03.05.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබත් පියා මෙන්ම ඉතාමත් මිහිරි විය යුතුයි. කිසිම කෙනෙක්ට දුක් දෙන්න එපා. කිසිම විටෙක කෝපයට පත්වන්න එපා.

ප්‍රශ්නය:
කර්ම න්‍යායෙහි ගැඹුරු දර්ශනය දැනගත් ඔබ, සිදු නොකළ යුතු වන පාප ක්‍රියා මොනවාද?

පිළිතුර:
අදවන තුරු, දන් දීම ආදිය පුණ්‍ය ක්‍රියා බව ඔබ සිතුවා. නමුත් සමහර විට දන් දීමේදීත් ඔබ එම මුදල පාපකාරී ක්‍රියාවකට යොදවන පුද්ගලයෙකුට දීමෙන් ඔබටත් පාපයක් සිදුවන බව ඔබ දැන් දන්නා අතර, එය ඔබගේ තත්ත්වයට ද අනිවාර්යෙන්ම බලපෑමක් වනවා. එමනිසා, වැටහීමකින් යුතුව දානය කරන්න.

ගීතය:
මේ පාපකාරී ලෝකයෙන් අපව සුව පහසුව ඇති ස්ථානයක් වෙත ගෙන යන්න...

ඕම් ශාන්ති.
දරුවන් දැන් බාබා ඉදිරියේ අසුන්ගෙන සිටිනවා. පියා කියනවා අහෝ සජීවී ජීවයෙනි, ඔබ සවන් දෙනවාද? ඔහු කතා කරන්නේ ජීවයටයි. ඔබ දන්නවා ඒ අසීමිත පියා අපව දුකක් ගැන සඳහනක්වත් නොවන්නා වූ ස්ථානයකට ඔහුත් සමග අපව ගෙන යන බව. ගීතයේ, අපව මෙම පාපකාරී ලෝකයෙන් පිරිසිඳු ලෝකයක් වෙත ගෙන යන්න කියා කියනවා. අපිරිසිඳු ලෝකය කුමක්ද කියා ලෝකයා දන්නේ නැහැ. බලන්න, දැන් කොපමණ තියුණු ලෙස මිනිසුන් තුළ රාගය හා කෝපය රජයනවා ද කියා. කෝපයට ගොදුරු වීමෙන් ඔවුන් මෙසේ කියනවා මා ඔවුන්ගේ රට විනාශ කර දමනවා. මිනිස්සු කියනවා අහෝ දෙවියනි, අපව මෙම අන්ත අඳුරෙන් එළියට ගෙන අලෝකයක් ඇති ස්ථානයකට ගෙන යන්න, මන්ද, මේ ලෝකය දැන් පරණ ලෝකයක්. කලි යුගය පැරණි යුගය ලෙසත්, සත් යුගය නව යුගය ලෙසත් හැඳින්වෙනවා. පියා හැර වෙන කිසිම කෙනෙක්ට ඒ නව යුගය නිර්මාණය කළ නොහැකියි. අපගේ මිහිරි වූ බාබා දැන් අපව මේ දුකින් පිරි දේශයෙන් රැගෙන සතුටින් පිරි දේශයක් වෙත ගෙන යනවා. බාබා, ඔබ හැර වෙන කිසිම කෙනෙක්ට අපව දිව්‍ය ලෝකය වෙත ගෙන යා නොහැකියි. බාබා ඉතාමත් පැහැදිලි ලෙස විස්තර කර දුන්නත්, ඒත් සමහර මිනිසුන්ගේ බුද්ධියට මෙය යන්නේ නැහැ. දැන්, ඔබ බාබාගේ උසස් වූ උපදෙස් ලබා ගන්නවා. උසස් වූ උපදෙස් තුළින් අප උසස් බවට පත්වනවා. මෙහිදී අප උසස් බවට පත්වුවහොත්, ඒ උසස් ලෝකයේ අප උසස් තත්ත්වයක් ලබනු ඇත. මෙය රාවන්ගේ දූෂිත වූ ලෝකයයි. ඔබගේම මනසේ වැරදි දේ අනුගමනය කිරීම