02.05.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සාමය ඔබ ගෙල වටා බැඳි මාලයයි. තම මුල්ම ධර්මය එයයි. එමනිසා, සාමය සොයා යමින් අඳුරේ අත පත ගාන්නට අවශ්‍ය නැහැ. ඔබගේ මුල්ම ධර්මය මත ස්ථාවර වන්න.

ප්‍රශ්නය:
යමක් පිරිසිඳු කරන්නට මිනිස්සු යොදා ගන්නා ක්‍රමය කුමක්ද?

පිළිතුර:
යමක් පිරිසිඳු කිරිම සඳහා මිනිස්සු එය ගින්දරට දමනවා. ඔවුන් යාග පවත්වන විට, ගිනිමැලයක් ගහනවා. මෙහිදීත් පියා යාගයක් නිර්මාණය කර තිබෙනවා. නමුත් මෙය දැනුමේ යාගයයි. සෑම කෙනෙකුගේම පූජා මෙම යාගයට බිලි දිය යුතුයි. දරුවන් තම ශරිරය ඇතුළු සියලු දේ බිලි දෙනවා. ඔබ යෝගා කළ යුතුයි. මෙය යෝගා තරඟයක්. මෙමඟින් ඔබ පළමුවෙන්ම රුද්‍රාගේ ගෙලෙහි මාලයක් වන අතර පසුව ඔබ විෂ්ණුගේ ගෙලෙහි බැඳි මාලයක් බවට පත් වෙනවා.

ගීතය:
ශිවාට ආචාර ...

ඕම් ශාන්ති.
ඔබට ඇසුනේ කාගේ ප්‍රශංසනීයත්වයද? ඒ ඈත දනව්වේ සිටිනා උත්තරීතර පියා, උත්තරීතර ජීවය, පරමාත්ම දෙවියන්ගේ ප්‍රශංසනීයත්වයයි. සෑම භක්තිවන්තයෙක්මත්, ආධ්‍යාත්මික උත්සාහයක යෙදෙනා සැවොමත් ඔහුව සිහිපත් කරනවා. ඔහුගේ නම පාරිශුද්ධකරුවා යන්නයි. භාරතය පාරිශුද්ධත්වයෙන් තිබූ බව දරුවන් දන්නවා. ලක්ෂ්මි හා නාරායන ආදීන්ගේ ධර්මය වූයේ පිරිසිඳු පවුල් ජීවිත මාර්ගයයි. එය හැඳින්වූයේ ආදී සනාතන දේවි දේවතා ධර්මය ලෙසයි. භාරතයේ පාරිශුද්ධත්වය, සාමය, සතුට හා සමෘද්ධිය යනාදී සියල්ලම තිබුණා. පාරිශුද්ධත්වයක් නොමැති තැන සාමයක් හා සතුටක් නොමැත. මිනිස්සු දිගින් දිගටම සාමය සොයමින් යනවා. ඔවුන් නොකඩවා කැලෑ තුළට ගොස් සාමය සොයනවා. කිසිම කෙනෙක් ලඟ සාමයක් නැහැ. මන්ද, ඒ කිසිම කෙනෙක් පියා දන්නේත් නැහැ, ඒ වගේම තමා ජීවයක් බවත් ශරීරය තමාට අයිති දෙයක් බවත් ඔවුන් නොදන්නා නිසයි. ශරීරය මාර්ගයෙන් ඔබ ක්‍රියාවන්හි යෙදිය යුතුයි. මාගේ මුල්ම ධර්මය වන්නේ සාමයයි. මේ මගේ ශරිරයේ ඉන්ද්‍රියන්ය. තමා ඒ උත්තරීතර දනව්වේ වැසියෙක් බව ජීව දන්නේ නැහැ. අප ශරීරයේ සහය ලබාගෙන මේ ක්‍රියා පථයෙහි අපගේ චරිත