02.07.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ දැන් මෙහි ඉගෙන ගෙන, ඔබගේ අනාගත උපත් 21 ක් සඳහා, කටු බවින් සුවඳවත් මල් බවට පරිවර්ථනය විය යුතුයි. දිව්‍යමය ගුණ දම් ධාරණය කරගෙන අන් අයටත් එසේ කිරීමට දිරි ගන්වන්න.

ප්‍රශ්නය:
දිගින් දිගටම අංක පිළිවෙලට විවර වන්නේ, කුමන දරුවන්ගේ බුද්ධියේ අගුල්ද?

පිළිතුර:
අඛණ්ඩව ශ්‍රීමත් අනුගමනය කර, පාරිශුද්ධකරු පියාගේ සිහිපත් කිරීමේ සිටින අයගේ. ඔවුන්ට උගන්වන කෙනා සමඟ, තම යෝගාව සම්බන්ධ වී ඇති අයගේ බුද්ධියේ අගුල් අඛණ්ඩව විවර වෙයි. බාබා පවසන්නේ දරුවනි, තමන් පියාට සවන් දෙන, ජීවාත්ම, සහෝදරයන් බව සැලකීමට පුරුදු වන්න. ජීව අවධාන ස්ථීතියේ සිට සවන් දී, අන් අයට විස්තර කර දෙන්න, එවිට ඔබගේ අගුල් දිගටම විවර වෙයි.

ඕම් ශාන්ති.
පියා ඔය දරුවන්ට විස්තර කරයි ඔබ මෙතැන අසුන් ගන්නා විට, ඔබ සිටිය යුත්තේ ශිව බාබාගේ සිහිපත් කිරීමේ පමණක් නොවෙයි. එය සාමය පමණක් වනු ඇත, නමුත් ඔබට සතුටත් අවශ්‍යයි. ඔබ සාමයෙන් රැඳී සිටිය යුතුයි, නමුත් ඔබ ස්ව දර්ශන චක්‍රය බ්‍රමණය කර, ඔබගේ රාජධානියද සිහිකළ යුතුයි. ඔබ උත්සාහ දරන්නේ සාමාන්‍ය මනුෂ්‍යයින්ගෙන්, නාරායන් බවට, මනුෂ්‍යයින්ගෙන් දේවතාවන් බවට පත් වීමටයි. මෙහි කෙනෙකුට කෙතරම් දිව්‍යමය ගුණදම් තිබුණත්, ඔහුට දේවතාවක් යැයි කිව නොහැක. දේවතාවන් සිටින්නේ දිව්‍යලෝකයේ පමණයි. ලෝකයේ මිනිසුන් දිව්‍යලෝකය ගැන නොදනී. නව ලෝකයට, දිව්‍යලෝකය කියාත්, පැරණි ලෝකයට අපාය කියාත්, කියන බව ඔය දරුවන් දන්නවා. භාරතයේ ජනයා වන ඔබ පමණයි මෙය දැනගන්නේ. ස්වර්ණමය යුගයේ පාලනය කළ දේවතාවන්ගේ පිළිරූ පවතින්නේ භාරතයේ පමණයි. ඔවුන් ආදී සනාතන දෙවි දේවතා ධර්මයේ අයයි. එම පිළිරූ වන්දනාමාන කිරීම සඳහා විදේශ රටවල් වලට ගෙන යයි. විදේශ රටවල් වල අය, ඔවුන් යන කුමන හෝ ස්ථානයක, තමන්ගේම දේවාල එහි ගොඩනගා ගනි. අන් ආගම්වල අය කොහේ ගියත් ඔවුන් වන්දනා කරන්නේ තමන්ගේම ආගමේ පිළිරූ වලටයි. ඔවුන් අත්පත් කර ගන්නා ඕනෑම නගරයක, ක්‍රිස්තියානි පල්ලි ගොඩ නගයි. වන්දනාවට ඔවුන් භාවිත කරන, තමන්ගේම පළිරූ, සෑම ආගමකම තිබේ. ඔබ දේවතාවන්ව සිටි බව, ඔබ පෙර දැන සිටියේ නැත. ඔබ ඔවුන්ගෙන් වෙනස් බව සිතා, ඔබ ඔවුන්ට වන්දනා කළා. වෙනත් ආගම් වල අය