02.10.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මේ මරණයේ දේශයේ අවසානයයි. දැන් ඒ අමරණීයත්වයේ දේශය ස්ථාපනය වෙනවා. මරණයේ දේශයට අයත් වන අයව ඔබ සිහි නොකළ යුතුයි.

ප්‍රශ්නය:
පියා තම දිළිඳු දරුවන්ට සිහිකරවන්නේ කුමක් ගැනද?

පිළිතුර:
දරුවනි, ඔබ පිරිසිඳුව සහ පාපයෙන් තොරව සිටි කල ඔබ බොහෝ සතුටින් සිටියා. ඔබ තරම් ධනවත් වූ කිසිම කෙනෙක් සිටියේ නැහැ. ඔබ තුළ අසීමිත සතුටක් තිබුණා. අහසත් පොළොවත් තිබුණේ ඔබේ අතෙයි. පියා දැන් නැවතත් ඔබව ධනවත් කිරීම උදෙසා පැමිණ තිබෙනවා.

ගීතය:
අන්ධයා හට මාර්ගය පෙන්වන්න, ආදරණීය දෙවියනි!

ඕම් ශාන්ති.
ඔය සුමිහිරි, ආධ්‍යාත්මික දරුවන්, ඔය ජීවයන්, ගීතයට සවන් දුන්නා. මෙසේ කීවේ කවුද? ජීවයන්ගේ ආධ්‍යාත්මික පියායි. ආධ්‍යාත්මික දරුවන්, ආධ්‍යාත්මික පියාට කිව්වා බාබා! කියලා. ඔහුව ඊෂ්වර් (දෙවියන්), පියා, ලෙසත් හඳුන්වනවා. මොන පියාද? උත්තරිතර පියා. පියවරුන් දෙදෙනෙක් ඉන්නවා, එක් කෙනෙක් භෞතික පියායි. අනෙක් කෙනා ආධ්‍යාත්මික පියායි. භෞතික පියෙකුගේ දරුවන් ආධ්‍යාත්මික පියාට කතා කරනවා ඕ බාබා! බාබාගේ නම මොකක්ද? ශිවා! අශාරිරික වූ ශිවා වන්දනීයත්වයට ලක්වනවා. ඔහුව හඳුන්වන්නේ උත්තරිතර පියා ලෙසයි. භෞතික පියෙක් උත්තරිතර ලෙස හැඳින්විය නොහැකියි. උසස්ම තැනැත්තා, සියලුම ජීවයන්ගේ පියා එකම කෙනායි. ශරිරය ගෙන තිබෙන සෑම ජීවයක්ම එම පියා සිහි කරනවා. ජීව තම පියා කවුද යන්න අමතක කර තිබෙනවා. ඔවුන් කෑ ගහනවා අහෝ දෙවියනි, පියාණනි! අන්ධ අපට පෙනීම ලබා දෙන්න, එවිට අපට අපගේ පියාව හඳුනා ගත හැකියි! භක්ති මාර්ගයේ අන්ධව සෑම තැනම අඳුරේ අතපතගාමින් අප සිටියා. දැන් අපව මෙම ඉබාගාතේ යෑමෙන් නිදහස් කරන්න! පියා සෑම චක්‍රයකදීම පැමිණ භාරතය දිව්‍ය ලෝකයක් බවට පත්කරවනවා. මේ කලි යුගය වන අතර, ස්වර්ණම යුගය දැන් ඒමට තිබෙනවා. කලි යුගය හා ස්වර්ණම යුගය අතර කාල පරිච්ජේදය සංගම් යුගය ලෙස හඳුන්වනවා. මෙය තමයි නැකැත් බරින් පිරි සංගම් යුගය. අසීමිත වූ පියා පැමිණ දූෂිතත්ත්වයට පත්ව සිටින අය නැවතත් උසස් බවට පත්කරවනවා. ඔහු ඔවුන්ව උසස් මනුෂ්‍යයින් බවට පත්කරවනවා. උසස්ම අය වූයේ ලක්ෂ්මි සහ නාරායනය. ලක්ෂ්මි සහ නාරායන වංශයේ රාජධානිය තිබුණා. පියා පැමිණ ඔබට ඒ ගැන සිහිපත් කරනවා. මීට අවුරුදු 5000කට ප්‍රථම භාරතයේ මිනිසුන් වන ඔබ දිව්‍ය ලෝකයේ වැසියන් වූ අතර දැන් අපායේ වැසියන් බවට පත්ව තිබෙනවා. අවුරුදු 