02.09.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ අනාගත නව ලෝකය වෙනුවෙන් ඔබගේ වාසනාව නිර්මාණය කර ගනිමින් සිටියි. ඔබගේ මෙම රාජ යෝගාව ඇත්තේ එම නව ලෝකය සඳහායි.

ප්‍රශ්නය:
වාසනාවන්ත දරුවන්ගේ කැපී පෙනෙන ලක්ෂණ මොනවාද?

පිළිතුර:
1. වාසනාවන්ත දරුවන් නිවැරදිව ශ්‍රීමත් අනුගමනය කරනවා. නීතියට පටහැනි ක්‍රියා කර තමාවත්, පියාවත් රවටා ගැනිමක් ඔවුන් කරන්නේ නැහැ. 2. තම ඉගෙනීම සම්බන්ධයෙන් හා අන් අයටත් එය කියාදීම සම්බන්ධයෙන් ඔවුන් තුළ මහත් ආශාවක් පවතියි. 3. ගෞරවයෙන් සමත් වී ශිෂ්‍යත්වයක් දිනා ගැනිම සඳහා ඔවුන් උනන්දු වේ. 4. ඔවුන් කිසිම කෙනෙකුට දුකක් දෙන්නේ නැත. කවදාවත් කිසිම වැරදි ක්‍රියාවක් කරන්නේ ද නැත.

ගීතය:
මම මගේ වාසනාව අවදි කර ගනිමින් පැමිණ සිටිමි.

ඕම් ශාන්ති.
ඉතාමත් මිහිරි ආධ්‍යාත්මික දරුවන් ගීතයට ඇහුම්කන් දුන්නා. අළුත් අයත් ඊට සවන් දුන්නා. පැරණි අයත් සවන් දුන්නා. ඒ වගේම කුමාරිනුත් ගීතය ඇසුවා. මෙය ඉගෙන ගැනිම සඳහා ඇති ස්ථානයක්. කුමන හෝ ආකාරයක වාසනාවක් උදා කර ගැනිම සඳහා මිනිස්සු ආධ්‍යාත්මික ස්ථානයකට යනවා. නොයෙකුත් ආකාරයේ වාසනාවන් තිබෙනවා. ඇතැම් අය ශල්‍යවෛද්‍යවරයෙක් වීමේ වාසනාව උදාකර ගන්නවා. වාසනාව තමන්ගේ අරමුණු හා ඉලක්කය වශයෙනුත් හඳුන්වනවා. ඔබගේ වාසනාව නිර්මාණය කර ගැනීම සඳහා මිසක් වෙන කුමන දෙයකටද ඔබ පාසලක ඉගෙන ගන්නේ? තමන් දැන් තමන්ගේ නව ලෝකයේ අධිරාජ්‍යය නම් වූ වාසනාව උදා කර ගනිමින් පැමිණ සිටිනා බව දරුවන් වන ඔබ දැන් දන්නවා. මෙම රාජයෝගා ඇත්තේ නව ලෝකය සඳහායි. සාමාන්‍ය මිනිසුන් නීතිඥයින්, ඉන්ජිනේරුවන්, නැති නම් වෛද්‍යවරුන් බවට පත් වෙනවා. ඒ තත්ත්වයන් වලට පත්වීම සඳහා අද ලෝකයේ ඉතිරි වී ඇත්තේ ඉතාමත් කෙටි කාලයකි. ඉතාමත් ඉක්මනින් එම කාලය අවසන් වි යයි. එම වාසනාව ඇත්තේ මෙම මරණයේ දේශය සඳහා, මෙම උපත සඳහායි. ඔබ දැන් ඉගෙන ගන්නේ නව ලෝකය සඳහායි. ඔබ දැන් නව ලෝකය සඳහා ඔබගේ වාසනාව උදා කර ගනිමින් පැමිණ සිටියි. ඔබ නව ලෝකයේදි ඔබගේ අධිරාජ්‍ය නම් වූ වාසනාව හිමි කරගනු ඇත. ඔබට උගන්වන්නේ කවුද? ඔබ ඔබගේ උරුමය දිනාගන්නේ අසීමිත