02.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම ඥානය සම්පූර්ණයෙන්ම නිහඬතාවය පිළිබඳවයි. මෙහි කතා කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. නිහඬතාවයේ පියා වන පරමාත්ම පියාව නිරන්තරයෙන් සිහි කිරීම පමණක්ම කරන්න.

ප්‍රශ්නය:
ඔබගේ වර්ධනයේ පදනම කුමක්ද? පරම පියා විසින් උගන්වනා දේ ඔබට ධාරණය කරගත හැකි වන්නේ කවදාටද?

පිළිතුර:
ඔබගේ වර්ධනයට පදනම වන්නේ සෙනෙහසයි. එකම එක පියා කෙරෙහි ඔබ තුළ සැබෑ සෙනෙහසක් තිබිය යුතුයි. ළඟින්ම ජීවත් වුණත් වර්ධනයක් නැතිනම්, අනිවාර්යෙන්ම සෙනෙහසේ අඩුවක් ඇති. සෙනෙහස තිබෙනවානම්, ඔබ පරම පියාව සිහි කරාවි. පරම පියාව සිහි කිරීමෙන් ඔබට ඔහුගේ සෑම ඉගැන්වීමක්ම හොඳින් ධාරණය කරගත හැකි වේ. වර්ධනය සඳහා අවංකව ඔබගේ වර්ධන සටහන පවත්වාගෙන යන්න. පරම පියාගෙන් කිසිම දෙයක් සඟවන්න එපා. ජීවාත්ම අවධානයට පත් වෙමින් නොකඩවාම තමාව අලුත් කර ගන්න.

ඕම් ශාන්ති.
දරුවනි, ඔබ මෙහි අසුන් ගන්නා විට තමන් ජීවයක් බව සලකා පරම පියාව සිහි කර අසුන් ගන්න. බාබා ඔබගෙන් අසනවා කණ්ඩායමකට දේශනයක් දෙන ඕනෑම වෙලාවක ඔබ හිතන්නේ තමන් ජීවාත්ම සත්තාවන් කියාද නැතිනම්, ශරීර කියාද කියා ඔවුන්ගෙන් නිතර නිතරම අසනවාද? තමන් ජිව බව සලකා මෙහි අසුන් ගන්න. නැවත උපත් ගන්නේ ජීවයනුයි. තමන් ජීව බව සලකා පරමාත්ම පියා පරමාත්ම ජීවය සිහි කරන්න. පරමාත්ම පියාව සිහි කිරීමෙන් ඔබගේ පාප දුරු වී යයි. යෝගා ගින්න කියා හඳුන්වන්නේ මෙයයි. අශාරීරික පියා ඔය අශාරීරික දරුවන්ට කියනවා මා සිහි කිරීමෙන් ඔබගේ පාප දුරු වී ගොස් ඔබ පාරිශුද්ධත්වයට පත් වේවි. එවිට ඔබ මුක්තිය හා ජීවන මුක්තියට පත් වේවි. මුක්තියෙන් අනතුරුව සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම ජීවන මුක්තියට පැමිණිය යුතුයි. එමනිසා, නිතර නිතරම ඔබට මෙය කිව යුතුයි මෙහි අසුන්ගෙන සිටිනා විට තමන් ජීවයක්ය යන විශ්වාසයෙන් සිටින්න. සහෝදර සහෝදරියන් තම තමන් ජීව ලෙස සලකා පරම පියාව සිහි කරමින් මෙහි අසුන්ගෙන සිටිනවා. මෙම විධානය දී ඇත්තේ පරම පියායි. මෙය ස්මරණ වන්දනාවයි. පරම