02.12.23       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, විටින් විට ඥාන සාගරය වෙතට පැමිණෙන්න. ඥාන මිණිමුතු දේපළෙන් තමාව පුරවාගෙන ගිහින් ඒවා බෙදා හරින්න. ඥාන සාගරය කලඹා සේවයෙහි නියැලී සිටින්න.

ප්‍රශ්නය:
දරුවන් විසින් කරනා පියාගේ සෙනෙහසට ලක්වුණු හොඳම උත්සාහය කුමක්ද?

පිළිතුර:
කෙනෙකුගේ ජීවිතය සාදා දීම කළ හැකි හොඳම උත්සාහයයි. ඔය දරුවන් මෙම උත්සාහයේ නියැලිය යුතුයි. කුමන හෝ අතපසු වීමක් තමා අතින් සිදුවුණි නම් ඒ වෙනුවට සේවා වැඩ කටයුතු රාශියක් කරන්න. නැතිනම් එම අත්වැරැද්ද නිසා ඔබගේ හෘද සාක්ෂිය ඔබට වද දේවි. ගියානි හා යෝගී දරුවන්ට පරම පියා ඉතාමත් ආදරෙයි.

ගීතය:
ඥාන වරුසාව ප්‍රියයාණන් හා වසන්නන්ටයි!

ඕම් ශාන්ති.
තමාම පන්තියකට පැමිණ මුරලියකට ඇහුම් කන් දීමත්, පටිගත කළ මුරලියකට ඇහුම් කන් දීමත්, නැතිනම් මුරලියක් කියවා ගැනීමත් අතර අනිවාර්යෙන්ම විශාල වෙනසක් තිබෙනා බව ඔය දරුවන්ට දැන් තේරෙනවා. ගීතයේ සඳහන් වුණා ඥාන වරුසාව ප්‍රියයාණන් හා වසන්නන්ටයි කියලා. වරුසාව කාටත් පොදුයි. නමුත් පරම පියා සමඟම සිටින්නන්ට පියාගේ මුහුණේ භාව නිරූපණ හා ඔහු විසින් පෙන්වන නොයෙකුත් උපදෙස් තේරුම් ගැනීමෙන් විශාල යහපතක් සලසා ගත හැකියි. කොහොමනමුත්, මෙහි කිසිම කෙනෙකුට නිකම් වාඩි වී ඉන්න බැහැ. ඔබ තමාව දැනුමේ දේපළෙන් පුරවාගෙන ගිහින් සේවය කර නැවත ආපසු පැමිණ තමන්ව පුරවාගෙන ආයිත් ගිහින් සේවය කළ යුතුයි. මිනිස්සු නොයෙකුත් බඩුබාහිරාදිය විකිණීම සඳහා ගන්නවා. ඒවා විකුණා නැවතත් තවත් බඩු ගැනීමට ආපසු යනවා. මේවාත් ඥාන මිණිමුතු බඩුබාහිරාදියයි. තවත් බඩු ගැනීමට ඔබ නැවතත් ආපසු එනවා. කිසිම බෙදා දීමක් නොකරනා අඥානයිනුත් සිටිනවා. ඔවුන් නිකම් පරණ දේවල් බදාගෙන ඉන්නවා. තවත් අළුත් දේවල් ගැනීමේ කිසිම ආශාවක් ඔවුන්ට නැහැ. මිනිස්සු වන්දනා ගමන් යනවා, වන්දනා ස්ථානය ඔවුන් ළඟට එන්නේ නැහැ, මන්ද, ඒවා අජීවී පිළිරූයි. මේ දේවල් හොඳින් තේරුම් ගන්නේ ඔය දරුවන් පමණයි. මිනිසුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ශ්‍රී ශ්‍රී මහා මණ්ඩලේෂ්වර වැනි මහා ගුරූන් තම අනුගාමිකයින්ව වන්දනාවේ ගෙන යනවා. ත්‍රිවේණිය