පියාගෙනි. ඔබට උගන්වන්නේ ඔහුයි. වෛද්‍යවරුන්, වෛද්‍යවරයෙක් පිළිබඳව වූ දැනුම නැමැති උරුමය තමන්ගේ අධ්‍යාපනයෙන් ලබා ගන්නවා. පසුව වයසට ගිය විට ගුරු කෙනෙක් ලඟට යනවා. ඔවුන්ට මොනවද අවශ්‍ය? සාමයේ දේශය වෙත යන්නේ කොහොමද කියා අපට කියා දෙන්න කියා ඔවුන් ඉල්ලා සිටිනවා. අපට මුක්තිය ලබා දෙන්න. මෙතනින් අප ඉවතට ගෙන සාමයේ දේශය වෙත ගෙන යන්න. ඔබ මෙම උපත සඳහා ඔබ ඔබගේ පියාගෙන් ඔබට අයත් උරුමය දිනා ගන්නවා. නමුත් ඒ කිසිවක් ඔබට කිසිම ගුරු කෙනෙක්ගෙන් ලැබෙන්නේ නැහැ. ජීවත්වීමට කිසියම් ක්‍රමයක් තිබිය යුතු නිසා ගුරුවරයෙක්ගෙන් ඔබ කිසියම් දෙයක් ලබා ගන්නවා. තමාගේ පියාගෙන් උරුමය ලබා ගත්තත් තමන්ගේ ආදායම උපයා ගන්නා ආකාරය ඔබ වෙන වෙනම ඉගෙන ගන්නවා. ගුරු කෙනෙක්ගෙන් ලැබෙන ආදායමක් නැහැ. ඔව්, ඇතැම් අය ගීතාව හොඳින් හදාරා ගීතාව ගැන දේශන පවත්වනවා. ඒ සෑම දෙයක් කරන්නේ තාවකාලික සතුටකටයි. දැන් මෙය මරණයේ දේශයේ අවසානයයි. නව ලෝකය සඳහා වාසනාව නිර්මාණය කර ගැනිමට තමන් පැමිණ සිටිනා බව ඔබ දන්නවා. මෙම පැරණි ලෝකය අවසන් විය යුතුය. ඔබගේ බූදලයත්, තාත්තාගෙන් ලැබුණු බූදලයත් දෙකම පිළිස්සි යාවි. පසුව හිස් අතින්ම ආපසු යනවා. නව ලෝකය සඳහා දැන් ඔබට කිසියම් ආදායමක් අවශ්‍යයි. පැරණි ලෝකයේ මිනිසුන්ට මෙය කළ නොහැකි වේවි. නව ලෝකය සඳහා ඔබට ආදායමක් උපයා ගන්නා ලෙස ඔබව උනන්දු කරවන්නේ ශිව බාබායි. නව ලෝකය සඳහා තමාගේ වාසනාව උදාකර ගැනීම සඳහා ඔබ පැමිණ සිටියි. පරමාත්ම පියා, ඔබගේ පියා, ගුරුවරයා හා ගුරුද වේ. අනාගතය සඳහා ආදායමක් උපයා ගන්නා ආකාරය ඔබට කියා දීම සඳහා ඔහු පැමිණේ. මෙම පරුණි ලෝකයෙන් තවත් ඉතිරිව ඇත්තේ ඉතාමත්ම සුළු දින ගණනකි. ලෝකයේ සිටිනා මිනිස්සු මේ ගැන දන්නේ නැහැ. ඔහු අපගේ පියා, ගුරුවරයා හා නව ලෝකය සඳහා වන සත්ගුරු වන බව දරුවන් වන ඔබ දන්නවා. පරමාත්ම පියා පැමිණෙන්නේ ඔබව සාමයේ දේශය වෙතට හා සතුටේ දේශය වෙතට ගෙන යාමටයි. ඇතැම් අය තමන්ගේ වාසනාව නිර්මාණය කර ගන්නේ නැහැ. එනම්, ඔවුන් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. එකම පවුලක භාර්යාව මෙය ඉගෙන ගන්න ආවත් ස්වාමි පුරුෂයා