පියා කියනවා ඔබගේ බුද්ධියෙන් යෝගාව මා වෙතට යොමු කරවන්න. උපතක් උපතක් පාසා ගෙන ආ සියලුම පාප දැවී අලු වී යාවි. මේ පිළිබඳව ඔබ නිතර නිතරම ඔවුන්ට සිහිකර දීමෙන් පමණයි. ජීවය අවිනාශී බවත් ශරීරය විනාශවන සුලු දෙයක් බවත් ඔවුන් තේරුම් ගන්නේ. අවිනාශී ජීවයක් විනාශ වන සුලු ශරීරයකට ඇතුලු වී චරිතයක් රඟ දක්වනවා. එක් ශරීරයක් අතහැර තවත් ශරීරයක් ගන්නවා. ජීවයන්ගේ මුල්ම ධර්මතාවය කොහොමත් සාමයමයි. ජීව තමන්ගේම ධර්මය ගැනවත් දන්නේ නැහැ. පරම පියා දැන් කියනවා මා සිහි කරන්න ඔබගේ පාප දුරු වී යාවි. ප්‍රධානම දෙය මෙයයි. පළමුවෙන්ම, ඔය දරුවන් මේ උත්සාහය දැරිය යුතුයි. ඔය ජිවයන්ට මෙය කියන්නේ අසීමිත පියායි. මේ සඳහා කිසිම ග්‍රන්ථයක් අතට ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. ගීතාව ගැන යමක් කිව්වත් ඔවුන් කියාවි ඔබ ගන්නේ ගීතාව පමණයි. ඇයි වේදාවන් ගැන කතා කරන්නේ නැත්තේ කියලා. බාබා කියා තිබෙනවා වේදාව ග්‍රන්ථය වන්නේ කුමන ආගමේ දැයි කියා ඔවුන්ගෙන් අසන්න. (ආර්යය සමාජයේ) ආර්යය ධර්මය කියා කියන්නේ කුමන ධර්මයටද? හින්දු ධර්මයක් නැහැ. මුල්ම සදාතනික ධර්මය දේවතා ධර්මයයි. ඉතින් එසේනම්, ආර්යය සමාජය කුමක්ද? ආර්යය ධර්මය ආර්යය සමාජීන්ගේ ධර්මය විය හැකියි. ආර්යය ධර්මය කියා ධර්මයක් නැහැ. ආර්යය ධර්මය ස්ථාපනය කළේ කවුද? ඇත්තෙන්ම කියනවා නම්, ඔබ ගීතාවවත් නොගත යුතුයි. පළමුවෙනිම දේ, තමා ජීවයක් බව සලකා පරම පියාව සිහි කිරීමය. එවිට ඔබ සතෝප්‍රධාන් වේවි. මේ කාලයේදී සෑම කෙනෙක්ම තමෝප්‍රධාන්. පළමුවෙන්ම ඔබ පරම පියාගේ හැඳින්වීම දිය යුතුයි. එකම එක පියාව පමණක් ප්‍රශංසා කළ යුතුයි. මෙය ඔබට කිව හැක්කේ ඔබමත් පරම පියාව හොඳින් සිහි කරනවා නම් පමණයි. මේ කරුණ සම්බන්ධයෙන් දරුවන් දුර්වලයි. බාබා සෑම විටම කියනවා ස්මරණ වන්දනාවේ වාර්තා සටහනක් පවත්වා ගන්න. ඔබ සෑම කෙනෙක්ම තම තමන්ගේම හදවතින් ඇසිය යුතුයි මම කෙතරම් දුරට පියාව සිහි කරනවාද? ඔය දරුවන්ගේ හදවතේ ඒ සතුට තිබිය යුතුයි. ඔය දරුවන් තුළ ඒ සතුට තිබෙනවානම්, ඔබ අන් අයට පැහැදිලි කරනා විට යම් බලපෑමක් අන් අය