02.10.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මේ ඉතා දිව්‍යමය වූ සංගම යුගය කරුණාබර යුගයයි. පරිවර්තනය සිදු වන්නේ මේ යුගයේදී පමණයි. මේ ඔබ පහත් තත්ත්වයේ සිට ඉතාමත් උසස් තත්ත්වයට පරිවර්තනය වන්නා වූ යුගයයි.

ප්‍රශ්නය:
මේ දැනුම් මාර්ගයෙහි දියුණුවකට පත් විය නොහැක්කේ කුමන විශේෂිත දේ පිළිබඳව සිතීමෙන් හෝ කතා කිරීමෙන්ද?

පිළිතුර:
නාටකයේ තිබෙනවා නම් මම උත්සාහ දරනවා. නාටකය මාව දිරි ගන්වනවා නම් මම එය කරනවා යන ආකාරයෙන් සිතන හෝ කතා කරන අයට දියුණුවට පත් විය නොහැකියි. මෙසේ කීම වැරදියි. දැන් උත්සාහ දැරීමත් නාටකයේ තීරණය වී ඇති බව ඔබ දන්නවා. ඔබ උත්සාහ දැරිය යුතුයි.

ගීතය:
මේ ගිණි සිළුව හා කුණාටුවේ කතාවයි...

ඕම් ශාන්ති.
මේ ගීතය නිර්මාණය කර ඇත්තේ කලි යුගයේ මිනිසුන් විසින්ය. නමුත් ඔවුන් එහි අර්ථය අවබෝධ කර ගෙන නොමැත. ඔබ එය දනී. ඔබලා දැන් වඩාත්ම උසස් සංගම යුගයේ මිනිසුන්ය. සංගම යුගය කියා ලියනවාත් සමගම ඉතා උසස් යනුවෙන්ද ලිවිය යුතුයි. දැනුම් කරුණු සිහි නොකිරීමෙන් එවන් වචන ලිවීමට ඔබ අමතක කරනවා. ප්‍රධානම දෙය මෙයයි. එහි අර්ථය වටහා ගන්නේ ඔබ පමණයි. ඉතාමත් උසස් පුණ්‍ය කාලයක් (මාසයක්) තිබෙනවා. මේ ඉතා උසස් සංගම යුගයයි. මේ සංගමයත් උත්සවයක්. මෙය ඉතා උසස් උත්සවයයි. තමන් දැන් ඉතා දිව්‍යමය උසස්ම උසස් මනුෂ්‍යයින් බවට පත් වන බව ඔබ දන්නවා. උසස්ම, සියල්ලන්ටම වඩා ධනවත්, පළවෙනි ගණයේ අය වශයෙන් හැඳින්වෙන්නේ ලක්ෂ්මී හා නාරායන්ය. දරුණු සමූල ඝාතනයක් සිදු වී ඉන්පසු පළවෙනි ශ්‍රී ක්‍රිෂ්ණා සාගරය හරහා බෝ කොළයක පා වී එන බව ග්‍රන්ථයන්හි සඳහන් වෙනවා. දැන් ඔබට කිව හැක්කේ කුමක්ද? ඔබ ශ්‍යාම් සුන්දර් කියා කියන ශ්‍රී ක්‍රිෂ්ණා තමයි පළමුවෙනි කෙනා. ඉන් පෙන්වන්නේ ඔහු තම මාපටැඟිල්ල උරමින් පැමිණෙන ආකාරයයි. ළදරුවෙක් ඉන්නේ ගර්භාෂයේයි. ඉතින් දැනුම් සාගරයෙන් බිහිවන පළමු කෙනා වන්නේ උසස්ම මානවයා වන ශ්‍රී ක්‍රිෂ්ණායි. දිව්‍ය ලෝකය ස්ථාපිත වන්නේ දැනුම් සයුරෙනුයි. අංක එකේ ඉතා දිව්‍යමය මනුෂ්‍යයා ශ්‍රී ක්‍රිෂ්ණායි. මොහු දැනුම් සාගරයයි. ජල සයුරක් නොවෙයි. සමූල ඝාතනයක් වන්නේ නැහැ. අළුත් ළමුන් පැමිණි විට පියාට නැවතත් පරණ කරුණු ආවර්ජනය කිරීමට සිදු වෙනවා. ස්වර්ණමය යුගය, රිදී යුගය සහ කලි යුගය යන යුග හතර ඔබ දන්නවා. පස්වන යුගය වන්නේ ඉතා දිව්‍යමය වූ සංගම යුගයයි. මනුෂ්‍යයින් පරිවර්තනය වන්නේ මේ යුගයේදියි. ඔවුන් පහත් තත්ත්වයේ සිට ඉතා දිව්‍යමය තත්ත්වයට පත් වෙනවා. ඉතා දිව්‍යමය හෝ සියල්ලන්ගෙන්ම උසස් ලෙස හැඳින්වෙන්නේ ශිව බාබායි. උත්තරීතර ජීවය, සත්‍යය ඔහුයි. ඉන්පසු උසස්ම මනුෂ්‍යයින් වන්නේ ලක්ෂ්මී සහ නාරායන්ය. ඔවුන්ව එවන් තත්ත්වයකට පත් කළේ කවුද? මෙය දන්නේ දරුවන් වනන ඔබ පමණි. ඒ වගේ වීමට අප උත්සාහ දරන්නේ මේ කාලයේදී බව දරුවන් වන ඔබලා අවබෝධ කර ගන්නවා. මෙම උත්සාහය තුළ අපහසු කිසිවක් නොමැත. එය ඉතාමත් පහසුයි. ඉගෙන ගන්නේ අහිංසකයින්, දුර්වල මව්වරුන් සහ අධ්‍යාපනයක් නොලද අයයි. ඔවුන්ට ඉතාමත් සරළව පැහැදිලි කර දෙන්න. බලන්න අහමදාබාද් වල. කිසිවක් කන්නේ බොන්නේ නැති බව කියන පූජකවරයෙක් ඉන්නවා. හරි කවුරු හරි ජිවිත කාලය පුරාම කිසිවක් නොකා නොබී හිටියොත් මොකද වෙන්නේ? එය කිරීමෙන් ඔහු තවමත් කිසිවක් ලබා නොමැත. ගසක් පවා පෝෂණය ලබනවා. එය වර්ධනය සඳහා ස්වභාවිකව පොහොර සහ ජලය ලබනවා. පූජකවරුන්ට යම් ඍධි බලයක් ලැබිය යුතුයි. වතුරේ සහ ගිනි මත ඇවිදින අය බොහෝ සිටිනවා. එය කිරීමෙන් ඇති වන යහපත කුමක්ද? මේ රාජයෝගා මගින් උපත් ගණනාවක් සඳහා ඔබ ප්‍රයෝජන ලබනවා. නොසතුටට පත් වී සිටි ඔබව උපතින් උපත සතුටු කරවනවා. පියා කියනවා: දරුවනි, නාටකයට අනුකූලව මම ඔබට ගැඹුරු දේ කියා දෙනවා. ඔබ ශිවාව ශංකර් සමග පටලවා ගන්නේ කෙසේදැයි බාබා පැහැදිලි කර දෙනවා. මේ ලෝකය තුළ රඟපෑමට ශංකර්ටවත් කොටසක් නැහැ. ශිවා, බ්‍රහ්ම සහ විෂ්ණුට රඟපෑම සඳහා කොටස් තිබෙනවා. බ්‍රහ්මා සහ විෂ්ණුට තිබෙන්නේ සෑම දෙයකටම යොමු වූ කොටසක්. ශිව බාබාට කොටසක් ඇත්තේ මේ කාලයේදී