03.06.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම නාට්‍යය සුරදූතිකාවන්ගේ දේශය හා සොහොන් බිම පිළිබඳ වූ නාට්‍යයකි. දැන් මෙය සොහොන් බිමක් වන අතර පසුව එය සුරදූතිකාවන්ගේ දේශය බවට පත් වෙනවා. ඔබ තම හදවත මෙම සොහොන් බිම වෙත යොමු නොකළ යුතුයි.

ප්‍රශ්නය:
මිනිසුන් තුළ තිබෙන්නා වූ සැක ඉවත් කර දැමිය හැක්කේ කුමන කරුණ ගැන දැන ගැනීමෙන්ද?

පිළිතුර:
පියා කවුද යන්න ගැනත් ඔහු පැමිණෙන්නේ කෙසේද යන්න ගැනත් දැනගත් කළ ඔවුන්ගේ සියලු සැක ඉවත් කර දැමිය හැකි වේ. පියාව හඳුනා ගන්නා තුරු ඔවුන්ගේ සැක කිසිම දාක අවසන් කර දැමිය නොහැක. බුද්ධියෙහි විශ්වාසය ඇති අය බවට පත් වීමෙන් ඔවුන් ජයග්‍රහණයේ මල් කළඹට ද අයිති වනු ඇත. කොහොමනමුත්, ඔවුන් තුළ සෑම කරුණක්ම පිළිබඳව සම්පූර්ණ විශ්වාසය තිබිය යුතු වනවා.

ගීතය:
ඔබගේ සිහසුන අහසෙහි තබා මේ පොළොව මතට පැමිණෙන්න!

ඕම් ශාන්ති.
බාබා මෙහි අසුන්ගෙන දරුවන් හට විස්තර කර දෙනවා. මේ අසීමිත වූ ආධ්‍යාත්මික පියායි. සෑම ජීවයක්ම අනිවාර්යෙන්ම තම ස්වරූපය වෙනස් කරනවා. අශරීරික තත්ත්වයේ සිට ඔවුන් තම චරිත කොටස ක්‍රියාපථයෙහි රඟදැක්වීම උදෙසා භෞතිකත්වයට පැමිණෙනවා. දරුවන් කියනවා: බාබා, ඔබත් අප කරන්නා සේම ඔබගේ ස්වරූපය වෙනස් කරන්න. ඇත්තෙන්ම ඔහු දැනුම දීම උදෙසා භෞතික ස්වරූපයක් ලබා ගන්නවා. ඔහු අනිවාර්යෙන්ම මනුෂ්‍ය ස්වරූපයක් ලබා ගන්නවා. ඔබත් අශරීරික ලෙස සිට පසුව භෞතිකත්වයට පත් වන බව දරුවනුත් දන්නවා. සත්‍ය ලෙසම සිදුවන්නේ මෙයයි. එය අශරීරික ලෝකයයි. ඔබ තමාගේම උපත් 84 පිළිබඳ වූ කතන්දරය නොදන්නා බව බාබා මෙහිදී විස්තර කර දෙනවා. මා මොහු තුළට ඇතුළු වී ඔහුට විස්තර කර දෙනවා. ඔහු පවා දැන සිටියේ නැහැ. සත් යුගයේ කුමරා ක්‍රිෂ්ණා වූ අතර මොහු අපිරිසිඳු ලෝකයේ ශරීරයක් වෙත පැමිණිය යුතු වෙනවා. ක්‍රිෂ්ණා ඉතාමත් ලස්සනයි. ඉතින්, ඔහු අවලස්සන වූයේ කෙසේද? කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. නයෙක් ඔහුව සැපුවා කියා ඔවුන් කියනවා. ඇත්තෙන්ම එය පාප පහ පිළිබඳ වූ ප්‍රශ්නයකි. රාගයේ ගින්න මත අසුන් ගැනීමෙන් ඔබ අවලස්සන වෙනවා. ක්‍රිෂ්ණා හඳුන්වන්නේ ලස්සන හා අවලස්සන තැනැත්තා ලෙසයි. මා ලස්සන හෝ අවලස්සන වීමට ශරීරයක් ගන්නේ නැහැ. මා සදා