හැඳින්වෙන්නේ මන්මත් ලෙසයි. පියා කියනවා ශ්‍රීමත් අනුගමනය කරන්න. යක්ෂ උපදෙස් ඔබව නැවත නැවතත් අපායටම ඇද දමනවා. කෝපයට පත්වීමත් වැරදි උපදෙස් පිළිපැදීමකි. බාබා කියනවා එකිනෙකා හා කෝපයට පත්වන්න එපා. එකිනෙකා අතර සෙනෙහසින් යුතුව ජීවත් වන්න. ඔබ සෑම කෙනෙක්ම තමා සඳහා උපදෙස් ගත යුතුයි. පියා කියනවා දරුවනි, ඔබ පව් කරන්නේ ඇයි? ඔබ කරන සෑම දෙයක්ම පුණ්‍යවත් විය යුතුයි. ඔබගේ වියදම් අඩු කරන්න. ඔබ වන්දනා ගමන්වල යාමටත්, සන්යාසීන් සොයා යාමටත් නොයෙකුත් දර්ශන සොයා යාමටත් බොහෝ සෙයින් වියදම් කරනවා. බාබා ඔබව මේ සෑම දෙයකින්ම මුදවනවා. මිනිස්සු උත්සවාකාරයෙන් මංගල උත්සව ආදිය පවත්වනවා. ඔවුන් ණය වී හෝ මංගල උත්සව ගන්නවා. එකක් ඔවුන් ණයගැති වීමයි. අනෙක අපිරිසිඳු බවට පත්වීමයි. අපිරිසිඳු වීමට කැමැති අයට ගිහින් එසේ කරන්න පුළුවන්. නමුත් ශ්‍රීමත් අනුගමනය කර පාරිශුද්ධත්වයට පත්වීමට කැමති කෙනෙක්ට ඊට කවුරුවත් ඉඩ දෙන්නේ නැත්තේ ඇයි ? ඔබේ නෑ හිතමිතුරන් ඔබත් සමග දබර කිරීමට එනවා නම්, ඔබ ඒවා ඉවසා සිටිය යුතුයි. මීරාත් සෑම දෙයක්ම ඉවසා සිටියා. ඒ අසීමිත වූ පියා ඔබට රාජයෝගා ඉගැන්වීමටත්, දේවී දේවතාවන්ගේ තත්ත්වය ඔබට උදාකර දීමටත් මෙහි පැමිණ සිටිනවා. ලක්ෂ්මි හා නාරායනව හඳුන්වන්නේ දේවතාවිය හා දේවතාවා ලෙසයි. කලි යුගයේ අවසානයේදී සෑම කෙනෙක්ම අපිරිසිඳුයි. එසේ නම්, ඔවුන්ව වෙනස් කළේ කවුද? බාබා පැමිණ දිව්‍ය ලෝකය ස්ථාපනය කරන්නේ කෙසේද යන්න ගැන දරුවන් දැන් දන්නවා. ඒ තමයි රාමාගේ රාජ්‍යය. අප මෙහි පැමිණ සිටින්නේ සූර්ය හා චන්ද්‍ර වංශ තත්ත්වයන් හිමිකර ගැනීම සඳහායි. සූර්ය වංශයට යාමට සුදුසු වන දරුවන් ඉතාමත් හොඳින් ඉගෙන ගන්නවා. පියා සෑම කෙනෙක්ටම විස්තර කරනවා උත්සාහ දරා මව හා පියාව අනුගමනය කරන්න. ඔබ ඔවුන්ගේ උරුමකරුවන් බවට පත්වන තත්ත්වයේ උත්සාහයක යෙදෙන්න. ඔබ මමා හා බාබා ගැන කතා කරනවා නම්, ඒ අනාගත සිහසුනෙහි අසුන් ගැනීමට සුදුස්සෙක් බවට පත්වන්න. පියා කියනවා මටත් වඩා ඉහළින් යා හැකි අයුරින් ඉතා හොඳින් ඉගෙන ගන්න. තම පියාටත් වඩා ඉහළින් යන දරුවන් බොහෝ ඉන්නවා. ඒ අසීමිත වූ පියා කියනවා මා ඔබව ලෝක පාලකයින් බවට පත්කරවනවා. මා එම තත්ත්වයට පත්වන්නේ නැහැ. පියා ඉතාමත් මිහිරියි! ඔහුගේ ශ්‍රීමත් බොහෝ ජනප්‍රියයි. ඔබ උසස් දේවතාවන්ව සිට පසුව උපත් 84ක් ගැනීම හේතුවෙන් දැන් අපිරිසිඳු වී සිටිනවා. මෙය ජය හා පැරදුමෙහි ක්‍රීඩාවක්. මායාගෙන් පැරදුම ලබන අය සෑම දෙයකින්ම පැරදෙන අතර, මායාව පරාජය කරනා අය සෑම දෙයක්ම පරාජය කරනවා. ඔබට මනස පරාජය කිරීමට අවශ්‍ය යැයි කීම වැරදියි. මනස මිය යා නොහැකියි. මනසින් කරන්නේ සිතිවිලි නිර්මාණය කිරීමයි. කිසිම සිතිවිල්ලකින් තොරව සිටීමට ඔබට අවශ්‍ය වෙයි. නමුත්, කොපමණ වෙලාවක් එසේ ඉන්නද? ඔබ ක්‍රියාවන්හී යෙදිය යුතුමයි. ගෘහ ජීවිතයක් ගත නොකිරීම ක්‍රියා නොකිරීමක් ලෙස මිනිස්සු හඳුන්වනවා. හතා යෝගී සන්යාසීන්ට ඔවුන්ට ආවේණික වූ චරිත කොටස තිබෙනවා. ඔවුන්ට ඔවුන්ගේම ධර්මය වූ සියල්ල අත්හැර යාමේ මාර්ගය තිබෙනවා. වෙන කිසිම ආගමක තම නිවසත් පවුලේ අයත් අත්හැර දමා කැළෑවට යාමේ සිරිතක් නැහැ. කවුරු හෝ තම නිවසත් පවලත් අතහැර යනවා නම්, එසේ කරන්නේ, සන්යාසීන් එසේ කරනවා දැකීමෙනුයි. බාබා ඔබගේ පවුල පිළිබඳ නිරාශා ඇතිකර ගැනීමට ඔබට කියන්නේ නැහැ. පියා කියනවා ඔබට පවුල් ජීවිතය ගත කළ හැකියි. නමුත් පාරිශුද්ධත්වයට පත්වන්න. නොකඩවාම මෙම පැරණි ලෝකය අමතක කර දමන්න. මා ඔබ වෙනුවෙන් නව ලෝකය නිර්මාණය කරනවා. ශංකරාචාර්ය, සන්යාසීන්ට තමා ඔවුන් වෙනුවෙන් නව ලෝකයක් නිර්මාණය කරනවා කියා කියන්නේ නැහැ. තාවකාලික සතුටක් ලබන්නා වූ ඔවුන්ගේ එම අත්හැරීම, සීමිත වූවකි. අපිරිසිඳු මිනිස්සු ගිහින් ඔවුන් ඉදිරියේ දණින් වැටෙනවා. ඔවුන් පාරිශුද්ධත්වයට කෙතරම් ගෞරව කරනවාද බලන්න. දැන්, ඔවුන්ට කෙතරම් විශාල තට්ටු නිවාස තිබෙනවාද කියා බලන්න! මිනිස්සු දන් දෙනවා. නමුත් එයින් කිසිම පුණ්‍ය කර්මයක් සිදුවන්නේ නැහැ. දෙවියන්ගේ නාමයෙන් කරනා ඕනෑම දෙයක් පුණ්‍ය ක්‍රියාවක් කියා මිනිස්සු සිතනවා. පියා විමසනවා මගේ නාමයෙන් කුමන කාර්යයන් උදෙසා ද ඔබ එම දාන පාවිච්චි කරන්නේ ? දන් දිය යුත්තේ පව් නොකරන අයටයි. ඔබගේ දානයෙන් ඔවුන් පව් කළහොත්, ඔබ එම මුදල් දුන් නිසා එය ඔබටත් බලපානවා. අපිරිසිඳු අයට දීමෙන් ඔබ සම්පූර්ණ දිළින්දන් බවට පත්වෙලා. ඒ සියලු මුදල් අපතේ ගියා. සමහර විට ඔබ තාවකාලික සතුටක් ලබයි. නමුත් එය