5000කට ප්‍රථම භාරතය දිව්‍ය ලෝකයක් වූ අතර එය බොහෝ ප්‍රශංසාවට ලක් වූවා. එහි රත්රන් හා දියමන්ති ඔබ්බවන ලද රන් මාළිගා තිබුණා. දැන් එහි කිසිවක් නැහැ. ඒ කාලයේදි එහි වෙන කිසිම ආගමක් තිබුණේ නැහැ. එහි තිබුණේ සූර්ය වංශය පමණයි. චන්ද්‍ර වංශයේ අය පැමිණියේ ඉන් පසුවයි. පියා විස්තර කරනවා සූර්ය වංශයට අයත් වූයේ ඔබ පමණයි. දැන් පවා ඔවුන් දිගින් දිගට ලක්ෂ්මි හා නාරායන වෙනුවෙන් කෝවිල් තනනවා. කෙහොමනමුත්, ලක්ෂ්මි හා නාරායන රාජ්‍යය තිබුණේ කවදාද. ඔවුන් එම රාජ්‍ය ලබා ගත්තේ කෙසේද යන්න ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔවුන් දිගින් දිගටම ඔවුන්ට වන්දනා කරනවා. නමුත් කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් එය අන්ධ විශ්වාසයයි. ඔවුන් ශිවා, ලක්ෂ්මි හා නාරායන වන්දනා කරනවා. නමුත් ඔවුන්ගේ ජීවිත කතාව ගැන කිසිවක් දන්නේ නැහැ. භාරතයේ මිනිසුන්ම කියනවා අපිව අපිරිසිඳුයි කියලා. අහෝ පාරිශුද්ධකරුවාණනි, බාබා, එන්න! පැමිණ, අපව දුකින් හා රාවණ්ගේ රාජ්‍යයෙන් මුදවාලන්න. පියා පැමිණ සෑම කෙනෙක්ම මුදවා ගන්නවා. ස්වර්ණම යුගයේ තිබුණේ එකම එක රාජ්‍යයක් බව දරුවන් දන්නවා. කොන්ග්‍රස් පක්ෂයටත් බාබු ගාන්ධිජීටත් රාමාගේ රාජ්‍යය නැවතත් ස්ථාපනය කිරිමට අවශ්‍ය වූවා. අපට දිව්‍ය ලෝකයේ වැසියන් වීමට අවශ්‍යයි. මේ කාලය වන විට අපායේ වැසියන්ගේ තත්ත්වය කුමක්ද කියා ඔබ දන්නවා. මෙය හඳුන්වන්නේ අපාය, යක්ෂයින්ගේ ලෝකය ලෙසයි. මෙම භාරතයම තමයි දිව්‍ය ලෝකය වූයේ. එය දැන් යක්ෂ ලෝකයක් බවට පත්ව තිබෙනවා. ඔබ උපත් මිලියන 8.4ක් නොව උපත් 84ක් ගත් බවට බාබා විස්තර කරනවා. ආගමික ග්‍රන්ථවල ඔවුන් ලියා තිබෙන්නේ බොරුයි. අදට අවුරුදු පන්දහසකට ප්‍රථම එය විමුක්ති මාර්ගයයි. එහි කිසිම භක්තියක් හෝ දුකක් පිළිබඳ සඳහනක් හෝ ඇත්තේ නැහැ. සතුටේ දේශය ලෙස හැඳින්වූයේ එයයි. පියා විස්තර කරනවා මුලින්ම ඔබ සාම දේශයේ වැසියන් වූවා. ඔබ මෙහි පැමිණියේ ඔබගේ චරිත කොටස රඟ දැක්වීමටයි. ඔබ නැවත නැවතත් උපත් 84ක් ගත්තා. එය නැවත උපත් මිලියන 8.4ක් නොවේ. ඒ අසීමිත පියා දැන් දරුවන් වන ඔබට අසීමිත වූ උරුමය ලබා දීමට පැමිණ සිටිනවා. පියා ජීව වන ඔබට කතා කරනවා. අනෙක් ආගමික රැස්වීම්වල නම් මිනිස්සු, මිනිස්සුන්ට භක්ති මාර්ගයේ කතා කියනවා. චක්‍ර භාගයක් තුළ දිව්‍ය ලෝකය තිබෙන කල එහි එකම අපිරිසිඳු මනුෂ්‍යයෙක් හෝ සිටියේ නැහැ. දැන් මෙහි පිරිසිඳු වූ එකම