02.06.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඒ සත්‍ය පියා ඔබට පවසන සෑම දෙයක්ම සත්‍යයයි. එවන් වූ සත්‍ය පියෙක් සමග සැමවිටම අවංක වන්න. කිසිම ව්‍යාජත්වයක් හෝ රැවටීමක් ඔබ තුළ තබා ගන්න එපා.

ප්‍රශ්නය:
සංගම යුගයේදී දරුවන් ඉතා පැහැදිලි ලෙස හඳුනාගන්නා වෙනස්කම් මොනවාද?

පිළිතුර:
බ්‍රහමින්වරුන් කරන්නේ මොනවාද, ශුද්‍රයින් කරන්නේ මොනවාද, දැනුම් මාර්ගය කුමක්ද, භක්ති මාර්ගය කුමක්ද, භෞතික හමුදාවක සටන් බිම කුමක්ද, ඔබගේ සටන් බිම කුමක්ද යනාදියෙහි වෙනස්කම් ගැන දන්නේ දරුවන් වන ඔබ පමණයි. සත් යුගයේ හෝ කලි යුගයේ හෝ සිටිනා කිසිම කෙනෙක් මේවායේ වෙනස්කම් ගැන නොදනිති.

ගීතය:
මව්නි, අහෝ මව්නි, සැමටම වාසනාව දානය කරන්නා ඔබයි!

ඕම් ශාන්ති.
උත්තරීතර පියා, උත්තරීතර ජීවය, ශිවා ගැන ප්‍රශංසා ගීත ගැයෙන්නා සේ මෙම ප්‍රශංසාව ගැයෙන්නේ භාරතයේ මව්වරුන් පිළිබඳවයි. එක මතාවක් ගැන පමණක් ප්‍රශංසා කළ නොහැකියි. එක් අයෙකුට තනිවම කිසිම දෙයක් කළ නොහැකියි; මේ සඳහා අනිවාර්යෙන්ම හමුදාවක්ම අවශ්‍ය වනවා. ඔවුන්ගේ හමුදාවක්ම නොමැතිව යමක් සිදුවන්නේ කොහොමද? ශිව බාබා ඉන්නේ තනිවමයි. ඔහු සිටියේ නැතිනම්, මෙහි බ්‍රහ්ම කුමරුන් හා කුමරියන් වන, මව්වරුනුත් නැහැ, දරුවනුත් නැහැ, ඒ වගේම බ්‍රහ්ම කුමාරීන් හෝ බ්‍රහ්ම කුමාරයිනුත් නැහැ. ප්‍රධානම වන්නේ මව්වරුන්; මේ නිසා තමයි මව්වරුන් ගැන ප්‍රශංසා කෙරෙන්නේ. භාරතයේ මව්වරුන් තමයි සූක්ෂම වූ ශිව ශක්ති හමුදාව, ඒ වගේම, සැහැසි බවින් තොර හමුදාව; ඔවුන් කිසිම ආකාරයක සැහැසි දෙයක් කරන්නේ නැහැ. දෙයාකාරයක සැහැසිකම් තිබෙනවා; එකක් රාගය නම් වූ කඩුව පාවිච්චි කිරීමයි. අනෙක, උණ්ඩ යැවීම, කෝපයට පත්වීම හෝ කෙනෙක් මරා දැමීමයි. අද තිබෙන සෑම භෞතික හමුදාවක් විසින්ම මේ දෙයාකාරයේම සැහැසිකම් කෙරෙනවා. දැන්නම්, ඔවුන් කාන්තාවන්ට පවා තුවක්කු පාවිච්චි කරනා ආකාරය කියා දෙනවා. එම වව්වරුන් භෞතික හමුදාවක වන නමුත්, මේ මව්වරුන් දිව්‍ය සමාජයේ, ආධ්‍යාත්මික හමුදාවේ මව්වරුන්ය. ඔවුන් නොයෙකුත් සරඹ ආදිය ඉගෙන ගන්නවා. ඔබ කිසිමදාක සටන් බිමකට ගොස් නැතිව ඇති. ඔවුන් බොහෝ වෙහෙස වී වැඩ කරනවා. ඒ වගේම ඔවුන් රාගය නම් වූ පාපයෙහිත් යෙදෙනවා. විවාහ නොවූ යම් කාන්තාවක් සිටීනම් ඒ බොහොම කලාතුරකින්. ඔවුන් බොහෝ සෙයින් ඉගෙන ගන්නේ එම හමුදාවේයි. ඔවුන් පුංචි දරුවන්ට පවා උගන්වනවා. එය