිටරට වලින්ය. විදේශයන්හි ඉගෙන ගන්නා අයගේ ප්‍රතිඵල ඔවුන්ට ලැබෙන්නේ විදේශයන්හිය. එහිදීද ප්‍රශ්න පත්‍ර පරීක‍්ෂා කරවීමට වැදගත් අධ්‍යාපන ඇමති කෙනෙක් ඔවුන්ට ඇති. ඔබගේ ප්‍රශ්න පත්‍ර පරීක‍්ෂා කරන්නේ කවුද? ඔබම එය කරනු ඇත. ඔබට අවශ්‍ය ඕනෑම කෙනෙක් බවට උත්සාහ දැරීමෙන්, ඔබට තමන්ව පත් කළ හැක, ඔබට අවශ්‍ය ඕනෑම තත්ත්වයක් ඔබට පරමාත්ම පියාගෙන් හිමි කරගත හැක. ප්‍රදර්ශන වලදී, ඔය දරුවන් ඔවුන්ගෙන් විමසන්නේ ඔබ කවුරු බවටද පත්වන්නේ? දේවතාවක්, නීතිඥයෙක් හෝ වෙනත් කෙනෙක්ද? ඔබ, පරමාත්ම පියාව සිහිපත් කර සේවය කරන තරමට අනුව, එහි ඵලය ඔබට ලැබෙයි. පරම පියාව ඉතා හොඳින් සිහි කරන අය, සේවයද කළ යුතු බව ඔවුන්ට වැටහෙයි. පුරවැසියන් නිර්මාණය කළ යුතුයි. රාජධානියක් ස්ථාපිත කෙරෙන බැවින් සියලුම ආකාරයේ අය ඒ සඳහා අවශ්‍යයි. එහි උපදේශකයන් නැත. නුවණ අඩුවෙන් ඇති අයට පමණයි, උපදේශකයන් අවශ්‍ය වන්නේ. එහිදී ඔබට කිසිම අවවාදයක් ලබන්නට අවශ්‍ය නැත. සමහරුන් ඔහුගේ උපදෙස් ලබා ගැනීමට, බාබා වෙතට පැමිණෙයි. ඔවුන් භෞතික දේවල් ගැන උපදෙස් පතයි. අපගේ මුදල් වලින් අප කළ යුත්තේ කුමක්ද? අපගේ ව්‍යාපාරික කටයුතු අප කරගෙන යා යුත්තේ කෙසේද? බාබා පවසන්නේ එවන් ලෞකික කාරණා පියා වෙතට ගෙන නොඑන්න. ඔවුන් අධෛර්යයට පත් වීම වලක්වාගැනීමට ඔහු ඇතැම් විටෙක සමහර දරුවන්ට සුළු ආධාරයක් ලබා දෙයි. එය මගේ ව්‍යාපාරය නොවෙයි. මගේ ව්‍යාපාරය වන්නේ ඔබට ලෝකයේ අධිපතියන් වීම සඳහා මාර්ගය පෙන්වීමේ දේවමය ව්‍යාපාරයයි. ඔබට ශ්‍රීමත් ලැබෙන අතර අන් සියල්ලක්ම රකුසු උපදෙස්ය. ස්වර්ණමය යුගයෙදී ශ්‍රේෂ්ඨ උපදෙස් තිබේ. කලි යුගයේ තිබෙන්නේ රකුසු උපදෙස්ය. එය සතුටේ දේශයයි. එහිදී ඔබට මෙසේ විමසීමට සිදු නොවෙයි ඔබ සතුටින් සහ තෘප්තිමත්ව සිටිනවාද? ඔබගේ සෞඛ්‍ය තත්ත්වය හොඳද? එහි එවන් ප්‍රශ්න නොමැත. මෙවන් ප්‍රශ්න මෙහි අසයි ඔබට යම් කරදරයක් තිබෙනවාද? ඔබ සතුටින් සහ තෘප්තිමත්ද? මෙහි තව බොහෝ දේද ඇතුලත්ය. මෙසේ විමසීමට එහි කිසිම