02.11.23       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සිහි කිරීමේ බෙහෙත මඟින් සදහටම ලෙඩ රෝග වලින් නිදහස් වන්න. සිහි කිරීමේ පුරුද්ද සහ ස්ව-දර්ශන චක්‍රය කරකැවීමේ පුරුද්ද තදින් ඇති කර ගන්න. එවිට, ඔබ පාපකාරී ක්‍රියා පරදවන්නන් බවට පත්වනවා ඇත.

ප්‍රශ්නය:
නිරතුරුව ඔවුන්ගේ වර්ධනය ගැන සැලකිල්ලක් දක්වන දරුවන්ගේ සළකුණු මොනවාද?

පිළිතුර:
ඔවුන්ගේ සෑම ක්‍රියාවක්ම ශ්‍රීමත් අනුව වේ. පියාගේ ශ්‍රීමත් නම් දරුවනි, ශරීර අවධානයට පත් නොවන්න. ස්මරණ වන්දනාවේ සටහනක් තබා ගන්න. ඔබගේ ලාභ සහ අලාභ ගිණුමේ වාර්ථාවක් තබා ගන්න. ඔබ කොපමණ කාලයක් පියා සිහි කළේද සහ ඔබ කොපමණ කාලයක් අන් අයට විස්තර කළේද යන්න පරීක්ෂා කරන්න.

ගීතය:
ඔබ සෙනෙහසේ සාගරයයි. ඔබෙන් එක් බිඳුවකට අපි පිපාසයෙන් සිටින්නෙමු.

ඕම් ශාන්ති.
ඔබ මෙතැන අසුන් ගත් විට පියාව සිහි කරමින් අසුන්ගෙන සිටින්න. ඔබ ශරීර අවධානයෙන් සිටින හෙයින් මායා ඔබ බොහෝ දෙනෙකුට සිහි කිරීමෙන් සිටීම වලක්වයි. සමහරු මිතුරන් සහ නෑදෑයින් සිහි කරන අතර සමහරු ආහාර පාන ආදීය සිහි කරයි. ඔබ මෙතැනට පැමිණි විට, ඔවුන් ලක්ෂ්මීව වඳින විට ඇයව කැඳවන්නා සේ, ඔබ පියාව කැඳවිය යුතුයි. කෙසේ වෙතත් ඇය ඇත්තටම නොපැමිණේ. ඔබ ’පියාව සිහිකරන්න‘ හෝ ’පියාව කැඳවන්න‘ යැයි කීම දෙකම එක සේමය. ඔබගේ පව් වලින් නිදහස් වන්නේ සිහි කිරීම තුළිනි. ඔබට මෙම දැනුම ධාරණය කිරීමට නොහැකි වන්නේ ඔබ බොහෝ පව් කර ඇති හෙයිනි. ඔබට පියාව සිහි කිරීමට ද නොහැකි වන්නේ මේ නිසාය. පියාව බොහෝ සිහි කිරීමෙන්, ඔබ බොහෝ පාපකාරී ක්‍රියා පරදවන අතර ඔබ බොහෝ නිරෝගී වනවා ඇත. එය ඉතා පහසුය. එහෙත්, මායා වන අතීතයේ පව් ඔබට බාධා කරයි. ඔබ කල්ප භාගයක්ම වැරදි ලෙස මා සිහි කළේ යැයි පියා පවසයි. ඔහු පැමිණ මුරලි කියනා බව ඔබ දන්නා නිසා ඔබ ප්‍රායෝගිකවම ඔහුව කැඳවයි. කෙසේ වෙතත් මෙම සිහි කිරීමේ පුරුද්ද කාවැද්දිය යුතුය. ඔබලා ලෙඩරෝග වලින් නිදහස් කිරීමට ශෛල්‍ය වෛද්‍යවරයා බෙහෙත් දෙයි මා සිහි කරන්න! එවිට, ඔබ මා හමුවට පැමිණෙයි. මා සිහි කිරීමෙන් ඔබගේ උරුමය ලබා ගන්නවා ඇත. පියාව සහ සුමිහිරි නිවස සිහි කරන්න. ඔබ නැවත යා යුතු තැන බුද්ධියේ තබා ගන්න. පියාම පමණක් මෙහි පැමිණ ඔබට සත්‍ය පණිවිඩය දෙයි. දේව පණිවිඩය කිසිවෙකුට දිය නොහැකිය. අන් අය මෙම වේදිකාවට පැමිණෙන්නේ ඔවුන්ගේ කොටස් රඟපෑමටය. දෙවියන් කවුදැයි ඔවුනට අමතක වී ඇත ඔවුන් දෙවියන් නොදනී. ඇත්තෙන්ම ඔවුනට පණිවිඩකරුවන් යැයි කිව නොහැක. එම නම ඔවුනට දී ඇත්තේ මනුෂ්‍යයන්ය. ඔවුන් මෙහි පැමිණෙන්නේ ඔවුන්ගේ කොටස් රඟපෑමට වන නිසා ඔවුන් පියා සිහි කරන්නේ කෙසේද? ඔවුන්ගේ කොටස රඟපාන අතර ඔවුන් අපවිත්‍ර විය යුතුය. ඉන්පසු අවසානයේදී ඔවුන් පවිත්‍ර විය යුතුය. පියා පැමිණ ඔවුන්ව පවිත්‍ර කරවයි. ඔබ පියා සිහි කිරීමෙන් පවිත්‍ර වේ. ඔබගේ ශරීරය ඇතුළු සියලු නෑදෑයින් අමතක කරන්න. පාරිශුද්ධ වීමේ එකම ක්‍රමය මෙය වේ. මම, ජීවය පියාව සිහි කිරීමට අණ දී ඇති බව ඔබ දනී. මෙම අණ පිළිපැදීමෙන් ඔබ කීකරු යැයි කියැවේ. මීට ඔබ ගන්නා උත්සාහය, ඔබව බොහෝ කීකරු බවට පත් කරයි. ඔබගේ සිහිකිරීම අඩුවේනම්, එයින් ඔබ කීකරු අඩු බව පෙනේ. උසස් තත්ත්වයක් ලබා ගන්නේ කීකරු අයයි. පියාගේ පළමු අණ නම් මා වන ඔබගේ පියා සිහි කරන්න. දෙවනුව, මෙම දැනුම උකහා ගන්න. ඔබ පියා සිහි නොකළේ නම්, ඔබට බොහෝ දඬුවම් විඳීමට සිදුවනවා ඇත. ඔබ ස්ව-දර්ශන චක්‍රය නොකඩවා කරකවනවා නම්, ඔබට බොහෝ ධනය ලැබෙනවා ඇත. දෙවියන් කතා කරයි මා සිහි කරන්න සහ ස්ව-දර්ශන චක්‍රය කරකවන්න. එනම්, නාට්‍යයේ මුල, මැද සහ අග වටහා ගන්න. මා හඳුනාගන්න සහ චක්‍රයේ මුල, මැද සහ අග මගෙන් වටහා ගන්න. ප්‍රධානතම කරුණු දෙක මෙය වේ. ඔබ මේවාට අවධානය දිය යුතුය. ඔබ ශ්‍රීමත් වලට සම්පූර්ණ අවධානය දුන්නේ නම්, ඔබට උසස් තත්ත්වයක් හිමිකර ගත හැකි වේ. අනුකම්පා සහගත අය වී සියලුම දෙනාට මාර්ගය පෙන්වා ඔවුනට යහපතක් කරන්න. ඔබගේ සියලුම නෑදෑයින් සහ හිත මිතුරන් මෙම සත්‍ය වන්දනා ගමනේ ගෙන යෑමට ක්‍රමයක් නිර්මාණය කරන්න. ඒවා භෞතික වන්දනා ගමන් වන අතර, මෙය ආධ්‍යාත්මික වන්දනා ගමනයි. අන් කිසිවෙකුට මෙම ආධ්‍යාත්මික දැනුම නොමැත. ඔවුන්ගේ සියලුම දැනුම ආගමික ග්‍රන්ථ වල ඇති දර්ශන විද්‍යාව වේ. මෙය ආධ්‍යාත්මික දැනුමයි. උත්තරීතර ජීවය මෙම දැනුම අන් ජීවයන්ට වටහා දී ඔවුන්ව ගෙදර රැගෙන යයි. සමහර දරුවන් මෙහි පැමිණ අසුන් ගන්නේ නමට පමණි. ඔවුන්ගේ වර්ධනය ගැන ඔවුනට කිසිම උවමනාවක් නැත. ඔවුනට බොහෝ ශරීර අවධානය තිබේ. ඔවුන් ජිව අවධානයට පත් වේ නම්, අනුකම්පා සහගත වී ශ්‍රීමත් අනුගමනය කරනවා ඇත. ඔවුන් කීකරු නැත. පියා පවසයි ඔබ කොපමණ වේලාවක් සහ කුමන කාල වේලාවල පියා සිහි කළේ දැයි වාර්ථාවක් තබා ගන්න. අච්චා, ඔබ බාබාට එය නොයැව්වාට අඩුම තරමින් ඔබ ළඟ එය තබා ගන්න. ඔබගේ මුහුණ දෙස බලා ඔබ ලක්ෂ්මී වීමට වටිනවා දැයි බලන්න. ව්‍යාපාරිකයින් ඔවුන්ගේ ගිණුම් තබා ගනියි. සමහර අය ඔවුන්ගේ මුළු දවසේම ක්‍රියාවලියේ ගිණුමක් තබා ගනියි. එය ලිවීම ඔවුන්ගේ විනෝදයක් ලෙස වේ. ඔබ කොපමණ කාලයක් බාබා සිහි කළේද, කොපමණ කාලයක් අන් අයට විස්තර කළේදැයි වාර්ථාවක් තබා ගැනීම ඉතා හොඳය. එවැනි වාර්ථාවක් ඔබ තබා ගත්තේ නම් ඔබට බොහෝ වර්ධනය විය හැක. ඔබ කළ යුත්තේ කුමක්දැයි පියා අවවාද දෙයි. ඔබ දරුවන් ඔබගේම දියුණුව සකසා ගත යුතුය. ජප මාලයේ පබළු වීමට සිටිනා අය බොහෝ උත්සාහ දැරිය යුතු වේ. බ්‍රහමින්වරුන්ගේ ජප මාලය දැන් නිර්මාණය කළ නොහැකි බවත් රුද්‍රාගේ ජප මාලය නිර්මාණය කළ පසු අවසානයේදී එය නිර්මාණය වන බවත් බාබා කියා ඇත. බ්‍රහමින්වරුන්ගේ ජප මාලයේ පබළු වෙනස් වෙමින් පවතියි. තුන්වන හෝ හතරවන නොම්මරයේ සිටි අය හෙට අවසාන අය වේ. විශාල වෙනසක්! සමහරු වැටෙයි. සමහරු පිරිහෙයි. ඔවුන් ජප මාලයෙන් වැටෙනවා පමණක් නොව, ඔවුන් ගොස් පුරවැසියන්ගේ සොහොන්පල්ලන් වේ. ඔබට ජප මාලයේ ඇමිණීමට උවමනා නම්, ඔබ බොහෝ උත්සාහ ගත යුතු වේ. ස්ව-වර්ධනයට බාබා හොඳ අවවාද දෙයි. බාබා සැමට මෙය කියයි. ගොලු අයෙකුට වුවද, සංඥාවකින් බාබාව අන් අයට මතක් කළ හැකියි. කතා කිරීමට හැකි අයට වඩා ඔහුට උසස් විය හැකියි. නිරෝගී අයට වඩා අන්ධ හෝ අබ්බගාත අයෙකුට උසස් තැනක් හිමිකර ගත හැකියි. තත්පරයකින් සංඥාව ලැබෙයි. ’තත්පරයකින් ජීවන මුක්තිය ‘ සිහි