මත ඇති වේවි. ඔබ විසින් කිව යුතු පළවෙනිම හා ප්‍රධානම කරුණනම් සහෝදර සහෝදරියනි, තම තමන් ජීව බව සලකන්න. වෙන කිසිම ආධ්‍යාත්මික හමුවකදී මෙසේ කියන්නේ නැහැ. ඇත්තෙන්ම කියනවා නම්, ඒ කිසිම හමුවක් ආධ්‍යාත්මික වන්නේත් නැහැ. සත්‍යයේ ආශ්‍රය යනු එකම එක කෙනාගේ ආශ්‍රයම පමණයි. අන් සියල්ල මිත්‍යාවයි. මෙහි මෙය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක්. වේදාව මඟින් කිසිම ආගමක් ස්ථාපනය වෙලා නැහැ. ඉතින් ඇයි එහෙනම් වේදාවන් ගත යුත්තේ ? කිසිම කෙනෙකුට මෙම ඥානය නැහැ. ඔවුන්ම කියනවා, ’නෙතී, නෙතී' (ඒකත් නොවෙයි, මේකත් නොවෙයි), අපි ඒ ගැන දන්නේ නැහැ. ඒ කියන්නේ ඔවුන් අදේවවාදීන් බවයි. පරම පියා දැන් කියනවා දේවවාදීන් බවට පත්වන්න. මේ දේවල් ටිකක් ගීතාවේ සඳහන් වී තිබෙනවා. නමුත් වේද ග්‍රන්ථ වල නැහැ. වේද ග්‍රන්ථ හා අපනිශද් ආදිය රැසක් තිබෙනවා. ඒවා කුමන ආගමේ ග්‍රන්ථද? මිනිස්සු තම තමන්ගේ මත ගැන කතා කරනවා. ඔබ ඒවාට ඇහුම් කන් නොදිය යුතුයි. පරම පියා ඔබට සෑම දෙයක්ම ඉතාමත් පහසුවෙන් පහදා දෙනවා තමා ජීව බව සලකා පරම පියාව සිහි කරන්න. එවිට ඔබ පාරිශුද්ධත්වයට පත් වේවි. මෙන්න මේ නිසා තමයි ඔබ ලෝකයේ ඉතිහාසය හා භූගෝලය ගැනත් දැන ගත යුත්තේ. ඔබ ළඟ ඇති මෙම ත්‍රිමූර්ති හා චක්‍රයේ රූප තමයි ප්‍රධානම පින්තූර වන්නේ. ඒ තුළ සෑම ධර්මයක්ම අන්තර්ගතයි. පළමුවෙන්ම ඇත්තේ දේවතා ධර්මයයි. බාබා කියා තිබෙනවා ත්‍රිමූර්ති හා චක්‍රයේ විශාල පින්තූර සාදා ඒවා දිල්ලි නුවර විශාල පිරිසක් යන එන ප්‍රධාන තැනක තබන්න. ඒවා ඇලුමිනියම් තහඩු වල ගැසිය යුතුයි. ඉනිමඟ පෙන්වන පින්තූරයේ අනිකුත් ආගම් පෙන්වන්නේ නැහැ. ප්‍රධානම පින්තූර වන්නේ මේ දෙකයි. ඔබ විසින් පැහැදිලි කර කියා දිය යුත්තේ මේවායි. පමුවෙනිම දේ පරම පියාගේ හැඳින්වීමයි. ඔබට උරුමයක් හිමිවන්නේ පරම පියාගෙන් පමණයි. මෙම එකම එක කරුණ පිළිබඳව ඔබ ඔවුන් තුළ විශ්වාසයක් තහවුරු කෙරෙව්වේ නැතිනම්, ඒ කිසිම කෙනෙක්ට කිසිම දෙයක් ඉන් අනතුරුවවත් තේරුම්ගත හැකි වෙන එකක් නැහැ. එකම එක පියා පිළිබඳව තේරුම් ගත්තේ නැතිනම්, අනිත් පින්තූර