02.11.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මේ ඉතාමත් උසස්ම උසස් වූ සංගම යුගයයි. පැරණි ලෝකය වෙනස් වෙමින් අලුත් වෙමින් තිබේ. ඔබ දැන් උත්සහ දරා උසස් තත්ත්වයක් දිනා ගත යුතුයි.

ප්‍රශ්නය:
සේවයට ලැදි දරුවන් නිරන්තරයෙන් තම සිහියේ තබා ගන්නේ කුමන කරුණ ද?

පිළිතුර:
දානය කිරිමෙන් ධනය සිඳි යන්නේ නැති බව ඔවුන්ට මතකයි. මෙන්න මේ නිසා තමයි තම නින්ද පවා කැප කර ඔවුන් දිවා රෑ නොනවත්වා ඥානය දානය කරමින් වෙහෙසට පත් නොවන්නේ. කොහොමනමුත්, ඔවුන් තුළ කුමන හෝ ආකාරයක දුර්වලතාවයක් තිබෙනවා නම් සේවය කිරීමට උද්යෝගයක් ඇති වන්නේ නැහැ.

ඕම් ශාන්ති.
ඉතාමත් මිහිරි ආධ්‍යාත්මික දරුවන් වන ඔබලාට පියා පැහැදිලි කර දෙනවා . ගුරුවරයෙක් ඔබට දිනපතා උගන්වන්නාක් සේ උත්තරීතර පියා සෑම දිනකම ඔබට උගන්වන බව දරුවන් වන ඔබලා දන්නවා. පියෙක් හුදෙක් තම දරුවන්ට අධ්‍යාපනය ලබා දී ඔවුන්ව රැක බලා ගන්නවා. මන්ද දරුවන් දරුවන් ගෙදර ජීවත් වන්නේ තම පියාත් සමඟයි. දෙමව්පියන් ජීවත් වන්නේ දරුවන් සමඟයි. මෙහි මෙය පුදුමාකාර දෙයක්. ඔබ සිටින්නේ උත්තරීතර ආධ්‍යාත්මික පරම පියා සමඟයි. පළමුවෙන්ම ඔබ සිටියේ අශාරිරික ලෝකයේ ආධ්‍යාත්මික පරම පියා සමඟයි. පසුව දරුවන් වන ඔබලාට ඔබගේ උරුමය ලබා දීමටත්. ඔබව පාරිශුද්ධත්වයට පත් කර වීමටත් සාමය හා සතුට ඔබට දානය කිරිමටත් පරම පියා එකම එකම චක්‍රයට ඇතුළු වෙනවා. එම නිසා, ඔහු අනිවාර්යයෙන්ම මෙහි පැමිණ සිටිනවා. මෙන්න මේ නිසා තමයි මිනිස්සු පටලැවිල්ලට පත්ව සිටින්නේ. ඔහු සාමාන්‍ය ශරිරයට ඇතුළු වෙනවා කියා සඳහන් කර තිබෙනවා. සාමාන්‍ය ශරීරය කොහේ හෝ තැනක සිට මෙතැනට පියාඹා ගෙන එන්නේ නැහැ. ඔහු අනිවාර්යයෙන්ම මානව ශරීරයකට ඇතුළු වෙනවා. ඔහු කියනවා: මම මෙම ශරීරයට ඇතුළු වෙනවා. දිව්‍ය ලෝකයේ ඔබගේ උරුමය ඔබට දීම සඳහා පරමාත්ම පියා පැමිණ සිටිනවා යන්න දරුවන් වන ඔබලාට දැන් තේරෙනවා. අපි අපිරිසිඳු හා නොවැදගත් නොවටිනා අය බවට පත් වෙලා කියා සෑම කෙනෙක්ම කියනවා: අහෝ පාරිශුද්ධකරුවාණෙනී, පැමිණෙන්න, පැමිණ අපිරිසිඳු අපව පාරිශුද්ධත්වයට