03.04.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරම පියාගේ ස්මෘතියේ නිවැරදිවම සිටින විට ඔබේ මුහුණු නිරතුරුවම දිදුලමින් සහ සතුටින් පවතිනු ඇත.

ප්‍රශ්නය:
ස්මෘතියේ සිටීමේ ක්‍රමය කුමක්ද? සහ එයින් සිදුවන යහපත කුමක්ද?

පිළිතුර:
ඔබ ස්මෘතියේ සිටින වෙලාවේ, ඔබේ වැඩකටයුතු වල සංකීර්ණතා සියල්ල ආදිය ඔබේ බුද්ධියෙන් ඉවත් කර ඔබ ජීවාත්ම සත්තාවක් බව සලකන්න. ශරීරය සහ ශරීර සම්බන්ධතා විශාල දැලකි. එම දැල විනාශ කර ශාරීරික අවධානය අභිබවන්න. මෙහි තේරුම නම් ඔබ මළ විට ඔබට ලෝකය මළා වේ. ඔබ ජීව මරණයට පත් වන කල ජීවත්ව සිටිය දීම සියල්ල අමතක කර පරම පියා පමණක්ම සිහිවෙයි. අශරීරික තත්ත්වය යනු මෙයයි. ජීවාත්ම සත්තාවේ මළ ඉවත් වන්නේ මේ තුළිනි.

ගීතය:
රාත්‍රී මගියාණනි, වෙහෙසට පත් නොවන්න. උදා ගමනාන්තය වැඩි ඈතක නොවේ.

ඕම් ශාන්ති.
දරුවන් ස්මෘති වන්දනාවේ වාඩි වී සිටී. මෙය නිශ්චිතව භාවනාවේ සිටීම හෙවත් නිහඬව සිටීමයි. ඔබ නිකම්ම නිහඬව සිටිනවා නොවේ, ඔබ යමක් කරයි. මුල් ආගමේ ස්ථාවරව සිටින අතරම වන්දනාවක සිටී. ඔබට මෙම වන්දනා ගමන උගන්වන පරම පියා ඔබව ඔහු සමගම නැවත ගෙදර කැඳවාගෙන ද යයි. ලෝකයේ සිටින්නේ ඔබ ගෙන යන ලෞකික බ්‍රාහ්මණයන්ය. ඔබ වූ කලී ආධ්‍යාත්මික බ්‍රහ්මින්වරුය. බ්‍රාහ්මණ වංශය හෝ කුලය ලෙස සඳහන් වේ. ඔබ දරුවන් දැන් ස්මෘති වන්දනාවේ සිටී. අනෙකුත් ආධ්‍යාත්මික රැස්වීම් වල අය සිහිකරන්නේ ඔවුන්ගේ ගුරුය. ගුරු කෙනෙක් පැමිණ දේශනයක් දෙයි. ඒ භක්ති මාර්ගයයි. මේ වූ කලී පාප අහෝසි කරන ස්මෘති වන්දනාවයි. ඔබ ස්මෘතියේ සිටිමින් මළකඩ ඉවත් කරයි. පියාගේ උපදෙස වූ කලී මෙසේය මා පමණක්ම පාරිශුද්ධකරුවාණන් නිසා මළකඩ ඉවත් වන්නේ මා කෙරේ ස්මෘතියෙන් පමණි. කෙනෙකුගේ ස්මෘතිය නිසා මා පැමිණෙනවා නොවේ. මගේ පැමිණීම නාටකයේ නියමිතය. අපිරිසිඳු ලෝකය වෙනස් වී පාරිශුද්ධ ලෝකය බවට පත් වීමේ අවස්ථාව ඊට කාලයයි. ඔහු පැමිණ බ්‍රහ්මා මගින් නැවතත් වරක් අතුරුදන් වූ දේවි දේවතා ධර්මය ස්ථාපනය කරයි. මේ ගැනයි බ්‍රහ්මාට කියන්නේ එක තත්පරයක ඇසිල්ලෙන් විශ්ණු බවට පත් වෙනවා කියා. ඉක්බිති විශ්ණු බ්‍රහ්මා බවට පත් වීමට අවුරුදු 5000ක් ගත වේ. මේ කරුණු තේරුම් ගත යුත්තේ බුද්ධියෙනි. ක‍ෂුද්‍රයින් වී සිටි ඔබ, දැන් බ්‍රහමින් වංශයට පැමිණ ඇත. ඔබ බ්‍රහමින් වන විට ශිව බාබා බ්‍රහ්මා මගින් මෙම ස්මෘති වන්දනා ගමන උගන්වා කිලිටු අයින් කරයි. ඔබ දැන් තේරුම් ගෙන සිටිනවා නිර්මාණ චක්‍රය කරකැවෙන ආකාරය. මෙයට කාලය ගත නොවේ. දැන් මෙය ඇත්තෙන්ම කලි යුගයයි. ඒ මිනිසුන් මෙසේ කියයි මේ කලි යුගයේ ආරම්භයයි. එසේ නමුත් පරම පියා කියන්නේ මේ කලි යුගයේ අවසානය කියාය. මහා අන්ධකාරයකි. පරම පියා මෙසේ කියයි මා ඔබට වේද සහ අනෙකුත් ග්‍රන්ථ වල සාරය කියා දෙයි. උදෑසන ඔබ දරුවන් මෙහි සිටින විට ස්මෘතිය තිබිය යුතුයි. නැත්නම් මායාගේ බලපෑමෙන් ඔබේ බුද්ධිය අනෙක් වැඩකටයුතු ආදිය වෙත යයි. ඒ සියලු සංකූලතා බාහිරය. මකුළුවෙක් විශාල දැලක් වියා එය ගිල දමයි. ශරීර සම්බන්ධව බොහෝ සංකූලතා ඇත - මාමලා, බාප්පලා, ගුරූන් ආදිය. එවැනි දෑ බොහෝ දකින්නට ඇත. ශරීරය සමග ඒ සියල්ල අහෝසි කළ යුතුයි. ඔබ අශරීරික ජීවාත්ම සත්තාවක් පමණක් වෙයි. කෙනෙක් ශරීරය අතහැර ගිය විට සියල්ල අමතක වෙයි. ඔබ මළ විට ඔබට ලෝකයද මළා වෙයි. ඔබේ බුද්ධියට මේ ලෝකය විනාශ විය යුතු බව පිළිබඳ ඥානය ඇත. පරම පියා මෙසේ විස්තර කරයි කට ඇර ඥානය නොදිය හැකි අය මේ බ්‍රහ්මා සේ ස්මෘතියෙන් ම සිටිය යුතුයි. භාර්යාවක් ස්වාමියා සිහි කරන්නේ ස්වාමියා ඇගේ දෙවියා බව කියා දී ඇති නිසාය. එම නිසයි ඇය අගේ බුද්ධිය පියාගෙන් අස්කර ස්වාමියා වෙත හරවන්නේ. එම කෙනා සියලු ස්වාමි පුරුෂයින්ගේ ස්වාමියාය. ඔහු මනමාලයා වෙයි. ඔබ සියලු දෙනා මනමාලියන් වන අතර එකම දෙවියන් වඳී. භක්තිමතුන් සියලු දෙනා හසුවී ඇත්තේ රාවණ්ගේ සිර මැදිරියටයි. එමනිසා, පරම පියා නියතයෙන්ම අනුකම්පාවෙන් සිටී. ඉගැන්වීම් හා මඟපෙන්වීම් කරන ඕනෑම කෙනෙක්ට කියන්නේ ගුරු කියාය! මෙහිදී, පරම පියා ඔබට ප්‍රායෝගික ලෙස රාජයෝගා උගන්වයි. පරමාත්මා හැර වෙන කිසිවෙක් රාජයෝගා ඉගැන්විය යුතු ආකාරය නොදනී. පරමාත්මා පැමිණ රාජයෝග ඉගැන්වීය. ඉන්පසු සිදු වූයේ කුමක්ද? කිසිවෙක් නොදනී. ඔවුන් ගීතාවෙන් බොහෝ උදාහරණ පෙන්වයි. කුඩා දරුවන් ගීතාව ටිකක් ගයන විට ඔවුන් සුළු පැසසුමකට ලක් වේ. දැන් ගීතාව අහෝසි වී ඇත. ගීතාවට බොහෝ පැසසුම් ඇත. පරම පියා ගීතාවේ ඥානයෙන් මුළු ලොව තිරිහන් කරයි. ඔහු ජීවන වෘක‍ෂය මෙන් ඔබේ ශරීර සදාතනික කරවයි. ඔහු ඒවා අමරණීය කරවයි. ඔබ දරුවන් පරම පියාගේ ස්මෘතියෙන් සිටිය යුතුයි. ඔබ පියා නොකැඳවයි, ඔහු ගැන ස්මෘතියෙන් දියුණුව ලබයි. පරම පියාගේ උපදෙස් පිළිපැදීමට රුචියක් තිබිය යුතුයි. මා