පහදාදීමත් වැඩක් වන්නේ නැහැ. ඇල්ෆා අවබෝධ කර නොගෙන වෙන කිසිම දෙයක් අවබෝධ කර ගැනීමට ඔවුන්ට හැකි වන්නේ නැහැ. පරම පියාගේ හැඳින්වීම ලබා දීමෙන් තොරව වෙන කිසිම දෙයක් ගැන කතා කරන්න එපා. අසීමිත උරුමයක් ඔබ ලබන්නේ පරම පියාගෙන් පමණයි. එතරම් පහසු දෙයක්වත් ඇයි දරුවන්ට තේරුම් ගැනීමට බැරියි කියා බාබා පුදුමයට පත් වෙනවා. ඔය ජීවයන්ගේ පියා ශිවායි. ඔබ ඔහුගෙන් උරුමයක් ලබනවා. ඔබ සෑම කෙනෙක්ම සහෝදරයින්. මෙය අමතක කළ විට ඔබලා තමෝප්‍රධාන් වෙනවා. දැන් පියාව සිහි කරන්න, ඔබ සතෝප්‍රධාන් වේවි. ප්‍රධානම දෙය නිර්මාණකරු හා නිර්මාණය ගැන දැන ගැනීමයි. වෙන කිසිම කෙනෙක් ඒවා දන්නේ නැහැ. මේ සෘෂිවරුන් හෝ මුණිවරයින්වත් ඒ ගැන දන්නේ නැහැ. ඉතින් පළමුවෙන්ම පරම පියාගේ හැඳින්වීම ලබා දී සෑම කෙනෙක්ම දේවවාදීන් කරවන්න. පරම පියා කියනවා මාව දැනගැනීමෙන් ඔබ සියල්ලම දැන ගනීවි. ඔබ මා ගැන දන්නේ නැතිනම්, වෙන කිසිම දෙයක්වත් තේරුම් ගැනීමට ඔබට හැකිවන්නේ නැහැ. එවිට ඔබ ඔබගේ කාලය නිරපරාදේ අපතේ හරිනවා. නාටකයට අනුව නිර්මාණය වී ඇති සෑම පින්තූරයක්ම හොඳයි. කෙසේවෙතත්, ඔබ එතරම් උත්සාහයක් දැරුවත් එය කිසිම කෙනෙකුගේ සිහියේ රඳන්නේ නැහැ. දරුවන් අසනවා බාබා අප පහදා දෙන විදියේ වැරැද්දක් තිබෙනවාද? බාබා ක්ෂණිකවම කියනවා ඔව් දරුවනේ, වරදක් තිබෙනවා. ඇල්ෆා තේරුම් ගත්තේ නැතිනම්, ඔවුන්ට එතැනින්ම ආපසු යන්න කියන්න. ඔවුන්ට කියන්න පරම පියාව දන්නේ නැතිව වෙන කිසිම දෙයක් ඔබගේ සිහියට යන්නේ නැහැ. ජීව අවධානයෙන් සිටියේ නැතිනම්, ඔබගේ ඇස් පව්කාර ඇස් වෙනවා. ඒවා ශිෂ්ඨ සම්පන්න වන්නේ ඔබ තමන් ජීවයක් කියා සැලකුවහොත් පමණයි. ඔබ ජීව අවධානයෙන් සිටිනවානම්, ඔබගේ ඇස් ඔබව රවටනා එකක් නැහැ. ඔබ ජීව අවධානයෙන් සිටින්නේ නැතිනම්, මායා දිගින් දිගටම ඔබව රවටාවි. මෙන්න මේ නිසා තමයි ඔබ පළමුවෙන්ම ජීව අවධානයට පත්විය යුත්තේ. බාබා කියනවා මට ඔබගේ වාර්තා සටහන පෙන්වන්න, එවිට මට දැනගත හැකියි. දැනටත් ඔබලා බොරු කියනවානම්, පව් කරනවානම්, කේන්ති ගන්නවානම්, ඔබම ඔබගේ සත්‍යය විනාශ කරගන්නවා (තමාම