පත් කරවන්න. පරමාත්ම පියා කියනවා: අපිරිසිඳු දේ පාරිශුද්ධත්වයට පත් කරවීමේ රාජකාරිය සෑම චක්‍රයකදීම මට හිමි වී තිබෙනවා. අහෝ දරුවනී. ඔබලා දැන් මේ අපිරිසිඳු ලෝකය පිරිසිඳු කිරීමේ කාර්යය ඉටු කරන්නන් විය යුතුයි. පැරණි ලෝකය අපිරිසිඳුයි කියා කියනවා. ඒ වගේම අලුත් ලෝකය පිරිසිඳුයි කියා කියනවා. පියා පැමිණ සිටින්නේ නැවතත් වතාවක් පැරණි ලෝකය අලුත් කර වීමටයි. කලි යුගය අලුත් ලෝකය කියා කිසිසේත් කියන්නේ නැහැ. කලි යුගය පැරණි අපිරිසිඳු ලෝකයයි. මෙය අවබෝධ කර ගත යුතු දෙයක්. පැරණි හා අලුත් යුගයන් දෙක අතර ඇති සංගම යුගයේ දී පරමාත්ම පියා අනිවාර්යයෙන්ම පැමිණෙනවා. ඔබ මිනිස්සුන්ට පැහැදිලි කරනා විටෙක, මෙය ඉතාමත්ම උසස් වූ සංගම යුගය බවත් උත්තරීතර වූ පරම පියා දැන් පැමිණ සිටිනා බවත් ඔවුන්ට කියන්න. මුළු ලෝකයෙන්ම එකම එක මිනිසෙක්වත් මෙය ඉතාමත්ම උසස්මඋසස් සංගම යුගය කියා දන්නේ නැහැ. ඔබ අනිවාර්යෙන්ම සිටින්නේ ඉහළම ඉහළ වු සංගම යුගයේයි. මෙන්න මේ නිසායි, ඔබ ප්‍රධානතම දෙය වන මෙය සංගම යුගයයි යන වැදගත් කරුණ ඔවුන්ට පැහැදිලි කර දිය යුත්තේ. එමනිසා, මෙම කරුණ අනිවාර්යයයි. වෙන කිසිම කෙනෙක් දන්නේ නැති කරුණු ඔබ පැහැදිලි කර දිය යුතුයි. දැන් මේ ඇත්තේ ඉතාමත්ම උසස්ම උසස් වූ සංගම යුගය බව ඔබ අනිවාර්යයෙන්ම ලිවිය යුතුයි කියා බාබා කියා ඇත්තේ මෙන්න මේ නිසයි. නව යුගයේ එනම් සත් යුගයේ පින්තූරත් තිබෙනවා. ලක්ෂ්මි හා නාරායන් නව ලෝකයේ පාලකවරුන් කියා මිනිස්සුන්ට තේරුම් කර ගත හැක්කේ කෙසේ ද? ඉතාමත් උසස්ම උසස් සංගම යුගය යන්න අනිවාර්යයෙන්ම පින්තූර වල ලිවිය යුතුයි. මෙය ප්‍රධානම දේ වන නිසා අනිවාර්යයෙන්ම ඔබ මෙය ලිවිය යුතුයි. කලි යුගයේ තවත් වසර ගණනාවක් ඉදිරියට ඉතිරිව තිබෙනවා කියා මිනිස්සු සිතනවා. ඔවුන් සිටින්නේ සම්පූර්ණ අන්ධකාරයේයි. එම නිසා ලක්ෂ්මි හා නාරායන් නව ලෝකයේ පාලකවරුන් කියා ඔබ ඔවුනට පහදා දිය යුතුයි. මේ පින්තූර සංඛේතාත්මකයි. ඔවුන්ගේ අධිරාජ්‍යය ස්ථාපනය වෙමින් පවතිනවා කියා ඔබ කියනවා. අලුත් යුගය ඇවිල්ලා කියා සින්දුවක් තිබෙනවා. අවිදු නිද්‍රාවෙන් අවදි