02.02.20     Morning   Sinhala    Murli    18.11.85   Om Shanti      BapDada   Madhuban



                                       දෙවියන්ගේ භාග්‍යවන්ත දරුවන්ගේ ලක‍්ෂණ.


බාප්දාදා සියලුම දරුවන්ගේ නළලේ භාග්‍යයේ රේඛා දකිනවා. ඔය සෑම දරුවෙකුගේම නළලේ භාග්‍යයේ රේඛා තිබෙන නමුත්, සමහර දරුවන්ගේ රේඛා පැහැදිලිව තිබෙන අතර අනෙක් අයගේ රේඛා, ඔබ දෙවි පියාණන්ට අයත් වූ දා සිට පැහැදිලි වී නැත. දෙවියන් යනු, භාග්‍යය පිරිනමන්නා, දෙවියන් යනු පිරිනමන්නාය. මේ නිසා, ඔබ දරුවන් වූ විට, ඔබ සියලු දෙනාටම භාග්‍යය හිමිකර ගැනීමට අනිවාර්යෙන් අයිතියක් ලැබෙනවා, එනම්, ඔබගේ උරුමයට. කෙසේවෙතත්, ඔබට ලැබී ඇති උරුමය ඔබගේ ජීවිතයේ භාවිත කිරීමේදී ඔබ අංකානුරූප වනවා ... එය සේවය සඳහා භාවිත කර, එය ශ්‍රේෂ්ඨ සහ පැහැදිලි කරගැනීම. මෙයට හේතුව වන්නේ, ඔබගේ භාග්‍යය, ඔබ තමන් වෙනුවෙන් සහ සේවය වෙනුවෙන් වැඩියෙන් භාවිත කරන තරමට, එය වඩාත් වැඩි වෙයි, එනම් රේඛාව වඩාත් පැහැදිලි වෙයි. පියා, එම එකම කෙනා වන අතර ඔහු සියලු දෙනාටම ලබා දෙන්නේ එකම දේය. පියා භාග්‍යය අංක පිළිවෙලට බෙදා දෙන්නේ නැහැ, නමුත් තම භාග්‍යය නිර්මාණය කර ගන්නා අය, එනම් භාග්‍යවන්ත වීමට යන අය අංකානුරූප වන්නේ, ඔවුන් එතරම් ශ්‍රේෂ්ඨ භාග්‍යය ලබාගන්නේ ඔවුන්ගේ ධාරිතාවයට අනුව පමණක් බැවින්. මේ නිසයි, ඇතැමුන්ගේ රේඛා පැහැදිලි වන නමුත් ඇතැමුන්ගේ එය එතරම් පැහැදිලි නොවන්නේ. පැහැදිලි රේඛාවක් ඇති දරුවන්, ඔවුන් කරන සෑම ක්‍රියාවකදීම තමන් භාග්‍යවන්ත බව අත්විඳියි. මෙයට අමතරව, ඔවුන්ගේ මුහුණු වලින් සහ ක්‍රියාකාරකම් වලින් අන් අයත් ඔවුන්ගේ භාග්‍යය අත්දකියි. මෙතරම් භාග්‍යවන්ත දරුවන් දකින වෙනත් අය, සිතන්නේ සහ පවසන්නේ මේ ජීවාත්ම ඉතාම භාග්‍යවන්තයි - ඔවුන්ගේ භාග්‍යය සෑම විටම ශ්‍රේෂ්ඨයි. තමන්ගෙන් විමසන්න මා භගවාන්ගේ (භාග්‍යය සාදන්නා වන දෙවියන්ගේ) දරුවෙක් බව අත්විඳිනවාද, එනම්, මා කරන සෑම දේකින්ම භාග්‍යවාන්ද? (භාග්‍යවන්තද?) භාග්‍යය ඔබගේ උරුමයයි. ඔබගේ උරුමය නොලැබීම සිදුවිය නොහැක්කක්. ඔබගේ උරුමය ලෙසින් ඔබගේ භාග්‍යය ඔබ අත්දකිනවාද? නැත්නම් ඔබ වෙහෙස වී වැඩ කළ යුතුද? උරුමයක් ලැබෙන්නේ පහසුවෙන් ඒ සඳහා වෙහෙස වී වැඩ කිරීමට අවශ්‍ය නොවෙයි. ලෝකයේ වුවද, දරුවෙකුට තම පියාගේ සම්පත් වලට සහ උරුමයට ඉබේටම අයිතියක් හිමිවෙයි, එමෙන්ම ඔහුට තම පියාගේ උරුමය ලැබී ඇති බවට එම කුල්මත් බව තිබේ. ඔබට එවන් භාග්‍යය ගැන කුල්මත් බවක් තිබෙනවාද, නැත්නම් එය ඉහළ නැඟ පසුව නැවතත් පහළට