02.02.19       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, අශරීරික බවට පත් වී පියාව සිහි කරන්න. ඔබේ මුල් ආගම ස්ථාවර කර ගත් විට ඔබට ශක්තිය ලැබේ. ඔබේ සතුට සහ සෞඛ්‍යය ඇති වන අතර බැටරිය ද සම්පූර්ණ ව පවතී.

ප්‍රශ්නය:
නාටකයේ නියමිත වී ඇති දේ කුමක් දැයි දන්නා නිසා, ඔබ දරුවන් නිරන්තරව නොසෙල්වී සිටින්නේ කෙසේද?

පිළිතුර:
ඔබ දන්නවා සාදාගෙන ඇති බෝම්බ ආදිය නියතයෙන්ම පාවිච්චියට ගන්නා බව. විනාශය සිදු වූ විට පමණයි අපේ නව ලෝකය ඇති වන්නේ. මෙය නාටකයේ සදාතනික ලෙස නියමිතය. හැම කෙනෙක්ම මිය යා යුතුයි. ඔබ ඔබේ පරණ ශරීර හලා දමා රජ දහනක උපත ලබන නිසා ඔබට සතුට ඇත. ඔබ නාටකය දෙස බලා සිටින්නේ නොබැඳි නිරීක‍්ෂකයින් ලෙසයි. සසල වීමේ ප්‍රශ්නයක් නැත. හඬා වැටීමේ අවශ්‍යතාවයක් ද නැත.

ඕම් ශාන්ති.
පියා මෙහි සිට ඔබ දරුවන්ගෙන් මෙසේ අසයි. ආදි සනාතන දේවි දේවතා ධර්මයට හින්දු ආගම යැයි කිව්වේ ඇයි? ඔබ ඊට පිළිතුර සෙවිය යුතුය. පළමුවෙන්ම ආදී සනාතන දේවි දේවතා ධර්මය පමණක් තිබුණි. ඉන් පසු ඔවුන් පාපයට හැරුණු විට තව දුරටත් දේවි දේවතාවුන් යැයි හැඳින්විය නොහැක. ඒ වෙනුවට ඔවුන් පටන්ගත්තේ ආදී සනාතන හින්දුවරුන් ලෙස හැඳින්වීමටයි. ආදී සනාතන කියන වචන ඔවුන් තව දුරටත් තබා ගත්තේය. දෙවි දේවතා යන නම හින්දු ආගම යැයි හැඳින්වීය. මුලින් හින්දුස්ථාන් යන නම පවා නොවීය. ඉතින් ඔබ එය තේරුම් ගත යුත්තේ ආදී සනාතන හින්දු දේවතා ආගම ලෙසයි. සාමාන්‍යයෙන් ඔවුන් යුක්ති ගරුක ජීවාත්ම සත්තාවන්ය. ඔවුන් සැම දෙනාම සනාතන ආගමේ නොවේ. පසුවී එන අය ආදී සනාතන ආගමට අයිති නොවේ. හින්දුන් අතරද පසුව එන අය සිටිය යුතුය. ඔබ ආදි සනාතන හින්දුවරුන්ට කිව යුතුයි ආදී සනාතන දේවි දේවතා ධර්මය ඔවුන්ගේ කියා. මෙසේ කියන්න ඔබ ආදී සනාතන සතෝප්‍රධාන් අයව සිට නැවත උපත් ගැනීමෙන් පසු තමෝප්‍රධාන් බවට පත් විය. ඔබ නැවත ස්මෘති වන්දනාව තුළින් සතෝප්‍රධාන් බවට පත් විය යුතුයි. ඔවුන් මේ බෙහෙතට කැමති වෙයි. ශෛල්‍ය වෛද්‍යවරයා බාබාය. කැමති අයට ඔබ මේ බෙහෙත දිය යුතුයි. ඔබ මේ බව ආදී සනාතන දේවි දේවතා ධර්මයට අයත්ව සිටි අයට මතක් කර දිය යුතුයි. දැන් ඔබට මෙය සිහිකර දෙනවා වගේම, ඔබ සතෝප්‍රධාන්ව සිට, තමෝප්‍රධාන් බවට පත් වූ ආකාරය බාබා විස්තර කර දී ඇත. ඔබ දැන් තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් බවට