වන්න. මෙය උසස් සංගම යුගය බව ඔබට දැන් තේරෙනවා. ඒය නව යුගයයි කියා කියන්නේ නැහැ. සංගම යුගය කියන්නේ සංගම යුගයටයි. පැරණි ලෝකය විනාශ වී නව ලෝකය ස්ථාපනය වන ඉතාමත් උසස්ම උසස් සංගම යුගය මෙයයි. ඔබලා දැන් රාජයෝගා ඉගෙන ගනිමින් සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතාවරුන් බවට පරිවර්ථනය වෙනවා. දේවතාවරුන් අතරින් උසස්ම තත්ත්වය ලබන්නේ ලක්ෂ්මි හා නාරයන් දෙදෙනායි. ඔවුනුත් මිනිසුන්ම තමයි. නමුත් ඔවුන් ළඟ දිව්‍යමය ගුණධර්ම තිබෙනවා. මෙන්න මේ නිසා තමයි ඔවුන් දේවතාවරුන් කියා හඳුන්වන්නේ. ඉහළම ඉහළ ගුණ ධර්මය පාරිශුද්ධත්වයයි. මෙන්න මේ නිසා තමයි දේවතා පිළිරූ ඉදිරියේ මිනිස්සු දණ නමන්නේ. දිගටම සේවය කරනා අය මෙම කරුණු තම බුද්ධියෙන් තේරුම් ගනිමින් සිටිනවා. දානය කිරීමෙන් ඔබගේ ධනය සිඳී යන්නේ නැහැයි කියා කියා තිබෙනවා. පැහැදිලි කිරීම් රාශියක් ඔබට දිගටම ලැබෙනවා. මේ ඥානය ඉතාමත් පහසුයි. කොහොමනමුත් ඇතැම් අයට ඉතාමත් හොඳින් ඒවා තේරුම් ගතහැකි නමුත් අනිත් අයට බැහැ. දුර්වලතාවන් තිබෙනා අයට මධ්‍යස්ථානයක් රැක බලාගන්න බැහැ. ප්‍රදර්ශන වලදී සෘජු වචන යොදාගත යුතුයි කියා බාබා ඔබට පැහැදිලි කර කියා දී තිබෙනවා. පැහැදිලි කල යුතු ප්‍රධානම දෙය නම් මෙම උසස් සංගම යුගය ගැනයි. ආදි සනාතන දෙවි දේවතා ධර්මය මෙම සංගම යුගයේදී ස්ථාපනය වෙමින් තිබෙනවා. මෙම ධර්මය තිබුණු කල, වෙන කිසිම ආගමක් තිබුණේ නැහැ. මහාභාරත යුද්ධයත් නාටකයේ ම තීරණය වුවක්. අනෙකුත් ආගම් දැන් මතු වුණා විතරයි: මීට පෙර ඒවා තිබුණේ නැහැ. අවුරුදු සීයක් ඇතුළත සියල්ල විනාශ වී යාවී. සංගම යුගය අවම වශයෙන් අවුරුදු සියයක් විය යුතුයි. මුළු ලෝකයම නැවතත් වතාවක් අළුත් වෙමින් තිබෙනවා. නව දිල්ලිය සෑදීමට අවුරුදු කීයක් ගියාද? භාරතය පුරා දැන් නව ලෝකය ස්ථාපනය කළයුතු බවත් ඉන්පසුව පැරණි ලෝකය විනාශ වී යන බවත් ඔබට දැන් තේරෙනවා. ඉන් කොටසක් ඉතිරි වේවි; සමූල ඝාතනයක් සිදුවන්නේ නැහැ. ඔබලාගේ සිහියේ මේ කරුණු සියල්ලම තිබෙනවා. දැන් මේ ඇත්තේ උසස්වූ සංගම යුගයයි. මේ දේවතාවරුන් නව ලෝකයේ සිටි අතර