වැටෙයිද? ඔබට අවිනාශී උරුමය තිබේ, එබැවින් ඔබට බොහෝ කුල්මත් බවක් තිබිය යුතුයි! එක් උපතකට පමණක් නොවෙයි, නමුත් ඔබගේ ජන්ම අයිතිය ලෙසින් ඔබට බොහෝ උපත් ගණනාවක භාග්‍යය තිබේ. ඔබ මේ ගැන විශාල දීප්තියකින් කතා කරයි. ඔබගේ දිස්වන භාග්‍යයේ දීප්තිය අන් අය සෑම විටම දැකිය යුතුයි. ඔබට දීප්තිය මෙන්ම ආධ්‍යාත්මික කුල්මත් බව යන දෙකම තිබෙනවාද? එය යටපත් වෙලාද නැත්නම් එය ඉස්මතු වී තිබෙනවාද? භාග්‍යවන්ත ජීවාත්මයකගේ ලක‍්ෂණය වන්නේ එම භාග්‍යවන්ත ජීවය නිරන්තරයෙන් ඇකයක රැකවරණය ලබයි, ඔහු පලසක් මත ඇවිදියි, ඔහු ඔංචිල්ලාවල නැළවෙයි, එමෙන්ම මඩේ පය නොතබයි. එවන් ජීවාත්මයකගේ දෙපා කිසිම විටෙක අපිරිසිඳු වන්නේ නැහැ. ඒ මිනිසුන් පලස් මත ඇවිදින අතර ඔබ ඔබගේ බුද්ධියේ දෙපය පොළොවේ තබනවා වෙනුවට, එය සුරංගනාවන්ගේ ලෝකයේ තබයි. ඔබගේ බුද්ධියේ දෙපා ඔබ මෙම පැරණි දුහුවිලි ලෝකයේ තබන්නේ නැහැ, එනම්, ඔබගේ බුද්ධියට අපිරිසිඳු වීමට ඔබ ඉඩ නොදෙයි. භාග්‍යවන්ත අය මැටියෙන් තැනූ සෙල්ලම් බඩු සමග ක්‍රීඩා නොකරයි ඔවුන් සෑම විටම ක්‍රීඩා කරන්නේ මැණික් සමඟයි. භාග්‍යවන්ත ජීව නිරන්තරයෙන් පිරි සිටියි. මේ නිසයි ඔවුන්ට සෑම විටම සම්පූර්ණයෙන්ම සියලු ආශාවන් ගැන නොදැනුවත් වීමේ ස්ථීතිය තිබෙන්නේ. භාග්‍යවන්ත ජීවාත්මයක්, නිරන්තර මහා දානපතියෙක් සහ පුණ්‍යාත්මයක් වී, නොකඩවා අන් අයගේ භාග්‍යය නිර්මාණය කරයි. භාග්‍යවන්ත ජීවාත්මයකට සෑම විටම තම කිරුළ, සිහසුන සහ තිලකය තිබේ. භාග්‍යවන්ත ජීවයකට භාග්‍යයට අයිතියක් තිබෙන තරමටම ඔහු අත්හරින්නෙක්. අත්හැරීම, භාග්‍යයේ ලක‍්ෂණයකි. අත්හැරීම, ඔබගේ භාග්‍යය ඉතා පැහැදිලි කරවයි. භාග්‍යවන්ත ජීවාත්මයක් සෑම විටම දෙවියන්ට සමානයි අශාරීරිකයි, නිරහංකාරී සහ පාපයෙන් තොරයි. එවන් ජීවාත්මයක් නිරතුරුවම මෙම සුදුසුකම් තුනෙන්ම පිරි සිටියි. ඔබ මෙම සියලුම ලක‍්ෂණ තමන් තුළ අත්විඳිනවාද? ඔබ භාග්‍යවන්ත අයගේ ලැයිස්තුවේ සිටිනවා නේද? කෙසේ නමුත්, ඔබගේ ධාරිතාවයට අනුව පමණක්ද, නැතහොත් ඔබ සියලු බලයන්ගෙන් පිරී සිටිනවාද? ඔබ අධිපතියන් නේද? පියාගේ ප්‍රශංසාවේ, ඔබ කිසි විටෙක ඔහු ධාරිතාවයට අනුව බව හෝ අංකානුරූප බව ඔබ පවසන්නේ නැහැ ඔබ පවසන්නේ ඔහු සෑම විටම සියලු බලයන්ගෙන් පිරි ඇති බවයි. ඔබ මාස්ටර් සර්ව බලධාරීන්, සියලු බල ඇති අය නම්, එවිට ඔබ ධාරිතාවයට අනුව, වන්නේ ඇයි? ඔබ නිරන්තරයෙන් සියලු බල ඇති අයයි. ධාරිතාවයට අනුව යන වචන වෙනස් කර, සෑම විටම සියලු බලයන්ගෙන් පිරුණු අය වී, අන් අයවත් එයට සමාන කරවන්න. ඔබට වැටහෙනවාද?