පමණයි. ඉතින් මේ නිසයි ඔහු දැන් පැමිණ දැනුම දෙන්නේ. ඉන්පසු ඔහු ආපසු නිර්වාණ දේශයට යනවා. ඔහු දරුවන්ට තමන්ගේ මුළු දේපළම දී විශ්‍රාමික තත්ත්වයට පත් වෙනවා. විශ්‍රාමික අවධියට පත් වීම යනු ගුරූ කෙනෙක් මාර්ගයෙන් ශබ්දය අභිබවා යාමට උත්සාහ දැරීමයි. කෙසේ වෙතත් දැන්ම කිසිවෙකුට නිවස බලා යා නොහැක. මන්ද හැම දෙනාම දූෂිතයි. පාපකාරියි. හැම දෙනාම උපත ලබන්නේ පාපයෙන්. ලක්ෂ්මී සහ නාරායන් පාපයෙන් තොරයි. ඔවුන් පාපයෙන් උපත ලබන්නේ නැහැ. මේ නිසයි ඔහුන් දිව්‍යමය ලෙස හැඳින්වෙන්නේ. කුමාරීන්ද පාපයෙන් තොරයි. මේ නිසයි හැම දෙනාම ඔවුන්ට නමස්කාර කරන්නේ. ඉතින් ශංකර්ට මෙහි චරිතයක් නොමැති බව බාබා පැහැදිලි කළා. කෙසේ වෙතත් ප්‍රජාපිතා බ්‍රහ්මා අනිවාර්යෙන්ම ප්‍රජාවගේ (මිනිසුන්ගේ) පියායි. එහෙම නේද? ශිව බාබා ජීවයන්ගේ පියායි. සදාකාලික පියා ඔහුයි. මේ ගැඹුරු කරුණු ධාරණය කරගත යුතුයි. ලොකු දාර්ශනිකයින්ට ලොකු ගෞරව නාම ලැබෙනවා. පණ්ඩිත්, ශ්‍රී ශ්‍රී 108 වගේ නාම ඔවුනට ලැබෙනවා. ඔවුන් බෙනාරිස් වල කොලිජියෙන් සමත් වී මෙම ගෞරව නාම ලබනවා. ඔවුන් ඒ අරගෙන ඉන්නේ පියාට අයිති නාම බව පෙන්වා දෙන්න බාබා ගුප්තාජීව බෙනාරිස් වලට යැව්වා. පියාට කියන්නේ ශ්‍රී ශ්‍රී 108 ජගත්ගුරු කියලායි. 108 ක මල්දාමයක් තිබෙනවා. ආභරණ 8 ගැන සිහි කෙරෙනවා. ඔවුන් ගෞරවයෙන් සමත් වෙනවා. මේ නිසයි ඔවුන්ගේ මාලාදාමය වෙනස් වන්නේ. ඉන්පසු ඒ 108 දෙනාට වඩා පහත් අය ඔවුන්ව වන්දනා කරනවා. මිනිස්සු ගිනියාග පවත්වන විට සහ තපස්යා වැනි දේ කරනා විට කුඩා පිළිම 1000 ක් හදනවා. සමහරු පිළිම 10,000 ක්, සමහරු 50,000 ක් තවත් සමහරු 100,000 ක් පවා හදනවා. ඔවුන් මැටිවලින් මේවා සාදා ගිනියාග පවත්වනවා. ව්‍යාපාරිකයෙක් බොහෝ සමෘධිමත් නම් ඔහුට කුඩා පිළිම 100,000 ක් සෑදිය හැකියි. 