නැවතත් ඔවුන් පැමිණේවි. මෙය රාජයෝගා හැදෑරීමයි. විස්තරාත්මකව පැහැදිලි කිරීමට ඔබට අපහසු නම්, එක කාරණයක් පැහැදිළි කර දෙන්න: සියළු දෙනාගේම පියා වන්නේ උත්තරීතර පියා වන උත්තරීතර ජීවයයි. සෑම කෙනෙක්ම ඔහුව සිහිපත් කරනවා. දරුවන් වන අප සැමට ඔහු කියනවා: ඔබලා අපිරිසිඳු වෙලා. අහෝ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණෙන්න. සැබැවින්ම කලි යුගයේ සිටින්නේ අපිරිසිඳු ජීව වන අතර සත් යුගයේ සිටින්නේ පිරිසිඳු ජීවයනුයි. උත්තරීතර ජීවය වන උත්තරීතර පියා කියනවා: දැන් ඔබගේම ශරීරයත් ඇතුළු සියළුම අපිරිසිඳු සම්බන්ධතාවයන් අවසන් කර දමා අඛණ්ඩව මා පමණක් සිහිපත් කළ විට ඔබ පාරිශුද්ධ වනු ඇත. මෙම කියමන ඇත්තේ ගීතාවේයි. මේ ගීතාවේ යුගයයි. විනාශය සිදුවන විට සංගම යුගයේදී ගීතාව කියවුණා. පියා ඔබට රාජයෝගා ඉගැන්වූවා. අධිරාජ්‍ය ස්ථාපනය වුණු අතර අනිවාර්යෙන්ම එය නැවතත් ස්ථාපනය වේවි. ආධ්‍යාත්මික පියා මේ සියල්ල පැහැදිලි කර කියා දෙනවා. හොඳයි, ඔහු මෙම ශරීරයට ඇතුළු වුණේ නැතිනම්, ඔහු වෙන කවුරු හෝ කෙනෙකුගේ ශරීරයකට ඇතුළු වන්න තිබුණා. ඒ වුණත් සියල්ල පැහැදිලි කරන්නේ පියායි. අපි මොහුගේ නම සඳහන් කරන්නේ නැහැ. අපි ඉතාමත් සරලව කියන්නේ පරම පියා කියනවා: මා සිහිපත් කරන්න එවිට ඔබ පාරිශුද්ධත්වයට පත් වී මා වෙතට එනු ඇත. ඒක හරිම සරලයි. ඉතාමත් සරලව මා සිහිපත් කර උපත් 84 චක්‍රය පිළබඳ වූ ඥානය සිහියේ තබාගන්න. මෙය උකහා ගන්නා අය ගෝලය පාලනය කරන්නන් වනු ඇත. මෙම පණිවිඩය සියළුම ආගම් වල අයටයි. සෑම කෙනෙක්ම නිවස බලා යා යුතුයි. අපි ඔබට නිවස වෙත යන මාර්ගය පෙන්වා දෙනවා. පූජකවරුන්ට හෝ වෙන ඕනෑම කෙනෙක්ට ඔබ පියාගේ පණිවිඩය ලබාදිය යුතුයි. ඔබගේ සතුටේ රසදිය කඳ ඔබ තුලින් ඉහළ යා යුතුයි. උත්තරීතර පියා වන උත්තරීතර පරමාත්ම ජීවය කියනවා: අඛණ්ඩව මා පමණක් සිහිපත් කරන්න. ඔබගේ පාප දුරුවී යනු ඇත. සැමට මෙය සිහිපත් කර දෙන්න. අංක එකේ සේවය සෑම කෙනෙක්ටම පියාගේ පණිවිඩය ලබාදීමයි. ගීතාවේ යුගය දැනුයි. පියා පැමිණ සිටිනවා. එමනිසා, මුල පටන්ම ඒ පිංතූරය තිබිය යුතුයි. පියාගේ පණිවිඩය දිය හැකියි කියා සිතන අය සූදානම්ව සිටිය යුතුයි. තමන් අන්ධයින්ට සැරයටියක් විය යුතුයි යන්න ඔබගේ හදවතට ඇතුළු විය යුතුයි. මෙම පණිවිඩය ඔබට ඕනෑම කෙනෙක්ට දියහැකියි. බ්‍රහ්ම කුමාරීස් යන නම ඇසුණු විට මිනිස්සු බය වෙනවා. තමන් කරන්නේ පියාගේ පණිවිඩය දෙන එක පමණයි කියා ඔවුන්ට කියන්න. උත්තරීතර පියා වන උත්තරීතර ජීවය කියනවා: මා පමණක් සිහිපත් කරන්න. එපමණයි. අපි කාටවත් අපහාස කරන්නේ නැහැ. පියා කියනවා: මා පමණක් සිහිපත් කරන්න. මම ඉහළම ඉහළ කෙනායි, පරිශුද්ධකරුවායි. මා සිහිපත් කිරීමෙන් ඔබගේ පාප දුරුවී යනු ඇත. මෙය සටහන් කරගන්න. මෙය ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක්. ඇතැම් අය තම බාහුවේ අතේ එක එක දේවල් ලියා ගන්නවා. මේකත් ඒවගේ ලියා ගන්න. මේ ටික හරියට පැහැදිලි කළහොත් ඔබ කරුණාවන්ත යහපත සලසන්නෙක් වෙනවා. තමන් මෙය කරනා බවට පොරොන්දු වන්න. ඔබ අනිවාර්යෙන්ම සේවය කර මෙම පුරුද්ද ඇති කර ගත යුතුයි. මෙහිදීත් මෙය හොඳින් පැහැදිලි කර දිය හැකියි. මේ පිංතූර දෙන්න. මෙම පණිවිඩය දීමට තරම් වටිනා පණිවිඩයක්. සිය දහස් ගණනක් නිර්මාණය වේවි. සෑම නිවසකටම මෙම පණිවිඩය දෙන්න. කෙනෙක් මුදල් දුන්නත් නැතත් ඔහුට කියන්න: පියා දුප්පතුන්ගේ ස්වාමියායි, මෙම පණිවිඩය සෑම නිවසකටම දීම අපේ රාජකාරියයි. මේ අපේ බාප්දාදායි. මේ අපි ඔහුගෙන් ලබනා අපේ උරුමයයි. මොහු උපත් 84 ක් ගෙන දැන් සිටින්නේ ඔහු ගේ අවසන් උපතේයි. අපි බ්‍රහ්මීණ්වරුන් වන අතර පසුව දේවතාවරුන් වෙමු. බ්‍රහ්මාත් බ්‍රහ්මිණ්වරයෙකි. ප්‍රජාපිතා බ්‍රහ්මා සිටින්නේ තනිවම නොවෙයි. අනිවාර්යෙන්ම බ්‍රාහ්මණ කුලයක් සිටිනවා. බ්‍රහ්මා දේවතාවරයෙක් වන විෂ්ණු වෙනවා. ඉහළම අය වන්නේ බ්‍රහ්මිණ්වරුනුයි. ඔවුන් දේවතා, ක්ෂත්‍රිය, වෙළඳ හා ශුද්‍ර අය වෙනවා. ඔබ කියනා දේ තේරුම් ගන්නා කෙනෙක් අනිවාර්යෙන්ම මතුවේවි. පිරිමි අයට පවා සේවය කල හැකියි. ව්‍යාපාරිකයින් උදේ පාන්දරින්ම තම සාප්පු විවෘත කරනා විට, මට හොඳ පාරිභෝගිකයෙක් එවන්න කියා යාඥා කරනවා. ඔබටත් උදේ පාන්දර ගොස් පියාගේ පණිවිඩය ලබාදිය හැකියි. ඔවුන්ට