02.01.23       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ රාජ රිෂීන්ය. පැරණි ලොවේ සියල්ලක්ම අත්හැරීමටයි ඔබට පියා උගන්වන්නේ. මෙසේ කිරීමෙන් ඔබට රාජකීය තත්ත්වයක් ලබාගත් කෙනෙකු විය හැකියි.

ප්‍රශ්නය:
මෙකල මිනිසුන්ට කිසිම ක්‍රියාවක් මධ්‍යස්ථව කළ නොහැක්කේ මන්ද?

පිළිතුර:
මායාගේ අධිරාජ්‍යය මුළු ලොව සිසාරා ඇති බැවිනි. සෑම කෙනෙක් තුළම පාප පහම අන්තර්ගත වී තිබෙන නිසා, ඔවුන් කරන ක්‍රියාවන් පාපතර වී ඇත. ස්වර්ණම යුගයේ මායා නොසිටී. ඒ හෙයින්, එම මිනිසුන්ගේ ක්‍රියා එහි මධ්‍යස්ථ (අකර්මා) වේ.

ප්‍රශ්නය:
ඉතාමත් හොඳ තෑග්ගක් ලබන්නේ කොයි දරුවන්ද?

පිළිතුර:
ශ්‍රීමත් පදනමින් පාරිශුද්ධ වූවන්, අන්ධයින්ට සැරයටි වූවන්, පාප පහේ බලපෑමට යට නොවූවන් සහ කුල නාමය අවනම්බු නොකළ අය හොඳම තෑග්ග ලබති. මායා විසින් යළි යළි පරාජිත වූවන්ගේ ගමන්පත්‍රය අවලංගු වේ.

ගීතය:
ශිවාට නමස්කාර කරමි

ඕම් ශාන්ති.
සියල්ලන්ටම වඩා උසස් වන්නේ පරමාත්ම දෙවියන්, උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මයයි. නිර්මාපක ඔහු වේ. ඔහු පළමුවෙන් බ්‍රහ්මා, විශ්ණු හා ශන්කර් නිර්මාණය කළා. අනතුරුව ඔබ අමරණීය භූමියට පහළ වූ විට ලක්ෂ්මි සහ නාරායනගේ අධිරාජ්‍යය එහි වීය. එය සූර්ය වංශයයි, චන්ද්‍ර වංශය නොවේ. මෙය පහදා දෙන්නේ කවුද? ඥානයේ සාගරයයි. මනුෂ්‍යයන්ට තවත් මනුෂ්‍යයෙකුට මෙය පහදා දිය නොහැක. මෙම පියා සියල්ලන්ට වඩා උසස් වේ. ඔහුටමයි භාරතයේ ජනතාව මව හා පියා කියා අමතන්නේ. එමනිසා, මව හා පියා අනිවාර්යෙන්ම ප්‍රායෝගික අයුරින් අවැසි වේ. මෙය සිහිපත් කර ඇති හෙයින්, ඔහු යම් කලෙක මෙසේ පත්ව සිටින්නට ඇති. පළමුවෙන්ම, උසස්ම උසස්, අශරීරික උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය වේ. සෑම කෙනෙක් තුළම ජීවාත්මයක් ඇත. ජීවාත්මයක් ශරීරයක් තුළ සිටින විටයි, දුකට හෝ සතුටට පත්වන්නේ. මේ කරුණු තේරුම් ගත යුතු වේ. මේවා ඇදැහිය නොහැකි කතාන්දර නොවෙයි. ඒ ගුරූන් ආදිය කියන්නේ ඇදැහිය නොහැකි කතාන්දරයි. වර්තමානයේ භාරතය නිරයකි. ස්වර්ණම යුගයේදී එය දිව්‍ය ලෝකය යැයි කියනවා ඇත. එය ලක්ෂ්මි සහ නාරායන විසින් පාලනය කෙරේ. ක්‍රිෂ්ණා කෙරෙහි විශ්වාසය සැමට ඇත. මදක් බලන්න, ඔහුට ලෝක ගෝල දෙකක් දී ඇත. ක්‍රිෂ්ණා ජීවාත්මය කියයි: දැන් මා නිරයට පා පහරක් දී, දිව්‍යලෝකය මගේ අතේ තබා ඇත. මුලදී, ක්‍රිෂ්ණාගේ දේශයක් තිබුණා. දැන් එය කන්ස් (අසුරයා) ගේය. ක්‍රිෂ්ණාව ද මීට ඇතුලත් කර ඇත. මෙය ඔහුගේ උපත් 84හි අවසන් උපතයි. නමුත් එම ස්වරූපය ඔහුට දැන් නැත. පියා මෙහි හිඳිමින් පැහැදිලි කරනවා. පරම පියා ඇවිත් භාරතය දිව්‍යලෝකය කරවයි. දැන් පරම පියා පැමිණ නැවත වරක් නිරය දිව්‍ය ලොවක් කරවමින් සිටිනවා. මෙය පැරණි ලෝකයයි. අළුත් වී තිබූ ලෝකය දැන් පරණ වී ඇත. ගොඩනැගිලි පවා අළුත් බවෙන් පරණ වී ඇත. අවසානයේදී, ඒවා බිඳ හෙලන තත්ත්වයට පත්වී ඇත. පරම පියා කියයි: මම ඔබ දරුවන්ට රාජයෝග උගන්වන්නේ දිව්‍යලෝක වැසියන් කරවීමටයි. ඔබ රාජ රිෂිවරු වේ. ඔබ රාජධානිය ලබන්නට පාප අත්හැරියා. එම සන්යාසීන් තම නිවස අත්හැර දමා කැලෑ ගත වූවා. කෙසේවෙතත්, ඔවුන් තවමත් සිටින්නේ පැරණි ලොවේමයි. මේ අසීමිත පියා ඔබට දිව්‍යලෝක දර්ශනයක් ලබා දීමෙන් නරකාදිය අත්හැර දමන්නට ඔබව පොළඹවයි. පරම පියා කියයි: මා පැමිණ සිටින්නේ ඔබ සියල්ලන්වම ආපසු ගෙන යාමටයි. පියා කියාදී ඇති ඔබේ උපත් ගැනවත් ඔබ දැන සිටියේ නැහැ. මිනිසුන්, හොඳ හෝ නරක මොනයම් ක්‍රියාවක් කළත්, එම සංස්කාර වලට අනුව ඔවුන් උපත ගන්නවා. ඇතැමුන් ධනවත්, ඇතැමුන් දුප්පත්, ඇතැමුන් රෝගීන් වී සහ අනෙක් අය නිරෝගීත් වෙති. ඒවා ඔවුන්ගේ පෙර උපතේ කර්ම ගිණුම් වේ. නිරෝගී වූවන් නිසැකවම ඔවුන්ගේ පෙර උපතේදී රෝහලක් වැනි දෙයක් සාදන්නට ඇති. බොහෝ දානමාන හා පුණ්‍ය කටයුතු කළ අය ධනවත් වේ. මිනිසුන් නරකාදියේ කරන්නා වූ සෑම දේම පාපතර වන්නේ සෑම කෙනා තුළම පාප පහම තිබෙනා නිසයි. දැන් සන්යාසීන් පාරිශුද්ධ වී පව් කිරීමෙන් වැළකී සිටිති. ඔවුන් කැලෑවට ගොස් ජීවත් වුණා වුවත් ඔවුන්ගේ ක්‍රියා ද අකර්මා නොවන්නේය. පරම පියා පහදනවා: වර්තමානයේ පවතින්නේ මායාගේ අධිරාජ්‍යයයි. එබැවින් මොනම ක්‍රියාවක් මනුෂ්‍යයා කළත් ඒවා පාපතර වෙනවාමයි. මායා ස්වර්ණම හෝ රිදී යුග වලදී නොසිටී. එහිදී