සියල්ල අහිමි කරගන්නවා). ඔබ ඇත්තම ලියා තිබෙනවාද, නැතිනම් කිසිම දෙයක අර්ථයවත් තේරුම් අරගෙන නැතිද කියා බාබාට ඔබගේ වාර්තා සටහන දුටු විට තේරුම් ගත හැකියි. බාබා සෑම දරුවෙකුටම කියනවා ඔබගේ වාර්තා සටහන ලියන්න. යෝගාවේ නොසිටිනා දරුවන්ට එතරම් හොඳ සේවයක් කළ හැකි වන්නේ නැහැ. ඔවුන්ට තමන්ව බලයෙන් පුරවා ගත හැක්කේ නැහැ. බාබා කියනවා කෝටි ගණනකින් අතේ ඇඟිලි ප්‍රමාණයක් පමණයි තේරුම් ගන්නේ. කෙසේවෙතත්, ඔබම යෝගාවේ සිටින්නේ නැතිනම්, කොහොමද අනිත් අයට කියන්නේ ? සතුට නම් කපුටෙකුගේ වර්චස් පිඩක් වැනියි කියා සන්යාසීවරුන් කියනවා. ඔවුන් සතුට කියන නමවත් සඳහන් කරන්නේ නැහැ. ඇත්තේ මහා විශාල භක්තියක් බව ඔබ දන්නවා. එහි ඇත්තේ මහා විශාල ඝෝෂාවක්. නමුත් ඔබගේ ඥානය ඉතාමත් නිහඬයි. නිහඬතාවයේ සාගරය වන්නේ පියාම පමණක් බව ඔවුන්ට කියන්න. තමන් ජීව බව සලකා ඔබ පරම පියාව සිහිකළ යුතුයි. පරම පියා කියනවා මන්මනාභව්. මෙයවත් කියන්න එපා. හින්දි භාෂාව හින්දුස්ථානයේ බසයි. ඉතින් ඇයි සංස්කෘත මොනවාටද? දැන් ඒ භාෂා පැත්තකින් තබන්න. පළමුවෙන්ම දේශනයක් දෙන්න තමන් ජීව බව සලකන්න. තමන් ජීව බව සැලකීමේ හා පියාව සිහි කිරීමේ අපහසුතාවෙන් සිටිනා අය රාශියක් සිටිනවා. ඒ කිසිම කෙනෙක්ට ඔවුන්ගේ පාඩුව තේරෙන්නේ නැහැ. යහපතක් ඇත්තේ පියාව සිහිකිරීමෙන්ම පමණයි. වෙන කිසිම ආධ්‍යාත්මික හමුවකදී ඔවුන් තමන් ජීව බව සලකා පරම පියාව සිහිකරන්නැයි කියා සඳහන් කර නැහැ. දරුවන් තමාගේ පියාව සිහිකරන්නැයි කියා කොහේ හෝ තැනක වාඩි වී සිටිනවාද? ඔවුන් යන එන අතර කන බොන අතර සෑම විටම තම පියාව සිහිකරනවා. ඔබ දැන් ජීව අවධානය පුහුණු කළ යුතුයි. ඔබ වැඩිපුර කතා කරනවා. එතරම් කතා කළ යුත්තේ නැහැ. ප්‍රධානම දෙය ස්මරණ වන්දනාවයි. ඔබ පාරිශුද්ධත්වයට පත්වන්නේ යෝග ගින්නෙන් පමණයි. මේ කාලයේ දී සෑම කෙනෙක්ම සිටින්නේ අසතුටින්. සතුට ලැබෙන්නේ පාරිශුද්ධව සිටීමෙන් පමණයි. ජීව අවධානයට පත් වී අන් අයට පහදා දුන්නොත් ඊතලය හරි තැනටම වැදේවි. කවුරු හෝ පාපයේ ගැලෙමින් නමුත් අනිත් අයට පාපයෙන් දුරු වෙන්නැයි කියා කිවහොත් එය හරි ඉලක්කයට වදින්නේ නැහැ. පරම පියා කියනවා දැන් අතීතය අතීතයටම යවන්න. පළමුවෙන්ම, තමාව අලුත් කරවා ගන්න. ඔබගේම හදවතින් අසන්න මම කෙතරම් දුරට මා ජීවයක් කියා සලකනවාද ? මාව ලෝක පාලකවරයෙක් කරවන පරම පියාව මම කෙතරම් දුරට සිහි කරනවාද? අපි ශිව බාබාගේ දරුවනුයි. එමනිසා, අපි අනිවාර්යෙන්ම ලෝක පාලකවරුන් විය යුතුයි. ඒ ආදරවන්තයා පැමිණ දැන් ඔබ ඉදිරියේම සිටිනා නිසා ඔබ ඔහුට ආදරය කළ යුතුයි. ආදරය යනු සිහි කිරීමයි. දෙදෙනෙක් විවාහ වන විට බිරිඳකගේ සිතේ තම ස්වාමිපුරුෂයා කෙරෙහි ඇත්තේ මහත් සෙනෙහසක්. ඔබලාත් දැන් විවාහ ගිවිසගෙනයි සිටින්නේ. නමුත් විවාහ වී නැහැ. ඔබලා විවාහ වන්නේ විශ්නු දේශයට ගිය පසුවයි. පළමුවෙන්ම ඔබ ශිව බාබා ළඟට ගොස් පසුව නෑදෑයින්ගේ ගෙදර යනවා. ගිවිස ගැනීමේ සතුටත් දෙවෙනි නැහැ. කෙනෙක් හා විවාහ ගිවිසුනු ගමන් ඒ පිළිබඳ සිහිය දැඩි වෙනවා. ස්වර්ණමය යුගයේත් විවාහ ගිවිස ගැනීම් සිදු වෙනවා. නමුත් ඒ විවාහ ගිවිස ගැනීම් කවදාවත් බිඳෙන්නේ නැහැ. කිසිම අකල් මරණයක් නැහැ. ඒවා සිදුවන්නේ මෙහිදීයි. ඔය දරුවන් තම තමන්ගේ පවුලේ අයත් සමඟ නිවසේ ජීවත්වන අතරත් පාරිශුද්ධව සිටිය යුතුයි. ළඟම සිටියත් වර්ධනයක් නැහැ. ඒ සෙනෙහසින් මෙහි පැමිණෙන අය වර්ධනය වෙනවා. සිහිකිරීම හරිහැටි නොමැති නම්, ඒ සෙනෙහස නැහැ. එවිට ඔබට ඒ ඉගැන්වීම් හරිහැටි තේරුම් ගත හැකි වන්නේ නැහැ. පරමාත්මය කියනවා ඔය දරුවන්, සෑම කෙනෙක්ටම පණිවිඩය දිය යුතුයි රාගය තමයි ලොකුම සතුරා. එහි මුල සිට අග දක්වාම එය දුන්නේ දුකමයි. ඔබලා ස්වර්ණමය යුගයේ පාරිශුද්ධ පාලකවරුන්. ඔබලා දැන් ඇදවැටී කිළිටි වෙලා. දැන් මෙම අවසන් උපතේදී නැවතත් පාරිශුද්ධ වන්න. රාග සෑය මත අසුන් ගැනීමේ බන්ධනය අවලංගු කර දමන්න. යෝගීයුක්ත ලෙස කතා කළ විට එය මිනිසුන්ට අවබෝධ වේවි. ඥාන අසිපතේ යෝග බලය තිබිය යුතුයි. දරුවන් කියනා පළවෙනිම හා ප්‍රධානම දෙයනම් බාබා, අපි බොහෝ උත්සාහ දරනවා. නමුත් කලාතුරකින් කෙනෙක් තමයි එන්නේ. බාබා කියනවා යෝගාවෙහි සිට පහදා දෙන්න. යෝගා වන්දනාවේ සිටීමට උත්සාහ දරන්න. ඔබ රාවන්ගෙන් පරාජය වී පාපකාරී