02.04.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඥාන සාගර පරමාත්ම පියාම දැන් ඔබ ඉදිරියට පැමිණ සිටින්නේ ඔය දරුවන් ඉදිරියේ ඥාන නර්තනය කිරිමටයි. ඔබලා දක්ෂ සේවාධාරි දරුවන් වන විට ඥාන නර්තනයත් වඩාත් හොඳ වෙනවා.

ප්‍රශ්නය:
මෙම සංගම් යුගයේදී ඔය දරුවන් විසින් දියුණු කර ගන්නා විනෝදාංශය කුමක්ද?

පිළිතුර:
ස්මරණයේ රැඳී සිටීමයි. මේක තමයි ඔබගේ ආධ්‍යාත්මික විනෝදාංශය. මෙම විනෝදාංශය දියුණු කර ගන්නවාත් සමගම ඔබලා දිව්‍යමය හා ආධ්‍යාත්මික ක්‍රියාත් කළ යුතුයි. ඔබලා බ්‍රහමින්වරුන්ය. ඔබ අනිවාර්යෙන්ම සෑම කෙනෙකුටම සත්‍ය කතා කියා දිය යුතුයි. සේවය කිරීමේ විනෝදාංශයත් ඔය දරුවන් තුළ තිබිය යුතුයි.

ගීතය:
ඉවසන්න මිනිසුනේ ඉවසන්න. ඔබගේ සතුටේ දින වැඩි ඈතක නොවෙයි.

ඕම් ශාන්ති.
කෙනෙක් රෝගාතුරව රෝහල් ගතව සිටිනා විටෙක දී එම රෝගියා වේදනාවෙන් නිදහස් වීම අපේක්ෂා කරනවා. ඔහු එවිට තම වෛද්‍යවරයාගෙන් තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විස්තරත් එම රෝගයෙන් නිදහස් විය හැක්කේ කවදාදැයි කියාත් කරුණු විමසනවා. ඒ සියල්ල සීමිත කරුණුයි. මෙය අසීමිත කරුණකි. පරමාත්ම පියා පැමිණ ඔය දරුවන්ට අවවාද කරනවා. මෙය සැබැවින්ම සතුට හා දුක අතර වන සෙල්ලමක් බව ඔය දරුවන් දන්නවා. ඇත්තෙන්ම කියනවා නම් ස්වර්ණමය යුගයේදීට වඩා ඔය දරුවන්ට වැඩි යහපතක් සැලසෙන්නේ මෙහිදියි. මන්ද තමන් දැන් සිටින්නේ පරමාත්ම දෙවි පියාගේ ඇකයේ බවත්, තමන් දේව දරුවන් බවත් ඔබලා දන්නවා. මේ කාලයේදී අපට ඇත්තේ ඉතාමත් උසස් වූ නොපෙනෙන කීර්තියකි. මිනිස්සු පරමාත්ම පියාව ශිව, ඊශ්වර, භගවාන් කියා කීවත් ඔවුන් ඔහුව හඳුනන්නේ නැහැ. ඔවුන් නොනවත්වාම ඔහුට කන්නලව් කරනවා. මෙය සිදු වන්නේ නාටකයට අනුවයි. ඥානය හා අවිද්‍යාව දිවා රැය තිබෙනවා. ඔවුන් මෙසේ ගායනා කරමින් සිටියත්, ඔවුන් සතු තමෝප්‍රධාන් බුද්ධිය නිසාම ඔවුන් තමන් තමෝප්‍රධාන් කියා සලකන්නේ නැහැ. කෙනෙකුට මේ දේවල් බුද්ධියට ඇතුලු කර ගත හැකි වන්නේ පරමාත්ම පියාගේ උරුමය ලැබීමේ වාසනාව ඔහුට තිබෙනවා නම් පමණයි. තමන් ගණ අන්ධකාරයේ සිටි බව ඔය දරුවන් දන්නවා. පරමාත්ම පියා දැන් පැමිණ සිටිනා නිසා අපට දැන් මහත් ආලෝකයක් පෑදී තිබෙනවා. පරමාත්ම පියා විසින් පැහැදිලි කරනා ඥානය කිසිම වේද ග්‍රන්ථයක