මිනිසුන්ගේ ක්‍රියා කිසිවිට පාපතර නොවන්නේත්, කිසිම දුකක් නොමැත්තේත් එම නිසයි. වර්තමානයේ පළමුවෙන්ම රාවණ්ගේ යදම් ද, පසුව භක්ති මාර්ගයේ යදම් ද ඇත. ඔබ උපතක් උපතක් පාසා පැකිළී වැටෙමින් සිටියා. පරම පියා කියයි: මා ඔබට කලිනුත් කීවා, පවට වන්දි ගෙවීමෙන් හෝ දැඩි ලෙස භාවනා කිරීමෙන් මා හමුවන්නට බැරිය කියා. මා එන්නේ භක්තිය අවසන් වන විට පමණි. භක්තිය තඹ යුගයේ පටන් ඇරඹේ. මිනිසුන් දුක අත්විඳින විට ඔවුන් දෙවියන් සිහි කරති. ස්වර්ණම යුග හා රිදී යුග කාලයේ හැමෝම දහස් වාරයක් වාසනාවන්ත වූ අතර මෙහි හැමෝම අවසනාවන්ත වේ; ඔවුන් නොකඩවා අඩමින් වැළපෙමින් සිටිති. නොකඩවා අකල් මරණ සිදුවෙමින් ඇත. පරම පියා කියයි: නිරය දෙව්ලොවක් බවට වෙනස් කරන්නට මා එනවා. භාරතය පුරාතන දේශයයි. ආරම්භයේ පැමිණි අය අග දක්වා රැඳී සිටිය යුතුයි. උපත් 84හි චක්‍රය සිහි කෙරේ. රජය විසින් නිර්මාණය කර තිබෙන ත්‍රිමූර්තියේ, බ්‍රහ්මා, විශ්ණු, ශන්කර් විය යුතු නමුත් ඔවුන් ඒ වෙනුවට සිංහයෙකු යොදා ඇත. එහි නිර්මාතෘ වූ පියාගේ ප්‍රතිරූපයක් නැත, නමුත් පහළින් චක්‍රයක රූපයක් යොදා ඇත. ඔවුන් එය බ්‍රමනය වන චක්‍රයක් ලෙස සිතූ නමුත් ඇත්තෙන්ම එය නාට්‍යයේ චක්‍රයයි. ඔවුන් ඊට ඬදුකෙන් නිදහස් වන චක්‍රයඬ කියා නම් කර ඇත. ඔබ මෙම චක්‍රය දැන ගැනීම මගින් දැන් දුකෙන් නිදහස් වී සිටියි. ඇත්තෙන්ම එය නිවැරදි වුණත්, ඔවුන් සෑම දේම යටිකුරු අතට හරවා ඇත. උපත් 84හි චක්‍රය ස්මරණය කිරීමෙන් ඔබ උපත් 21ක් සඳහා පෘථිවියේ පාලකයන් වනු ඇත. මෙම දාදා ඔහුගේ උපත් 84 සම්පූර්ණ කළා. ක්‍රිෂ්ණාගේ අවසාන උපත මෙය වේ. පරම පියා මෙහි ඉඳ ඔහුට පහදා දෙයි. ඇත්ත වශයෙන්ම මෙය ඔබ සියලූ දෙනාගේත් අවසාන උපතයි. භාරත ජනයා, දේවතා ධර්මයට අයිති වූවන් සම්පූර්ණ උපත් 84ක් අත්විඳ ඇත. සියල්ලන්ගේම චක්‍රය දැන් අවසන් වෙන්නයි යන්නේ. ඔබේ එම ශරීර දැන් කිලිටි වී ඇත. මෙම ලෝකය ඉතාමත් කිළිටියි; එය අත්හරින්නට ඔබව පොළඹවන්නේ එම නිසයි. මෙම සුසාන භූමියට ඔබ ඇලූම් නොකළ යුතුයි. ඔබේ හදවත් පියා වෙතත්, ඔබේ උරුමය වෙතත් ඇලූම් කරවන්න. ඔබ ජීවාත්මයන් නොනැසෙන අතර ඔබේ ශරීර