පාරිශුද්ධත්වයෙන් යුක්තයි. මා කලි යුගයේ අවසානය හා සත් යුගයේ ආරම්භය වූ සංගම් යුගයේදී සෑම චක්‍රයකදීම මෙහි එනවා. දිව්‍යලෝකය ස්ථාපනය කරලීමෙහි ලා මා පැමිණිය යුතුමයි. ස්වර්ණමය යුගය සතුටේ දේශයයි. කලියුගය දුකින් පිරි දේශයයි. මේ කාලයේදී සෑම මනුෂ්‍යයෙක්ම අපිරිසිඳුයි. ලක්ෂ්මි හා නාරායනගේ ආණ්ඩුව, සත් යුගයේ අධිරාජ්‍යයා හා අධිරාජිණිය දූෂිත අය ලෙස ඔබ හඳුන්වන්නේ නැහැ. මෙහි සෑම දෙයක්ම අපිරිසිඳුයි. භාරතය දිව්‍යලෝකය වූ කල එය දේවතාවන්ගේ රාජ්‍යය වූවා. එහි තිබුණේ එකම එක ආගමයි. සෑම කෙනෙක්ම සම්පූර්ණ පිරිසිඳුයි. උසස් තත්ත්වයේ සිටියා. දූෂිත වූ අය ඒ උසස් වූ අයට වන්දනා කළා. සන්‍යාසීන් පාරිශුද්ධත්වය රකිනා විට අපිරිසිඳු අය ඔවුන් ඉදිරියේ දණ නමා වඳිනවා. ගෘහ ජීවිත ගත කරන්නන් සන්‍යාසීන්ව අනුගමනය කරන්නේ නැහැ. නමුත් ඔවුන් මෙසේ කියනවා: මා අහවල් අහවල් සන්‍යාසීව අනුගමනය කරන්නෙක්. එසේ නම්, ඔබ ඔහුව අනුගමනය කළ යුතුයි. ඔබත් සන්‍යාසී කෙනෙක් බවට පත් වූ විට ඔබත් අනුගාමිකයෙක් ලෙස හැඳින්විය හැකියි. ගෘහ ජිවිත ගත කරන්නන් අනුගාමිකයන් වෙනවා. නමුත් ඔවුන් පාරිශුද්ධත්වයට පත් වන්නේ නැහැ. සන්‍යාසීන් ඔවුන්ට විස්තර කරන්නේත් නැහැ. ඒ ගෘහවාසීන්, තමා සන්‍යාසීන්ව අනුගමනය නොකරනා බව වටහා ගන්නේත් නැහැ. මෙහිදී ඔබ මව හා පියාව සම්පූර්ණයෙන් ම අනුගමනය කළ යුතුයි. ගීතයක් තිබෙනවා: මව හා පියා අනුගමනය කරන්න. අනෙක් සෑම කෙනෙක්ම වෙතින් ඔබගේ බුද්ධියෙහි සම්බන්ධය ඉවත් කරන්න. එනම්, සියලු මනුෂ්‍යයින් අමතක කර දමා මා, ඔබගේ පියා සමඟ සම්බන්ධ වන්න. එවිට ඔබ මා ළඟට පැමිණෙන අතර පසුව සත් යුගය වෙතත් යනු ඇත. ඔබ සැම අතින්ම දක්ෂයින්: ඔබ උපත් 84ක් ගන්නවා. මුල සිට අග දක්වාත් අග සිට මුල දක්වාත් තමා සම්පූර්ණ වූ චරිත කොටසක් රඟදක්වන බව ඔබට වැටහෙනවා. අනෙක් ආගම් වල අය මුල සිට අග දක්වාම චරිත කොටසක් රඟදක්වන්නේ නැහැ. ආදී සනාතන දේවි දේවතා ධර්ම තිබෙන්නේ එකයි. මුලින්ම සූර්ය වංශය තිබෙනවා. දැන් තමා සම්පූර්ණ චරිත කොටසක් වෙනුවෙන් සැලසුම් දමනා අතර උපත් 84 හි චක්‍රය පුරා නැවතත් යාමට තිබෙනා බව ඔබට වැටහෙනවා. ප්‍රමාද වී එන අයට සම්පූර්ණ චරිත කොටසක් රඟදක්වන්න බැහැ. මෙම කරුණු හොඳින් තේරුම් ගත යුතුයි. පියා හැර වෙන කිසිම කෙනෙකුට