03.03.24    Avyakt Bapdada      Sinhala Murli     21.11.98    Om Shanti    Madhuban


‌සේවය වැඩි කරනවාත් සමගම, සිරුරක් තුළ සිටියදි ඔබ අශාරීරික වීමේ අත්දැකීමත් වැඩි කර ගන්න.


අද දින, සෑම තැනකම සිටින ඔහුගේ දරුවන් දැකීමෙන් බාප්දාදා සතුටු වනවා, මන්ද, ඔහුගේ සෑම සියළු දරුවෙක්ම උත්සාහ දැරීම අතින් අන්තිම කෙනා වුනත්, සෑම දරුවෙක්ම ලෝකයේ භාග්‍යවන්තම කෙනෙකි. භාග්‍යය පිරිනමන්නා වන පියාව දැන හැදින ගැනීමෙන්, ඔබ භාග්‍යය පිරිනමන්නාගේ ඍජු දරුවන් වී ඇත. මුඵ කල්පය පුරාම වෙනත් කිසිදු ජීවාත්මයකට මෙම භාග්‍යය නොමැති අතර කිසිවෙකුට මෙවන් භාග්‍ය්‍යක් ලැබීමද සිදු විය නොහැකි දෙයක්. මෙයට අමතරව, වෙනත් කිසිවෙකුට ඔබ තරම් සමෘද්ධිමත් හෝ ධනවත් විය නොහැක. කෙනෙක් කෙතරම් කෝටිපතියෙක් වුනත්, ඔය දරුවන්ට ලැබෙන සම්පත් අතින් බැලූ විට කිසිවෙක් ඔබ සමග සැසදිය නොහැක, මන්ද, ඔය දරුවන් සෑම පියවරකදීම කෝටි ගණනක ආදායමක් උපයා ගනී. ඔබ එක පියවරක්, පියවර දෙකක් හෝ පියාගේ ස්මරණයේ පියවර කිහිපයක් තබන්නේ නම්, මුළු දවසක් පුරා ඔබ කෝටි කීයක් උපයා ගනීද? දවසක් තළදි ප්‍රකෝටි ගුණයක් උපයා ගත හැකි වෙනත් කිසිවෙක් සිටියිද? මේ නිසයි බාප්දාදා පවසන්නේ, ඔබට වඩාත්ම භාග්‍යවන්ත අයව දැක ගැනීමට අවශ්‍ය නම්, එසේ නැතහොත් ඔබට ‘ලෝකයේ ධනවත්ම’ අයව දැක ගැනීමට අවශ්‍ය නම්, පරම පියාගේ දරුවන් දෙස බලන්න.

ඔය දරුවන්ට තිබෙන්නේ භෞතික ධනය යන එක් ධනය පමණක් නොවෙයි. ඒ මිනිසුන් භෞතික ධනයෙන් පමණක් ධනවත්ව සිටින අතර ඔය දරුවන් බොහෝ සම්පත් වලින් පිටාර ගලනවා. ඔබගේ සම්පත් වල ලැයිස්තුව ඔබ දන්නවාද? භෞතික ධනය ලොකු දෙයක් නොවෙයි, නමුත් ඔබට මෙම දැනුමේ සම්පත, බලයන්ගේ සම්පත, සියලු ගුණධර්ම වල සම්පත, සතුටේ සම්පත සහ සියලු දෙනාට සාමය සහ සතුට වෙතට මාර්ගය පෙන්වීමෙන් ලැබෙන ආශිර්වාද වල සම්පතත් තිබේ. ඔය දේවමය දරුවන් හැර වෙනත් කිසිම කෙනෙකුට මෙම අවිනාශී සම්පත් ලැබෙන්නේ නැත. එබැවින් එවන් සම්පත් වල පාලකයන් වන ඔය දරුවන් ගැන බාප්දාදා තුළ බොහෝ ආධ්‍යාත්මික අහංකාරකමක් තිබේ. නිරන්තරයෙන් පිරි ඉතිරී යන දරුවන් දැක, බාප්දාදා මෙම ගීතය ගායනා කරයි: “අපූරුයි දරුවනේ! අපූරුයි!” ඔබට එවන් ආධ්‍යාත්මික අහංකාරකමක් තිබෙනවාද, එනම්, තමන් තුළ කුල්මත් බවක් තිබෙනවාද? ඔබට අතින් අත්පොළසන් ගැසිය හැක. (සියලු දෙනාම අත්පොළසන් ගැසීය). ඔබගේ අත් දෙකටම මෙම කරදරය දෙන්නේ ඇයි? එක අතකින් අත්පොළසන් ගසන්න! එක් අතකින් අතපොළසන් ගැසීමට ඔබ දන්නවා නේද? බ්‍රහ්මනයන් සිදු කරන සෑම දෙයක්ම අසහායයි. බ්‍රහ්මනයන් බොහෝ සේ සාමයට ප්‍රිය කරන අයයි. එබැවින් සාමයෙන් අත්පොළසන් ගැසීම හොදයි. ඔබ සියළු දෙනාටම මෙම කුල්මත් බව තිබෙන අතර අනාගතයේද ඔබට එය තිබෙයි. මෙය සහතිකයක්.