නැසෙන සුළුයි. දැන් ඔබ මා මතක් කරන්න. එවිට ඔබේ අවසාන සිතිවිල්ල ඔබේ අරමුණ කරා ගෙන යාවි. අවසාන කාලයේ බිරිඳ මතක් කළ අයගේ තත්ත්වය ඒ අනුව ලැබේවි කියා සිහිපත් කෙරේ. පරම පියා කියයි: දැන් අවසාන කාලයේ ශිව් බාබා මතක් කළ අයට නාරායනගේ තත්ත්වය හිමිවේ. ස්වර්ණම යුගයේදී නාරායනගේ තත්ත්වය ඔබට ලබාගත හැකියි. මෙම තත්ත්වය ඔබට පියා හැර වෙන කිසිවෙකුට ලබා දිය නොහැකියි. මෙම පාසැල මනුෂ්‍යත්වයෙන් දේවතාවන් බවට වෙනස් කිරීම සඳහා වේ. ඔබට උගන්වන කෙනාගේ වර්ණනාවට ඔබ සවන් දුන්නා: ශිවාට නමස්කාර වේවා. ඔබ ඔහුගේ දරුවන් වූ බව ඔබ දනී. ඒ හෙයින් ඔබේ උරුමය ඔබ දැන් ලබමින් සිටිනවා. තවදුරටත් ඔබ මනුෂ්‍ය මත අනුගමනය කරන්නේ නැහැ. මනුෂ්‍ය කියුම් අනුගමනය කිරීමෙන් ඔබ සියල්ලන්ම නරකාදියේ වැසියන් වුණා. සිහිපත් කරන්නා වූ සියලූ ග්‍රන්ථයන් මනුෂ්‍යයන් විසින් නිර්මාණය කර ඇත. මුළු භාරතයම දැන් ඔවුන්ගේ ධර්මය හා කර්මය අතින් දූෂිත වී ඇත. එකල දේවතාවන් පාරිශුද්ධව සිටියා. පරම පියා දැන් කියනවා: ඔබට දහස් වාරයකින් වාසනාවන්ත අය වන්න ඕන නම්, පවිත්‍ර වන්න. බාබාට පොරොන්දු වන්න, ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධ වී ඔබේ මුළු උරුමයම ඔහුගෙන් ලබනවා කියා. මෙම පරණ අපවිත්‍ර ලෝකය අවසන් වන්නටයි යන්නේ. එහි බොහෝ රණ්ඩු සරුවල් ඇත. එහි අධික කෝපය ඇත. මිනිසුන් එවන් විශාල බෝම්බ සාදා ඇත. ඔවුන්ට බෙහෙවින් කෝපය හා තන්හාව ඇත. ශ්‍රී ක්‍රිෂ්ණා මාලිගාවක් වන් ගර්භාෂයෙන් මතු වූ අයුරු දරුවන්ට දර්ශන ලැබී ඇත. මෙහි ගර්භාෂය සිර කුටියක් වැනිය, ඔබ නිදහස් වූ සැනින්, මායා ඔබ ලවා පව් සිදු කරවයි. එහි දරුවෙක් ගර්භ මාලිගාවෙන් මතු වූවාම සෑම තැනම ඒකාලෝකමත් වනවා. ඔහු බොහෝ සැප සනීපෙන් සිටියි. ඔහු ගර්භාෂයෙන් මතු වූ සැනින් සෑම තැනින්ම හොරණෑ හඩ ඇසෙන්න පටන් ගනී. මෙහෙටත්, එහෙටත් අතර විශාල වෙනසක් තිබෙනවා. තුන් ලොවම පිළිබඳව ඔබ විස්තර කර ඇත. ජීවාත්මයන් ශාන්ති දනව්වෙන් එයි. ජීවාත්මයක් තරුවක් මෙනි. එසේම එය පිහිටන්නේ නළල මධ්‍යයේය. ජීවාත්මය තුළ උපත් 84ක පටිගත කිරීම් ඇත. නාට්‍ය කිසිවිට නොනැසේ. එසේම