02.08.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, නොකඩවා ඥානය ආවර්ජනය කරන්න, එවිට ඔබ කිසි දෙයක් ගැන අවුලට පත් නොවෙයි. ඔබට උගන්වන්නේ, අශාරීරික දෙවියන්මයි, යන කුල්මත්භාවය සෑම විටෙකම පවත්වාගන්න.

ප්‍රශ්නය:
මෙම ඥාන මිණිමුතුවල අවිනාශී කුල්මත් බව අත්විඳිය හැක්කේ කුමන දරුවන්ටද?

පිළිතුර:
දුප්පත් දරුවන්ට. පියාගේ මාර්ගයෙන් කෝටිපතියන් වන්නේ දුප්පත් දරුවන් පමණයි: ඔවුන්ට මාලාවේ ඇමිණීමට හැක. ධනවත් මිනිසුන්ට ඔවුන්ගේ විනාශ වන ධනයේ කුල්මත්භාවය තිබේ. මෙකල බාබාට කෝටිපති දරුවන්ව අනවශ්‍යයි. දිව්‍යලෝකය ස්ථාපිත කරන්නේ දුප්පත් දරුවන්ගේ සෑම සතයකින්ය, මන්ද, ධනවත් වන්නේ දුප්පත් අයයි.

ගීතය:
මෙම පාපකාරී ලෝකයෙන් ඉවතට, විවේකය සහ සුවය ඇති තැනකට අපව රැගෙන යන්න.

ඕම් ශාන්ති.
දුකෙහි නාමයක් හෝ සලකුණක්වත් නොමැති, සතුටු දේශය ලෙස හැඳින්වෙන ස්ථානයට අප දැන් යන බව, බාප්දාදාගේ මිහිරිතම දරුවන් දන්නවා. අප සතුටු දේශයේ, දිව්‍යලෝකයේ අධිපතියන්ව සිටියා. සතුටු දේශයේ, දේවතාවන් පාලනය කළ, ස්වර්ණමය යුගය පැවතුණා. ඔබ දැන් බ්‍රහ්මනයන් සහ බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් නිර්මාණය වී ඇත. ඔබ මෙසේ පවා ලියයි: බ්‍රහ්ම කුමාරීන් බාරේ, ශිව බාබා. මෙය සැබවින්ම ඔබගේ ඉහළ නගින ස්ථිතිය බවත් ඔබ දැන් දන්නවා. ඉහළ නැගීමේ සහ පහළ බැසීමේ ස්ථිති පිළිබඳව ඔය දරුවන්ට දැන් ඉතා පැහැදිලිව වැටහෙනවා. තවද භාරතයේ ඉහළ නැගීමේ ස්ථිතිය තිබුණු විට, එහි සිටි මිනිසුන් දේවතාවන් ලෙස හැඳින්වූ බවත් ඔබ දන්නවා. එය දැන් පහළ බැසීමේ ස්ථිතියේ පවතින අතර ඔවුන් දේවතාවන් ලෙස හැඳින්විය නොහැක්කේ ඒ නිසාය. තමන් මනුෂ්‍යයන් බව දැන් ඔවුන් සලකයි. ඔවුන් දේවාල වලට ගොස් දේවතා ප්‍රතිමා ඉදිරියේ ඔවුන්ගේ හිස නමයි. ඔවුන් සැබවින්ම අතීතයේ සිටි බව, ඔවුන් විශ්වාස කරයි. කවදාද? ඔවුන් මෙය නොදනී. ක්‍රිස්තුතුමාට වසර 3000කට පෙර, භාරතය දිව්‍යලෝකය වූ බව, ඔබට ඕනෑම කෙනෙකුට විස්තර කළ හැක. චක්‍රය නිසැකයෙන්ම බ්‍රමණය විය යුතු බව, ඔය දරුවන් දැන් වටහාගෙන තිබේ: අපවිත්‍ර ලෝකය පිවිතුරු විය යුතුයි. පරම පියා විසින් ඔබව මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය කරන බව දැන් ඔය දරුවන්ගේ බුද්ධිය තුළ තිබේ. පරම පියා ඔබට ඉගැන්වීමේ කුල්මත්භාවය ඔබ තුළ තිබිය යුතුයි. මෙසේද සිහි කර තිබේ: දෙවියන් පවසයි: මා ඔබට රාජයෝගාව උගන්වනවා. ඔවුන් සිදුකර ඇති වරද වන්නේ, පියාගේ නම වෙනුවට දරුවාගේ නම ඇතුලත් කිරීමයි. මෙම වරද වැටහෙන්නේ ඔය දරුවන්ට පමණයි. වෙනත් කිසිවෙකුට එය වැටහෙන්නේ නැත. සාම දේශයේ සිට සතුටු දේශයට යාම සඳහා, ඔබ නැවත වතාවක් පිවිතුරු වන බව ඔය දරුවන්ගේ බුද්ධියට ඇතුළු වී තිබේ. මිනිසුන් ගායනා කරන්නේ: අහෝ පාරිශුද්ධකරුවාණෙනි, වඩින්න! පරම පියා වන පරමාත්ම දෙවියන් පමණයි පාරිශුද්ධකරු වන්නේ. කිසිවෙකුට ක්‍රිෂ්ණාට එසේ ඇමතිය නොහැක. ඔබගේ බුද්ධිය අඛණ්ඩව මෙය ආවර්ජනය කළ යුතුයි. පාසැලේදි දරුවන්, ඔවුන්ට උගන්වා ඇති පාඩම් නොකඩවා ආවර්ජනය කරයි. ඔබ කොකඩවා මෙය ආවර්ජනය කරන්නේ නම්, ඔබ කිසි විටෙක අවුලට පත් නොවෙයි. එය දැන් ඔබගේ ඉහළ නැගීමේ ස්ථිතිය බව ඔබ දන්නවා. තත්පරයකදී ජීවන-මුක්තිය සිහි කර තිබේ. දරුවෙක් උපත ලද සැනින් ඔහු උරුමයකට අයිතියක් ලබයි. කෙසේවෙතත්, එය ජීවන-මුක්තියේ උරුමය නොවෙයි. මෙහිදී ඔබට ජීවන-මුක්තියේ ඔබගේ රාජධානියේ භාග්‍යය හිමි වෙයි. ඔබට නියත වශයෙන්ම එය පරම පියාගෙන් හිමි විය යුතුයි. භාරතය, අසීමිත පියාගෙන් අසීමිත උරුමය හිමිකර ගත් බවත් ඔබ දන්නවා. එයට නැවතත් එය ලබා ගැනීමට තිබේ. ඔබ දැන් ශ්‍රීමත් පිළිපදිමින් ඔබගේ උරුමය හිමි කරගන්නවා. භක්ති මාර්ගයේ ඔවුන් දිගින් දිගටම එක් අයෙක් හෝ තව කෙනෙක් සිහි කරයි. ඔවුන් සියලු දෙනාගේම පිංතූර තිබේ. ඒවාට වන්දනා කරයි. පියා ඔබට මෙම රහස පහදා දී තිබේ. කෝටි ගණනකින් අතලොස්සක් මෙම දේවල් ඉතා හොඳින් වටහාගෙන විශ්වාසයද ඇති කරගන්නා අතර, අන් අයට සැක ඇතිවෙයි. ඔබ ප්‍රථමයෙන්ම කිසි කෙනෙකුට සැක ඇති නොවීම සඳහා, සම්බන්ධය ගැන විස්තර කළ යුතුයි. දෙවියන් අසුන්ගෙන සියලු දේ අර්ජුනට විස්තර කළ බව, ගීතාවේද සඳහන් කර තිබේ. අශ්ව රථයක අසුන්ගෙන රාජයෝගාව ඉගැන්වීම ඔහුට කළ හැකි දෙයක් නොවෙයි. ඔහු ඒ ආකාරයෙන් අසුන්ගෙන රාජ යෝගාව උගන්වන්නේ නැත. එය බොරුවකි. බ්‍රහ්මා, විෂ්ණුගේ නාභියෙන් මතු වන ආකාරය ඔවුන් පිළිඹිමු කර ඇති අතර ඉන්පසුව ඔවුන් බ්‍රහ්මාව පෙන්වා ඇත්තේ ග්‍රන්ථ ශාස්ත්‍ර අතේ ඇතිවයි. ඔහු සූක්‍ෂම දේශයේ සිටිනවා විය නොහැක. එබැවින් සාරංශය විස්තර කර දෙනු ලබන්නේ මෙහිදීය. ඔබට එවන් පිංතූර භාවිත කරමින් විස්තර