වෙතට මහා සෙනඟක් ඇදී යනවා. ඒ ගංඟා ළඟට ගිහින් දාන දීම මහා පිනක් කියා ඔවුන් සලකනවා. මෙහි භක්තිය පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙහිදී ඔබ පරම පියා ළඟට පැමිණිය යුතුයි. එමනිසා, ඔය දරුවන් මේවා හොඳින් තේරුම් ගෙන අන් අයටත් පහදා දිය යුතුයි. ප්‍රදර්ශන වලට පැමිණෙන අයටත් ඔබ මේවා පැහැදිලි කර කියා දිය යුතුයි. සෑම කෙනෙක්ම උපත් 84 චක්‍රය වටා නොයන බව ඔය දරුවන් දන්නවා. මෙය පැහැදිලි කිරීමට ඉතාමත් හොඳ ක්‍රමයක් අවශ්‍ය වෙනවා. මිනිස්සු පටලැවිල්ලට පත් වන්නේ මෙම කල්පය පිළිබඳ වූ කාරණාවේදීයි. කිසිම කෙනෙක් ගස ගැනවත් දන්නේ නැහැ. ග්‍රන්ථ වලත් කල්ප චක්‍රය පෙන්වා තිබෙනවා එහි කාල පරාසය පෙන්වා තිබෙනවා. එම කල්ප චක්‍රය ගැන ඇත්තේ මහා විශාල පටලැවිල්ලක්. අපි මුළු චක්‍රය වටාම යනවා. උපත් 84ක් ගන්නවා. කෙසේවෙතත්, ඉස්ලාම්වරුන් හා බෞද්ධයින් පැමිණෙන්නේ පසුවටයි. සතෝ, රජෝ හා තමෝ තත්ත්ව පසුකර අපි ආවේ කෙසේද කියා චක්‍රය පෙන්වන පින්තූරයේ පෙන්වා තිබෙනවා. ඉස්ලාම්වරුන් හා බෞද්ධයින් ආදී අන් සෑම කෙනෙක්ටමත් ඒ දෙයම පෙන්විය හැක්කේ කෙසේද? ඔවුනුත් සතෝ, රජෝ හා තමෝ මට්ටම් පසුකර යනවා. අපි අපගේ බහුරූපී පිළිමයත් පෙන්වනවා. ස්වර්ණමය යුගයේ සිට කලි යුගය දක්වා මුළු කල්පය පුරාම අපි චක්‍රය වටා යනවා. ඉහළින්ම සිටින්නේ බ්‍රහමින්වරුන්. මුහුණින් ස්වර්ණමය යුගය පෙන්වනා අතර දෑත් වලින් රිදී යුගය පෙන්වනවා. කුසෙන් පෙන්වන්නේ තඹ යුගයයි. දෙපා, අවසානයටම ඇති දේ ලෙස දක්වා තිබෙනවා. අපගේ බහුරූපී පිළිමය අපට මෙලෙස දැක්විය හැකියි. නමුත් අනිත් ආගම් වල අයට මෙය අදාල වන්නේ කෙසේද? ඔවුනුත් ආරම්භක කාලයේදී සතෝප්‍රධාන්. පසුව, සතෝ, රජෝ හා තමෝ තත්ත්ව පසුකරගෙන යනවා. කිසිම කෙනෙක් නිර්වාණයට ගිහින් නැති බව මෙයින් ඔප්පු වෙනවා ඔවුන් චක්‍රය වටා යා යුතුයි. සෑම කෙනෙක්ම සතෝ, රජෝ හා තමෝ තත්ත්ව පසුකර යා යුතුයි. ඒබ්‍රහම් තුමා, බුදුන්වහන්සේ, ක්‍රිස්තුන්වහන්සේ ආදී සෑම කෙනෙක්මත් මානව ජීවීන්. මේ දේවල් ගැන බාබා ඊයේ රැය පුරා බොහෝ දේ සිතුවා. මෙම සිතිවිලි සිත සිතා සිටිනා විට ඔහුට නිදිමතත් නැති වී යනවා. ඔහු තම නින්ද පවා මෙවන් දේ සිතීමට කැප කරනවා. මේ දේවල් පහදා දීමට ඉතාමත් හොඳ ක්‍රම අවශ්‍යයි. ඔවුන්ගේ බහුරූපී රූපය නිර්මාණය කළ යුතුයි. අවසානයේදී ඔවුන්ගේ පාදත් පෙන්වා මේ දේවල් ලිඛිතව පහදා දිය යුතුයි. ක්‍රිස්තුන්වහන්සේ පැමිණි විට ඔහුටත් සතෝ, රජෝ හා තමෝ තත්ත්ව පසුකර යාමට සිදුවන බව ඔය දරුවන් පහදා දිය යුතුයි. ඔහු පැමිණෙන්නේ පසුවටයි. ක්‍රිස්තුන්වහන්සේ දිව්‍යලෝකයට එන්නේ නැත්ද කියා ඔවුන් අසාවි. මෙම නාටකය කල් තබාම තීරණය වූවක්. ක්‍රිස්තුන්වහන්සේට පෙර තවත් ආගම් තිබුණු බව ඔබ දන්නවා. ඒවා නැවතත් එලිදැක්විය යුතුයි. නාටකයේ වැදගත්කම පහදා දිය යුතුයි. පළමුවෙන්ම ඔබ පරම පියාගේ හැඳින්වීම ලබාදිය යුතුයි එක් තත්පරයකින් පරම පියාගෙන් උරුමය ලබා ගන්නේ කෙසේද? එක් තත්පරයකින් ලබනා ජීවන මුක්තිය ගැන සඳහන් කර තිබෙනවා. බලන්න, බාබාගේ සිතේ සිතිවිලි රාශියක්. ඥාන සාගරය කැලතීම බාබාගේ කාර්යයයි. දේව පියාණන්ගේ ජන්ම අයිතිය- දැන් නැතිනම් කවදාවත් නැහැ- වැනි වාක්‍ය සඳහන් කර තිබෙනවා. ඔබත් ජීවන මුක්තිය කියා ලිවිය යුතුයි. පැහැදිලිව ලියුවා නම්, කියවීම පහසු වේවි. ජීවන මුක්ති ආදායම ඔබ ලැබුවා. රජවරුන්, රැජිණියන්, පුරවැසියන් සෑම කෙනෙක්ම සිටින්නේ ජීවන මුක්තියේයි. එමනිසා, ලියනා දෙය පැහැදිලිව ලිවිය යුතුයි. පින්තූර වලින් පැහැදිලි කිරීමක් කළ හැකියි. සංඥා වලින් ඉතාමත් පහසුවෙන් පැහැදිලි කළ හැකියි. මේ බාබායි, මේ උරුමයයි. යෝගියුක්ත අයට ඉතාමත් හොඳින් පැහැදිලි කළ හැකි වේවි. සියල්ල රඳා පවතින්නේ යෝගාව මතයි. යෝගාවෙන් ඔබගේ බුද්ධිය පාරිශුද්ධ වුණු විට පමණයි උකහා ගැනීමේ බලය ඔබ තුළ වර්ධනය වන්නේ. ජීව අවධානාත්මක තත්ත්වයක් මෙයට අවශ්‍යයි. ඔබ සියල්ල අමතක කළ යුතුයි. ඔබ තම ශරීරයත් අමතක කළ යුතුයි එපමණයි. අපි දැන් නිවහන බලා යා යුතුයි. මෙම ලෝකය අවසන් වීමටයි යන්නේ. මෙය තමාගේම ව්‍යාපාරය වන නිසා මේ බාබාට මේක පහසුයි. ඔහුගේ බුද්ධිය මුළු දවස පුරාම මෙහි නියැලී තිබෙනවා. ඒක හරි, නමුත්, තම පවුලේ අයත් සමඟ ගෙවල් දොරවල් වල ජීවත් වන අයට නොයෙකුත් දේ කිරීමට සිදු වෙනවා. භෞතික ක්‍රියා කරනා අතර ඔබට අනෙකුත් දේ අමතක වෙනවා. ඔබට බාබාව සිහි කිරීමත් අමතක වෙනවා. බාබා මේ කියන්නේ තමාගේම අත්දැකීමයි. මම