හමුදාවක් වන අතර මෙය ද හමුදාවකි. ගීතාවෙහි ඔවුන් හමුදාව ගැන විස්තරාත්මකව සඳහන් කර තිබෙනවා. නමුත් එහි ප්‍රායෝගික ලෙස තිබෙන්නේ මොනවාද යන්න ගැනත්, ඔබ සූක්ෂම වූ අය බවත් දන්නේ ඔබ පමණයි. ශිව ශක්ති හමුදාවෙන් කෙරෙන්නේ කුමක්ද? ඔබ ලෝක පාලකයන් බවට පත්වන්නේ කෙසේද? මෙය හඳුන්වන්නේ සටන් බිමක් ලෙසයි. ඔබගේ සටන් බිම සූක්ෂමයි. මෙම වේදිකාව හඳුන්වන්නේ සටන් බිම ලෙසයි. මුලදී, කාන්තාව කිසි විටෙක සටන් කිරීමට සටන් බිමකට ගියේ නැහැ. දැන් ඔබට එය මේ සමග සන්සන්දනය කර බැලිය හැකියි. එහි වැඩියෙන් ඉන්නේ පුරුෂයින්. එහෙත් මෙහි, වැඩිපුරම ඉන්නේ කාන්තාවන්. දැනුම් මාර්ගය හා භක්ති මාර්ගය අතර වෙනසක් තිබෙනවා. අවසාන වෙනස්කම මෙයයි. සත් යුගයේ මෙවැනි වෙනස්කම් ඇත්තේ නැහැ. බාබා පැමිණ ඔබට, බ්‍රහමින්වරුන් කරන්නේ කුමක්ද, ශුද්‍රයින් කරන්නේ කුමක්ද යන්න ගැන පෙන්වා දෙනවා. දෙගොල්ලන්ම මෙම සටන් බිමෙහි ඉන්නවා. එය සත් යුගය හෝ කලි යුගය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ; මෙය සංගම් යුගය පිළිබඳ වූ ප්‍රශ්නයකි. පාණ්ඩවයින් වන ඔබ සංගම් යුගයට අයත් වන අතර, කෞරවයින් අයත් වන්නේ කලි යුගයටයි. ඔවුන් කලි යුගයට දීර්ඝ කාල පරාසයක් දී තිබෙනවා. මේ නිසා තමයි ඔවුන් සංගම් යුගය ගැන දන්නේ නැත්තේ. කෙමෙන්, කෙමෙන් ඔවුන් මෙම දැනුම ඔබ මාර්ගයෙන් දැන ගන්නවා. එමනිසා, මෙහිදී ප්‍රශංසනීයත්වය තිබෙන්නේ එක මවක් පිළිබඳව නොවේ; ශක්ති හමුදාව මෙයයි. උසස්ම වූ තැනැත්තා වන්නේ ඒ එකම එක දෙවියන් වන අතර, ඔබ මීට ඉහත කල්පයේදීත් සිටි එම හමුදාවමයි. මෙම භාරතය රජවරුන්ගේ දිව්‍යමය දේශය (රාජස්ථාන්) බවට පත්කිරීම ඔබගේ කාර්යයයි. මුලදී ඔබ සූර්ය වංශයට අයත් වූ බවත්, පසුව ඔබ චන්ද්‍ර වංශ, වෛශ්‍ය වංශයනටත් අයත් වූ බව ඔබ දන්නවා. කොහොමනමුත්, ඔබ ප්‍රශංසා කරන්නේ සූර්ය වංශය ගැන පමණයි. අප දරනා උත්සාහය කෙතරම් ද කියතොත්, අප පළමුවෙන්ම සූර්ය වාංශිකයන් බවට පත්වනවා. එනම්, අප දිව්‍යලෝකය වෙත යනවා. සත් යුගය හඳුන්වන්නේ දිව්‍යලෝකය ලෙසයි. ඇත්තෙන්ම, රිදී යුගය දිව්‍යලෝකය ලෙස හැඳින්විය නොහැකියි. ඔවුන් කියනවා: අහවල් අහවල් කෙනා ස්වර්ගස්ථ වූවා. ඔවුන් මෙසේ කියන්නේ නැහැ: අහවල් අහවල් කෙනා රාමා හා සීතාගේ රාජ්‍යය වූ රිදී යුගයට ගියා. පාරාදීසයෙහි ශ්‍රී ක්‍රිෂ්ණාගේ දේශය තිබුණු බව භාරතයේ මිනිස්සු දන්නවා. කොහොමනමුත්, ඔවුන් තඹ යුගයේ ශ්‍රී