පත් විය යුතුව ඇත. ඔබ දරුවන් ස්මෘති වන්දනාව තුළින් සතෝප්‍රධාන් බවට පත්වෙමින් සිටී. ආදී සනාතන හින්දූන් වන අය නියම දේවි දේවතාවුන් බවට පත් වන අතර ඔවුන් දේවි දේවතාවුන් වන්දනා කරන අය බවට ද පත් වේ. එයිනුත් ශිවාගේ, ලක‍ෂ්මි නාරායන්ගේ, රාධා ක්‍රිෂ්ණාගේ සහ රාමා සීතාගේ බැතිමතුන් දේවි දේවතාවුන්ගේ බැතිමතුන් වන අතර එම වංශයට අයිති ද වේ. ඔබට දැන් මතකයි, සූර්ය වංශිකව සිටි අය චන්ද්‍ර වංශිකයන් බවට පත් වූ බව. එමනිසා, ඔබ එම බැතිමතුන් සොයාගත යුතුයි. ඔවුන් මෙහි ආ විට ඔවුන්ට පෝරමයක් පුරවන්න දී මෙය තේරුම් ගැනීමට කිව යුතුය. නියතයෙන්ම ප්‍රධාන මධ්‍යස්ථාන වල එම පෝරම මිනිසුන් ලවා පුරවා ගැනීමට තිබිය යුතුය. එවිට එන අයට මුල සිටම පාඩම දිය හැකියි. ඔවුන් පියාව නොදන්නා නිසා ඔවුන්ට විස්තර කළ යුතු ප්‍රධාන දෙය වන්නේ ඔබ ඔබගේ ජ්‍යෙෂ්ඨ පියාව නොදනී. ආදිතම ලෙස, ඔබ අයත්ව සිටියේ පාරලෞකික පියාටයි. අසීමිත පියා දෙව්ලොව නිර්මාණකයාය. එහි මේ බොහෝ ආගම් කිසිවක් නැත. ඉතින් ඒ හැම දෙයක්ම පෝරමය පිරවීම මත රඳා පවතී. සමහර දරුවන් හොඳින් විස්තර කරත් ඔවුන්ට යෝගා ඇත්තේම නැත. ඔවුන් අශරීරික වන්නේවත් පියාව සිහිකරන්නේවත් නැත. ඔවුන්ට ස්මෘතියේ රැඳී සිටිය නොහැකියි. ඔවුන් හොඳින් තේරුම් කරන බව දැන දැනත්, කෞතුකාගාර ආදිය විවෘත කළා වුවත්, ඔවුන්ට ඇත්තේ ඉතා සුළු ස්මෘතියකි. ඔබ ජිවාත්ම සත්තාවක් ලෙස සැලකීමටත් දිගටම පියාව සිහි කිරීමටත් හොඳ උත්සාහයක් අවශ්‍යය. පියා ඔබට අනතුරු ඇඟවීමක් කරයි. අන් අයගේ අදහස් වෙනස් කළ හැකි යැයි නොසිතන්න. එහි ඇති වාසිය කුමක්ද? හොඳයි ඔවුන් ස්වදර්ශන චක්‍රධාරී වූවා වුවත් කුමටද? මෙහිදී, ඔබ අශරීරික බවට පත්විය යුතුයි. වැඩ කිරීමේ දී, ඔබ ජීවාත්ම සත්තාවක් යැයි සළකන්න. ශරීරය හරහා සියලු වැඩ ගෙනයන්නේ ජීවාත්ම සත්තාවයි. මෙය හරිහැටි සිහිකළ නොහැකි අයත් මෙසේ සිතන්න නොදන්නා අයත් බුද්ධුන් (මෝඩ) ලෙස සළකයි. ඔබට පියා සිහි කිරීමටද නොහැකි වේ. ඔබට සේවය කිරීමටද ශක්තිය නැති වේ. ජීවාත්ම සත්තාවක් ස්මෘතිය නැති විට ශක්තිය ලබන්නේ කෙසේ ද? බැටරිය පිරෙන්නේ කෙසේද? ඉදිරියට යනවා වෙනුවට, ජීවාත්ම සත්තාව නැවතීමට පත්වෙද්දී, බලය ද නැති වේ. ආගම බලයයි යනුවෙන් කියැවේ. ජීවාත්ම සත්තාව මුල් ආගම තුළ ස්ථාවර වූ විට ශක්තිය ලැබේ. පියාව සිහි කරන්නේ කෙසේ දැයි නොදන්නා අය බොහෝය. මෙය ඔවුන්ගේ මුහුණු වලින් කිව හැකියි. ඔවුන් අන් හැම කෙනෙක් ම සිහිකරයි, නමුත් පියා සිහිකිරීමට නොහැකියි. යෝගා වලින් පමණි බලය ලැබෙන්නේ. ස්මෘතිය තුළින් පමණයි සතුට හා සෞඛ්‍ය ලැබෙන්නේ. ඉන්පසු ඊළඟ උපතේදී ඔබට දිලිසෙන නව ශරීර ලැබේ. ඔබ ජීවාත්ම සත්තාවන් පාරිශුද්ධියට පත් වූ කල, ඔබට පිරිසිඳු ශරීර ලැබේ. මෙසේ කියැවේ මෙම රත්‍රරන් කැරට් 24 වන අතර ඉන් හදන ආභරණද කැරට් 24 වේ. මෙකල, සියලු රත්‍රරන් කැරට් 9 කි. සතෝප්‍රධාන් වන අය කැරට් 24 රත්‍රන් යැයි කියැවෙන අතර, සතෝ අය කැරට් 22 රත්‍රරන් යැයි කියැවේ. මේවා ඉතා හොඳින් තේරුම් ගත යුතුය. පියා ඔබට මෙසේ විස්තර කරයි පළමුවෙන්ම, ඔබ ඔවුන්ට පෝරමය පිරවීමට දුන් පසු ඔබට කිව හැකියි ඔවුන්ගේ ප්‍රතිචාරය ගැනත්, ඔවුන් කොපමණ උකහා ගනීද යන්න ගැනත්. ඊට පසුත් මෙය එයි ඔවුන් ස්මෘති වන්දනාවේ යෙදේද? ඔබ තමෝප්‍රධාන් වලින් සතෝප්‍රධාන් වන්නේ ස්මෘති වන්දනාව තුළිනි. අන් ඒවා භක්තියේ භෞතික වන්දනා ගමන් වන අතර මෙය ආධ්‍යාත්මික වන්දනා ගමනයි. මෙහිදී වන්දනාවේ යන්නේ ජීවාත්ම සත්තාව වන අතර අනෙක් වන්දනා ගමන් වල ජීවාත්මයත් ශරීරයත් දෙකම යයි. පාරිශුද්ධකරුවා වන පියා සිහිකිරීමෙන්, ජීවාත්ම සත්තාව එම දිලිසීම ලබයි. ශිෂ්‍යයෙකුට එම දිස්නය ලැබෙන්න ඇති විට බාබා ඇතැම් විට ඇතැම් අයට ඇතුල්වේ. මවත් පියාත් ඇතැම් විට ඥානයෙදීත් ඇතැම් විට යෝගයේදීත් උදව් කරයි. පියා සැම විටම අශරීරිකයි. ඔහුට ශරීරය ගැන සිහියක් නොමැත. ඒ නිසා පියාට ඥානයේත් යෝගයේත් දෙකේම උදව්ව ඔබට දිය හැකියි. ඔබට යෝගා නැති නම්, එම ශක්තිය ලැබෙන්නේ කෙසේද? කෙනෙක් යෝගීද ග්‍යානීද කියා තේරුම් ගත හැකියි. බාබා දවසින් දවස යෝගා ගැන අළුත් අළුත් දේ කියා දේ. කලින් ඔහු මෙසේ විස්තර නොකළේය. ඔබ ජීවාත්මයක් ලෙස සළකමින් පියාව සිහිකරන්න. බාබා දැන් ඔබට සහෝදරයින් සහෝදරියන් යන නෑකම ද ඉවත් කර සහෝදරත්වයේ දැක්මම දෙමින් ඔබ බලවත් ලෙස ඔසවා තබයි. ජීවාත්ම සත්තාවන් වන අප සොයුරන්ය. මෙය ඉතා උසස් දැක්මයි. මෙම උත්සාහය අවසානය තෙක්ම දිගටම තිබිය යුතුය. ඔබ සතෝප්‍රධාන් බවට පත් වූ විට, ශරීරය හලයි. ඒ නිසා ඔබේ උත්සාහය හැකිතාක් වැඩි කරන්න. මෙය වයසක අයටද බොහෝ පහසුය. අපි දැන් නියතයෙන්ම නැවත ගෙදර යා යුතුයි. තරුණ අයට එවැනි සිතිවිලි ඇති නොවේ. වයසක අය විශ්‍රාම තත්ත්වයේ සිටී. ආපසු ගෙදර යා යුතු බවද තේරෙයි. ඉතින්, ඔබ ඥානයේ මේ සියලු කරුණු තේරුම් ගත යුතුව ඇත. වෘක‍්ෂය දිගටම වැඩේ. එය වැඩෙන විට මුලු ගසම සූදානම් බවට පත්වේ. කටු වෙනස් වී කුඩා මල් ගසක් නිර්මාණය වේ. එය අළුත් වී නැවතත් පරණ ද වේ. පළමුවෙන්, ගස කුඩා වන අතර එය දිගටම වැඩේ. එය වැඩීමෙන් පසු අවසානයේ දී කටු ද හැදේ. පළමුවෙන් මල් ඇත, නමම දෙව්ලොවයි. ඉන්පසුව එම සුවඳ සහ ශක්තිය තව දුරටත් නොතිබේ. කටු වල සුවඳ නැත. සාමාන්‍ය මල් ද එතරම් සුවඳ නැත. පියා උද්‍යාන හිමිකරුවා මෙන්ම තොටියා ද වෙයි. ඔහු හැමගේම බෝට්ටුව ගොඩ දමයි. ඥානවන්ත අර්ථවත් දරුවන් ඔවුන් කෙසේ ගෙනයයිද කොහේ ගෙන යයිද යන්න තේරුම් ගතහැකි අයයි. තේරුම් නොගන්නා අය උත්සාහ දරන්නේ ද නැත. එය අනුපිළිවෙලිනි. සමහර අහස් යානා ශබ්දයටද වඩා වේගයෙන් යයි. ජීවාත්ම සත්තාව පියාඹන හැටි කිසිවෙක් නොදනී. ජීවාත්ම සත්තාවක් රොකට්ටුවකට ද වඩා වේගයෙන් පියාඹයි. ජීවාත්ම සත්තාවක් තරම් වෙන කිසිවක් වේගවත් නැත. ඔවුන් රොකට්ටුවක වේගය වැඩි කිරීමට හොඳ ඉන්ධන දමයි. ඔවුන් විනාශය සඳහා බොහෝ අවි ආයුධ සූදානම් කර ඇත. ඔවුන් නැව් වල සහ අහස් යානා වල බෝම්බ ද ගෙන යයි. මෙකළ, ඔවුන් කල්තියාම සියලු දේ ලෑස්ති කර ඇත. ඔවුන් පුවත්පත් වල මෙසේ ලියයි මෙම බෝම්බ පාවිච්චි නොකරාවි යැයි කිව නොහැක. ඔවුන් දිගටම කියන්නේ ඔවුන්ට එම බෝම්බ පාවිච්චි කළ හැකි බවයි. මේ සියල්ල දැන් ලෑස්ති කර ඇත. විනාශය නියතයෙන්ම සිදුවේ. බෝම්බ පාවිච්චියත්, විනාශයත් නොසිදුවී නොතිබේ. ඔබට නව ලෝකයක් නියතයෙන් ම අවශ්‍යයි. මෙය නාටකයේ නියමිතයි. ඒ නිසයි ඔබ බොහෝ සතුටු විය යුත්තේ. මෙසේ කියැවේ. ගොදුරට මරණය සහ දඩයක්කරුට සතුට. නාටකයට අනූව හැම කෙනෙක් ම මියයයි. ඔබ දරුවන්ට නාටකය පිළිබඳ ඥානය තිබෙන නිසා, සැලීමෙන් තොරව සියල්ල දෙස නොබැඳි නිරීක‍්ෂකයෙක් ලෙස බලයි. අඬාවැටීමට හේතුවක් නැත. හැම කෙනෙක් ම ඔවුන්ගේ වෙලාවට ශරීරය අත්හරියි. ඔබ ජීවාත්මයන් දන්නවා ඔබේ ඊළඟ උපත රජ දහනේ ගන්නා බව. මම කුමාරයෙක් බවට පත්වෙමි. ජීවාත්මය මෙය දන්නා නිසා ශරීරයක් අතහැර තවත් ශරීරයක් ගනී. සර්පයෙකුට ද ආත්මයක් ඇත. මෙසේ කියයි මම එක හමක් අතහැර තව එකක් ගනිමි, එම ශරීරයත් අතහැර ඌ නැවත ළදරු සර්පයෙක් වේ. දරුවන් ද උපත් ගනී. හැමකෙක්ම නැවත ඉපදිය යුතුයි. මේ සියල්ල මතගා බැලිය යුතුයි. ප්‍රධානම දේ වන්නේ දැඩි සෙනෙහසින් පියා ව