නාටකයයි. ඔබ දැන් පියාගේ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් පාරිශුද්ධත්වයට පත්වනවා. එහිදී, ඔබට බොහෝ ධනය තිබෙනවා. එහිදී කිසිම කෙනෙක් අපිරිසිඳු නැහැ. මෙම කරුණු ඉතාමත් හොඳින් වටහාගත යුතු වනවා. ඔබ දෙවියන්ගේ දරුවන්. ඔබ තුළ සෑහෙන රාජකීයත්වයක් තිබිය යුතුයි. තම ගුරූට නිග්‍රහ කරනා අයට තම ඉලක්කය වෙත යා නොහැකියි කියා කියනවා. එහිදී, පියා, ගුරුවරයා හා සත්ගුරූ යන තිදෙනා වෙනස් තිදෙනෙක්. මෙහිදී, ඒ තිදෙනාම, පියා, ගුරුවරයා හා සත්ගුරූ ඒකායන තැනැත්තායි. ඔබ යම් වැරදි ක්‍රියාවක් කළහොත්, ඒ තිදෙනාටම ඔබ නිග්‍රහ කරනවා. ඒ සත්‍ය පියාගේ, සත්‍ය ගුරුවරයාගේ හා සත්‍ය ගුරූගේ (සත්ගුරූ) උපදෙස් අනුගමනය කිරීමෙන් පමණයි ඔබට උසස් තත්ත්වයක් ලැබිය හැක්කේ. ශරීරය අත්හළ යුතුමයි. ඉතින් එය, දේව ආධ්‍යාත්මික සේවයට යොදවා පියාගෙන් ඔබගේ උරුමය ලබා නොගන්නේ ඇයි ? පියා කියනවා මා එය ඔබෙන් ගත්තා නම්, ඒත් සමග මා මොනවා කරන්නද? මා ඔබට දිව්‍ය ලෝකයේ අධිකාරීත්වය ලබා දෙනවා. මා එහි මාළිගාවල වාසය කරන්නේත් නැහැ, මෙහි මාළිගාවල වාසය කරන්නේත් නැහැ. ඔවුන් ගායනා කරනවා අහෝ දේවතාවනි, අපගේ මලු පුරවා දෙන්න! කොහොමනමුත්, ඔහු කවදා, කෙසේ සෑම දෙනාගේම මලු පුරවාලනවා ද යන්න ගැන කිසිවෙක් දන්නේ නැහැ. ඔහු ඔබගේ මලු පුරවා දී තිබෙනවා. එමනිසා, අනිවාර්යෙන්ම ජීවී ස්වරූපයෙන් ඔහු මෙහි සිටියා විය යුතුයි. ඔබ උපත් 21ක් පුරා සතුටින් හා ධනවත්ව ජීවත් වනවා. එවන් වූ පියෙකුගේ උපදෙස් සෑම පියවරකදීම අනුගමනය කරන්න. ඔබගේ ඉලක්කය ඉතා ඉහළ තිබෙන්නේ. කෙනෙක් කියනවානම් තමාට ඒවා අනුගමනය කරන්න බැහැයි කියා, බාබා කියනවා එසේනම් ඇයි ඔබ බාබා ගැන කතා කරන්නේ? ඔබ ශ්‍රීමත් අනුගමනය නොකළහොත්, ඔබට සෑහෙන දඬුවම් ලැබීමට සිදුවන අතර ඔබගේ තත්ත්වය ද විනාශ වී යනවා. ඔබ ගීතයට සවන් දුන්නා. එයින් කියන්නේ සතුටින් හා සාමයෙන් පිරි ලෝකයකට මා ගෙන යන්න. මෙය ඔබට දිය හැක්කේ පියාට පමණයි. ඔබ පියාගේ උපදෙස් අනුගමනය නොකළහොත්, තමාටම පාඩුවක් සිදුකර ගන්නවා. මෙහිදී කිසිම වියදමක් ගැන ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ගුරූට පොල් හා පැණි රස ගේන්නටවත්, පාසල් වියදම් ගේන්නටවත් ඔබට