වුණා. දැන් පාපයෙන් තෝර වන්න. පරම පියාව සිහි කිරීමෙන් ඔබගේ සියලු ආශාවන් ඉටුවේවි. බාබා ඔබව දිව්‍යලෝකයේ පාලකවරුන් කරවනවා. බාබා උපදෙස් ගණනාවක් දෙනවා. නමුත් දරුවන්ට ඒවා හොඳින් ග්‍රහණය කරගන්න බැහැ. ඔවුන් වෙනත් වෙනත් වැඩවල නිරත වෙනවා. ප්‍රධානම දෙය පරම පියාගේ පණිවිඩය ලබා දීමයි. කෙසේවෙතත්, ඔබම එම ස්මරණයේ නැතිනම්, කොහොමද අනිත් අයට කියන්නේ ? රවටන්න බැහැ. පාපයේ ගැලෙන්න එපායි කියා අනිත් අයට කියා නමුත් ඔබ පාපයේ ගැලෙනවා නම්, ඔබගේම හිතට එය වදයක් වේවි. එවැනි රැවටිලිකරුවනුත් සිටිනවා. මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ ප්‍රධානම දේ ඇල්ෆා ගැන දැන ගැනීමයි. ඇල්ෆා දැන ගැනීමෙන් සියල්ල දැනගත හැකියි. ඇල්ෆා නොදැන ගැනීමෙන් ඔබට කිසිම දෙයක් දැනගත හැකි වන්නේ නැහැ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පරම පියාව සිහි කිරීමේ අභ්‍යන්තර සතුටින් සිටිමින් අන් සැමටත් පියාගේ හැඳින්වීම ලබා දෙන්න. එකම එක පියාගේ ගුණ සෑම කෙනෙක්ටම කියන්න.

2. ජීවාත්ම අවධානයට පත්වීම හොඳින් පුහුණු කරන්න. ඕනෑවට වඩා කතා කරන්න එපා. අතීතය අතීතයටම යවා පළමුවෙන්ම තමාව අලුත් කරවා ගන්න. අවංකව තම ස්මරණ වන්දනා වාර්තාව තබා ගන්න.

වරදානය:
බ්‍රාහ්මණ ජීවිතය තුළ විවිධ අත්දැකීම් ඇති විනෝදාස්වාදය අත්විඳින ඔබ පරිපූර්ණ ජීවාත්මයක් බවට පත්වේවා.

මිනිසුන් තම ජීවිතයේ විවිධත්වයට කැමතියි. එමනිසා, දවස පුරා, විවිධ සම්බන්ධතා සහ විවිධ ස්වරූප අත්විඳින විට ඔබ ජීවිතය ඉතා විනෝදජනක ලෙස අත්විඳිනු ඇත. බ්‍රාහ්මණ ජීවිතය යනු ඔබ පරමාත්ම දෙවියන් සමඟ ඇති සියලු සබඳතා අත්විඳින පරිපූර්ණ ජීවිතයකි. ඒ නිසා එක් සම්බන්ධයක් හෝ නැති කර නොගන්න. කුඩා හෝ නොවැදගත් සම්බන්ධතාවයක් ජීවාත්මයෙන් අතුරුදන් වී ඇත්නම්, "සියල්ල" යන වචනය අවසන් වේ. "සියල්ල" ඇති තැන, සම්පූර්ණත්වය ඇති අතර, සියලු සබඳතා සමඟ ඔබ ස්මරණයේ ප්‍රතිමූර්තියක් බවට පත් වේ.

පාඨය:
ස්වභාව ධර්මයේ සෑම දර්ශනයක්ම නිරීක්ෂණය කරන විට, පියා මෙන්, අව්‍යක්ත ස්වරූපයක් ඇති අයෙකු වන විට ඔබ කැළඹීමට පත් නොවනු ඇත.