03.01.2019       Morning Sinhala Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඇල්ෆා හා බීටා, පියා හා උරුමය සිහි කරනවා නම්, ඔබගේ සතුටේ රසදිය කඳ වඩාත් ඉහළ නඟිනු ඇත. මෙය එක් තත්පරයක ඉතාමත් පහසු කරුණකි.

ප්‍රශ්නය:
අසීමිත සතුටක් ඇත්තේ කුමන දරුවන්ටද? සතුටේ රසදිය කඳ නිරන්තරයෙන්ම ඉහළින් තබා ගැනීමේ ක්‍රමය කුමක්ද?

පිළිතුර:
අශරීරික වීම පුහුණු කරනා දරුවන්, පරම පියා විසින් කියනා දේ හොඳින් ධාරණය කර ගන්නා දරුවන් හා අන් අයටත් ඒවා හොඳින් ධාරණය කර ගැනීමට උනන්දු කරවන්නන් අසීමිත සතුටක් අත්විඳී. ඔබගේ සතුටේ රසදිය කඳ නිරන්තරයෙන් ඉහළින්ම තබා ගැනීමට නම් අඛණ්ඩවම අවිනාශී ඥාන මිණිමුතු දානය කරන්න. බොහෝ දෙනෙකුට යහපත සලසන්න. තමන් දැන් සතුටේ හා සාමයේ මුදුනටම ගොස් නිතරම සතුටින් සිටිනවා යන සිහියෙන් සෑම විටම සිටින්න.

ඕම් ශාන්ති.
ඔය දරුවන් කාව සිහි කරමින් ද සිටින්නේ කියා දරුවන් ලවාම එක් තත්පරයකින් ලියවා ගත යුතුයි කියා බාප්දාදාට සිතිවිල්ලක් ආවා. මෙය ලිවීමට වෙලාවක් ගත වන්නේ නැහැ. ඔබ සෑම කෙනෙක්ටම එක් තත්පරයකින් එය ලියා ගෙනැවිත් බාබාට පෙන්විය හැකියි. (සෑම කෙනෙක්ම එය ලියා බාබාට පෙන්නුවා. එවිට බාබාත් ලිව්වා. බාබා ලියූ දෙය වෙන කිසිම කෙනෙක් ලියා තිබුණේ නැහැ.) බාබා ලිව්වේ ඇල්ෆා හා බීටා කියලයි. එය හරිම පහසුයි! ඇල්ෆා යනු බාබා බීටා යනු රාජ්‍යය. බාබා ඔබට උගන්වනවා. ඔබ රාජ්‍යය දිනා ගන්නවා. වෙන කිසිම දෙයක් ලිවීමේ අවශ්‍යතාවයක් නැහැ. මේක ලිවීමට ඔබ තත්පර දෙකකටත් වඩා ගත්තා. ඇල්ෆා හා බීටා කියා ලිවීම එක් තත්පරයක වැඩක්. සන්‍යාසීන් සිහි කරන්නේ ඇල්ෆා පමණයි. ඔබ ඔබගේ ස්වාධිපත්‍යයත් සිහි කරනවා. සිහි කිරීමේ පුරුද්ද ඔබ තමන් තුළ ඇති කර ගත යුතුයි. මෙය ඔබගේ සිහියට ගිය විට ඔබගේ සතුටේ රසදිය කඳ ඉහළින් තිබෙනවා. ඇල්ෆා යනු ඔහු තමයි මුදුනේම සිටින්නා යන්නයි. එයට වඩා ඉහළින් දෙයක් නැහැ. වාසස්ථානයත් ඉහළම ඉහළ තැනයි. මුක්තිය හෝ එක් තත්පරයකින් ජීවන මුක්තිය යන්න ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. එයටත් අනිවාර්යෙන්ම අර්ථයක් තිබිය යුතුයි. දරුවෙක් ඉපදුණු ගමන් ඔහු මේ පැයේ, මේ මිනිත්තුවේ, මේ තත්පරයේ දී ඉපදුණා කියා සටහන් කර