ක්‍රිෂ්ණාව පෙන්නුම් කර තිබෙනවා. මිනිස්සු සත්‍යය පිළිබඳව කිසිවක් දන්නේ නැහැ. ඔවුන්ට සත්‍ය පවසන්නා වූ සත්ගුරූව ඔවුන් සොයාගෙන නැහැ. ඔබ ඔහුව සොයාගෙන තිබෙනවා. ඔහු ඔබට පවසන සෑම දෙයක්ම සත්‍යය වන අතර ඔහු ඔබව සත්‍යවාදීන් බවට පත්කරවනවා. ඔහු දරුවන් වන ඔබට කියනවා : දරුවනි, කිසිම ව්‍යාජත්වයක් හා රැවටීමක් ඔබ තුළ තබාගන්න එපා. ඔබගේ කිසිම දෙයක් සැඟවී තිබෙන්නේ නැහැ. කෙනෙක් ක්‍රියා කරන්නේ කෙසේද, එහි ඵලය ඔහුට ලැබෙනවා. පියා ඔබට හොඳ ක්‍රියා උගන්වනවා. කිසිම කෙනෙකුගේ පාපකාරී ක්‍රියාවක් දෙවියන්ගෙන් සැඟවිය නොහැකියි, කර්ම ගෙවීම ඉතාමත් දැඩියි. මෙය ඔබගේ අවසාන උපත වුවත්, උපත් ගණනාවක කර්ම ගෙවීමට තිබෙනා නිසා, ඔබට දඬුවම් අත්විඳීමට සිදුවනවා. බාබා විස්තර කර තිබෙනවා : මිනිස්සු කාශීවල තමාව බිලිදෙන විට, ජීවන බලය ශරීරය අත්හැර යනතුරු ඔවුන්ට දුක් විඳීමට සිදුවනවා. ඔවුන්ට බොහෝ සෙයින් විඳවීම ඉවසා සිටීමට සිදුවනවා. එක් කර්ම ගෙවීමක් අසනීප ආදියෙන් සිදුවන අතර, අනෙක් දඬුවම් ලැබෙන්නේ ඔවුන් කර ඇති පාපකාරී ක්‍රියා උදෙසායි. ඒ අවස්ථාවේදී, හැඬීම හැර ඔබට වෙන කිසිම දෙයක් කළ නොහැකියි. ජීවය දිගින් දිගටම පීඩාවෙන් හඬනවා. පාපකාරී ජීව මෙහිදී මෙන්ම, එහිදීත් දඬුවම් ලබනවා. සත් යුගයේ කිසිම පාපයක් ඇත්තේ නැහැ. එහි නඩු ඇසීම් හෝ ගර්භාෂය නම් වූ සිර කුටියේ දඬුවම් ලැබීමක් හෝ කිසිවක් සිදුවන්නේ නැහැ. එහිදී, ගර්භාෂය හරියට මාළිගාවක් වැනියි. ක්‍රිෂ්ණා තම මහපට ඇඟිල්ල උරමින් බෝ කොළයක පාවී ආ ආකාරය ඔවුන් පෙන්නුම් කරනවා. එයින් පෙන්නුම් කරන්නේ ගර්භාෂය නම් වූ මාළිගයයි. සත් යුගයේදී දරුවන් මහා සැපවත් ආකාරයෙන් බිහිවනවා; මුල සිට අග දක්වාම සතුට හැර වෙන කිසිවක් ඇත්තේ නැහැ. මේ ලෝකයේ මුල සිට අග දක්වාම තිබෙන්නේ වෙන කිසිවක් නොව දුකම පමණයි. ඔබ දැන් ඒ සතුටින් පිරි ලෝකය වෙත යාම උදෙසා ඉගෙන ගනිමින් සිටිනවා. මේ සූක්ෂම වූ හමුදාව දිගින් දිගටම වර්ධනය වනවා. ඔබ අනෙක් අයටත් කෙතරම් දුරට මෙම මාර්ගය පෙන්වා දෙනවාද, ඒ තරමට ඔබ ලබනා තත්ත්වය උසස් වනවා. ස්මරණය උදෙසා ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබ ලබා සිටි ඒ අසීමිත වූ උරුමය ඔබට නැතිව ගියා. ඔබ දැන් නැවතත් එය ලබා ගන්නවා. ඔබ තම භෞතික පියා මෙන්ම මෙලොවින් එපිට වූ පියාව ද සිහිපත් කරනවා. සත් යුගයේදී ඔබ සිහිපත් කරන්නේ ඔබගේ භෞතික පියා