02.03.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, දැන් ඔබට නිවසට ආපසු යාමට සිදුවී ඇත. එමනිසා, ඔබගේ ශරීරය සහ ශාරීරික සම්බන්ධතා අමතක කොට එකම පියා සිහිපත් කරන්න. මෙය සත්‍ය ගීතාවේ සාරාංශයයි.

ප්‍රශ්නය:
ඔබ දරුවන් වෙනුවෙන් ඇති පහසු උත්සාහය කුමක්ද?

පිළිතුර:
පියා පවසයි දරුවන් වන ඔබලා සම්පූර්ණ නිශ්ශබ්දතාවයෙන් සිටිය යුතුයි. පියාගේ උරුමය ලබා ගැනීමට ඔබට හැකි වන්නේ නිහඬතාවයේ සිටීමෙනි. ඔබ පියා සිහිපත් කර ස්වකීය අවබෝධය නමැති චක්‍රායුධය කරකවන්න. පියා සිහිකිරීම මඟින් ඔබගේ පව් නැතිවී, ආයු කාලය වැඩි වෙනු ඇත. චක්‍රය දැනගැනීමෙන් ඔබ භූ ගෝලයේ පාලකයන් බවට පත්වනු ඇත. මේ ඔබගේ පහසු උත්සාහයයි.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා නැවත වරක් සුමිහිරිතම ආධ්‍යාත්මික දරුවන්ට පැහැදිලි කරමින් සිටී. ඔහු දිනපතා මෙම පැහැදිලි කිරීම දෙයි. ඔබලා මීට චක්‍රයකට පෙර කළා සේ සත්‍යයෙන්ම ගීතා පිළිබඳ දැනුම හදාරමින් සිටින බව දරුවන් වන ඔබලා අවබෝධ කර ගනී. කෙසේවෙතත්, ඔබලාට උගන්වමින් සිටින්නේ ක්‍රිෂ්ණා නොව උත්තරීතර ජීවය වන අති උත්තම පියා වේ. දැන් ඔහු නැවතත් රාජයෝග උගන්වමින් සිටී. ඔබලා දැන් දෙවියන්ට කෙලින්ම සවන් දෙමින් සිටී. භාරතයේ ජනයා වෙනුවෙන් ඇති සියළු දේ ගීතා මත රඳා පවතී. රුද්‍රාගේ බිලි වීමේ යාගය ගැන එහි ලියැවී ඇත. මෙය බිලි වීමේ යග්යාව මෙන්ම පාඨශාලාව ද වේ. පියා පැමිණ සත්‍ය ගීතාව පවසන විට අපට මුක්තිය ලැබේ. මෙය මිනිසුන්ට අවබෝධ නොවේ. සැමට මුක්තිය පිරිනමන්නා වන පියාව ඔබ සිහිපත් කළ යුතුයි. ඔබ ගීතා හදාරමින් සිටියත් නිර්මාණය සහ නිර්මාපක ගැන නොදත් නිසා නේති නේති (ඔහු මේකවත් අරකවත් නොවේ) යැයි පැවසුවා. සත්‍ය ගීතාව කියන්නේ සත්‍ය පියා විසින් පමණි. මේවා මතගෑ යුතු දේවල්ය. සේවයේ නිරතව සිටින්නන්ගේ අවධානය මේ වෙත හොඳින් ඇදෙනු ඇත. දැනුමේ සාගරය, පාරිශුද්ධකරුවා, ගීතාවේ දැනුම පිරිනමන්නා, අති උතුම් ආදරවන්තයා, අති උතුම් පියා, අති උතුම් ගුරුවරයා සහ උත්තරීතර සත්ගුරු, ශිව දෙවියා කතා කරයි ආදී වචන සෑම පින්තූර