එක මනුෂ්‍යයෙක් හෝ නැහැ. මෙය අපිරිසිඳු වූ ලෝකයයි. පියා විස්තර කරනවා ක්‍රිෂ්ණා දෙවියන් කතාකරන බව ගීතාවේ ලියා තිබෙනවා. ක්‍රිෂ්ණා, දෙවියන් වන්නේවත්, එමෙන්ම ඔහු ගීතාව කිව්වේවත් නැහැ. ඔවුන් තමන්ගේම ආගම පවා අමතක කර තිබෙනවා. ප්‍රධාන ආගම් හතරක් තිබෙනවා. පළමුවැන්න, සූර්ය වංශය, ආදී සනාතන දේවි දේවතා ධර්මය වන අතර, පසුව චන්ද්‍ර වංශය තිබෙනවා. ඒ දෙකම එකතු වූ විට එය දේවතා ධර්මයයි. එහි දුකක් ගැන සඳහනක් හෝ ඇත්තේ නැහැ. උපත් 21ක් පුරාවට ඔබ සතුටේ දේශයෙහි සිටියා. පසුව රාවණ්ගේ රාජ්‍යයේ, භක්ති මාර්ගය ඇරඹුණා. ශිව බාබා එන්නේ කවදාද? එය රාත්‍රිය වන විටයි. භාරතයේ මිනිස්සු සම්පූර්ණ අඳුරේ සිටින විට තමයි බාබා එන්නේ. ඔවුන් දිගින් දිගටම බෝනික්කන් වන්දනා කරන්න ගන්නවා. ඔවුන් එකම කෙනෙකුගේ හෝ ජීවිත කතන්දරය ගැන ඔවුන් දන්නේ නැහැ. භක්ති මාර්ගයේ, ඔවුන් දිගින් දිගටම අඳුරේ අතපතගාමින් ඉන්නවා. ඔවුන් වටේටම වන්දනා ගමන් යන නමුත්, ඔවුන්ට එයින් කිසිම ලැබීමක් ඇත්තේ නැහැ. පියා කියනවා මා පැමිණ, බ්‍රහ්මා මාර්ගයෙන් ඔබට සත්‍ය ඥානය දෙනවා. මිනිස්සු කෑ ගහනවා අපට සතුටු දේශයට හා සාම දේශයට මඟ පෙන්වන්න. පියා කියනවා අවුරුදු 5000කට ප්‍රථම මා ඔබව බොහෝ ධනවත් කළා, මා ඔබට බොහෝ ධනය දුන්නා. ඒ සියල්ලම ඔබ නැති කර ගත්තේ කොහේදිද? ඔබ බොහෝ ධනවත්ව සිටියා. තවදුරටත් එයට භාරතය යැයි කිව හැක්කේ කාටද? සෑම දේශයකට වඩා උසස්ම දේශය වූයේ භාරතයයි. ඇත්තෙන්ම, මෙය පාරිශුද්ධකරු වන පියාගේ උපන් ස්ථානය වන නිසා, මෙය තමයි උසස්ම වන්දනීය ස්ථානය වන්නේ. පියා පැමිණ සෑම ආගමකම අයට විමුක්තිය ලබා දෙනවා. දැන් ලංකාව පුරා පමණක් නොව මුළු ලෝකය පුරාම රාවණ්ගේ රාජ්‍යය රජයනවා. සුර්යවංශික රාජධානිය පැවති කල මේ කිසිම පාපයක් තිබුණේ නැහැ. භාරතය පාපයෙන් තොරව තිබුණු නමුත්, දැන් එය පාපයෙන් පිරි එකක් බවට පත් වෙලා. සෑම කෙනෙක්ම අපායේ වැසියන්. ස්වර්ණම යුග දේව සමාජයට අයත්ව සිටි අය උපත් 84ක් ගනිමින් පසුව, යක්ෂ සමාජයේ සාමාජිකයන් බවට පත් වූවා. ඔවුන් දැන් නැවතත් දේව සමාජයේ කොටස්කරුවන් බවට පත්වීමටයි ඉන්නේ. භාරතය බොහෝ ධනවත් වූ අතර දැන්, එය බොහෝ දිළිඳු තත්ත්වයට පත් වී තිබෙනවා. මේ නිසා තමයි එය සිඟන්නේ. පියා ඔය දිළිඳු දරුවන්ට මතක් කර දෙනවා දරුවනි, ඔබ බොහෝ සතුටින් සිටියා! ඔබ විඳින තරම් සතුටක් වෙන කිසිම කෙනෙකුට ලැබිය නොහැකියි, අහසත්, පොළොවත් සියල්ලම තිබුණේ ඔබගෙ අතේයි. ආගමික ග්‍රන්ථ වල මෙම චක්‍රයට දීර්ඝ කාල පරිච්ජේදයක් ලබාදීමෙන්, ඔවුන් සෑම කෙනෙක්වම කුම්භකරණ නම් වූ යක්ෂ නින්දෙහි නිදි කරවා තිබෙනවා. භාරතය තමයි ශිව බාබා විසින් ස්ථාපනය කරන ලද ශිවාගේ කෝවිල වූයේ. එහි පාරිශුද්ධත්වය තිබුණු අතර, එම නව ලොවෙහි පාලනය දේවතාවන් විසින් ගෙන ගියා. රාධේ සහ ක්‍රිෂ්ණා අතර තිබූ සබඳතාවය ගැනවත් මිනිසුන් දන්නේ නැහැ. දෙදෙනාම පැමිණියේ රාජ්‍යයන් දෙකකින්. පසුව ඔවුන්ගේ සරණමංගල්‍යයෙන් පසු ඔවුන් ලක්ෂ්මි හා නාරායන බවට පත්වූවා. කිසිම මනුෂ්‍යයෙකුට මෙම දැනුම නැහැ. මෙම ආධ්‍යාත්මික ඥානය දෙන්නේ එකම එක පියා පමණයි. පියා කියනවා දැන් ජීව අවධානයට පත්වන්න! ඔබගේ උත්තරිතර පියා වන මා සිහිපත් කරන්න! ස්මරණය මඟින් ඔබ තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් තත්ත්වයට පත් වනු ඇත. ඔබ මෙහි එන්නේ මනුෂ්‍ය තත්ත්වයෙන් දේවත්වයට පත්වීමටයි. එනම්, අපිරිසිඳු බවින් පිරිසිඳු වීමටයි. මෙය දැන් රාවණ්ගේ රාජ්‍යයයි. රාවණ්ගේ රාජ්‍යය ඇරඹෙන්නේ භක්තියත් සමඟයි. භක්ති කරන අය සැවොම ඉන්නේ රාවණ්ගේ පහුරු ගෑමට ලක් වෙමිනුයි. මුළු ලෝකයම ඉන්නේ රාවණ්ගේ සිර කුටියේයි, පාපයන් පහ මතයි, ඔවුන් ඉන්නේ දුක් සහිත පැල්පතකයි. පියා පැමිණ සෑම කෙනෙක්ම නිදහස් කර, මාර්ගෝපදේශකයා වෙමින් ඔවුන්ව නැවත ගෙදර ගෙන යනවා. මහාභාරත යුද්ධය තිබෙන්නේ මේ නිසා වන අතර, අවුරුදු 5000කට ප්‍රථමත් එය පැවතියා. පියා දැන් නැවත වතාවක් දිව්‍ය ලෝකය ස්ථාපනය කරනවා. බොහෝ ධනය තිබෙන අය දිව්‍ය ලෝකයේ ඉන්නවා කියා දෙයක් නැහැ, මෙය දැන් අපායයි. පියා මිස පාරිශුද්ධකරු ලෙස හැඳින්වෙන්නේ ගංඟාවන් නොවේ. ඒ සෑම දෙයක්ම භක්ති මාර්ගයයි. බාබා පමණයි මෙහි පැමිණ මේ දේවල් විස්තර කරන්නේ. ඔහු භෞතික පියෙක් බවත්, අනෙක් කෙනා ආධ්‍යාත්මික පියා බවත්, තුන්වන පියා සූක්ෂම පියා බවත් ඔබ දන්නවා. ආධ්‍යාත්මි පියා, ශිව බාබා බ්‍රහ්මා මාර්ගයෙන් බ්‍රහමින් ධර්මය ස්ථාපනය කරනවා. ඔහු රාජයෝගා උගන්වන්නේ බ්‍රහමින් දරුවන් දේවත්වයට පත්කරවීම සඳහායි. ජීවය තමයි උපත් ගන්නේ. ජීවය කියනවා මා එක් ශරිරයක් අත් හැර තව ශරිරයක් ගන්නවා. පියා කියනවා ඔබ ජීවයක් ලෙස සළකා පියා වන මා පමණක් සිහිපත් කරන්න. එවිට ඔබ පාරිශුද්ධත්වයට පත්වනු ඇත. මනුෂ්‍ය ශරීර සිහි කරන්න එපා. මේ මරණයේ දේශයේ අවසානය වන අතර, අමරණීය දේශය දැන් ස්ථාපනය වනු ඇත. අනෙක් නොයෙකුත් ආගම් දැන් විනාශ වීමටයි තිබෙන්නේ. ස්වර්ණම