03.08.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ බුද්ධිය තුළ ඥානය තිබෙනා විට පමණයි පියාගේ ස්මරණය සදාතනිකව පැවතිය හැක්කේ. ආධ්‍යාත්මික වන්දනා ගමනෙහි යෙදෙමින් අන් අයවත් ඥානයෙන් පිරි බුද්ධියකින් යුතුව එහි යෙදවීමට උත්සාහ කරන්න.

ප්‍රශ්නය:
දානපතියා පරමාත්ම දෙවියන් වේ. ඉතින්, භක්ති මාර්ගයේ දෙවියන්ගේ නාමයෙන් දානමාන ආදිය කරනවා යනුවෙන් ක්‍රියාදාමයක් ඇති වී තිබෙන්නේ කෙසේද?

පිළිතුර:
මන්ද, ඔවුන් දෙවියන් තම උරුමකරුවා බවට පත්කර ගන්නා නිසයි. තම ඊළඟ උපතේදි දෙවියන් එහි ඵලය ලබා දෙයි කියා ඔවුන් විශ්වාස කරනවා. දෙවියන්ගේ නාමයෙන් දෙනවා යනු ඔහු ඔබගේ දරුවා බවට පත් කර ගැනීමයි. භක්ති මාර්ගයේදිත් ඔබ ඔහුව ඔබගේ දරුවා බවට පත්කර ගන්නවා. එනම්, ඔබ ලඟ තිබෙනා සියලු දේ ඔබ ඔහු වෙනුවෙන් කැප කරනවා. එමනිසා, මේ අවස්ථාවේදී ඔබ තමාව ඔහු වෙත කැප කිරිමේ ඵලය ලෙස ඔහු උපත් 21 ක් පුරාවටම ඔබ වෙත කැප වනවා. ඔබ පරම පියා වෙත බෙලි කටු රැගෙන එන අතර ඒ වෙනුවට ඔබ ඔහුගෙන් දියමන්ති හිමිකර ගන්නවා. සුදාමාගේ උදාහරණයක් පදනම් වී තිබෙන්නේ මේ මතයි.

ගීතය:
ඔහෝ රාත්‍රි සංචාරකය, වෙහෙසට පත් නොවන්න! අරුණෝදයේ පැමිණීම එතරම් දුර නැහැ...