සිහිකිරීමයි. දරුවන් මවට හා පියාගේ එල්ලෙන්නා සේ, ඔබ ජීවාත්ම සත්තාවන් ද බුද්ධි යෝගය මඟින් තදින්ම පියාගේ එල්ලී සිටිය යුතුයි. ඔබ කොතරම් දුරට ඥානය උකහා ගන්නවා දැයි නැවත පරීක‍ෂා කළ යුතුයි. නාරද්ගේ උදාහරණය ඇත. බැතිමතුන් ඥානය ගන්නා තෙක් දේවතාවුන් විය නොහැකියි. එය ලක‍ෂ්මි විවාහ කර ගැනීමේ ප්‍රශ්නයක් නොවේ, තේරුම් ගැනීමේ ප්‍රශ්නයකි. ඔබ දරුවන් දන්නවා ඔබ සතෝප්‍රධාන් ව සිටිය දී මුළු ලොවම පාලනය කළ බව. ඔබ නැවත සතෝප්‍රධාන් වීම සඳහා පියාව සිහිකළ යුතුයි. ඔබ හැම චක්‍රයක් පාසාම නියම බලය එකතු කර ගැනීම සඳහා නියම යෝගාව ලැබීමට උත්සාහ කර ඇත. ඔබ හැමකෙනෙකුටම තේරුම් ගත හැකියි, කොපමණ දුරට අන් අයට විස්තර කළ හැකිද සහ කොපමණ දුරට ශරීර අවධානයෙන් මිදි සිටිනවා ද කියා. මා ජීවාත්ම සත්තාව එක ශරීරයක් අතහැර තව එකක් ගනී. මා ජිවාත්ම සත්තාව ශරීරය තුළින් වැඩ කරයි. මේවා මගේ අඟපසඟය. අපි සැවොම තම කොටස රඟපාන නළුවන්ය. මෙය අසීමිත නාටකයේ විශාල රඟපෑමකි. මෙම නාටකයේ සියලුම නළුවන් ඇත්තේ අනුපිළිවෙලිනි. මෙහි ප්‍රධාන නළුවන් කවුදැයි, පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ශ්‍රේණි ආදිය තේරුම් ගත හැකියි. ඔබ දරුවන් පියාගෙන් නාටකයේ මුල, මැද, අග දැන සිටී. ඔබ නිර්මාණකයාගෙන් නිර්මාණය ගැන ඥානය ලබයි. මේ ඔහු ඇතුල්වූ ඔහුගේ රථයයි. ඒ නිසා ඔබ කියන්නේ මොහු තුළ ජීවාත්ම සත්තාවන් දෙකක් ඇත කියාය. වෙන්වී ගිය ජීවාත්ම සත්තාවක් ගෙන්වාගෙන ආවායින් පසු ඔහුට කෑම පිළිගැන්වීම සාමාන්‍ය දෙයකි. කලින් මෙවැනි බොහෝ අය පැමිණි අතර විවිධ ප්‍රශ්නද ඇසීය. දැන් ඔවුන් තමෝප්‍රධාන් බවට පත් වී ඇත. දැන් පවා, සමහර අයට ඔවුන්ගේ කලින් උපත ගැනත් ඔවුන් කවුරුන්ව සිටියාද ගැනත් කිව හැකියි. කිසිවකුට අනාගතය ගැන කිව නොහැක. ඔවුන්ට කිව හැක්කේ අතීතය ගැන පමණි. මෙහිදී හැම කෙනාම විශ්වාසදායක නොවේ. බාබා මෙසේ කියයි සුමිහිරි දරුවනි, දැන් ඔබ නිහඬව සිටිය යුතුව ඇත. ඔබ ඥානයෙන් සහ යෝගාවෙන් ශක්තිමත් වූ විට, ඉතා ස්ථාවර සහ ශක්තිමත් වේ. මේ මොහොතේ දී නම් ඔබ බොහෝ දරුවන් අහිංසකය. කිසිවක් නොදනී. භාරතයේ වැසියන්ව සිටි දෙවි දේවතාවුන් ඉතා ශක්තිමත්ය. ඔවුන් ධනයෙන් පිරී ඉතිරී ගොස් සිටියහ. දැන් ඔවුන් හිස් වී ඇත. ඔවුන් ණය නැතිව සිටි අතර ඔබ ණයකාරයින් බවට පත් වී ඇත. ඔබ දන්නවා භාරතය තිබුණු සැටිත්, දැන් පත්වී