03.02.19    Avyakt Bapdada     Sinhala Murli     17.04.84     Om Shanti     Madhuban


කෝටි ගුණයක් භාග්‍යවන්ත අයගේ සලකුණු.


අද දින, භාග්‍යය පිරිනමන්නා, ඔහුගේ සියලුම භාග්‍යවන්ත දරුවන් දෙස බලනවා. සෑම බ්‍රහ්මන දරුවෙක්ම භාග්‍යවන්තයි. බ්‍රහ්මනයෙක් වීම යනු, භාග්‍යවන්ත වීමයි. දෙවියන්ට අයිති වීම යනු, වාසනාවන්ත වීමයි. සියලු දෙනාම භාග්‍යවන්ත නමුත්, පියාට අයත් වීමෙන් පසුව සහ පියාගෙන් විවිධ සම්පත්වල උරුමය හිමි කරගැනීමෙන් අනතුරුව, එම ශ්‍රේෂ්ඨ උරුමයට අයිතියක් හිමි කරගැනීමේදී, ඔබගේ සියලු අයිතීන් ඇති ජීවිතයේ එය භාවිත කිරීමේදී සහ ව්‍යාප්තිය ගෙන ඒම සඳහා, ඔබට ලැබී ඇති අයිතීන් නිරතුරුව නිවැරදි ආකාරයට වැඩිකර ගැනීමේදි, ඔබ අංකානුරූප වෙයි. සමහරු භාග්‍යවන්තව පමණක් රැඳී සිටින අතර වෙනත් අය සිය ගුණයකින් භාග්‍යවන්ත වෙයි. සමහරු දහස් ගුණයකින් භාග්‍යවන්ත වෙයි, තවත් සමහරු සිය දහස් ගුණයක් භාග්‍යවන්ත වන අතර වෙනත් අය කෝටි ගුණයකින් භාග්‍යවන්ත වෙයි. මෙයට හේතුව වන්නේ, සම්පත් නිවැරදි ආකාරයට භාවිත කිරීම යනු, එය වැඩි කර ගැනීමයි, ඔබ එය තමන්ව සම්පූර්ණ කරගැනීමට භාවිත කළත්, තමන්ගේ පරිසමාප්තිය සමගම ඔබ එය වෙනත් ජීවාත්මයන්ට සේවය කිරීමට භාවිත කළත්. ඔබ විනාශ වන ධනය භාවිත කරන විට එය අඩුවෙයි. ඔබ අවිනාශී ධනය, භාවිත කරන විට, එය කෝටි ගුණයකින් වැඩි වෙයි. එය වියදම් කර, ඉන් බුදින්න යන කියමන තිබෙන්නේ ඒ නිසයි. ඔබ එයින් වැඩියෙන් වියදම් කර, බුදින තරමට, අධිරාජවරුන්ගෙත් අධිරාජවරයා වන පියා ඔබව වැඩියෙන් සමෘද්ධිමත් කරවයි. මේ නිසයි ඔවුන්ට ලැබී ඇති භාග්‍යයේ සම්පත්, සේවය සඳහා භාවිත කරන අය අඛණ්ඩව ඉදිරියට ගමන් කරන්නේ. කෝටි ප්‍රකෝටි ගුණයක් භාග්‍යවන්ත වීම යනු, සෑම පියවරකදීම කෝටි ප්‍රකෝටි ගුණයක ආදායමක් රැස් කරගැනීමයි, එමෙන්ම කෝටි ප්‍රකෝටි ගුණයක සේවකයෙක් විලසින් ඔබගේ සෑම සිතිවිල්ලක්, වචනයක්, ක්‍රියාවක් සහ සම්බන්ධතා, සේවය වෙනුවෙන් භාවිත කිරීමයි. කෝටි ගුණයක් භාග්‍යවන්ත කෙනෙක්, නිරන්තරයෙන් ත්‍යාගශීලි හදවතක් ඇත්තෙක් වන අතර සදාතනිකව සහ නිරතුරුවම මහා දානපතියෙකි එම කෙනා නිරන්තරයෙන් අන් අයට ලබා දෙන, පිරිනමන්නෙක් වෙයි. එවන් ජීවාත්ම වැඩසටහනට හෝ පහසුකම් වලට අනුව සේවකයන් නොව, නමුත් නිරන්තර මහා දානපතියන් වෙයි. ඔවුන් වචන වලින් සේවය නොකරන්නේ නම්, තම සිතිවිලි හෝ ක්‍රියා තුළින් සේවය කරයි. ඔවුන්ගේ සම්බන්ධතා සහ නෑකම් තුළින් ඔවුන්ගේ නොනිමි සහ නිරන්තර සම්පත් වලින් එක් හෝ තව අන්දමකින් ඔවුන් නිරතුරු සේවකයන් වෙයි. සේවයේ විවිධ ස්වරූප තිබෙන නමුත් සේවයේ රැල්ල නිරන්තරයෙන් පැවතෙයි. ඔබ නිරන්තර යෝගියෙක් වන ආකාරයෙන්ම නිරන්තර සේවකයෙක්ද වන්න. නිරන්තර සේවකයෙක් නිරතුරුවම සේවයේ ශ්‍රේෂ්ඨ ඵලය බුදින අතර එය අන් අයටද නොකඩවා ලබා දෙයි, එනම්, ඔහුමත් සෑම විටම ඵලය බුදින අතර ඒ අනුව ප්‍රායෝගික ප්‍රතිමූර්තියක් වෙයි.