කොටස රඟ දක්වනවා. ඔවුන්ගේ ගෙලෙහි සාමය නම් වූ මාලය දමාගෙන ඔවුන් සාමය සොයමින් පිට යනවා` තමාට මනසේ සාමය ඇති කර ගත හැක්කේ කෙසේද කියා ඔවුන් දිගින් දිගටම අහනවා. ජීවය, මනසකින් හා බුද්ධියකින් යුක්ත බව ඔවුන් දන්නේ නැහැ. ජීවය ඒ උත්තරිතර පියා, උත්තරිතර ජීවයේ දරුවෙකි. ඔහු සාමයේ සාගරය වන අතර අපි ඔහුගේ දරුවන් වෙමු. මුළු ලෝකය පුරාම දැන් සාමයක් නැහැ. සෑම කෙනෙක්ම කියනවා සාමය උදාවේවා` මුළු ලෝකයේම පාලකයා වන්නේ මිනිසුන් මෙසේ කියනා ඒ ඒකායන තැනැත්තායි ශිවාට ආචාර. උසස්වූ දෙවියන්, ශිවා කියන්නේ කවුද? කිසිම මනුෂ්‍යයෙක් මේක දන්නේ නැහැ. ඔවුන් තවමත් ඔහුට වන්දනා කරනවා. සමහරු තමා ගැන මෙසේ කියනවා ශිවෝහම් (මම ශිවායි). ශිවා ඒ එකම එක පියායි. මිනිස්සු තමාවම ශිවා ලෙස හඳුන්වා ගැනීමෙන් කරන්නේ විශාල පවක්. ශිවා තමයි පාරිශුද්ධකරුවා ලෙස හැඳින්වෙන්නේ. බ්‍රහ්මා, විෂ්ණු, ශංකර් හෝ වෙන කිසිම මනුෂ්‍යයෙක් පාරිශුද්ධකරුවා ලෙස හැඳින්විය නොහැකියි. ඒ ඒකායන පියා පමණයි පාරිශුද්ධකරුවා හා සෑම දෙනාටම විමුක්තිය දානය කරන්නා වන්නේ. මනුෂ්‍යයින්ට අනෙක් මනුෂ්‍යයින්ව පාරිශුද්ධත්වයට පත් කරන්න බැහැ. මන්ද, එය මුළු ලෝකය පිළිබඳවම වූ ප්‍රශ්නයක් වන නිසයි. පියා විස්තර කරනවා සත් යුගය තිබෙන කල, භාරතය පිරිසිඳුයි. නමුත් දැන් එය අපිරිසිඳුයි. එමනිසා, ඔබ මුළු ලෝකයම පාරිශුද්ධත්වයට පත් කරන්නා වූ තැනැත්තා සිහිපත් කළ යුතුයි. කොහොමනමුත්, මෙය පැරණි ලෝකයයි. ඔවුන් උසස් ජීව ගැන කතා කළත්, ඇත්තෙන්ම එවන් උසස් ජීව නැහැ. මෙම ලෝකයෙන් ඔබ්බෙහි වූ ඒ පියා ඔවුන් දන්නේවත් නැහැ. ශිවාගේ උපන් දිනය සිහිවන්නේ භාරතයේයි. එමනිසා, අපිරිසිඳු බව පිරිසිඳු කරන්නට ඔහු අනිවාර්යෙන්ම පැමිණියා විය යුත්තේ භාරතයටයි. ඔහු කියනවා මා එන්නේ කුම්භා (සංගමය) යනුවෙන් හැඳින්වෙන්නා වූ සංගම් යුගයටයි. එය සාගරය හා ගංගා එක්වන්නා වූ සංගමය නොවේ. කුම්භා යනු ඒ පාරිශුද්ධකරුවා වූ පියා, දැනුම් සාගරය, සියලූම ජීව සත්තාවන් පාරිශුද්ධත්වයට පත්කිරිමට