ඇති තත්ත්වයත්. ධාන්‍ය, ධනය හෝ කිසිවක් නොමැති නිසා මිනිසුන් නිරාහාරව මියයයි. ඇතැම් ස්ථාන වල දිගටම ජල ගැලීම් ඇති අතර අන් තැන් වල දිය බිඳක් වත් නැති වේ. මෙකල, ඇත්තේ දුක් වලාකුළුය. ස්වර්ණමය යුගයේ දී, සතුටු වලාවන් තිබෙනු ඇත. ඔබ දරුවන් පමණයි මෙම රඟපෑම ගැන දන්නේ. වෙන කිසිවෙක් දන්නේ නැත. පදක්කම භාවිත කරමින් මෙසේ ඉතා හොඳින් විස්තර කළ හැකියි එක්කෙනෙක් සීමිත භෞතික පියා වන අතර එම කෙනා පාරලෞකිකව සිට එන අසීමිත පියාය. එකවරකින් පමණක්, මෙම සංගම් යුගයේ දී පියා ඔබට අසීමිත උරුමය දෙමින් නව ලෝකය නිමවයි. මෙය කලියුග ලෝකය වන අතර එය නියතයෙන්ම ස්වර්ණමය යුග තත්ත්වයට පැමිණෙනු ඇත. ඔබ දැන් සිටින්නේ සංගම යුගයේය. ඔබේ හදවත පිරිසිඳු නම්, ඔබේ අභිලාශයන් සපිරේ. සැම දිනකම ඔබෙන් මෙසේ අසන්න මා යම් නරක දෙයක් කළාද? කවුරු හෝ ගැන මා පාපකාරී සිතිවිල්ලක් ගත්තාද? මා කවුදැයි දැනගෙන කුල්මත්ව සිටියාද, නැත්නම් ඕපාදූප වලින් මා කාලය නාස්ති කළාද? පියාගේ අණ මෙසේය මා පමණක්ම සිහිකරන්න! ඔබට ස්මෘතිය නොමැති නම්, ඔබ පියාට අකීකරු වෙමින් සිටී. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.


ධාරණය සඳහා සාරාංශය:
1. ඥානයේ සහ යෝගයේ කුල්මත්ව සිටීමෙන් ඔබේ හදවත පිරිසිඳුව තබා ගන්න. ඔබේ කාලය නිෂ්ඵල සිතිවිලි වලින් හා ඕපාදූප වලින් අපතේ නොහරින්න.

2. අප ජීවාත්ම සත්තාවන් සොයුරන්ය, අප දැන් ගෙදර යා යුතුව ඇත. මෙය ස්ථීර ලෙසම පුහුණු කරන්න. අශරීරික බවට පත් වී, ඔබේ මුල් ආගම තුළ ස්ථාවර වී පියාව සිහි කරන්න.

වරදානය:
ඔබ, ඔබට අපහාස කරන අයව ඉහළ නංවන සහ ඔවුන්ට කිසිදු හානියක් සිදු කිරීමේ සිතිවිලි අවසන් කරන, දැනුමැති ජීවාත්මයක් වේවා.

කෙනෙක් ඔබට අපහාස කළත්, ඔබට හානි සිදුකර දිනපතාම නින්දා කළත්, එම කෙනා කෙරෙහි ඔබගේ සිතේ කිසිදු අකමැත්තේ හැඟීම් තබා නොගන්න. දැනුමැති ජීවාත්මයන්ගේ කාර්යය වන්නේ ඔබට අපහාස කරන අයව ඉහළ නැංවීමයි. ඔය දරුවන් උපත් 63ක් පියාට අපහාස කළ නමුත් පියා ඔබ දෙස බැලූවේ, සෙත සැලසීමේ ද්‍රිෂ්ඨියකින්. එබැවින් පියා අනුගමනය කරන්න. දැනුමැති ජීවාත්මයක් යනු, සියලු දෙනා කෙරෙහි සෙත සැලසීමේ හැඟීම් තිබීමයි. හානියක් සිදුකිරීමේ සුළු හෝ සිතිවිල්ලක් නොතිබිය යුතුයි.

පාඨය:
ඔබව මන්මනාභව ස්ථීතියේ ස්ථාවර කරගන්න, එවිට ඔබට අන් අයගේ සිත්වල චේතනා දැන ගැනීමට හැකි වෙයි.