කාලයේ පරිවර්ථනයේ සීඝ්‍ර වේගය දැක, දරුවන් සිදු කරන උත්සාහයේ වේගය දෙසත් බාප්දාදා නොකඩවා බලයි. බාප්දාදාට නිරන්තරයෙන් අවශ්‍ය වන්නේ සෑම සියලු දරුවෙක්ම ඔහුගේ ජීවන-මුක්ති ස්ථිතියේ සිටිනවා දැකීමටයි. ඔබ සියලු දෙනාම, සෑම කෙනෙකුටම මෙම අභියෝගය නිකුත් කරයි: “පැමිණ මුක්තිය සහ ජීවන-මුක්තියේ උරුමය පියාගෙන් හිමි කරගන්න.” කෙසේවෙතත්, ඔබට දැනටමත් මුක්තිය සහ ජීවන-මුක්තියේ උරුමය හිමි වී තිබෙනවා නේද? එසේ නැත්නම් ඔබට එය ලැබී නොමැතිද? (අපට එය ලැබී තිබෙනවා). ඔබට සත් යුගයේ හෝ මුක්ති දේශයේ, මුක්තිය හෝ ජීවන-මුක්තිය අත්විදීමට ලැබෙන්නේ නැත. ඔබ මුක්තිය සහ ජීවන-මුක්තියේ උරුමය අත්විදිය යුත්තේ දැන්, සංගම යුගයේය. මෙම ජීවිතය ගත කිරීමෙන්, සංවේදී කාලයන්හිදි, සිදුවීම්, ගැටළු සහ වාතාවරණය දෙගුණයක් කරදරකාරී වූ විට, ඔබ ඒ සියල්ලන්ගේ බලපෑමෙන් නිදහස්ව රැදී සිටිය යුතුයි. මෙම ජීවිතය ගත කරන අතර ඔබ ,මේ සියළුම බන්දන වලින් නිදහස් විය යුතුයි. එකදු සියුම් බන්දනයක්වත් නොතිබිය යුතුයි. ඔබ මේ තරමට ජීවන මුක්තියෙන් සිටිනවාද, නැත්නම් ඔබ මෙය බවට පත් වන්නේ අවසානයේද? ඔබ මෙය වන්නේ දැන්ද, අවසානයේද? අවසානයේදි මෙය වනවා වෙනුවට ඔබ දැන් මෙය බවට පත්විය යුතු බව හැගෙන අය, හෝ ඔවුන් දැනටමත් මෙය වී ඇති බව, හෝ ඔවුන් මෙය බවට පත් වෙයි කියා හැගෙන අය, ඔබගේ අත් ඔසවන්න! (සියළු දෙනාම අත් එසවීය). ඔබ අවස්ථා දෙකටම ඔබගේ අත් ඔසවනවා. ඔබ ඉතා දක්ෂයි. ඔබ දැන් දක්ෂ ඇති, නමුත් බාප්දාදා ඔබට දැන් ඉතා පැහැදිලිව පවසන්නේ: කරුණාකර අවධානය යොමු කරන්න! පියා අනිවාර්යෙන්ම සෑම බ්‍රහ්මින් දරුවෙක්වම බන්දන වලින් නිදහස් සහ ජීවන-මුක්තියට පත් කළ යුතුයි. ඔහු භාවිතා කරන ඕනෑම ක්‍රමයකින් ඔහු නියත වශයෙන්ම ඔබව මෙය බවට පත් කළ යුතුයි. ඔබ ක්‍රමවේද දන්නා තරමට අනුව ඔබ දක්ෂයි, එහෙම නේද? මෙය බවට පත්විය යුතු අය, ඔබයි. ඔබට අවශ්‍ය වුනත් නැතත්, ඔබ මෙය විය යුතුව තිබේ. ඔබ දැන් කරන්නේ කුමක්ද? ( අප දැන් මෙය බවට පත් වෙනවා). ඔබගේ මුවේ ගුලාබ් ජමූන් තිබේවා. (මෙය සැබෑවක්ම වේවා). ඔය සෑම කෙනෙකුගේම මුවට ගුලාබ් ජමූන් ලැබුනාද? කෙසේවෙතත්, මේ ගුලාබ් ජමූන් තිබෙන්නේ, මෙකල බන්දන වලින් නිදහස් වීම සදහාය. නිකම්ම ගුලාබ් ජමූන් එක ඒ අන්දමින් කා නොදමන්න.