යුගයේ තිබුණේ එකම දේව ධර්මය වන අතර, පසුව රිදි යුගයේදි රාමා හා සීතාගෙන් පැවතෙන චන්ද්‍ර වංශය තිබුණා. පියා දරුවන්ට මුළු චක්‍රයම සිහිපත් කර දෙනවා. සාමයේ දේශය හා සතුටේ දේශය ස්ථාපනය කරන්නේ පියා පමණයි. මනුෂ්‍යයන්ට, මනුෂ්‍යයන් හට විමුක්තිය ලබාදෙන්න බැහැ. ඒ සෑම කෙනෙක්ම භක්ති මාර්ගයේ ගුරුන්ය. ඔබ දැන් දේව දරුවන්. ඔබ බාබාගෙන් ඔබගේ රාජ්‍යය නම් වූ වාසනාව හිමි කර ගන්නවා. රාජ්‍යය දැන් ස්ථාපනය වෙමින් පවතිනවා. බොහෝ සේවකයන් නිර්මාණය වීමට තිබෙනවා. බොහෝ දෙනෙකුගෙන් අත මිටක් තමයි රජවරුන් බවට පත්වන්නේ. ස්වර්ණම යුගය හඳුන්වන්නේ මල් උයනක් ලෙසයි. මෙය කටුවලින් පිරි කැලයකි. රාවණ්ගේ රාජ්‍යය දැන් වෙනස් වෙනවා. විනාශය අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි. ඔබ දැන් මෙම ඥානය ලබා ගන්නවා. ලක්ෂ්මි හා නාරායනට මෙම ඥානය නැහැ එය අතුරුදහන් වී යනවා. භක්ති මාර්ගයේ කිසිම කෙනෙක්, පියා කියන්නේ නියම වශයෙන්ම කවුද යන්න ගැන දන්නේ නැහැ. පියා තමයි නිර්මාණකරු වන්නේ. බ්‍රහ්මා, විශ්ණු හා ශංකර් පවා නිර්මාණයයි. ඔබ දෙවියන් සෑම තැනම ඉන්නවා කියා කිව්වොත්, උරුමයට ඇති හිමිකම නැති වී යනවා. බාබා පැමිණ සෑම කෙනෙකුටම ඔවුන්ගේ උරුමය ලබාදෙනවා. ස්වර්ණම යුගයේ මුලින්ම පැමිණි අය තමයි උපත් 84 ගන්නේ. ක්‍රිස්තියානි අය බොහෝදුරට උපත් 40ක් ගන්නවා. මිනිස්සු එකම දෙවියන් සොයමින් අඳුරේ බොහෝ අතපත ගානවා. ඔබ තව දුරටත් අඳුරේ අතපත ගාන්නේ නැහැ. ඒ එකම පියා පමණක් සිහි කරන්න, එවිට ඔබ තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් තත්ත්වයට පත්වනු ඇත. මෙය වන්දනා ගමනක්. මෙය තමයි දේව පියාගේ (සත්‍යයේ) විශ්ව විද්‍යාලය. ජීව වන ඔබ ඉගෙන ගන්නවා. තමා කරන ක්‍රියාවල ප්‍රතිඵලයන්ගෙන් ජීවය නිදහස් කියා පූජකවරුන් හා ශාන්තුවරයින් කියනවා. කොහොමනමුත්, ජීවය තමයි ක්‍රියාවන්ට අනුකූලව තවත් උපතක් ගන්නේ. ජීවය තමයි හොඳ හෝ නරක ක්‍රියා කරන්නේ. මේ කාලයේදී, කලි යුගයේදි ඔබගේ ක්‍රියා පාපකාරීයි, නමුත් ස්වර්ණම යුගයේදි ඔබගේ ක්‍රියා සාමාන්‍ය ක්‍රියායි (අකර්ම). එහි පාප කිසිවක් නැත. එය තමයි චරිතවත් ජීවයන්ගේ ලෝකය. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. එකම එක පියාගෙන් ඔබගේ අසීමිත උරුමය ලබා ගන්න. උසස් වූ ක්‍රියා කරන්න. ඔබට දැන් පියාව හමු වී තිබෙනවා. ඉතින් කුමන හෝ ආකාරයකින් ඔබ අඳුරේ අතපත ගාමින් නොසිටිය යුතුයි.

