02.02.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරමාත්ම දෙවියන් ඔබගේ මිතුරා වන අතර, රාවණ ඔබගේ සතුරාය. එබැවින් ඔබ දෙවියන්ට ආදරය කරන අතර රාවණව පුළුස්සා දමයි.

ප්‍රශ්නය:
සෑම කෙනෙකුගෙන්ම ඉබේටම ආශිර්වාද ලැබෙන්නේ කුමන දරුවන්ටද?

පිළිතුර:
සිහිපත් කිරීමේ සිට තමන්ව පිවිතුරු කරගන්නා, එමෙන්ම අන් අයවද තමන්ට සමාන කරවන දරුවන් දිගටම බොහෝ දෙනෙකුගෙන් ආශිර්වාද ලබයි. ඔවුන්ට බොහෝ සේ උසස් තත්ත්වයක් හිමි වෙයි. ඔබව උසස් කිරීමට, පරම පියා ඔබට එක් ශ්‍රීමතයක් ලබා දෙයි. ඔහු පවසන්නේ දරුවනි, කිසිම ශාරීරික ජීවයක් සිහි නොකරන්න, මා පමණක් සිහිපත් කරන්න.

ගීතය:
අප පුන පුනා බලා සිටි දිනය, අවසානයේ පැමිණ තිබේ!

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා, ඔය දරුවන්ට ඕම් ශාන්ති හි අරුත විස්තර කර තිබේ. ඕම් යනු, මා ජීවාත්මයක් වන අතර, මෙය මගේ සිරුරයි. ජිවය නොපෙනෙයි. හොඳ සහ නරක සංස්කාර තිබෙන්නේ ජීවාත්මය තුළයි. ජීවාත්මයට මනසක් සහ බුද්ධියක් තිබේ. බුද්ධිය තිබෙන්නේ ශරීරයේ නොවෙයි. ප්‍රධානතම දෙය ජීවාත්මයයි. සිරුර මගේය. කිසිම කෙනෙකුට ජීවාත්මය පෙනෙන්නේ නැත. සිරුර පෙනෙන්නේ ජීවාත්මයටයි සිරුරට ජීවාත්මය පෙනෙන්නේ නැත. ජීවාත්මයක් සිරුරක් අත්හල විට, එම සිරුර අජීවී වෙයි. ජීවාත්මයක් නොපෙනෙන අතර සිරුරක් පෙනෙයි. ඒ අන්දමින්ම සෑම කෙනෙක්ම අහෝ දෙවි පියාණෙනි! කියමින් කන්නලව් කරන ජීවාත්මයන්ගේ පියාව නොපෙනෙයි. ඔහුව අවබෝධ කළ හැක, නැතහොත් හඳුනාගත හැක. ජීවාත්ම වන අප සියල්ලන්ම සහෝදරයන්ය. ඔබ සිරුරු තුළට ඇතුළු වූ විට, ඔබට සහෝදරයන් හෝ සහෝදර සහෝදරියන් යැයි කියයි. ඇත්ත වශයෙන්ම සියලුම ජීවාත්ම, සහෝදරයන්ය. සියලුම ජීවාත්මයන්ගේ පියා, උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මයයි. භෞතික සහෝදර සහෝදරියන්ට එකිනෙකාව දැක ගත හැක. ජීවයන්ගේ පියා, එක්කෙනෙකි ඔහුව දැක ගත නොහැක. පියා දැන් පැරණි ලෝකය, අළුත් කිරීමට පැමිණ සිටියි. නව ලෝකය වූයේ ස්වර්ණමය යුගයයි. දැන් පැරණි ලෝකය, කලි යුගය වන අතර, එය පරිවර්ථනය විය යුතුයි. පැරණි ලෝකය දැන් විනාශ වීමට යනවා. පැරණි ගොඩනැගිල්ලක් විනාශ කර දමා නව ගොඩනැගිල්ලක් තනන අන්දමින්ම, මෙම පැරණි ලෝකය විනාශ විය යුතුයි. ස්වර්ණමය යුගයට පසුව, රිදී, තඹ සහ කලි යුග තිබෙන අතර ඉන්පසුව අනිවාර්යෙන්ම ස්වර්ණමය යුගය, නැවත පැමිණිය යුතුයි ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය නැවත ඒ අයුරින්ම සිදු විය යුතුයි. ස්වර්ණමය යුගයේ දේවතාවන්ගේ රාජධානිය ඇත. සූර්ය සහ චන්ද්‍ර රජ පෙළපත් තිබේ ඒවාට, ලක‍්ෂ්මි සහ නාරායනගේ සහ රාමා සහ සීතාගේ රජ පෙළපත් යැයි කියයි. මෙය පහසුයි, එහෙම නේද? පසුව තඹ සහ කලි යුගයන්හිදී අනෙක් ආගම් පැමිණෙයි. පිවිතුරුව සිටි දේවතාවන්, අපවිත්‍ර වෙයි මෙයට රාවණගේ රාජධානිය යැයි කියයි. මිනිසුන් දිගින් දිගටම රාවණගේ පඹයෙක් සෑම වසරකම පුළුස්සන නමුත් ඔහු පිළිස්සෙන්නේ නැත. ඔවුන් අඛණ්ඩව නැවත නැවතත් එය පුළුස්සයි. ඔහු සෑම කෙනෙකුගේම විශාලතම සතුරාය, මේ නිසයි ඔහුව පිළිස්සීමේ ක්‍රමවේදය පැවතෙන්නේ. භාරතයේ අංක එකේ සතුරා කවරෙක්ද? (රාවණ) නිරන්තර සතුට ලබා දෙන අංක එකේ මිතුරා වන්නේ පරමාත්ම දෙවියන්ය. දෙවියන් මිතුරෙක් බව කියයි. මෙය පදනම් කරගත් කතා පුවතක් තිබේ. එබැවින් පරමාත්ම දෙවියන් මිතුරා වන අතර සතුරා වන්නේ රාවණයි. මිතුරා වන දෙවියන්ව කිසිදා පුළුස්සන්නේ නැත. අනෙකා සතුරාය. මේ නිසයි ඔවුන් සෑම වසරකදීම හිස් දහයක් සහිත රාවණගේ පඹයෙක් සාදා එය පුළුස්සන්නේ. ගාන්ධිජීද පැවසුවේ අපට රාම රාජ්‍යය අවශ්‍යයි. රාමාගේ රාජධානියේ සතුට තිබෙන අතර රාවණගේ රාජධානියේ තිබෙන්නේ දුකය. මෙතැන අසුන් ගෙන මේ සෑම දෙයක්ම විස්තර කරන්නේ කවුද? පාරිශුද්ධකරු පියාය. ශිවා, බාබා වන අතර, බ්‍රහ්ම, දාදාය. බාබා සෑම විටෙකම අත්සන් කරන්නේ බාප්දාදා ලෙසයි. ප්‍රජාවගේ පියා (ප්‍රජාපිතා) බ්‍රහ්ම, සෑම කෙනෙකුටම අයත්ය. ඔහුට ආදම් කියාද කියයි. ඔහු මීමුත්තා ලෙසින්ද හැඳින්වෙයි. ඔහු මනුෂ්‍ය ලෝකයේ ප්‍රජාවගේ පියාය. බ්‍රහ්මණයන් නිර්මාණය වන්නේ ප්‍රජාපිතාගේ මාර්ගයෙන් වන අතර ඉන්පසුව එම බ්‍රහ්මණයන්, දේවතාවන් බවට පත් වෙයි. ඉන්පසුව දේවතාවන්, ක‍්ෂත්‍රියයන්, වෛශයන් සහ ශුද්‍රයන් වෙයි. මෙම කෙනාට ප්‍රජාපිතා බ්‍රහ්ම, මනුෂ්‍ය ලෝකයේ ආදිතමයා (මී මුත්තා) යැයි කියයි. ප්‍රජාපිතා බ්‍රහ්මට බොහෝ දරුවන් සිටියි ඔවුන් දිගින් දිගටම බාබා, බාබා! යැයි කියයි. මෙම කෙනා, ශාරීරික බාබා වන අතර ශිව බාබා, අශාරීරික බාබාය. එමෙන්ම නව මනුෂ්‍ය ලෝකය නිර්මාණය වන්නේ ප්‍රජාපිතා බ්‍රහ්මගේ මාර්ගයෙන් බවද සිහි කෙරෙයි. එය දැන් ඔබගේ පැරණී හමයි. මෙම ලෝකය, රාවණ ගේ අපවිත්‍ර රාජධානියයි. රාවණ ගේ රකුසු පැරණි ලෝකය