ගන්නවා. කටුව ටික් ටික් ගගා යනවා. එක් තත්පරයකින් ඔබට ඇල්ෆා හා බීටා කියා කිව හැකියි. එයට තත්පරයක්වත් ගත වන්නේ නැහැ. එහෙම කියන්න ඕනෙත් නැහැ කොහොමත් ඔබ එය සිහි කරනවා. ඔබ දරුවන් හොඳ තත්ත්වයක සිටිය යුතුයි. කෙසේ වෙතත්, එය සිදු වන්නේ ඔබලා සිහි කිරීමේ සිටියහොත් පමණයි. මෙහි සිටිනා අතරත් ඔබ පරම පියාත් අධිරාජ්‍යයත් සිහි කළ යුතුයි. බුද්ධියෙන් යමක් දුටු විට එය දිව්‍යමය ඉඟියක් කියා කියනවා. ජීවයත් දකිනවා. පරම පියාව සිහි කරන්නේ ජීවය විය හැකියි. පරම පියාව සිහි කරනා විට ඔබ එම මොහොතේදීම රාජ්‍යයත් සිහි කරනවා. එයට කොපමණ වෙලාවක් ගත වෙනවාද? මෙහිදී ඔබ සිහි කිරීමට අසුන් ගත් විට ගැඹුරු සතුටක් විඳිනවා. බාබාත් සිටින්නේ මෙම සතුටේ. පියා මෙහි කිසිම දෙයක් සිහි කරන්නේ නැහැ. බාබා සිහි කරන්නේ එහේ දේවලුයි (නව ලෝකයේ). එය හරියට බාබාත් රාජ්‍යයත් ඔබගේ දොරකඩට ඇවිත් සිටිනවා වගේයි. පරම පියා කියනවා මම රාජ්‍යයම ඔය දරුවන්ට ගෙනැවිත් තිබෙනවා. ඔබලා එය සිහි නොකිරීම තමයි තිබෙන්නේ. මෙන්න මේ නිසා තමයි ඔබගේ සතුට නොරඳන්නේ. හිඳිනා විටත් යන එන විටත් තමා ජීවයක් ලෙස සලකා ඔබගේ පරම පියා වන මාවත් උරුමයත් සිහි කරන්න. ඔබ සිටිනා ස්ථානය ඉතාමත් ඉහළ තැනක්. ලෝකයේ අය මෙය දන්නේ නැහැ. මුක්තියට යාමට මිනිස්සු හරියට ඔළුව වෙහෙසවනවා. මුක්ති දේශය ඇත්තේ කොහිද? ජීවය රොකට්ටුවක් බව ඔබට තේරෙනවා. ඒ මිනිස්සු හඳට යනවා. එතැනින් පසුව ඇත්තේ අභ්‍යවකාශය පමණයි. ඒ අවකාශයටත් එහායින් ඔබ යනවා. සඳ තිබෙන්නේ මේ ලෝකයේයි. හිරු සඳුගෙන් එහා, හඬිනුත් එහා කියා කියනවා. ඔබ තම ශරීර අත්හළ යුතුයි. ඔබ මෙහි පැමිණියේ මිහිරි නිවහනේ සිටයි. යන්න එන්න වෙලාවක් ගත වන්නේ නැහැ. ඒ ඔබගේ නිවහනයි. මෙහිදී, ඔබ කොහේ ගියත් එයට කාලයක් ගත වෙනවා. ජීවයක් තම ශරීරය අත්හල විට එක් තත්පරයකින් ඈතට යනවා. ජීවයක් එක් ශරීරයක් අත්හැර ගිහින් තවත් එකකට ඇතුළු වෙනවා. ඉතින් ඔබ තමන් ජීවයක් කියා සැලකිය යුතුයි. ඔබ යන්නේ උසස්ම මුදුනටයි. මිනිසුන්ට ඕනේ සාමයයි. සාමයේ ඉහළම මුදුන අශරීරික ලෝකයයි. සතුටේ ඉහළම මුදුන සත් යුගයයි. ඉහළම ඉහළ දේ කුළුණක් කියා හඳුන්වනවා. ඔබගේ නිවහනත් ඇත්තේ ඉතාමත් ඉහළින්. ලෝකයේ මිනිස්සු මේ දේවල් ගැන