කිසිවෙකුගේත් භූමිකාව වෙනස් නොවේ. එය පුදුම සහගතයි! ඉතා කුඩා ජීවාත්මය තුළ ඉතාමත් නිරවද්‍ය ලෙස උපත් 84ක චරිත කොටස් පටිගතයි. එය කිසිවිට පැරණි නොවේ. එය සදා අළුත්ය. ජීවාත්ම ඊටම ආවේනික චරිත කොටස යළිත් වරක් පටන් ගනී. සෑම ජීවාත්මයක්ම පරමාත්මය වේය කියා ඔය දරුවන් දැන් කියන්නේ නැහැ. පරම පියා ඔබට ඬහම් සෝඬ යන්නෙහි නිවැරදි තේරුම කියා දෙනවා. මිනිසුන් විසින් නිර්මාණය කළ තේරුම වැරදියි. ඔවුන් තමන්ව බ්‍රහ්ම් යැයි කියා හෝ මායාව නිර්මාණය කළ දෙවියන් යැයි කියා කියති. ඇත්ත වශයෙන්ම මායා නිර්මාණය කළ නොහැක්කකි. මායා නම් පස් පව් වේ. පියා විසින් මායා නිර්මාණය නොකරන ලදී. පරම පියා විසින් නිර්මාණය කරන්නේ නව ලොවයි. වෙන කිසි කිනෙකුට ලොවක් නිර්මාණය කරනවා කියා කිව නොහැකියි. අසීමිත පියෙක් වශයෙන් සිටින්නේ එක්කෙනායි. ඔබ දරුවන්ට ඬඕම්ඬ යන්නෙහි තේරුම පහදා දී ඇත. ජීවාත්මයක් යනු ශාන්තියේ ප්‍රතිමූර්තියයි. ඔහු සිටින්නේ ශාන්ති දාමයෙහිය. පියා ඥාන සාගරය මෙන්ම ප්‍රමෝදයේ සාගරය ද වේ. ජීවාත්මයකට මෙසේ වර්ණනා කළ නොහැකියි. ඔව්, ජීවාත්මයන්ට ද දැනුම ඇත. පරම පියා කියයි: මා එන්නේ එක් වතාවයි. මා ඔබේ උරුමය අනිවාර්යෙන්ම ඔබට දිය යුතුයි. මා ඔබට දෙන උරුමයෙන් භාරතය දිව්‍ය ලොවක් වෙනවා. එහි පවිත්‍රතාවය, සාමය හා සතුට තිබේ. අසීමිත පියා විසින් දෙනු ලබන මෙම උරුමය, නිරන්තර සතුටයි. එහි පවිත්‍රතාවය තිබූ කල, සාමය සහ සතුට ද තිබුණි. දැන් එහි ඇත්තේ අපවිත්‍රතාවයයි. ඒ හෙයින් දුක සහ අසාමය ඇත. පියා මෙහි හිඳිමින් පහදා දෙනවා: පළමුවෙන්ම ඔබ ජීවාත්ම අශාරීරික ලොවේ සිටියා. අනතුරුව ඔබ දේවතා ධර්මයටත්, පසුව ඏත්‍රිය ධර්මයටත් ඇතුල් වුණා. ඔබ උපත් 8ක් සතෝප්‍රධාන්ව සිටියා. අනතුරුව උපත් 12ක් සතෝ ස්ථිතියෙන් සිටියා. අනතුරුව උපත් 21ක් තඹ යුගයේ සිටියා. අනතුරුව උපත් 42ක් යකඩ යුගයේ ගෙන තිබෙනවා. ඔබ ශුද්‍රයින් බවට පත්වී නැවතත් බ්‍රාහ්මණ කුලයට ඇතුල්ව සිටිනවා. අනතුරුව ඔබ දේවතා කුලයට යනවා ඇත. ඔබ දැන් පරම පියාගේ උකුළේ සිටියි. පියා ඔබට ඉතා පැහැදිලිව පහදා දෙයි. උපත් 84 ගැන දැන ගැනීමෙන් ඔබට සෑම දේම දැනගන්න