මෙම ශාලාවේ සුන්දරත්වය ඉතා හොදයි. මෙහි සිට බලද්දි, එය දිස් වන්නේ සැබවින්ම මල්දමක් ලෙසින්ය. මෙහි සිට ඔබට එය පෙනෙන්නේ, සැබවින්ම මල්දමක් ලෙසයි. පුටු ඇති අයගේ මල්දමත් සූදානම්. එය හොදයි. එක හෝ තව හේතුවක් නිසා ඔබ මේ වෙලාවේ පුටු ගෙන තිබෙනවා. ඔබට මෙකල පුටු ලැබී තිබෙනවා, එමෙන්ම ඒ අන්දමින්ම, බාප්දාදා අවසන් මොහොත සදහා ඔබට ජීවන-මුක්ති පුටුවේ අසුන් ගැනීමට විසිලය පිඹින විට, ඔබ එම පුටුවේ අසුන් ගන්නවාද, නැත්නම් ඔබ දැන් ඔය පුටුවල අසුන් ගැනීම පමණක් සෑහෙයිද? ඔබට පුටුවල අසුන් ගත හැක. මේ වෙලාවේ බිම අසුන්ගෙන සිටින අයට එවිට පුටුවක් නොලැබෙනවා නොවෙයි. නැහැ, ඔබ ප්‍රථම අය වෙයි. බිම අසුන් ගැනීම, තපස්යාවේ සලකුණකි; එය නිරෝගිකමේ ලක්ෂණයක්. ඔබට මෙම නිරෝගිකම තිබෙන අතර ඔබගේ තපස්යාව තුළින් සම්පත් වල ධනයද තිබේ. එබැවින් නිරෝගිකම සහ ධනය ඇති තැන, නියත වශයෙන්ම සතුටත් තිබෙයි. ඔබ නිරෝගි සහ ධනවත්ව සිටීම හොදයි.