දැන් විනාශ වීමටයි යන්නේ. මේ සඳහා මෙම මහා භාරත යුද්ධය තිබේ. ඉන්පසුව ස්වර්ණමය යුගයේ කිසිම කෙනෙක් රාවණ සතුරාව පුළුස්සන්නේ නැත. රාවණ එහි නොසිටියි. දුක් ලෝකය නිර්මාණය කළේ රාවණයි. බොහෝ ධනය තිබෙන, එමෙන්ම මාලිගා වල වෙසෙන අය, දිව්‍ය ලෝකයේ සිටිනවා නොවෙයි. කෙනෙකුට කෝටි ගණන් මුදල් තිබුණත් ඒ සියල්ලම දුහුවිලි බවට පත් වීමට යන බව, පරමාත්ම පියා විස්තර කරයි. නව ලෝකයේ, නව ආකර මතු වන අතර, ඔබගේ මාලිගා ආදිය ඔබ ඒවායින් තනනු ඇත. මෙම පැරණි ලෝකය දැන් අවසන් වන්නට යනවා. විමුක්තිය ලබාගැනීම සඳහා මිනිසුන් භක්තියේ යෙදෙයි. ඔවුන් පවසන්නේ අප දූෂිත වී ඇති බැවින්, පැමිණ අපව පිවිතුරු කරන්න! දූෂිත යැයි කියන අයට අපවිත්‍ර යැයි කියයි. ස්වර්ණමය යුගයේ සෑම කෙනෙක්ම දූෂණයෙන් තොරය, සම්පූර්ණයෙන්ම දුර්ගුණ වලින් තොරයි. එහි දරුවන් උපදින්නේ යෝගා බලයෙනි. එහි පාපයන් නොමැත එහි ශරීර අවධානය, රාගය හෝ කෝපය නැත. එහි පාපයන් නොපවති, ඔවුන් කිසිදා එහිදී රාවණ පුළුස්සා නොදමන්නේ ඒ නිසාය. මෙහි, එය රාවණගේ රාජධානියයි. පරමාත්ම පියා දැන් පවසන්නේ පාරිශුද්ධ වන්න! මෙම අපවිත්‍ර ලෝකය විනාශ වීමටයි යන්නේ. ශ්‍රීමත් වලට අනුව පාරිශුද්ධ වන අය, පරම පියාගේ උපදෙස් පිළිපදින අය, ලෝක ආධිපත්‍යයේ ඔවුන්ගේ උරුමය හිමි කරගනී. ලක‍්ෂ්මි සහ නාරායනගේ රාජධානිය පැවතිනි. එය දැන් රාවණගේ රාජධානියයි. එය විනාශ විය යුතුයි. රාමාගේ ස්වර්ණමය යුග රාජධානිය ස්ථාපිත විය යුතුයි. ස්වර්ණමය යුගයේ සිටින්නේ මනුෂ්‍යයන් ඉතා සුළු පිරිසකි. එවිටද අගනුවර දිල්ලියම වන අතර එහි ලක‍්ෂ්මි සහ නාරායනගේ රාජධානිය තිබෙයි. ස්වර්ණමය යුගයේ දිල්ලිය, සුරඟන දේශය විය. සිහසුන තිබුණේ දිල්ලියේය. රාවණ රාජධානියේ අගනුවර වන්නේ දිල්ලිය වන අතර, රාමාගේ රාජධානියේද අග නගරය වන්නේ දිල්ලියයි. කෙසේවෙතත්, රාමාගේ රාජධානියේ දියමන්ති සහ මැණික් එබ්බවූ මාලිගා තිබුණි එහි අසීමිත සතුට තිබුණා. පරම පියා දැන් පවසන්නේ ඔබ ලෝක රාජධානිය අහිමි කරගත්තා. මා දැන් එය නැවත වරක් ඔබට ලබා දෙනවා. මගේ උපදෙස් පිළිපදින්න එපමණයි! ඔබට ශ්‍රේෂ්ඨත්වයට පත් වීමට අවශ්‍ය නම්, කිසිම ශාරීරික ජීවයක් නොව, මා පමණක් සිහි කරන්න. තමන් ජීවාත්ම බව සලකා, ඔබගේ පරමාත්ම පියා වන මා සිහිපත් කරන්න, එවිට ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වෙයි. එවිට ඔබ මා වෙතට පැමිණෙයි