පැමණීමයි. භාරතය දිව්‍යලෝකයක්ව තිබෙනා කල එහි තිබුණේ එකම එක ධර්මයක් බව ඔබ දන්නවා. එහි සත් යුගයේ සූර්ය වංශය තිබුණු අතර, රිදී යුගයේ චන්ද්‍ර වංශය තිබුණා. මෙය ප්‍රශංසනීයත්වයට පත්වන්නේ මෙසේයි රාමා රජ වන අතර සියල්ලන්ම අයත්වන්නේ රාමාටයි. රිදී යුගය ගැන සෑහෙන ප්‍රශංසනීයත්වයක් තිබෙනවා. එමනිසා, සත් යුගයේ ප්‍රශංසනීයත්වය ඊටත් වඩා වැඩි විය යුතුයි. භාරතය දිව්‍යලෝකයක් වූ අතර එහි පිරිසිඳු සජීව ජීව වාසය කළා. අනෙක් සෑම ආගමකම ජීව වාසය කළේ ඒ ශබ්දයෙන් තොරවූ දනව්වේයි. ඒ කිසිම මනුෂ්‍යයෙක් ජීව යනු කුමක්ද යන්න ගැන දන්නේ නැහැ. ජීව ඉතා කුඩා තිත් වන අතර ඔහු තුළ උපත් 84ක චරිත කොටසක් පටිගත වී තිබෙනවා. උපත් මිලියන 8.4ක් තිබිය නොහැකියි. චක්‍රයම උපත් 84කින් පමණක් සමන්විත වූවකි. එයද සෑම කෙනෙකුටම නොවේ. ඉදිරියෙන්ම සිටි අය දැන් පිටුපසටම ගොස් තිබෙනවා. ඒ වගේම ඔවුන් නැවතත් ඉදිරියටම එනවා. ප්‍රමාද වී එන සෑම ජීවයක්ම වාසය කරන්නේ ඒ ශබ්දයෙන් තොරවූ ලෝකයේයි. පියා ඔබට මේ සෑම දෙයක්ම විස්තර කර දෙනවා. ලෝක සර්ව බලධාරී තැනැත්තා ලෙස හඳුන්වන්නේ ඔහු පමණයි. පියා කියනවා මා ඔබට බ්‍රහ්මා මාර්ගයෙන් සියලු වේදාවන්, ආගමික ග්‍රන්ථ හා ගීතාවේ සාරය විස්තර කර දෙනවා. ඔවුන් ඒ සියලු ආගමික ග්‍රන්ථ සාදා තිබෙන්නේ භක්ති මාර්ගයේ සිදුවන ක්‍රියා අළලායි. මා පැමිණ මෙම යාගය නිර්මාණය කළ ආකාරය ගැන ආගමික ග්‍රන්ථවල සඳහන් වී නැහැ. මෙය හඳුන්වන්නේ අශ්වයා බිල්ලට දෙන්නා වූ රුද්‍රාගේ දැනුම නම් වූ යාගය ලෙසයි. ශිවා රුද්‍රා වන අතර සෑම කෙනෙක්ම මෙම යාගයෙහි බිලිවිය යුතුයි. පියා කියනවා ඔබගේ ශරිරය ඇතුළු ඒ හා සබැඳි සියලු නෑ හිතමිතුරුකම් අමතක කර දමන්න. එකම පියා පමණක් සිහිකරන්න. මම සන්යාසි කෙනෙක්. මා ක්‍රිස්තියානි ආදී සියල්ලම ශරීර සබඳතායි. ඒ සියල්ලම අත්හැරදමා මා පමණක් සිහිපත් කරන්න. ඒ අශාරීරික පියා අනිවාර්යෙන්ම ශරිරයකට ඇතුළු විය යුතුයි. ඔහු කියනවා මා ශරිරයක සහය ලැබිය යුතුමයි. මා පැමිණ මෙම ශරීරය මාර්ගයෙන් ඒ නව