කෝටි ගුණයක් භාග්‍යවන්ත ජීවාත්ම සෑම විටම නෙළුම් මල් අසුනේ අසුන්ගෙන සිටියි, එනම්, ඔවුන් සෑම විටම නෙළුම් මලක ස්ථීතියේ සිටිනු ඇත. ඔවුන් සියලු සීමිත ආකර්ෂණයන්ගෙන් දුරස්තව සිටින අතර සීමිත ඵල භාර ගැනීමෙන් ඈත්ව සිටියි, එබැවින් පියාගේ මෙන්ම, බ්‍රහ්මන පවුලේ සහ ලෝකයාගේ සෙනෙහසට පාත්‍ර වෙයි. එවන් ශ්‍රේෂ්ඨ සේවක ජීවාත්මයන්ට, සියලු දෙනාගේ හදවතේ මතුවන සෙනෙහසින්, නිරන්තරයෙන් සතුටේ මල් පිදෙයි. බාප්දාදාම එවන් නිරන්තරව සේවය කරන කෝටි ගුණයක භාග්‍යවන්ත ජීවාත්මයන්ට සෙනෙහසේ මල් පුද කරයි. කෝටි ගුණයක් භාග්‍යවන්ත ජීවාත්ම, ඔවුන්ගේ භාග්‍යයේ බැබලෙන තාරකා වලින්, වෙනත් ජීවාත්මයන්ව භාග්‍යවන්ත කිරීම සඳහා ඔවුන්ට නිරතුරුවම ආලෝකය ලබාදෙයි. බාප්දාදා එවන් භාග්‍යවන්ත ජීවාත්මයන්ව දකිනවා. ඔවුන් දුරක සිටියත් බාබා ඉදිරියේ පෞද්ගලිකව සිටියත්, ඔවුන්ගේ හදවත් තුළ පියා නිරන්තරයෙන් මුසු වී සිටියි. සමාන අය, සමීපව සිටින්නේ මේ නිසයි. ඔබ කුමන වර්ගයේ ජීවාත්මයක්ද කියා, දැන් තමන්ගෙන් විමසන්න. ඔබට තමන්ව හඳුනා ගැනීමට පුළුවනි නේද? අන් අය ඔබට යමක් කියන විට ඔබ එය පිලිනොගන්නවා විය හැක, නමුත් ඔබ කුමන ආකාරයේ ජීවාත්මයක්ද කියා ඔබටම දැන ගත හැක. ඔබට වැටහෙනවාද? කෙසේවුවද බාප්දාදා පවසන්නේ අඩු තරමේ ඔබ අවාසනාවන්තව සිට වාසනාවන්ත වී ඇත. ඔබ අඩු තරමින් බොහෝ ආකාරයේ දුක් වේදනා වලින් නිදහස් වෙයි. ඔබ අඩු තරමින් දිව්‍යලෝකයේ පාලකයන් වෙයි. එකක් දිව්‍යලෝකයට යෑම වන අතර අනෙක රාජධානියට අයිතියක් හිමි කර ගැනීමයි. ඔබ සියලු දෙනාම දෙව්ලොව යයි, නමුත් ඔබ දිව්‍යලෝකයේ කොතැනකද සහ කවදාද පැමිණෙන්නේ කියා තමන්ගෙන් විමසන්න. දිව්‍යලෝකයට යෑම සඳහා බාප්දාදාගේ ලැයිස්තුවේ ඔබගේ නම දැනටමත් ලියවී තිබේ. ලෝකයේ අනෙක් සියලු දෙනාටම වඩා මෙය හොඳයි. කෙසේවෙතත්, එය හොඳම දේ නොවෙයි. එසේ නම් ඔබ කුමක්ද කරන්නේ? අංක එක හිමි කරගන්නේ කුමන කලාපයද? සෑම කලාපයකටම එයටම අයත් විශේෂත්වයක් තිබේ.