ඔබ මගේ ගෙල වටා මාලය වී ඉන්පසුව විෂ්ණුගේ ගෙල වටා මාලය වෙයි. රෝසරියක, ඉහළ ඇති ටසලය (මල) මා වන අතර ඉන්පසුව බ්‍රහ්ම සහ සරස්වති යන ද්විත්ව පබුළු තිබේ. ඉන්පසුව ඔවුන් ස්වර්ණමය යුගයේ අධිරාජයා සහ අධිරාජිනිය වෙයි. ඉන්පසුව රෝසරිය සමන්විත වන්නේ අංක පිළිවෙලට සිංහාසනයේ අසුන් ගන්නා අයගෙනි. බ්‍රහ්ම, සරස්වතී සහ ඔය බ්‍රහ්මණයන්ගේ මාර්ගයෙන් මා මෙම භාරතය, දිව්‍ය ලෝකය බවට පත් කරවන්නෙමි. සිහිවටන නිර්මාණය වන්නේ උත්සාහ දරන අයගේය. එය රුද්‍රාගේ රෝසරිය වන අතර මෙය විෂ්ණුගේ රෝසරියයි. රුද්‍රාගේ රෝසරිය සෑදි ඇත්තේ ජීවාත්මයන්ගෙන් වන අතර මනුෂ්‍යයින්ගෙන් සැදි විෂ්ණුගේ රෝසරිය තිබේ. ජීවාත්මයන්ගේ වාසස්ථානය අශාරීරික උත්තරීතර දේශයයි, එයට බ්‍රහ්මාන්ද් යැයිද කියයි. ජීවාත්ම බිත්තර හැඩයක් නොගනී ජීවාත්ම ඉතා කුඩා තිත් මෙනි. අප සියලු ජීවාත්ම, එම මිහිරි නිවසේ වැසියන්ය. ජීවාත්ම වන අප, පරමාත්ම පියා සමඟ එහි වාසය කරයි. එය විමුක්ති දේශයයි. සියලුම මනුෂ්‍යයන් විමුක්ති දේශයට යාමට කැමති නමුත්, කිසිම ජීවාත්මයකට ආපසු නිවසට යාමට නොහැක සෑම කෙනෙක්ම තම චරිත කොටස රඟපෑමට පැමිණිය යුතුයි. එතෙක් පියා දිගටම ඔබව සූදානම් කරවනවා. ඔබ සූදාම් වූ විට, තවමත් ඉතිරිව සිටින සියලු ජීවාත්ම පහළ පැමිණෙයි. ඉන්පසු සෑම දෙයක්ම විනාශ වෙයි. එවිට ඔබ නව ලෝකයට ගොස් එහි පාලනය කරන අතර චක්‍රය අංක පිළිවෙලට බ්‍රමණය වෙයි (ස්වර්ණමය යුගය, රිදී යුගය...). ඔබට ගීතය ඇසුණා අවසානයේදී එම දිනය ඇවිත්. දැන් අපායේ වැසියන් වී සිටින භාරත ජනතාව ඉන්පසුව දිව්‍ය ලෝකයේ වැසියන් වන බව, ඔබ දන්නවා. ඉතිරි සියලුම ජීවාත්ම, සාම දේශයට ආපසු යයි. ඔබ විස්තර කළ යුත්තේ ටිකයි බාබා, ඇල්ෆා වන අතර රාජධානිය, බීටාය. පළමුවන කෙනාට රාජධානිය ලැබෙයි. පරම පියා දැන් පවසන්නේ මා දැන් නැවත වරක් එම රාජධානියම ස්ථාපිත කරනවා. උපත් 84ක් ගැනීමෙන් පසු, ඔබ දැන් අපවිත්‍ර වී සිටියි. ඔබව අපවිත්‍ර කළේ රාවණයි. ඉන්පසුව ඔබව පිවිතුරු කරන්නේ කවරෙක්ද? පාරිශුද්ධකරු වශයෙන් හැඳින්වෙන, පරමාත්ම දෙවියන්ය. මුළු ඉතිහාසය සහ භූගෝලයම නැවතත් ඒ අන්දමින්ම සිදුවෙයි. ඔබ අපවිත්‍ර බවින් පිවිතුරු වන අන්දම සහ පිවිතුරු බවින් අපවිත්‍ර වන අන්දම. මෙම විනාශය තිබෙන්නේ ඒ සඳහා පමණයි. බ්‍රහ්මගේ වයස වසර 100ක් බව, ආගමික පත පොතෙහි සඳහන් කර තිබේ. පරමාත්ම පියා