මේවා විස්තර කරදිය නොහැකියි. පළමුවෙන්ම තිබෙන්නේ දේවත්වයයි. කල්ප බාගයක් යන තුරු සූර්ය හා චන්ද්‍ර වංශ තිබෙනවා. දැන් මේ තිබෙන යුගය ඉතාමත් කුඩායි. එය සංගමය ලෙසත්, හමුවීමක් (කුම්භ) ලෙසත් හැඳින්වෙනවා. සෑම කෙනෙක්ම ඔහුව සිහිකරනවා : අහෝ උත්තරීතර පියාණනි, උත්තරීතර ජිවය, පැමිණ අපිරිසිඳු වූ අපව පාරිශුද්ධත්වයට පත් කරන්න. පියා හමුවීම උදෙසා බොහෝ සෙයින් රස්තියාදු වෙනවා. ඔවුන් නොකඩවාම, මැතිරීම්, දානමානාදිය කරනවා. නමුත් ඒවායින් ඔවුන් කිසිම ප්‍රයෝජනයක් ලබන්නේ නැහැ. ඔබ දැන් රස්තියාදුවේ යාමෙන් මිදී සිටිනවා. ඒවා භක්ති මාර්ගයේ සිරිත් වන අතර මෙය දැනුමෙහි සිරිත් වේ. භක්ති මාර්ගය කල්ප බාගයක් පුරා පැවතෙනවා. දැනුම මාර්ගය මෙයයි. දැන් ඔබව මේ පැරණි ලෝකය පිළිබඳව නිරාශාවක් ඇති කරවෙමින් පැවතෙනවා. එමනිසා, ඔබගේ අත්හැරීම අසීමිත වූවකි. මන්ද, ඔබ දන්නවා මේ මුළු ලෝකයම සොහොන් බිමක් බවට පත් වීමට යන බව. දැන් මෙය සොහොන් බිමකි. පසුව එය සුරදූතිකාවන්ගේ දේශය බවට පත් වෙනවා. මෙම නාට්‍යය සොහොන් බිම හා සුරදූතිකාවන්ගේ දේශය පිළිබඳ වූවකි. බාබා, සෑම කෙනෙක්ම සිහි කරන්නා වූ ඒ සුරදූතිකාවන්ගේ දේශය ස්ථාපනය කරනවා. කිසිම කෙනෙක් රාවණ්ව සිහිකරන්නේ නැහැ. එකම එක කරුණක් තේරුම් ගැනීමෙන් ඔවුන්ගේ සියලු සැක දුරු වී යනවා. ඔවුන් තම පියා හඳුනාගන්නා තුරු, ඔවුන් බුද්ධිය තුළ සැක තබාගෙනයි ඉන්නේ. බුද්ධියෙහි සැක තිබෙනා අය විනාශ මුඛයට ඇද වැටෙනවා. සත්‍ය ලෙසම බාබා ජීව වූ අපගේ පියාය. ඔහුම පමණයි අපට අසීමිත වූ උරුමයක් ලබා දෙන්නේ. ඔබට ජයග්‍රහණයේ මල් දාමයෙහි කොටස්කරුවෙක් බවට පත් විය හැක්කේ විශ්වාසය මඟිනි. සෑම වචනයක්ම පිළිබඳව ඔබ තුළ ක්‍ෂණයකින් විශ්වාසය ඇති විය යුතුයි. ඔබ බාබා කියා කියනවා නම්, සම්පූර්ණ විශ්වාසය ඔබ තුළ තිබිය යුතුයි. පියා ලෙස හැඳින්වෙන්නේ ඒ අශරීරික වූ තැනැත්තාය. ඇත්තෙන්ම ගාන්ධිතුමාත් බාපුජී ලෙස හැඳින්වුණා. කොහොමනමුත්, මෙහිදී ඔබට මුලු ලෝකයේම බාපු ජී අවශ්‍ය වෙනවා. ඔහු තමයි පරමාත්ම දෙවියන්, මුළු ලෝකයාගේම පියා. දෙවියන්, මුලු ලෝකයේම පියා, ඉතාමත් උසස් විය යුතුයි. ඔහුගෙන් ඔබ ලෝක අධිකාරීත්වය හිමිකර ගන්නවා. විෂ්ණුගේ රාජ්‍යය ස්ථාපනය වන්නේ බ්‍රහ්මා මාර්ගයෙනි. අප ලෝක පාලකයන්ව සිටි