මහාරාශ්ත්‍රයේ විශේෂත්වය කුමක්ද? ඔබ දන්නවාද? ඔබ කොහොමත් ශ්‍රේෂ්ඨයි, නමුත් ඔබ ගැන සිහි කෙරෙන විශේෂත්වය කුමක්ද? මහාරාශ්ත්‍රයේ බොහෝ සේ ගණදෙවියන්ව වන්දනා කරයි. ගණදෙවියන්ව හැඳින්වෙන අනෙක් ආකාරය කුමක්ද? බාධක විනාශ කරන්නා. මිනිසුන් ඕනෑම කාර්යයක් ආරම්භ කරන විට, ඔවුන් ප්‍රථමයෙන් ගණ දෙවියන්ට නමස්කාර කරයි. එසේ නම් මහාරාශ්ත්‍ර වල අය කුමක්ද කරන්නේ? ඔබ සෑම ශ්‍රේෂ්ඨ කාර්යයක් සඳහාම ගණදෙවියන්ව කැඳවනවා නේද? මහාරාශ්ත්‍ර යනු, නිරන්තරයෙන් බාධක විනාශ කරන්නන්ගේ ප්‍රාන්තයයි. එබැවින් සෑම විටම බාධක විනාශ කරන්නෙක් වී තමන් වෙනුවෙන් සහ අන් අය වෙනුවෙන් මෙම ශ්‍රේෂ්ඨත්වය පෙන්වන්න. මහාරාශ්ත්‍රයේ කිසිදු බාධකයක් නොතිබිය යුතුයි. සෑම කෙනෙක්ම බාධක විනාශ කරන්නෙක් විය යුතුයි. එය පැමිණ, දුර සිට ඔබට නමස්කාර කළ යුතුයි. එබැවින් ඔබ එවන් බාධක විනාශ කරන කණ්ඩායමක් රැගෙන විත් සිටිනවා නේද? මහාරාශ්ත්‍රය, තමන්ගේ මෙම ශ්‍රේෂ්ඨත්වය නිරන්තරයෙන් ලෝකයට පෙන්විය යුතුයි. ඔබ බාධක වලට බිය වන අය නොවෙයි නේද? ඔබ අන් අයට අභියෝග කරන බාධක විනාශ කරන්නන්ය. කෙසේවෙතත් මහාරාශ්ත්‍රය බොහෝ එඩිතරකම පෙන්වයි. අච්චා.