සිතන්නේ නැහැ. මේ දේවල් ඔවුන්ට කියා දීමට කෙනෙක් නැහැ. එය හඳුන්වන්නේ සාම කුළුණ ලෙසයි. ලෝකයේ සාමය තිබිය යුතුයි කියා මිනිස්සු නිතර නිතරම කියනවා. කොහොමනමුත්, ඔවුන් එහි අර්ථය, සාමය ඇත්තේ කොහිද යන්න දන්නේ නැහැ. ලක්ෂ්මි හා නාරායන් සිටින්නේ සතුටු කුළුණේයි. එහි කිසිම කෑදරකමක් හෝ පෙළඹවීමක් නැහැ. ඔවුන්ගේ කෑම බීම හා කතා බහ විලාශයත් ඉතාමත් රාජකීයයි. ඔවුන් ඉහළම සතුටක් අත්විඳිනවා. බලන්න විශාල උත්සාහයක් දැරීම නිසා ඔවුන් කෙතරම් දුරට ප්‍රශංසාවට ලක් වෙනවා ද කියලා. ඔවුන් පමණක් නොවෙයි. මුළු මාලාවම නිර්මාණය වෙනවා. ඇත්තෙන්ම කියනවා නම්, නව රත්නය ගැන සිහි කරනවා. අනිවාර්යෙන්ම ඔවුන් නොපෙනෙන උත්සාහයක් දරා ඇති. පරම පියා හා උරුමය සිහි කිරීමෙන් පමණයි ඔබගේ පාප දුරු වී යන්නේ කෙසේ වෙතත්, මායා ඔබට ඒ සිහි කිරීමට ඉඩ දෙන්නේ නැහැ. ඇතැම් විට රාගය, ඇතැම් විට කෝපය බොහෝ කුණාටු ගෙන එනවා. ඔබම තමාගේ නාඩි බලා ගත යුතුයි. නාරද්ට පවා තමාගේ මුහුණ දෙස කැඩපතින් බලන්න කියා කිව්වා. ඉතින් ඔබට ඒ තත්ත්වය දැන් නැහැ. එය නිර්මාණය කර ගත යුතුයි. බාබා ඔබට අනිවාර්යෙන්ම ඔබගේ අරමුණ හා ඉලක්කය පෙන්වාවි. නොනවත්වාම අභ්‍යන්තර උත්සාහය දරන්න. දිගටම ඉදිරියට වර්ධනය වෙනවාත් සමඟ ඔබ තුළ ඒ තත්ත්වය ඇති වේවි. අශාරීරික වීම ඔබ පුහුණු කළ යුතුයි. ඔබ දැන් නිවහන බලා යා යුතුයි. බාබා කිව්වා මා සිහි කරන්න. ඔබ මා සිහි කළේ නැති නම් බොහෝ සෙයින් දඬුවම් විඳීමට සිදු වී ඔබගේ තත්ත්වය පවා පහත යාවි. මෙම කරුණු ඉතාමත් සියුම්. ඒ මිනිස්සු නිහඬතාවයේ ගැඹුරටම යනවා. බලන්න ඔවුන් සාදනා දේවල් දෙස! එහි ගොස් ඒ දේවල් සෑදිය හැකි නිසා එවන් සංස්කාරත් අවශ්‍ය වෙනවා. මෙම ලෝකය වෙනස් විය යුතුයි. ඔවුන් සෑම කෙනෙක්ම මෙහෙන් ගිහින් දැන් වත්මන් සංස්කාර වලට අනුව නිසි තැන් වල ඉපදේවි. හමුදාවක සටන් කරනා අයගේ බුද්ධියේ ඇත්තේ සටන් කිරීමේ සංස්කාරයි. ඉතින් ඔවුන් ඒ සංස්කාර ගෙන යනවා ඔවුන්ට සටන් නොකර ඉන්න බැහැ. නිලධාරීවරයෙක් ඉදිරියේ සෑම විටම පෝලිමක් සිටීවි. සැම කෙනෙක්වම ලියාපදිංචි කරන වෙලාවේදී ඔවුන්ට කිසිම රෝගයක් නැති බවට පරීක්ෂා කරනවා. ඔවුන්ගේ ඇස්, කන් ආදී සියල්ලම පරීක්ෂාවට ලක් කරනවා. හමුදාවකට යාමට ඒ සියල්ල