අසුන් ගෙන ඔබට ඔබගේ උරුමය ලබා දෙන මෙම බ්‍රහ්මද, ඔහුගේ සිරුර අත්හරියි. සියලුම ජීවාත්මයන්ගේ පියා මෙතැන අසුන්ගෙන, ජීවාත්මයන්ට විස්තර කර දෙයි. මනුෂ්‍යයන්ට, මනුෂ්‍යයන්ව පිවිතුරු කළ නොහැක. දේවතාවන් කිසි විටෙක පාපය තුළින් උපත ලබන්නේ නැත. සෑම කෙනෙක්ම අඛණ්ඩව පුනරුත්පත්ති ගෙන තිබේ. පරම පියා සෑම දෙයක්ම ඉතා හොඳින් විස්තර කර දෙන්නේ, එවිට ඔබගේ භාග්‍යය අවදි වනු ඇතැයි සිතමින්. පියා පැමිණෙන්නේ මනුෂ්‍යයන්ගේ භාග්‍යය අවදි කරවීමටයි. සෑම කෙනෙක්ම අපවිත්‍රව මෙන්ම සිටින්නේ දුකිනි. ඔවුන් අසරණ බවින් හඬමින් සිටින අතරතුරම විනාශය සිදුවෙයි. පරම පියා මෙසේ පවසන්නේ මේ නිසයි අසරණ බවින් හඬන්නට පෙර, ඔබගේ පියා වන මාගෙන් ඔබගේ උරුමය හිමි කරගන්න. මේ ලොවෙහි ඔබ දකින සෑම දෙයක්ම විනාශ වීමටයි තිබෙන්නේ. මෙම නාටකය, භාරතයේ නැග්ම සහ බැස්ම පිළිබඳවයි. ලොවෙහි නැග්ම තිබෙයි. දිව්‍ය ලෝකයේ පාලනය කරන්නේ කවුරුන්ද කියා, මෙතැන අසුන්ගෙන විස්තර කරන්නේ පරමාත්ම පියා පමණයි. භාරතයේ නැග්ම, දේවතාවන්ගේ රාජධානිය වන අතර, භාරතයේ බැස්ම, රාවණගේ රාජධානියයි. නව ලෝකය දැන් ස්ථාපිත වෙමින් පවතිනවා. ඔබ පියා සමඟ ඉගෙන ගනිමින් සිටින්නේ නව ලෝකයේ ඔබගේ උරුමය හිමි කරගැනීමටයි. එය බොහෝ පහසුයි! මෙය මනුෂ්‍යයින් ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය වීමට තිබෙන ඉගෙනුමයි. පැමිණෙන්නේ කුමන ආගම්ද එමෙන්ම ඒවා පැමිණෙන්නේ කවදාද කියා, ඔබ ඉතා හොඳින් වටහා ගත යුතුයි. අන් සියලුම ආගම් පැමිණෙන්න පටන් ගන්නේ තඹ යුගයේය. ඔබ පළමුවෙන් සතුට අත් විඳින අතර ඉන්පසුව දුක අත්විඳියි. ඔබ මෙම මුළු චක්‍රයම ඔබගේ බුද්ධිය තුළ සටහන් කරගත යුතුයි. මෙසේ කිරීමෙන් ඔබ ලෝකය පාලනය කර, අධිරාජවරුන් සහ අධිරාජිනියන් වෙයි. ඔබට තිබෙන්නේ ඇල්ෆා සහ බීටා වටහා ගැනීම පමණයි. විනාශය සිදු විය යුතුයි. කෙතරම් විශාල කැලඹීම් තිබේද යත්, විදේශයන්හි සිට කිසි කෙනෙකුට මෙහි පැමිණීමට නොහැකි වෙයි. භාරත දේශය වඩාත්ම ශ්‍රේෂ්ඨ දේශය බව පියා විස්තර කරන්නේ මේ නිසාය. යුද්ධය කෙතරම් බයංකාර වෙයිද කිවතොත් ඔබ සිටින කුමන හෝ ස්ථානයක ඔබ අතරමං වනු ඇත. ඔබ මිලියන පහක් හෝ හයක් දුන්නත් ඔබට කොහේවත් යාමට අපහසු වනු ඇත. පරමාත්ම පියා අවතරණය වන භාරත දේශය, වඩාත්ම ශ්‍රේෂ්ඨයි. ශිවාගේ උපන්දිනය සමරන්නේ මෙහිය. ක්‍රිෂ්ණාගේ නම භාවිත කිරීම නිසා, සියලුම