කියන්නේ නැහැ. එවැනි කිසිම දෙයක් මෙහි නැහැ. ඔබට ඔබ ළඟම මුදල් තබාගත හැකියි. නමුත් ඉතා සරළ ලෙස මෙම දැනුම අධ්‍යයනය කරන්න. ඔබගේ අනාගතය නිවැරදි කර ගැනීමෙන් කිසිම පාඩුවක් සිදුවන්නේ නැහැ. මෙහිදී, ඔබට හිස නමන්නවත් කියන්නේ නැහැ. චක්‍රයෙන් බාගයක් පුරාම ඔබ මුදල් දෙමින්, හිස නමමින් දැඩි දිළිඳු බවට පත්ව සිටිනවා. පියා දැන් ඔබව සාමයේ දේශය වෙත ගෙන යනවා. එතැන් සිට, ඔහු ඔබව සතුටේ දේශය වෙත යවනවා. දැන් ඒ නව යුගය හා නව ලෝකය පැමිණීමටයි යන්නේ. සත් යුගය හඳුන්වන්නේ නව යුගය ලෙසයි. පසුව කලා සියල්ල කෙමෙන් කෙමෙන් අඩුවීමට පටන් ගන්නවා. පියා දැන් ඔබව සුදුස්සන් බවට පත්කරවනවා. නාරද් පිළිබඳ උදාහරණයක් තිබෙනවා. ඔබ තුළ කුමන හෝ යක්ෂාත්මයක් තිබෙනවා නම්, ලක්ෂ්මි විවාහ කරගත නොහැකියි. දරුවනි, ඔබ ඔබගේ පවුල රැකබලා ගත යුතු අතර සේවයෙහිත් යෙදිය යුතුයි. මේ අය මුලදී මෙහි දුවගෙන ආවේ බොහෝ සෙයින් නිවෙස්වලින් බැට කෑමෙන්. යාගයේදී සමහරු බොහෝ ශක්තිමත් වූ අතර, දුර්වල අය යන්න ගියා. නාටකයේ දෛවය නිර්මාණය වී තිබෙන්නේ ඒ ආකාරයෙන්. සිදුවිය යුතු සියල්ල සිදුවිය යුතු වූවා, ඒ වගේම එය නැවත සිදුවනු ඇත. ඔවුන් ඔබට අපහාස කරයි. උත්තරීතර පියා, උත්තරීතර ජීවය තමයි බොහෝ සෙයින්ම අපහාසයට ලක් වී තිබෙන්නේ. දෙවියන් සෑම තැනකම සිටිනා බවත්, ඔහු බල්ලන්, බලලුන්, මාළුන් හා කිඹුලන් තුළත් ඉන්නවා කියා ඔවුන් කියනවා. පියා කියනවා මා, මට නිග්‍රහ කළ අයව පවා අභිවෘද්ධියට ලක් කරනවා. මා ඔබව ලෝක පාලකයින් බවට පත්කරවනවා. ශ්‍රී ක්‍රිෂ්ණා දිව්‍ය ලෝකයේ කුමාරයෙක් වූවා. නයෙක් සපාකෑම නිසා ඔහු නිල් පැහැති වූවා යැයි කියා ඔවුන් කියනවා. එහිදී, ඔහුව නයි සපාකන්නේ කෙසේද? ක්‍රිෂ්ණාගේ දේශයේ කාන්ස්ලා පැමිණියේ කෙසේද? ඒ සියල්ලක්ම බොරු කතන්දර. එය තමයි ඔබ දිගින් දිගටම පහළට වැටුණු භක්ති මාර්ගයේ සැරසිලි. බාබා ඔබව ලස්සන මල් බවට පත්කරවනවා. සමහරු ඉතා විශාල කටු. ඔවුන් දෙවියන්, පියා ගැන කතා කරනවා. නමුත් කිසිම වැටහීමකින් නොවේ. ඔහු පියා බව ඔවුන් දන්නවා. නමුත් ඔහුගෙන් ලැබෙනා උරුමය කුමක්ද යන්න ගැන ඔවුන් දන්නේ නැහැ. ඒ අසීමිත වූ පියා කියනවා මා පැමිණ සිටින්නේ ඔබට අසීමිත වූ උරුමය ලබා