උත්තර ප්‍රදේශයේ අය පෙන්වන විශ්මයන් මොනවාද? යූපීහි විශේෂත්වය කුමක්ද? එහි බොහෝ වන්දනා ස්ථාන සහ බොහෝ ගංගා තිබේ. සියලුම ජගත්ගුරූන්ද සිටින්නේ එහිය. සතර කොනේ, ජගත්ගුරූන් සතර දෙනෙක් සිටිනවා නේද? යූපීහි බොහෝ මහා මන්ඩලේශ්වරුන් සිටිනවා. යූපිහි තිබෙන, හරි වෙතට යන දොරටුව (හරිද්වාර්) විශේෂයි. එබැවින් හරී (දෙවියන්) වෙතට දොරටුව පෙන්වන, බොහෝ සේවකයන් එහි සිටිය යුතුයි, එනම් දෙවියන්ගේ සමීපයට යාමට දොරටුව පෙන්වන අය. යූපී වන්දනා ස්ථානයක් නිසා, එහි බොහෝ මාර්ගෝපදේශකයන් සිටිනවා. ඔවුන් කන බොන අය වන අතර, සැබෑ මාර්ගය පෙන්වන, පියා සමග හමුවක් සමරන සහ අන් අයව පියාගේ සමීපයට ගෙන එන ආධ්‍යාත්මික සේවක මාර්ගෝපදේශකයන් ඔබලාය. මාර්ගෝපදේශකයන් වන, එවන් විශේෂ පාන්ඩවයන් යූපී වල සිටිනවාද? පාන්ඩවයන් ප්‍රායෝගිකව මාර්ගෝපදේශකයන් වීමේ එහි ස්වරූපය, උත්තර ප්‍රදේශය හෙළිදරව් කළ යුතුයි. ඔබට වැටහෙනවාද?

මයිසෝර්හි විශේෂත්වය කුමක්ද? එහි සඳුන් තිබෙන අතර එහි විශේෂ උද්‍යානද තිබේ. එබැවින් කර්නාටකවල අය විශේෂයෙන් නිරන්තර ආධ්‍යාත්මික රෝස මල් සහ සුවඳ සඳුන්ද විය යුතුයි. සඳුන් සහ ආධ්‍යාත්මික රෝස මල් වල සුගන්ධය විහිදුවා, ලෝකය උද්‍යානයක් බවට පත්කරන්න. ලොවට සඳුන් සුවඳ විහිදුවන්න. සඳුන් තිලකය ලබා දී සියලු දෙනාව සුවඳවත් සහ සිසිල් කරන්න. සඳුන් සිසිල්ද වෙයි. එබැවින් වැඩිම ආධ්‍යාත්මික රෝසමල් සංඛ්‍යාව මතුවන්නේ කර්නාටකයෙන් නොවෙයිද? මින් කියැවෙන්නේ, ප්‍රායෝගික සාක‍ෂිය පෙන්වීමයි. දැන් සෑම කෙනෙක්ම තමන්ගේම විශේෂත්වයේ ප්‍රායෝගික ස්වරූපය පෙන්විය යුතුයි. ඔබ, සම්පූර්ණයෙන් පිපුනු සුවඳවත් ආධ්‍යාත්මික රෝසමල් වැඩිම සංඛ්‍යාවක් ගෙන ආ යුතුයි. ඔබ ඔවුන්ව ගෙනැවිත් තිබේ. ඔබගෙන් ඇතැමුන් ඔවුන් ගෙනැවිත් ඇති නමුත් ඔබ මල් පොකුරක් රැගෙනවිත් නැහැ. අච්චා.