ප්‍රශංසාව නැතිව ගියේය. සියලුම මනුෂ්‍යයන්ට විමුක්තිය ලබා දෙන්නා, අවතරණය වන්නේ මෙහිය. පැමිණ, සියලු දෙනාට විමුක්තිය ලබා දෙන්නේ, පරමාත්ම දෙවියන් වන පරමාත්ම පියා පමණයි. එබැවින් ඔබ ගෞරව කළ යුත්තේ එවන් පියාට පමණක් වන අතර ඔබ සැමරිය යුත්තේ ඔහුගේ උපන් දිනය පමණයි. එම පියා, මෙහි භාරතයට පැමිණ, සියලු දෙනාව පිවිතුරු කරයි. එබැවින් ශ්‍රේෂ්ඨතම වන්දනා ස්ථානය වන්නේ මෙහිය. ඔහු, සෑම කෙනෙක්වම දුකින් මුදවා, ඔවුන්ට විමුක්තිය ලබා දීම, නාටකයේ නියමිත වී තිබේ. මෙම සිරුර තුළින් බාබා මෙම රහස ඔබට පහදා දෙන බව, ඔය ජීවාත්ම දැන් දන්නවා. ජීවාත්ම වන අපි සවන් දෙන්නේ අපගේ සිරුරු තුළිනි. ඔබ ජීවාත්ම අවධානයට පත් විය යුතුයි. තමන් ජීවාත්මයක් බව සලකා, පරමාත්ම පියාව සිහිපත් කරන්න, එවිට මළකඩ ඉවත් වෙයි. ඔබ පාරිශුද්ධත්වයට පත් වී, පියා වෙතට යයි. ඔබ ඔහුව වැඩියෙන් සිහි කරන තරමට, ඔබ වැඩියෙන් පිවිතුරු වනු ඇත. ඔබ අන් අයව ඔබට සමාන කරවන විට, ඔබට බොහෝ දෙනෙකුගෙන් ආශිර්වාද ලැබී, උසස් තත්ත්වයක්ද ලැබෙනු ඇත. මේ නිසයි ඔබට ජීවන-මුක්තිය තත්පරයකදී ලැබෙන බව, සිහි කර තිබෙන්නේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ශ්‍රීමත් පිළිපැදීමෙන් පිවිතුරු වන්න. සෑම පියවරකදීම පියාගේ උපදෙස් පිළිපැද, ලෝකයේ ආධිපත්‍යය හිමි කරගන්න. පරම පියා හා සමානව, දුක නැති කර සතුට පිරිනමන්නෙක් බවට පත් වන්න.

2. මනුෂ්‍යයන්, දේවතාවන් බවට පරිවර්ථනය කරන මෙම ඉගෙනුම, අඛණ්ඩව හදාරන්න. ඔවුන්ව තමන්ට සමාන කරවීමට, සෑම කෙනෙකුටම සේවය කර, ඔවුන්ගේ ආශිර්වාද පිළිගන්න.

වරදානය:
සියලු අයිතීන් තිබෙන මනෝ ස්ථීතිය තුළින්, පරම පියාව ඔබගේ සහකරු කර ගැනීමෙන් ඔබ නිරන්තරයෙන් ජය ලබත්වා.

පරම පියාව ඔබගේ සහකරු කිරීමේ පහසුම ක්‍රමය වන්නේ, සියලු අයිතීන් ඇති ස්ථීතිය තිබීමය. සියලු අයිතීන් තිබීමේ ස්ථීතිය තුළ ඔබ ස්ථාවරව රැඳී සිටින විට, නිෂ්ඵල හෝ අපවිත්‍ර සිතිවිලි වල හෝ තව බොහෝ දේවල මිහිරියාව තුළ, ඔබගේ බුද්ධිය චංචල වන්නෙ නැත. ඔබගේ බුද්ධියේ ඒකාග්‍රතාවය තුළින්, ඔබ මුහුණ දීමේ බලය සහ හඳුනා ගැනීමේ සහ තීරණ ගැනීමේ බල වර්ධනය කරගනී. මේවා, මායාගේ විවිධ අන්දමේ පහරදීම් වලින්, ඔබට පහසුවෙන් ජයගැනීමට මඟපාදයි.

පාඨය:
රාජ යෝගීවරයෙක් යනු තත්පරයකදි සාරයෙන් ව්‍යාප්තියටත්, ව්‍යාප්තියෙන් සාරයටත් යෑම පුහුණු වන කෙනෙකි.