පමණයි. මෙලොවින් එපිට සිටිනා පියා සිහිකිරීමට එහිදී අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. එහි තිබෙන්නේ සතුටම පමණයි. මෙම දැනුම තිබෙන්නේ භාරතයේ මිනිසුන්ටයි; එය අනෙක් ආගම්වල අයට නොවෙයි. කොහොමනමුත්, අනෙක් ආගම්වලට මරු වී ගිය අය නැවතත් මතුවනවා. ඔවුන් පැමිණ යෝගා ඉගෙන ගන්නවා. ඔබට යෝගා ඉගැන්වීමට එන්න කියා ආරාධනා පත්‍ර ලැබෙනවා. එමනිසා, ඔබ අනිවාර්යෙන්ම සූදානම්ව සිටිය යුතුයි. ඔබ මෙය විස්තර කළ යුතුමයි: ඔබට භාරතයේ පෞරාණික වූ යෝගා ක්‍රමය අමතකව ගියේද? දෙවියන් කියනවා : මන්මනාභව්! උත්තරීතර පියා, උත්තරීතර ජීවය අශාරීරික දරුවන්ට කියනවා : මා සිහිපත් කරන්න, එවිට ඔබ මා ළඟට පැමිණෙනු ඇත. ජීව වන ඔබ තම ඉන්ද්‍රිය මාර්ගයෙන් ඇහුම්කන් දෙනවා. මා වන ජීවය මෙම ඉන්ද්‍රියන්ගේ සහායෙන් ඔබට කතා කරනවා. මා සැමගේම පියායි. සෑම කෙනෙක්ම මගේ ප්‍රශංසනීයත්වය ගැන ගායනා කරනවා: සර්ව අධිකාරීවරයා, දැනුමේ සාගරය, සතුටේ සාගරය ආදී වශයෙන්. මෙවැනි මාතෘකා ඉතාමත් හොඳයි: උත්තරීතර ජීවය, ශිවාගේ ප්‍රශංසනීයත්වය සහ ක්‍රිෂ්ණාගේ ප්‍රශංසනීයත්වය කුමක්ද? දැන් ඔබම තීරණය කරන්න: ගීතාවේ දෙවියන් කවුද? මෙය ඉතා බලවත් වූ මාතෘකාවකි. ඔබ මෙය විස්තර කළ යුතුමයි. මෙසේ කියන්න : මා ඔබගෙන් එතරම් කාලයක් ගන්නේ නැහැ. එක මිනිත්තුවක් දෙන්න පුළුවන් නම්, ඒ ඇති. දෙවියන් කියනවා : මන්මනාභව්! මා පමණක් සිහිපත් කරන්න, එවිට ඔබට දිව්‍යලෝකයේ උරුමය හිමිවනු ඇත. මෙසේ කිව්වේ කවුද? ඒ අශාරීරික උත්තරීතර ජීවය බ්‍රහ්මාගේ ශරීරය යොදා ගනිමින් තම බ්‍රහමින් දරුවන්ට තමයි මෙසේ කියන්නේ. ඔවුන් පාණ්ඩව හමුදාව ලෙස හැඳින්වෙනවා. අන් අයව ආධ්‍යාත්මික වන්දනා ගමනෙහි ගෙන යන්නා වූ මාර්ගෝපදේශකයන් වන්නේ ඔබයි. බාබා එවන් රචනා දෙනවා. දැනුම ඔප දමා අන් අයට විස්තර කර දෙන ආකාරය ගැන දරුවන් සිතා බැලිය යුතුයි. ඔවුන්ට කියන්න: ඔබ මුක්තිය හා ජිවන මුක්ති උරුමය ලබන්නේ පියා සිහිපත් කිරීමෙන්ම පමණයි. අප බ්‍රහ්ම කුමරුන් හා කුමරියන්. ඇත්තෙන්ම ඔබ මෙම තත්ත්වයේ ඉන්නවා. නමුත් ඔබ පියාව හඳුනාගෙන නැහැ. දරුවන් දැන් ඒ උත්තරීතර පියා, උත්තරීතර ජීවය මාර්ගයෙන් දේවතාවන් බවට පත්වනවා. ලක්ෂ්මී හා නාරායනගේ රාජ්‍යයන් තිබුණේ භාරතයේ පමණයි. පුංචි දරුවන් විශාල රැස්වීම්වල ශබ්ද නඟා විස්තර කළහොත්, එමඟින් විශාල බලපෑමක් ඇති වනවා. ඔවුන්ට දැනුම තිබෙනා බවත් සත්‍යය