16,108 ක මාලාදාමයක් පවා තිබෙනවා. පියා මෙහි හිඳ දරුවන් වන ඔබලාට මේවා පැහැදිලි කර කියා දෙනවා. ඔබ සියලු දෙනාම පියාත් සමග භාරතයට සේවය කරනවා. පියාව වන්දනා කරනා නිසා දරුවන්වත් වන්දනා කළ යුතුයි. රුද්‍රා වන්දනාව සිදු වන්නේ කෙසේදැයි කියා මිනිස්සු දන්නේ නැහැ. සියලු දෙනාම ශිව බාබාගේ දරුවන්. මේ කාලයේදී ලෝක ජනගහනය ඉතා අධිකයි. සියලුම ජීව ශිව බාබාගේ දරුවන් වන නමුත් සියල්ලන්ම ඔහුගේ උදව්කරුවන් නොවෙයි. මේ කාලයේදී ඔබ ඔහුව සිහි කරන තරමට ඔබ දිව්‍යමය වෙනවා. ඔබ වන්දනාවට සුදුස්සන් බවට පත් වෙනවා. මේවා පැහැදිලි කර දීමට කිසිම කෙනෙකුට ශක්තියක් නැහැ. මේ නිසයි ඔවුන් කියන්නේ කිසිම කෙනෙක් සත්‍යය පිළිබඳව ගැඹුරින් දන්නේ නැහැයි කියා. තමා දැනුමේ සාගරය කියා පියා පැමිණ පැහැදිලි කර දෙනවා. එම නිසා, ඔහු අනිවාර්යෙන්ම දැනුම දෙනවා. දිව්‍ය ඥාණයක් පිළිබඳ ගැටළුවක් එහි නැහැ. දෙවියන් දේව ඥාණයෙන් කරුණු පැහැදිලි කරනවාද? ඔහුට දැනුමේ මුල, මැද සහ අග පිළිබඳ දැනුම තිබෙන බව ඔබ දන්නවා. දරුවන්ට ඔහු එය කියනවා. මෙම විශ්වාසය ඔබ තුළ තිබෙනවා. නමුත් විශ්වාසය තබා ගන්නවා වෙනුවට ඔබ පියාව අමතක කර දමනවා. මෙම ඉගෙනීමේ සාරය වන්නේ පියා සිහි කිරීමයි. පියාව සිහි කිරීමෙන් කර්මාතීත් තත්ත්වයට පත් වීමට උත්සාහ දැරිය යුතු වෙනවා. මායා බාධක පමුණුවන්නේ ස්මරණයටයි. ඉගෙනීමට බාධා එල්ල වන්නේ නැහැ. ඔවුන් ශංකර් ගැන කියන්නේ ඔහු තම දෑස විවෘත කළ හැටියේම විනාශය සිදු වන බවයි. මෙසේ කීම වැරදියි. පියා කියනවා: මා විනාශය ඇති කරන්නේත් නැහැ. ශංකර් විනාශය ඇති කරන්නේත් නැහැ. ඒක වැරදියි. දේවතාවරුන් පව් කරන්නේ නැහැ. ශිව බාබා මේවා පැහැදිලි කරනවා. මේ ශරීරය ජීවයේ වාහනයයි. සෑම ජීවයක්ම තමන්ගේම වාහනය පදවනවා. පියා කියනවා: මා මොහුගේ ශරීරය කුළියට ගත්තා. මේ නිසයි මගේ උපත දිව්‍යමය සහ අසහාය උපතක් කියා කියන්නේ. උපත් 84 චක්‍රය දැන් ඔබේ බුද්ධියේ තිබෙනවා. තමන් නිවහනට ගොස් ඉන්පසු දිව්‍ය ලෝකයට යන බව ඔබ දන්නවා. බාබා හැම දේම ඉතාමත් පහසුවෙන් විස්තර කරනවා. මේ ගැන ඔබ හිත පාරවා නොගත යුතුයි. සමහරු කියනවා: බාබා, මම ඉගෙන ගෙන නැහැ. මට කතා කරන්න බැහැ. කෙසේ වෙතත් ඒක එහෙම වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම කට ක්‍රියාත්මක වෙනවා. කෑම කනකොට පවා ඔබේ කට ක්‍රියාත්මක වෙනවා. එහෙම නේද? කිසිම ශබ්දයක් නොකර සිටීම කළ නොහැක්කක්. බාබා හැමදේම ඉතාමත් සරළව පැහැදිලි කරනවා. කවුරු හරි නිශ්ශබ්දතාවය ආරක්ෂා කරන විටදී පවා ඔහු ඉහළට ඇඟිල්ල යොමු කර බාබාව සිහි කරන ලෙස සංඥා කළ හැකියි. එකම එක පරිත්‍යාගශීලියා වන්නේ දුක නැති කරන්නා සහ සතුට බෙදා දෙන්නායි. දැන් වගේම ඔහු භක්ති මාර්ගයේදීත් දානපතියෙක්. ඉන්පසු විශ්‍රාමික අවධියේදී තිබෙන්නේ සාමය පමණයි. දරුවන් වන ඔබත් වාසය කරන්නේ සාම දේශයේයි. තමා තුළ පටිගත වූ ඔබගේ චරිතය නොනැවතී ක්‍රියාත්මක වෙනවා. දැන් අපේ චරිතය වන්නේ ලෝකය අළුත් කිරීමයි. ඔහුගේ නම ඉතාමත් හොඳයි: දෙව්ලෝ දෙවියන්, පියා යන්නයි ඒ. පියා දිව්‍ය ලෝකය නිර්මාණය කරන්නායි: ඔහු අපාය නිර්මාණය කරන්නේ නැහැ. කවුරු හරි පැරණි ලෝකයක් නිර්මාණය කරනවාද? ගොඩනැගිල්ලක් නිරන්තරයෙන්ම හදන්නේ අළුතෙන්මයි. ශිව බාබා බ්‍රහ්මා මාර්ගයෙන් නව ලෝකය නිර්මාණය කරනවා. ඔහුට එම චරිතය ලැබී තිබෙනවා. පැරණි ලෝකයේ සේරම මනුෂ්‍යයින් නොනවත්වා එකිනෙකාට දුක් දෙනවා. තමන් ශිව බාබාගේ දරුවන් බව ඔබ දන්නවා. ඉන්පසු ශාරීරික අය ලෙස ප්‍රජාපිතා බ්‍රහ්මා විසින් හදාවඩා ගන්නා දරුවනුයි ඔබලා. අපට දැනුම දෙන්නේ නිර්මාපකයා වන ශිව බාබායි. එමනිසා, ඔහු අපට නිර්මාණයේ මුල, මැද සහ අග පිළිබඳ දැනුම දෙනවා. ඔබේ ඉලක්කය සහ අරමුණ වන්නේ මේ තත්ත්වයට පත් වීමයි. මිනිස්සු පළිඟු වලින් පිළිම සෑදීමට විශාල වියදමක් දරනවා. මේක ලෝක විශ්ව විද්‍යාලයක්. මුළු ලෝකයම වෙනස් වෙලා. හැම දෙනාගේම චරිතය යක්ෂ බවට පත් වෙලා. ඔවුන් නොනවත්වා මුල සිට අගටම දුක් විඳිනවා. මේ සත්‍යයේ විශ්ව විද්‍යාලයයි. දෙවියන්ගේ ලෝක විශ්ව විද්‍යාල ඇත්තේ එකක් පමණයි. එය ස්ථාපිත කළේ දෙවියන් වන අතර, මුළු ලෝකයම ඉන් ප්‍රයෝජන ලබනවා. හරි වැරැද්ද අතර ඇති වෙනස දරුවන් දැන් අවබෝධ කර ගන්නවා. වෙන කිසිම මනුෂ්‍යයෙක් මෙය