ලෝකය ස්ථාපනය කරනවා. පැරණි ලෝකයේ විනාශය දැන් ඔබ ඉදිරියේමයි. ප්‍රජාවගේ පියා වූ බ්‍රහ්මා මාර්ගයෙන් කෙරෙන්නා වූ ස්ථාපනය මෙහිදී සිහිපත් වෙනවා. සූක්ෂම ලෝකය ඉෂ්ඨ දේවතාවන්ගේ ලෝකයයි. එහි මස්, ඇට මිදුළු ඇත්තේ නැහැ. එහි තිබෙන්නේ සූක්ෂම සුදු ශරීරයි. හරියට හොල්මන් වගෙයි. ශරීරයක් නොලබනා ජීව එසේ අතන මෙතන යනවා. ඔබට ශරිරයක සෙවනැල්ල දැකිය හැකියි. නමුත් එය අල්ලන්නට ඔබට බැහැ. පියා කියනවා දරුවනි, දැන් මා සිහපත් කරන්න. මෙම ස්මරණයෙන් සියලු පාප විනාශ කර දැමිය හැකියි. මෙවන් දෙයක් සිහිපත් වෙනවා දැන් සෑහෙන කාලයක් ගත වී තිබෙනා අතර තවත් කෙටි කාලයක් පමණයි ඉතිරිව තිබෙන්නේ. ඉතාමත් කෙටි කාලයක් පමණයි දැන් ඉතිරිව තිබෙන්නේ. හැකි උපරිම අයුරින් පියා සිහිපත් කරන්න, එවිට ඔබගේ අවසාන සිතිවිලි අනුව ඔබගේ දෛවය නිර්මාණය වනු ඇත. ගීතාවේ සඳහන්ව තිබෙනා වචන කිහිපයක් නිවැරදියි. වචන කිහිපයක් හරියට පිටි ගෝනියක ඇති ලුණු ස්වල්පයක් සේ නිවැරදියි. පළමුවෙන්ම දෙවියන් අශාරීරික බව ඔවුන් දැන ගත යුතුයි. ඒ අශාරීරික දෙවියන් කතා කරන්නේ කෙසේද? ඔහු කියනවා මා බ්‍රහ්මාගේ සාමාන්‍ය ශරීරයට ඇතුළු වී ඔබට රාජයෝගා උගන්වනවා. දරුවනි, මා සිහිපත් කරන්න` මා එන්නේ ඒ එකම එක ධර්මය ස්ථාපනය කොට අනෙක් ආගම්වල විනාශය සිදු කිරීම උදෙසායි. දැන් ගණන් කිරීමටවත් නොහැකි තරමේ ප්‍රමාණයක ආගම් සංඛ්‍යාවක් තිබෙනවා. මීට අවුරුදු 5000කට ප්‍රථම සත් යුගයේ තිබුණේ ඒ ආදී සනාතන දේවි දේවතා ධර්මය පමණයි. සෑම ජීවයක්ම තම තමන්ගේ කර්ම ගෙවා දමා නැවත යනවා. එය හඳුන්වන්නේ පව් ගෙවා දමනා කාලය ලෙසයි. සෑම කෙනෙකුගේම දුකෙහි කර්ම ගෙවා දමා හමාරයි. දුකට පත්වන්නේ කරන ලද පාප හේතුවෙනි. පාප කර්ම ගෙවා දැමීමෙන් පසුව, පුණ්‍ය කර්මයන්ගේ ගිණුම ආරම්භ වෙනවා. ගින්නක් මොලවන්නේ සෑම දෙයක්ම පිරිසිඳු කිරීමටයි. යාගයක් කරනා විට ගින්නක්ද තිබෙනවා. මෙය භෞතික ගින්නක් නොවේ. මෙය රුද්‍රාගේ දැනුමේ යාගයයි. මෙය ක්‍රිෂ්ණාගේ දැනුමේ යාගය ලෙස හැඳින්වෙන්නේ නැහැ. ක්‍රිෂ්ණා යාගයක් කළේ නැහැ. ක්‍රිෂ්ණා කුමාරයෙක්. වියසනයක් සිදුවන විට තමයි යාගයක් බිහි වන්නේ. මේ වන විට සෑම තැනම තිබෙන්නේ වියසනයයි. ඔවුන් රුද්‍රාගේ දැනුම නම් වූ යාගය නිර්මාණය කරන්නේ නැහැ. රුද්‍රා උත්තරීතර පියා, උත්තරීතර ජීවය පැමිණීමෙන් පමණයි එය නිර්මාණය වෙන්නේ. සෑම කෙනෙක්ම රුද්‍රාගේ දැනුම නම් වූ යාගය තුළ බිලිවෙනවා කියා කතාවක් තිබෙනවා. බාබා පැමිණ සිටිනා අතර යාගය නිර්මාණය වී තිබෙනවා. රාජ්‍යය ස්ථාපිත වන තුරා එය පැවතෙනවා. සෑම කෙනෙක්ම එක පාරට පාරිශුද්ධත්වයට පත්වන්නේ නැහැ. අවසාන වන තුරුම දිගින් දිගට යෝගා කරන්න. මෙය යෝගා තරඟයක්. ඔබ පියාව සිහපත් කරනා තරමට තරඟ කිරීමට හැකිවන අතර ඔබ රුද්‍රාගේ ගෙල වට බැඳි මාලයට එක් වෙනවා ඇත. පසුව ඔබ විෂ්ණුගේ ගෙල වටා ඇති මාලයට එක් වෙනවා. පළමුවෙන්ම රුද්‍රාගේ මාලය තිබෙනා අතර පසුව විෂ්ණුගේ මාලය තිබෙනවා. පළමුවෙන්ම පියා සෑම කෙනෙක්ම නිවස වෙත ගෙන යන අතර, එකිනෙකා දැරූ උත්සාහය අනුව, ඔවුන් සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන බවටත්, සාමාන්‍ය කාන්තාවකගෙන් ලක්ෂ්මි බවටත් පත් වී රාජ්‍යය පාලනය කරනු ඇත. මින් අදහස් වන්නේ ඒ ආදී සනාතන දේවි දේවතා ධර්මය ස්ථාපනය වූවා යනුයි. පියා මීට අවුරුදු 5000කට ප්‍රථම ඔබට රාජයෝගා ඉගැන්වූ ආකාරයෙන්ම ඔබට නැවතත් රාජයෝගා දැනුම ලබා දෙනවා. මා දැන් නැවතත් චක්‍රයකින් පසුව එය ඉගැන්වීමට පැමිණ සිටිනවා. මිනිස්සු ශිවාගේ උපතත්, ශිවාගේ රාත්‍රියත් සමරණවා. රාත්‍රිය යනු කලි යුගී පැරණි ලෝකයේ අවසානය වන අතර, නව ලෝකයේ ආරම්භයයි. සත්යුග හා රිදි යුග දහවල වන අතර, තඹ හා යකඩ යුග රාත්‍රියයි. බ්‍රහ්මාගේ අසීමිත වූ රාත්‍රියත් තිබෙනවා. ක්‍රිෂ්ණාගේ දහවල හා රාත්‍රිය මෙහිදී සිහි වන්නේ නැහැ. ක්‍රිෂ්ණාට කිසිම දැනුමක් මතක නැහැ. බ්‍රහ්මා දැනුම ලබන්නේ ශිව බාබාගෙනි. පසුව ඔහුගෙන් දරුවන් එය ලබා ගන්නවා. එනම්, බ්‍රහ්මාගේ ශරීරය මාර්ගයෙන් ශිව බාබා ඔබට දැනුම ලබා දෙනවා. ඔහු ඔබව ත්‍රිකාලදර්ශී තත්ත්වයට