වෙත යාමට ඔවුන්ට අප වෙත මාර්ගය පෙන්වාදිය හැකි බවත් මිනිස්සු එවිට තේරුම් ගන්නවා. ඒ අශාරීරික වූ උත්තරීතර ජිවය කියනවා : අහෝ ජීවයනි, මා සිහිපත් කරන්න, එවිට ඔබගේ සියලු පාප දුරු වී යනු ඇත. උපතක් උපතක් පාසා ගංගාවල ස්නානය කිරීමෙන් හා වන්දනා ගමන් යාමෙන් ඔබ තව තවත් පාපකාරීත්වයට පත්වීම පමණයි සිදුවූයේ. ඉහළට නැගීමේ හා පහළට බැසීමේ තත්ත්ව තිබෙන්නේ භාරතයේ පමණයි. පියා ඔබට රාජයෝගා උගන්වා ඔබව ඉහළට යාමේ තත්ත්වය වෙත ගෙන යනවා. ඔහු ඔබව දිව්‍යලෝකයේ පාලකයන් බවට පත්කරවනවා. පසුව, මායා, රාවන් ඔබව අපායේ පාලකයන් බවට පත්කරවනා නිසා එය පහළට යාමේ තත්ත්වය ලෙස හඳුන්වනවා. උපතින් උපත, කෙමෙන් කෙමෙන් පහළට යාමේ තත්ත්වය ඇති වනවා. දැනුම, ඉහළට යාමේ තත්ත්වය වන අතර, භක්තිය, පහළට බැසීමේ තත්ත්වයයි. භක්තියෙහි යෙදීමෙන් පසුව ඔබට දෙවියන් හමුවෙතියි ඔවුන් කියනවා. එසේනම්, නියත ලෙසම දැනුම දෙන්නේ පරමාත්ම දෙවියන්; දැනුමේ සාගරය ඔහුයි. සත්ගුරු විසින් දැනුම නම් වූ ආලේපය ලබා දුන් පසු අවිද්‍යා අඳුර වියැකී යනු ඇත. උත්තරීතර පියා, උත්තරීතර ජීවය පමණයි සත්ගුරු වන්නේ. ප්‍රශංසනීයත්වය තිබෙන්නේ සත්ගුරු පිළිබඳවයි, අනෙක් ගුරූන් පිළිබඳව නොවේ. ගුරූන් බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් සත්ගුරු ඉන්නේ එකම එක කෙනෙකි. ගැලවීම ලබා දෙන්නා, පාරිශුද්ධකරුවා සහ විමුක්තිදායකයා වන්නේ ඔහුයි. දරුවන් දැන් දෙවියන්ගේ වදනට සවන් දෙනවා. නිරන්තරයෙන්ම ඔහු සිහිපත් කිරීමෙන් ජීව වන ඔබ සාමයේ දේශය වෙත නැවතත් යනවා. එය සාමයේ දේශයයි. අනෙක සතුටේ දේශය වන අතර මෙය දුකින් පිරි දේශයයි. ඔවුන්ට මේ තරමවත් තේරුම් ගන්න බැරිද? අපිරිසිදු වූ ලෝකය පාරිශුද්ධත්වයේ ලෝකය බවට පත්කරවන්නේ එම ඒකායන පියා පමණයි. ඔබට අසීමිත වූ සතුට ලබා දෙන්නේ ඒ අසීමිත වූ පියා පමණක් බව ඔබ දන්නවා. රාවන් ඔබට දෙන්නේ අසීමිත දුකක්. ඔහු පරම සතුරෙක්. රාවන්ගේ රාජ්‍යය අපිරිසිදු රාජ්‍යය ලෙස හඳුන්වන්නේ ඇයිද යන වග කිසිම කෙනෙක් දන්නේ නහැ. පියා දැන් අපට සියලුම රහස් හෙළිකොට ඒවා විස්තර කර දී තිබෙනවා. සෑම කෙනෙක් තුළම පාප පහ තිබෙනවා. මේ නිසා තමයි ඔවුන් හිස් දහයකින් යුතුව රාවන්ව පෙන්නුම් කරන්නේ. මහාචාර්යවරුන් හෝ පණ්ඩිතවරුන් මේවා ගැන දන්නේ නැහැ. රාමාගේ (දෙවියන්) රාජ්‍යය ඇරඹෙන්නේ කවදාද, එය කෙතරම් කාලයක් තිබෙනවා ද යන්න ගැන පියා දැන් ඔබට