වඳින්නේ, තම ආගම ස්ථාපනය කළ කෙනාට බව ඔවුන් දනි එය ක්‍රිස්තුස් වහන්සේ නම් ඔවුන් කියන්නේ අප ක්‍රිස්තියානුවන්. එසේ නැත්නම් අප බෞද්ධයින්. කෙසේවෙතත් හින්දූන්, තමන්ගේ ආගම නොදත් බැවින්, ඔවුන් තමන්ව හින්දූන් වශයෙන් හඳුන්වා, දේවතාවන්ට වන්දනා කරයි. ඔවුන් අයත් වන්නේ ආදි සනාතන දෙවි දේවතා ධර්මයට බවත්, ඔවුන් වන්දනා කරන්නේ තමන්ගේම මුතුන් මිත්තන්ට බවවත් ඔවුන්ට වැටහෙන්නේ නැත. ක්‍රිස්තියානුවන් වඳින්නේ ක්‍රිස්තුස් වහන්සේට පමණයි. භාරතයේ ජනයා තමන්ගේ ආගම කුමක්ද, එය ස්ථාපනය කළේ කවුරුන්ද, කවදාද, කියා නොදනී. පියා පවසන්නේ භාරතයේ ආදි සනාතන දෙවි දේවතා ධර්මය අතුරුදහන් වන විට, මා පැමිණ එය නැවත වරක් ස්ථාපිත කරනවා. ඔය දරුවන්ගේ බුද්ධියේ දැන් මෙම දැනුම තිබේ. පෙර කල ඔබ කිසිම දෙයක් දැන සිටියේ නැත. භක්ති මාර්ගයේදී ඔබ ඒවා ගැන කිසි දෙයක් වටහා නොගෙන, දිගින් දිගටම එම පිළිරූ වලට වන්දනා කළා. ඔබ දැන් තව දුරටත් භක්ති මාර්ගයේ නැති බව ඔබ දන්නවා. බ්‍රහ්මණ වංශයේ සැරසිල්ල වන ඔබ සහ ශුද්‍ර වංශයේ අය අතර, දැන් දිවා රාත්‍රිය මෙන් වෙනසක් තිබේ. මෙකල පමණයි ඔබට මෙය වැටහෙන්නේ. ස්වර්ණමය යුගයෙදී ඔබ මෙය නොදැන සිටියි. ඔබට මෙම වැටහීම ලැබෙන්නේ මෙකල පමණයි. පියා, ජීවාත්මයන්ට වැටහීම ලබා දෙයි. පැරණි ලෝකය සහ නව ලෝකය ගැන දන්නේ ඔය බ්‍රහ්මණයන් පමණයි. පැරණි ලෝකයේ බොහෝ මනුෂ්‍යයින් සිටියි. මෙහි මනුෂ්‍යයින් බොහෝ සණ්ඩු සරුවල් කරගනී මෙය කටු කැලයයි. ඔබද කටු වශයෙන් සිටි බව ඔබ දන්නවා. බාබා දැන් ඔබව මල් බවට පත් කරමින් සිටියි. කටු, මෙම සුවඳවත් මල් වලට හිස නමයි. ඔබට දැන් මෙම රහස වැටහෙනවා. දැන් සුවඳවත් මල් (බ්‍රහ්මණයින්) බවට පත් වී ඇති අප, එම දේවතාවන් විය. මෙය නාටකය බව, පියා විස්තර කර ඇත. පෙර, නාටක හෝ චිත්‍රපටි නොතිබිණි ඒවා නිරිමාණය වුණේ මෑතකදීය. ඒවා නිර්මාණය වී ඇත්තේ ඇයි? පියාට නිදසුන් දීමට පහසු වීම සඳහා. ඔය දරුවන්ටද මෙම දේවල් වටහා ගැනීමට පුළුවනි. ඔය දරුවන් විද්‍යාවද හැදෑරිය යුතුයි. එහිදි ප්‍රයෝජනවත් වන, සියලුම විද්‍යාවේ සංස්කාර, ඔවුන් තම බුද්ධි වල රැගෙන යයි. ලෝකය සම්පූර්ණයෙන්ම විනාශ වන්නේ නැත. ඔබ එම සංස්කාර ඔබත් සමඟ රැගෙන ගොස් එහි උපත ලබයි. එහි අහස් යානා ආදියද ගොඩ නැගෙයි. එම