පැමිණ සිටින්නේ කුමන කලාපද? ඔබ සියලු දෙනාම ආශිර්වාද ලත් භූමියට ලඟා වී ඇති අතර ඔබගේ ඒප්‍රන ආශිර්වාද වලින් පුරවා ගන්නවා නේද? ආශිර්වාද ලත් භූමියේ සෑම ක්‍රියාකාරකමක් සහ ක්‍රියාවක්ම විශේෂ ආශිර්වාදයකින් පිරි තිබේ. ඔබ මෙම යග්‍යාවේ භූමියට පැමිණි විට, ඔබ එළවළු කැපුවත්, ධාන්‍ය පිරිසිඳු කළත්, මේවාද යග්‍යාවේ සේවයේ ආශිර්වාද වලින් පිරි තිබේ. නිදසුනක් ලෙස මිනිසුන් වන්දනා ගමනක යන විට, ඔවුන් දේවාලය පිරිසිඳු කිරීම විශාල පුණ්‍ය ක්‍රියාවක් බව සලකයි. මෙම ශ්‍රේෂ්ඨ වන්දනා ස්ථානයේ, හෝ මෙම ආශිර්වාද ලත් භූමියේ, සෑම ක්‍රියාවක් සහ පියවරක්ම ආශිර්වාද වලින් පමණක්ම පිරී තිබේ. ඔබගේ ඒප්‍රන ඔබ කෙතරම් පුරවාගෙන තිබෙනවාද? ඔබ ආපසු යන්නේ ඔබගේ ඒප්‍රන මුළුමනින්ම පුරවාගෙනද නැත්නම් ඔබගේ ධාරිතාවයට අනුව පමණක් පුරවාගෙනද? ඔබ කොහේ සිට පැමිණියත් ඔබ සියලු දෙනාම පැමිණ ඇත්තේ මේලාව සැමරීමටයි. මධුබාන් වලදි එක සිතිවිල්ලක් හෝ එක තත්පරයක්වත් අපතේ නොහරින්න. මෙහිදි බලවත් වීමේ ඔබගේ පුහුණුව, ඔබගේම ස්ථාන වලදි ඔබට උපකාරී වෙයි. ඉගෙනුම සහ පවුල මෙම ඉගෙනුමෙන් ප්‍රයෝජන ගන්න එමෙන්ම පවුල පිළිබඳව විශේෂ අත්දැකීමක්ද ලබා ගන්න. ඔබට වැටහෙනවාද?

ආශිර්වාද පිරනමන්නන් සහ මහා දානපතියන් වීම ගැන බාප්දාදා සියලුම කලාප වල අයට සුබ පැතුම් ලබා දෙනවා. මිනිසුන්ගේ උත්සවය දැන් අවසන් වී ඇති අතර ඔබට නිරතුරුවම උද්යෝගයෙන් පිරි උත්සවයක් තිබේ. ඔබට නිරන්තරයෙන් ශ්‍රේෂ්ඨ දවසක් තිබේ. මේ නිසයි ඔබට දිනපතාම සුබ පැතුම්, කිසිවක් නොව සුබ පැතුම්ම පමණක් තිබෙන්නේ. මහාරාෂ්ට්‍රා කෙබඳුද යත්, ඔබ ශ්‍රේෂ්ඨ වී, සෑම විටම අන් අයව ශ්‍රේෂ්ඨ කිරීමට තම ඒප්‍රන පුරවාගනී. කර්නාටක වල අය සෑම විටම සිටින්නේ ප්‍රබෝදමත්ව. ඔබගේ ප්‍රබෝදමත් මුහුණු වලින් අන් අයවත් ප්‍රබෝදමත් කරවන්න. නොකඩවා ඔබගේ ඒප්‍රන පුරවාගන්න. යූපී වල අය කරන්නේ කුමක්ද? ඔබ සෑම විටම සිසිල් ගඟුලැලි මෙන් සිසිලසේ ආශිර්වාද ලබා දෙයි, සිසිලසේ දෙවඟනන් වී අන් අයවත් සිසිලසේ දෙවඟනන් කරවන්න. එම සිසිලසින්, සෑම විටම සියලු දෙනාගෙන් සෑම ආකාරයක දුක නොකඩවා ඉවත් කරන්න. ඔවුන්ගේ ඒප්‍රන එවන් ආශිර්වාද වලින් පුරවාලන්න. අච්චා.