හොඳින් ක්‍රියාත්මක විය යුතුයි. මෙහිදීත්, රෝසරියේ කොටසක් බවට පත් වන්නේ කවුදැයි කියා බලනවා. ඔබ උත්සාහ දරා තම කර්මතීත් තත්ත්වය දිනා ගත යුතුයි. ජීව අශරීරිකව මෙහි පැමිණ නැවත අශරීරිකව ආපසු යා යුතුයි. එහිදී ශරීරය හා කිසිම සම්බන්ධයක් නැහැ. ඔබ දැන් අශරීරික විය යුතුයි. ජීව එහි සිට පැමිණ මෙහිදී ශරීරයක් ලබනවා. ජීව ගණනාවක් නොනවත්වාම එනවා. ඔබ සෑම කෙනෙක්ම ඔබගේම කියා චරිතයක් ලබා තිබෙනවා. අළුත් පිරිසිඳු ජීව අනිවාර්යෙන්ම මුලින් සතුට විඳිනවා. මෙන්න මේ නිසා තමයි ඔවුන්ගේ ගුණ ගැයෙන්නේ. ගස ඉතාමත් විශාලයි. ඉතාමත් ප්‍රසිද්ධ මිනිස්සු ගණනාවක්ම සිටිනවා. ඔබ සෑම කෙනෙක්ම තම තමන්ගේ ශක්ති ප්‍රමාණයේ තරමට ලොකු සතුටකින් සිටීවි. ඉතින් ඔබ දරුවන් දැන් විශාල උත්සාහයක් දැරිය යුතුයි. ඔබ පාරිශුද්ධ වී තම කර්මතීත් තත්ත්වයෙන් ආපසු යා යුතුයි. තමාගේම හැසිරීම පිරික්සා බලන්න මම කාට හෝ දුකක් දෙනවාද? පියා හරිම මිහිරියි. ඔහු තමයි සදාදරණීය කෙනා. ඉතින් ඔය දරුවනුත් ඒ වගේ විය යුතුයි. පරම පියා මෙහි සිටිනා බව ඔය දරුවන් දන්නවා. පරම පියා මෙහිදී ස්ථාපන කාර්යය කරනා බව මිනිස්සු දන්නේ නැහැ. ඒ වුණත් ඔවුන් උපතක් උපතක් පාසා ඔහුව සිහි කරනවා. ශිව දේවාලයකට ගිහින් ඔවුන් ඔහුව වන්දනා කරනවා. ඉතාමත් ඉහළ කඳු මුදුනක ඇති බද්‍රිනාත් දේවාලයට යනවා. ඔහු එතරම්ම මිහිරි කෙනෙක් නිසා ඔහු වෙනුවෙන් මේලා ගණනාවක් පැවැත්වෙනවා. දෙවියන් තමයි ඉහළම ඉහළ කියා ගායනා කරනවා. ඔවුන්ගේ සිහියේ තබා ගෙන සිටින්නේ අශරීරික කෙනාව පමණයි. අශරීරික කෙනාත් ඉන් පසුව බ්‍රහ්මා, විෂ්ණු හා ශංකර් ද සිටිනවා. ඔවුන්ට දෙවියන් කියා කියන්න බැහැ. තමනුත් සතෝප්‍රධාන් දේවතාවරුන් ලෙසින් සිටි බව ඔය දරුවන්ට දැන් තේරෙනවා. ඔබලා ලෝක පාලකවරුන් ලෙස සිටි කළ මෙතරම් මිනිසුන් ගණනාවක් සිටියේ නැහැ. භාරතය පුරාම ඇත්තේ ඔවුන්ගේ රාජ්‍යයම පමණයි. අන් සියල්ල ශාන්ත දේශයට යනවා. ඔබ මේ සියල්ල දිගටම නිරීක්ෂණය කරනවා. මේ සඳහා ඉතාමත් පුළුල් අසීමිත බුද්ධියක් අවශ්‍යයි. එහිදී ඔබ කඳු මුදුන් වලට යන්න උවමනා නැහැ. එහි කිසිම අනතුරක් නැහැ. ඒක තමයි දිව්‍යලෝකයේ අරුමය. දිව්‍යලෝකයේ අරුමය නොවන විට එය මායාගේ අරුමය වෙනවා. ලෝකයේ මිනිසුන්ට මේ දේවල් තේරුම් ගන්න බැහැ. ඔබ දැන් දිව්‍යලෝකයට යාමට උත්සාහ දරනවා. එය සතුටු කුළුණ වන අතර මෙය දුක් කුළුණ වෙනවා. සෑම දිනකම සටන් වලින් මිනිසුන් සෑහෙන පිරිසක් මිය යනවා. එනිසා ඔවුන් නැවතත් කොහේ හෝ උපත ලද යුතුයි. දෙවියන්ගේ අන්තයට යා නොහැකියි කියා කියනවා. දෙවියන් පොඩි තිතක්. කුමන අන්තයකට යන්නද? පරම පියා කියනවා මෙම නිර්මාණයේ මුල, මැද හා අග ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. සන්‍යාසීන් හෝ පූජකවරුන්ට නිර්මාණය හෝ නිර්මාණකරුගේ අන්තයට යන්න බැහැ. පරම පියා ඔබට උගන්වනවා. මෙය හඳුන්වන්නේ අධ්‍යයනයක් ලෙසින්. ලෝක චක්‍රයේ රහස් ගැන දැන් දැනගන්නේ ඔය දරුවන් පමණයි. ඒ මිනිස්සු කියනවා අපි දන්නේ නැහැ. නැතිනම්, ඔවුන් වසර සිය දහසක් ගැන කතා කරනවා. ඔබට දැන් පේන කිසිම දෙයක් එහි නැහැ කියා පරම පියා පහදා දී තිබෙනවා. සත් යුගය සතුටු කුළුණ වන අතර මෙහි දුකම හැරෙන්න වෙන කිසිවක් නැහැ. සෑම කෙනෙක්ම මිය යන ලෙසින් හදිසියේම මාරයා පැමිණේවි. ඒ මාරයා දැකීම නැන්දාගේ ගෙදර යනවා වගේ ලේසි වැඩක් නොවෙයි. මෙය දුක් මුදුන කියා හඳුන්වනා අතර එය හඳුන්වන්නේ සතුටු මුදුන කියලයි. වෙන කිසිම ලෝකයක් නැහැ. ඔබලා අතරිනුත් මෙයට හොඳින් ඇහුම්කන් දුන්නත් ධාරණය කර ගත නොහැකි අය රාශියක් සිටිනවා. ධාරණය සිදු වන්නේ බුද්ධිය ස්වර්ණමය යුගයේ බුද්ධියක් වුණු විට පමණි. ධාරණාවක් නොමැති නම් සතුටක් විඳින්න බැහැ. ඉහළින්ම ඉගෙන ගන්නා අයත් අඩුවෙන්ම ඉගෙන ගන්නා අයත් සිටිනවා ඔවුන්ගේ ඉගෙන ගැනීමේ වෙනසක් තිබෙනවා. අසීමිත පියා ඔවුන්ට කෙතරම් පැහැදිලි කර කියා දුන්නත් ඔවුන් කවදාවත් තේරුම් ගන්නේ නැහැ. ස්මරණයෙන් තොරව ඔබට කවදාවත් පාරිශුද්ධ වෙන්න බැහැ. පරම පියා කාන්දමක් වගෙයි. ඉහළම බලය ඇත්තා ඔහුයි. ඔහු කවදාවත් මළ බැඳෙන්නේ නැහැ. අන් සෑම කෙනෙකුටම මළ බැඳිලා. එය ඉවත් කර ඔබ නැවතත් සතෝප්‍රධාන් විය යුතුයි. පරම පියා කියනවා නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. වෙන කිසිම කෙනෙක් කෙරෙහි කිසිම බැඳීමක් තබා නොගන්න. ධනවත් අය මුළු දවස පුරාම තම ධනය තමා ඉදිරියේ තබා ගෙන ඒ දෙස බල බලා සිටිනවා. දුප්පතුන්ට කිසිම දෙයක් දෙන්නේ නැහැ. නමුත් ඔවුන් ඥානවන්ත නම් යමක් ධාරණය