වලම අනිවාර්යෙන්ම ලිවිය යුතුයි කියා බාබා පවසා ඇත. ගීතාවේ දෙවියන් ශ්‍රී ක්‍රිෂ්ණා නොව උත්තරීතර ජීවය වන ත්‍රිමූර්ති ශිවා බව මිනිසුන්ට අවබෝධ කරගත හැකිවන පරිදි ඔබ එම වචන අනිවාර්යෙන්ම ලිවිය යුතුයි. ඔබ මේ විෂය මත මිනිසුන්ගේ අදහස් ගන්න. අපට ඇති ප්‍රධාන දේ ගීතා වේ. පියා දිනපතා අළුත් කරුණු නොකඩවා දෙයි. බාබා මීට පෙර නොකීවේ මන්දැයි ඔබ නොසිතිය යුතුයි. එය නාටකයේ ලියැවී නැත. ඔබ බාබාගේ මුරලි වලින් අළුත් කරුණු තෝරාගත යුතුයි. නැඟීම සහ වැටීම පිළිබඳව මිනිසුන් ලියති. භාරතයේ නැඟීම සහ වැටීම යනුවෙන් හින්දියෙන් කියති. නැඟීම යනු දේවතා රාජ වංශය ගොඩනැඟීමයි. එහි සියයට සියයක් පාරිශුද්ධත්වය, සාමය සහ සෞභාග්‍යය ස්ථාපනය වී ඇත. ඊළඟට චක්‍ර භාගයකින් පසු වැටීමයි, යක්‍ෂ වංශය තුළට වැටීම ඇත. දේවතා වංශයේ පිබිදීම සහ ස්ථාපනය ඇත. වැටීම සමඟ ඔබ විනාශය යන වචනය ලියන්න. ඔබ වෙනුවෙන් ඇති සියල්ල ගීතා මත රඳා පවතී. පියා පමණයි ඇවිත් ඔබට සත්‍ය ගීතාව පවසන්නේ. බාබා දිනපතා මෙය පැහැදිලි කරයි. කෙසේ හෝ ඔබ දරුවන් ජීවයන් වේ. ශරීරයෙහි ව්‍යාප්තිය අමතක කොට ජීවයක් ලෙස සලකන්න කියා පියා කියයි. ජීවයක් ශරීරයෙන් වෙන් වූ විට ඔහුට සියළු සම්බන්ධකම් අමතක වේ. එමනිසා, පියා මෙයද පවසයි ඔබේ ශරීරයට සම්බන්ධ සියළු නෑ සබඳකම් අමතක කොට පියා වූ මා පමණක් සිහිකරන්න. දැන් ඔබ ආපසු නිවසට යා යුතුයි. චක්‍රයෙන් බාගයක්ම ඔබ නිකම්ම නිවසට ආපසු යාම සඳහා බොහෝ ඇදහිලි කර ඇත. රන් යුගයේදී කිසිවකු නිවසට ආපසු යාමට උත්සාහ නොදරයි. එහි සතුට මිස කිසිවක් නොමැත. මිනිසුන් කියයි කණගාටු වේලාවේදී සෑම කෙනෙක්ම දෙවියන් සිහිපත් කරයි. නමුත් සතුටු වේලාවේදී කිසිවකු ඔහුව සිහිපත් නොකරයි. කෙසේවෙතත්, සතුට කොයි වේලාවේද සහ කණගාටුව කොයි වේලාවේදැයි ඔවුන් නොදනී. අපේ සියළුම ආකාරයන් අප්‍රසිද්ධ වේශයෙනි. අප ආධ්‍යාත්මික යුධ භටයන්ය. අප ශිව බාබාගේ ශක්ති හමුදාවයි. කිසිවකුට මෙහි තේරුම අවබෝධ නොවේ. ඔවුහු දේවතාවන්ට බොහෝ වැඳුම් පිදුම් කරති. නමුත් කිසිවකුගේ ජීවිත කතාව නොදනී. ඔවුහු අඩු තරමින් ඔවුන් වැඳුම් පිදුම් කරන