අද දින බාප්දාදා දරුවන් අතරේ තුන් ආකාරයක මනෝ ස්ථිති දුටුවා. එක කණ්ඩායමක් වන්නේ උත්සාහ දරන අයයි. සමහරු උත්සාහ දරන්නන් වන අතර තව අය තීව්‍ර උත්සාහ දරන්නන්ය. දෙවැන්න වන්නේ ඔවුන්ගේ උත්සාහයේ ප්‍රතිඵලය ලෙස ජීවන-මුක්ති ස්ථිතිය අත්විදින අයයි. කෙසේවෙතත්, අවසන් අංග සම්පූර්ණ ස්ථිතිය වන්නේ ශරීරයක් තුළ සිටින නමුත් අශාරීරික ස්ථිතිය අත්විදීමයි. බාබා මෙම ස්ථිති තුන දුටුවා. ඔහු වැඩි සංඛ්‍යාවක් දුටුවේ උත්සාහ දරන ස්ථිතියේය. ජීවන-මුක්තියේ ප්‍රතිලාභය වන්නේ, ඔබ මධ්‍යස්ථානයක උපකරණයක් වීම, ඔබ හොද දේශකයෙක් වීම හෝ නාටකයට අනුව ඔබ විශේෂ, විවිධ අන්දමේ සේවාවන් වෙනුවෙන් උපකරණයක් වීම නොවෙයි. ඔබගේ උත්සාහයන්ට ප්‍රතිලාභය එය නොවෙයි. එය ඔබට තව ඉදිරියට ගමන් කිරීමට සහ ඔබට සියළු දෙනාගෙන් ආශිර්වාද ලබා ගැනීමට ඉහළ නැංවීමක් පමණයි. කෙසේවෙතත්, සැබෑ ප්‍රතිලාභය වන්නේ ජීවන-මුක්තියයි. කිසිදු බන්දනයක් නොතිබිය යුතුයි. බොහෝ රැහැන් වලින් බැද ඇති, දැනුම නොමැති සාමාන්‍ය ජීවයකගේ ප්‍රතිමාවක් ඔබ පෙන්වයි. ඒවා සැබවින්ම දැනුම නොමැති ජීවාත්මයන්ට යකඩ දම්වැල්ය. ඒවා විශාල බන්දනයි. කෙසේවෙතත්, දැනුමැති ජීවාත්ම වන දරුවන්ට ඉතා සියුම් සහ ආකර්ෂණිය වන නූල් තිබේ. ඔබට දිස්වන යකඩ දම්වැල් තව දුරට නොමැත, නමුත් ඔබට ඉතා සියුම් සහ රාජකීය බන්දන තිබෙනවා. ඔබ තමන්ගේම පෞරුෂත්වය දෙස බලන විට මෙම නූල් නොපෙනෙයි. ඔබට තමන්ගේම යහපත්කම දැනෙයි; ඔබට සැබවින්ම එම යහපත්කම නොමැත, නමුත් ඔබ සිතන්නේ ඔබ ඉතා යහපත් මෙන්ම ඉතා වේගයෙන් ඉදිරියට ගමන් කරන බවයි. එබැවින් බාප්දාදා දුටුවේ වැඩි දෙනෙකුට මෙම ජීවන බන්දන රැහැන් තිබෙන බවයි. ඔබට එක බන්දනයක් තිබුණත් බන්දන භාගයක් තිබුණත් සම්පූර්ණ ජීවන-මුක්තියෙන් සිටින අය ඉන්නේ ඉතාමත්ම ටික දෙනෙකි. එබැවින් මෙම ගිණුමට අනුව, දෙවන ස්ථිතිය වන්නේ ජීවන-මුක්තියෙන් සිටීම බව, බාප්දාදා දුටුවා. අවසන් ස්ථිතිය වන්නේ අශාරීරික වී තම සිරුරට නොබැදී සිටීමයි. ඔබ මෙම ස්ථිතිය, බාබා විස්තර කළ ස්ථිතිය, නිර්මාණය කිරීමට බොහෝ අවධානය යොමු කළ යුතුයි. 1999 වසර පැමිණි විට කුමක් සිදුවෙයිද කියා සියළුම දරුවන් විමසනවා. “ අපි කළ යුත්තේ කුමක්ද? අප නොකළ යුත්තේ කුමක්ද?”

බාප්දාදා පවසන්නේ: 1999යේ ප්‍රශ්නය පසෙක තබන්න. දැන් සිට ඔබ බොහෝ සේ අශාරීරික ස්ථිතිය අත්විදිය යුතුයි. මන්ද දැන් පැමිණෙන කුමන හෝ අවස්ථාවන්ට මෙන්ම පැමිණීමට ඇති සිදුවීම් වලටත් ඔබ බොහෝ සේ අශාරීරික ස්ථිතිය පුහුණු කළ යුතුයි. දැන් පැමිණෙන සිදුවීම් වලට මෙන්ම පැමිණීමට ඇති සිදුවීම් වලට, ඔබට අශාරීරික ස්ථිතියේ පුහුණුව බොහෝ අවශ්‍ය වෙයි. එබැවින් අන් සෑම දෙයක්ම පසෙකට දමා “මෙය සිදු වෙයිද?” හෝ “මෙය සිදු නොවෙයිද?” යන ප්‍රශ්නත් පසෙකට දමන්න. අශාරීරික ස්ථිතිය පුහුණු කරන දරුවන්ට කිසිම සිදුවීමක් හෝ ව්‍යසනයක් බලපෑම් ඇති නොකරයි. ඔබව චංචල කිරීමට සොබා දහමේ මහා භූතයන් පහම හැකි පමණින් වෙර දැරුවත් අශාරීරික ස්ථිතිය පුහුණු වන අයට සම්පූර්ණයෙන් අචලව සහ නොසැලී රැදී සිට සම්මාන ඇතිව සමත් වීමට හැකි වෙයි. සියළුම සිදුවීම් ගෙවී යන අතර, බ්‍රහ්ම පියා හා සමානව, සම්මාන ඇතිව සමත් වූ කෙනෙක්ව ඔප්පු කර පෙන්වන කෙනෙක් බවට ඔබ පත් වෙයි. බාප්දාදා විටින් විට ඔබට සංඥා කරමින් සිට ඇති අතර නොකඩවා එසේ කරනු ඇත. ඔබ බොහෝ දේ ගැන සිතන අතර ඔබ සැලසුම්ද සාදයි. ඔබට එසේ කළ හැක. ඔබට මේ දේවල් ගැන සිතා බැලිය හැක, නමුත් සිදු වීමට යන දේවල් ගැන පුදුමයෙන් හෝ විශ්මයෙන් නොසිතන්න. අශාරීරිකව සහ නොබැදි නරඹන්නෙක් ලෙස රැදී සිටිමින් මේ දේවල් ගැන සිතන්න. සිතා, සැලසුමක් සාදන්න, ඉන්පසුව තත්පරයකදි සම්පූර්ණයෙන් සරල (plain) ස්ථිතියක් ඇති කෙනෙක් වන්න. මෙම ස්ථිතිය දැන් අවශ්‍යයි. අශාරීරික ස්ථිතිය ඔබට සියළු අවස්ථා පහසුවෙන් අභිබවා යාමට උපකාරී වෙයි. වළාකුළු පැමිණ පිටවෙනවා සේ, අශාරීරික අය, අචලව සහ නොසැලී සිටිමින් නොකඩවා ක්‍රිඩා නරඹයි. අවසන් මොහොත ගැන සිතනවා වෙනුවට, ඔබගේ අවසන් මනෝ ස්ථිතිය ගැන සිතන්න.