තේරුම් ගන්නේ නැහැ. සත්‍යවාදි වන්නේ එකම එක කෙනායි. ඔහු තමයි සත්‍යය ලෙස හඳුන්වන ඔබට හරි වැරැද්ද පැහැදිලි කර දෙන කෙනා. පියා තමයි පැමිණ හැම දෙනාවම සත්‍යවාදි කරවන්නේ. ඔබ සත්‍යවාදි වූ විට, විමුක්තියටත් ඉන්පසු ජීවන මුක්තියටත් පත් වෙනවා. දරුවන් වන ඔබ නාටකය ගැනත් දන්නවා. අනුපිළිවෙලට මුල සිට අගටම නාටකය රඟපෑමට ඔබ පහළට පැමිණියා. නොනැවතී ක්‍රීඩාව කෙරෙන අතර නාටකය එන්න එන්නම කෙටි වෙනවා. මෙය මුළුමනින්ම අළුත් දෙයක්. මේ නාටකය පැරණි වන්නේ නැහැ. අනෙක් නාට්‍ය සියල්ලක්ම අභාවයට යනවා. මේ නාටකය අසීමිතයි. අවිනාශීයි. මෙහි සිටින හැම දෙනාම අවිනාශී නළුවන්. සදාකාලික නාටකය සහ වේදිකාවත් කෙතරම් විශාලද බලන්න. පියා පැමිණ ලෝකය අළුත් කරනවා. මේ සියල්ලකගේම දර්ශන ඔබට ලැබෙනවා. සමීපයට පැමිණෙන තරමට සතුටක් දැනෙන අතර දර්ශන පවා පෙනෙනවා. තම කොටස අවසානය කරා පැමිණි බව ඔබ කියනවා. ඉන්පසු නාටකය නැවතත් ක්‍රියාත්මක විය යුතුයි. ඉන්පසු ඔබ පෙර චක්‍රයේදී රඟපෑ චරිතයම අළුතින් රඟපානවා. ඒ තුළ සුළු හෝ වෙනසක් නොතිබිය යුතුයි. එමනිසා දරුවන් වන ඔබ හැකි පමණින් උසස් තත්ත්වයක් දිනා ගත යුතුයි. උත්සාහ දරන්න. කලබලයට පත් වන්න එපා. තමාට කිරීමට ඇති දේවල් කිරීමට නාටකය තමාව දිරිමත් කරනවා යැයි කීම වැරදියි. අප උත්සාහ කළ යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම අධ්‍යාපනයේ සාරය තම සිහියේ තබා ගනිමින් ස්මරණ වන්දනාව තුළින් කර්මාතීත් තත්ත්වයට පත් වන්න. උසස් වීම සඳහා හා වන්දනාවට සුදුසු කෙනෙක් බවට පත් වීමට පියාගේ සම්පූර්ණ උදව්කරුවෙක් බවට පත් වන්න.

2. හරි වැරැද්ද කුමක්ද යන්න පිළිබඳ වූ අවබෝධය සත්‍යය පියාගෙන් දැන් ඔබට ලැබී තිබෙනවා. එම නිසා එමඟින් ධාර්මික කෙනෙක් වන්න. බන්ධන වලින් පිරි ජීවිතයෙන් නිදහස් වී මුක්ති හා ජීවන මුක්ති උරුමය දිනා ගන්න.

වරදානය:
සංගම යුගයේ ශ්‍රේෂ්ඨ ලැබීම් ඔබගේ අවධානයේ රැඳී තිබීමෙන්, ඔබට ශ්‍රේෂ්ඨ ප්‍රතිලාභයක් හිමි වී, ඔබ ඉහළ නැග්මේ ස්ථීතිය අත්විඳිත්වා.