පත් කරවනවා. මනුෂ්‍ය ලෝකයේ කිසිම කෙනෙක් ත්‍රිකාලදර්ශී විය නොහැකියි. කෙනෙක් එම තත්ත්වයේ සිටියා නම්, ඔහු එම දැනුම දෙනවා. මෙම ලෝක චක්‍රය කැරකෙන්නේ කෙසේද යන දැනුම කිසිම කෙනෙක්ට දිය නොහැකියි. සෑම කෙනෙකුගේම දෙවියන් ඒකායන කෙනායි. සෑම කෙනෙක්ම ක්‍රිෂ්ණා දෙවියන් ලෙස විශ්වාස කරන්නේ නැහැ. ඔහු කුමාරයෙක්. කුමාරයෙක් දෙවියන් විය හැකිද? ඔහු රාජ්‍යයක් රජයනවා නම්, ඔහු එය නැති කර ගත යුතුත් වෙනවා. පියා කියනවා මා ඔබව ලෝක පාලකයන් බවට පත් කොට, මා ශබ්ද වලින් තොරවූ ලෝකයට ගොස් වාසය කරනවා. පසුව දුක ආරම්භ වූ දා සිට මාගේ කොටස ආරම්භ වෙනවා මට ඔබව ඇසෙනවා. මා හඳුන්වන්නේ අනුකම්පාවෙන් පිරි තැනැත්තා ලෙසයි. මුලදී භක්තිය අමිශ්‍රයි. එනම්, ඔවුන් වන්දනා කරන්නේ ශිවාට පමණයි. පසුව ඔවුන් දේවතාවන්ද වන්දනා කිරීමට පටන් ගන්නවා. භක්තිය දැන් විනාශී බවට පත්වෙලා. වන්දනාකරුවන්වත්, වන්දනාව ආරම්භ වූයේ කවදාද කියා දන්නේ නැහැ. ශිවා හා සෝම්නාථ යන දෙදෙනාම එකයි. ශිවා අශාරිරිකයි. ඔවුන් ඔහුව සෝම්නාථ (අමෘතයේ ස්වාමියා) යනුවෙන් හඳුන්වන්නේ ඇයි? මන්ද, සෝම්නාථ පියා, දරුවන් වූ ඔබට දැනුම නම් වූ අමෘතය බීමට දුන් නිසයි. ඔවුන් ඔහුට නොයෙකුත් නම් දී තිබෙනවා. ඔහු බබුල්නාථ (කටු මල් බවට පත්කරවන ස්වාමියා) ලෙස හැඳින්වෙනවා. මන්ද, ඔහු ඔබව කටු බවින් මල් බවට පත් කරවනා නිසයි. සැමට විමුක්තිය දානය කරන්නා වන්නේ පියායි. ඔහු සෑම තැනම ඉන්නවා කියා කීම ඔහුට අපහාස කිරිමකි. පියා කියනවා සංගම් යුගය වූ පසු, තමයි මා එකම එක වතාවක් මෙහි එන්නේ. භක්තිය අවසන් වූ පසු තමයි මා එන්නේ. මා එකම අවස්ථාවක පමණක් පැමිණීම නීතියයි. ඒකායන පියා පමණයි ඉන්නේ. ඒ වගේම ශරිරගත වීම් තිබෙන්නේ එකයි. මා එකම එක අවස්ථාවකදී පැමිණ ඔබව පිරිසිඳු රාජයෝගීන් බවට පත්කරවනවා. රාජයෝගා ඔබගේයි. හතායෝගා සන්යාසීන්ගේයි. ඔවුන්ට ඔබට රාජයෝගා ඉගැන්විය නොහැකියි. හතායෝගීන්ගේ ධර්මය තිබෙන්නේ භාරතයට උදව්වක් ලෙසයි. පාරිශුද්ධත්වය අත්‍යවශ්‍යයයි. භාරතය 100% ක් පාරිශුද්ධත්වයෙන් යුතු