නොඑන්න පුළුවන්. නැති නම් දරුවෝ එනවා, දෙමාපියන් එන්නේ නැහැ. මෙය සෑමදාම සිදුවෙනවා. ආරම්භයේදි පවුල් පිටින්ම ආවා. නමුත් පසුව මායාගේ කුණාටු එන්න පටන් ගත් විට දැනුමින් පුදුමයට පත්වුණු අය, අන් අයටත් කියා දුන් අය පියාව අතහැර යන්න පටන් ගත්තා. තමනුත් මෙය අසා මහත් පුදුමයට පත්වී අන් අයටත් කියාදී පියාට අයිති වී සිටි අයගේ දෛවය කියා කියනවා. එමනිසා, එය නාටකය පිළිබඳව වූ ප්‍රශ්නයක්. පියාම කියනවා ඔබ වෙන් වුනේ කාගෙන්ද? ස්වාමි පුරුෂයෙක් හෝ භාර්යාවක් එකිනෙකා ගෙන් ඈත්වෙනවා. දරුවන් තමන්ගේ දෙමාපියන් ගෙන් ඈත් වෙනවා. මෙතන එවන් දෙයක් නැහැ. මෙතන, ඔබට වෙන්වීමක් කරන්න බැහැ. සැබෑ ආදායමක් ඔබට උපයා දීම සඳහා පරම පියා පැමිණ සිටිනවා. පියා කිසිම කෙනෙක්ව මඩ වලකට ඇද දමන්නේ නැහැ. පරමාත්ම පියා පාරිශුද්ධකරුයි. කරුණාවෙන් පිරි කෙනායි. පියා පැමිණ ඔබ දුකින් ගලවා ගන්නවා. ඔහු ඔබගේ මඟ පෙන්වන්නා බවට පත් වී ඔබව නැවතත් නිවස වෙත ගෙන යනවා. ලෞකික ගුරු කෙනෙක් ඔබ මා ගෙන යන්නම් කියා කියන්නේ නැහැ. ග්‍රන්ථ වල කියනවා මම ඔබ සෑම කෙනෙක්වම මා සමඟ ගෙන යමි, කියා දෙවියන් කියන බව. සෑම කෙනෙක්ම මදුරු රෑනක් සේ ඉහළටම යාවී. තමන් දැන් නිවස බලා යා යුතු බව දරුවන් වන ඔබ දන්නවා. ඔබ ඔබගේ ශරීරය අතහැර දැමිය යුතුයි. ඔබ මිය ගිය විට මුළු ලොවම මිය යනවා. ඉතාමත් සරළව තමා ජීවාත්මයක් බව සලකා පරමාත්ම පියාව සිහිපත් කරන්න. මෙය ඉතාමත් කිලිටි පැරණි ශරීරයක්. මෙම ලෝකයම පවා පැරණියි. පැරණි නිවසක සිටිනා අතර අළුත් නිවසක් ඉදිවෙනවා නම් පියා හා දරුවන් සියලු දෙනාමත් එය තමන් වෙනුවෙන් සෑදෙන්නක් බව දැන ගන්නවා. ඔවුන්ගේ සිහිය සෑම විටම නව නිවස වෙත දුව යනවා අරක මෙතන කරන්න, මේක මෙතන කරන්න යන ආදි වශයෙන් බුද්ධිය නව නිවස හා සම්බන්ධ වී තිබෙනා අතර පැරණි නිවස කඩා දමනවා. පැරණි නිවස වෙත තිබුණු සෑම බැඳිමක්ම අවසන් වී ඔවුන් නව නිවස හා සම්බන්ධ වෙනවා. මෙය අසීමිත ලෝකය හා සම්බන්ධ වූ දෙයක්. පැරණි ලෝකය හා බැඳි බැඳීම් අවසන් කර දමා නව ලෝකය හා ඔබගේ බුද්ධිය සම්බන්ධ කර ගන්න. මෙම පැරණි ලෝකය විනාශ විය යුතු බව ඔබ දන්නවා. නව ලෝකය