බාබාව සිහි කරනවා. බාබා මෙම රථයට ආහාර කවනවා කියලා මතක් කරනවා, නමුත් ආයිත් ඒක අමතක වෙනවා. එමනිසා, බාබා හිතනවා මටත් මේක මේ තරමට අමතක වෙනවානම්, මේ අහිංසක දරුවන්ට ඒක කෙතරම් අපහසු ඇති ද? ඔවුන් තම වාර්තාව වර්ධනය කර ගන්නේ කෙසේද? පවුල් වල ජීවත් වන අයට මෙය හරිම අපහසුයි. ඔවුන් උත්සාහ දැරිය යුතුයි. බාබා සෑම කෙනෙක්ටම පැහැදිලි කරනවා. උත්සාහ දරණා අයට තම ප්‍රතිඵලය බාබාට ලියා එවිය හැකියි. මෙය ඇත්තෙන්ම අපහසු දෙයක් බව බාබා දන්නවා. බාබා කියනවා රාත්‍රියේ දී උත්සාහය දැරිය හැකියි. ඔබ යෝගියුක්තව සිටිමින් ඥාන සාගරය හොඳින් ආවර්ජනය කළා නම් ඔබගේ වෙහෙස සම්පූර්ණයෙන්ම දුරු වී යාවි. බාබා ඔබට මේ කියන්නේ තමාගේම අත්දැකීමයි. ඇතැම් විට මගේ සිහිය වෙනත් වෙනත් දේ වලට ඇදී යනවා. එවිට මගේ ඔළුව රත් වෙනවා. ඒ සියලුම කුණාටු වලින් මම මගේ සිහිය ඉවතට ගෙන ඥාන සාගරය ආවර්ජනය කිරීමේ නිරත වන විට තමයි නැවතත් ඔළුව සිසිල් වෙන්නේ. මායාගේ කුණාටු ගණනාවක් එනවා. තම සිහිය මේ වෙතට යොමු කර තබා ගැනීමෙන් ඒ සියලුම වෙහෙසකාරීත්වයන් ඉවත් වී ගොස් බුද්ධිය නැවුම් වෙනවා. බාබාගේ සේවයේ තමාව නිරත කර වූ විට ඔබට යෝගාවේ හා ඥානයේ සාරය ලැබෙනවා. මේ බාබා කියන්නේ තමාගේම අත්දැකීමයි. මේ මේ වගේ දේවල් වේවි කියා පරම පියා තම දරුවන්ට කියනවා. මායාගේ කුණාටු පැමිණේවි. ඒ මොහොතේදී ඔබ තම සිහිය මේ දේවල් වෙතට යොමු කර තබා ගත යුතුයි. පින්තූරයක් දෙස බලා ඒ ගැන සිතීමට පටන් ගත් විට මායාගේ කුණාටු ගිලිහී යාවි. බාබාව සිහි කිරීමට මායා ඔබට ඉඩ නොදෙන බව බාබා දන්නවා. මුළු කාලය පුරාම එම ස්මරණයේ සිටිනා අය ටික දෙනෙක් සිටිනවා. බොහෝ දෙනා කරන්නේ පුරසාරම් දෙඩවීමයි. ඔබ බාබාව සිහි කරනවා නම් ඔබගේ බුද්ධිය පැහැදිලි වේවි. එම ස්මරණයේ නිරතව සිටීම තරම් තවත් දෙයක් නැහැ. භෞතික බර කන්දරාව වැඩි වන තරමට ඔබගේ සිහි කිරීමත් අඩු වෙනවා. බලන්න, පෝප්තුමා බොම්බේ නුවරට පැමිණියා. සෑම කෙනෙකුගේම දෙවියන් පැමිණියාක් සේ ඔහුව සෑහෙන්න වර්ණනා කළා. ඔහුට බලයක් තිබෙනවා. නැත්ද? භාරතවාසීන් තමන්ගේ ධර්මය කුමක්දැයි කියාවත් දන්නේ නැහැ. ඔවුන් හිතාගෙන ඉන්නේ ඔවුන්ගේ ධර්මය හින්දු ධර්මය