හෝ ආගමික ග්‍රන්ථයක ඇත්තේ නැහැ. පරමාත්ම පියා මෙය කියා දී එය ඔබට ඔප්පු කර පෙන්වනවා. මම ඔය දරුවන්ට නිර්මාණකරුගේත් නිර්මාණයේ මුල, මැද හා අගත් පිළිබඳ වූ ඥාන ආලෝකය ලබා දෙනවා. පසුව එය අතුරුදන් වී යනවා. මාගෙන් තොරව වෙන කිසිම කෙනෙකුගෙන් කිසිම කෙනෙකුට ඥානය ලබන්න බැහැ. මෙම ඥානය පසුව අතුරුදන් වී යනවා. කලි යුගය පසු වී ගිහින් තිබෙනා බව තේරුම් ගන්නා ඔබලා එය නැවතත් වසර 5000කට පසුව සිදු වන බව දන්නවා. මෙය අලුත් දෙයක්. ග්‍රන්ථ වල මෙය සඳහන් වී නැහැ. පරමාත්ම පියා සෑම කෙනෙකුටම එකම ඥානයයි දෙන්නේ. නමුත් එය ධාරණ කර ගැනීමේදී එක් එක් අය සිටින්නේ එක් එක් මට්ටම් වලයි. ඉතාමත් හොඳ සේවාධාරි දරුවන් පැමිණෙන විට බාබාගේ ඥාන නර්තනයත් එයටම අනුව නැටවෙනවා. නර්තනයක් ඉදිරිපත් කරනා දැරිවියක් දෙස ප්‍රේක්ෂකයින් ආසාවෙන් බලාගෙන සිටිනවා නම්, ඇයත් වඩාත් සතුටින් තම නර්තනය ඉදිරිපත් කරනවා. තමුන් ඉදිරියේ ඉතාමත් සුලු පිරිසක් නම් සිටින්නේ ඇයත් සාමාන්‍ය නර්තනයක් සාමාන්‍යයෙන් ඉදිරිපත් කර දමාවි. අත්පොලසන් දීමට විශාල පිරිසක් සිටිනවා නම් ඇයගේ උද්යෝගයත් තවත් වැඩි වෙනවා. මෙහිදිත් එය එසේමයි. සෑම දරුවෙක්ම මුරලියට ඇහුම්කන් දෙනවා. නමුත් ඔහු ඉදිරියටම පැමිණ මුහුණට මුහුණ මුණ ගැසී එයට ඇහුම් කන් දීම තවත් දෙයක්. ක්‍රිෂ්ණාත් නැටුම් නැටූ බව සඳහන් වී තිබෙනවා. ඒ භෞතික නැටුමක් නොවෙයි. ඇත්තටම කියනවා නම් එය ඥාන නර්තනයයි. ශිව බාබාම ඔබට කියන්නේ: මම ඥාන නර්තනය ඉදිරිපත් කිරීමට පැමිණෙමි. මම ඥාන සාගරයයි. එම නිසා ඉතාමත් හොඳ කරුනු ඉස්මතු වෙනවා. මේ ඥාන බටනලාවයි. උණ බට නලාවක් නොවෙයි. පාරිශුද්ධකරු වන පරමාත්ම පියා පැමිණ ඔබට රාජයෝගාව උගන්වයි ද නැතිනම් බට නලා වාදනය කර කර ඉඳීවිද? පරමාත්ම පියා පැමිණ මේ ආකාරයෙන් රාජයෝගාව උගන්වාවි කියා කිසිම කෙනෙක් කිසිම විටෙක සිතනා එකක් නැහැ. ඔබට දැන් මෙය තේරුණත් වෙන කිසිම මිනිසෙකුගේ බුද්ධියට මෙය ඇතුළු වන්නේ නැහැ. මෙහි පැමිණෙන අය එක් එක් මට්ටමි දිනා ගන්නවා. ඔබ සෑම කෙනෙක්ම මීට කල්පයේදී කුමනාකාරයේ උත්සාහයක් දැරුවා ද ඒ තරමේම උත්සාහයක් දැනුදු දරාවි. හරියටම පෙර කල්පයේදී කළ ආකාරයෙන්ම පරමාත්ම පියා පැමිණ සෑම රහසක්ම ඔය දරුවන්ට එළිදරව් කරාවි කියා ඔබලා දන්නවා. ඔහු කියනවා: මමත් නාටකයට