03.07.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සියලුම දෙනාට විමුක්තිය ලබා දෙන, ජීවන-මුක්තිය පිරිනමන්නා, දැන් ඔබගේ පියා බවට පත් වී තිබේ. ඔබ ඔහුගේ දරුවන්ය. එබැවින් ඔබට බොහෝ කුල්මත් බවක් තිබිය යුතුයි.

ප්‍රශ්නය:
නිරන්තරයෙන් බාබාගේ සිහිපත් කිරීම තිබිය නොහැක්කේ කුමන දරුවන්ගේ බුද්ධියටද?

පිළිතුර:
සම්පූර්ණ විශ්වාසය නොමැති අයගේ බුද්ධියට, නිරන්තරයෙන් බාබාගේ සිහිපත් කිරිම තිබිය නොහැක. ඔවුන්ට උගන්වන්නේ කවුරුන්ද කියා ඔවුන් නොදන්නේ නම්, ඔවුන් සිහිපත් කරන්නේ කාවද? ඔහුව නිවැරදිව හඳුනාගන්නා, එමෙන්ම ඔහුව සිහිපත් කරන අයගේ, පාපයන් දුරු වී යයි. පියාම පැමිණ, ඔහුගේ නිවැරදි හැඳින්වීම සහ ඔහුගේ නිවහනේ හැඳින්වීම ඔබට ලබා දෙයි.

ඕම් ශාන්ති.
ඔය සියලුම දරුවන්, නිරන්තරයෙන් ඕම් ශාන්ති හි අරුත සිහිකරයි. මා ජීවාත්මයක් වන අතර මගේ නිවහන, අශාරීරික ලෝකය වන නිර්වාණ දේශයයි. භක්ති මාර්ගයේදී මිනිසුන් උත්සාහ දරන නමුත් ඔවුන් යා යුත්තේ කොහෙද කියා ඔවුන් නොදනී. සතුට ලබා දෙන්නේ කුමක්ද, දුක ලබා දෙන්නේ කුමක්ද කියා ඔවුන් නොදනී. ඔවුන් යාගහෝම පවත්වා, තපස් රැක, දානමාන පිංකම් ආදිය කළත්, ඔවුන් දිගටම ඉනිමඟ දිගේ පහළට පැමිණෙයි. ඔබට දැන් දැනුම ලැබී ඇත. එබැවින් ඔබගේ භක්තිය අවසන් වී ඇත. හඬ නඟා ඇසෙන සීනු නාදය ආදියේ වාතාවරණය, සියල්ලම අවසන් වී ඇත. නව ලෝකය සහ පැරණි ලෝකය අතර නිසැකයෙන්ම වෙනසක් තිබෙනු ඇත. නව ලෝකය පිවිතුරු ලෝකයයි. ඔය දරුවන්ගේ බුද්ධියේ දැන් සතුටු දේශය තිබේ. සතුටේ දේශයට දිව්‍යලෝකය යැයිද, දුක් දේශයට, අපාය යැයිද කියයි. මනුෂ්‍යයන්ට සාමය අවශ්‍ය නමුත් කිසිම කෙනෙකුට සාම දේශයට යාමට නොහැක. පියා පවසන්නේ මා මෙහි භාරතයට පැමිණෙන තුරු, ඔය දරුවන්ට ආපසු නිවසට යාමට නොහැක. ශිවාගේ උපත සිහි කරන්නේ භාරතයේ පමණයි. අශාරීරික කෙනා, අනිවාර්යෙන්ම ශාරීරික ස්රූපයකින් පැමිණෙනවා. සිරුරක් නොමැතිව, ජීවයකට කිසි දෙයක් කළ හැකිද? ජීවාත්මයකට සිරුරක් නොමැති නම්, ඔහු දිගටම සැරි සරයි ඔහුට වෙනත් කෙනෙකුගේ සිරුරකට වුවද ඇතුළු විය හැක. ඇතැම් ජීව හොඳ නමුත්, ඇතැම් අය ඉතා දඟ වන අතර, ඔහුට තවත් කෙනෙක්ව උන්මත්තකයෙක් කිරීමට වුවත් පුළුවනි. ජීවාත්මයකට අනිවාර්යෙන්ම සිරුරක් අවශ්‍යයි. ඒ අන්දමින්ම, උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මයට සිරුරක් නොතිබුණේ නම්, ඔහු පැමිණ, භාරතයේ කුමක් කරන්නද? භාරතය, අවිනාශී භූමියයි. ස්වර්ණමය යුගයේ තිබෙන්නේ එක් භාරත දේශය පමණයි. අන් සියලුම දේශ විනාශ වී ගොසින්ය. ආදි සනාතන දෙවි දේවතා ධර්මය තිබුණු බව සිහිපත් කරයි. ඒ මිනිසුන් ආදි සනාතන හින්දු ධර්මය ගැන කතා කරයි. ඇත්ත වශයෙන්ම ආරම්භයේ දී හින්දූන් සිටියේ නැත සිටියේ දේවතාවන් පමණයි. යුරෝපයේ ජීවත් වන අය, තමන්ව ක්‍රිස්තියානුවන් වශයෙන් හඳුන්වයි ඔවුන් යුරෝපියානු ආගමට අයත් බව ඔබ කියන්නේ නැත. හින්දුස්ථානයේ වාසය කරන මිනිසුන් කියන්නේ ඔවුන් හින්දු ආගමට අයත් බවයි. උසස් දේවතා ධර්මයට අයත්ව සිටි අය, උපත් 84 හි චක්‍රය තුළට පැමිණිමෙන්, තම ධර්මයේ දූෂිත වී තිබේ. දේවතා ධර්මයට අයත්ව සිටි අය පමණයි මෙහි පැමිණෙන්නේ. ඔවුන්ට විශ්වාසයක් නොමැති නම් ඔවුන් මෙම ධර්මයට අයත් නැති බව ඔබට වටහා ගත හැක. ඔවුන් මෙහි අසුන් ගෙන සිටින නමුත්, ඔවුන්ට මෙය වටහාගැනීමට නොහැකි වෙයි. ඔවුන් එහිදී පුරවැසියන් අතර, පහත් තත්ත්වයක් හිමි කරගන්නා අය විය හැකියි. සෑම කෙනෙකුටම සාමය සහ සතුට අවශ්‍ය නමුත් එය පවතින්නේ ස්වර්ණමය යුගයේ පමණයි. සෑම කෙනෙකුටම සතුටු ලෝකයට යාමට නොහැක. සෑම ආගමක්ම, එයට නියමිත වූ කාලයේදී පැවතීම ආරම්භ වෙයි. ගිණිය නොහැකි තරම් ආගම් තිබෙන අතර, වෘක‍්ෂය දිගින් දිගටම වැඩෙයි. ප්‍රධාන කොටස, කඳ, දේවතා ධර්මය වන අතර, තවද නාළ තුන තිබේ. එම අනෙත් ආගම් වලට දිව්‍යලෝකයේ පැවතිය නොහැක. අළුත් ආගම් මතු වීමට පටන් ගන්නේ තඹ යුගය ආරම්භ වන විටය. මෙයට විවිධත්ව මානව වෘක‍්ෂය යැයි කියයි. බහුරූපි පිළිරුව, මෙම විවිධ ආගම් වල වෘක‍්ෂයෙන් වෙනස්ය. බොහෝ විවිධ මානව වර්ග සිටියි. ආගම් කොතෙක් තිබෙනවාද කියා ඔබ දන්නවා. ස්වර්ණමය යුගයේ ආරම්භයේ තිබුණේ එක් ධර්මයක් පමණයි එය නව ලෝකයක් විය. පෞරාණික භාරතය පාරාදීසය ව පැවති බවත් එය බොහෝ ධනවත් වූ බවත්, විදේශවල අයද දන්නවා. මේ නිසයි භාරතයට බොහෝ ගෞරවයක් ලැබෙන්නේ. ධනවත් කෙනෙක් දුප්පත් වූ විට, අන් අය ඔහුට කරුණාව දක්වයි. බලන්න භාරතය දැන් කෙතරම් දුප්පත් වී ඇතිද කියා! මෙයත් නාටකයේ කොටසකි. ඔවුන් මෙසේද කියයි වඩාත්ම කාරුණික කෙනා වන්නේ දෙවියන් වන අතර, ඔහු පැමිණෙන්නේ භාරතයේය. දුප්පත් අයට