නිරන්තරයෙන් පැහැදිලි ශ්‍රේෂ්ඨ භාග්‍යයේ රේඛා ඇති අයට, පියා මෙන් නිරතුරුවම සියලු බලයන්ගෙන් පිරී සිටින අයට, පරිසමාප්ත ස්ථීතියේ ස්ථාවරව රැඳී සිටින අයට, නිරන්තරයෙන් දේවමය දිස්නයක් ඇති සහ තම භාග්‍යයේ ආධ්‍යාත්මික කුල්මත් බව පවත්වා ගන්නා අයට, තම සෑම ක්‍රියාවකින්ම භාග්‍යවන්ත වී, අන් අයට තම භාග්‍යයේ උරුමය හිමි කර ගැනීමට මඟ පාදන අයට, එවන් ශ්‍රේෂ්ඨ භාග්‍යවන්ත මාස්ටර් දේව දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, සිහිකිරීම සහ නමස්කාරය. අච්චා.

අව්‍යක්ත් බාපාද්දා ජ්‍යෙෂ්ඨ දාදීන් මුණගැසෙමින්
ආරම්භයේ සිට මේ දක්වා බාබා සමග එකට පැමිණි සියලු දෙනාගේ විශේෂත්වය වන්නේ, බ්‍රහ්ම පියා සෑම ක්‍රියාවක්ම අත්දැක ඇති සේ, එමෙන්ම එම අත්දැකීම් වල අධිකාරිත්වයෙන් රාජධානියේ අධිකාරිත්වය හිමි කරගන්නා ආකාරයෙන්ම, දීර්ඝ කාලයක් පුරා, ඔය සියලු දෙනාගේ සියලු ආකාරයේ අත්දැකීම් වල අධිකාරිත්වය නිසා, ඔබ දීර්ඝ කාලයකට රාජධානියේ අධිකාරිත්වයට සහකරුවන් වෙයි. ඔබ සියලු දෙනාම, ආරම්භයේ සිටම, ඔවුන්ව කොහේ අසුන් ගැන්වූවත්, කෙසේ ගමන් කරවූවත්, ඔවුන් ඒ අනුවම ගමන් කර, ආපසු පියා සමග යන බව සිතූ අයයි. එබැවින් එකට ආපසු යාමේ ප්‍රථම පොරොන්දුව බාප්දාදාට ඉටු කිරීමට සිදුවෙයි. එමෙන්ම ඔබ බ්‍රහ්ම පියා සමග සිටීයි. ඔබ රාජධානිය පාලනය කිරීමේ මෙන්ම භක්ති මාර්ගයේද ඔහු සමග සිටිවි. මෙකල ඔබගේ බුද්ධිය තුළ නිරන්තර ඇසුර තිබෙන තරමට අනුව, ඔබ රාජධානියේ නිරන්තරයෙන් ඔහු සමග හිඳිවි. ඔබ දැන් ටිකක් දුරස්ථ නම්, එවිට ඇතැම් උපත් වලදි ඔබ ඈත්ව සිටින අතර තවත් උපත්වල සමීපව සිටිවි. කෙසේවෙතත්, තම බුද්ධියෙන් නිරන්තරයෙන් පියා සමග සිටින අය, එහිදීද ඔහු සමග එකට සිටීවි. ශාරීරික ස්වරූපයෙන් ඔබ සියලු දෙනාම වසර 14ක් එකට සිටි අතර සංගම යුගයේ වසර 14ක් බොහෝ වසර ගණනාවකට සමානයි. ඔබ සංගම යුගයේ ශාරීරික ස්වරූපය සමග බොහෝ කාලයක් එකට සිටියා එයත් විශාල භාග්‍යයකි. ඔබගේ බුද්ධියෙන් ඔබ ඉන්නේ පියා සමඟයි, නිවහනේ ඔබ සිටින්නේ ඔහු සමඟයි, එමෙන්ම ඔබ ඔහුත් සමඟ රාජධානියේ හිඳිවී. සිහසුන මත අසුන්ගන්න අය සිටින්නේ ටික දෙනෙක් පමණක් වන නමුත් ඔවුන් රාජකීය පවුලේ අය සමග සමීප සබැඳියාවක සිටීමේ සහ මුළු දවසේ කාලසටහන තුළ, ඔවුන් අනිවාර්යෙන් චරිත කොටසක් රඟදක්වයි. ආරම්භයේ සිට පියා සමඟ සිටීමේ පොරොන්දුව මුළු කල්පය පුරාම පැවතෙයි. භක්ති මාර්ගයේද ඔබ දීර්ඝ කාලයක් එකට සිටීවි. අවසන් උපතෙදී සමහරු ටිකක් දුරස්ථව සිටින අතර සමහරු සමීපව සිටින නමුත්, ඔබ එක් හෝ වෙනත් ස්වරූපයකින් මුළු කල්පය පුරාවටම ඔහු සමඟ එකට සිටීවි. ඔබ එවන් පොරොන්දුවක් වී තිබෙනවා නේද? එබැවින් මිනිසුන් ඔබව දකින්නේ කුමන ද්‍රිෂ්ඨියකින්ද? පියාගේ ස්වරූපයෙන් ! භක්ති මාර්ගයේ මෙය හැඳින්වෙන්නේ, මේ සියල්ල දෙවියන්ගේ ස්වරූපයි. මෙයට හේතුව, ඔබ පියාට සමාන වන නිසයි. ඔබගේ ස්වරූප තුළින් පියාව දිස්වෙයි, ඔබ පියාගේ ස්වරූප බව ඔවුන් පවසන්නේ මේ නිසයි. පියා සමඟ එකට සිටින අයගේ විශේෂත්වය මෙය වෙයි. අන් අය ඔබව දකින විට ඔවුන්ට පියාව සිහිවෙයි ඔවුන්ට පුද්ගලයාව සිහි නොවෙයි, නමුත් ඔවුන්ට පියා සිහිවෙයි. ඔබගෙන් පියාගේ චරිතය, පියාගේ ද්‍රිෂ්ඨිය සහ පියාගේ ක්‍රියා අත්විඳිනු ඇත. ඔබව දිස් නොවනු ඇත, නමුත් පියාගේ ක්‍රියා සහ ඔහුගේ ද්‍රිෂ්ඨිය ඔබගෙන් අත්විඳිනු ඇත. සමාන, විශේෂ ආදරණීය දරුවන්ගේ විශේෂත්වය මෙයයි. ඔබ සියලු දෙනාම ඒ වගෙයි, එහෙම නේද? අන් අය ඔබ තුළ සිරගත වන්නේ නැහැ නේද? ඔවුන්, අහවලා ඉතා හොඳයි යැයි පවසන්නේ නැහැ නේද නැහැ. පියා අහවලාව හොඳ බවට පත් කර ඇත. ඔවුන්ට ඔබගේ මාර්ගයෙන් පියාගේ ද්‍රිෂ්ඨි සහ පියාගේ පෝෂණය ලැබෙයි. ඔවුන් ඔබගෙන් පියාගේ ශ්‍රේෂ්ඨ වදන් වලට සවන් දෙයි. ඔබගේ විශේෂත්වය මෙයයි. මෙය සෙනෙහසින් යුතු වන අතරම නොබැඳී සිටීම ලෙස හැඳින්වෙයි. ඔබ, සියලු දෙනාගේ සෙනෙහසට බඳුන් වනවා ඇති නමුත් අන් අයව සිර කරන කෙනෙක් නොවන්න. ඔවුන් පියා සිහි කරනවා වෙනුවට ඔබව සිහි කිරීම සිදු නොවිය යුතුයි. පියාගෙන් බලය ලබා ගැනීමට හෝ පියාගේ ශ්‍රේෂ්ඨ වදන් වලට සවන් දීමට, ඔවුන් ඔබව සිහි කිරීම සිදු නොවිය යුතුයි. මෙය, සෙනෙහසින් යුතු වන අතර නොබැඳී සිටීම ලෙස හැඳින්වෙයි. මෙය, එවන් කණ්ඩායමක් නේද? ශාරීරික ස්වරූපයෙන් පෝෂණය ලබා ගැනීමට යම් විශේෂත්වයක් තිබෙන්නට ඇති, එහෙම නේද? ඔවුන් ඔබ වෙතට පැමිණෙන විට, ඔවුන් විමසන්නේ කුමක්ද? පියා කළේ කුමක්ද? ඔහුගේ පැවතුම් කෙසේ වීද? ඔබට සිහි වන්නේ මෙය නේද? ඔබ විශේෂ ජීවාත්මයි. මෙය දිව්‍යමය එකමුතුව ලෙස හැඳින්වෙයි. ඔවුන්ට දිව්‍යමය ගැන සිහි කර දීම තුළින් ඔබ ඔවුන්ව දිව්‍යමය කරවයි, මේ නිසයි දිව්‍යමය එකමුතුව තිබෙන්නේ. (කණ්ඩායම, දිව්‍යමය එකමුතුව ලෙස නම් කෙරුණි). ඔබ වසර 50ක් අවිනාශී ලෙස රැඳී සිට ඇත, එබැවින් අවිනාශී වීම ගැන ශුභාශිංසන. බොහෝ දෙනෙක් පැමිණ බොහෝ දෙනෙක් සංචාරයක ගියා (බාබාව හැර ගියා), නමුත් ඔබ සියලු දෙනාම සදා අවිනාශීව රැඳී සිටියා. ඔබ සදාතනිකව බාබා සමඟ සිටින අතර ආරම්භයේද ඔබ සිටින්නේ බාබා සමඟයි. ඔබ බාබා සමඟ සූක‍්ෂම දේශයේ සිටින්නේ නම්, ඔබ සේවය කරන්නේ කෙසේද? ඔබට අඩු තරමින් සුළු විවේකයක්ද තිබෙයි, නමුත් පියාට විවේක ගැනීමට අවශ්‍ය නැහැ. බාප්දාදාව මෙයින්ද මුදවා තිබේ. අව්‍යක්ත ස්වරූපයට විවේක ගැනීමට අවශ්‍ය නොවන නමුත් ව්‍යක්ත (ශාරීරික) ස්වරූපයට විවේකය අවශ්‍යයි. ඔබව මේ ආකාරයට පත් කරවන්නේ නම්, එවිට මුළු කාර්යයම නිම කළ හැකි වෙයි. ඒ වුවත්, සේවය කිරීමට අවස්ථාවක් ඇති විට, ඔබට ද පියා මෙන් වෙහෙස නොදැනෙයි. එවිට ඔබට වෙහෙසක් නොදැනෙයි. අච්චා.