බාප්දාදාට අඛණ්ඩව සෑම තැනකම සිදුවන පුවත් අසන්නට ලැබෙනවා. තවද වෙහෙස නොබලා සේවය කරන අයට බාප්දාදා ඔහුගේ හදවතින් සුබ පැතුම් ලබා දෙනවා. ඔබ බොහෝ උනන්දුවකින් සහ උද්යෝගයකින් ඉතා හොදින් සේවය සිදු කරනවා. මෙය නොකඩවා සිදු කරන්න; කෙසේවෙතත්, සේවය කිරීම සහ ඔබගේ මනෝ ස්ථිතිය අතර සමබරතාවය, විටෙක එක් පැත්තකටත් තවත් විටෙක අනෙක් පැත්තටත් බර වෙයි. එබැවින්, ඔබට බොහෝ සේවය සිදු කළ හැක, එමෙන්ම ඔබ සිදු කරන සේවයට බාප්දාදා “එපා” නොකියයි. ඔබට එය විශාල බලයකින් (උනන්දුවෙන්) සහ උද්යෝගයකින් සිදු කළ හැක. කෙසේවෙතත්, සේවය කිරීම සහ ඔබගේ ස්ථිතිය අතර නිරතුරුව නොකඩවා සමබරතාවයක් පවත්වා ගන්න. ඔබගේ මනෝ ස්ථිතිය නිර්මාණය කර ගැනීමට සුළු උත්සාහයක් අවශ්‍යයි, නමුත් සේවය පහසුවෙන් සිදු වෙයි. මේ නිසයි සේවයේ බලය, ඔබගේ මනෝ ස්ථිතියේ බලයට වඩා ටිකක් විශාල වන්නේ. මෙම සමබරතාවය පවත්වා ගෙන ඒ අනුව අඛණ්ඩව බාප්දාදාගෙන්, ඔබ සමග නෑ සබදතාවයකට පැමිණෙන සියළුම ජීවාත්මයන්ගෙන් මෙන්ම බ්‍රහ්මින් පවුලේ ජීවාත්මයන්ගෙන්ද ආශිර්වාද හිමි කර ගන්න. ඔබගේ ගිණුමේ බොහෝ විශාල සම්පත් ප්‍රමාණයක් රැස් කර ගන්න. මෙකල ඔය ජීවාත්මයන්ගේ ගිණුම, ආශිර්වාද වලින් බොහෝ සේ පුරවාගන්න, එවිට තඹ යුගයේ පටන් සියළුම ජීවාත්ම, ඔබගේ ප්‍රතිමා වලින් අඛණ්ඩව ආශිර්වාද ලබා ගනි. ඔබ බොහෝ උපත් ගණනාවක් ආශිර්වාද ලබා දිය යුතුයි, නමුත් ඔබ මෙම ආශිර්වාද රැස් කර ගත යුත්තේ මෙම එක උපතෙදී පමණයි. එබැවින් ඔබ කරන්නේ කුමක්ද? නිරන්තරයෙන් ඔබ ඉදිරියේ ඔබගේ ස්ථිතිය තබා ගෙන නොකඩවා සේවයේ ඉදිරියට යන්න. සිදුවීමට යන දේ ගැන නොසිතන්න. බ්‍රහ්මින් ජීවාත්මයන්ට සෑම දෙයක්ම හොද වන අතර සිදුවීමට තිබෙන සෑම දෙයක්ම හොද වෙයි. කෙසේවෙතත්, එය නිරන්තරයෙන් හොද වන්නේ සමබරතාවය පවත්වාගන්නා අයට පමණයි. ඔබට මෙම සමබරතාවය නොමැති නම්, එවිට ඇතැම් විටෙක සියල්ල හොද වන අතර විටෙක සියල්ල එතරම් හොද නොවෙයි. ඔබ දැන් කළ යුත්තේ කුමක්ද කියා ඔබට ඇසුණාද? ප්‍රශ්නාර්ථ ලකුණක් හෝ විශ්මයේ ලකුණක් ඇතිව මේ දේවල් ගැන නොසිතන්න. “කුමක් වෙයිද?” හෝ “සමහර විට මෙහෙම වෙයි!” කියා නොසිතන්න. මෙය, ඔබගේ ස්ථිතිය චංචල කරයි. ඔබට වැටහෙනවාද?