බාබා, විදේශයන්හි බොහෝ වර්ණනාව පවසා තිබේ. විදේශයන්හි විශේෂත්වය වන්නේ ඔබ බොහෝ නොබැඳී සිටින අතර බොහෝ සේ බැඳී සිටීමයි. විදේශයන්හි දරුවන්ගේ ආදරණීය නොබැඳීම දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. එම ජීවිතය දැන් අතීතය වී තිබේ. ඔබ සිරවී සිටි ප්‍රමාණයටම ඔබ දැන් නොබැඳී සිටිනවා. මේ නිසයි බාප්දාදා විදේශ වල අයගේ නොබැඳීම මෙන්ම සෙනෙහෙවන්ත බවටද ආදරය කරන්නේ. බාප්දාදා විශේෂ සෙනෙහස සහ සිහිපත් කිරීම ලබා දෙන්නේද මේ නිසයි. ඔබ තමන්ගේම විශේෂත්වයේ මුසුවී සිටිනවා නේද? ඔබ බොහෝ නොබැඳී මෙන්ම සෙනෙහසින්ද යුක්තයි නේද? ඔබට කිසිදු බැඳීමක් නැහැ නේද? කෙසේවෙතත් විදේශයන්හි අය, අමුත්තන් ලෙස නිවහනට පැමිණ සිටින අතර අමුත්තන් සෑම විටම ඉදිරියෙන් තබයි. භාරතයේ මිනිසුන්ට විදේශ අය දැකීමෙන් විශේෂ සතුටක් ඇති වන්නේ මේ නිසයි. අමුත්තන් ලෙස පැමිණ, සත්කාර කරන්නන් ලෙස පදිංචි වන සමහරුන්ද සිටිනවා. මෙය, සෑම විටෙකම විදේශ අයගේ ක්‍රියාකාරකම වී තිබේ. ඔවුන් අමුත්තන් ලෙස පැමිණ, සත්කාරකයන් ලෙස පදිංචි වෙයි. කෙසේවෙතත් ඔවුන් බොහෝ බාධක බිඳ දමා පියා වෙතට පැමිණ ඇත, එබැවින් ඔබ, ප්‍රථමයෙන් ඔබයි යැයි කියනු ඇත, එහෙම නේද? කොහොමනමුත්, භාරතයට තමන්ගේම විශේෂත්වය තිබෙන අතර විදේශයන්ට ඔවුන්ගේම විශේෂත්වය තිබේ. අච්චා.

නෙළුම් මල් ආසනයේ අසුන්ගෙන සිටින, කෝටි ගුණයක් භාග්‍යවන්ත සියලුම ජීවාත්මයන්ට, සෑම සිතිවිල්ලකින් සහ සෑම තත්පරයකදීම නිරන්තරයෙන් සුප්‍රසිද්ධ, සීනු 84ක් ඇති දේවතාවියන්ට... එබැවින් ඔබ 84දි සීනු නාද කරනවාද නැත්නම් අප තව කාලයක් බලා සිටිය යුතුද? විදේශයන්හි මිනිසුන්, කවදා සීනු නාද කරයිද කියා, බියෙන් ජීවත් වනවා. විදේශ භූමි, සීනු නාද කරයිද, නැතහොත් මෙම දේශය එය නාද කරයිද? 84 යනු, සෑම තැනකම සීනු නාද වන බවයි. ඕනෑම උත්සවයක් අවසානයේ, ඔවුන් ආරතිය (බන්දේසියක තබන පහන් වලින් සිදු කරන විශේෂ පූජාවක්) සිදු කරන විට, ඔවුන් බොහෝ හඬ නගා සීනු නාද කරන අතර ඉන්පසුව උත්සවය අවසන් වෙයි. ආරතිය කිරීම යනු, එය අවසානය බවයි. එබැවින් ඔබ දැන් කිරීමට යන්නේ කුමක්ද?

නෙළුම් මල් ආසනයේ අසුන්ගෙන සිටින සියලුම කෝටි ගුණයක් භාග්‍යවන්ත ජීවාත්මයන්ට, සෑම තත්පරයකදී සහ සෑම සිතිවිල්ලකින් නිරන්තර සේවකයන් වන අයට, පරිත්‍යාගශීලි හදවතකින් නිරතුරුවම සියලු සම්පත් ලබා දෙන මාස්ටර් පිරිනමන්නන්හට, තමන්ගේ පරිසමාප්තියෙන් අන් අයව පරිසමාප්ත කරවන අයට, ශ්‍රේෂ්ඨ භාග්‍යයට අයිතියක් ඇති අයට, නිරතුරුව ශ්‍රේෂ්ඨ සාක‍ෂි ලබා දෙන වටිනා දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, සිහිපත් කිරීම සහ නමස්තේ.