දාදිජීට කතා කරමින් (30/03/85)
පියා ඔබව ළමා කාලයේ සිටම කිරුළක් දරණ කෙනෙක් බවට පත් කර තිබේ. ඔබ පැමිණි සැනින් පියා ඔබ මත සේවය සඳහා වගකීමේ කිරුළ දැමූ අතර, කලින් කලට කුමන චරිත කොටසක් රඟපෑවත්, නාටකයට අනුව එය යාචක කොටස වුවත්, විශාල ප්‍රීතියේ කොටස වුවත්, ඔබ සෑම අවස්ථාවකදීම වගකීම් දැරීමේ චරිත කොටස ගෙන තිබේ. එබැවින් අව්‍යක්ත් කොටසේ කිරුළ ගැනීමටද ඔබ උපකරණය විය. ආරම්භයේ සිටම ඔබට මෙම විශේෂ චරිත කොටස තිබුණි. බාබාට වගකීමක් තිබෙන අතර එබැවින් වගකීමේ කිරුළ සමග ඔහුට විශේෂ කොටසක් තිබෙන සේම, ඔබ නිරන්තරයෙන් තම වගකීම ඉටු කරන කෙනාය. එබැවින්, අවසානයේ පවා, ඔහු ඔබට ඔහුගේ ද්‍රිෂ්ඨිය තුළින් කිරුළ, තිලකය සහ අන් සියල්ලම ලබා දුන් බැවින් ඔබගේ සිහිවටනයට අනිවාර්යෙන් කිරුළක් තිබෙයි. ළමා වියේ පවා ක්‍රිෂ්ණාව පෙන්වා ඇත්තේ ඔටුන්නක් සහිතවයි, එබැවින් සිහිවටනයේද, ඔවුන් කිරුළ පලන් ළමා ස්වරූපයට වන්දනාමාන කරයි. අන් සියලු දෙනාම සහකරුවන් වන නමුත් ඔබ කිරුළක් පැලඳි කෙනාය. සියලු දෙනාම සහකාරිත්වයේ වගකීම ඉටු කරයි, නමුත් එය සමානව හිඳිමින් වගකීම ඉටු කිරීමෙන් වෙනස්ය.

බාප්දාදා කණ්ඩායම් මුණගැසෙමින්
1. කුමාර්ලා කුමාර් යනු බන්දන වලින් නිදහස් බවයි. විශාලතම බන්දනය වන්නේ මනසේ නිෂ්ඵල සිතිවිලිය. මෙම බන්දනයෙන්ද නිදහස් වන්න. මෙම බන්දනය විටෙක ඔබව බැඳ තබන්නේ නැහැ නේද? මන්ද, සෑම පියවරකදීම ආදායමක පදනම වන්නේ සිතිවිලි වල බලයයි. ඔබ සිහිපත් කිරීමේ වන්දනාව සිදු කරන්නේ කුමන පදනමකට අනුවද? ඔබ බාබා වෙතට ලඟා වන්නේ ඔබගේ සිතිවිලි වල බලයේ පදනමට අනුව නේද? ඔබ අශාරීරික වෙයි. එබැවින් මනසේ බලය විශේෂිතයි. නිෂ්ඵල සිතිවිලි මනසේ බලය හීන කරයි. එබැවින් මෙම බන්දනයෙන් නිදහස්ව සිටින්න. කුමාර් කෙනෙක් යනු නිරන්තරයෙන් තීව්‍ර උත්සාහ දරන්නෙකි, මන්ද බන්දන වලින් නිදහස් අයට ඉබේටම සීඝ්‍ර වේගයක් තිබෙයි. බරක් ඇති අය අඩු වේගයකින් ගමන් කරනු ඇති. සැහැල්ලු අය සෑම විටම වේගයෙන් ගමන් කරයි. දැන් කාලයට අනුව, උත්සාහ කිරීමේ කාලය ගෙවී ගොසින්ය. ඔබ දැන් තීව්‍ර උත්සාහ දරන්නෙක් වී ඔබගේ ගමනාන්තයට ලඟා විය යුතුයි.