විදේශික කණ්ඩායම සිටගන්න! විදේශිකයන්ගේ එක විශේෂත්වයකට බාප්දාදා ප්‍රිය කරයි. එය කුමක්ද? සෑම කොණකම පියා වෙනුවෙන් ස්ථානයක් සෑදීමට ඔබ සියළු දෙනා තුළ බොහෝ උනන්දුවක් සහ උද්යෝගයක් තිබෙන අතර ඔබ එය ප්‍රායෝගිකව සිදු කර තිබේ. මේ වසරේ ඔබ අළුත් මධ්‍යස්ථාන කොපමණ සංඛ්‍යාවක් ස්ථාපිත කළාද? (12 සිට 15). සෑම තැනකටම පණිවිඩය ලබා දීමට ඔබ තුළ හොද උනන්දුවක් සහ උද්යෝගයක් තිබෙනවා. මෙම අරමුණ ඉතා හොදයි. ඔබ යන ඕනෑම තැනක යම් කෙනෙක්ව උපකරණයක් බවට පත් කිරීමේ හොද අරමුණක් ඔබට තිබෙනවා. ඔබගේ විශේෂතාවය මෙයයි. ඔය සෑම කෙනෙක්ම සේවය වෙනුවෙන් උපකරණයක් වීමට, හැකි තරමින් ඉදිරිපත් වන අතර ඔබ මෙය ප්‍රායෝගිකවද සිදු කරයි. සෑම නිවහනකම බාබාගේ නිවසක් තිබිය යුතු බව, ඔබ සියළු දෙනාම සිතයි. මෙම උනන්දුව සහ උද්යෝගය ඉතා හොදයි. එබැවින් ඔබට උනන්දුව සහ උද්යෝගය ඇතිව ඉදිරියට ගමන් කිරීමට බාප්දාදා කල් තියා සුබ පැතුම් ලබා දෙනවා. බාප්දාදා විදේශිකයන්ට එනම්, ලෝක යහපත සදහා උපකරණ වන දරුවන්ට පවසන්නේ: විදේශ වල ඔය දරුවන් දැන් සේවයේ මෙන්ම ඔබගේ අශාරීරික ස්ථිතිය නිර්මාණය කිරීමේද අංක එක බවට පත් විය යුතුයි. ඔබට මෙය වීමට අවශ්‍යද? කවදාද? 1999ද නැත්නම් 2000ද? “කවදාද?” නොකියන්න. “දැන්” කියන්න. අව්‍යක්ත පියාගෙන් ඔබට ලැබී ඇති පෝෂණය, ඔබ ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්විය යුතුයි. බ්‍රහ්ම පියා, අව්‍යක්ත සහ කර්මතීට් වුනේ අශාරීරික වීමේ ස්ථිතිය තුළින්ය. ඔබ අව්‍යක්ත බ්‍රහ්මගෙන් ලැබුණු පෝෂණයට විශේෂයෙන් සුදුසුයි එබැවින් ඔබ අශාරීරික වීමේ ස්වරූපයෙන්, ඔබට ලැබුණු අව්‍යක්ත පෝෂණයේ ප්‍රතිචාරය ඔබ පියාට ලබා දිය යුතුයි - සේවය කිරීම සහ ඔබගේ ස්ථිතියේ සමබරතාවයේ ස්වරූපයෙන්. මෙය හොදද? ඔබ එකගද? ඔබ මෙය කළ යුතුයි. ඔබ මෙසේ කිව යුතුයි කියා බාප්දාදා සිතන්නේ නැහැ: “ අපි ඒ ගැන බලන්නම්” හෝ “අපි ඒ ගැන සිතන්නම්.” නැහැ. ඔබ මෙය කළ යුතුයි. තමන්ගේම භාෂාවෙන් කියන්න: “මා මෙය කළ යුතුයි.” රූපවාහිනියෙන් නරඹන ඔය සියළු දෙනා, ඔබ සියළු දෙනාත් මෙය කියනවාද? ඔබ භාරතයේ හෝ විදෙස් රටක සිට රූපවාහිනියෙන් නරඹමින් සිටියත් මෙය කිරීමට සියළු දෙනාටම අනිවාර්යෙන් උද්යෝගයක් තිබේ. “ මා මෙය අනිවාර්යෙන් කළ යුතුයි.” කල් තියා සුබ පැතුම්. අච්චා.