පන්ජාබ් වැසියන්ට

පියා මෙහි අසුන්ගෙන සිටින බැවින් ඔබට කිසිවක් සිතීමට අවශ්‍ය නැහැ. සිදුවන කුමක් වුවත් යහපතක් ගෙනෙයි. ඔබ සියලු දෙනාටම අයිතියි ඔබ හින්දූන් හෝ සීක්වරුන් නොවෙයි. ඔබ පියාට අයත්ය, එබැවින් ඔබ සියලු දෙනාට අයිතියි. ඔබ දෙවියන්ට අයත් මිනිසුන් බව, පකිස්ථානයේදීද ඔවුන් පැවසුවා. ඔබට කිසි දෙයක් සමග සම්බන්ධකමක් නැත. ඔබ දෙවියන්ට මිස වෙනත් කිසිවෙකුට අයත් නොවන්නේ, මේ නිසයි. කුමක් සිදුවුනත් ඔබ බියට පත්වන අය නොවෙයි. කෙතරම් ගින්දර තිබුණත් බළල් පැටවුන් ආරක‍ෂිතව සිටිවි. කෙසේවෙතත් ආරක‍ෂිත වන්නේ යෝග්යුක්තව සිටින අය පමණයි. ඔබ පියාට අයත් බව පවසන නමුත්, ඔබ සිහි කරන්නේ වෙනත් කෙනෙක් නොවිය යුතුයි. එවන් ජීවාත්මයන්ට උපකාර නොලැබෙයි. බිය නොවන්න. කිසි බියක් නොමැතිව නොකඩවා ඉදිරියට යන්න. සිහිපත් කිරීමේ වන්දනා ගමනේ, ගුණධර්ම ධාරණය කිරීමේ සහ ඉගෙනීමේ - සියලු විෂයන්ගෙන් ඉදිරියට ගමන් කරන්න. ඔබ වැඩියෙන් ඉදිරියට ගමන් කරන තරමට, වඩාත් පහසුවෙන් ඔබට අඛණ්ඩව ලැබීම් හිමිවෙයි.

තමන් මෙම ලෝක නාටකයේ, විශේෂ නළුවන් බව, ඔබ සියලු දෙනාම සලකනවාද? පෙර චක්‍රයේ ඔබගේ පිංතූර ඔබට දැන් පෙනෙනවාද? බ්‍රහ්මන දිවියේ විශ්මය මෙයයි. සෑම විටෙකම මෙම විශේෂත්වය සිහියේ තබාගන්න ඔබ සිටි අන්දම සහ ඔබ පත්ව ඇත්තේ කවුරුන් බවටද. ඔබ සිප්පි කටු වලින් දියමන්ති මෙන් වටිනා වී ඇත. දුක් ලෝකයේ සිට ඔබ සතුටු ලෝකයට පැමිණ ඇත. ඔබ සියලු දෙනාම මෙම නාටකයේ ප්‍රධාන නළු නිළියන්ය. බ්‍රහ්ම කුමර කුමරියන් වන ඔබ සෑම කෙනෙක්ම, පියාගේ පණිවිඩය ලබා දෙන පණිවිඩකරුවෙක්ය. දෙවියන්ගේ පණිවිඩය ලබා දෙන පණිවිඩකරුවන් බොහෝ උසස්ය. එබැවින් ඔබ අවතරණය වී ඇත්තේ නිරන්තරයෙන් මෙම කාර්යය ඉටු කිරීමටයි. ඔබ උඩ සිට පහළට පැමිණ ඇත්තේ මෙම පණිවිඩය දීමටයි. මෙම අවධානය ඔබට සතුට ලබාදෙයි. ඔබගේ මෙම කාර්යභාරය සෑම විටෙකම ඔබගේ සිහියේ තබාගන්න, එපමණයි සතුටු ආකරයේ අධිපතියන් ඔබයි. ඔබගේ නම්බු නාමය, මෙයයි.