ගන්වයි. ඔබ පියාට අයිති වූ සැනෙකින්ම ඔබට උරුමයක් ලැබෙයි. එහෙත් ඔබ ලබනා තත්ත්වය අනුපිළිවෙලට වේ. දරුවකු උපත ලැබූ සැනෙකින්ම ඔහුගේ උරුමයට ඔහු හිමිකම් කියයි. මෙහිදී ඔබ ජීවයන් පුරුෂයන් වෙයි. එමනිසා, පියාගෙන් උරුමයේ අයිතිය ලබා ගන්න. සියලු දේම උත්සාහය මත රැඳේ. එහෙත්, පෙර චක්‍රයේද මෙම උත්සාහයම කළේ යැයි කිව හැකියි. මෙය මායා සමඟ කරන බොක්සිං ක්‍රිඩාවයි. පාණ්ඩවයින් මායා, රාවණ සමඟ සටන් කරයි. සමහරු උත්සාහ ගෙන ද්විත්ව ඔටුණු පැළඳ ගත් ලෝක පාලකයන් වේ. අන් සමහරු පුරවැසියන්ගේ සේවක සේවිකාවන් වේ. සියලු දෙනාම මෙහි උගනී. රාජධානියක් ස්ථාපනය වේ. බාබාගේ අවධානය නායක පබළු වෙත නිසැකවම ඇදේ. පබළු අට ඔවුන්ගේ උත්සාහයෙන් පොපමණ වර්ධනය වී ඇති දැයි වටහා ගත හැක. ඔහු සියලු දෙනාගේම හදවත් වල රහස් දන්නා හෝ සියලු දෙනාගේම අභ්‍යන්තරයේ වෙන්නා වූ දේ කියවනවා නොවේ. ජනීජනන්හාර් යනු දැනුමින් පිරී සිටීමයි. ඔහු ලොව මුල, මැද හා අග දනී. ඔහු අසුන්ගෙන සියලු දෙනාගේම හදවත් වල ඇති දේ කියවනවා නොවේ. මම සිතිවිලි කියවන්නෙකි යැයි ඔබ සිතනවාද? මම ජනීජනන්හාර්, එනම්, දැනුමෙන් පිරී සිටිමි. අතීතය, වර්තමානය හා අනාගතය ලොව මුල, මැද හා අග යැයි කියයි. මෙම චක්‍රයේ නැවත සිදුවීම සහ එය නැවත වන සැටි ද මම දනිමි. මම මෙම දැනුම ඔය දරුවන්ට ඉගැන්වීමට පැමිණෙමි. ඔබ කොපමණ සේවය කරන්නේද, කොපමණ දුරට ඉගෙන ගන්නේ දැයි ඔබ සෑම කෙනෙකුට වටහා ගත හැක. බාබා ඔබ සෑම කෙනෙකුගේම අභ්‍යන්තරය දන්නවා නොවෙයි. බාබා අසුන්ගෙන එම ව්‍යාපාරය නොකරයි. ඔහු සියලු රහස් දන්නා කෙනාය. මනුෂ්‍ය ලෝක වෘක්ෂයේ දැනුමින් පිරුණු බීජය ඔහුය. ඔහු මානව ලොවේ මුල, මැද, අග සහ ප්‍රධාන නළුවන් දන්නා බව පවසයි. නිර්මාණයේ ඉතිරි කොටස අසීමිත වේ. ජනීජනන්හාර් (සියලුම රහස් දන්නා කෙනා) යන වචනය ඉතා පැරණිය. මා සතු සෑම දැනුමක්ම මා ඔබට උගන්වමි. කෙසේනමුත්, මා දවස පුරාම අසුන්ගෙන ඔබලා කරන දේ නොබලමි. ඔබට පහසු දැනුම සහ යෝගා ඉගැන්වීමට මම පැමිණෙමි. මට බොහෝ දරුවන් සිටී යැයි පියා පවසයි. මම දරුවන්ට මා එළිදරව් කරමි. මාගේ සියලුම කටයුතු දරුවන් සමඟයි. මාගේ දරුවන් බවට පත්වන අයගේ පියා මම වෙමි. දරුවා නියම කෙනෙක් හෝ අව්‍යාජ දැයි මා හඳුනා ගන්නේ එවිට පමණි. සෑම කෙනෙක්ම ඉගෙන ගනී. ඔබ ශ්‍රීමත් අනුව ක්‍රියා කර යහපතක් කරන්නන් වන්න. වෘක්ෂයේ අධිපතියාගේ දිනය සේම, බ්‍රහස්පති අධිපතියාගේ දිනය බව ඔබ දරුවන් වටහාගෙන ඇත. ඔහු ශිවා වන ලෙසින්ම වෘක්ෂයේ මාස්ටර් ද වේ. දෙදෙනාම එක සේ වේ. දරුවන් බ්‍රහස්පතින්දා (සත්ගුරු දිනය) පාසැල් යෑම ආරම්භ කරයි. එය ගුරු කෙනෙකු (ඔවුන්ගේ ගුරුවරයා) ගන්නවා සේය. උදාහරණයක් වශයෙන් සඳුදා සෝමනාථ (අමෘතයේ අධිපති) ගේ දිනයයි. එමනිසා, ශිව බාබා ඔබට අමෘතය බීමට දෙයි. ඇත්තෙන්ම ඔහුගේ නම ශිවාය. එහෙත්, ඔහු උගන්වන නිසා ඔහුට සෝමනාථ යැයි ව්‍යවහාර කරයි. සෝමනාථ හට රුද්‍රා යැයි ද කියයි. ඔහු රුද්‍රාගේ දැනුම නැමති යාග ගින්න නිර්මාණය කරයි. එමනිසා, ඔහු දැනුම දෙන්නාය. ඔහුට බොහෝ නම් දී තිබෙන අතර සෑම නමකටම තේරුමක් ද දී තිබේ. ආරම්භයේ සිටම මෙම එකම යාගය පැවතේ. පැරණි ලොව ඇති සියලු දේම මෙම යාග ගින්නට කැප කෙරෙන බව කිසිවෙකු නොදනී. සියලුම මනුෂ්‍යයන්, පදාර්ථයන් ඇතුළු සියලු දේම පරිවර්ථනය වනවා ඇත. ඔබ දරුවන් මේවා දකිනවා ඇත. ඒවා දැකීමට ඔබලා මහා වීරයන් (වීර රණ විරුවන්) විය යුතුය. කුමක් වුවත් බාබා අමතක නොකළ යුතුය. මනුෂ්‍යයන් නොකඩවා දුකින් හඬා වැලපෙනු ඇත. පළමුවෙන්ම සියලු දෙනාටම විස්තර කරන්න ස්වර්ණමය යුගයේ ඇත්තේ එකම භාරතය පමණක් යැයි සිතන්න. එහි මානව ජීවයන් ස්වල්පයක් වන අතර එකම ආගමක් පමණක් ඇත. දැන් යකඩ යුග අවසානයේදී බොහෝ ආගම් තිබේ. මෙය කොපමණ කාලයක් තිබේද? යකඩ යුගයෙන් පසුව නිසැකවම ස්වර්ණමය යුගය පැමිණෙනවා ඇත. දැන්, දෙව් ලොව ස්ථාපනය කරන්නේ කවුද? නිර්මාපක එකම පියා පමණි. ස්වර්ණමය යුගය ස්ථාපනය වන අතර යකඩ යුගය විනාශ වේ. එම විනාශය ඔබ ඉදිරියේය. ඔබ දැන් පියාගෙන් අතීතයේ, වර්තමානයේ සහ අනාගතයේ දැනුම ලබා තිබේ. ඔබ ස්ව-දර්ශන චක්‍රය කරකැවිය යුතුය. පියාව සහ පියාගේ නිර්මාණය සිහි කරන්න. මෙය ඉතා පහසු දෙයකි!

ගීතය : ඔබ ස්නේහයේ සාගරයයි.