ස්වර්ගයයි. අපි අපේ රාජකීය තත්ත්වය ඒ වෙනුවෙන් ලබා ගන්නවා. හොඳින් යෝගා කළ තරමට අපට හොඳින් ඥානය ලබා ගත හැකි වන අතර වඩාත් හොඳින් අන් අයට පැහැදිලි කර දිය හැකි වී අපගේ සතුට වඩ වඩාත් වැඩිවනු ඇත. උපත් 21කට අපේ උරුමය දිනා ගන්නා නිසා මෙම විභාගය ඉතාමත් වැදගත් වූ එකකි. ධනවත්වීම ඉතාමත් හොඳයි. එහෙම නේද? හොඳ ආයුෂ ලැබෙනවා නම් හොඳයි. නේද? වැඩි වැඩියෙන් ස්වදර්ශන චක්‍රය කරකැවූ තරමට වැඩි වැඩියෙන් අන් අයවත් තමා හා සම කරවූ තරමට ඔබට වඩාත් හොඳ යහපතක් සැලසෙනු ඇත. රජෙක් වීමට අවශ්‍ය නම් ඔබ පුරවැසියනුත් නිර්මාණය කරගත යුතුයි. ප්‍රදර්ශන වලට ලොකු සෙනඟක් එනවා. මේ මාර්ගයෙන් පුරවැසියන් බිහි වෙනවා. මන්ද, මෙම අවිනාශී දැනුම කවදාවත් විනාශ නොවන දෙයක් නිසායි. තමන් පාරිශුද්ධත්වයට පත් වී පාරිශුද්ධ ලෝකයට ඇතුල් විය යුතුයි, යන්න ඔබ සිහියේ තිබෙනවා. රාමාගේ රාජ්‍යය ස්ථාපනය වෙමින් පවතින අතර රාවණ්ගේ රාජ්‍යය විනාශ වෙමින් යයි. ස්වණම යුගයේ සිටින්නේ දේවතාවන් පමණයි. ඔබ නිර්මාණය කරනා ලක්ෂ්මි හා නාරායනගේ පින්තුරයේත් ඔවුන්ගේ පෙර උපතේදි ඔවුන් සිටියේ තමෝප්‍රධාන්වයි, යන්න සඳහන් විය යුතු බව බාබා පැහැදිලි කර කියා දී තිබෙනවා. පසුව උත්සාහ දැරීමෙන් අනතුරුව තමෝප්‍රධාන් ලෝකයේ සිට ඔවුන් සතෝප්‍රධාන් ලෝකයේ පාලකයන් බවට පත් වුණා. රජවරුන් හා පුරවැසියන් සෑම කෙනෙක්ම පාලකයෙකි. පුරවැසියන් පවා කියන්නේ ඔවුන්ගේ භාරතය ඉතාමත් උසස් එකක් බවයි. ඇත්තෙන්ම ඉතාම උසස් තැන වන්නේ භාරතයයි. දැන් නොවෙයි, අනිවාර්යෙන්ම එය තිබුණේ එවන් තත්ත්වයකයි. දැන් එය ඉතාමත් දිළිඳු රටක් බවට පත් වෙලා. පැරණි භාරතය සියල්ලටම වඩා ධනවත්ම රාජ්‍යයයි. භාරතයේ මිනිසුන් වන අප ඉතාමත් උසස් වූ දේවතා කුළයට අයිති අයයි. අන් අය දේවතාවන් වශයෙන් හැඳින්විය නොහැකියි. දූවරු හොඳින් ඉගෙන ගෙන අන් අයටත් උගන්වනවා. ලේඛණ කටයුතු කරන්නේ කෙසේද යන්න ගැන බාබා ඔබට උපදෙස් දි තිබෙනා නිසා ප්‍රදර්ශන ආදිය පැවැත්වීමට ඔබ විදුලි පණිවිඩ පවා අරිනවා. ඔබ ලඟ පින්තුර තිබෙනවා. ඒවා පෙන්වා ඔවුන් එම තත්ත්වය දිනා ගත්තේ කෙසේද කියා ඔබට පෙන්වා දිය හැකියි. ඔවුන් නැවත