කාරුණික වන්නේ නිසැකයෙන්ම ධනවත් අයයි. පියාට අසීමිත ධනය තිබෙන අතර, ඔහු අපව උසස්ම උසස් අය බවට පත්කරවයි. ඔබ පත්ව සිටින්නේ කාගේ දරුවන් බවට ද, යන කුල්මත්භාවය ද ඔබට තිබිය යුතුයි. අපි, ජීවන-මුක්තිය පිරිනමන්නා සහ විමුක්තිය පිරිනමන්නා ලෙස හඳුන්වන, උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය, ශිවාගේ දරුවන්ය. ජීවන-මුක්තිය පළමුවෙන්ම පවතින්නේ ස්වර්ණමය යුගයේය. මෙහි තිබෙන්නේ ජීවන-බන්දනයයි. භක්ති මාර්ගයේ මිනිසුන් කන්නලව් කරන්නේ බාබා, මාව බන්දනයන්ගෙන් මුදවන්න. ඔබට තව දුරටත් මෙසේ කන්නලව් කළ නොහැක. පියා ඥාන සාගරය බව ඔබ දන්නවා. ඔහු ලෝක ඉතිහාසයේ සහ භූගෝලයේ සාරය විස්තර කරයි. ඔහු දැනුමින් සපිරිය. මෙම කෙනාමත් කියන්නේ මා දෙවියන් නොවෙයි. ඔබ තම සිරුරු වලින් වෙන් වී, ජීව අවධානයට පත් විය යුතුයි. තමන්ගේම සිරුරු ඇතුළුව මුළු පැරණි ලෝකයම ඔබ අමතක කළ යුතුයි. මේ කෙනා දෙවියන් නොවෙයි. අපට බාප්දාදා කියා කියයි. උසස්ම උසස් කෙනා පියාය. මෙය අපවිත්‍ර පැරණි සිරුරකි. ප්‍රශංසාව ඇත්තේ එක්කෙනා ගැන පමණක්මයි. ඔබ ඔහු සමඟ යෝගාවේ සිටිය යුතුයි එවිට පමණයි ඔබ පිවිතුරු වන්නේ. එසේ නැත්නම් ඔබට කිසිසේත් පිවිතුරු විය නොහැක. ඉන්පසුව අවසානයේ දී ඔබගේ පාපයන් පියැවෙන පරිදි දඬුවම් විඳීමට සිදුවන අතර, ඉන් අනතුරුව ඔබ ආපසු නිවහනට යයි. භක්ති මාර්ගයේ දී ඔබ දිගටම හම්-සෝ, සෝ-හම් යන මන්ත්‍රයට සවන් දුන්නා ජීවය වන මා, උත්තරීතර පියා වන උත්තරීතර ජීවයයි, ඔහු ජීවයයි. එම වැරදි මන්ත්‍රය, ඔබව දෙවියන්ගෙන්, උත්තරීතර ජීවයෙන් ඉවතට යොමු කළා. පියා පවසන්නේ දරුවනි, ජීවාත්මය වන මා, උත්තරීතර ජීවාත්මයයි කියා කීම සම්පූර්ණයෙන් ම වැරදිය. විවිධ වංශ වල වැදගත්කම ද ඔය දරුවන්ට විස්තර කර දී තිබේ. අප බ්‍රහ්මණයින් වන අතර, අපි දේවතාවන් වීමට උත්සාහ දරමින් සිටිනවා. පසුව අප දේවතාවන් වූ පසු, අප ක‍්ෂත්‍රීය වංශයට යයි. අප උපත් 84 ක් ගන්නා අන්දම මෙන්ම ඒවා ගන්නේ කුමන වංශ වලද කියා වෙනත් කිසිවෙකු නොදනී. ඔබ බ්‍රහ්මණයන් බව ඔබ දැන් දන්නවා. බාබා, බ්‍රහ්මණයෙක් නොවෙයි. එම වංශ තුළට යන්නේ ඔබ පමණයි. ඔබව දැන් බ්‍රහ්මණ ආගම තුළට ගෙන තිබේ. ඔබ ශිව බාබාගේ මාර්ගයෙන් ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් බවට පත් වී