විස්තර කරදී තිබෙනවා. ඔහු ඔබට මේ අසීමිත වූ ඉතිහාසය හා භූගෝලය ගැන විස්තර කරනවා. රාවන් වූකලී භාරතයේ අසීමිත සතුරායි. ඔහු සෑහෙන පරිහාණියක් ඇතිකර තිබෙනවා! භාරතය දිව්‍යලෝකයක්ව තිබූ බව ජනයා අමතක කරදමා තිබෙනවා. දරුවන් දැන් පියාගෙන් ශ්‍රිමත් ලබා ගන්නවා: දරුවනි, ඇල්ෆා, පියාව සහ බීටා සිහිපත් කරන්න! උත්තරීතර පියා, උත්තරීතර ජීවය දිව්‍යලෝකය ස්ථාපනය කරනු ඇත, පසුව රාවන් පැමිණ අපාය ස්ථාපනය කරනවා. දිව්‍යලෝකය ස්ථාපනය කරන්නා වූ පියා පමණයි ඔබ සිහිපත් කළ යුතු වන්නේ. ඔබට පවුලේ අයත් සමග ජීවත් වෙමින්, විවාහ උත්සව ආදියට ද සහභාගී විය හැකියි, නමුත්, ඔබට කාලය තිබෙන විට පියාව සිහිපත් කරන්න. ඔබගේ ශරීරය සඳහා වූ කාර්යයන්හී යෙදෙනා අතරම, ඔබ එක්වීමට යන ඒකායන තැනැත්තා ද සිහිපත් කරන්න. ඔහුගේ නිවසට යන තුරාම, සෑම දෙයක්ම එලෙසින්ම කරගෙන යන්න. කොහොමනමුත්, ඔබගේ බුද්ධියට පියාව අමතක කරන්නට ඉඩහරින්න එපා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. දඬුවම්වලින් නිදහස් වීමට නම් ඔබගේ කර්ම සියල්ල ගෙවා දමන්න. ඒ සත්‍ය වූ පියාගෙන් කිසිම දෙයක් සඟවන්න එපා. ව්‍යාජත්වය හා රැවටීම අත්හැර දමන්න. ස්මරණය නම් වූ වන්දනා ගමනෙහි යෙදී සිටින්න.

2. ඔබට නිග්‍රහ කරනා අයව පවා පියා විසින් අභිවෘද්ධියට ලක් කරන්නා සේ, සෑම කෙනෙක්ම අභිවෘද්ධියට පත් කරන්න. සෑම කෙනෙක්ටම පියාගේ සත්‍ය හැඳින්වීම ලබා දෙන්න.

වරදානය:
ඔබේ දේවමය සංස්කාරයන් භාවිත කිරිම මඟින් ඒවා ඵලදායී කරගන්න. එසේම සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වන්න.

දරුවන් තම දේවමය සංස්කාර කාර්යයෙහි භාවිතා කරයිද ඔවුන්ගේ නිෂ්ඵල සිතිවිලි ඉබේ අවසන්වේ. යම් දෙයක් ඵලදායී වෙනවා කියන්නේ එය ඉතිරි කිරීම හෝ වර්ධනය කිරීමය. දේවමය සංකාරයන් ඔබේ බුද්ධියේ ලොකරය තුළ වසා තබමින් ඔබේ පරණ සංස්කාරයන්ම දිගටම භාවිත කිරීම සිදු නොවිය යුතුය. ඔබෙන් බොහෝ දෙනෙකුට හොඳ දේවල් අල්මාරියේත්, මුදල් බැංකුවේත් තබනා පුරුද්ද ඇත. ඔවුන් පැරණි දේ වලට කැමැත්තෙන් ඒවා සැමදා නොකඩවා භාවිතා කරති. එය මෙහිදී නොකරන්න. මෙහි සියල්ලම ඔබේ සිතිවිලි, වචන සහ බලවත් ආකල්පයෙන් ඉතා වටිනා අයුරින් කළ යුතුයි. එවිට ඔබ සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වනවා ඇත.

පාඨය:
"මගේ පියාත් මමත්" යන ආරක්ෂක වියන ඔබ ළඟ තිබෙද්දී, බාධක කිසිවකට ඔබ හමුවට ආ නොහැක.