වතාවක් ශිව බාබාගෙන් මෙය දිනා ගන්නවා. ඔවුන්ගේ පිළිම පවා තිබෙනවා. ශිවා යනු උත්තරිතර පියා වන උත්තරිතර ජීවයයි. බ්‍රහ්මා, විශ්ණු හා ශන්කර්ගේ පිළිමත් තිබෙනවා. උත්තරිතර පියා වන උත්තරිතර ජීවය බ්‍රහ්මා මාර්ගයෙන් ස්ථාපන කාර්යය සිදුකරනවා. විශ්ණුගේ දේශය ඉතාමත් ලඟයි. නව ලෝකය පවත්වාගෙන යන්නේ විෂ්ණුයි. රාධේ හා ක්‍රිෂ්ණාගේ බැඳුනු ස්වරූපය විෂ්ණුයි. ගීතාවේ දෙවියන් කවුද? පළමුවෙන්ම, ගීතාවේ දෙවියන් අශාරිරික ශිවායි, ක්‍රිෂ්ණා නොවෙයි යන්න සඳහන් කරන්න. බ්‍රහ්මා, විශ්ණු වන්නේ කෙසේද, විෂ්ණු, බ්‍රහ්මා වන්නේ කෙසේද? එක පින්තූරයක් පැහැදිලි කරන්න බොහෝ වේලාවක් ගත වෙනවා. මන්ද, එය හොඳින් ඔහුගේ බුද්ධියට ඇතුළු විය යුතුයි. පළමුව මෙය පැහැදිලි කර කියා දී පසුව ලියන්න. පියා කියනවා බ්‍රහ්මා මාර්ගයෙන්, ඔබ යෝගා බලයෙන් උපත් 21කට සියලු අයිතින් දිනා ගන්නවා. ශිව බාබා බ්‍රහ්මා මාර්ගයෙන් ඔබට ඔබගේ උරුමය ලබා දෙනවා. සෑම දෙයක්ම පළමුව අහන්නේ මොහුගේ ජීවාත්මයයි. සෑම දෙයක්ම උකහා ගන්නේ ජීවාත්මයයි. ප්‍රධානතම දෙය මෙයයි. මිනිස්සු ශිවාගේ පිළිම සාදා තිබෙනවා. උත්තරිතර පියා වන උත්තරිතර ජීවය, ශිවා මොහුයි. ප්‍රජාපිතා බ්‍රහ්මාත් අනිවාර්යෙන්ම අවශ්‍යයි. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ බ්‍රහ්ම කුමාරයින් හා කුමාරියන් ගණනාවක් මෙහි සිටිනවා. බ්‍රහ්මාගේ දරුවන් වන බ්‍රහමිණ්වරුන් බවට ඔබ පත් වූයේ නැත්නම් ඔබ කොහොමද ශිව බාබාගේ උරුමය දිනාගන්නේ? ඔවුන් භෞතික නිර්මාණයක් නොවිය යුතුයි. කටින් උපන් දරුවන් කියා සඳහන් වී තිබෙනවා. ඔබ ප්‍රජාපිතා බ්‍රහ්මාගේ කටින් උපන් දරුවන් යැයි ඔබට කියන්න පුළුවන්. ඒ මිනිස්සු කිසියම් ගුරු කෙනෙකුගේ ගෝලයින් හෝ අනුගාමිකයින්ය. මෙහිදි ඔබට ඔහු පියා, ගුරුවරයා හා සත්ගුරු වේ. එම ඒකායන කෙනා අශාරිරික ශිව බාබායි, ඥානයේ සාගරය, ඥානයෙන් පිරි කෙනා වන්නේ ඒකායන ඔහුයි. ඔහු අපට ලෝකයේ මුල, මැද හා අග පිළිබඳ වූ ඥානය ලබා දේ. ඔහු ගුරුවරයා ද වේ. අශාරිරික කෙනා පැමිණ ශාරීරික කෙනෙකු හරහා ඔබට කතා කරනවා. ඒ කතා කරන්නේ ජීවයයි. ජීවය කියනවා මගේ ශරීරයට කරදර කරන්න