කෑම ගන්නේ ශිව බාබා සිහිකරමින් පමණයි. එහි තේරුම මම ශිව බාබා සිහිකර කෑම ගන්නා බවයි. වැඩක යෙදී සිටිය දීද මෙය කළ හැකියි. සමහරු බාබාට මෙසේ ලියයි මා පුටුවක වාඩි වූ විට පියා සිහිකරමි. එමනිසා, නිලධාරියෙක් පැමිණි විට ඔහු දකින්නේ ඔබ අශරීරිකව නොපෙනී සිටිනවා සේය. සමහරුන්ගේ ඇස් විවෘතව තිබෙන අතර අන් අයගේ වැසී තිබේ. සමහරු මෙසේ සිටින කළ සම්පූර්ණ මුසපත් වූවා සේ සිටී. එසේ වන්නේ සමහර අයට පමණි. බාබා යන්තම් සිහිකර සතුටින් සිටී. සමහරු ඔහුගෙන් මෙසේ අසයි ඔබට කුමක් වුණාද? ඔහු මෙසේ කියයි මම පරම පියා සිහිකරමින් සිටියා. ඔබේ බුද්ධිය දන්නවා ඔබ බාබා වෙත යා යුතු බව. පරම පියා මෙසේ කියයි ජීව සත්තාමය විඥානයට පත් වීමෙන් ඔබ මා වෙත එයි. පාරිශුද්ධියට පත් නොවී කිසිවෙකුට එහි යා නොහැකිය. ඔබ පාරිශුද්ධියට පත් වන්නේ කෙසේද? ඒ මඟ පෙන්වා දිය හැක්කේ පරම පියාට පමණි. මනුෂ්‍යයින්ට මෙය කියාදිය නොහැකියි. ඔබට ටිකක් හෝ තේරුම් ගියොත්, අන් අයටද යහපත සැලසිය හැකි වෙයි. ඔබ නියතයෙන්ම උත්සාහ කර අන් අයට යහපත කිරීමට පියා හඳුන්වා දිය යුතුයි. භක්ති මාර්ගයේ දී, මිනිසුන් පරම පියා සිහිකර මෙසේ කියයි ඕ දේව පියාණනි. දෙවියනි, පියාණෙනි, අපට සමා වුව මැනවි! එය හරියට සිරිතට අඬගසනවා සේය. පරම පියා ඔබ ඔහු සේම කාරුණික බවට පත් කරවයි. මායා හැම කෙනෙකුම අසංවේදී කරවා ඇත! භෞතික පියෙක් ඔහුගේ හැසිරීම නරක බව දුටු කල ඒ දරුවා අසංවේදී බව කියා පියා ගේ දේපළ ද අවුරුද්දකින් විනාශ කරන බව කියයි. අසීමිත පියාද මෙසේ කියයි බලන්න, මා ඔබව කුමක් බවට පත් කළාද, දැන් ඔබේ හැසිරීම දෙස බලන්න! ඔබ දරුවන් දැන් දන්නවා මෙම නාටකය කෙතරම් විශ්මය ජනකද කියා. භාරතය එතරම්ම පිරිහුණි. ඒ භාරත්වාසීන්ගේ පිරිහීමයි. ඔවුන් කිසි විටෙක ඔවුන් පිරිහුණු බව, කලියුග බව හෝ තමෝප්‍රධාන් බව නොසලකයි. භාරතය දෙව්ලොව ලෙස තිබුණු කල, එහි සිටි මනුෂ්‍යයින් දෙව්ලොව වැසියන් විය එම මනුෂ්‍යයින්ම දැන් අපාය වාසීන් වී සිටී. කිසිවෙකුට මෙම ඥානය නැත. මේ බාබාට ද එසේම විය. දැන් බුද්ධියේ පිබිදුණු දිලිසීමක් ඇත. උපත් 84ක් ගනිත්දී, අප නියතයෙන්ම ඉණිමගේ පහළට යයි. නැඟී සිටීමට අවස්ථාවක් නැත. පහළට එන කල ඔබට අපිරිසිඳු බවට පත් වීමට සිදු විය. මේ කරුණු කිසිවෙකුගේ බුද්ධිය තුළ නැත. පරම පියා ඔබ දරුවන්ට විස්තර කර දී ඇත. ඔබ දැන් භාරතවාසීන්ට