වූවා. එය දැන් අපිරිසිඳුයි. මේ නිසා තමයි ඔවුන් කන්නලව් කරන්නේ පැමිණ අප පාරිශුද්ධත්වයට පත් කරන්න. සත් යුගය පිරිසිඳු මනුෂ්‍යයින්ගේ ලෝකයයි. දැන් පවුල් ජීවන ධර්මය අපිරිසිඳු වූවකි. සත් යුගයේදී පවුල් ජීවන ධර්මය වූයේ පාරිශුද්ධත්වයයි. ඒ පිරිසිඳු පවුල් ජීවන ධර්මය දැන් නැවත ස්ථාපනය වෙනවා. විමුක්තිය හා ජීවන මුක්තිය සැමට දානය කරන්නා වන්නේ ඒ එකම එක පියා පමණයි. මනුෂ්‍යයන්ට අනෙක් මනුෂ්‍යයින් හට මුක්තිය හෝ ජීවන මුක්තිය දානය කළ නොහැකියි. ඔබ ඒ පියාගේ, දැනුම් සාගරයේ දරුවන්. බ්‍රහමින් දරුවන් වන ඔබ සෑම කෙනෙක්වම සත්‍ය වූ වන්දනාගමනේ ගෙන යන නමුත් අනෙක් සෑම කෙනෙක්ම මිනිසුන්ව ගෙන යන්නේ බොරු වන්දනා ගමන්වලයි. ඔබ දෙයාකාරයකින් සැහැසි බවින් තොර අයයි. ඔබ කිසිම ආකාරයක සැහැසි ක්‍රියාවක යෙදෙන්නේ නැහැ. ඔබ සටන් කරන්නේ නැහැ, රාගය නම් වූ අසිපත පාවිච්චි කරන්නේ නැහැ. රාගය පරාජය කිරීම සඳහා උත්සාහය අවශ්‍යයි. ඔබ පාප සියල්ල පරාජය කර දැමිය යුතුයි. බ්‍රහ්ම කුමරුන් හා කුමරියන් වන ඔබ ශිව බාබාගෙන් ඔබගේ උරුමය හිමිකර ගන්නවා. ඔබ එකිනෙකා අතර සහෝදර සහෝදරියන්. ඔබ දැන් ඒ අශාරිරික දෙවියන්ගේ දරුවන්. එමනිසා, ඔබ සෑම කෙනෙක්ම සහෝදරයින්. පසුව, ඔබ බ්‍රහ්ම බාබාගේ දරුවන්ද වෙනවා. ඉතින්, ඔබ අනිවාර්යෙන්ම පාපයෙන් තොර තත්ත්වයට පත්විය යුතුයි. මින් අදහස් කරන්නේ ඔබ ලෝක අධිකාරිත්වය හිමිකර ගන්නා බවය. මෙය ඔබගේ උපත් ගණනාවක අවසානම උපතයි. නෙළුම් මලක් සේ පාරිශුද්ධත්වයට පත්වන්න. එවිට ඔබ උසස් තත්ත්වයක් හිමිකර ගනු ඇත. පියා විසින් ඔබව දැන් දැඩි සිහිබුද්ධියෙන් යුතු දරුවන් බවට පත්කරවා තිබෙනවා. ලෝකය පිළිබඳව වූ දැනුම දැන් ඔබ තුළ තිබෙනවා. ඔබ දැන් ස්වදර්ශන චක්‍රය කරකවන්නන්. ජීවය තමා ගැන දර්ශනයක් දකිනවා. ඒ කියන්නේ ඒ දැනුමෙන් පිරුණා වූ උත්තරිතර පියා, උත්තරිතර ජීවයෙන් ඔබ දැනුම ලබාගන්නවා. මේ මනුෂ්‍ය ලෝක වෘක්ෂයේ බීජය ඔහු වන අතර, ඔහු සජීවීයි. ඔහු දැන් ඔබට දැනුම ලබාදීම සඳහා පැමිණ සිටිනවා. මෙහි