තැනැත්තාගේ ජීවිත කතාවවත් දැනගත යුතුයි. වැඳුම් පිදුම් කරන සියල්ලන්ගෙන් ඉහළම කෙනා ශිවාය. බ්‍රහ්මා, විශ්ණු හා ශන්කර්ට, එසේම ලක්‍ෂ්මී හා නාරායන්ට, එමෙන්ම රාධේ හා ක්‍රිෂ්ණාට කෝවිල් තිබේ. වෙනත් කිසිවකු එහි නැත. එකම ශිව බාබා හට ඔවුන් බොහෝ වෙනස් නම් දී බොහෝ කෝවිල් තැනුවා. මුළු නාටකයම දැන් ඔබගේ බුද්ධියේ ඇත. නාට්‍යයක ප්‍රධාන නළුවන් ඇත, නමුත් ඒවා සීමිත නාටක වේ, කොහොමනමුත්, මෙය අසීමිත නාටකයයි. මේ නාටකයේ ප්‍රධාන නළුවන් කවුරුදැයි ඔබ දනී. මිනිසුන් පවසයි ඕ රාමා, ලෝකය කිසි දිනක නිර්මාණය කරනු ලැබ නැත. මෙය ගැනත් ධර්ම ග්‍රන්ථයක් නිර්මාණය කර ඇත. එනමුත් ඔවුන් එහි තේරුම අවබෝධ කර නැත. දරුවන් වන ඔබලාට පහසු උත්සාහයක් ගන්නා අයුරු පියා උගන්වා ඇත. ඔබලා වෙනුවෙන් පහසු උත්සාහය නම්, සම්පූර්ණ නිශ්ශබ්දතාවයෙන් සිටීමයි. ඔබගේ උරුමය බාබාගෙන් ඉල්ලීම කළ හැක්කේ සම්පූර්ණ නිශ්ශබ්දතාවයෙන් සිටීමෙන් පමණි. ඔබ පියාව සිහිපත් කළ යුතුයි. ඔබලාට ලෝක චක්‍රය ද සිහිපත් කිරීමට සිදුව ඇත. පියාව ස්මරණය කිරීමෙන් ඔබලාගේ පව් නැති වනු ඇත. ඔබ සියළු රෝග වලින් නිදහස් වනු ඇත. ඔබගේ ජීවන කාලය වැඩි වනු ඇත. චක්‍රය දැන ගැනීමෙන් ඔබ පෘථිවියේ පාලකයන් බවට පත්වනු ඇත. වර්තමානයේදී ඔබලා අපායේ පාලකයන්ය. ඊලඟට ඔබලා දිව්‍යලෝකයේ පාලකයන් බවට පත්වනු ඇත. ඔබලා හැම කෙනෙක්ම දිව්‍යලෝකයේ පාලකයන් බවට පත් වේවි. නමුත් එහි තරාතිරමක් ඇත. ඔබ අන්‍යයන්ව ඔබ හා සමාන බවට පත්කරන තරමට ඔබ ඉහළ තත්ත්වයක් අත්කරගනු ඇත. ඔබ දැනුම නමැති අවිනාශී ආභරණ ප්‍රදානය නොකරන්නේ නම්, ඔබට ඒ වෙනුවට ලබාගත හැක්කේ කුමක්ද? යමෙක් ධනවත් වන විට ඔහුගේ කලින් උපතේ ඔහු පරිත්‍යාග කර ඇති බව සහ පුණ්‍ය කටයුතු වල යෙදී සිටි බව කියනු ලැබේ. සෑම කෙනෙක්ම රාවන්ගේ රාජධානියේ පව් කරන බව දරුවන් වන ඔබලා දැන් දනී. ඉතාමත් පින්වත් ජීව වන්නේ ලක්‍ෂ්මී සහ නාරායන්ය. ඔව්, බ්‍රහමණයන්වත් ඉහළින් ගෞරව කරනු ලබන්නේ අන්‍යයන්ව උසස් බවට පත්කරවන නිසාය. එය ඵල සම්පත්තියයි. බ්‍රහ්මාගේ මුවින් උපන් නිර්මාණය වූ බ්‍රාහ්මණ වංශයේ සැරසිල්ල වන ඔබලා ශ්‍රීමත් පදනම මත මේ උසස් කටයුත්ත කරමින් සිටී. ප්‍රධාන වන්නේ බ්‍රහ්මාගේ නාමයයි. මිනිසුන් ත්‍රිමූර්ති බ්‍රහ්මා ගැන කතා කරති. සෑම අවස්ථාවකම දැන් ඔබලාට ත්‍රිමූර්ති ශිවා ගැන පැවසීමට ඇත. බ්‍රහ්මා මඟින් ස්ථාපනයත් ශංකර් මඟින් විනාශය ගැනත් මිනිසුන් කතා කරති. ඔවුන් ප්‍රතිමා වල විවිධ ස්වරූප නිර්මාණය කරති. නමුත් එහිදී ශිව හෝ බ්‍රහ්මා නොපෙන්වයි. දරුවන් වන ඔබලාට මෙයත් පැහැදිලි කරන්නට සිදුව ඇත. දරුවන්ට මෙන්ම මෙය නිවැරදිව සමහරුන්ගේ බුද්ධියේ හිඳුවන්නේ ඉතා අමාරුවෙනි. මාතෘකා වශයෙන් ඔබලා නම් කරන බොහෝ ප්‍රධාන කරුණු ඇත. ඔබලා බොහෝ බොහෝ මාතෘකා ලබා ගනී. ඔබලා දෙවියන්ගෙන් සත්‍ය ගීතාවට සවන් දෙමින් ලොව පාලකයන් වේ. මනුෂ්‍යයින්ව සිට දේවතාවන් බවට පත් වේ. මාතෘකා බොහෝම හොඳයි. එනමුත්, ඒවා පැහැදිලි කිරීමට නුවණ ද අවශ්‍යයි. මිනිසුන්ට ඒවා අවබෝධ කළ හැකි සේ සහ ඒවා ඇසිය හැකිවන පරිදි ඔබලා මේ දේවල් සඳහන් කළ යුතුයි. එය ඉතා පහසුයි. දැනුමේ සෑම කරුණක්ම රුපියල් සිය දහස් වාරයක් වටිනවා. ඔබලා එමඟින් ශ්‍රේෂ්ඨ බවට පත් වේ. ඔබගේ සෑම පියවරකටම (පදම්) ලක්‍ෂ බොහෝ ගණනක් ඇත. ඔවුන් දේවතාවන් නෙළුම් (පද්ම) මලක පෙන්වන්නේ ඒ නිසාය. බ්‍රහ්මාගේ මුවින් උපන් නිර්මාණයන් වන බ්‍රහමණයන් වන ඔබලාගේ නාමය ඔවුන්ට නැති වී ඇත. ඒ බ්‍රාහ්මණ පූජකයන් ඔවුන්ගේ අතේ ගීතාව තබා ගනිති. ඔවුන්ගේ අත් වල ග්‍රන්ථ තිබෙන්නා සේ සත්‍ය බ්‍රහමණයන් වන ඔබ, සත්‍යය ඔබේ බුද්ධියේ තබා ගනී. ඔබලා ශ්‍රීමත් පදනම මත දිව්‍යලෝකය නිර්මාණය කරමින් සිටින බව සහ පියා ඔබලාට රාජයෝග උගන්වමින් සිටිනවා යන කුල්මත්භාවය ඔබට තිබිය යුතුයි. ඔබ ලඟ පොත් කිසිවක් නැත. නමුත් සරල බැජ් එක ඔබේ සත්‍ය ගීතාවයි. එය මත තිමූර්ති පින්තූරය ඇත. එහි මුළු ගීතාවම ඇතුලත්ය. තත්පරයකින් මුළු ගීතාවම පැහැදිලි වී යයි. මේ බැජ් එකෙන් ඔබට ඕනෑම කෙනෙකුට තත්පරයකින් පැහැදිලි කළ හැකිය. මේ ඔබගේ පියා වේ. ඔහුව සිහිපත් කිරීමෙන් ඔබගේ පව් නැති වී යාවි. දුම්රියේ ගමන් කරමින් සිටින විට හෝ ඇවිදින විට ඔබට හමුවන ඕනෑම කෙනෙකුට