ඇත. අශාරීරික ජීවාත්ම, මුලදි අයත් වූයේ දෙවියන්ගේ පවුලට බවත් ඔබ දන්නවා. ජීවාත්ම වන අප, අශාරීරික ලෝකයේ වැසියන් වන අතර, අප ඉන්පසුව ශාරීරික ලෝකයට යනවා. අපගේ චරිත කොටස් රඟපෑම සඳහා අප මෙහි පැමිණිය යුතුයි. අප, එහි ඉහළ සිට මෙහි පැමිණෙන විට, අප දේවතා වංශයේ උපත් 8 ක් ගනී. ඉන්පසුව අප ක‍්ෂත්‍රීය වංශයටත් පසුව වෛශ්‍ය වංශයටත් ඇතුළු වනවා. පියා විස්තර කරයි චක්‍රය උපත් 84 ක එකකි. ඔබ හැර වෙනත් කිසිවෙකුට මෙම දැනුම ලබා ගත නොහැක. මෙම ධර්මයට අයත් අය, මෙහි පැමිණෙයි. රාජධානිය ස්ථාපිත වනවා. සමහරු රජවරුන් සහ රැජිනියන් වන අතර අන් අය පුරවැසියන් වෙයි. සූර්ය රජ පෙළපත, 8 කින් යුත් රජ පෙළපතකි - පළමුවන ලක‍්ෂ්මි සහ නාරායන්, ඉන්පසුව දෙවන ලක‍්ෂ්මි සහ නාරායන්, තුන්වන ආදි වශයෙන්. ඉන්පසුව ක‍්ෂත්‍රීය ආගමේද පළමුවන, දෙවන, තුන්වන ආදිය සිටියි. පියා මෙම සියලුම කාරණා විස්තර කරයි. දැනුමේ මහා සයුර පැමිණෙන විට, භක්තිය අවසන් වෙයි රාත්‍රිය අවසන් වී, දහවල ආරම්භ වෙයි. එහි දෙපා පැටලීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඇත්තේ විවේකය සහ සුව පහසුව පමණයි එහි කිසිම කැලඹීමක් නැත. මෙම නාටකය පෙර නියම වූ එකකි. භක්තියේ ඇදහිලි අවසන් වන කල්හි, පියා පැමිණෙයි. සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම ආපසු නිවසට යා යුතුයි. ඉන්පසුව අංක පිළිවෙලට සෑම කෙනෙක්ම පහළට පැමිණෙයි. ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙන විට, ඔහුගේ ආගමට අයත් අය ද දිගටම පැමිණෙනවා. බලන්න, කොපමණ ක්‍රිස්තියාණුවන් සිටිනවාද කියා! ක්‍රිස්තියානියේ බීජය ක්‍රිස්තුස් වහන්සේය. උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය, ශිවා, දේවතා ධර්මයේ බීජයයි. උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය, ඔබගේ ධර්මය ස්ථාපනය කරයි. ඔබව බ්‍රහ්මණ වංශය තුළට ගෙන ආවේ කවුරුන්ද? පියා ඔබව දරුකමට හදා ගත්තා. එබැවින් කුඩා බ්‍රහ්මණ ආගම එය තුළින් නිර්මාණය විය. බ්‍රහ්මණයින්ගේ හිස් මුදුනේ ගැටය සිහිකර තිබේ. හිස් මුදුනේ ගැටය, සංකේතයක් පමණයි. අනෙත් වංශ, ඉන්පසුව පැමිණ, වැඩෙයි. මෙම සියලුම රහස් මෙතැන අසුන්ගෙන විස්තර කරන්නේ පියා පමණයි. පියා සෙත සලසන්නා වන අතර ඔහු පැමිණෙන්නේ භාරතයට සෙත සැලසීමටයි. ඔහු වඩාත්ම සෙතක් සිදු කරන්නේ ඔය දරුවන්ටයි. ඔබ සිටි අන්දමත් ඔබ වී ඇත්තේ කවුරුන් බවටද කියාත් බලන්න! ඔබ අමරණීය දේශයේ අධිපතියන් බවට පත් වනවා. ඔබ දැන් රාගය පරාජය කරනවා. එහි අකල් මරණ නොමැත. එහි මරණය පිළිබඳ ප්‍රශ්නයක් නැත, නමුත් ඔබගේ වස්ත්‍රය ඔබ මාරු කරදමයි. සර්පයෙක් හැව ඇර, තවත් එකක් ගන්නා ආකාරයෙන්ම, ඔබත් මෙහිදී ඔබගේ පැරණි සම අතහැර, නව ලෝකයේදී අළුත් සමක් ගනී. ස්වර්ණමය යුගයට මල් උයන යැයි කියයි. එහි කිසිම නරක වචනයක් කතා කරන්නේ නැත. මෙහි තිබෙන්නේ නරක ආශ්‍රය පමණයි මායාගේ සමාගම තිබේ. ඒ නිසයි මෙයට අපායේ අන්ත අගාධය යැයි කියන්නේ. ගොඩනැගිල්ලක් බොහෝ පැරණි වන විට, එය අතහැර දමන්නට කියා නගර සභාව අණ කරයි. පියාද පවසන්නේ මා පැමිණෙන්නේ ලෝකය පැරණි වන විටයි. දැනුම තුළින් විමුක්තිය ඇත. ඔබට රාජ යෝගාව උගන්වනු ලබනවා. භක්තියේ කිසිවක් නොමැත. ඔව්, දන් දීමෙන් සහ පුණ්‍යකර්ම කිරීමෙන් ඔබට තාවකාලික සතුට ලැබෙයි. රජවරුන්ට පැරණි ලෝකය කෙරෙහි නිරාශාවක් ඇති කිරීමට සන්යාසීන් පොලඹවයි මෙහි ඇති සතුට, කපුටෙකුගේ අසූචි මෙනි. ඔය දරුවන්ට දැන් අසීමිත නිරාශාව ඇති කිරීමට කියා දෙයි. මෙම ලෝකය පැරණියි දැන් සතටු දේශය සිහිපත් කරන්න. එවිට ඔබ සාම දේශය හරහා මෙහි පැමිණෙනු ඇත. මේ කාලයේ ඔබගේ නිවැරදි සිහිවටනය තිබෙන්නේ දිල්වාලා දේවාලයේය ඔබ තපස්යාවේ අසුන් ගෙන සිටින අන්දම පෙන්වා ඇති අතර, දිව්‍යලෝකය ඔබට ඉහළින් පෙන්වා ඇත. එසේ නැත්නම් දිව්‍යලෝකය පෙන්වන්නේ වෙන කොහිද? කෙනෙක් මිය ගිය විට, ඔවුන් කියන්නේ ඔහු දිව්‍යලෝකයට ගිය බවයි, මන්ද ඔවුන් සලකන්නේ දිව්‍යලෝකය තිබෙන්නේ උඩ ඉහළ කියාය. කෙසේවෙතත්, උඩ ඉහළ කිසිවක් නැත. භාරතය දිව්‍යලෝකය වන අතර අපාය වන්නේද භාරතයයි. එම දේවාලය, නිවැරදි සිහිවටනයකි. අන් සියලුම දේවාල තනන්නේ පසුවයි. දිව්‍යලෝකයේ භක්තිය නොමැත. එහි තිබෙන්නේ සතුටම පමණයි. පියා පැමිණ සියලුම රහස් ඔබට විස්තර කර දෙයි. සියලුම ජීවාත්මයන්ගේ නම් දිගටම වෙනස් වනවා ශිවාගේ නාමය කිසි විටෙක වෙනස් වන්නේ නැත. ඔහුටම කියා සිරුරක් ඔහුට නැත. සිරුරක් නොමැතිව ඔහු උගන්වන්නේ කෙසේද? සිතිවිලි මඟින් සංඥා දීම පිළිබඳ ප්‍රශ්නයක් මෙහිදි නැත. සංඥා දීම යනු සිතිවිලිය. ඔහු උඩ ඉහළ සිට සිතිවිලි ලබා දී, ඒවා ඔබ වෙතට ලඟා වෙනවා