දීමටයි. එක්කෙනෙක් ඔබගේ භෞතික පියා වන අතර, දෙවැන්නා අලෞකික පියා, ප්‍රජාවගේ පියා, බ්‍රහ්මායි, තුන්වැන්නා පාරලෞකික පියා ශිවායි. ඔබට පියවරුන් තිදෙනෙක් ඉන්නවා. තමා බ්‍රහ්මා මාර්ගයෙන් සීයාගේ උරුමය ලබනා බව ඔබ දන්නවා. එමනිසා, ඔබ ශ්‍රීමත් අනුගමනය කළ යුතුමයි. ඔබ උසස් තත්ත්වයකට පත්වන්නේ එවිටයි. තිළිණය ලබන්නේ සත් යුගයේදීයි. එහිදී ඔබ ප්‍රජාවගේ පියා වූ බ්‍රහ්මාව වත්, ශිව බාබාව වත් කිසිම කෙනෙක්ව දන්නේ නැහැ. එහිදී, ඔබ දන්නේ ඔබේ භෞතික පියා පමණයි. සත් යුගයේදී ඔබට ඉන්නේ එකම එක පියායි. භක්ති මාර්ගයේ, ඔබට පියවරු දෙදෙනෙක් ඉන්නවා භෞතික පියාත්, පාරලෞකික පියාත්. දැන්, මේ සංගම් යුගයේදී ඔබට පියවරු තිදෙනෙක් ඉන්නවා. කිසිම කෙනෙක්ට මේවා විස්තර කළ නොහැකියි. ඔබ තුළ විශ්වාසය තිබිය යුතුයි. එක් මොහොතකදී විශ්වාසය තිබීමටත්, අනෙක් මොහොතේ සැක ඇතිවීමටත් බැහැ. එය හරියට එක් මොහොතකදී උපත ලබා, අනෙක් මොහොතේ මිය යනවා වැනියි. ඔබ මිය ගිය විට උරුමය අවසානයි. එවන් වූ පියෙක් කිසිම විටෙක අත්හැර යන්න එපා. ඔබ කෙතරම් දුරට පියා සිහිකර සේවයෙහි යෙදෙනවාද, ඒ තරම් වූ උසස් තත්ත්වයක් ඔබට හිමිවනු ඇත. පියා මෙසේද විස්තර කරනවා මගේ උපදෙස් අනුගමනය කරන්න. එවිට ඔබ ආරක්ෂා වෙයි. එසේ නැතිනම්, ඔබට සෑහෙන දඬුවම් ලැබීමට සිදුවනවා. ඔබ කළ සියලු පාප පිළිබඳවත්, ඔබ අනුගමනය නොකළ සියලු ශ්‍රීමත් පිළිබඳවත් ඔබට දර්ශන ලැබෙන්නට පටන් ගන්නවා. දඬුවම් ලැබෙන්නේ ඔබට සූක්ෂම වූ ශරීරයක් ලබා දීමෙනි. දර්ශන ලැබෙන්නේත් ඔබ මව් ගර්භාෂය නම් වූ සිර කුටියෙහි සිටිනා විටයි ඔබ කර ඇති පාප මේවායි. ඉතින් ඒවාට ලැබෙන දඬුවම මෙයයි. මෙම වෘක්ෂය දිගින් දිගටම වර්ධනය වනවා. මෙම ආගමට අයත් වූ අය අනෙක් ආගම්වලට මාරු වනවා. ඒ සෑම ආගමක්ම නැවතත් මතුවනවා. අනෙක් සියලුම දෙනා තම තමන්ට අයත් කොටස්වලට යනවා. මෙහි වෙනස් වෙනස් කොටස් තිබෙනවා. මෙම වෘක්ෂය වර්ධනය වන ආකාරය බලන්න. පුංචි පුංචි අතු දිගින් දිගටම මතුවීමට පටන් ගන්නවා. ඒ සුමිහිරි වූ බාබා අපව නැවතත් නිවස වෙත ගෙන යාමට පැමිණ සිටිනා නිසා ඔහු විමුක්තිදායකයා ලෙස හැඳින්වෙන බව ඔබ දන්නවා. ඔබව දුකින් මුදවා සතුට ලබාදෙන්නා ඔහුයි. ඔහු අපගේ මාර්ගෝපදේශකයා බවට