බැඳිලයි සිටින්නේ. සෑම කෙනෙක්ම නාටක බන්ධනයේ බැඳිලයි සිටින්නේ. ස්වර්ණමය යුගයේ සිදු වුණු සෑම දෙයක්ම නැවතත් සිදු වේවි. සත්ත්ව විශේෂ ගණනාවක් සිටිනවා. ස්වර්නමය යුගයේදී දැන් තරම් සත්ව වර්ග සිටින්නේ නැහැ. එහි ඇත්තේ සුළු ප්‍රමාණයක් පමණයි. පසුව එම ගණන ක්‍රමයෙන් වර්ධනය වේ. ආගම් වර්ධනය වෙනවාක් සේම. ඔවුන් ස්වර්ණමය යුගයේ නැහැ. ස්වර්ණමය යුගයේදී ඔබට දැකිය හැකි වන්නේ ස්වර්ණමය යුගයේ දේවල් පමණයි. කුණු, කැළි කසල වෙන දේවල් කිසිම දෙයක් ස්වර්ණමය යුගයේදී ඇත්තේ නැහැ. ඒ දේවතාවරුන් හඳුන්වන්නේ දේව දේවඟනන් ලෙසිනුයි. වෙන කිසිම දේශයකදී වෙන කෙනෙකුට දෙවි දේවඟනන් කියා කියනා එකක් නැහැ. ඒ දේවතාවරුන් අනිවාර්යෙන්ම රාජ්‍යය පාලනය කළේ දෙව් ලොවෙහිදියි. බලන්න කෙතරම් දුරට ඔවුන්ගේ ගුණ ගැයෙනවාද? ඔය දරුවන් දැන් ඉවසීම දියුණු කර තිබෙනවා. තමන්ගේ තත්ත්වය කෙතරම් ඉහළ ද පහළ ද, තමන් ලකුණු කීයකින් සමත් වේවිද කියා ඔබලා දන්නවා. අහවල් අහවල් කෙනා ඉතාමත් හොඳින් සේවය කරනා බව ඔය දරුවන්ටම තේරෙනවා. ඔව්. ඉදිරියට යන අතර කුණාටුත් පැමිණෙනවා. පරමාත්ම පියා කියන්නේ: දරුවන් මත කිසිම නරක අපලයක් වැටිය නොහැකියි. මායා ඉතාමත් හොඳ දරුවන්ව පවා වට්ටවනවා. පරමාත්ම පියා ඔබට ඉවසීම දෙනවා. ඉතිරිව ඇත්තේ ඉතාමත් කෙටි කලකි. ඔබ සේවයත් කළ යුතුයි. ස්ථාපනය සිදු වන විට ඔබ නිවහන බලා යා යුතු වෙනවා. එක් තත්පරයක්වත් වෙනසක් සිදු විය නොහැකියි. මෙම රහස තේරුම් ගත හැක්කේ ඔය දරුවන්ටම පමණයි. අපි නාටකයේ රඟ දක්වනා නළුවන් වෙමු. අපි එහි ප්‍රධානම චරිත රඟ දක්වන්නනුයි. ජය පරාජය මත පදනම් වුණු මෙම නාටකය භාරතය මත පදනම් වූවකි. භාරතය පාරිශුද්ධව තිබුණා. එහි ඉතාමත් ඉහළ සාමයක් හා පාරිශුද්ධත්වයක් තිබුණා. එය ඊයේ මෙන් දෙයකි. ඊයේ එම චරිත රඟ දැක්වූයේ අපියි. වසර 5000 මුලු චරිත කොටසම පටිගත වී තිබෙනවා. අපි කල්පය වටාම ගොස් පැමිණ දැන් පරමාත්ම පියා සමග වන යෝගාවෙන් බැඳී ඇති කහට ඉවත් කර ගන්නවා. පරමාත්ම පියා සිහි කළ විට උරුමයත් අනිවාර්යෙන්ම සිහි වෙනවා. පළමුවෙන් ඇල්ෆාව දැන ගන්න. පරමාත්ම පියා කියනවා: මාව තේරුම් ගැනීමෙන් ඔබ සියල්ලක්ම මාගෙන් අවබෝධ කර ගත හැකි වේවි. ඥානය ඉතාමත් පහසුයි. එය එක තත්පරයක දෙයකි. ඒ වුණත් ඔහු නොනවත්වාම ඔබට එය පැහැදිලි කර කියා