කළ හැක. මෙම පිංතූර ප්‍රදර්ශන සඳහාද අනිවාර්යෙන් ප්‍රයෝජනවත් වෙයි. එය සූක්‍ෂම දේශය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. බ්‍රහ්මාගේ මුඛයෙන් ඔහු විස්තර කරනු ඇත්තේ කාටද? එහි ඇත්තේ බ්‍රහ්මා, විෂ්ණු සහ ශංකර් පමණයි. එබැවින් ග්‍රන්ථවල සාරය ඔහු විස්තර කරන්නේ කාටද? ඒ සියල්ල භක්ති මාර්ගයේ මෙවලම් බව ඔබ දන්නවා. මෙම භක්ති මාර්ගය ස්වර්ණමය සහ රිදී යුගයන්හි පැවතිය නොහැක. එය දේවතාවන්ගේ රාජධානියයි. එහි භක්තිය තිබෙන්නේ කෙසේද? භක්තිය සිදුවන්නේ පසුකාලීනවයි. බුද්ධිය තුළ විශ්වාසය ඇති අය පමණක් ජයගන්නා බව, ඔය දරුවන් දන්නවා. පරම පියා ගැන ඔබට ශ්‍රද්ධා විශ්වාසයක් තිබේ නම් ඔබට නියත වශයෙන්ම ආධිපත්‍යය හිමි වෙයි. පරම පියා මෙහි ඉදගෙන පැහැදිලි කරයි: මා දෙව්ලොව ස්ථාපනය කරනා ඒකායන කෙනාය. අපිරිසිදු අය පාරිශුද්ධ කරනා ඒකායන කෙනා මමයි. ශිවා, ශ්‍යාම් සුන්දර් (ලස්සණ සහ අවලස්සණ කෙනා) බව, ඔබ කිසිදා නොපවසයි. ශ්‍යාම් සහ සුන්දර් ලෙස හැඳින්වෙන්නේ ක්‍රිෂ්ණා පමණයි. ශිවා, චක්‍රයට ඇතුළු නොවන බව වැටහෙන්නේ ඔය දරුවන්ට පමණයි. ලස්සණ සහ අවලස්සණ ලෙස ඔහුව පිළිඹිමු කළ නොහැක. පියා විස්තර කරයි: එය දැන් ඔය දරුවන්ගේ ඉහළ නගින ස්ථිතියයි. අවලස්සණ බවින් ඔබ සුන්දර විය යුතුයි. භාරතය සුන්දර විය: එය දැන් අවලස්සණ වී ඇත්තේ ඇයි? රාග චිතකය මත අසුන් ගැනීමෙන්. සාගරයේ දරුවන්ව, රාගය විසින් පුළුස්සා දමා ඔවුන්ව විනාශ කළ බවත් සිහිකර තිබේ. පරම පියා දැන් ඔබට ඥානයේ චිතකය මත අසුන් ගැනීමට මග පාදයි. ඔබව ඥාන වැස්සෙන් නහවයි. ඔබට සත්‍යයේ ආශ්‍රය ඇති එකම ස්ථානය මෙය බවත් ඔබට වැටහෙයි. දිව්‍යලෝකය ස්ථාපනය කරන, පරම පියා, පරමාත්ම ජීවයට, අමරණීයත්වයේ ස්වාමියා යැයි කියයි. එබැවින් ඔහු නිසැකවම මෙහි අසුන්ගෙන දරුවන්ට විස්තර කරනු ඇත. ඔහු කඳු මුදුන්වල අසුන්ගෙන එක් පාර්වතීට පමණක් විස්තර කරයිද? ඔහු මුළු අපවිත්‍ර ලෝකයම පිවිතුරු කළ යුතුයි. එය එක්කෙනෙක් පමණක් පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. ඔබ පිවිතුරු ලෝකයේ අධිපතියන්ව සිටි බවත් ඔබ නැවත වරක් අධිපතියන් වන බවත්, ඔබ දන්නවා. කුඩා අතු රිකිලි අවසානයේ පැමිණෙන බවත් ඔබට වෘක්‍ෂයේ පිංතූරයේ විස්තර කර දී තිබේ. ඒ සියල්ල කුඩා කණ්ඩායම් සහ නිකායන්ය. ඉතා අලංකාර පත්‍ර