’ඥාන සාගරය, ආනන්ද සාගරය‘ යැයි පින්තූරයේ ලියා ඇති නමුත්, ඔබ නිසැකවම ’ස්නේහයේ සාගරය‘ යන වචන ද එයට එක් කළ යුතුය. පියාගේ ප්‍රශංසාව සම්පූර්ණයෙන්ම අසහාය වේ. ඔහු සර්ව ව්‍යාප්ති යැයි කීමෙන් ඔවුන් ඔහුගේ ප්‍රශංසාව අවසන් කරයි. එමනිසා, ’ස්නේහයේ සාගරය‘ යන වචනය නිසැකවම ලිවිය යුතුය. මෙය අසීමිත මව සහ පියාගේ සෙනෙහසයි. ’ඔබගේ අනුකම්පාව තුළින් අපි අසීමිත සතුට ලබන්නෙමු‘ යැයි ඔවුන් කියන්නේ මොහු ගැන වුවත් ඔවුන් එය නොදනී. පියා දැන් පවසයි මා දැන ගැනීමෙන් ඔබ සියලු දේම දැන ගන්නවා ඇත. ලොව මුල, මැද සහ අග යන දැනුම විස්තර කර දෙන්නේ මා පමණි. එය එක් උපතක ප්‍රශ්නයක් නොවෙයි. මන්ද, ඔහු මුළු ලොවෙහිම අතීතය, වර්තමානය සහ අනාගතය දන්නා නිසාය. එසේනම්, ඔබගේ බුද්ධියට කොපමණ ඇතුල් විය යුතුද? ජීව අවධානයට පත් නොවන අයට මෙම දැනුම උකහා ගත නොහැකිය. ශරීර අවධානය මුළු චක්‍රය පුරාම පැවතුණි. ස්වර්ණමය යුගයේදී පියා ගැන දැනුම නැත. ඔබ ඔබගේ කොටස රඟපෑමට පහළට පැමිණි විට පියා ගැන දැනුම ඔබට අමතක වේ. ජීවයක් එක් ශරීරයක් අතහැර තවත් ශරීරයක් ගන්නා බව ඔබට වැටහේ. එහෙත්, එහිදී දුක ගැන ප්‍රශ්නයක් නැත. පියාගේ ප්‍රශංසාව වන්නේ ඔහු ඥාන සාගරය හා ස්නේහයේ සාගරය ලෙසය. එක් බිඳුව නම් මන්මනභව් සහ මධ්‍යජීභව් වේ. මෙම බිඳ ලැබීමෙන් ඔබට විෂ සයුර හරහා කිරි සයුර වෙත යා හැකි වේ. දෙව් ලොව කිරි සහ ගිතෙල් ගංඟා ගලා යතැයි මිනිසුන් පවසයි. ඒ සියල්ලම වර්ණනාවන් පමණි. කිරි සහ ගිතෙල් ගංඟා තිබෙන්නේ කෙසේද? වර්ෂාවකට පසු ජලය පමණක් ගලයි. ගිතෙල් කොතැනින් පැමිණෙන්නද? මෙයින් පෙන්නුම් කරන්නේ එකල ඇති සරු බවයි. දෙව් ලොව යනු කුමක් දැයි ඔබත් වටහා ගනු ඇත. අජ්මර් හී දෙව් ලොවෙහි ආදර්ශයක් ඇතත් කිසිවෙකු කිසිවක් නොදනී. ඔබට ඕනෑම කෙනෙකුට විස්තර කළ හැකියි. ඔවුන් ඉතා ඉක්මණින්ම වටහා ගන්නවා ඇත. ලොව මුල, මැද හා අග දැනුම පියාට ඇති සේම ඔබ දරුවන්ගේ බුද්ධියේ මෙය භ්‍රමණය විය යුතුයි. ඔබ පියාව හඳුනා දිය යුතුයි. ඔබ ඔහුගේ ප්‍රශංසාව නියම ලෙස කියා දිය යුතුය. ඔහුගේ ප්‍රශංසාව අසීමිතය. සියලු දෙනාටම එක සේ විය නොහැකියි. සෑම කෙනෙකුටම ඔහුගේ කොටස ලැබී තිබේ. බාබා දිව්‍යමය දර්ශන වලින්, වෙන්නා වූ දේ පෙන්වූ ලෙසින්, ඔබ ඉදිරියට යද්දී ප්‍රායෝගිකව ඔබට මේවා දැකගත හැකි වනු ඇත. ඔහු ස්ථාපනයේ හා විනාශයේ දර්ශන ඔබට නොකඩවා දෙයි. අර්ජුනාට ද දර්ශන ලැබුණි. පසුව ඔහු ඒවා ප්‍රායෝගිකවම