තමන් සංගම යුගයේ ශ්‍රේෂ්ඨ බ්‍රහ්මන ජීවාත්මයන් බව, ඔබ නිරන්තරයෙන් අත්විඳිනවාද? සැබෑ බ්‍රහ්මනයන් යනු, සත්‍ය පියාගේ සත්‍ය හැඳින්වීම නිරතුරුවම ලබා දෙන අයයි. බ්‍රහ්මන පූජකයෙකුගේ වගකීම වන්නේ ආගමික කතා පුවත් පැවසීමයි. ඔබ ආගමික කතාපුවත් නොකියන අතර, ඔබ සත්‍ය හැඳින්වීම ලබා දෙයි. ඔබ සත්‍ය පියාගේ සත්‍ය හැඳින්වීම ලබා දෙන බ්‍රහ්මන ජීවාත්මයන්ය, යන කුල්මත්භාවය සෑම විටම පවත්වාගන්න. බ්‍රහ්මනයන්, දේවතාවන්ටත් වඩා උසස්ය. ඔවුන් බ්‍රහ්මනයන්ගේ ස්ථානය මුදුන් ගැටය බව පෙන්වන්නේ මේ නිසයි. මුදුන් ගැටයක් සහිත බ්‍රහ්මනයන්ගෙන් පිලිඹිමු වන්නේ උසස් මානසික ස්ථීතියක සිටින අයයි. ඔබ බොහෝ ඉහළින් සිටින විට, පහළින් ඇති සෑම දෙයක්ම කුඩා වෙයි. එවිට කිසිම දෙයක් ලොකු දෙයක් නොවෙයි. ඔබ උඩ ඉහළ අසුන්ගෙන සිටින විට, පහළ ඇති දේවල් ඉතා කුඩා ලෙස පෙනෙයි. ප්‍රශ්නයක් විශාල බව ඔබට දැනෙන විට, එයට හේතුව වන්නේ, ඔබ පහළ අසුන්ගෙන ඒ දෙස බැලීමයි. ඔබ උඩ ඉහළ සිට ඒ දෙස බලන්නේ නම්, ඔබට වෙහෙස වීමට සිදු නොවෙයි. එබැවින් ඔබ මුදුන් ගැටයක් සහිත බ්‍රහ්මනයෙක් බව, සෑම විටම සිහියේ තබාගන්න. මෙය මගින් විශාල ගැටළු පවා තත්පරයකදී කුඩා වෙයි. ඔබ ප්‍රශ්න වලට බිය වන අය නොවෙයි, නමුත් ප්‍රශ්න වලට විසඳුම් සොයාගෙන ඒවා අභිබවා යන අයයි. අච්චා.

අද උදෑසන (1984/04/18) අම්රිත් වේලාවේ, මධුබාන්වල සහෝදරයෙකුට හෘදයාබාධයක් වැලඳී, ඔහු තම සිරුර හැර ගියා. එම වෙලාවේ බාප්දාදා පැවසූ ශ්‍රේෂ්ඨ වදන් මේවාය.