තිබෙන්නේ ඒ එකම එක බීජය පමණයි. බීජයෙන් ගස මතුවන ආකාරය ඔබ දන්නවා. මෙය මුල උඩට හැරුණු වෘක්ෂයකි. බීජය තිබෙන්නේ මුදුනේයි. දේව වෘක්ෂය මතුවෙනවා. පසුව මුස්ලිම්, බෞද්ධ ආදී වශයෙන් ගස දිගින් දිගටම වර්ධනය වෙනවා. ඔබ දැන් මෙම දැනුම ලබා තිබෙනවා. වෙන කිසිම කෙනෙක්ට ඔබ වෙත මේ දැනුම ලබාදිය නොහැකියි. ඔබට ඇසෙන සෑම දෙයක්ම, බුද්ධිය තුළ පතිත වෙනවා. සත් යුගය ආරම්භයේදි කිසිම ආගමික ග්‍රන්ථයක් තිබුණේ නැහැ. මෙය අවුරුදු 5000ක ඉතාමත් පහසු කතන්දරයක්, එහෙම නේද? අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඉතිරි වී තිබෙන්නේ කෙටි කාලයයි. සෑහෙන කාලයක් ගෙවී ගොස් තිබෙනා අතර, දැන් ඉතිරිව තිබෙන්නේ ඉතාමත් කෙටි කාලයකි. එමනිසා, ඉතිරි වී ඇති සියලු හුස්ම, බාබා ස්මරණය කරමින් ප්‍රයෝජනවත් ලෙස යොදවන්න. අතීතයේ කරන ලද පාපයන්ගේ කර්ම ගිණුම ගෙවා දමන්න.

2. ඔබගේ මුල්ම ධර්මය වූ සාමය තුළ ස්ථිර වීම උදෙසා, අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයට පත්වන්න. පාරිශුද්ධත්වය තිබෙනා තැන, සාමය ද ඇත. මෙය පුහුණු කරන්න මගේ මුල්ම ධර්මය සාමයයි, මා ඒ සාමයේ සාගරය වූ පියාගේ දරුවෙක්මි. මෙය අත්දකින්න.

වරදානය:
ඔබේ නිහතමානීත්වයේ විශේෂතාවයෙන්, සැමගේ ගෞරවයට පාත්‍ර වීම මඟින් ඔබ පහසුවෙන් සාර්ථකත්වය මුදුන්පත් කරගනී.

සැමගේ ගෞරවය ලබාගැනීමට ඇති පහසු මාර්ගය වන්නේ නිහතමානී වීමය. නිහතමානීත්වය නම් වූ විශේෂතාවයෙන් තමන්ව හසුරවා ගන්නා ජීවාත්මයන් පහසුවෙන් සාර්ථකත්වය මුදුන්පත් කරගනිති. නිහතමානී වීම යනු ඔබේ ස්ව ගෞරවය තිබීමය. නිහතමානීවීම යන්නෙන් අදහස් වන්නේ හිස පහත් කර ගැනීමක් නොවේ. ඔබේ සෙනෙහසේ විශේෂතාවය නිසා ඔබට සෑම දෙනාම හිස නමති. වත්මන් කාලය අනුව, නිරන්තරව සහ පහසුවෙන් සාර්ථකත්වය ලැබීමේ මූලික පදනම මෙය වේ. සෑම ක්‍රියාවෙහි, සම්බන්ධතා සහ සබැඳියාවෙහි ම නිහතමානී වන අය ජයග්‍රාහී මිණිමුතු බවට පත්වෙති.

පාඨය:
දැනුමේ බලය උකහාගත්කල බාධකයන් ඔබව අවහිර කරනවා වෙනුවට ඒවා ජය ගනු ඇත.