දෙනවා. ඔහු නොවරදවාම ඔබට කරුණු ඉදිරිපත් කරනවා. ප්‍රධානම කරුණ මන්මනාභවයි. බාධක ඇති වන්නේත් මෙහිදියි. ශාරීරික අවධානය පැමිණි විට ඔබ විවිධාකාරයෙන් හිර වෙනවා. එය ඔබට යෝගාවේ සිටීමට ඉඩ දෙන්නේ නැහැ. භක්ති මාර්ගයේදී ඔවුන් ක්‍රිෂ්ණාව සිහි කිරිමට අසුන් ගත් විට, ඔවුන්ගේ සිහිය එක් එක් දිසා වලට දිව යනවා. භක්තියේ අත්දැකීම් සෑම කෙනෙකුටම තිබෙනවා. එය අදාල වන්නේ මේ කාලයටයි. මීට පෙර උපත් පිළිබඳ යමකුත් ඔබට තේරුම් ගත හැකියි. පරමාත්ම පියාව සිහි කිරීමේ විනෝදාංශය ඔබලා දියුණු කර ගෙන තිබෙනවා. වැඩි වැඩියෙන් ඔහුව සිහි කළ තරමට ඔබගේ සතුටද තව තවත් වැඩි වනු ඇත. ඒත් සමඟම ඔබ දිව්‍යමය හා ආධ්‍යාත්මික ලෝක ක්‍රියා කළ යුතුයි. ඔබලා බ්‍රහමින්වරුන්ය. සත්‍ය නාරායනගේ කතාවත් අමරණීයත්වයේ කතාවත් ඔබ කියා දෙනවා. සියල්ල අන්තර්ගත වන්නේ එක් ප්‍රධාන දෙයකයි. ඔබගේ පාප දුරු වී යන්නේ ස්මරණයෙන්ම පමණයි. මේ එකම එක විනෝදාංශය පමණයි ආධ්‍යාත්මික වන්නේ. මෙම ඥානය ඉතාමත් පහසු දෙයක් බව පරමාත්ම පියා පැහැදිලි කර කියා දෙනවා. කුමාරීන් යන නම සඳහන් වී තිබෙනවා. අධර් කුමාරීන් (විවාහක කාන්තාවන්) ට වඩා කුමාරීන්ගේ නම වැඩියෙන් කීර්තියට ලක් වෙනවා. ඔවුන්ට කිසිම බන්ධනයක් නැහැ. ඒ ස්වාමි පුරුෂයින් ඔවුන්ව දූෂිත කරවනවා. මේ පරමාත්ම පියා ඔබව දෙව් ලොවට යැවීමට ලස්සනට සරසවනවා. ඔහු ඔබව මිහිරි සයුරට ගෙන යනවා. පරමාත්ම පියා කියන්නේ: ඔබගේ පැරණි ශරීරයත් ඇතුලුව මෙම පැරණි ලෝකයම අමතක කර දමන්න. ජීවාත්මය කියනවා: මම උපත් 84ක් සම්පූර්ණ කර තිබෙනවා. මම දැන් මගේ මුළු උරුමයම පරමාත්ම පියාගෙන් දිනා ගන්නවා. ධෛර්ය සම්පන්නව සිටියත් තවමත් හායා සමග සටන් කිරීමට සිදු වෙනවා. මේ බාබා ඉදිරියෙන්ම සිටිනවා. මායාගේ කුණාටු වලට වැඩියෙන්ම මුහුණ දෙන්නේ ඔහුයි. තමන්ට මුහුණ පැමට සිදු වන එවන් දේවල් ගැන බොහෝ අය බාබා ළඟට පැමිණ කියනවා. එවිට බාබා කියන්නේ: දරුවනි, ඔව් අනිවාර්යෙන්ම මෙවන් කුණාටු ඒවි. ඒවා පළමුවෙන්ම පැමිණියේ මටයි. අවසානයේදී ඔබ සෑම කෙනෙක්ම කර්මතීත් තත්ත්වයට ළඟා වේවි. මෙය අලුත් දෙයක් නොවෙයි. මීට පෙර කල්පයේදිත් ඒ දේ ඒ ආකාරයෙන්ම සිදු වුණා. නාටකයේ තමාගේ චරිත කොටස රඟ දැක්වු ඔබලා දැන් නැවතත් නිවහන බලා යනවා. මෙය සජීවී නාටකයක්. මෙම පැරණි ලෝකය