ස්ථානයට වටින, ප්‍රයෝජනවත් දේවල්, දැන් නිර්මාණය වනවා. නැව් තනන අය තවමත් සිටින නමුත්, එවන් නැව් එහිදී කිසිසේත් ප්‍රයෝජනවත් වන්නේ නැහැ. ඔවුන් දැනුම ඉගෙනගත්තත් නැතත්, ඔවුන්ගේ එම සංස්කාර, එහිදී ප්‍රයෝජනවත් නොවෙයි. එහි නැව් වලට අවශ්‍යතාවයක් නැත එය නාටකයේ නොමැත. ඔව් අහස් යානා සහ විදුලිය ආදිය අවශ්‍ය වෙයි. එවන් දේවල් අඛණ්ඩව අළුතින් නිර්මාණය වනවා. එම දේවල් එහි (විදේශයන්හි) ඉගෙනගෙන, දරුවන් මෙහි පැමිණෙයි. මේ සෑම දෙයක්ම බුද්ධියේ තිබෙන්නේ ඔය දරුවන් තුළ පමණයි. ඔබ ඉගෙනගන්නේ නව ලෝකයට බව ඔබ දන්නවා. බාබා දැන් අපගේ අනාගත උපත් 21 සඳහා අපට උගන්වනවා. දිව්‍යලෝකයේ වැසියන් වීම සඳහා අප පිවිතුරු වනවා. පෙර අප අපායේ වැසියන් විය. මිනිසුන් කියන්නේ මේ-මේ කෙනා, දිව්‍යලෝකයට ගියා. කෙසේවෙතත්, තමන් අපායේ වැසියන් බව ඔවුන් සලකන්නේ නැත. ඔවුන්ගේ බුද්ධියේ අගුල් විවර වන්නේ නැත. ඔය දරුවන්ගේ බුද්ධියේ අගුල් අංක පිළිවෙලට, ටිකෙන් ටික දැන් විවර වනවා. ශ්‍රීමත් අනුගමනය කර, පාරිශුද්ධකරු පියාව සිහිපත් කරන අයගේ අගුල් ක්‍රම ක්‍රමයෙන් විවෘත වනවා. පියා ඔබට දැනුම ලබා දී, ඔබට සිහිපත් කිරීමේ සිටින ආකාරයද කියා දෙයි. ඔහු ගුරුවරයා නොවේද? එබැවින් ගුරුවරයා, නිසැකයෙන්ම ඔබට උගන්වයි. ගුරුවරයා සහ ඉගෙනුම සමඟ ඔබ වැඩියෙන් යෝගාවේ සිටින තරමට, ඔබට හිමි වන තත්ත්වය වඩා උසස් වෙයි. වෙනත් ඉගෙනුම් වලදී, එම කුමන හෝ ඉගෙනුම සමඟ ඔබ කොහොමත් යෝගාවේ සිටියි. ඔබට උගන්වන්නේ නීතීඥයෙක් බව ඔබ දැනගෙන සිටියි. මෙහි ඔබට උගන්වන්නේ පියාය. මෙය අළුත් දෙයක් නිසා ඔබට තවමත් මෙය අමතක වෙයි. ඔබගේ ශරීරය සිහි කිරීමට ඉතාමත්ම පහසුයි. ඔබට නැවත නැවතත් ඔබගේ සිරුර සිහි වෙයි. ඔබ ජීවාත්මයක් බව ඔබට අමතක වෙයි. පියා දැන් විස්තර කරන්නේ ඔය ජීවාත්මයන්ටයි. ජීවාත්ම වන අප, සහෝදරයන්ය. ඔහු උත්තරීතර පියා බව, පියා දන්නවා. පියා ඔබට උගන්වන්නේ, තමන් ජීවාත්ම බව සලකා, වෙනත් අයද ජීවාත්ම බව සලකමින් ඔවුන්ට උගන්වන්නට කියාය. ජීවාත්ම ඔවුන්ගේ කන් දෙකින් සවන් දෙන අතර, උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මයයි මෙම දැනුම පවසන්නේ. ඔහුට උත්තරීතර ජීවාත්මය යැයි කියයි. ඔබ වෙනත් අයට විස්තර කරන විට, ඔබ වන ජීවාත්මයට මෙම දැනුම තිබෙන