එපා. අසතුටට පත් වන්නේ ජීවයයි. මේ මොහොතේදි ජීවාත්ම අපිරිසිඳුයි. අපිරිසිඳු ජීවාත්ම පාරිශුද්ධත්වයට පත් කරවන්නේ උත්තරීතර පියා වන උත්තරීතර ජීවාත්මයයි. ජීව කෑ ගසා අහෝ පාරිශුද්ධකරුවාණනි! අහෝ දෙවියනි, පියාණෙනි! කියා කියනවා. ඔවුන්ට එතැන සිටිනා පියෙක් සිටිනවා. එසේ නම් ඔවුන් දැන් මේ මතක් කරන්නේ කාවද? ජීවය කියනවා මේ මගේ ජීවාත්මයේ පියායි. නමුත් එයා, මගේ ශරීරයේ පියායි. ජීවාත්මයේ පියාද නැති නම් ශරීරය නිර්මාණය කළ ශාරිරික පියාද වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කියා ඔබට පැහැදිලි කර කියා දී තිබෙනවා. භෞතික කෙනාත් අභෞතික කෙනාව සිහිපත් කරනවා. විනාශය දැන් ඔබ ඉදිරියට පැමිණ තිබෙන නිසා සෑම කෙනෙකුටම මෙම පැහැදිලි කිරීම ලබා දිය යුතුයි. සෑම කෙනෙක්ම නැවත නිවස වෙත ගෙන යාම සඳහා පාරලෞකික පියා අවසානයේදී පැමිණෙනවා. අන් සෑම දෙයක්ම ඇත්තේ විනාශ වීමටයි. මරණයේ දේශය වශයෙන් හඳුන්වන්නේ මෙයයි. කෙනෙක් මිය ගිය විට ඔහු එලොව ගියා, සාමයේ සැතපුනා කියා මිනිස්සු කියනවා. එලොව ඇති ලෝකය සත් යුගයද නැති නම් සාමයේ දේශයද කියා මිනිස්සු දන්නේ නැහැ. සත් යුගය තිබෙන්නේ මෙහිමයි. එලොව වන්නේ සාමයේ දේශයයි. පැහැදිලි කර දීම සඳහා නිවැරදි ක්‍රමයක් අවශ්‍යයි. පල්ලි, පන්සල් වලට ගොස් මේවා තේරුම් කර කියා දෙන්න. අපට උගන්වන ශිව බාබාගේ ස්මාරකය මෙයයි. ඇත්තෙන්ම කියනවා නම් ශිවා හුදෙක් තිතක් පමණයි. නමුත් තිතක් වන්දනා කරන්නේ කෙසේද? මල් සහ පළතුරු පූජාකරන්නේ කොහොමද? අන්න ඒ නිසා තමයි ඔවුන් ඔහුව ලොකුවටම පෙන්වා තිබෙන්නේ. නමුත් ඔහුට එවන් ලොකු ස්වරූපයක් නැහැ. නළල මධ්‍යයේ ඉතාමත් ලස්සන තරුවක් බැබලෙනවා, කියා දක්වා තිබෙනවා. ජීවාත්මය විශාල දෙයක් වුණා නම් විද්‍යාඥයින් එය ස්පර්ෂ කර ගත හැකිව තිබුණා. බාබා කියනවා ඔවුන් තවම උත්තරීතර පියා වන උත්තරිතර ජීවාත්මයේ නියම හැඳින්වීම ලබාගෙන නැහැ. ඔවුන්ගේ වාසනාව එන තෙක් ඔවුන්ට එය ලබා ගන්න බැහැ. තවමත් ඔවුන්ගේ වාසනාව පෑදී නැහැ. ඔවුන්ගේ ජීවාත්මය තිතක් වගෙයි යන්න ඔවුන්ට තේරුම් කර ගන්න බැහැ, තමන්ගේ පියා ගැන ඔවුන් දැන ගත්තේ නැත්නම්. ශිව