පත්වී අපව සතුටේ දේශය කරා ගෙන යනවා. ඔහු මෙසේද කියනවා මීට අවුරුදු 5000කට ප්‍රථමත් මා ඔබව සතුටින් පිරි සබඳතාවයන් තිබුණු ස්ථානය වෙත ගෙන ගියා. පසුව ඔබ උපත් 84ක් ලබා ගත්තා. දැන් පියාගෙන් ඔබගේ උරුමය ලබා ගන්න. සෑම කෙනෙක්ම ශ්‍රී ක්‍රිෂ්ණාට ආදරෙයි. ඔවුන් ක්‍රිෂ්ණාට ආදරය කරනා තරම් ලක්ෂ්මි හා නාරායනට ආදරය කරන්නේ නැහැ. ලක්ෂ්මි හා නාරායන බවට පත්වන්නේ රාධේ හා ක්‍රිෂ්ණා, වන බව මිනිස්සු දන්නේ නැහැ. කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. රාධා හා ක්‍රිෂ්ණා යන දෙදෙනාම වෙනස් වෙනස් රාජ්‍යවලින් පැමිණෙන්නන් බවත්, ඔවුන්ගේ විවාහයෙන් පසුව ඔවුන් ලක්ෂ්මි හා නාරායන වන බවත් ඔබ දන්නවා. තඹ යුගයේ ඔවුන් ක්‍රිෂ්ණාව පෙන්නුම් කර තිබෙනවා. පාරිශුද්ධකරුවා ක්‍රිෂ්ණා බව කිසිම කෙනෙක්ට කියන්න බැහැ. දිනපතා ඉගෙන ගන්නේ නැතිව කිසිම කෙනෙක්ට උසස් තත්ත්වයක් හිමිකර ගත නොහැකියි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ හැසිරීම ඉතා රාජකීය විය යුතුයි. ටිකක් කතා කරන්න. මිහිරි ලෙස කතා කරන්න. දඬුවම් වලින් ආරක්ෂා වීමට නම් සෑම පියවරකදීම පියාගේ ශ්‍රීමත් අනුගමනය කරන්න.

2. වැඩි අවධානයකින් යුතුව ඉතාමත් හොඳින් ඉගෙන ගන්න. මව හා පියා අනුගමනය කර සිහසුනෙහි අසුන් ගැනීමට සුදුස්සෙක් බවට පත්වන්න උරුමක්කාරයෙක් වන්න. කෝපයට ගොදුරු වී අන් අයට දුක් දෙන්න එපා.

වරදානය:
ඔබ සාමාන්‍ය ක්‍රියා කරමින් සිටින අතර ඔබේ උසස් විඥානය සහ ස්ථිතිය එළිදරව් කරන අති උසස්ම සේවාධාරින් වේ.

සැබෑ දියමන්තියක් මත කොපමණ නම් දුහුවිලි බැඳුනද එහි දීප්තිය අනිවාර්යයෙන් ම එළිදරව් වනු ඇත. ඒ ආකාරයෙන්ම, ඔබේ ජීවිතය දියමන්තියක් මෙන් වේ: වාතාවරණය කෙබඳු වුවත්, සමූහය කෙබඳු වුවත්, ඔබේ දීප්තිය, එනම්, ඔබේ බැබලීම සහ කුල්මතභාවය සියල්ලන්ම දැකිය යුතුයි. ඔබ කරන්නේ සාමාන්‍ය ක්‍රියාවක්, නමුත් ඔබේ විඥානය සහ ඔබේ ස්ථිතිය ඉතාමත් උසස් වෙන්න ඕන. එවිට ඔබව දකින මිනිසුන්ටත් ඔබ සේවකයෙක් වුවත් සාමාන්‍ය කෙනෙක් නොවෙයි. ඔබ ඉතාමත් උසස් කෙනෙක් යනුවෙන් හැඟේවි.

පාඨය:
සත්‍ය රාජ රිෂී කෙනෙක්වූ කලී, සිය සිතිවිලි තුළ පවා කිසිම කෙනෙක් කෙරෙහි යාන්තමින්වත් ඇලීම නොමැති කෙනෙකි.