බව ඔබට වැටහෙනවා. අප දේවතාවන්ව සිටි අතර පසුව චන්ද්‍ර වංශයටත් වෛශ්‍ය වංශයටත් පසුව ශුද්‍ර වංශයටත් අයත් වූවන් බවට පත් වූවා. මේ සෑම කරුණක්ම වැටහෙන්නේ දරුවන්ට පමණයි. බාබා කියනවා : මේ මගේ දැනුමේ යාගයෙහි ඔබට බොහෝ බාධක එයි. මෙය රුද්‍රාගේ යාගයයි. මෙමඟින් තමයි විනාශයේ ගිණිදළු මතුවන්නේ. මෙහි සම්පූර්ණ පැරණි ලෝකය විනාශ වී යන අතර ඒ එකම එක දේවතා ධර්මය පමණක් ස්ථාපනය වෙනවා. ඔබට විස්තර කරන්නේ බාබායි. ඔහු කතාකරන්නේ සත්‍යයයි. ඔහු සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් නාරායන බවට පත් වීමේ සත්‍ය කතාන්දරය ඔබට පවසනවා. ඔබ දැන් මෙම කතාන්දරයට සවන් දෙනවා: එය කාලය ආරම්භ වූ දා සිට පැමිණෙන්නක් නොවේ. දැන් ඔබ ඔබගේ උපත් 84 සම්පූර්ණ කර ඇති බවත් නැවතත් වතාවක් ඒ නව ලෝකයේ ඔබගේ රාජ්‍යය බිහිවන බවත් බාබා දැන‍් පවසනවා. මෙය තමයි රාජයෝගා දැනුම. භාරතයේ පෞරාණික රාජයෝගා ක්‍රමය ලෙසත් හැඳින්වෙන්නාවූ මේ පහසු රාජයෝගා දැනුම ලබා දිය හැක්කේ ඒ උත්තරීතර පියා, උත්තරීතර ජීවයට පමණයි. කළි යුගය අනිවාර්යෙන්ම සත් යුගය බවට පරිවර්ථනය වූවා. විනාශයත් සිදු වූ අතර එය මිසයිල පිළිබඳ වූ දෙයක් වූවා. සත්යුග හා රිදී යුගයන් හිදී කිසිම යුද්ධයක් නැහැ. එය ඇරඹෙන්නේ පසුවයි. මිසයිල සමඟ වූ අවසාන යුද්ධය මෙයයි. මුලදී ඔවුන් කඩු සමඟ සටන් කළ අතර පසුව තුවක්කු පාවිච්චි කිරීමට ගත්තා. ඉන්පසු කාලතුවක්කුද අවසානයේ දැන් බෝම්බ ද ඔවුන් යොදාගන්නවා. එසේ නැති නම්, මුලු ලෝකයම විනාශ වන්නේ කෙසේද? ඒවාත් සමඟ ම ස්වාභාවික ව්‍යසනත් තිබෙනවා. කල්පාන්ත වර්ෂාව හා සාගත ආදී සියල්ල ස්වාභාවික ව්‍යසනයි. භූමිකම්පාත් හඳුන්වන්නේ ස්වාභාවික ව්‍යසන ලෙසයි. ඒ ගැන කිසිම කෙනෙක්ට කිසිම දෙයක් කරන්න බැහැ. සමහරු රක්‍ෂණය වී තිබුණා වුවත්, ඔවුන්ට ගෙවීමට කවුද ඉන්නේ? සෑම කෙනෙක්ම මිය යනවා. කිසිම කෙනෙක්ට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඔබ දැන් පියාත් සමඟ ඔබව රක්ෂණය කළ යුතුයි. භක්ති මාර්ගයේදී ඔවුන් සෑම දෙයක්ම රක්ෂණය කරනවා. නමුත් ඔවුන් කල්ප බාගයක් පුරා එහි ඵලය ලැබීම පමණයි සිදුවන්නේ. මෙහිදී ඔබ කෙලින්ම රක්ෂණය වෙනවා. බාබා තමාගේ ම උදාහරණය පෙන්වන්නා සේ සියල්ලම රක්ෂණය කරනා කෙනෙක්ට රාජ්‍යය ලැබෙයි. ඔහු නම් සෑම