ඔබ සියලු දෙනාම නාටකයේ සෑම ජවනිකාවක්ම නොබැඳි නරඹන්නන් ලෙසින් නරඹන ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්, එහෙම නේද? නාටකයේ ඇති ඕනෑම ජවනිකාවක් යහපත් බව කියයි. අළුත් දෙයක් නොවෙයි! (ඔහුගේ නෑනාට කතා කරමින්) ඔබ මොනවාද සිතන්නේ? නොබැඳි නරඹන්නෙකුගේ අසුනේ අසුන්ගෙන සෑම ජවනිකාවක්ම නැරඹීමෙන් ඔබට මෙන්ම එම ජීවාත්මයට ද යහපතක් තිබේ. ඔබට මෙය වැටහෙනවා නේද? ඔබ සිහිපත් කිරීමේදි ශක්ති ස්වරූපයක් නේද? ශක්ති කෙනෙක් සෑම විටම ජයගනී. ඔබගේ සියලු චරිත කොටස් ජයග්‍රාහි ශක්ති කෙනෙක් ලෙස රඟපාන කෙනෙකි ඔබ. මෙයත් චරිත කොටසක්. ඔබගේ චරිත කොටස රඟපාන අතර වෙනත් කිසිදු සිතිවිලි ඇති කර නොගන්න. සෑම ජීවාත්මයකටම තමාටම වෙන්වූ චරිත කොටසක් තිබේ. දැන් එම ජීවයට, සාමයේ සහ බලයේ සහයෝගය ලබාදෙන්න. ඔහුට දිව්‍යමය පවුලේ බොහෝ දෙනෙකුගේ සහයෝගය ලැබෙනවා, එබැවින් සිතන්න දෙයක් නැහැ. මෙය මහා වන්දනා ස්ථානයක් නොවේද? ඔහු ශ්‍රේෂ්ඨ ජීවාත්මයක්, මෙය ශ්‍රේෂ්ඨ වන්දනා ස්ථානයක්. සෑම විටෙකම ශ්‍රේෂ්ඨත්වය ගැන සිතන්න. ඔබ සියලු දෙනාම අසුන්ගෙන සිටින්නේ සිහිපත් කිරීමේ නේද? ආදරණීය දරුවෙක්, පැරණි සිරුරක ඔහුගේ ගිණුම අවසන් කර, එය හලා දමා, සූදානම්ව තිබෙන නව සිරුරට පිටව ගොස් තිබේ. එබැවින් දැන් සෑම කෙනෙක්ම එම භාග්‍යවන්ත ජීවාත්මයට සාමයේ සහ බලයේ සහයෝගය ලබාදෙන්න. මෙය විශේෂ සේවයකි. ඇයි? හෝ කුමටද? තුළට නොයන්න. නමුත් ශක්ති ස්වරූපයක් ලෙසින් ඔබම ලෝකයට සාමයේ කිරණ පතුරන්න. ඔහු ශ්‍රේෂ්ඨ ජීවාත්මයක්, ආදායමක් උපයාගන්න ජීවයක්, එබැවින් සිතන්නට දෙයක් නැත. ඔබට වැටහෙනවාද?

වරදානය:
ඔබගේ සුරඟන ස්වරූපයේ අවධානය තිබීමෙන් සහ පියාගේ ආරක‍්ෂක වියන අත්විඳීමෙන්, ඔබ බාධක ජයගන්නා කෙනෙක් වේවා.

ඔබ අම්රිත් වේලාවේ අවදි වූ සැනින්, ඔබගේ අවධානයට මෙය ගෙන එන්න මා සුරංගනාවක්. ඔහු ආදරය කරන මෙම තෑග්ග, බ්‍රහ්ම පියාට ලබා දෙන්න, එවිට බාප්දාදා දිනපතාම අම්රිත් වේලාවේදි ඔහුගේ දෑතේ ඔබව වෙලාගෙන, අතීන්ද්‍රීය සුඛයෙන් බාබාගේ දෑතේ ඔබ පැද්දෙන බව අත්විඳිවි. සුරඟන ස්වරූපයේ අවධානය පවත්වාගන්නා අයට, යම් අහිතකර අවස්ථාවක් හෝ බාධකයක් පැමිණියත්, පියා ඔවුන්ට ආරක‍්ෂක වියන වෙයි. එබැවින් පියාගේ ආරක‍්ෂක වියන සහ ඔහුගේ සෙනෙහස අත්විඳිමින්, බාධක ජයගන්නෙක් වන්න.

පාඨය:
සතුටේ ප්‍රතිරුවක් වන ජීවාත්මයක්, ඔහුගේ ආදිතම ස්ථීතිය තුළින් පහසුවෙන් අහිතකර සිදුවීම් ජයගනි.