අපායක් බව ඔය දරුවන්ට තේරෙනවා. ලක්ෂ්මී හා නාරායන් කිරි සයුරක ජීවත් වුණු බව සඳහන් කර තිබෙනවා. මිනිස්සු ඔවුන් වෙනුවෙන් ඉතාමත් හොඳ දේවාල තනනවා. මුල් කාලයේදී එම දේවාලය සාදනා විට කිරි පොකුණක විෂ්ණු පිළිමයක් තබනවා. ඉතාමත් හොඳ පිළිම සාදා වන්දනා කරනවා. ඒ කාලයේදී සෑම දෙයක්ම හරිම ලාබයි. බාබා සියල්ලම දැක තිබෙනවා. සැබැවින්ම මෙම භාරතය පිරිසිඳු කිරි සයුරක්. වෙඬරු හා කිරි ගංගා තිබුණා වගේයි. එලෙස ඒ ගුණ වර්ණනාව සඳහන් කර තිබෙනවා. දෙව්ලොව ගැන සඳහන් කළ සැනකින්ම ඔබගේ කටට කෙළ උණනවා. ඔය සෑම දරුවෙක්ම ඥානයේ තෙවෙනි ඇස ලබා තිබෙනවා. එම නිසා ඔබගේ බුද්ධියට අවබෝධය ලැබී තිබෙනවා. ඔබගේ සිහිය නිවහනටත් දෙව්ලොවටත් යනවා. එහි සෑම දෙයක්ම අලුත් ශ්‍රී නාරායනගේ පිළිමය දැක බාබා බොහෝ සතුටට පත් වුණා. ඔහු හරිම භක්තියෙන් එය රැක බලා ගත්තා. තමන්මයි ඒ තත්ත්වයට පත් වන්නේ යන්න ඔහුට තේරුණේ නැහැ. ඔබට දැන් බාබාගෙන් මෙම ඥානය ලැබී තිබෙනවා. බ්‍රහ්මාණ්ඩයේ හා ලෝකයේ මුල, මැද හා අග පිළිබඳ ඥානය ඔබට ලැබී තිබෙනවා. කල්පය වටා තමන් යන්නේ කෙසේද කියා ඔබට තේරෙනවා. බාබා අපට රාජයෝග උගන්වනවා. තව ඉතිරි වී ඇත්තේ ඉතාමක් කෙටි කලක් කියා ඔය දරුවන් සතුටු විය යුතුයි. මෙම ශරීරයට සෑම විටෙකම කුමන හෝ දෙයක් සිදු වේවි. දැන් මේ ඔබගේ අවසන් උපතයි. නාටක සැලැස්මට අනුව, ඔබගේ සතුටේ දින ළඟ ළඟම පැමිණෙනවා. විනාශය අත ළඟ බව ඔබට පෙනෙනවා. ඥානයේ තෙවෙනි ඇස ඔබට ලැබී තිබෙනවා. අශාරීරික ලෝකය, සූක්ෂම දනව්ව හා භෞතික ලෝකය ගැන ඔබලා දැන් පැහැදිලිවම දන්නවා. ස්ව අවධානයේ මෙම චක්‍රය නිරන්තරයෙන් ඉතාමත් හොඳින් ඔබගේ බුද්ධියේ භ්‍රමණය වෙනවා. අසීමිත පියා ඔබගේ ගුරුවරයා වී ඔබට උගන්වනා බව ඔබ දන්නවා. කෙසේ වෙතත්, මෙය අලුත් දෙයක් නිසා, ඔබට එය නිතර නිතර අමතක වෙනවා. නැතිනම් බාබා කියා කියු විට ඔබගේ සතුටේ රසදිය කඳ ඉහළ යා යුතුයි. ශ්‍රී ක්‍රිෂ්ණ බැතිමතෙක් වන රම්ටිරත ක්‍රිෂ්ණාගේ දර්ශනයක් දැකීමට බොහෝ උත්සාහ කළා. දර්ශනයක් ලද විට ඔහු ඉතාමත් සතුටට පත් වුණා. නමුත් ඉන් අනතුරුව සිදු වුණේ කුමක්ද? ඔහුට කිසිම දෙයක් ලැබුණේ නැහැ. මෙහිදී ඔය දරුවන්ට සතුට ලැබෙනවා. මන්ද තමන් උපත් 21කටම උසස් තත්ත්වයක් ලබනා බව ඔබලා දන්නවා. කල්පයෙන් තුන් කාලකටම ඔබ සතුටින් සිටිනවා. එක සමානවම