දෙයක්ම දුන්නා. ඔහු සෑම දෙයක්ම පියා සමඟ රක්‍ෂණය කළා. එමනිසා, සම්පූර්ණ රාජ්‍යයම හිමිකර ගත්තා. කොහොමනමුත්, ලෝකයේ ඉතිරි ටික විනාශ වී යනවා. මෙය මරණයේ දේශයයි. සමහරුන්ගේ ධනය මඩ යට සැඟවෙනවා. ඒ වගේම අනෙක් අයගේ මුදල් සියල්ල ආණ්ඩුව විසින උදුරා ගැනෙනවා. කොහේ හෝ ගින්නක් හටගත් විට හෝ යම් ව්‍යසනයක් සිදු වූ විට සොරුන් ගිහින් බොහෝ දේවල් සොරකම් කර ගන්නවා. දැන් මේ ගෙවෙන්නේ අවසානම කාලයයි. මේ නිසා තමයි ඔබ පියාව සිහිපත් කර ඔහුට සහාය විය යුතු වන්නේ. දැන් සෑම කෙනෙක්ම අපිරිසිඳුයි. ඉතින් කිසිම කෙනෙක්ට පිරිසිඳු ලෝකයක් ස්ථාපනය කළ නොහැකියි. මෙය පියාගේම කාර්යභාරයයි. ඔවුන් පියාට කන්නලව් කරනවා: අශරීරික ලෝකයේ සිට පැමිණෙන්න. පැමිණ ස්වරූපයක් ලබා ගන්න. බාබා කියනවා : මා භෞතිකත්වයට පැමිණ ස්වරූපයක් ලැබගෙන සිටිනවා. නමුත් මා සෑම විටම මොහු තුළ ඉන්නේ නැහැ. දවස පුරාම රථයක් පදවන්න ඔබට බැහැ. ඔහු ගවයකු පිට යන ආකාරය ඔවුන් පෙන්නුම් කරනවා. ඒ වගේම ඔවුන් මනුෂ්‍යයෙක් එනම්, වාසනාවත් රථයක් පිළිබඳව පෙන්නුම් කරනවා. දැන් මෙය ද නිවැරදි, එයද? ඔවුන් ගව මඩුවක් මෙන්ම ගෞමුඛ් (ගවයෙකුගේ මුඛය) ක් ද පෙන්වනවා. ඔහු ගවයෙකු පිට යන අයුරුත් ගවයාගේ මුඛයෙන් දැනුම දෙන ආකාරයත් පෙන්නුම් කර තිබෙනවා. මේ මතුවන්නේ දැනුම නම් වූ අමෘතයයි. ඉතින් මෙහිත් අර්ථයක් තිබෙනවා. ගෞමුඛ් කෝවිලක් ද තිබෙනවා. බොහෝ දෙනා එම කෝවිල දැක ගැනීමට යනවා. ඒ ගෞමුඛයෙන් අමෘතය වෑහෙන ආකාරය ඔවුන් පෙන්නුම් කරනවා. එය ඔවුන් ගිහින් පානය කළ යුතුමයි. ඒ වෙත ළඟා වීමට පියගැට පෙළ හත්සියයක් තිබෙනවා. ඇත්තෙන්ම මොහු තමයි ලොකුම ගෞමුඛ් වන්නේ. අමරනාත් හි කිසිවක් නොමැති වුවත් ඔවුන් එහි යාමට බොහෝ උත්සාහ දරනවා. ඒ සියල්ල මායාවක් පමණයි. ඔවුන් ශංකර් පාර්වතීට කතාවක් කියනා ආකාරය පෙන්නුම් කරනවා. නමුත්, ඔහු ඉඳගෙන ඇයට කතා කිරීමට තරම් පාර්වතී පරිහාණියට පත් ව තිබෙනවාද? මිනිස්සු කෝවිල් තැනීමට බොහෝ මුදල් වියදම් කරනවා. බාබා කියනවා : බොහෝ සෙයින් මුදල් වියදම් කිරීම නිසා ඔබට දැන් ඒ සියල්ල නැතිවී ගොස් තිබෙනවා. මුලදී ඔබ ණය හිමි තත්ත්වයේ සිටි අතර දැන් ණයගැති තත්ත්වයට පත්ව සිටිනවා. කොහොමනමුත්, මා දැන් ඔබව නැවතත් ණය හිමි තත්ත්වයට පත් කිරීම සඳහා පැමිණ සිටිනවා. ඔබ බාබා ළඟට පැමිණ සිටින්නේ ඔබගේ උරුමය ලබා ගැනීමට බව දරුවන් දන්නවා. බාබා දැන් ඔබට මෙම උරුමය ලබා දෙනවා. උත්තරීතර පියා, උත්තරීතර ජීවයෙහි උපන් ස්ථානය වන්නේ භාරතයයි. ඉතින් මෙය තමයි උසස්ම පූජණීය ස්ථානය. බාබා පැමිණ අපිරිසිඳු වූ සෑම කෙනෙක්වම පාරිශුද්ධත්වයට පත් කරනවා. ගීතාවේ බාබාගේ නම තිබුණා නම්, සෑම කෙනෙක්ම මෙහි පැමිණ මල් පුදයි. පියා හැර වෙන කිසිම කෙනෙක්ට සියලුම දෙනාට විමුක්තිය ලබා දිය නොහැකියි. උසස්ම වූ පූජනීය ස්ථානය භාරතයයි. නමුත්, කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. එසේ නැතිනම්, පියාගේ ප්‍රශංසනීයත්වය අසීමිත වන්නා සේම, භාරතයේ ප්‍රශංසනීයත්වයත් තිබෙනවා. දිව්‍යලෝකය හා අපාය බවට පත්වන්නේ භාරතයයි. ඒ අසීමිත වූ ප්‍රශංසනීයත්වය තිබෙන්නේ දිව්‍යලෝකය පිළිබඳවයි. නමුත්, එහි තිබෙන්නේ අපාය අන්ත ලෙස නිග්‍රහවට ලක් වීමයි. දරුවන් දැන් ඒ සත්‍ය දේශයේ පාලකයන් බවට පත් වනවා. ඔබ මෙහි පැමිණ සිටින්නේ පියාගෙන් ඔබගේ අසීමිත වූ උරුමය ලබා ගැනීම සඳහාය. බාබා කියනවා : මන්මනභාව්. අනෙක් සෑම කෙනෙක්ම වෙතින් ඔබගේ බුද්ධියෙහි සම්බන්ධය ඉවත් කොට නිරන්තරයෙන්ම මා පමණක් සිහිපත් කරන්න. ඔබ පාරිශුද්ධත්වයට පත්වන්නේ ස්මරණයෙන්ම පමණයි. මෙම දැනුම මාර්ගයෙන් ඔබගේ උරුමය හිමකර ගන්න. සෑම කෙනෙක්ම ජීවන මුක්තියේ උරුමයක් ලබනවා. නමුත් රාජයෝගා ඉගෙන ගන්නා අය පමණයි දිව්‍යලෝකයේ උරුමය ලබා ගන්නේ. සෑම කෙනෙක්ම ගැලවීම ලබනවා. ඔහු සෑම කෙනෙක්වම ගෙන යනවා. බාබා කියනවා : අවසානයේ දී, මෙම එළිදරව්ව සිදු වූ කල ඔබට මඟ පෙන්වන්නේ ඒ අසීමිත වූ පියා පමණක් බව ඔවුන් තේරුම් ගනීවි. කෙනෙක් කතන්දරයක් කියමින් මෙසේ කියතහොත්: ගීතාවේ දෙවියන් ක්‍රිෂ්ණා නොව ශිවා යි කියා, සෑම කෙනෙක්ම කියයි, එම පුද්ගලයාත් බ්‍රහ්ම කුමාරින්ට හසු වී තිබෙනවා කියා. මේ නිසා තමයි, දැන්ම මෙය ඔවුන්ගේ කාලය නොවන්නේ. ඔවුන් තේරුම් ගන්නේ පසුවයි. ඔවුන් දැන් මේ කිසිවක් හෝ විශ්වාස කළහොත්, ඔවුන් තමන්ගේ සියලු ම පාරිභෝගිකයන්ව නැති කර ගන්නවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අනෙක් සියලුම සබඳතා බිඳ දමා මව හා පියා පමණක් අනුගමනය කරන්න. මේ පැරණි ලෝකය පිළිබඳ සම්පූර්ණ ආශාව අත්හැර දමා එය අමතක කර දමන්න.