ලැබුණා. මුළු චක්‍රයේම දැනුම ඔබේ බුද්ධිය තුළ ඇත. ස්වර්ණම යුගයේ තිබෙන්නේ එක ධර්මයක් බවද ඔබ දනී: ලොව සර්ව බලධාරී අධිරාජ්‍යයයි. ඔබ දැන් ලක්ෂ්මි සහ නාරායනගේ තත්ත්වය ලබමින් සිටිනවා. ස්වර්ණම යුගය පවිත්‍ර ලෝකයයි. එහි සිටින්නේ සුළු පිරිසකි. ඉතිරි සියලූ ජීවාත්මයන් මුක්ති දාමයේ සිටිති. සැමට ජීවන මුක්තිය ලබා දෙන්නේ එකම පියායි. ඔහු කවුදැයි කිසිවෙකු නොදනී. ඔවුන් කියයි දෙවියන් සෑම තැනම සිටිනවා කියා. පියා අහනවා: ඔබට එසේ කීවේ කවුද? එසේ ගීතාවේ ලියා ඇතැයි ඔවුන් කියයි. ගීතාව නිර්මාණය කළේ කවුද? පරමාත්මා කියයි: බ්‍රහ්මාගේ මේ සාමාන්‍ය ශරීරය මම ආධාරකයක් ලෙස ගන්නෙමි. දෙවියන් අර්ජුනාට පමණක් දැනුම දෙන්නේ කොහොමද? ඔබට ඔට්ටු අල්ලන්න හෝ සූදු සෙල්ලම උගන්වා නැත. මිනිසුන්ව දේවතා බවට හරවන්නේ පරම පියා විසිනුයි. ඔබට සූදුව හෝ ඔට්ටු ඇල්ලීම ඔහු කියා දෙන්නේ කොහොමද? එවිට ඔවුන් කියනවා, ද්‍රෞපතීට සැමියන් පස් දෙනෙක් සිටිනවා කියා. එසේ විය හැක්කේ කෙසේද? බාබා කල්පයකට පෙර දිව්‍යලෝකයක් නිර්මාණය කළා. ඔහු එය නැවතත් වතාවක් දැන් නිර්මාණය කරනවා. ක්‍රිෂ්ණා ඔහුගේ උපත් 84 දැන් සම්පූර්ණ කරමින් සිටිනවා. රජ, රැජිණිය සහ රට වැසියන් සියල්ලන්ම ඔවුන්ගේ උපත් 84 සම්පූර්ණ කරමින් සිටියි. ඔබ දැන් ශුද්‍රයින්ගෙන් බ්‍රාහ්මණයන් විය යුතුයි. බ්‍රාහ්මණ ධර්මයට ඇතුල් වූවන් කියන්නේ: ඬමමා සහ බාබාඬ. කෙසේවෙතත්, ඔවුන් පිළිගත්තත් නැතත් එය ඔවුන්ට භාරයි. ඔවුන්ට එම අරමුණ ඉතා ඉහළ වැඩියැයි ඔවුන් සිතති. ඒ වුණත් ඔවුන් සුළු වශයෙන් හෝ අසා ඇති නිසා ඔවුන් නිසැකවම දිව්‍යලෝකයට යන නමුත් ලබනවා ඇත්තේ අඩු තත්ත්වයකි. එහි පාලකයන් කෙසේද, රට වැසියනුත් එසේමයි; සැවොම සතුටින් කල් ගෙවති; එහි නමම දිව්‍ය ලෝකයයි. දෙව්ලොව දෙවි පියාණන් දිව්‍යලෝකය ස්ථාපනය කරයි. මෙය නරකාදියයි. රාවණ් සියලූම සීතාවන් සිරගත කළා. ඒ හැමෝම දැන් ශෝක කුටියේ හිඳිමින්, රාවණ්ගෙන් නිදහස් වන්නට දෙවියන් ස්මරණය කරමින් සිටිති. ස්වර්ණම යුගය අශෝක කුටිය වේ. ඔබේ සූර්ය වංශ රාජධානිය ස්ථාපනය වන තෙක් විනාශය සිදු නොවෙයි. රාජධානිය ස්ථාපනය වූවායින් පසුවයි, දරුවන් ඔවුන්ගේ කර්මාතීත් තත්ත්වයට ළඟා වන්නේත්, අවසාන යුද්ධය සිදුවනවා ඇත්තේත්. එතෙක් පෙර පුහුණුව නොකඩවා තිබේවි. මෙම යුද්ධය තුළින්, දිව්‍යලෝකයේ දොරටුව විවර වනවා ඇත. ඔබ දරුවන් දිව්‍ය ලෝකයට යන්න සුදුස්සන් විය යුතුයි. බාබා ඔබේ ගමන් පත්‍රය නිකුත් කරයි. ඔබ අතිශයින් පාරිශුද්ධ වේද, බෙහෙවින් අන්ධයින්ට සැරයටියක් වේද, ඒ අනුව ඔබට හොඳ තෑග්ගක් ලැබෙනවා ඇත. ඔබ බාබාට පොරොන්දු විය යුතුයි: සුමිහිරි බාබා, අප අනිවාර්යෙන්ම ඔබේ ස්මරණයේ සිටිනවා. ප්‍රධානම දේ පාරිශුද්ධතාවයයි. ඔබ අනිවාර්යෙන්ම පාප පහ දන් දිය යුතුයි. සමහරු පරාද වන අතර අනතුරුව නැවත නැගිට සිටින්නට හැකි වේ. ඔබ මායාගෙන් තුන් හතර වතාවක් පහර වැදී වැටුණොත්, ඔබේ ගමන් පත්‍රය අවලංගු වේ. පරම පියා කියයි: දරුවනි, කුලයේ නාමයට අවනම්බු කරන අය වන්න එපා. ඔබ පාප අත්හළේ නම්, මම ඔබව අනිවාර්යෙන්ම දිව්‍ය ලොවට අධිපතීන් කරවමි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සිය වාරයක් වාසනාවන්ත වීම සඳහා ඔබ පාරිශුද්ධ වනවා කියා පියාට පොරොන්දු වන්න. ඔබේ හදවත මෙම කිළිටි අපවිත්‍ර ලොවට ඇලෙන්න ඉඩ නොදෙන්න.

2. මායා විසින් පරාජයට පත් නොවන්න. ඔබ කුලයේ නාමය අවනම්බු කරනා අය බවට පත් නොවන්න. පියාගෙන් දිව්‍ය ලෝකයට යෑමේ ගමන් පත්‍රය ලබන්න සුදුස්සන් වන්න.

වරදානය:
ඔබ නිරන්තරයෙන් බලයේ ප්‍රතිරුවක් වී, ඔබගේ මනස කාර්යබහුලව සහ සියලු නිෂ්ඵලත්වයෙන් නිදහස්ව තබාගැනීමේ කලාව පුහුණු කරත්වා.

වත්මන් ලෝකයේ, උසස් තනතුරු දරන පුද්ගලයන්, ඔවුන්ට තිබෙන කාලයට අනුව තම කාලසටහන සාදා ගනියි. ඒ ආකාරයෙන්ම, ලෝකය අළුත්වැඩියා කිරීමට ආධාරක ප්‍රතිරූ වන, මෙම අසීමිත නාටකයේ වීර නළුවන් වන, දියමන්තියක් වැනි වටිනා ජීවිත ඇති ඔබ සියලු දෙනාද, තම මනස සහ බුද්ධිය බලවත් ස්ථිතියක ස්ථාවර කර, ඒවා වෙනුවෙන් වැඩ සටහනක් සාදා ගත යුතුයි. ඔබගේ මනස කාර්යබහුලව තබාගැනීමේ කලාව භාවිතා කරන්න, එවිට ඔබ සියලු නිෂ්ඵලත්වයෙන් නිදහස් වෙයි. ඔබ කිසිම විටෙක කලබල නොවෙයි.

පාඨය:
නාටකයේ සෑම ජවනිකාවක්ම දැක සතුටු වන්න, එවිට ඔබ කිසිදු හොඳ හෝ නරක ආකර්ෂණයක් තුළ සිර නොවෙයි.