නොවෙයි. මෙහි සිතිවිලි මඟින් සංඥා දීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. පියාව සම්පූර්ණයෙන් හඳුනාගෙන නොමැති දරුවන්ට, පූර්ණ විශ්වාසය නැති අයට, ඔවුන්ගේ බුද්ධිය තුළ ඔහුගේ සිහි කිරීම ඇති කළ නොහැක. ඔවුන්ට උගන්වන්නේ කවරෙක්ද කියා ඔවුන් නොදනී. එබැවින් ඔවුන් සිහි කරන්නේ කාවද? පියාගේ සිහිපත් කිරීම තුළින් පමණයි ඔබගේ පාපයන් දුරු වන්නේ. මිනිසුන් උපතින් උපතට, ඕවලාකාර හැඩය සිහිකරමින් සිටියේ, එය දෙවියන් වශයෙන් ඔවුන් සලකන බැවින්ය. එම පිළිරුව සංකේතවත් කරන්නේ, ඔහු ශාරීරික නොව, අශාරීරික බවයි. පියා පවසන්නේ මටද පදාර්ථයන්ගේ ආධාරය ගැනීමට සිදුවනවා. ලෝක චක්‍රයේ රහස් ඔබට මා කියා දෙන්නේ වෙන කෙසේද? මෙය ආධ්‍යාත්මික දැනුමයි. ඔය ජීවාත්මයන්ට පමණයි මෙම ඥානය ලැබෙන්නේ. මෙම ඥානය ලබා දිය හැක්කේ ඒකායන පියාට පමණයි. ඔබ පුනරුත්පත්ති ගත යුතුයි. සියලුම නළුවන්ට රඟ පෑම සඳහා තමන්ගේම චරිත කොටස් ලැබෙයි. කිසි කෙනෙකුට නිර්වාණ දේශයට ආපසු යා නොහැක. කිසිවෙකුට සදාතනික විමුක්තිය ලබා ගැනීමට නොහැක. උපත් 84 හි චක්‍රය වටා ගමන් කරන්නේ අංක එකට ලෝක පාලකවරුන් වන අයයි. ඔවුන් අනිවාර්යෙන්ම චක්‍රය වටා යා යුතුයි. මනුෂ්‍යයින් විශ්වාස කරන්නේ ඔවුන්ට සදාතනික විමුක්තිය ලබා ගැනීමට හැකි බවයි. බොහෝ විවිධ අදහස් තිබේ. ව්‍යාප්තිය දිගටම සිදුවෙයි. කිසිම කෙනෙකුට ආපසු නිවහනට යා නොහැක. පියා ඔබට උපත් 84 හි කතාව කියා දෙයි. ඔය දරුවන් ඉගෙනගෙන ඉන්පසුව අන් අයට කියා දිය යුතුයි. මෙම ආධ්‍යාත්මික දැනුම ඔබට හැර වෙනත් කිසිවෙකුට ලබා දිය නොහැක. ශුද්‍රයින් හෝ දේවතාවන්ට මෙම ඥානය දිය නොහැක. ස්වර්ණමය යුගයේ පරිහාණියක් නැති නිසා, මෙම ඥානය එහිදි කිසිවෙකුට ලැබෙන්නේ නැත. මෙම ඥානය තිබෙන්නේ විමුක්තිය ලබා ගැනීමටයි. විමුක්තිය පිරිනමන්නා, මුක්තිය ලබා දෙන්නා සහ මාර්ගෝපදේශකයා යන මේ සියල්ලම එක්කෙනෙක්ය. සිහිපත් කිරීමේ වන්දනාව නොමැතිව කිසිම කෙනෙකුට පාරිශුද්ධත්වයට පත් විය නොහැක. ඔබට අනිවාර්යෙන්ම දඬුවම් විඳීමට සිදුවන අතර, තත්ත්වය විනාශ වෙයි. සෑම කෙනෙකුගේම ගිණුම් පියවිය යුතුයි. ඔබට තමන් ගැන සෑම දෙයක්ම කියනු ලබනවා. වෙනත් ආගම් වල ගැඹුරට යෑමට ඇති අවශ්‍යතාවය කුමක්ද? මෙම ඥානය ලැබෙන්නේ භාරතයේ ජනතාවට පමණයි. පියා භාරතයේ පමණක් පැමිණ, ආගම් තුනක් ස්ථාපිත කරයි. ඔබ දැන් ශුද්‍ර ආගමෙන් ඉවතට, උසස් වංශයකට ගෙන යනවා. එය පහත් අපවිත්‍ර වංශයයි. ඔය බ්‍රහ්මණයන්, දැන් සියලුම දෙනාව පිවිතුරු කිරීමට උපකරණ වෙයි. මෙයට රුද්‍රාගේ ඥාන යාගහෝමය කියා කියයි. රුද්‍ර ශිවා මෙම යාග ගින්න ඇති කර තිබේ. මෙම අසීමිත යාග ගින්නට මුළු අපවිත්‍ර පැරණි ලෝකයම බිලි වෙයි. ඉන්පසුව නව ලෝකය ස්ථාපනය වී, පැරණි ලෝකය විනාශ වනු ඇත. ඔබ මෙම ඥානය ලබා ගන්නේ නව ලෝකයටයි. දේවතාවන්ගේ සෙවණැල්ලක්වත් පැරණි ලෝකය මත වැටිය නොහැක. පෙර චක්‍රයේදී පැමිණි අය, නැවත පැමිණ මෙම ඥානය ලබා ගන්නා බව ඔය දරුවන් දන්නවා. ඔවුන් දරන උත්සාහයට අනුව අංක පිළිවෙලට ඔවුන් මෙම ඥානය හදාරනු ඇත. මෙහි මනුෂ්‍යයින්ට සාමය අවශ්‍යයි. කෙසේවෙතත්, සාම දේශයේ වැසියන් වන්නේ ජීවාත්මයි. මෙහි සාමය තිබෙන්නේ කෙසේද? මෙකල සෑම නිවෙසකම අසාමය තිබේ. මෙය රාවණගේ රාජධානියයි. ස්වර්ණමය යුගයේ පූර්ණ ශාන්තියේ රාජධානිය තිබේ. එහි තිබෙන්නේ එක් ධර්මයක් සහ එක් භාෂාවකි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම පැරණි ලෝකය ගැන අසීමිත නිරාශාවක් ඇති කර, තමන්ගේම සිරුරද අමතක කර දමා, සාම දේශය සහ සතුටු දේශය සිහි කරන්න. බුද්ධිය තුළ විශ්වාසය ඇති කර, සිහිපත් කිරීමේ වන්දනා ගමනේ සිටින්න.

2. ඔබ හම් සෝ, සෝ හම් යන මන්ත්‍රය නිවැරදිව වටහා ගෙන, බ්‍රහ්මණයන්ගෙන් දේවතාවන් බවට පත් වීමට උත්සාහ දැරිය යුතුයි. මෙම මන්ත්‍රයේ නිවැරදි අරුත සියලු දෙනාටම කියන්න.

වරදානය:
ඔබ ත්‍රිවිධ සේවාවන් සමබරව තබා ගනිමින් ගුණදම් වල ප්‍රතිමූර්තියක් වී සියලු ගුණදම් අත්විඳිත්වා.

සෑම සිතිවිල්ල, වචනය සහ ක්‍රියාව ආදියෙන් සැම විටම සේවයෙහි නියැලී සිටිනා දරුවන් සාර්ථකත්වයේ ප්‍රතිමූර්තීන් වේවි. ඔවුන් මේ තුනෙන්ම සමාන ලකුණු ලබාගෙන මේ තුනම දවස පුරාම සමබරව තබාගත් විට, ඔවුන් ගෞරවයෙන් සමත් වනවා සේම ගුණධර්ම මූර්තීන් බවට පත් වේවි. ඔවුන් තුළ සියලු ගුණධර්මයන් හි ලස්සන අලංකාරය ඉතා පැහැදිලිව දිස් වේ. පරම පියාගේ ගුණධර්ම වලිනුත් ඔබ ගුණදම් මූර්තීන් වීම සඳහා ගුණධර්ම ධාරණය කළේත් එකිනෙකාට සහයෝගය දැක්වීමටයි. මන්ද, ගුණධර්ම දානය කිරීම ශ්‍රේෂ්ඨතම දානය වේ.

පාඨය:
විශ්වාසයේ පදනම ශක්තිමත් වූ විට ඔබ උසස් ජීවිතයක් ඉබේම අත්විඳී.