2. මේ ගෙවෙන්නේ අවසාන භාගයයි. එමනිසා, සියල්ල අවසන් වීමට පෙර ඔබ ළඟ තිබෙන සියල්ල රක්‍ෂණය කර අනාගතයේ ඔබගේ සම්පූර්ණ රාජ්‍යයට උරුමකම් ලබා ගන්න.

වරදානය:
උසස්ම වාසනාව ලද ඔබ බ්‍රහමිණ් ජීවිතයේ සතුට නම් වූ පෝෂණීය ආහාර නිරන්තරව අනුභව කරමින් අන් අය සමඟ බෙදාගනී.

අප ලෝක ස්වාමියා ගේ දරුවන් සහ පාලකයන් (බාලක්, මාලික්) වේ. නිරන්තරයෙන් මෙම දේවමය කුල්මත් බව සහ සතුට පවත්වා ගන්න. වාහ් මගේ උසස් වාසනාව! මේකයි මගේ දෛවය. නිරන්තරයෙන් සතුටේ ඔන්චිල්ලාව පදින්න. මා සතුටේ පෝෂණය නිරන්තරයෙන් අනුභව කරන අන් අයට බෙදාදෙන සදා වාසනාවන්තයෙකි. ඔබ අන් අයට සතුටේ ශ්‍රේෂ්ඨ දානය දෙමින් ඔවුන්ව වාසනාවන්තයින් කරනවා. සතුට ඔබේ ජීවිතයයි. ජීවත්වීම යනු සතුටින් සිටීමයි. මෙය බ්‍රහමින් ජීවිතයේ උසම වරයයි.

පාඨය:
සෑම අවස්ථාවකදීම ඉවසිලිවන්ත වූ විට ඔබ නොකඩවා ප්‍රීතිය අත්විඳීවි.

මාතේෂ්වරීජිගේ අමිල උසස්වදත්

1. මෙම දේවමය ඥානය අපගේ බුද්ධිය තුළින් හෝ අපගේ අවබෝධයෙන් මතු වූවක් නොවේ. එසේම එය අපගේ හිතළුවක් හෝ සිතිවිලි තුළිනුත් මතු වූවක් තොවේ. එහෙත් මෙම ඥානය අපට අසන්නට ලැබුණේ මෙම ලොවේ නිර්මාතෘවරයාගෙනි. මේ සමඟ ප්‍රායෝගික අන්දමින් අප ලද අත්දැකීම් සහ අපගේ ස්වකීය විඥානයට අරගත් දෙයද ඔබට පවසන්නම්. එය අපගේ විඥානයට අදාළ වූ දෙයක් නම් එය ක්‍රියා කරනුයේ අපටම පමණයි. එහෙත් අපට මෙය දෙවියන්ගෙන් අසන්නට ලැබුණි. එය අපගේ විඥානයෙන් අත්විඳීමින් එය ධාරණය වී ඇත. අප කුමක් ධාරණය කළත් එය නිසැකවම අපගේ විඥානය තුළ සහ අත්දැකීමෙහි තිබේ, එවිටයි එය අපගේම දෙයක් ලෙස සැලකෙන්නේ. මෙය අප දැනගත්තේ ඔහුගේ මාර්ගයෙනි. එසේ නම්, දෙවියන්ගේ නිර්මාණය කුමක් ද? දෙවියන් කවුරුද? මෙය අපට තිබෙන්නා වූ සිතිවිලි නොවෙයි. එසේ වුවහොත් එය අපගේ මනසෙහි පැන නැඟී තිබෙයි. මාගේ සිතිවිලි මෙය වන අතර ධාරණය කිරීමට සුදුසු වටිනා මූලික කරුණු මා දෙවියන් වෙතිනුයි ලබා ඇතේ. ප්‍රධානම වන්නේ යෝගා කිරීමයි. නමුත් යෝගාවට ප්‍රථම, අපට ඥානය තිබීම අවැසිය. එසේ නැතිනම්, අපගේ ක්‍රියාවන් වැරැදි වනු ඇත. මේ නිසයි ඥානය මුලින්ම අත්‍යවශ්‍ය වන්නේ. අපට මේ ඉහළ මට්ටමේ ඥානය අවබෝධ කිරීම සඳහා බුද්ධිය අවශ්‍ය කරයි. මන්ද, අපට උගන්වන්නේ අති උසස් වූ දෙවියන් වේ.