(විදෙස් රටකින් ප්‍රථම වතාවට පැමිණි අය. වැඩමුළුවට (retreat) ප්‍රථම වතාවට පැමිණි අමුත්තන්ද, සිට ගන්න.) එය ඉතා හොදයි. ඔබ සියළු දෙනාම අංක එක හිමි කර ගනිවි. (වැඩ මුළුව අවසන් වූනාට පසුව නතර වුණු අමුත්තන් මුණ ගැසෙමින්). එය ඉතා හොදයි. ඔබ අමුත්තන් ලෙස මෙහි පැමිණ පියාට අයිතියක් හිමි කරගෙන තිබේ. ඔබ සියළු අයිතීන් හිමි කරගෙන තිබෙනවා නේද? ඔබ සියළු අයිතීන් ඇති කෙනෙක්ද? දැන් අඛණ්ඩව ඉදිරියට යන්න.

(බාප්දාදා ග්ලෝබල් රෝහලේ භාරකරුවන් මුණගැසෙමින්). ඔබ සියළු දෙනාම ද්විත්ව භාරකරුවන්. එකක් නිවසේ වාසය කරන අතර භාරකරුවෙක් වීම වන අතර අනෙක රෝහලේ වාසය කරන අතර භාරකරුවෙක් වීමය. ඔබ රෝහලේ භාරකරුවන් මෙන්ම ඔබගේ ජීවිතවලද භාරකරුවන්ය. එය හොදයි. රෝහල, ජීවාත්ම මෙන්ම ශරීර වලටත් සේවය සිදු කරනවා. එබැවින් ද්විත්ව සේවයක් සිදු වෙනවා. එබැවින් මෙයට උපකරණ වන අය නොකඩවා දෙගුණයක් ආශිර්වාද හිමි කරගන්නවා. ඔබ ඉතා හොද සැලසුම් සාදා තිබෙනවා. සේවය කිරීමට අවස්ථාවක් (chance) ලබා ගැනීම යනු, කුලපතියෙක් (chancellor) වීමය. ඒ අන්දමේ (ලෞකික) කුලපතියෙක් නොවෙයි, නමුත් ආධ්‍යාත්මික විශ්ව විද්‍යාලයේ කුලපතියෙක්. එය හොදයි.

(ඔස්ට්‍රේලියාවේ අය ඔලිම්පික් ක්‍රීඩා සමයේ විශාල වැඩසටහනක් පැවැත්වීමට යනවා. ඔවුන්ගේ සැලසුම බාප්දාදාට පෙන්වන ලදි.) උනන්දුව සහ උදයෝගය ඇති තැන සහ සියළු දෙනාම එක් උපදෙසක් යටතේ එකමුතුව ඇති විට සාර්ථකත්වය සහතිකයි. එය හොදයි. ඔබට මෙය කළ හැක. විදෙස් රටවල බාබාගේ නාමය කීර්තිමත් කරන්න. එය ඉතා හොදයි.