තිබුණා නම් එහි එතරම් පලක් නැහැ. කල්පයෙන් තුන් කාලක්ම ඔබ සතුටින් සිටිනවා. වෙන කිසිම කෙනෙකුට ඔබ තරම් සතුටක් ලබන්න බැහැ. ඔබට ඇත්තේ සීමාවක් නැති සතුටක්ය. මහා විශාල සතුටක් ඇති විට දුක ගැන දැනෙන්නේ නැහැ. දෙකම ගැන, එනම් තමන් දුකින් සතුටට යන බව ඔබලා තේරුම් ගන්නේ සංගම යුගයේදියි. ඔබගේ මුහුණු උදා වන දවස දෙසට යොමුව තිබෙන අතර දෙපා රාත්‍රිය දෙසට යොමු වී තිබෙනවා. මෙම ලෝකයට පයින් ගසා දමන්න. ඔබගේ සිහියෙන් එය ඉවත් කර ගන්න. තමන් දැන් නිවහන බලා යා යුතු බව ඔය ජීවාත්මයන් දන්නවා. ඔබලා චරිත කොටස් ගණනාවක් රඟ දක්වා තිබෙනවා. දැන් වැඩි වැඩියෙන් පියාව සිහි කළ තරමට වැඩි වැඩියෙන් මළකඩ ඉවත් වේවි. පරමාත්ම පියාගේ සේවයේ වැඩි වැඩියෙන් නිරත වී තවත් විශාල පිරිසක් තමා හා සම කරවූ තරමට පරමාත්ම පියාගේ එළිදරව්වද තව තවත් ඉහළට යාවි. තමන් දැන් නිවහන බලා යා යුතුයි යන්න දැන් ඔබගේ සිහියේ තිබෙනවා. එමනිසා, ඔබ සිහි කළ යුත්තේ නිවහන පමණයි. පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටෙනවා. පැරණි ගොඩනැගිල්ලක් හා අලුත් ගොඩනැගිල්ලක වෙනස බලන්න. දිවා රෑ මෙන් වෙනසක් තිබෙනවා. මෙය සැබැවින්ම වස සයුරක්. මිනිස්සු දිගටම එකිනෙකා හා රණ්ඩු වී මිනී මරා ගන්නවා. දැන් බාබා පැමිණ සිටිනවා. ගැටුම් රාශියක් පැන නැගිලා. රාගික ශාරීරික සන්තර්පණයේ යෙදීමට බිරිඳක් අකමැති වුවහොත් ඇයට බොහෝ සෙයින් වද හිංසා කරනවා. මිනිස්සු මහා විශාල ගැටුම් ඇති කරනවා. මීට පෙර කල්පයේදීත් අපවාද ගණනාවකට මුහුණ පෑමට සිදු වුණා. ඒ දේවල් අදාල වන්නේ මේ කාලයටයි. මව්වරුන් කොයි තරම් නම් කන්නලව් කරනවාදැයි කියා ඔබට දැක ගත හැකියි. නාටක කොටස දැන් රඟ දැක්වෙමින් පවතිනවා. පරමාත්ම පියාත් දරුවනුත් හැරෙන්න වෙන කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. තව තවත් ඉදිරියට යන විට ඔබට මෙය අවබෝධ කර ගත හැකි වේවි. පරමාත්ම පියා පාරිශුද්ධකරු හා සැමට විමුක්තිය දානය කරන්නායි කියා සඳහන් වී තිබෙනවා. භාරතය දෙව්ලොව වන්නේ කෙසේද කියාත් නැවතත් එය අපාය වන්නේ කෙසේද කියාත් සෑම කෙනෙකුටම පහදා දෙන්න: එන්න, අපි ඔබට ලෝකයේ ඉතිහාසය හා භූගෝලය ගැන කියා දෙන්නම්. පරමාත්ම දෙවියනුත්, ඒ දෙවියන්ගේ දරුවනුත් වන ඔබලාත් පමණයි මෙම අසීමිත ඉතිහාසය හා භූගෝලය ගැන