මෙසේ විස්තර කර දිය යුතුයි ඔබ දෙව්ලොව වැසියන්ව සිට දැන් අපායේ වැසියන් බවට පත් වී ඇත. ඔබ උපත් 84ක් ගෙන ඇත. මිනිසුන් නැවත ඉපදීම විශ්වාස කරන අතර නියතයෙන්ම පහළට ආ යුතුය. පරම පියා ඔබ කොතරම් නැවත ඉපදී ඇත්දැයි විස්තර කර දී ඇත. දැන් ඔබට දැනෙනවා ඔබ පිරිසිඳු දෙවි දේවතාවුන්ව සිටි බවත් ඉන්පසු රාවණ් ඔබ අපිරිසිඳු කළ බවත්. ඔබ ශුද්‍රා බවින් දෙවි දේවතාවුන් බවට වෙනස් කරලීම සඳහා ඉගැන්වීමට පරම පියා ආ යුතුයි. මිනිසුන් පරම පියාට විමුක්තිදායකයා සහ මඟ පෙන්වන්නා යැයි කීවත් එහි තේරුම නොදනී. සෑම කෙනෙක්ම මෙය තේරුම් ගන්නා කාලය ඉතා ඉක්මනින් එන අතර ඔබට කුමකින් කුමක් වූවාදැයි දකිනු ඇත. බලන්න නාටකය නිමවී ඇති ආකාරය! ඔබ කිසිවෙක් සිහිනෙන් වත් සිතුවේ නැහැ ඔබ ලක‍ෂ්මි නාරායන වෙයි කියා! පරම පියා ඔබට නැවත මෙය සිහිගන්වයි. ඔබට පරම පියාගෙන් උරුමය ලබා ගැනීමට නම්, ශ්‍රීමත් පිළිපදින්න! ස්මෘති වන්දනාවේ සිටීම පුරුදු පුහුණු කරන්න. ඔබ දන්නවා ක්‍රිස්තියානි පූජකවරු සක්මන් කරන විට ගැඹුරු නිහඬතාවයකින් සිටින බවත්, ක්‍රිස්තුස් වහන්සේව සිහිකරන බවත්, ඔහුට ආදරය කරන බවත්. ඔබ ආධ්‍යාත්මික මඟ පෙන්වන්නන්ට උත්තරීතර ආදරවන්තයා වන පරම පියා, පරමාත්මාට යොමු වූ විශාල ස්නේහයෙන් යුතු බුද්ධියක් ඇත. ඔබ දරුවන් දන්නවා ඔබ පෙර චක්‍රයේ ශ්‍රීමත් පිළිපැදි ආකාරයෙන්ම කරන උත්සාහ අනුපිළිවෙලින් කරමින් නියතයෙන්ම රජදහන ස්ථාපනය කරන බව. පරම පියා ඔබට ඉතා හොඳ උපදෙස් දෙයි. එසේ තිබිය දී ඇතැම් විට කිසිඳු ශ්‍රීමත් අනුගමනය කිරීමක් නොකරන අන්දමේ අපල ඇති වේ. ඔබ දන්නවා ජයග්‍රහණය ඇත්තේ ශ්‍රීමත් පිළිපැදීමේ පමණක්ම බව. පරම පියා මෙසේ කියයි මගේ උපදෙස් පිළිපදින්න. මේ උපදෙස් දෙන්නේ බ්‍රහ්මා යැයි ඔබ සිතන්නේ ඇයි? සෑම විටම සලකන්න ඔබට උපදෙස් දෙන්නේ ශිව බාබා බව. මොහු උපදෙස් දෙන්නේ සේවා සම්බන්ධයෙන් පමණයි. සමහරු මෙසේ අසයි බාබා, මම මේ දේ කරන්නද? එවැනි දේට බාබා උපදෙස් නොදෙයි. පරම පියා මෙසේ කියයි මා පැමිණියේ අපිරිසිඳු අය පිරිසිඳු කිරීම කියා දීමට මිස අර දේවල් වලට නොවේ. ඔබ මට මෙසේ අඬ ගැසුවා පාරිශුද්ධකරුවාණනි, පැමිණ අපව පිරිසිඳු කරන්න! එමනිසා, මා ඔබට මඟ පෙන්වමි. ඔබේ නමම අප්‍රකට හමුදාව යන්නයි. එවිට මිනිසුන් දුණු හී ආදී ආයුධ යෙදුවා. කොහොමනමුත්, එවැනි ප්‍රශ්නයක් මෙහි නැත. ඒ සියල්ල අයිති භක්ති මාර්ගයටයි. පරම පියා පැමණ පෙන්වන්නේ චක්‍ර භාගයකටම සත්‍යයේ දේශයට යා හැකි සත්‍ය මාර්ගයයි. එහි වෙනත් දේශයන් නැත. ඔබ මෙය අන් අයට විස්තර කරන විට ඔවුන් අසන්නේ භාරතය පමණක් තිබෙන්නේ කෙසේ දැයි ආදී ලෙස අවිශ්වාසයෙනි. ක්‍රිස්තු පූර්ව 3000දී භාරතය දෙව්ලොව විය. එකල වෙනත් ආගම් නොවීය. ඉන්පසු වෘක‍ෂය දිගටම වැඩුණි. සිදුවූයේ ඔබට පියා අමතක වීමත් ඔබේ ආගම සහ ඔබේ ක්‍රියා අමතක වීමය. ඔබ ඔබේ ආගම දෙවි දේවතා ආගම යැයි සැලකුවා නම්, ඔබ අපිරිසිඳු දේ කන්නේ නැත. කොහොමනමුත්, ඔබ එසේ කෑවේ එවැනි ගුණාංග නොතිබූ නිසාය. එම නිසයි ඔබ ඔබට හින්දුන් යැයි කියාගත්තේ. නැත්නම් ඔබේ මුතුන් මිත්තන් එතරම් පිරිසිඳුව සිට තිබියදී ඔබ මෙතරම් අපිරිසිඳු වී ඔබේම ආගමත් අමතක කරලීම ගැන ලැජ්ජා විය යුතුයි. ඔබ දැන් ඉතා පැහැදිලිව නාටකයේ මුල, මැද හා අග තේරුම් ගෙන ඇත. යමක් පැන නැගුණොත් ඔබට කිව හැකියි, බාබා එය තාම ඔබට තේරුම් කර දී නැතැයි කියා එපමණයි. නැත්නම් ඔවුන් නිරපරාදේ පටලවා ගනී. ඔවුන්ට මෙසේ කියන්න අපි තාම හදාරනවා. දැන් අපි සියල්ල දැනගත්තා නම් කල්ප විනාශයත් සිදුවේවි. නමුත් එසේ වී නැත. තාම කල් ඇත. අප තාමත් හදාරයි. අවසානයේ දී අපි සම්පූර්ණ පාරිශුද්ධියට පත් වෙයි. මළකඩ දිගටම කඩා දමමින් ඔබ ඔබේ උත්සාහය අනූව අනුපිළිවෙලින් සතෝප්‍රධාන් බවට පත් වේ. ඔබට දැකිය හැකියි අපිරිසිඳු ලෝකය විනාශ විය යුතු බව. මෙකල මිනිසුන් කියන්නේ දෙවියන් මෙහි සිටින බවත් ඔහු අප්‍රසිද්ධ බවත්ය. මේ විනාශයට සුදුසු කාලයයි. පරම පියා පමණි හැම කෙනෙක්ම ගෙදර ගෙන යන විමුක්ති දායකයා හා මඟපෙන්වන්නා වන්නේ. සෑම කෙනෙක්ම මදුරු රෑනක් සේ මරණයට පත් වේ. ඔබ දන්නවා සෑම කෙනෙක්ම එකම තරමට ස්මෘතියේ නොසිටින බව. සමහරුන්ට නිවැරදි යෝගා ඇති අතර, අන් අයට පැය බාගයක් හෝ විනාඩි 15ක් පමණක් තිබේ. ඇතැම් අය මිනිත්තුවක්වත් ස්මෘතියේ නොසිටියි. සෑම විටම ස්මෘතියේ සිටින බව කියන අයට ඉතා සතුටින් යුත් දිළිසෙන මුහුණු තිබිය යුතුයි. එවැනි දරුවන්ට අතීන්ද්‍රිය සතුට තිබිය යුතුයි. ඔවුන්ගේ බුද්ධිය අයාලයේ නොයා යුතුය. ඔවුන්ට සතුට දැනෙන අතර අතීන්ද්‍රීය සතුටද ඇත. බුද්ධියෙන් මෙසේ කියයි මා ආදරවන්තයා කෙරෙහි ස්මෘතිය තබා ගත් විට මළකඩ කැඩී යයි. එය එවිට පුරුද්දක් බවට පත් වෙයි. ඔබ ස්මෘති වන්දනාව මගින් සදා සුවයට සහ සදා ධනවත් බවට පත් වේ. ඔබ චක්‍රයද සිහිපත් කළ යුතුයි. උත්සාහය තිබිය යුත්තේ ස්මෘතියේ සිටීමටයි. ඔබේ බුද්ධිය තුළ චක්‍රයද කර කැවේ. ඔබ දැන් හිමිකාර බීජයක් බවට පත් වේ. ස්මෘතියත් සමගම ස්වදර්ශන චක්‍රය ද කරකවන්න. ඔබ භාරත්වාසීන් ප්‍රදීපස්ථම්භයන් වේ. ඔබ හැම කෙනෙකුටම ගෙදරට යන පාර කියා දෙන ආධ්‍යාත්මික ප්‍රදීපස්ථම්භයන්ය. එය ද විස්තර කර දිය යුතුයි. ඔබ විමුක්තියට සහ ජීවන මුක්තියට මඟ කියන අතර එම නිසයි ආධ්‍යාත්මික ප්‍රදීපස්ථම්භ කියා කියන්නේ. ඔබේ ස්වදර්ශන චක්‍රය දිගටම කර කැවේ. ඔබ එසේ ලියනවා නම් එය විස්තර කර දිය යුතු ද වෙයි. බාබා ඔබට දිගටම මෙසේ විස්තර කරයි. ඔබ පෞද්ගලිකවම ඔහු ඉදිරියේ සිටියි. ඥාන වැස්ස වසින්නේ ආදරවන්තයා සමග පෞද්ගලිකවම සිටින අයටයි. මහා ම ප්‍රීතිය ඇති වන්නේ බාබා හා මුහුණට මුහුණ ලා සිට ඇහුම්කන් දෙන විටයි. දෙවෙනි තත්ත්වය හඬ පටියකට ඇහුම්කන් දීමයි. තුන්වැන්න මුරලිය. ශිව බාබා සෑම දෙයක්ම බ්‍රහ්මා හරහා විස්තර කරයි. මේ බ්‍රහ්මා ද දනී. කෙසේ වුවද, ඔබ සැලකිය යුත්තේ සියල්ල කියන්නේ ශිව බාබා විසින් බවයි. මෙය හරියට නොසිතුවහොත් බොහෝ අකීකරුකම් ඇති වේ. ශිව බාබා මොනවා කිව්වත් යහපත්ය. එය පාඩුවක් සේ පෙනුනත් එයද වාසියක් බවට හැරේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පරම පියාගේ සෑම උපදෙසක්ම පිළිපැද ප්‍රගතිය කරා යන්න. එකම පරම පියාට සත්‍ය සෙනෙහස තබා ගන්න. පරම පියාගේ ස්මෘතියේ සිට කෑම පිළියෙල කිරීම සහ අනුභව කිරීම කරන්න.

2. ආධ්‍යාත්මික ප්‍රදීපස්ථම්භයක් බවට පත් වී හැම කෙනෙකුටම මුක්තියට සහ ජීවන මුක්තියට පාර කියන්න. ඔබ නියතයෙන්ම පරම පියා සේම යහපතක්ම කළ යුතුයි.

වරදානය:
ඔබ තුළ අසීමිත නිරාශාව තිබී, ඒකායන පියා තුළ ඔබ මුළු ලෝකයම අත්දකිත්වා.

පරම පියා තම ලෝකය බව සලකන අයට පමණයි, අසීමිත නිරාශාව තිබිය හැකි වන්නේ. ඔවුන්ගේ ලෝකය ලෙස පරම පියා පමණක් ඇති අය, තමන්ගේ ලෝකයේ පමණක් සිටිවි, ඔවුන් වෙන කිසිවෙක් සමග පැටලෙන්නේ නැත, එබැවින් ඔවුන් ඉබේටම ඉවතට පියවර තබයි. ලෝකය තුළ, මිනිසුන් සහ දේපළ යන දෙකම ඇතුලත්ය. පියාගේ ධනය යනු මගේ ධනයයි. මෙම අවධානය පවත්වා ගැනීමෙන් ඔබ අසීමිත නිරාශාව ඇති අයෙක් වෙයි. අන් අය දෙස බලන අතර ඔබ කිසිවෙක් නොදකියි, ඔවුන් ඔබට නොපෙනෙයි.

පාඨය:
ශක්තිමත් ස්ථීතියක් අත්විඳීමට, හුදෙකලාව සිටීම සහ විනෝද වීම අතර තුලනයක් පවත්වා ගන්න.