කියන්න: ඔබට හොඳ වෙළඳාමක් ලැබේවි. ස්වාමියාව සිහිපත් කරන්න. එවිට ඔබට උපත් 21 කට උරුමය හිමිවනු ඇත. උදේ පාන්දර වේලාව ඉතාමත් හොඳයි. මේ දිනවල, කාන්තාවන් පවා කර්මාන්ත ශාලාවල වැඩකරනවා. මේ බැජ් හදන එක හරිම ලේසියි. දරුවන් වන ඔබලා තම නින්ද පවා කැප කර දිවා රෑ නොබලා සේවය නිරතවිය යුතුයි. පියාගේ හැඳින්වීම ලද පසු ඔවුන් ස්වාමියාට අයති අය වෙනවා. ඕනෑම කෙනෙක්ට මේ පණිවිඩය දෙන්න. ඔබගේ ඥානය ඉතාමත් උසස්. ඔවුන්ට කියන්න: අපි සිහිපත් කරන්නේ එකම එක කෙනාවයි. ක්‍රිස්තු ජීවයත් ඔහුගේ දරුවෙක්. සියළුම ජීව ඔහුගේ දරුවන්. දෙවියන් වන පියා කියනවා: කිසිඳු ශාරීරික කෙනෙක්ව සිහිපත් කරන්න එපා. තමා ජීවයක් බව සලකා අඛණ්ඩව මා සිහිපත් කල විට ඔබගේ පව් සියල්ල නැති වී ගොස් ඔබ මා වෙතට එනු ඇත. මිනිස්සු නිවස වෙත යාම සඳහා උත්සාහ දරනවා. කොහොමනමුත් කිසිම කෙනෙක්ට එය කළ නොහැකියි. දැනට දරුවන් හරිම නොසැලකිලිමත් බව පේනවා. එතරම් උත්සාහයක් දැරිය නොහැකිව ඔවුන් දිගටම සමාවට කරුණු කිය කියා ඉන්නවා. මෙහිදී සෑහෙන්න ඉවසන්න සිදු වෙනවා. ආගම් නායකයින්ටත් සියල්ල ඉවසීමට සිදුවෙනවා. ක්‍රිස්තූන් වහන්සේව කුරුසයේ ඇණ ගැසුවා. ඔබගේ රාජකාරිය සියල්ලට මෙම පණිවිඩය දීමයි. බාබා දිගටම මෙය කිරීම සඳහා ඔබට මාර්ගය පෙන්වා දෙනවා. ඔබලාගෙන් කවුරු හෝ කෙනෙක් සේවය නොකල විට ඔබ කිසිවක් තේරුම් ගෙන උකහා ගෙන නැහැයි කියා බාබා තේරුම් ගන්නවා. පණිවිඩය දිය යුත්තේ කෙසේද යන්න ගැන බාබා උපදෙස් දෙනවා. දුම්රියක දී පවා ඔබට දිගටම මෙම පණිවිඩිය දිය හැකියි. ඔවුන්ට මෙම මාර්ගය බ්‍රාහ්මිණ්වරුන් වන ඔබලාටම පමණයි පෙන්වා දිය හැක්කේ. මෙම මාර්ගය පෙන්වාදීමට ඔබ කැප විය යුතුයි. තමන් දැන් දිව්‍ය ලෝකය කරා යන බව ඔබ දන්නවා. ඇතැම් අය ගිහින් නිහඬ දේශයේ වාසය කරනවා. බ්‍රහ්මණ, දේවතා හා ක්ෂත්‍රිය කුල තිබෙනවා. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් අනිවාර්යෙන්ම සිටිය යුතුයි. මුලින්ම සිටින්නේ බ්‍රහ්මිණ්වරුනුයි. ඉහළම ඉහළ අය වන්නේ බ්‍රහ්මිණ්වරුන් වන ඔබලායි. ඒ බ්‍රාහ්මිණ්වරුන් පාපයෙන් ඉපදුන අයයි. බ්‍රාහ්මිණ්වරුන් අනිවාර්යෙන්ම අවශ්‍යයි. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ බ්‍රහ්මිණ් දරුවන් පැමිණෙන්නේ වෙන කොහෙන්ද? ඒ බ්‍රාහ්මිණ් පූජකවරුන් සමග ඔය බ්‍රහ්මිණ් දරුවන් වාඩි වී ඔවුන්ට පැහැදිලි කර කියා දෙන්න ඉතාමත් ඉක්මණින් ඔවුන්ට අවබෝධ කරගත හැකි වේවි. ඔවුන්ට කියන්න: ඔබලා බ්‍රහ්මිණ්වරුන් අපිත් අපව හඳුන්වන්නේ බ්‍රාහ්මිණ්වරුන් කියලයි. දැන් අපට කියන්න: ඔබගේ ආගම ස්ථාපනය කළේ කවුද? බ්‍රහ්මාගේ නම හැරෙන්න ඔවුන් වෙන කිසිම නමක් සඳහන් කරනා එකක් නැහැ. තමා විසින්ම මෙය කර බලන්න. ඉතාමත්ම විශාල බ්‍රාහ්මිණ් පවුල් තිබෙනවා. බ්‍රාහ්මිණ් පූජකවරුනුත් ගණනාවක්ම සිටිනවා. බොහෝ දරුවන් අජ්මීර් වලට යනවා. තමන් ඒ බ්‍රහ්මිණ් පූජකවරුන් මුණගැසී ඔවුන්ගේ ආගම ස්ථාපනය කළේ කවුදැයි කියා ඇසුවා කියන පුවත තවමත් බාබාට ඔබ කිසිම කෙනෙක් දීලා නැහැ. කවුද බ්‍රාහ්මිණ් ධර්මය ස්ථාපනය කළේ? සැබෑ බ්‍රාහ්මිණ්වරුන් කවුදැයි කියා ඔබලා දන්නවා. බොහේ දෙනෙකුට යහපත සැලසිමට ඔබට පුළුවනි. වන්දනා ගමන් යන්නේ භක්තිවන්තයින් පමණයි. ලක්ෂ්මි හා නාරායන් ගේ මේ පිංතූරය ඉතා හොඳයි. ජගදම්බා කියන්නේ කවුදැයි කියා ඔබලා දන්නවාද? ලක්ෂ්මි කියන්නේ කාටද? සේවකයින්ට ගම්වල අයට පවා මේ දේවල් පැහැදිලි කර දිය හැකියි. ඔබ හැර ඔවුන්ට පැහැදිලි කර දීමට වෙන කිසිම කෙනෙක් නැහැ. ඔබලා ඉතාමත් කරුණාවන්ත විය යුතුයි. ඔවුන්ට කියන්න: ඔබටත් පාරිශුද්ධත්වයට පත්වීමෙන් පාරිශුද්ධ ලෝකය වෙතට යා හැකියි. තමා ජීවයක් බව සළකා ශිව බාබාව සිහිපත් කරන්න. අන් අයට මාවත පෙන්වා දීමේ දැඩි ආශාවක් ඔබලා තුල තිබිය යුතුයි. ස්මරණයේ නිරතව සිටිනා අයට ඒ ස්මරණය පිළබඳවම අන් අයටත් සිහිපත් කරවිය හැකියි. පියා ඔවුන් ලඟට ගිහින් කථා කරන්න යන්නේ නැහැ. මෙය දරුවන් වන ඔබලාගේ රාජකාරියයි. දුප්පත් අයට පවා ඔබ යහපත සැලසිය යුතුයි. ඔවුනුත් ඉන් සතුටට පත්වේවි. බාබාව ටිකක් සිහිපත් කළ ද ඔවුන් පුරවැසියන් අතරින් කෙනෙක් බවට පත්වෙනවා. මේකත් හොඳයි. මෙය විශාල සතුටක් ගෙන දෙන ධර්මයක්. දිනෙන් දින ඔබගේ හඬ ඉතාමත් ඉහලින් ඇහෙන්න