බවත්, ඔබ එය ජීවාත්මයන්ට පවසන බවත් ඔබගේ බුද්ධිය දැන සිටිය යුතුයි මා පියාගෙන් ඇසූ දේවල්, ජීවාත්මයන්ට කියනවා. මෙය සම්පූර්ණයෙන්ම අළුත් දෙයක්. ඔබ වෙනත් අයට උගන්වන විට, ඔබ ජීව අවධානයෙන් සිට ඔවුන්ට උගන්වන්නේ නැත ඔබට මෙය අමතක වනවා. ඔබගේ ගමනාන්තය මෙයයි. ඔබගේ බුද්ධියෙන් මතක තබා ගත යුත්තේ ජීවාත්මය වන මා, අවිනාශීයි. ජීවාත්මය වන මා, මෙම භෞතික අවයව වලින් මගේ චරිත කොටස රඟපානවා. ඔය ජීවාත්ම ශුද්‍ර වංශයට අයත් වූ අතර, දැන් සිටින්නේ බ්‍රහ්මණ වංශයේ. ඔබ ඉන්පසුව දේවතා වංශයට යයි. එහිදි ඔබට පිවිතුරු ශරීර ලැබෙයි. ජීවාත්ම වන අප, සහෝදරයන්ය. පියා උගන්වන්නේ ඔය දරුවන්ටයි. ඔය දරුවන් කියන්නේ ඔබ සහෝදරයන් බවත් ඔබ උගන්වන්නේ ඔබගේ සහෝදරයන්ට බවත්ය. සෑම දෙයක්ම විස්තර කෙරෙන්නේ ජීවාත්මයන්ටයි. ජීවාත්ම සවන් දෙන්නේ සිරුරු තුළින්ය. මේවා ඉතාමත්ම සියුම් කාරණාවන්ය. එම අවධානය රැඳෙන්නේ නැත. ඔබ චක්‍රයෙන් භාගයක්ම ශරීර අවධානයෙන් සිට ඇත. ඔබ දැන් ජීව අවධානයට පත්විය යුතුයි. ඔබ ජීවයක් බව විශ්වාසය ඇති කරගන්න. ඔබ ජීවාත්මයක් යන විශ්වාසයෙන් මෙහි අසුන් ගන්න. උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය මෙම දැනුම ඔබට පවසනවා. මේ නිසයි කියමනක් තිබෙන්නේ ජීව බොහෝ කාලයක්, පියාගෙන් වෙන් වී සිටියා. මා ඔබට එහිදි උගන්වන්නේ නැත. ඔබට ඉගැන්වීම සඳහා මා මෙහි පැමිණිය යුතුයි. අනෙත් සියලුම ජීවාත්මයන්ට තමන්ගේම ශරීර තිබේ. මෙම පියා, උත්තරීතර ජීවාත්මයයි. ඔහුටම කියා සිරුරක් ඔහුට නැත. එම ජීවාත්මයට ශිවා යැයි කියයි. මෙම සිරුර මට අයිති නැති බව ඔබ දන්නවා. මා උත්තරීතර ජීවාත්මයයි. මගේ ප්‍රශංසාව වෙනස්ය. සෑම කෙනෙකුගේම ප්‍රශංසාව ඔවුනොවුන්ට පෞද්ගලිකයි. මෙම ප්‍රශංසාව තිබේ, උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය, බ්‍රහ්මා මාර්ගයෙන් ස්ථාපනය සිදු කරයි. ඔහු දැනුමේ මහා සයුරයි, මනුෂ්‍ය ලෝකයේ බීජයයි. ඔහු සත්‍යයයි, ජීවමාන ආත්මයයි, එමෙන්ම ආනන්දයේ, ශාන්තියේ සහ සතුටේ මහා සයුරයි. පියාගේ ප්‍රශංසාව මෙයයි. ඔවුන්ගේ පියාගේ දේපළ ගැන, දරුවන් දැනුවත්ය. ඔවුන්ගේ පියාට මේ මේ කර්මාන්ත ශාලාව හෝ මෝල ආදිය අයත්ය, යන කුල්මත්භාවය ඔවුන්ට තිබේ. එම දේපළ වල අධිපතියන් වන්නේ දරුවන්ය. ඔබට මෙම