කරගත හැකියි. ස්මරණයෙන් තොරව කුණු ඉවත් වන්නේ කෙසේද? කොහොමද අපි පාරිශුද්ධ වන්නේ? ඔබ මෙහි සිටින්නේ ඉහළම මුදුනට යාමටයි. පරම පියා විසින් ඉගැන්වූ දේ අනුගමනය කිරීමෙන් ඔබ ඉහළම සතුටු මුදුනට යාවි කියා ඔබ දන්නවා. මෙයට උත්සාහයක් අවශ්‍යයි. පරම පියා මෙහි පැමිණෙන්නේ ඔබව කුළුණ වෙතට ගෙන යාමටයි. ඉතින් ඔබ ශ්‍රීමත් පිළිපැදිය යුතුයි. අංක එකේ අය ලෙස සැලකෙන්නේ ලක්ෂ්මි හා නාරායනුයි. ඔවුන් ඉහළම කුළුණේ සිටිනා අතර අනිත් අය පසුවට ඒවි. සතුටු කුළුණ කියා හැඳින්වෙන්නේ නව ලෝකය පමණයි. එහි කිසිඳු අපිරිසිඳු දෙයක් නැහැ. ගොඩනැඟිලි පළුදු කරවන තරමේ දුහුවිල්ලක් හෝ වායුවක් එහි නැහැ. සත් යුගය හොඳින් වර්ණනා වෙනවා. මේ සඳහා ඔබ උත්සාහ දැරිය යුතුයි. ලක්ෂ්මි හා නාරායන් ඉතාමත් ඉහළයි. ඔවුන්ව දුටු සැනකින් ඔබගේ හදවත සතුටු වෙනවා. තවත් ඉදිරියට වර්ධනය වන විට බොහෝ අය දර්ශන ලබාවි. මුලදී දර්ශන රැසක් දුන්නා. බාබා බොහෝ දේ පෙන්නුවා. ඔබලා ඔටුණු පවා ඇන්දා. ඒ දේවල් මෙහි සොයා ගන්න බැහැ. බාබා දියමන්ති වෙළෙන්දෙක්. ඒ දවස් වල 50,000ක් වටිනා දියමන්තියක් අද කාලයේ මිලියන පහකටවත් ගන්න බැහැ. ඔබ උත්සාහ දරන්නේ සත් යුගයටයි. එහි අසීමිත සතුටක් තිබෙනවා. පරම පියා ඔබට බොහෝ දේ ඉගැන්වූවත් දරුවන් එකිනෙකා අතර දිවා රෑ මෙන් වෙනසක් තිබෙනවා. රජවරුන් හා රැජිණියනුත් දැසි දස්සනුත් අතර ලොකු වෙනසක් තිබෙනවා. හොඳින් ඉගෙන ගෙන අන් අයටත් උගන්වනා අය කවදාවත් සැඟවී සිටින්නේ නැහැ. ඔවුන් ක්ෂණයකින්ම බාබා, මම සේවය සඳහා මේ මේ තැනට යනවා, කියා කියනවා. කිරීමට බොහෝ සේවාවන් තිබෙනවා. මෙම වනාන්තරය දේවාලයක් කළ යුතුයි. පාන් කෑල්ලක් කෑවත් නැතත් සේවයට දිව යා යුතුයි. ව්‍යාපාරිකයන් කරන්නේ මෙයයි. හොඳ පාරිභෝගිකයෙක් පැමිණි විට කෑම කා අවසන් වුණත් නැතත් ඔවුන් එතැනට දිව යනවා. මුදල් ඉපයීමේ ආශාව ඔවුනට තිබෙනවා. මෙහිදී ඔබ අසීමිත ධනයක් අසීමිත පියාගෙන් ලබනවා. තව ටික කලක් ඉතිරි වී තිබුණත් කිසිම දෙයක් ගැන සහතිකයක් නැහැ. මන්ද, හෙට වුණත් ඔබ ශරීරය අතහැර යා හැකියි. විනාශය සිදු විය යුතුයි. දඩයමට මරණය - දඩයම්කරුට සතුට කියන්නේ ඔබ ගැනයි. ඔබගේ සතුටට සීමාවක් නැහැ. අසීමිත සතුටක්. ඔබ බොහෝ දෙනෙකුට යහපත සැලසිය