ඔය කුමාර්ලා ඔබගේ පැරණි නිෂ්ඵලත්වයේ ගිණුම් අවසන් කර තිබේද? නව ගිණුම, බලයෙන් පිරි ගිණුමයි. පැරණි ගිණුම නිෂ්ඵලත්වයේ ගිණුමයි. එබැවින් පැරණි ගිණුම අවසන් වී ඇත. කෙසේවෙතත්, සබැඳියාවන්හි, ඔබ පැරණි ගිණුම් තබාගන්නේ නැහැ. ඔබ පැරණි ගිණුම් අවසන් කර, නොකඩවා ඉදිරියට ගමන් කර, නව ගිණුම් වැඩි කරගනී. එබැවින් මෙහිදීද, ඔබ පැරණි ගිණුම් අවසන් කර, නිරන්තරයෙන් සෑම පියවරකදීම අළුත්ම, බලවත්ම ඒවා ඔබට තිබෙයි. ඔබගේ සෑම සිතිවිල්ලක්ම බලවත් කරගන්න. පියා කෙබඳුද, දරුවන්ද එවැනිය. පියා බලවත්ය, එබැවින් දරුවන්ද පියාව අනුගමනය කර බලවත් වෙයි.

2. මව්වරු මව්වරුන්ට විශේෂයෙන් අත්දැකීම් තිබෙන්නේ කුමන ගුණදහමේද ? එම විශේෂ ගුණය කුමක්ද? (අත්හැරීම, දරා ගැනීම). වෙනත් ගුණදම් තිබේද ? මව්වරුන්ගේ ස්වරූපය වන්නේ විශේෂයෙන් දයාවන්ත වීමය. මව්වරුන් දයාවන්තයි. ඔය අසීමිත මව්වරුන්ට අසීමිත ජීවාත්ම කෙරෙහි දයානුකම්පාව තිබේද? ඔබට දයානුකම්පාවක් දැනෙන විට ඔබ කරන්නේ කුමක්ද? දයාව ඇති අයට අන් අයට සේවය නොකර සිටිය නොහැක. ඔබ දයාවෙන් පිරෙන විට බොහෝ ජීවාත්මයන්ට ඉබේටම යහපතක් සිදුවෙයි. මේ නිසයි මව්වරුන් යහපත සලසන්නන් ලෙසද හඳුන්වන්නේ. යහපත සලසන්නන් යනු අන් අයට යහපත සලසන අයයි. පියා, ලොවට යහපත සලසන්නා මෙන්ම, ඔය මව්වරුන්ටද පියා හා සමානව, යහපත සලසන්නන් යන විශේෂ නම්බු නාමය දී තිබේ. ඔබට එතරම් උද්යෝගයක් තිබෙනවාද? ඔබ සිටිය තත්ත්වයෙන්, පත්ව ඇත්තේ කවුරුන් බවටද? තමන්ගේ පරිවර්ථනය සමඟම, ඔබට අන් අය කෙරෙහිද උනන්දුවක් සහ උද්යෝගයක් දැනෙයි. ඔබට සීමිත සේවය සහ අසීමිත සේවය අතර සමබරතාවයක් තිබෙනවාද? එම සේවයෙන් ඔබගේ ගිණුම් පියවෙන අතර අනෙක සීමිත සේවයයි. ඔබ අසීමිත සේවකයන්ය. සේවය වෙනුවෙන් ඔබ තුළ උනන්දුව සහ උද්යෝගය වැඩියෙන් තිබෙන තරමට සාර්ථකත්වය වැඩිවෙයි.