දේපළ ලැබෙන්නේ එක් වරක් පමණයි. පියාට තිබෙන දේපළ ගැන ඔබ අසා තිබෙනවාද? ඔය ජීවාත්ම, අමරණීයයි ඔබ කිසිදාක මරණය අත්විඳින්නේ නැත. ඔබ සෙනෙහසේ මහා සාගරද වනවා. ලක‍්ෂ්මි සහ නාරායන්ද සෙනෙහසේ මහා සයුරුයි ඔවුන් කිසි විටෙක රණ්ඩු සරුවල් කරගන්නේ නැත. මෙහි මිනිසුන් බොහෝ සෙයින් සණ්ඩු සරුවල් කරගනී. ප්‍රේමය නිසා ඊටත් වඩා, බොහෝ සංකූලතා ඇති වෙයි. පියා පැමිණ සිටින්නේ අවගුණ අවසන් කිරීමටයි. මෙතරම් හිංසන සිදුවන්නේ, මේ නිසයි. පියා පවසන්නේ දරුවනි, පිවිතුරු වන්න, එවිට ඔබ පිවිතුරු ලෝකයේ අධිපතියන් වෙයි. විශාලතම සතුරා වන්නේ රාගයයි. මේ නිසයි ඔබ බාබා වෙතට පැමිණි විට ඔබට මෙසේ කියන්නේ ඔබ මේ උපතේ සිදුකර ඇති පාපයන් ගැන බාබාට කියන්න, එවිට ඔබගේ පාපයේ බර, සැහැල්ලු වෙයි. මෙයින්ද, ප්‍රධානතම දේ වන්නේ රාගය පිළිබඳ කාරණාවයි. මෙය පියාට කියන්නට කියා පියා පවසන්නේ, ඔබගේම ශුභ සිද්ධිය සඳහාය. රාගයේ ගැලෙන අය, අපවිත්‍ර බව කියැවෙන නිසයි, ඔවුන් පාරිශුද්ධකරුවාට අඬ ගසන්නේ ඕ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණෙන්න! මෙම ලෝකය අපවිත්‍රය. මනුෂ්‍යයින් අපවිත්‍රයි. පංච මහා භූතයන්ද අපවිත්‍රයි. එහි පංච මහා භූතයන්, ඔබ වෙනුවෙන් පිවිතුරු කළ යුතුයි. දේවතාවන්ගේ සෙවණැලි මෙම රකුසු භූමියේ වැටිය නොහැක. මිනිසුන් ලක‍්ෂ්මිව කැඳවන නමුත්, ඇයට දැන්ම මෙහි පැමිණිය නොහැක. ඊට පෙරාතුව මෙම පංච මහා භූතයන් පරිවර්ථනය විය යුතුයි. ස්වර්ණමය යුගය නව ලෝකය වන අතර, මෙය පැරණි ලෝකයයි. එය දැන් මෙම ලෝකය අවසන් වීමට කාලයයි. මනුෂ්‍යයින් විශ්වාස කරන්නේ තවත් වසර 40,000 ක් තිබෙන බවයි. චක්‍රයම වසර 5000 ක් බැවින්, කලි යුගය පමණක් වසර 40,000 ක් වන්නේ කෙසේද? අවිද්‍යාවේ අන්ධකාරය බොහෝ සේ තිබේ. ඥානය නොමැත. භක්තිය බ්‍රහ්මණයන්ගේ රාත්‍රිය වන අතර, ඥානය, බ්‍රහ්මා සහ බ්‍රහ්මණයින්ගේ දහවලයි. එය දැන් ප්‍රායෝගික අන්දමකින් පවති. ඉනිමඟ පිංතූරයේ මෙය ඉතා පැහැදිලිව පෙන්වා තිබේ. නව ලෝකය සහ පැරණි ලෝකය, භාගයක් සහ භාගයකි. නව ලෝකය, පැරණි ලෝකයට වඩා දීර්ඝ නැත නැහැ. ඒවා හරියටම භාග දෙකකි. එබැවින් එය හතරෙන් එකේ කොටස් වලට බෙදිය හැක. එය භාග දෙකක් නොවූයේ නම්, නිවැරදි හතරෙන් එකේ කොටස් වලට වෙන් කිරීමට නොහැකි වෙයි. ස්වස්ථිකය