දුකක් නැත. මෙය දුක් ලෝකයයි. ඇත්ත වශයෙන්ම කිසිම කෙනෙක් ඔබගෙන් මෙම ප්‍රශ්න නොඇසිය යුතුයි. මායා ඔබව බිමට ඇද දැම්මත් ඒත් ඔබට පරම පියාව හමු වී තිබේ. ඔබ පිළිතුරු දිය යුත්තේ මගේ සැප දුක් ගැන ඔබ අසන්නේ ඇයි? අපි පරමාත්ම දෙවියන්ගේ දරුවන්. එබැවින් අපගේ දුක් සැප ගැන ඔබ අසන්නේ ඇයි? බ්‍රහ්ම පදාර්ථයට එපිටින් සිටින කෙනාව සොයාගැනීමට මට උවමනා විය, දැන් මට ඔහුව හමු වී ඇති නිසා, මා වෙන කුමක් ගැන සැලකිලිමත් වන්නද? ඔබ කාගේ දරුවන්ද කියා සෑම විටෙකම මතක තබා ගන්න! ඔබ පිවිතුරු වන විට, යුද්ධය ආරම්භ වනවා යන ඥානය, ඔබගේ බුද්ධිය තුළ තිබේ. එබැවින් ඔවුන් ඔබ සතුටින් සහ තෘප්තිමත්ව සිටිනවාද කියා ඔබගෙන් විමසන විට, ඔවුන්ට කියන්න අපි සෑම විටම සිටින්නේ සතුටින් සහ තෘප්තිමත්වයි. ඔබ අසනීපයෙන් සිටියත් ඔබ සිටින්නේ පරමාත්ම පියාගේ සිහි කිරීමේය. ඔබ ස්වර්ණමය යුගයේ සිටිනවාටත් වඩා මෙහිදී සතුටින් සහ තෘප්තිමත්ව සිටිනවා. ඔබව මෙතරම් වටිනා බවට පත් කරවන සහ ඔබට දිව්‍ය ලෝකයේ ආධිපත්‍යය ලබා දෙන පියාව ඔබට හමු වී ඇති බැවින්, ඔබ කිසි දෙයක් ගැන කරදර වන්නේ කුමකටද? පරමාත්ම දෙවියන්ගේ දරුවන්ට තිබෙන්නේ මොන කරදරද? එහිදී පවා, දේවතාවන්ට කිසි කරදරයක් නැත. එබැවින් දේවතාවන්ට වඩා පරමාත්ම දෙවියන් උසස් බැවින්, දෙවියන්ගේ දරුවන්ට කිසි කරදරයක් තිබෙන්නේ කෙසේද? බාබා අපට උගන්වනවා! ඔහු අපගේ පියා, ගුරුවරයා සහ සත්ගුරුය. බාබා, අපගේ හිස මත කිරුළු තබනවා. අපි කිරුළු පළන් අය බවට පත්වනවා. ලෝකයේ කිරුළ ඔබට ලැබෙන්නේ කෙසේද කියා ඔබ දන්නවා. පරම පියා එය ඔබ මත තබන්නේ නැත. ස්වර්ණමය යුගයෙදී පියා, ඔහුගේ පුත්‍රයාගේ හිස මත කිරුළ තබන බව ඔබ දන්නවා, ඉංග්‍රීසියෙන් ඔහුට කිරුළට හිමි රජ කුමරු යැයි කියයි. මෙහි, පියා ඔහුගේ පුතාගේ හිස මත කිරුළ තබන තුරු, ඔහුට කිරුළ ලබාගැනීමට, පුතා, පියා මිය යන තුරු නොඉවසිල්ලෙන් බලා සිටියි. ඔහුට රජකුමරෙකුගෙන් අධිරාජවරයෙක් වීමට අවශ්‍යයි. එහි එවන් දේවල් නොපවතී. ක්‍රමවේදයට