බාබා තිතක් අප සිහිපත් කරන්නේ තිතයි. මෙම අවධානයෙන් ඔහුව සිහිපත් කළ විට පමණයි ඔබගේ සියලුම පාප ගෙවී යන්නේ. කොහොමනමුත්, මට මේක දකින්න පුළුවන්, මට අරක දකින්න පුළුවන් කියා දර්ශන වලදි කී විට ඒවා මායාගේ බාධකයි. තමන් දැන් පරමාත්ම දෙවියන්ව සොයාගෙන සිටිනවාය යන සතුට ඔබ තුළ තිබෙනවා. නමුත් ඥානයත් අවශ්‍යයි. කෙනෙකුට ක්‍රිෂ්ණාගේ දර්ශනයක් ලැබුණු විට ඔහු ඉතාමත්ම සතුටට පත් වෙනවා. බාබා කියනවා ඔවුන් ක්‍රිෂ්ණාව දැක සතුටින් නටන්න පටන් ගන්නවා. නමුත් එමඟින් ඔවුන්ට ගැලවීමක්, මෝක්ෂයක් ලැබෙන්නේ නැහැ. ඒ දර්ශන අහම්බෙන් ලැබුණු ඒවා පමණයි. ඔබ හොඳින් ඉගෙන ගන්නේ නැත්නම් ඔබත් පුරවැසියන්ගෙන් කෙනෙක් බවට පත් වේවී. කෙනෙක්ට කුඩා දැනුම් ප්‍රමාණයකට ඇහුම් කන් දිය හැකි වුණොත් ඔහු ක්‍රිෂ්ණාගේ දේශයේ සාමාන්‍ය පුරවැසියන් අතර කෙනෙක් බවට පත් වෙනවා. ශිව බාබා දැන් තමන්ට ඥානය කියා දෙන බව දරුවන් වන ඔබ දන්නවා. ඔහු ඥානයෙන් පිරි කෙනායි. බාබාගේ විධානය නම් අනිවාර්යෙන්ම පාරිශුද්ධව සිටින්න. කොහොමනමුත්, ඇතැම් අයට පාරිශුද්ධව සිටින්න බැහැ. ඇතැම් විට අපිරිසිඳු අය පවා රහසිගතව මෙතන වාඩි වී සිටිනවා. ඔවුන් කර ගන්නේ තමන්ටම හානියක්. තමන් තමන්වම රවටා ගන්නවා. පියාව රවටන්න බැහැ. පියාව රැවටීමෙන් ඔබ මුදල් ලබා ගන්නද යන්නේ? ශිව බාබාගේ ශ්‍රීමත් හරියටම අනුගමනය කළේ නැති නම් ඔබගේ තත්ත්වය කොයි ආකාරයේ එකක් වේවිද? ලොකු ලොකු දඬුවම් විඳින්න සිදු වේවී. එමෙන්ම ඔබගේ තත්ත්වයත් විනාශ වේවි. නීතියට පටහැනිව ක්‍රියා කරන්න එපා. ඔබගේ හැසිරීම නිවැරදි නොවේ යැයි පියා පැහැදිලි කර කියා දී තිබෙනවා. ආදායමක් උපයා ගැනීමේ මාර්ගය පරම පියා ඔබට පෙන්වා දී තිබෙනවා. එය ලබා ගන්නවාද, නැද්ද යන්න රඳා පවතින්නේ ඔබගේ වාසනාව මතයි. සෑම කෙනෙක්ම දඬුවම් විඳිමෙන් පසුව සාමයේ දේශය වෙත යා යුතුයි. ඔබගේ තත්ත්වය විනාශ වුණොත් ඔබට ලැබෙන දෙයක් නැහැ. මෙතනට බොහෝ දෙනෙක් පැමිණෙනවා. නමුත් පියාගේ උරුමය දිනා ගැනීම ඔබ කළ යුතුයි. දරුවන් කියනවා මම පියාගෙන් සුර්ය වංශයේ අධිරාජ්‍යය දිනා ගනිමි කියලා. මෙය රාජයෝගාවයි. ශිෂ්‍යයන් ශිෂ්‍යත්ව දිනා