ප්‍රථමයෙන් මතු වෙයි. ගසක් එහි දිරාපත් තත්ත්වයට පත් වූ විට, තව දුරටත් අළුත් පත්‍ර නොමැති අතර එය ඵල දරන්නේ ද නැත. පරම පියා ඔය දරුවන්ට දිගින් දිගටම සෑම දෙයක්ම ඉතා පැහැදිලිව විස්තර කරයි. ඔබගේ සටන තිබෙන්නේ මායා සමගයි. ඔබ ලබන තත්ත්වය ඉතා ශ්‍රේෂ්ඨයි. එබැවින් නිසැකයෙන්ම යම් උත්සාහයක් දැරිය යුතු වනවා. ඔබ ඉගෙන ගත යුතු අතර පිවිතුරුද විය යුතුයි. චක්‍රයෙන් භාගයක් එය රාවනගේ රාජධානිය වූ අතර එය දැන් රාමාගේ රාජධානිය විය යුතුයි. රාම රාජ්‍යය තිබිය යුතු බව මිනිසුන් පවසන නමුත්, එය සිදුවන්නේ කෙසේද හෝ කවදාද කියා ඔවුන් නොදනී. මෙම දේවල් ශාස්ත්‍රයන්හි සඳහන් වී නැත. පාණ්ඩවයන් කඳු මුදුන්වල දිය වී ගිය බව ඔවුන් පෙන්වා දී ඇත. හොඳයි, ඉන්පසුව සිදු වූයේ කුමක්ද? සමූල ඝාතනයක් සිදු වන්නේ නැත. එක් අතකින් පරම පියා රාජයෝගාව උගන්වන බව ඔවුන් පෙන්වනවා. ඔහු පවසන්නේ: ඔබ අනාගතයේ රජුන්ගෙත් රජුන් වෙයි. කෙසේනමුත්, පසුව ඔවුන් පෙන්වන්නේ පාණ්ඩවයන්ද විනාශ වූ බවයි. එය සිදුවිය හැක්කේ කෙසේද? නව ලෝකය ස්ථාපිත වන්නේ කෙසේද? ශ්‍රී ක්‍රිෂ්ණා පැමිණෙන්නේ කොහේ සිටද? බ්‍රහ්මනයන් අනිවාර්යෙන් අවශ්‍ය වනවා. ඔබ නව ලෝකයට යාමට උත්සාහ දරණ බව ඔබ දන්නවා. ඔබ මෙහි ඥානයේ මහා සාගරය වෙතට පැමිණෙන්නේ නැවුම් වීමටයි. එහිදී ඔබ සවන් දෙන්නේ දැනුමේ ගංගාවන්ටයි. අමර්නාත්වල, මන්සරෝවර් කියා විලක් ඔවුන්ට තිබේ. එහි දිය නෑමෙන් ඔබ සුරංගනාවන් වන බව ඔවුන් පවසයි. ඇත්ත වශයෙන්ම ඥානයේ මන්සරෝවරය මෙයයි. ඥානයේ මහා සාගරය වන පරම පියා, මෙහි අසුන් ගෙන, ඔබව ඥානයෙන් නහවයි, එය තුළින් ඔබ පාරාදීසියේ සුරංගනාවන් බවට පත් වෙයි. සුරංගනාවන් යන වදන ඇසීමෙන් ඔවුන් පියාපත් ඇති මනුෂ්‍යයන්ව පෙන්වා ඇත. ඇත්ත වශයෙන් පියාපත් ආදිය පිළිබඳ ප්‍රශ්නයක් නැත. ජීවාත්මයන්ගේ පියඹා යා හැකි පියාපත් දැන් බිඳි ගොස් ඇත. ඔවුන් ශාස්ත්‍රයන්හි ලියා ඇති දේ බලන්න! මෙම කෙනා බොහෝ ශාස්ත්‍ර හදාරා තිබේ. පරම පියා ඔහුටද පවසන්නේ: ඔබ තමන්ගේම උපත් ගැන නොදනී. ඔබගේ බොහෝ උපත්වල අවසන් උපතේ මා පැමිණ ඔබ තුළට ඇතුළු වනවා. ස්වර්ණමය යුගයේ පළමු උපත ක්‍රිෂ්ණාගේය. ඔවුන්ගේ විවාහයට පසුව ඔවුන් ලක්‍ෂ්මි සහ නාරායන වෙයි. ඔහුගේ බොහෝ උපත් ගණනාවකට පසුව, ශ්‍රී නාරායන වශයෙන් සිටි කෙනා දැන් සාමාන්‍ය කෙනෙක් බවට පත්ව සිටියි. එබැවින් ඔහු අනිවාර්යෙන් ඔහුගේ සිරුරට ඇතුළු විය යුතුයි. ඇතැමුන් විමසන්නේ: දෙවියන් අපවිත්‍ර ලෝකයට ඇතුළු වන්නේ කෙසේද? මෙය වටහා නොගත් නිසා, ඔවුන් ශ්‍රී ක්‍රිෂ්ණාගේ නම ඇතුලත් කර ඇත. පිවිතුරුම කෙනා ඔහු වන නමුත්, ශ්‍රී ක්‍රිෂ්ණා දෙවියන් බව සෑම කෙනෙක්ම විශ්වාස නොකරනු ඇත. දෙවියන් අශාරීරිකයි. ශිවා යන ඔහුගේ නම ඉතා සුප්‍රසිද්ධයි. ප්‍රජාපිතා බ්‍රහ්මා (ප්‍රජාවගේ පියා) සිටින්නේ මෙහිය. සූක්‍ෂම දේශයේ බ්‍රහ්මා, විෂ්ණු සහ ශංකර් සිටියි. මෙයත් ඉතා පැහැදිලිව විස්තර කළ යුතුයි. මෙය ඉතා හොඳින් ධාරණය කළ යුතුයි. ඔබ එකිනෙකාට මේ ගැන මතක් කළ යුතුයි: ඔබ බාබා සිහි කරනවාද? ඔබ උපත් 84හි චක්‍රය සිහි කරනවාද? අපි දැන් නිවසට යනවා. මෙය පැරණි ලෝකයයි. අප දැන් අපගේ පැරණි ඇඳුම් අත්හල යුතුයි. අප දැන් නව ලෝකයට සූදානම් වනවා. පැරණි ලෝකයේ කිසිදු කුල්මත් බවක් නැත. මෙය අවිනාශී ඥානයේ මිණිමුතු පිළිබඳ කුල්මත් බවයි. එම අනෙක් කුල්මත් බව බිඳ දැමීම අපහසුය. දුප්පතුන්ගේ කුල්මත්භාවය බිඳ දැමිය හැක. පරම පියා පවසන්නේ: මා දුප්පතුන්ගේ ස්වාමීය. මෙහි පැමිණෙන්නේ දුප්පත් අයයි. මෙකල ධනවත් බව පැවසෙන්නේ කෝටිපතියන්ට පමණයි. ඔවුන්ට මෙම ඥානය ගැනීමට හැකි වන්නේ නැත. පරම පියා පවසන්නේ: මට මිලියන හෝ බිලියන අවශ්‍ය නැහැ. ඒවායින් මා කුමක් කරන්නද? මා දුප්පතුන්ගේ සෑම සතයකින්ම අධිරාජ්‍යය ස්ථාපිත කළ යුතුයි. තවද මා දක්‍ෂ ව්‍යාපාරිකයෙක්. එයට ආපසු ප්‍රතිලාභයක් දීමට සිදුවන නිසා, මා අනවශ්‍ය ලෙස කිසි දෙයක් ගන්නේ නැහැ. ඔබ ඔහු සමග හුවමාරුවක් කරයි, ඔහුට අවිහිංසක ස්වාමී යැයි කියන්නේ මේ නිසාය. දුප්පත්ම දුප්පතුන් පමණයි මාලාවේ ඇමිණෙන්නේ. සෑම දෙයක්ම රඳා පවතින්නේ ඔබ දරණ උත්සාහයට අනුවයි. මෙහි මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නැත. දුප්පතුන් ඔවුන්ගේ ඉගෙනුමට හොඳින් අවධානය යොමු කරනවා. තිබෙන්නේ එක් ඉගෙනුම පමණයි. ධනවතුන්ට ඔවුන්ගේ ධනයේ කුල්මත් බව තිබෙන නිසා, හොඳින් ඉගෙන ගන්නේ දුප්පතුන්ය. ඔබ දිව්‍යලෝකයේ අධිපතියන්ව සිටි බවත් ඔබ දැන් දුගී වී ඇති බවත් ඔය දරුවන් දන්නවා. පරම පියා දැන් පැමිණ සිටියි. උපත් 84හි චක්‍රය අනිවාර්යෙන් බ්‍රමණය විය යුතුයි. පුනරුත්පත්තිය ද ඔප්පු වෙයි. උපත් 84හි චක්‍රය වටා යන්නේ ඔය බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ දරුවන් පමණයි. මෙය දන්නේ ඔබ පමණයි: වෙනත් කිසිවෙක් මෙය නොදනී. මෙම චක්‍රය දැන් අවසන් වීමට යන බවත් ඔබ පෙරළා නිවසට යන බවත් ඔබ දන්නවා. ඔබගේ ඉගෙනුම ඔබ පුනරීක්‍ෂණය කළ යුතුයි. ඔබ පිංතූරයක් එල්ලා තබන්නේ නම්, එය දකින විට ඔබට චක්‍රය සිහි වෙයි. සමහර ගීත ඉතා හොඳයි: ඒවාට සවන් දෙන විට ඔබව කුල්මත් වෙයි. ඔබ දැන් අයත් වන්නේ ශිව බාබාටය. ඔබට දැන් ශාරීරික කෙනාගේ මාර්ගයෙන් අශාරීරික කෙනාගෙන් ඔබගේ උරුමය හිමි වනවා. ඔහු ශාරීරික ස්වරූපයකින් පැමිණියේ නැත්නම්, අශාරීරික කෙනා, එය ඔබට ලබා දෙන්නේ කෙසේද? එබැවින් ඔහු පවසන්නේ: ඔහුගේ බොහෝ උපත් වල අවසානයේ මා මෙම කෙනා තුළට ඇතුළු වනවා. ප්‍රජාපිතා (ප්‍රජාවගේ පියා) මෙහි සිටිය යුතුයි. බ්‍රහ්මාගේ නමද ඉතා සුපතලයි - බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් නිර්මාණය. පිණුම ද ඔය දරුවන්ට විස්තර කර දී ඇත. අප දැන් බ්‍රහ්මනයන් වන අතර ඉන්පසුව දේවතාවන් වෙයි. ඔබට මුදුන් ගැටය දැකගත හැක. මුදුනේ සිටින්නේ තාරකාව වන ශිව බාබාය. ඔහු ඉතා සූක්‍ෂමයි. ඔහු එවන් විශාල ලිංගමයක් නොවෙයි. ඔවුන් එය නිර්මාණය කර ඇත්තේ වන්දනා කිරීම සඳහා පමණයි. ඔවුන් යාග හෝමයක් නිර්මාණය කරන විට එක් විශාල ශිව ලිංගමයක් සහ බොහෝ කුඩා සැලිග්‍රම සාදයි. ධනවත් අය ඒවා බොහොමයක් සාදයි. ඒ සියල්ල ආරම්භ වන්නේ භක්ති මාර්ගයේ තඹ යුගය සමගින්ය. කලා 16ක් තිබෙන අතර පසුව කලා 14ක් සහ කලා නොමැති වර්තමානය තෙක් කලාවන් අඛණ්ඩව අඩුවෙයි. පරම පියා දැන් මෙහි අසුන්ගෙන ඔබට විස්තර කරයි. පියා ඔබට වෙනත් කිසිදු අපහසුතාවයක් නොදෙයි. සියලු සැමියන්ගේ සැමියාව ඔබ කෙතරම් වෙලාවක් සිහිපත් කළේද කියා දිගටම සටහන් කරන්න. විවාහ ගිවිසුම අමිශ්‍ර විය යුතුයි. ඔබගේ සියලු නෑ සිය මිතුරන් අමතක කරන්න. ඒකායන කෙනාට පමණක් සෙනෙහස තබාගන්න. ඔබ මෙම විෂ සාගරයේ සිට කිරි සාගරයට යා යුතුයි. ජීවාත්ම, බ්‍රහම් තත්ත්වයේ අසුන්ගෙන සිටිනවා. ඔවුන් විෂ්ණුව පෙන්වා තිබෙන්නේ ක්‍ෂීර සාගරයකයි. විෂ්ණු සහ බ්‍රහ්මා. ඔහු ඔබට බ්‍රහ්මාගේ මාර්ගයෙන් විස්තර කරන අතර ඔබ ඉන්පසුව විෂ්ණුගේ දේශයට, ක්‍ෂීර සාගරයට යයි. පරම පියා දැන් පවසන්නේ: නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. ඔහු ඔබට