ද, සමාන කොටස් හතරකට බෙදා ඇත. ඔවුන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ පෙර නිමිති සටහන (ගණදෙවි) අඳින බවයි. මෙම පැරණි ලෝකය විනාශ වීමට තිබෙන බව, ඔය දරුවන්ට දැන් වැටහෙනවා. අප ඉගෙනගන්නේ නව ලෝකය සඳහාය. අප සාමාන්‍ය මනුෂ්‍යයන්ගෙන්, නව ලෝකය සඳහා, නාරායන් බවට පරිවර්ථනය වනවා. ක්‍රිෂ්ණාද අයත් වන්නේ නව ලෝකයටයි. ක්‍රිෂ්ණාගේ ප්‍රශංසාව තිබේ. ඔහු කුඩා දරුවෙක් නිසා, ඔහුට මහාත්මයක් (ශ්‍රේෂ්ඨ ආත්මයක්) යැයි කියයි. ඔය දරුවන් බොහෝ ආදරණීයයි. ළදරුවන්ට තරම් වැඩිහිටියන්ට ආදරයක් නැත, මන්ද ළදරුවන් සිටින්නේ ඔවුන්ගේ සතෝප්‍රධාන් අවිධියේය. ඔවුන් අසල පාපයේ ගන්ධයක් නොමැත. ඔවුන් වැඩි වියට පත් වන විට, පාපයේ ගන්ධය ඇති වෙයි. ඔය දරුවන්ට කිසිම විටෙක සාපරාදි ද්‍රෂ්ඨියක් නොතිබිය යුතුයි. ඔබව මුලා කරන්නේ ඔය ඇස් දෙකය. මේ නිසයි තම ඇස් දෙක ගලවා දැමූ කෙනෙකුගේ නිදසුන ඔබට ලබා දෙන්නේ. එය එසේ නොවෙයි. ඒ අන්දමින් කිසි කෙනෙක් ඔහුගේ ඇස් උගුලා දමන්නේ නැත. බාබා දැන් ඔබට දැනුමේ දේවල් විස්තර කරයි. ඔබට දැන් දැනුමේ තෙවැනි ඇස ලැබී තිබේ. ඔය ජීවාත්මයන්ට ආධ්‍යාත්මික ඥානය ලැබී ඇත. ඥානය තිබෙන්නේ ජීවය තුළයි. පියා පවසන්නේ මට ඥානය තිබේ. ජීවාත්මයන්ට, ක්‍රියාවන්හි ළුලයට ලක් නොවී සිටීමට හැකියාවක් නැත. ජීවාත්මයක් තම සිරුර අතහැර, තව එකක් ගනී. ජීවාත්ම, අවිනාශීයි. ජීවාත්මය ඉතාමත්ම කුඩාය, නමුත් ඔහු උපත් 84 ක චරිත කොටස් රඟපායි. වෙනින් කිසිවෙකුට මෙම දේවල් ඔබට කිව නොහැක. ඒ මිනිසුන් (සන්යාසීන්) කියන්නේ, ජීවාත්මය, ක්‍රියාවන්හි ළුලයේ බලපෑමට ලක් නොවන බවයි. මේ නිසයි පියා පවසන්නේ පළමුවෙන්ම ජීවාත්මය අවබෝධ කරගන්න. සමහරු අසනවා සතුන් යන්නේ කොහාටද? ඕ! සතුන්ගේ කාරණා පැත්තකට දමන්න. අඩු තරමින් පළමුවෙන් ජීවාත්මය අවබෝධ කරගන්න. ජීවාත්මය වන මා කොයි වගේද? මා කුමක්ද? පියා පවසන්නේ තමන් ජීවාත්මයක් බව ඔබ අවබෝධ කරගන්නේ නැති නම්, ඔබ මාව හඳුනගන්නේ කෙසේද? මේ සියලුම සියුම් දේවල් ඔය දරුවන්ගේ බුද්ධිය තුළ ඇත. ඔය සෑම ජීවාත්මයක් තුළම, උපත් 84 ක චරිත කොටස් ඔබ තුළ පටිගත වී තිබේ. එය දිගින් දිගටම රඟ දැක්වෙනවා. සමහරු කියන්නේ සෑම දෙයක්ම නාටකයේ නියම වී තිබෙනවා නම්, අප උත්සාහ දරන්නේ කුමකටද? කෙසේවෙතත්, ඔබ ඒ සඳහා යම් උත්සාහයක් දැරුවේ නැත්නම්, ඔබට වතුර ටිකක්වත් ගන්නට බැරිය. නාටකයට අනුව ඔබට සෑම දෙයක්ම ඉබේටම ලැබෙයි කියා සිතන්න එපා. ක්‍රියාවන්, අනිවාර්යෙන්ම සිදුකළ යුතුයි. හොඳ සහ නරක ක්‍රියා තිබේ. මෙය වටහා ගැනීමට ඔබට ඔබගේ බුද්ධිය උපයෝගී කළ හැක. පියා පවසන්නේ මෙය රාවණගේ රාජධානියයි. මෙහි ඔබගේ ක්‍රියා පාපකාරී වනවා. එහි රාවණගේ රාජධානියක් නැත, එබැවින් එහි පාපකාරී ක්‍රියා නොමැත. කර්ම, අකර්ම සහ පාපකර්ම වල න්‍යාය ඔබට විස්තර කර දෙන්නේ මා පමණයි. එහිදී ඔබගේ ක්‍රියා අකර්මයි. රාවණගේ රාජධානියේ ක්‍රියාවන් පාපකාරීයි. ගීතාව හඬ නගා කියවන අය, මෙම අරුත විස්තර කරන්නේ නැහැ. ඔවුන් නිකම්ම එය හඬ නගා කියවයි. ඔවුන් සංස්කෘතියෙන් එම ස්ලෝක කියවා, ඉන්පසුව හින්දියෙන් එහි තේරුම කියයි. පියා පවසන්නේ ඇතැම් වචන නිවැරදියි. දෙවියන් ගීතාව පවසන නමුත්, දෙවියන් යනු කවරෙක්ද කියා කිසිවෙකු නොදනී. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ජීවාත්මය වන මා, අසීමිත පියාගේ දේපළ වල අධිපතියාය. පියා, ශාන්තියේ, පාරිශුද්ධත්වයේ සහ ආනන්දයේ මහා සයුර වන සේම, ජීවාත්මය වන මා ද, අධිපති මහා සයුරකි. මෙම කුල්මත්භාවය රඳවා ගන්න.

2. නාටකය! යැයි කියමින් උත්සාහ දැරීම නතර නොකරන්න. ඔබ අනිවාර්යෙන්ම ක්‍රියාවන් සිදුකළ යුතුයි. අකර්ම, පාපකර්ම සහ කර්මයේ න්‍යාය වටහා ගෙන, නිරන්තරයෙන් ශ්‍රේෂ්ඨ කර්ම සිදු කරන්න.

වරදානය:
ඔබ සදා පරම පියාගේ අවිනාශී සහ පරහිතකාමී (නිර්වාර්ථ) සෙනෙහසෙහි ගිලී, මායාව නොතකන කෙනෙක් බවට පත් වේවා.

සදා පරම පියාගේ සෙනෙහසෙහි ගිලී සිටිනා දරුවන්ව ආකර්ශණය කිරීම මායාට කළ නොහැක. හුදෙක් එක ජල බිඳුවක් ජල-වරණ (Water-proof) රෙදි පිළි මත නොරැඳිය හැකි සේ, එලෙසින්ම, මෙම සෙනෙහසෙහි ගිලී සිටිනා අය මායා-වරණ (Maya-proof) වෙති. මායාට කිසිසේත් පහර දිය නොහැකි වන්නට හේතුව පරම පියාගේ සෙනෙහස අවිනාශී වූත් නිස්වාර්ථ (Selfless) වූත් බැවිනි. ඉතින්, තමෝප්‍රධාන් සෙනෙහසේ හිර වී සිටින්නන් කෙසේ මෙම අත්දැකීම ලබන්න ද? පියා එක්කෙනා සහ මම දෙවැන්නා වෙමි. එවිට අප අතරට තෙවැන්නෙකුට පිවිසිය නොහැක.

පාඨය:
නොබැඳි නිරීක්ෂකයන් වෙමින් රඟපාන්නන් හට තත්ත්පරයක් තුළ නැවතුම් ලකුණ තැබීමට හැකි වේ.