2. මෙම දේවමය ඥානය. එක් පැත්තකින් කඩාබිඳලීම සඳහාත් අනෙක් පැත්තෙන් සම්බන්ධ කිරීම සඳහාත් වේ. අපව දෙවියන් හා සම්බන්ධ කරගත යුතුයි. පිවිතුරු සම්බන්ධතාවයක් තිබීම මඟින් ඥානයේ ඉනිමගේ ඉහළටම අප වර්ධනය වේවි. මන්ද, මෙකල ජීවාත්මයන් කර්ම බන්ධනයේ බලපෑම යටතේ සිටින්නේ. ආරම්භයේ දී ජීවාත්මයන් ඕනෑම කර්ම බන්ධන වලින් නිදහස්වයි සිටියේ. පසුව ඔවුන් කර්ම බන්ධනය තුළට පැමිණියා. දැන්, නැවතවරක් ඔවුන් කර්ම බන්ධනයෙන් නිදහස් වන්නට සිදුව ඇත. දැන්, අපගේ මොනම කර්ම බන්ධනයක්වත් නොතිබිය යුතු අතර අප ක්‍රියා කළ යුතු ආකාරය ඇත්තේ අපගේ අතේමය. අපගේ ක්‍රියාවන් අප විසින් පාලනය කළොත් පමණයි. මොනම කර්මබන්ධන වලත් අප නොබැඳී සිටිනවා ඇත්තේ. මෙයට ජීවන මුක්තිය යැයි කියා තිබේ. එසේ නැති කොට කර්ම බැඳීම් තුළ ඉඳිමින් චක්‍රය තුළට කලටම ජීවන මුක්තිය ලබාගත නොහැකිය. දැන් ජීවාත්ම කෙරෙන් සියලු බලයක් නැතිව ගොස් ඇති අතර ඔවුන් ක්‍රියා කරන්නේ ස්වයං පාලනයකින් තොරවය. කෙසේවෙතත්, ජීවාත්මයන් ක්‍රියා කළ යුතුව තිබෙන නිසා ජීවාත්මයන් බලය ලබාගත යුතු වේ. ජීවාත්මයන්හට කර්ම බන්ධන කිසිවක් නොමැති තත්ත්වයට පත්විය යුතු වෙනවා. එසේ නැතිනම්, ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන්ව ඇදගන්නා නිසා මනුෂ්‍යයන් දුක් සහ සතුටේ බල පැවැත්මට අසුවනවා ඇත. ජීවාත්මය මොනම කර්ම බන්ධන වලිනුත් තමන් නිදහස් වීම සඳහා බලය වඩවා ගනී. ප්‍රතිඵලය මෙයයි. මේ දේවල් උකහාගැනීමෙන් සියල්ල පහසු බවට පත්වේවි. මෙම පන්තියේ හේතු කාරණාව මෙය වේ. අපට වේද ග්‍රන්ථ ආදිය ඉගෙන ගෙන උපාධියක් ලබන්නට උවමනා නැත. එහෙත්, මෙම දේවමය ඥානය භාවිත කර අපගේ ජීවිතය නිර්මාණය කිරීමට ඇත. මේ සඳහා අප දෙවියන්ගෙ බලය ගැනීම අවැසි ය. අච්චා.