කියලයි. කෙසේවෙතත්, හින්දු ධර්මය ආගමක් නොවෙයි. එය පැමිණියේ කොහෙන්ද, එය ස්ථාපනය වුණේ කවදාද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඥානය ලබා ගැනීමට ඔබ තුළ උනන්දුවක් තිබිය යුතුයි. ශිව ශක්තීන් ඥානය වෙනුවෙන් උද්යෝගයෙන් නැටිය යුතුයි. සිංහ වාහනයක යන ශක්ති දේවීවරුන් පෙන්වා තිබෙනවා. අවසානයේ දී ඔබ ශක්තිමත් වුණු විට සාදු සන්යාසීන්ට පවා ඔබ මෙම කරුණු පහදා දේවි. එතරම් ඥානයක් ඔබගේ සිහියේ තිබෙනා විට ඒ උද්යෝගය ඔබ තුළ ඇති වේවි. චක්‍රටා නගරයේ ගුරුවරයෙක් එහි සිටිනා ගොවි මහතුන්ට යමක් ඉගැන්වීමට ගියහොත් ඔවුන් එයට කැමති වන්නේ නැහැ. මන්ද, ඔවුන් කැමති ගොවිතැන් කරන්නම පමණයි. ඒ ලෙසින්ම අද කාලයේ මිනිසුන්ට මෙම ඥානය දුන්නොත් ඒ අය කියාවි අපි මේ වගේ දේ වලට කැමති නැහැ. අපට ඕනෙ ග්‍රන්ථ හදාරන්නයි. කෙසේවෙතත්, පරමාත්මය ඉතාමත් පැහැදිලිව කියන්නේ යාගහෝම, තපස් රැකීම්, දාන මාන දීම හෝ වෙනත් පින්දහම් කරයි කියලා හෝ ආගමික ග්‍රන්ථ හැදෑරීමෙන්වත් කිසිම කෙනෙක්ට මා දැනගත හැකි වී නැහැ. ඔවුන් නාටකය ගැන දන්නේ නැහැ. තමන් නාටකයේ රඟපානා නළුවන් බවවත් තම චරිතය රඟදැක්වීමට තමන්ට ආයිත්තමක් ලැබී ඇති බවවත් ඔවුන් දන්නේ නැහැ. මෙය කටු කැලයක්. දිගින් දිගටම එකිනෙකාට රිදවා ගනිමින් මිණී මරා ගන්නවා. මිනිසුන් වගේ පේන්න සිටියත් ඔවුන්ගේ චරිතය වානරයින් වගේයි. පරම පියා මෙහි සිට ඔය දරුවන්ට කරුණු පහදා දෙනවා. අළුත් කෙනෙක්ට මේ දේවල් අහන්න ලැබුණහොත් ඔහු රත්වෙලා යයි. ඔය දරුවන් එහෙම රත්වන්නේ නැහැ. පරම පියා කියනවා මම පැහැදිලි කරන්නේ මගේ දරුවන්ට පමණයි. මවකට හා පියෙකුට තමන්ගේම දරුවන්ට යමක් කියා දිය හැකියි. දරුවන්ව නිසි මඟ යැවීම දෙමාපියන්ගේ රාජකාරියයි. කෙසේවෙතත්, මෙහි ඒ නීතිය නැහැ. මා කුමනාකාරයේ ක්‍රියාවක් කළත් ඒ කරන දේ දකින්නා ද එයම කරාවි. ඉතින්, බාබා තමන් සිතූ දේ ගැන කිව්වා. මොහු පළමුවැන්නායි. ඔහු උපත් 84ක් ගත යුතුයි. ඉතින් අනිත් නායකයින්, ආගමික නායකවරුන් නිර්වාණයට ගිහින් තිබෙන්නේ කොහොමද? ඔවුන් අනිවාර්යෙන්ම සතෝ, රජෝ හා තමෝ මට්ටම් පසුකර යා යුතුයි. පළවෙනිම අංක දෙක ලෝක පාලකවරුන් වන ලක්ෂ්මී හා නාරායනුයි. ඔවුනුත් උපත් 84ක් ගත