වෙනත් කිසිදු අපහසුතාවයක් නොදෙයි. ඔහු පවසන්නේ මෙපමණයි: අහෝ ජීවාත්මයනි: මා සිහි කරන්න. ඔබගේ චරිත කොටස් රඟපෑම සඳහා මා ඔබව එව්වා. ඔහු ඔබට මතක් කර දෙන්නේ: ඔබ පැමිණියේ නිරුවත්වයි, අශාරීරිකවයි. ප්‍රථමයෙන්ම ඔබ දේවතාවන් වී දෙව්ලොව ගියා. පරමාත්ම දෙවියන්, සියලු දෙනාගේ පරම පියා බැවින් සෑම කෙනෙක්ම දෙව්ලොව යා යුතුයි. කෙසේවෙතත්, සියලුම ආගම්වල අයට එහි යාමට නොහැක. උපත් 84ක් ගෙන තිබෙන්නේ දේවතාවන් පමණයි. එහි යා යුත්තේ ඔවුන්ම පමණයි. ඔබ හැර වෙනත් කිසිවෙකුට මෙම දේවල් ගැන දැන ගත නොහැක. හොඳ බුද්ධි ඇති අය පමණක් මෙම දේවල් ධාරණය කරගනිවි. ඉතිරිව ඇති කාලය ඉතාමත්ම කෙටියි. එබැවින් තමන් ජීවාත්මයක් බව පමණක් සලකන්න. මා සිරුරක් හලා දමා තව එකක් ගන්නවා. උපත් 84 දැන් සම්පූර්ණයි. මෙය දැන් අවසන් උපතයි. ජීවාත්මය සැබෑ රත්තරං වෙයි. සත් යුගයේදී ආභරණ සැබෑ විය: දැන් ඒ සියල්ල ව්‍යාජයි. ඔබ දැන් ඥානයේ චිතකයේ අසුන් ගෙන ලස්සණ වනවා. ඔබ සෑම හුස්මකින්ම ඔහු සිහි කරන්නේ නම්, අවසානයේදී ඔබට එම ස්ථිතිය ඇතිවෙයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. කිරි සාගරයට යාමට, ඒකායන පියා කෙරෙහි සැබෑ සෙනෙහස තබා ගන්න. ඒකායන කෙනා පිළිබඳ අමිශ්‍ර සිහිපත් කිරීමේ සිට, ඒකායන පියාව, අන් සෑම කෙනෙකුටම සිහි කර දෙන්න.

2. විනාශ වන ධනය ගැන කුල්මත් නොවන්න. ඥාන ධනය පිළිබඳව සදා කුල්මත් බව රඳවාගන්න. මෙම ඉගෙනුම තුළින් ඉහළ තත්ත්වයක් හිමි කරගන්න.

වරදානය:
ඔබ පරම පියාගේ උපකාරය ඇතිව උයෝගය, උනන්දුව සහ වෙහෙස මහන්සියෙන් තොර බව අත්දකිනා කර්ම යෝගීවරයෙකු වේවා.

පරම පියාගේ ඇසුර කර්මයෝගී දරුවන්ට තිබෙන නිසා ඔවුන් ක්‍රියා කරද්දී, ඔවුන්ට අමතර උදව් ලැබෙනවා. සමහර වැඩකටයුතු කොපමණ අපහසු වූවත්, ඔබ වෙහෙස මහන්සියෙන් තොර වන්නට, උද්‍යෝගය, උනන්දුව, ධෛර්යය සහ බලය ඔබට පරම පියාගේ උපකාරය ලබා දෙයි. උද්යෝගයෙන් සහ උනන්දුවෙන් කෙරෙන ඕනෑම කාර්යයක් අනිවාරයෙන් සාර්ථක වේවි. පරම පියා ඔහුගේ අත් වලින් මොනම වැඩක් වත් නොකරන නමුත් ඔහු අනිවාර්යෙන් උදව් කරන කාර්යය නම් කරයි. "හුදෙක් ඔබත් පියාත්" යන කර්මරෝගී තත්ත්වය ඔබට තිබ්බොත් ඔබට කිසිසේත් වෙහෙස මහන්සියක් නොදැනේවි.

පාඨය:
"මගේ" යන්නෙහි ආකර්ෂණයක් ඇති හෙයින් "මගේ" යන්න "ඔබගේ" බවට පරිවර්ථනය කරන්න.