අනුව, පියා ඔහුගේ පුත්‍රයාගේ හිස මත කිරුළ තබා, ඔහුගේ නියමිත කාලයේදී ඉවත් වෙයි. එහි විශ්‍රාමික තත්ත්වය පිළිබඳ කතා බහක් නැත. ඔහුගේ දරුවන්ට ඔහු මාලිගා තනා, ඔවුන්ගේ සියලු ආශාවන් ඉටු කරදෙයි. ස්වර්ණමය යුගයේ තිබෙන්නේ සතුට පමණක් බව, ඔබට වටහා ගැනීමට හැක. ඔබ එහි ගිය විට, ඔබට සෑම සතුටක්ම ප්‍රායොගිකවම ලැබෙයි. දිව්‍ය ලෝකයේ පවතින්නේ කුමක්ද කියා වැටහෙන්නේ ඔබට පමණයි. ඔබගේ සිරුර හැලූ විට ඔබ යන්නේ කොහාටද? පරමාත්ම පියා දැන් ඔබට ප්‍රායෝගික අන්දමකින් උගන්වනවා. ඔබ සැබවින්ම දිව්‍ය ලෝකයට යන බව ඔබ දන්නවා! ඔවුන් දිව්‍ය ලෝකයට යන බව ඔවුන් පවසන නමුත් දිව්‍ය ලෝකය යනු කුමක්ද කියා ඔවුන් නොදනී. උපතින් උපතට ඔබ අනුවණ දේ වලට සවන් දෙමින් සිටියා. පරම පියා ඔබට දැන් සත්‍යය පවසයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. නිරතුරුව සතුටින් සහ තෘප්තිමත්ව සිටීමට පරම පියාගේ සිහිපත් කිරීමේ සිටින්න. ඉගෙන ගැනීමෙන්, රාජධානියේ කිරුළ තමන්ට දමාගන්න.

2. ශ්‍රීමත් පිළිපැදීමෙන්, එය දිව්‍ය ලෝකයක් බවට පත් කරවීමට භාරතයට සේවය කරන්න. නිරන්තරයෙන් ශ්‍රීමත් වලට ගරු කරන්න.

වරදානය:
ඔබ බාප්දාදා සමඟ සබඳකමක් සහ ළබැඳියාවක් පවත්වා ගැනීමෙන්, සූක‍්ෂම සේවය සිදු කර, මනසේ බලයේ ප්‍රායෝගික සාක‍්ෂිය දකින ජීවාත්මයක් වේවා.

ඔබට මනසේ බලයේ සහ ක්‍රියාවන්ගේ බලයේ ප්‍රායෝගික සාක‍්ෂිය දැක ගත හැකි සේම, වඩාත්ම බලවත් නිහඬ බවේ ප්‍රායෝගික සාක‍්ෂිය දැක ගැනීම සඳහා, නිරන්තරයෙන් බාප්දාදා සමඟ පැහැදිලි සම්බන්ධතාවයක් සහ ළබැඳියාවක් පවත්වා ගන්න. මෙය යෝගා බලය ලෙස හැඳින්වෙයි. එවන් යෝගා බලය ඇති ජීවාත්මයන්ට, දුර සිටින ජීවාත්මයන්ට, ඔවුන් තමන් ඉදිරියේ පෞද්ගලිකවම සිටීමේ භෞතික අත්දැකීම ලබා දිය හැක. ඔවුන්ට ජීවාත්ම කැඳවා, ඔවුන්ව පරිවර්ථනය කළ හැක. මෙය සූක‍්ෂම සේවය වන අතර මේ සඳහා ඒකාග්‍රතාවයේ බලය වැඩි කරගන්න.

පාඨය:
මහා දානපති ජීවාත්ම වන්නේ, තම සියලු සම්පත් වටිනා ලෙස භාවිත කරන අය පමණයි.