2. පියා ඔබට සිහිපත් කර ඇති දේ ගැන සිහියෙන් සිට අනන්ත වූ සතුට පවත්වා ගන්න. මනුෂ්‍ය ශරිර සිහිකරන්න එපා.

වරදානය:
උපකරණයක් වීමේ අවධානය තිබීමෙන්, ඔබගේ සෑම සිතිවිල්ලකටම අවධානය යොමු කර, විසඳුම් වල ප්‍රතිමූර්තියක් වේවා.

සියලු දෙනාගේ ද්‍රිෂ්ඨිය, උපකරණ ජීවාත්ම මත තිබේ, එබැවින් උපකරණ වන අය, ඔවුන්ගේ සිතිවිලි කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. උපකරණ වන අය, යම් දෙයක් ගැන නිදහසට කරුණු ලබා දෙන්නේ නම්, එවිට ඔවුන්ව අනුගමනය කරන අයත් නිදහසට කරුණු කියයි. උපකරණ වන අයට යම් අඩුවක් ඇත්නම් එය සැඟවිය නොහැක. එබැවින් ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියා වලට විශේෂ අවධානය යොමුකර විසඳුම් වල ප්‍රතිමූර්තියක් වන්න.

පාඨය:
දැනුමැති ජීවාත්ම යනු, ඔවුන්ගේ ගුණදම් සහ විශේෂතා ගැන කිසිම අහංකාරකමක් නොමැති අයයි.


මාතේශ්වරීගේ අමිල වදන්

1. මනුෂ්‍යයන්ගේ අරමුණ සහ ඉලක්කය කුමක්ද? එය අත්කර ගැනීමේ නිවැරදි ක්‍රමවේදය.