දන්නේ. මෙම ඉතිහාසය හා භූගෝලය ගැන දැන ගැනීමෙන් පාරිශුද්ධත්වය, සතුට හා සාමය ස්ථාපනය වන්නේ කෙසේදැයි කියා ඔබ දන්නවා. ඔබ අනිවාර්යෙන්ම ඔබගේ අසීමිත උරුමය අසීමිත පියාගෙන් දිනා ගන්නවා. ඇතුළට පැමිණ මෙය අවබෝධ කර ගන්න. මාතෘකා ගණනාවක් තිබෙනවා. ඔය දරුවන්ගේ හිස් දැන් පිරී ඉතිරී යනවා. සතුටේ රසදිය කඳ ඉතාමත් ඉහළට ගිහින්. මුළු ඥාන සම්භාරයම ඔය දරුවන් ළඟ තිබෙනවා. දැනුමින් පිරි පරමාත්ම පියාගෙන් ඔබ දැනුම ලබනවා. ඉන්පසුව අපි ගිහින් ලක්ෂ්මී හා නාරායන වෙමු. මේ ඥානය එහි රැඳෙන්නේ නැහැ. මේවා ඉතාමත් ගැඹුරු කරුණු වන අතර ඒවා හොඳින් අවබෝධ කර ගත යුතුයි. ඉණිමඟ පින්තූරය ඔය දරුවන් හොඳින් දන්නවා. මෙය උපත් 84 කල්පයයි. දැන් මෙය පැහැදිලි කර අන් අයට කියා දෙන්න. මෙම ලෝකයට දෙව්ලොව කියා හෝ පාරිශුද්ධ ලෝකය කියා කියන්න බැහැ. ස්වර්ණමය යුගයත් කලි යුගයත් එකිනෙකට වෙනස් දෙකක්. මෙම චක්‍රය කරකැවෙන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම ඉතාමත් පහසුයි. පැහැදිලි කිරීම ඉතාමත් පහසුයි. නමුත් ස්මරණ වන්දනාවේ නිරත වීම බොහෝ දෙනාට ඉතාමත් අපහසු කාර්යයක් වෙලා. අච්චා.

සුමිහිරි, ආදරණීය බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම පැරණි ලෝකයත් ඔබගේ ශරීරයත් සිහියෙන් ඉවතට ගෙන පරමාත්ම පියාවත් නිවහනත් සිහිපත් කරන්න. තම සතුටේ දින දැන් ළඟ ළඟම එනවාය යන සතුට නිරන්තරයෙන් රඳවා ගන්න.

2. දැනුමින් පිරි පියාගෙන් ලැබෙනා දැනුම ආවර්ජනය කර ඔබගේ බුද්ධිය පිරි උතුරා යමින් තබා ගන්න. ශාරීරික අවධානයට පත් වීම කිසිම ආකාරයකින් කිසිම දෙයක සිර නොවන්න.

වරදානය:
ඔබ සියලු ලැබීම්වල ප්‍රතිමූර්තියක් වී, ඔබගේ දේවමය භාග්‍යය ලෙස ආලෝක කිරුළක් හිමිකර ගනිත්වා.

ලෝකයේ, වාසනාවේ සලකුණ වන්නේ රාජධානියකි, එමෙන්ම රාජධානියක සලකුණ වන්නේ කිරුළකි. ඒ ආකාරයෙන්ම, දේවමය භාග්‍යය තිබීමේ සලකුණ වන්නේ ආලෝක කිරුළක් තිබීමයි. මෙම කිරුළ ලැබීමේ පදනම වන්නේ පාරිශුද්ධත්වයයි. සම්පූර්ණයෙන් පිවිතුරු ජීවාත්මයන්ට, ආලෝක කිරුළක් තිබීම සමගම ඔවුන් සියලු ලැබීම් වලින් පිරිපුන්ය. එක ලැබීමක් හෝ අඩුනම්, එවිට ආලෝක කිරුළ, පැහැදිලිව දිස් නොවෙයි.

පාඨය:
තම ආධ්‍යාත්මික ස්ථීතියේ ස්ථාවරව සිටින අයට පමණයි, ඔවුන්ගේ මනසින් මහා දානපතියන් විය හැක්කේ.