දුටුවේය. ඔබද, ඔබගේ භෞතික ඇස් වලින් විනාශය දකිනවා ඇත. ඔබට පාරාදීසයේ දර්ශන ලැබුණි. ඔබ එහි ප්‍රායෝගිකව ගිය විට මෙම දර්ශන අවසන් වනවා ඇත. විස්තර කරන්නේ ඉතාමත් හොඳ දේවල්ය. ඔබ දරුවන් ඒවා අන් අයට විස්තර කළ යුතුය. සහෝදර සහෝදරියනි පැමිණ මෙම දැනුම සහ යෝගා මාර්ගයෙන් බාබාගෙන් ඔබගේ උරුමය ලබා ගන්න. බාබා ආරාධනා ලියුම නිවැරදි කරයි. අප දේව සේවයේ සිටිමින් අපගේ මනස, ශරීරය හා ධනය මෙම කාර්යයට යොදවන්නෙමු යැයි බාබා යට අත්සන් කළේය. කාලය ගතවන විට ප්‍රශංසා ලැබේවි. පෙර චක්‍රයේදී ඔවුන්ගේ උරුමය ලබාගත් අය නිසැකවම පැමිණෙනවා ඇත. කෙසේ වෙතත්, ඔබ උත්සාහ ගත යුතුය. එවිට ඔබගේ සතුටේ අංශක ගණන ක්‍රමයෙන් ඉහළ නඟිනා අතර, එම සතුට ස්ථාවරව තිබී, ඔබ නැවත නැවත මැලවීම සිදු නොවෙනවා ඇත. බොහෝ කුණාටු පැමිණේවි, එහෙත්, ඔබ ඒවා ජය ගත යුතුය. නොකඩවා ශ්‍රීමත් අනුගමනය කරන්න. එසේම, අන් අය සමඟ සම්බන්ධය තබා ගන්න. ඔබ බාබාට සේවයෙහි ඔප්පු කිරීම දෙන තෙක්, බාබාට ඔබව සම්පූර්ණයෙන්ම මෙම සේවයට යෙදවිය නොහැක. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ශ්‍රීමත් වලට සම්පූර්ණ අවධානය යොමු කර, තමාට සහ අන්‍යයන්ට යහපතක් ලබා දෙන්න. අනුකම්පාසහගත වී සියලුදෙනාටම මෙම සත්‍ය වන්දනා ගමන යෑමට බලය දෙන්න.

2. බාබා ඔබට දෙන සෑම අණක්ම අනුගමනය කරන්න. නිසැකවම සිහි කිරීමේ සහ සේවයේ වාර්ථාවක් තබා ගන්න. ස්ව-දර්ශන චක්‍රය භ්‍රමණය කරන්න.

වරදානය:
ඔබ සියලු රහස් දන්නා කෙනෙක් (රාස්යුක්ත), උපායශීලී (යුක්තියුක්ත), සහ යෝගාවේ ප්‍රතිමූර්තියක් (යෝග්යුක්ත) වී, ඔබගේ අවංක හදවතින් ස්වාමීව සතුටට පත් කරත්වා.

බාප්දාදාගේ නම්බු නාම වන්නේ, දිල්වාලා(හදවත් ජයගන්නා), සහ දිලාරාම්ය (හදවත සනසන්නා). අවංක හදවත් ඇති අය සමග ස්වාමී සතුටු වෙයි. තම හදවතින් පියාව සිහිපත් කරන අය පහසුවෙන් තිතක ස්වරූපය බවට පත් වෙයි. පරම පියාගේ ආශිර්වාද ලබා ගැනීමට ඔවුන් විශේෂයෙන් සුදුසුකම් ලබයි. කාලයට අනුව සහ සත්‍යයේ බලයෙන් ඔවුන්ගේ හිස යුක්තියුක්ත අන්දමකට ක්‍රියාත්මක වී, ඔවුන් සෑම දෙයක්ම ඉබේටම නිවැරදිව සිදු කරයි. ඔබ පරමාත්ම දෙවියන්ව සතුටට පත් කර ඇත, එබැවින් ඔබගේ සෑම සිතිවිල්ලක්, වචනයක් සහ ක්‍රියාවක්ම නිවැරදිය. එවන් ජීවාත්මයක් රාස්යුක්ත, යුක්තියුක්ත සහ යෝග්යුක්ත වෙයි.

පාඨය:
පරම පියාගේ සෙනෙහසේ නිරන්තරයෙන් ගිලී සිටින්න, එවිට ඔබ බොහෝ අන්දමේ දුක් සහ මුලාවෙන් ආරක්ෂා වෙයි.