යුතුයි. මානව ලෝකයේ උතුම්ම නව මිනිසා සමඟ නව කාන්තාවකුත් සිටිය යුතුයි. කාන්තාවකගෙන් තොරව නිර්මාණයක් සිදුවන්නේ කෙසේද? ස්වර්ණමය යුගයේ නව මිනිසා හා නව කාන්තාව නාරායන් හා ලක්ෂ්මීයි. පරණ ඔවුන් අළුත් වෙනවා. සර්ව සම්පූර්ණ චරිත කොටසක් රඟදක්වන්නේ ඔවුනුයි. අන් සෑම කෙනෙක්ම සතෝ සිට තමෝ තත්ත්වයට පත්වෙනවා පැරණි වන ඔවුන් නැවතත් එම පැරණි, මහළු තත්ත්වයෙන් අළුත් අය වෙනවා. ඒ ලෙසම මුලින්ම ක්‍රිස්තුන්වහන්සේ පැමිණියා. තමාට අයිති කාලයේදී ඔහු නැවතත් පැමිණේවි. මේ කරුණු හොඳින් අවබෝධ කර ගත යුතුයි. මේ සඳහා හොඳ යෝගාවකුත් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔබ මුළුමනින්ම කැප විය යුතුයි උරුමය සඳහා අයිතියක් දිනා ගත හැකි වන්නේ එවිටයි. කැප වුණු විට ඔබට උපදෙස් දීමට බාබාට හැකි වෙනවා. මෙහෙම කරන්න, මෙහෙම කරන්න. එසේ කැප වුණු ඇතැම් අයට බාබා තම පවුල් වලම ඉන්න කියා කියනවා. එවිට ඔවුන්ටම තම බුද්ධී කොයි වගේද කියා දැන ගත හැකියි. නිවසේ ජීවත්වන ගමන්ම මෙම දැනුම ගෙන, කර පෙන්වන්න. හොඳින් සමත් වී පෙන්වන්න. ලෞකික වැඩ කටයුතු හා ඔබ සම්බන්ධ නොවිය යුතුයි. බ්‍රහ්මචාරීව වාසය කිරීම වඩාත් හොඳයි. සෑම කෙනෙකුගේම ගිණුම් ගැන බාබා අහනවා. මමා හා බාබාගෙන් ඔබ පෝෂණය වුණා. ඒ නිසා ඒ ණයත් ඔබ ගෙවා දැමුවොත් පමණයි ඔබට බලය ලැබෙන්නේ. නැතිනම්, පරම පියා කියාවි මම බොහෝ උත්සාහ දරා ඔබව හොඳින් පෝෂණය කළා. පසුව ඔබ මාව දමා යන්න ගියා. සෑම කෙනෙකුගේම නාඩි හොඳින් බැලිය යුතුයි. උපදේශයක් දිය හැක්කේ එවිට පමණයි. උදාහරණයකට කියනවානම්, මොහු අතින් වැරැද්දක් සිදුවුණහොත් පරම පියා ඒ වැරැද්ද නිවැරදි කරාවි. මොහුත් සෑම පියවරකදීම ශ්‍රිමත් අනුගමනය කරනවා. කිසියම් පාඩුවක් විඳීමට සිදු වුවහොත් එය නාටකයේ ඇති දෙයක් බව තේරුම් ගත යුතුයි. පසුව එය නැවතත් ඉදිරියේදී සිදු නොවිය යුතුයි. අත්වැරදීමක් සිදු වුණහොත් තමන්ගේම හෘද සාක්ෂිය තමාට වද දෙන්න පටන් ගන්නවා. ඔබ අතින් කුමන හෝ ආකාරයක අත් වැරදීමක් සිදු වී තිබෙනවා නම්, ඒ වෙනුවට දැන් ඔබ ඉතාමත් හොඳින් දැඩි සේ සේවයේ නියුතු විය යුතු වෙනවා. ඔබ ඉතාමත් හොඳ උත්සාහයක් දැරිය යුතුයි. කෙනෙකුගේ ජිවිතයක් නිර්මාණය