ඔවුන්ගේ අතහැරීම සහ තපස්යාව තුළින් මව්වරුන් ලොවට යහපත ගෙන ඒමේ උපකරණ බවට පත් වී ඇත. මව්වරුන්ට අතහැරීම සහ තපස්යාවේ විශේෂත්වය තිබේ. මෙම විශේෂත්ව දෙකෙන් ඔබ සේවය සඳහා උපකරණ වීමේ මෙන්ම අන් අයව පියාට අයත් කර වීමේ කාර්යබහුලව සිටිනවාද? සංගම-යුගී බ්‍රහ්මණයන්ගේ වගකීම වන්නේ සේවය කිරීමයි. බ්‍රහ්මණයන්ට සේවය නොකර සිටිය නොහැක. නමට සිටින ඒ බ්‍රහ්මණයන්ද නිසැකවම කතා පුවත් කියවන රැස්වීම් පවත්වන ආකාරයෙන්ම, මෙහිදද කතාන්දර කියා දීම යනු සේවය කිරීමයි. එබැවින් ලෝක මාතාවක් වී ලෝකය ගැන සිතන්න. අසීමිත දරුවන් ගැන සිතන්න. නිකම්ම නිවසේ අසුන්ගෙන නොසිටින්න අසීමිත සේවකයන් වී නිරන්තරයෙන් නොකඩවා ඉදිරියට ගමන් කරන්න. ඔබ උපත් 63ක් සීමිත බවේ ගත කළා දැන් අසීමිත සේවයේ ඉදිරියට යන්න. අච්චා.

සමුගන්න වෙලාවේ සියලුම දරුවන්ට සෙනෙහස සහ සිහි කිරීම
සෑම තැනකම සිටින සියලුම ආදරණීය සහ සහයෝගී දරුවන්, බාප්දාදාගෙන් විශේෂ සෙනෙහසින් පිරි සිහිකිරීම කාරුණිකව පිළිගන්න. අද දින, බාප්දාදා සියලුම දරුවන්ට බාධක වලින් නිදහස්ව සිටීම, බාධක විනාශ කරන්නන් වීම සහ ලෝකය බාධක වලින් නිදහස් කරවීමේ කාර්යය සිදු කිරීම වෙනුවෙන් සුබ පතනවා. සෑම විටම සේවයේ ඉදිරියට ගමන් කිරීමේ ශ්‍රේෂ්ඨ සිතිවිල්ල සෑම දරුවෙකුටම තිබේ. මෙම ශ්‍රේෂ්ඨ සිතිවිල්ල ඔවුන්ට සේවයේ නිරන්තරයෙන් ඉදිරියට ගමන් කිරීමට මඟපාදන අතර එය දිගටම සිදුවෙයි. සේවය සමඟම, ස්ව-ප්‍රගතිය සහ සේවයේ ප්‍රගතිය අතර සමබරතාවයක්ද පවත්වා ගනිමින් නොකඩවා ඉදිරියට ගමන් කරන්න, එවිට ඔබට නොකඩවා බාප්දාදාගේ හදවතින් සහ සියලුම ජීවාත්ම මෙන්ම ඔබ උපකරණ වූ අයගෙන්ද ආශිර්වාද ලැබෙයි. එබැවින් සමබරතාවයක් පවත්වා ගැනීම වෙනුවෙන් ආශිර්වාද ලබාගෙන නොකඩවා ඉදිරියට ගමන් කරන්න. ස්ව-ප්‍රගතිය සහ සේවයේ ප්‍රගතිය එකවර තිබීමෙන් ඔබ නිරන්තර සාර්ථකත්වයේ ප්‍රතිරුවක් බවට පහසුවෙන් පත්වෙයි. සෑම කෙනෙක්ම නමින් පෞදග්ලිකව, සෙනෙහස සහ සිහි කිරීම පිළිගන්න. අච්චා. ඕම් ශාන්ති.

වරදානය:
ඔබ නිරන්තරයෙන් පිරුණු, සතුටු සම්පතේ ගබඩාවක් වී, නිරතුරුවම සියලු දෙනාට සුබ පුවත් ලබා දෙත්වා.

තමන් සතුටේ සම්පතින් පිරුණු, සම්පත් ගබඩාවක් වීමේ ප්‍රතිරුව, නිරතුරුවම ඔබ ඉදිරියේ තබාගන්න. ඔබට ලැබී ඇති, ගිණිය නොහැකි සහ අවිනාශී සම්පත් ඔබගේ අවධානයට ගෙනෙන්න. මෙම සම්පත් ඔබගේ අවධානයට ගෙන ඒමෙන්, ඔබ සතුට අත්විඳන අතර සතුට ඇති තැන, සියලු දුක සෑම කලටම ඉවත් වෙයි. සම්පත්වල අවධානය තිබීමෙන්, ජීවාත්මය බලවත් වී, සියලු නිෂ්ඵලත්වය අවසන් කරයි. පිරුණු ජීවාත්මයකට කිසිම ආකාරයක කැලඹිල්ලක් නැත. එවන් ජීවාත්මයක් සතුටින් සිටින අතර අන් අයට ද සුබ පුවත් ලබාදෙයි.


පාඨය:
වටිනා සහ හැකියාවන්ගෙන් අනූන කෙනෙක් වීම සඳහා, කර්ම සහ යෝගාව අතර සමබරතාවයක් තබාගන්න.