පරමාත්ම දෙවියන් මුණගැසී ඔහුගේ ඥාන මිණිමුතු ලැබීමේ විශේෂත්වය වන්නේ අවිනාශී ලැබීම් හිමි වීමයි. සංගම යුගය, උත්සාහ දරන ජීවිතයක් පමණක් වන අතර ස්වර්ණමය යුගය, එහි ප්‍රතිලාභයේ ජීවිතයක් වෙනවා නොවෙයි. සංගම යුගයේ විශේෂත්වය වන්නේ, ඔබ එක පියවරක් ගෙන, එහි ප්‍රතිලාභය ලෙස පියවර දහසක් ලබා ගැනීමයි. එබැවින් එය උත්සාහය පමණක්ම නොවෙයි, නමුත් එය ශ්‍රේෂ්ඨ ප්‍රතිලාභයක්ද වනවා. සෑම විටම මෙම ස්වරූපය ඔබ ඉදිරියේ තබාගන්න. ප්‍රතිලාභය දැකීමෙන්, ඔබ පහසුවෙන් නැඟීමේ ස්ථීතිය අත්විඳිවි. මට ලබා ගැනීමට අවශ්‍ය වුණු දේ මා ලබා ගත්තා යන ගීතය ගයන්න, එවිට ඔබගේ හුස්ම හිරවීමෙන් හෝ නිදි කිරීමෙන් ඔබ ආරක‍්ෂා වෙයි.

පාඨය:
බ්‍රහ්මණ දිවියේ හුස්ම වන්නේ එඩිතරකමයි, මෙයින් අපහසුම කාර්යය පවා පහසු වෙයි.


මාතේශ්වරීජීගේ ශ්‍රේෂ්ඨ වදන්

මුක්තිය සහ මෝක්ෂය.

මෙකල මිනිසුන් මුක්තිය, මෝක්ෂය (සදාතනික විමුක්තිය) ලෙස හඳුන්වයි. මුක්තිය ලබා ගන්නා අය, උපත් සහ මරණයේ චක්‍රයෙන් නිදහස් වන බව ඔවුන් විශ්වාස කරයි. උපත් සහ මරණ චක්‍රය තුළට නොපැමිණීම, ශ්‍රේෂ්ඨ තත්ත්වයක් බව ඔවුන් විශ්වාස කරයි. ඔවුන් විශ්වාස කරන්නේ එය ප්‍රතිලාභය බවයි. ජීවන-මුක්තිය යනු යහපත් ක්‍රියා සිදු කරන ජීවිතයක් බව ඔවුන් විශ්වාස කරයි. නිදසුනක් ලෙස ධර්මාත්මයන් (ධර්මිෂ්ඨ ජීවාත්ම) ජීවන-මුක්තිය ලබා ඇති බව ඔවුන් විශ්වාස කරයි. කර්ම බන්දන වලින් නිදහස් වීම ගැන වැටහෙන්නේ අතලොස්සකට පමණයි. එය ඔවුන්ගේම මතයයි. කෙසේවෙතත්, පරමාත්ම දෙවියන් අපට වටහා දී තිබෙන්නේ, මනුෂ්‍යයෙක් පාපයන් මත පදනම් වූ ඔහුගේ කර්ම බන්දන වලින් නිදහස ලබන තුරු, මුල සිට මැද හරහා අවසානය දක්වා වූ දුකින් ඔහුට නිදහස් වීමට නොහැකි බවයි. මින් නිදහස ලැබීමද මනෝ ස්ථීතියකි. එබැවින් ඔබ ප්‍රථමයෙන් දේවමය ඥානය ධාරණය කළ විට පමණයි ඔබට එම තත්ත්වයට ලඟා වීමට හැකි වන්නේ, එමෙන්ම මුක්තිය සහ ජීවන-මුක්තිය පිරිනමන ඒකායන කෙනා ඔහු බැවින් අපට එම අවස්ථාවට ලඟා වීමට මඟ පාදන්නේ පරමාත්ම දෙවියන්මයි. පරමාත්ම දෙවියන් බොහෝ වාර ගණනක් පැමිණෙන්නේ නැති අතර ඔහු අවතරණයක් ලෙස පැමිණෙන බව ඔබ නොසිතිය යුතුයි.