ගන්නවා. සමත් වූ අය ශිෂ්‍යත්ව ලබා ගන්නවා. මෙම මල් දාමය නිර්මාණය වී තිබෙන්නේ එලෙස ශිෂ්‍යත්ව දිනා ගන්නා අය වෙනුවෙනුයි. ඔබ සමත්ව තිබෙනා තරමට ඔබ සෑම කෙනෙකුම ශිෂ්‍යත්ව දිනා ගනු ඇත. සිය දහස් ගණනින් ප්‍රමාණය වර්ධනය වේවි. ශිෂ්‍යත්වය වන්නේ රාජකීය තත්ත්වයයි. හොඳින් ඉගෙන ගත් අය සඟවා තැබිය නොහැකියි. අළුත් අයට පරණ අයට වඩා හොඳින් ඉදිරියට යා හැකි වේවි. ඔවුන් තමන්ගේ ජීවිත දියමන්ති බවට පත් කරවා ගනීවී. තමන්ගේ සැබෑ ආදායම උපයා ගනිමින් ඔවුන් උපත් 21ක උරුමය දිනා ගනු ඇත. ඔවුන් තුළ ලොකු සතුටක් ඇත. තමන් දැන් මෙම උරුමය දිනා ගත්තේ නැත්නම් තවත් ඔබට ආපසු මෙය දිනා ගැනීමට ලැබෙන්නේ නැත. ඉගෙන ගැනීම සඳහා ආශාවක් තිබිය යුතුයි. ඇතැම් අයට තවත් කෙනෙක්ට කියා දීම සඳහා පොඩි හෝ ආශාවක් නැහැ. නාටකයට අනුව ඒ අයට එය ඔවුන්ගේ වාසනාවේ නැති නම් පියා මොනවා කරන්නද? අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ශ්‍රීමත් වලට විරුද්ධව කිසිම දෙයක් කරන්න එපා. හොඳින් ඉගෙනගෙන උසස් වාසනාවක් නිර්මාණය කර ගන්න. කිසිම කෙනෙකුට දුකක් දෙන්න එපා.

2. පැරණි ලෝකය හා ඇති බැඳීම් ඉවත ලන්න. ඔබගේ යෝගාව නව ලෝකය හා සම්බන්ධ කර ගන්න. සතුටින් සිටීම සඳහා ඥානය හොඳින් උකහාගෙන අන් අයවත් ඒ සඳහා උනන්දු කරවන්න.

වරදානය:
ඔබ පුණ්‍යාත්මයක් වී, ප්‍රදීපාගාරයක මනෝ ස්ථීතියකින් පාපකාරී ක්‍රියා සිදු කිරීම නතර කරත්වා.

ආලෝකය ඇති තැන, කිසිදු පාපකාරී ක්‍රියාවක් තිබිය නොහැක. ඔබ ප්‍රදීපාගාර ස්ථීතියක නිරතුරුව සිටීමෙන් මායාට ඔබ ලවා කිසිම පාපකාරී ක්‍රියාවක් සිදුකළ නොහැකි අතර ඔබ නිරන්තර පුණ්‍යාත්මයක් වෙයි. පුණ්‍යාත්මයකට ඔහුගේ සිතිවිලි වලින් වත් කිසිම පාපකාරී ක්‍රියාවක් සිදු කළ නොහැක. පාපය ඇති තැන පරම පියාගේ ස්මරණය තිබිය නොහැක. මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල ඇති කරගන්න මා පුණ්‍යාත්මයක් වන අතර පාපය මා ඉදිරියට පැමිණිය නොහැක. කිසිම පාපයකට ඔබගේ සිහින හෝ සිතිවිලි තුළට ඇතුළු වීමට ඉඩ නොදෙන්න.

පාඨය:
සෑම ජවනිකාවක්ම නොබැඳි නරඹන්නෙක් විලසින් නරඹන අය, නිරතුරුව ප්‍රබෝදමත්ව සිටියි.