පටන් ගනීවි. දිගින් දිගටම මෙම පණිවිඩය සෑම කෙනෙක්ටම ලබාදෙන්න: තමා ජීවයක් වශයෙන් සළකා පියාව සිහිපත් කරන්න. ඉතාමත් මිහිරි දරුවන් වන ඔබලා කෝටි වාරයකින් වාසනාවන්ත වූවන්ය. මෙම ගුණවර්ණනාව ඇසුන විට ඔබට එය තේරෙනවා. එමනිසා, ඇයි ඔබ කිසියම් දෙයක් පිළිබඳව වද වෙන්නේ? මෙය අදෘශ්‍යමාන ඥානයක් වන අතර එහි ඇත්තේ අදෘශ්‍යමාන සතුටකි. ඔබලා අදෘශ්‍යමාන රණවිරුවන්ය. නම නොදන්නා විරුවන් කියා හැඳින්වෙන්නේ ඔබලායි. වෙන කිසිම කෙනෙක්ට එවන් නම නොදන්නා විරුවන් වෙන්න බැහැ. ඔබගේ නිවැරදිම සිහිවටනය වන්නේ දිල්වාලා දේවාලයයි. මේ ඔබගේ හදවත දිනාගත් කෙනාගේ පවුලයි. සැබෑම වූ වන්දනාව වන්නේ මහාවීර. මහාවීරිනි හා ඔවුන්ගේ දරුවන්ගේ වන්දනාවයි. මෙම ස්ථානය කාෂි භූමියටත් වඩා උසස් වූ ස්ථානයකි. අච්චා.

සුමිහිරි ආදරණිය බොහෝ කාලයක් තිස්සේ නැතිවී සිට මේ දැන් හමුවුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සෑම නිවසකටම පියාගේ පණිවිඩය ලබා දෙන්න. සේවය කිරීමට පොරොන්දු වන්න. සේවය නොකිරීමට සමාවට කරුණු නොකියන්න.

2. කිසිම දෙයක් සම්බන්ධයෙන් කණස්සලු වන්න එපා. අදෘශ්‍යමාන සතුටින් සිටින්න. කිසිම ශාරීරික කෙනෙක්ව සිහිපත් කරන්න එපා. එකායන පියාගේ ස්මරණයේ සිටින්න.

වරදානය:
අහිතකර සිදුවීම් වාසනාවක් බව සැලකීමෙන් ඔබ අචල සහ නොසැලී හිඳ, ඔබගේ විශ්වාසයේ පදනම ශක්තිමත් කරගන්න.

අහිතකර සිදුවීම් එන විට, උස පිම්මක් පනින්න, මන්ද අහිතකර සිදුවීම් පැමිණීම, වාසනාවේ සලකුණකි. ඒවා ඔබගේ විශ්වාසයේ පදනම ශක්තිමත් කිරීමට මඟකි. ඔබ අන්ගාද් මෙන්, එකවර සහ අවසන් වශයෙන් ශක්තිමත් වූ විට, එම ප්‍රශ්න පත්‍ර ඔබට නමස්කාර ද කරනු ඇත. ප්‍රථමයෙන් ඒවා බියකරු ස්වරූපයකින් පැමිණ, පසුව ඔබගේ දාසයන් මෙන් පැමිණෙයි. මහාවීරයන් ලෙසින් ඒවාට අභියෝග කරන්න. ජලය මත රේඛාවක් ඇඳිය නොහැකි සේම, මාස්ටර් සාගර වන තමා හට, කිසිඳු අහිතකර සිදුවීමකට පහර දිය නොහැක. ඔබගේ ආදිතම ස්ථීතියේ සිටීමෙන්, ඔබ නොසැලී, අචල වෙයි.

පාඨය:
දැනුමින් පිරිපුන් කෙනෙක් යනු, තම සෑම ක්‍රියාවක්ම ශ්‍රේෂ්ඨ සහ සාර්ථක වන කෙනෙකි.