කිරීමත් උත්සාහයක්. බාබා කියනවා මම ගියානි හා යෝගී දරුවන්ට ඉතාමත් ආදරෙයි. යෝගාවේ සිටිමින් ඔබ ආහාර පිළියෙල කර සංග්‍රහ කරනවා නම්, ලොකු වර්ධනයක් ලද හැකි වේවි. මෙය ශිව බාබාගේ බන්ඩාරයයි. ඉතින්, ශිව බාබාගේ දරුවන් අනිවාර්යෙන්ම යෝගියුක්ත විය යුතුයි. ක්‍රම ක්‍රමයෙන් ඔබ උසස් තත්ත්වයකට ගමන් කරාවි එයට අනිවාර්යෙන්ම කාලයක් ගත වෙනවා. සෑම කෙනෙකුගේම කර්ම බන්ධන ඒ ඒ අයට ආවේණිකයි. කුමාරීන්ට කිසිම බන්ධනයක් නැහැ. කුමාරයින් මත යම් බරක් පැටවී තිබෙනවා. පිරිමි දරුවන් වැඩෙනා විට ඔවුන් ඒ මවට හා පියාට බරක් වෙනවා. පියා ඔබට සියල්ල පැහැදිලි කර කියා දී තිබෙනවා. ඔබව හොඳින් පෝෂණය කළා. ඒ නිසා ඔබ ඔවුන්ව රැකබලා ගත යුතුයි. ඒ ගිණුම ඔබ ගෙවා දැමිය යුතුයි. එවිට ඔවුන්ගේ සිතත් සතුටට පත් වෙනවා. අගනා දරුවන් තමන් ආ ගිය තැන් වලින් ගෙන ආ දේ සියල්ලම තම පියාට ඉදිරිපත් කරනවා. ඒ ණය ඔබ ගෙවිය යුතුයි නේද? මේ කරුණු හොඳින් තේරුම් ගත යුතුයි. ඉහළ තත්ත්වයක් දිනා ගැනීමට සිටිනා කෙනෙක් පමණයි සිංහයෙක් සේ ඉදිරියට ඇදෙන්නේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. යෝගාවේ සිටිමින් ආහාර පිළියෙල කරන්න. කෑම ගැනීමත් අන් අයට සංග්‍රහ කිරීමත් යෝගාවේ සිටිමින් කරන්න.

2. බාබා විසින් ඔබට පහදා දී ඇති කරුණු ඉතාමත් හොඳින් ආවර්ජණය කරන්න. යෝගයුක්තව අන් අයට කරුණු පහදා දෙන්න.

වරදානය:
ස්ව-පරිවර්ථනය තුළින් ලෝක පරිවර්ථනයට, වගකීමේ කිරුළ පැළඳවීමෙන්, ඔබ ලෝක රාජධානියේ කිරුළෙන් කිරුළු පළඳිත්වා.

පරම පියාට සහ ඔබගේ ලැබීම් වලට ඔබට අයිතියක් ඇති බව ඔබ සියලු දෙනා සලකන සේම, ඒ ආකාරයෙන්ම, ස්ව-පරිවර්ථනය සහ ලෝක පරිවර්ථනයේ වගකීමේ කිරුළු පළඳින්න. එවිට ඔබට ලෝක රාජධානියේ ඔටුන්නෙන් කිරුළු පැළඳීමට අයිතියක් තිබෙයි. අනාගතයේ පදනම වර්තමානයයි. ඔබගේ බ්‍රහ්මින් ජීවිතයේ පාරිශුද්ධත්වය මෙන්ම ඉගෙනුම සහ සේවයේ ද්විත්ව කිරුළ තිබෙන්නේද කියා, දැනුම නමැති කැඩපත තුළ බැලීමෙන් තමාව පරීක්ෂා කරන්න. මෙහිදී යම් කිරුළක් අසම්පූර්ණ නම්, එහිදී ඔබට කුඩා කිරුළකට අයිතියක් හිමි වෙයි.

පාඨය:
බාප්දාදාගේ ආරක්ෂාවේ වියන යට නිරන්තරයෙන් සිටින්න, එවිට ඔබ බාධක විනාශ කරන්නෙක් වෙයි.