යුතුයි. අවසානයේදී ඔබ කර්මතීත් තත්ත්වයට පත් වේවි. බාබා සිහි කරමින් සිටිනා අතරම ඔබ හදිසියේම අශරීරික වී යන්න යාවි. මෙයට ලොකු උත්සාහයක් අවශ්‍යයි. ඇතැම් අය විශාල සේවයක් කරනවා. ඔවුන් මුළු දවස පුරාම නැගිට සිට කලාගාරයේ පැහැදිලි කිරීම් කටයුතු කරනවා. ඔවුන් දිවා රෑ සේවයේ නිරත වෙනවා. එවන් කලාගාර සිය ගණනක් විවෘත වේවි. මිනිස්සු සිය දහස් ගණනින් පැමිණේවි. ඔබට කාලයත් ඉතිරි වෙන එකක් නැහැ. මෙම අවිනාශී ඥාන මිණිමුතු කඩසාප්පුම වැඩි ප්‍රමාණයක් ඔබට තිබේවි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:

1.ඥානය ධාරණය කර ගැනීමට නම් පළමුවෙන්ම ඔබගේ බුද්ධිය ස්වර්ණමය යුග බුද්ධියක් කර ගන්න. පරම පියා සිහි කිරීම හැරෙන්න වෙන කිසිම දෙයකට කිසිම බන්ධනයක් තබා නොගන්න.

2.කර්මතීත් තත්ත්වයට පත් වී නිවහන බලා යාමට නම් අශරීරික වීම පුහුණු කරන්න. කිසිම කෙනෙකුට දුකක් නොදෙන ආකාරයේ හැසිරීමක් තමාට ඇතිදැයි කියා පරීක්ෂා කර බලන්න. මම පරම පියා සේ මිහිරි වී සිටිනවාද?

වරදානය:
ඔබ ඔබේ බ්‍රහමින් ජීවිතයේ ස්වභාවය මත ගල් ජලය බවට පත් කරන සෙනෙහස් සාගර හිමිකරුවෙක් වේවා.

ලෝකයේ මිනිසුන් කියන්නේ සෙනෙහසට, ගල් ජලය බවට හැරවිය හැකි බවයි. ඒ ලෙසින්ම, බ්‍රහමින්වරු වන ඔබේ ස්වභාවයම ස්නේහ සාගර හිමිකරුවන් වීමය. ඔබට ජීවාත්ම සත්තා අවධානය සහිත ස්නේහය සහ දේව ස්නේහයේ බලය ඇති අතර විවිධ ස්වභාවයන් වෙනස් කිරීමට ද හැකිය. ස්නේහ සාගරය ඔහුගේ සදාතනික ස්වභාවය මඟින් ස්නේහයේ ප්‍රතිමූර්තිය වෙමින් ඔබ දරුවන් ඔහුට අයිති කරගත්තා සේ, එලෙසින්ම, ඔබද ස්නේහ සාගර හිමිකරුවන් වී ලෝකයේ ජීවාත්ම සත්තාවන්ට සැබෑ පරාර්ථ ආධ්‍යාත්මික සෙනෙහස දී ඔවුන්ගේ ස්වභාවය ද පරිවර්තනය කරන්න.

පාඨය:
ඔබේ විශේෂත්වයන් පිළිබඳ අවධානයෙන් සිටින්න, ඒවා සේවයට යොදවන්න, එවිට ඔබ නිරන්තරයෙන් පියාසර තත්ත්වයේ පියාසර කරනු ඇත.

බ්‍රහ්ම බාබාට සමාන වීම සඳහා වූ විශේෂ උත්සාහයන්.

සිංහාවලෝකන තත්ත්වයේ සිට බාහිර දැක්මක් බවට පත් කිරීම - මෙය පුහුණු කිරීමට නම් ඔබ ඔබ වෙත විශේෂ අවධානයක් තැබීම අවශ්‍යය. ඔබ සිංහාවලෝකන අවස්ථාවේ සිටින විට, බාහිර දැක්මේ දේවල් ඔබට බාධා ඇති නොකරන්නේ ඔබ ශරීර අවධානයෙන් බොහෝ දුරස්ථ වී සිටින නිසාය.