ඔහු හෝ ඇගේ ජීවිතය යහපත් කරගැනීම සඳහා සුදුසු වන්නේ කුමක්ද කියා සෑම මනුෂ්‍යයෙක්ම අනිවාර්යෙන් සිතා බැලිය යුතුයි. මනුෂ්‍ය ජීවිතය කුමක් අරබයාද? අප ඉන් කළ යුත්තේ කුමක්ද? මා මගේ හදවතින් විමසිය යුතුයි මගේ ජීවිතයේ මා එම පරිවර්ථනය දකිනවාද? ප්‍රථමයෙන්, අපගේ මනුෂ්‍ය දිවියේ අපට දැනුම අවශ්‍යයි. ඉන්පසුව මෙම ජීවිතයේ අරමුණ සහ ඉලක්කය කුමක්ද? ඔබට සෑම විටම සම්පූර්ණ සතුට සහ සාමය අවශ්‍ය බව ඔබ අනිවාර්යෙන් පිළිගනිවි. මට දැන් එය ලැබෙනවාද? මෙම අන්ධකාර කලියුගයේ තිබෙන්නේ දුක සහ අසාමයම පමණයි. එබැවින් අපට සාමය සහ සතුට තිබිය හැක්කේ කෙසේද යන්න ගැන අප සිතා බැලිය යුතුයි. මතු වී ඇති සාමය සහ සතුට යන වචන දෙක අනිවාර්යෙන් මේ ලෝකයේ පවතින්නට ඇති, මිනිසුන් එය ඉල්ලන්නේ එනිසාය. එවන් ලෝකයක් දැක නොමැති බව කෙනෙක් පවසන්නේ නම්, එවන් ලෝකයක් ගැන ඔබ විශ්වාස කරන්නේ කෙසේද? දහවල සහ රාත්‍රිය යන වචන දෙක තිබෙන බව, පහදා දී තිබේ. එබැවින් නියත වශයෙන්ම දහවල සහ රාත්‍රිය තිබිය යුතුයි. ඔහු දැක තිබෙන්නේ රාත්‍රිය පමණක් බැවින් ඔහු දහවල තිබෙන බව විශ්වාස කරන්නේ කෙසේද කියා කිසිවෙකුට කිව නොහැක. කෙසේවෙතත්, මේ නම් දෙක තිබෙන නිසා, මේවාට අනිවාර්යෙන් කොටසක් තිබිය යුතුයි. ඇත්ත වශයෙන්ම සත් යුගය ලෙස හැඳින්වූ කලි යුගයට වඩා ඉහළ ස්ථීතියක් තිබු බව මා ද අසා තිබේ. කාලය දැන් වගේම දිගටම පවතින්නට යන්නේ නම්, සත් යුගය යන නම ලබා දුන්නේ ඇයි? මේ ලෝකය අඛණ්ඩව එහි ස්ථීතිය වෙනස් කරයි, එය හරියට කුඩා ළදරුවෙක්, දරුවෙක්, තරුණයෙක් සහ වැඩිමහල් කෙනෙක් සිටින සහ ඔවුන් නොකඩවාම වෙනස් වන ආකාරයට. ලෝකයද ඒ අන්දමින්ම නොකඩවා වෙනස් වෙයි. වත්මන් දිවිය සහ එම දිවිය අතර ඉතා විශාල වෙනසක් තිබේ. එබැවින් එවැනි ශ්‍රේෂ්ඨ ජීවිතයක් නිර්මාණය කිරීමට අප උත්සාහ දැරිය යුතුයි.

2. අශාරීරික ලෝකය, සූක‍්ෂම කලාපය සහ භෞතික ලෝකයේ විස්තාරණය.

ලෝක තුනක් තිබේ. එකක් අශාරීරික ලෝකය වන අතර අනෙක සූක‍්ෂම කලාපයත්, තුන්වැන්න භෞතික ලෝකයයි. අශාරීරික ලෝකයේ ජීවාත්ම වාසය කරන බවත් භෞතික ලෝකයේ ශාරීරික මනුෂ්‍ය සමාජය වාසය කරන බවත් ඔබ දැන් දන්නවා. තවද සූක‍්ෂම කලාපයේ ලෝකය ද තිබේ. මෙවන් සිතිවිල්ලක් පැන නැඟෙයි මෙම සූක‍්ෂම කලාපය සෑම විටම පවතිනවාද, නැත්නම් එහි කොටස ටික කාලයකට පමණක් පවතිනවාද? ලෝකයේ මිනිසුන් සිතන්නේ සූක‍්ෂම ලෝකය උඩ තිබෙන බවත්, එහි සුරඟනාවන් වාසය කරන බව සහ එය දිව්‍ය ලෝකය ලෙස හැඳින්වෙන බවයි ඔවුන් එහි ගොස් සතුට අත්විඳින බවයි. කෙසේවෙතත්, අපාය සහ දෙව්ලොව මේ ලෝකයේ පවතින බව දැන් පැහැදිලිය. අපට පිවිතුරු ජීවාත්මයන්ගේ දර්ශන ලැබෙන සූක‍්ෂම, සුරඟන ලෝකය ඇරඹුණේ තඹ යුගයේ, භක්ති මාර්ගය ආරම්භ වන විටයි. අශාරීරික ලෝකය සහ භෞතික ලෝකය සෑම කල්හි පවතින බව පැහැදිලියි. සූක‍්ෂම කලාපය සෑම කල්හි පවතින බව අපට කිව නොහැක. අපට විශේෂයෙන්ම බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර්ගේ දර්ශන ලැබෙන්නේ මේ කාලයේ, මන්ද ඔහුගේ කාර්යයන් තුන නිමා කිරීමට, පරමාත්ම දෙවියන් ස්වරූප තුන නිර්මාණය කරන්නේ දැන්ය. අච්චා.