හොඳින් පැහැදිලි කළ හැකියි. ක්‍රිෂ්ණාගේ දේශයට යාමට සෑම කෙනෙකුටම ආශාව ඇත. මෙය ඉගෙනීම මඟින් එය ඔබට ලබාගත හැක. රාජධානිය ගොඩනැඟී ඇත්තේ මේ ඉගෙනීම මඟිනි. වෙනත් ආගම් ස්ථාපකවරු කිසිවෙකුවත් රාජධානියක් ගොඩනඟන්නේ නැත. ඔබගේ අනාගත උපත් 21 සඳහා රාජයෝග ඉගෙන ගන්නා බව ඔබ දනී. එය එතරම් හොඳ ඉගෙනීමක්ය. ඔබට දිනපතා එක පැයක් ඉගෙනීමට ඇත එපමණයි. වෙනත් ඉගෙනීම් වලට පැය හතරක් පහක් දක්වා ඇත. එහෙත් මෙයට පැයක් සෑහේ. සෑම කෙනෙක්ම උදෑසන වේලාවට නිදහස්ය. කෙසේවෙතත්, බැඳීම් ඇති අයට සහ වේලාවට පැමිණිය නොහැකි අයට වෙනත් වේලාවක පැමිණිය හැක. සැම විටම ඔබ කොහේ ගියත් බැජ් එක පැළඳ යා යුතුයි. මේ පණිවිඩය දීම නොකඩවා කරගෙන යන්න. ඔබට මේ බැජ් එක පුවත්පත් වල දැමිය නොහැක. ඔබට එයින් එක් පැත්තක් මුද්‍රණය කළ හැකියි. මිනිසුන් කෙසේද යත් ඔවුන්ට ඔබේ පැහැදිලි කිරීම් නොමැතිව වටහාගත නොහැකියි. එය ඉතා පහසුයි. මේ කාර්යය ඕනෑම කෙනෙක්ට කළ හැක. අච්චා, ඔබ බාබාව සිහිපත් නොකළත් ඔහුව අන් අයට මතක් කර දීමත් හොඳයි. සමහරු ශාරීරික අවධානයේ සිට අන්‍යයන්ට ජීව අවධානයට පත්වීමට කියති. එමනිසා, එමඟින් පාප ක්‍රියා එකක් හෝ තවත් එකක් සිදුවනු ඇත. පළමුව මනසේ කුණාටු ඇතිවේ, පසුව එය ක්‍රියාවට නැඟේ. බොහෝ කුණාටු ඇති වේවි, එවිට ඔබට බුද්ධිය පාවිච්චි කරන්නට සිදුවේ. ඔබ කිසිම දිනක අයහපත් ක්‍රියාවක් නොකළ යුතුයි. ඔබ යහපත් ක්‍රියා පමණක් කළ යුතුයි. යහපත් සිතිවිලි සහ අයහපත් සිතිවිලි ඇත. ඔබ අයහපත් සිතිවිලි නැවැත්විය යුතුයි. පියා ඔබට ඒ බුද්ධිය ලබා දී ඇත. මෙය වෙන කිසිවෙකුටත් නොවැටහේ. ඔවුන් වැරදි ක්‍රියා නොනවත්වා දිගටම කරති. ඔබ යහපත් උත්සාහයන් දරයි. ඔබ යහපත් ක්‍රියාවන් කරයි. පියා මේ දේවල් සියල්ල ඉතා පැහැදිලිව විස්තර කරයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සෑම දැනුම නමැති අවිනාශී ආභරණයක්ම ලක්‍ෂ ගණනක් සහ රුපියල් කෝටි ගණනක් වටී. ඔබ ඒවා ප්‍රදානය කරමින් සෑම පියවරකින්ම ලක්‍ෂ සංඛ්‍යාවක ආදායම් රැස්කර ගන්න. අන් අයවත් ඔබට සමාන කරමින් උසස් තත්ත්වයක් අත්කර ගත යුතුයි.

2. පාප ක්‍රියා වලින් ආරක්‍ෂා වන්නට ජීව අවධානයේ සිටීමට උත්සාහ දරන්න. ඔබේ මනසේ අයහපත් සිතිවිලි තිබේනම් ඔබ ඒවා නවත්වා ගන්න. ඔබට යහපත් සිතිවිලි තිබිය යුතුයි. ඔබගේ සංවේදී ඉන්ද්‍රියන් මඟින් කිසිම වැරදි ක්‍රියාවක් නොකරන්න.

වරදානය:
ඔබ ආධ්‍යාත්මික සේවාධාරියෙක් වී, සේවය කරන අතර, යෝග්යුක්ත මනෝ ස්ථීතියක් අත්විඳිත්වා.

බ්‍රහ්මණ දිවිය, සේවය කිරීමේ දිවියකි. ජීවමානව සිටීමේ සහ මායාගෙන් ආරක‍්ෂිතව සිටීමේ ශ්‍රේෂ්ඨ ක්‍රමවේදය වන්නේ සේවය කිරීමය. සේවය, ඔබව යෝග්යුක්ත කරවයි, නමුත් සේවය කරන්නේ වචන වලින් පමණක් නොවෙයි. ඔබ අසා ඇති මිහිරි වදන් වල ප්‍රතිරුවක් වීමෙන් සේවය කිරීම, පරහිතකාමී සේවය කිරීම, ඔබගේ අත්හැරීමෙන් සහ තපස්යාවේ ප්‍රතිරුවක් වීමෙන් සේවය කිරීම, සීමීත ආශා ඉක්මවා ගොස් පරහිතකාමී සේවයේ යෙදීම මෙය දේවමය හෝ ආධ්‍යාත්මික සේවය ලෙස හැඳින්වෙයි. ඔබගේ මනසින් මෙන්ම මුවින්ද සේවය කිරීම යනු, මන්මනාභව ස්ථීතියේ ස්ථාවර වීමයි.

පාඨය:
සිරුරු දෙස නොව, අශාරීරික පරම පියා දෙස බැලීමෙන්, ඔබ ආකර්ෂණීය ප්‍රතිරුවක් වෙයි.


මාතේශ්වරීගේ ශ්‍රේෂ්ඨ වදන්
කර්ම බන්දන බිඳ දැමීමට ඔබ කළ යුතු උත්සාහය.