භාරතයෙන් පැමිණි සියළු දෙනාටම තිබෙන විශේෂ කුල්මත් බව වන්නේ බාප්දාදා භාරතයේ අවතරණය වීම සහ ඔහු ඔවුන්ව මුණගැසීමට පැමිණෙන විට, ඔහු පැමිණෙන්නේ භාරතයට වීම. එබැවින් ඔබට දෙගුණයක කුල්මත් බවක් තිබෙනවා නේද? විදෙස් රටවලට පණිවිඩය දුන්නේ භාරතයයි, එබැවින් භාරතයට විදේශයේ සිටි ඔවුන්ගේ පවුල හමුවී ඇති අතර එය එක පවුලක් බවට පත් වී තිබේ. මේ නිසයි භාරතයේ දරුවන් සෑම විටම බොහෝ සේ වැදගත් වන්නේ; භාරතයේ වැදගත්කම වැඩි වීමටයි යන්නේ, එබැවින් මින් අදහස් වන්නේ භාරතයේ ජනතාවගේද වැදගත්කමය. එබැවින් මෙහි ළගා වී ඇති අළුත් සහ පරණ සියළුම දරුවන්, පැමිණ ඇත්තේ බොහෝ සෙනෙහසින්ය. සියළුම දරුවන්ගේ සෙනෙහස දැකීමට මෙන්ම ඔවුන් සෑම තැනකම සිදු කරන සේවයේදී ලබා දෙන සහයෝගය දැකීමට බාප්දාදා සතුටු වනවා. දරුවන්ද සිටින්නේ නිරතුරුවම සතුටින්ය. ඔබ සතුටින් රැදී සිටිනවාද? ඔබගේ සතුටට අඩු වීමට කිසිම විටෙක ඉඩ නොදෙන්න. මෙය පියාගෙන් ලැබෙන විශේෂ සම්පතකි. එබැවින් කිසිම විටෙක ඔබගේ සතුට අත් නොහරින්න. නිරන්තරයෙන් සතුටින් රැදී සිටින්න. අච්චා.

සෑම තැනකම සිටින වඩාත්ම භාග්‍යවන්ත අයට, වඩාත්ම ශ්‍රේෂ්ඨ සම්පත් වල අධිපතියන්ට, නිරන්තරයෙන් සේවය කිරීම සහ තම මනෝ ස්ථිතිය අතර තුලනයක් තබා ගන්නා දැනුමැති ජීවාත්මයන්ට, සියළු බලයන්ගෙන් පිරිපුන් ජීවාත්මයන්ට, නිරන්තරයෙන් බන්දන වලින් නිදහස් සහ ජීවන-මුක්තියෙන් සිටින ජීවාත්මයන්ට බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

වරදානය:
පරමාත්ම දෙවියන්ගේ කාර්යයට සහයෝගය ලබා දීමෙන් ඔබ සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වී, ඒ අනුව සියළු දෙනාගේ සහයෝගය ලබා ගනිත්වා.

සියළු දෙනාගේ උනන්දුව සහ උද්යෝගය තිබෙන විට සාර්ථකත්වය කෙතරම් සමීප වන්නේද යත්, එය ඔබගේ ගෙල වටා මල්දමක් වෙයි. ඕනෑම විශාල කාර්යයකට සියළුම දෙනාගේ සහයෝගයේ අතැගිල්ල අවශ්‍යයි. සෑම කෙනෙකුටම සේවය කිරීමට අවස්ථාවක් තිබේ, ඔබට එය කළ නොහැකි බව හෝ ඔබට කාලය නොමැති බව කියා, කිසිවෙකුට නිදහසට කාරණා ලබා දිය නොහැක. ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට විනාඩි 10කට පමණක් වුවද සේවය කරන්න. ඔබගේ ශරීර සෞඛ්‍යය යහපත් නැත්නම්, එවිට නිවසේ අසුන්ගෙන සිටිමින් සේවය කරන්න. ඔබගේ මනසින්, ඔබගේ සතුටේ ආකල්පයෙන් සහ සතුට ලබා දෙන ඔබගේ මනෝ ස්ථිතියෙන්, සතුටු ලෝකයක් නිර්මාණය කරන්න. පරමාත්ම දෙවියන්ගේ කාර්යයට සහාය ලබා දෙන්න, එවිට ඔබට සියළු දෙනාගේ සහයෝගය ලැබෙයි.

පාඨය:
පදාර්ථයන්ගේ ස්වාමියෙක් යන ඔබගේ අසුනේ රැදී (set ) සිටින්න, එවිට අහිතකර සිදුවීම් වලදි ඔබ කලබල (upset) නොවෙයි.