තම කර්ම බන්දන බිඳ දැමීමට ඔවුන් කළ යුත්තේ කුමක්ද කියා, බොහෝ මිනිසුන් විමසයි. පරම පියා සෑම කෙනෙකුගේම හඳහන ගැන දන්නවා. ඔබගේ හදවත් වලින් ඔය දරුවන් පරම පියාට කැප වූ පසුව, ඔබගේ සියළු වගකීම් ඔහුගේ දෑතට දැමීම ඔබගේ වගකීමයි. එවිට ඔහු ඔබ එක් එක්කෙනා දෙස බලා, ඒ අනුව ඔබ කළ යුත්තේ කුමක්ද යන්න ගැන උපදෙස් දෙයි. ඔබ ප්‍රායෝගික අන්දමකින් ඔහුගේ ආධාරය ලබා ගත යුතුයි, නමුත් ඔබ නොකඩවා ඔහුට සවන් දෙන අතර තමාගේම උපදෙස්ද අනුගමනය කිරීම සිදු නොකළ යුතුයි. පරම පියා ශාරීරික ස්වරූපයක සිටිනවා, එබැවින් ඔය දරුවන්ද පරම පියා, ගුරුවරයා සහ ගුරූගේ ආධාර භෞතික ලෙසින් ලබා ගත යුතුයි. ඔබට ලැබෙන උපදෙස් ඔබට අනුගමනය කිරීමට නොහැකි වීම, සිදුවිය නොයුතුයි එවිට වැඩි හානියක් සිදුවෙයි. අණ පිළිපැදීමට ඔබට එඩිතරකම අවශ්‍යයි. ඔබව ගමන් කරවන ඒකායන කෙනා ඔබව විනෝදමත් කරන කෙනා වන අතර ඔබට යහපතක් තිබෙන්නේ කුමකින්ද කියා ඔහු දනී, එබැවින් ඔබගේ බන්දන බිඳ දමන්නේ කෙසේද යන්න ගැන, ඔහු ඔබට උපදෙස් ලබා දෙන්නේ ඒ අනුවයි. ඔබගේ දරුවන්ට කුමක් සිදුවෙයිද, යන සිතිවිල්ල, එවිට ඔබගෙන් කිසිවෙකු තුළ ඇති නොවිය යුතුයි. මෙහිදි තම නිවස ආදිය අත්හැරීම ගැන ප්‍රශ්නයක් නැත. මෙහිදි, නාටකයේ එම චරිත කොටස, දරුවන් කිහිප දෙනෙකුට, තම බන්දන බිඳ දැමීම සඳහා තිබීමේ කාරණාවකි. එය නාටකයේ කොටසක් නොවූයේ නම්, ඔබට දැන් ලබා දෙන සේවය, කවුරු කරයිද? දැන්, කිසිවක් හැර දමා යාම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ, නමුත් ඔබ පරමාත්ම දෙවියන්ට අයත් විය යුතුයි. බිය නොවන්න! එඩිතරකම ඇති කරගන්න! බිය ඇති අයට සතුටින් සිටීමට නොහැකි අතර පරම පියාගේ උදව්කරුවන් වීමටද නොහැක. මෙහිදි, ඔබ ඔහුගේ සම්පූර්ණ උදව්කරුවන් විය යුතුයි. ඔබ ජීවමානව මිය ගිය විට, ඔබට ඔහුගේ උදව්කරුවන් වීමට හැකි වෙයි. එවිට ඔබ කොහේ හෝ සිර වන්නේ නම්, ඔහුට ඔබට උපකාර කර, ඔබව එතෙර කිරීමට හැකි වෙයි. එබැවින් ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියා තුළින් ඔබ බාබාගේ උදව්කරුවන් විය යුතුයි. බැඳීමක සුළු රැහැනක් හෝ තිබෙයි නම්, එය ඔබව වට්ටයි. එබැවින් එඩිතරකම ඇති කරගෙන ඉදිරියට යන්න. එඩිතරකම තිබීම අතින් ඔබ දුර්වල වන විට, ඔබ අවුලට පත් වෙයි. එබැවින් ඔබගේ බුද්ධිය අතිශයින් පිවිතුරු කරගන්න. කිසිදු පාපයක සුළු සලකුණක් වත් තබා නොගන්න. ගමනාන්තය දුර නැහැ, නමුත් නැග්ම ටිකක් වංගු සහිතයි, එබැවින් ඔබ සර්ව බලධාරියාගේ ආධාරය ගන්නේ නම්, ඔබ බිය නොවන අතර ඔබ වෙහෙසට පත් නොවෙයි. අච්චා.