ඕම් ශාන්ති.
මෙම ගීතයේ එක් පේළියකින් දරුවන් වටහා ගත්තා විය යුතුයි. පියා ‛දරුවනි යැයි පැවසූ විට පරම පියා මෙහි අසුන්ගෙන ජීවාත්ම වන අපට උගන්වන බව දරුවන් වටහා ගත යුතුයි. ඔබ ජීවාත්ම අවධානයට පත්විය යුතුමයි. කරුණු දෙකක් තිබෙනා බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. ඒ තමයි ජීවාත්මය සහ ශරිරය. නමුත්, ජිවාත්ම වන අපට පියෙක්ද සිටිනා බව ඔවුන් වටහා ගන්නේ නැහැ. ජීවාත්ම වන අප ශබ්දයෙන් තොරවූ දේශයේ වැසියන් වෙමු. ඔවුන්ගේ බුද්ධියට මෙම කරුණු ඇතුළු වන්නේ නැහැ. පරම පියා කියනවා: මෙම ඥානය සම්පූර්ණයෙන්ම අතුරුදහන්ව යනවා. මෙම නාටකය දැන් අවසන්වීමට තිබෙනා බව ඔබ දන්නවා. ඔබ දැන් නිවස වෙත යා යුතුයි. අපිරිසිදු ජිවාත්මයන්ට නැවත නිවස වෙත යන්නට බැහැ. එකම එක ජීවාත්මයකටවත් තවම නිවස වෙත යා නොහැකියි. නාටකය මෙයයි. සියලු ජීවාත්ම මෙහි පැමිණි පසුව තමයි, ජීවාත්ම නැවතත් එහි යාමට පටන් ගන්නේ. පරම පියා දැන් අපට මෙම ආධ්‍යාත්මික වන්දනා ගමන උගන්වන බව ඔබ දැන් දන්නවා. උපතක් උපතක් පාසා ඔබ භෞතික වන්දනා ගමන්වල යමින් සිටියා. දැන් ඔබ යන්නේ ඔබගේ ආධ්‍යාත්මික වන්දනා ගමනේයි. ඔබ එහි ගිය කල, නැවතත් මෙම මරණයේ දේශය වෙත පැමිණෙන්නේ නැහැ. මිනිස්සු වන්දනා ගමන් යන විට, ගියත් නැවත එනවා. ඒවා ශරිර අවධානයේ භෞතික වන්දනා ගමන් පමණයි. ආධ්‍යාත්මික වන්දනා ගමන මෙයයි. ඒ අසීමිත වූ පියා හැර වෙන කිසිම කෙනෙකුට ඔබට මෙම වන්දනා ගමන ගැන කියා දෙන්න බැහැ. දරුවන් වන ඔබ ශ්‍රීමත් අනුගමනය කළ යුතුමයි. සෑම දෙයක්ම තීරණය වන්නේ මෙම ආධ්‍යාත්මික වන්දනා ගමන මතයි. දරුවන් කෙතරම් මා සිහි කළත් ඔවුන් තුළ ඥානය තිබෙනා විට පමණයි සෑම විටම ඔවුන්ට මගේ සිහිය මත සිටින්නට හැකි වන්නේ. උපත් 84හි චක්‍රය පිළිබඳ වූ දැනුමත් ඔබ තුළ තිබෙනවා. අපගේ උපත් 84 දැන් අවසන් වෙමින් තිබෙනවා. මෙය තමයි උපත් 84හි චක්‍රයෙහි වන්දනා ගමන. එය හඳුන්වන්නේ පැමිණීමෙහි සහ යාමෙහි වන්දනා ගමන ලෙසයි. සෑම කෙනෙක්ම දිගින් දිගටම එනවා යනවා. ඔබ උපතක් ගෙන පසුව ශරිරිය අත්හැර දමනවා. යෑම ලෙස සහ ඒම ලෙස හඳුන්වන්නේ මෙයයි. ඔබ දැන් මේ දුක් දේශය තුළ වූ යාමෙහි සහ ඒමෙහි චක්‍රයෙන් නිදහස් වෙනවා. දුක් දේශය මෙයයි. ඔබගේ උපත සහ විපත දැන් අමරණීයත්වයේ දේශය තුළ සිදුවීමටයි යන්නේ. මේ සඳහා උත්සාහ දැරිම උදෙසා ඔබ මේ අමරණීයත්වයේ ස්වාමියා වෙත පැමිණ සිටිනවා. ඔබ සෑම කෙනෙක්ම පාර්වතී වන අතර සෑම විටම අමරණීය වූ අමරණීයත්වයේ ස්වාමියාගෙන්, අමරණීයත්වයේ කතන්දරයට සවන් දෙනවා. ඔබ සෑම විටම අමරණීය නැහැ. ඔබ උපත හා විපත යන චක්‍ර තුළට ඇතුළු වෙනවා. ඔබගේ චක්‍රය දැන් තිබෙන්නේ මෙම අපාය මතයි. ඔබ දැන් මින් නිදහස් වන අතර පසුව ඔබගේ ඒම සහ යෑම සිදුවන්නේ දිව්‍යලෝකයේයි. එහිදී ඔබ කිසිම දුකකට පත් වන්නේ නැහැ. මෙය ඔබගේ අවසාන උපතයි. විනාශය සිදුවන්නේ කෙසේද යන්න ගැන දිගින් දිගටම ඔබට දක්නට ලැබෙනවා. යුද්ධය සිදුවන්න එපායි කියමින් මිනිසුන් බොහෝ කන්නලව් කරනවා. ඒ වගේම නිපද වී තිබෙන සියලු බෝම්බ මුහුදට දමා ක්‍රියා විරහිත කළ යුතුයි කියාත් කියනවා. ඔවුන් සෑම කෙනෙක්ම දිගින් දිගටම මෙසේ කියමින් ඉන්නවා. නමුත් කාලය දැන් එහි අවසානය වෙත පැමිණ තිබෙන බව ඔවුන් දන්නේ නැහැ. ඔබ දැන් සංගම් යුගයට පැමිණ සිටිනා නමුත්, ලෝකයේ මිනිසුන් සිතන්නේ මේ කලි යුගයෙහි ආරම්භය බවත්, සංගම් යුගය පැමිණීමට තවත් අවුරුදු 40,000ක් තිබෙනා බවත්ය. මෙය මතුවී තිබෙන්නේ ආගමික ග්‍රන්ථ වලිනි. උපතක් උපතක් පාසා ඔබ ඉගෙන ගනිමින් සිටි වේදාවන් හෝ ආගමික ග්‍රන්ථ හෝ ආදී සියල්ලක්ම, ඔබ සිදුකළ දානමාන ආදිය හෝ පුණ්‍ය කටයුතු ආදී සියල්ලම, භක්ති මාර්ගයයි. පළමුවෙන්ම ඔබ බ්‍රහ්මින්වරුන් බවට පත්වන බවත් පසුව දේවතාවන් බවට පත්වන බවත් ඔබ දන්නවා. උසස්ම වංශය වන්නේ බ්‍රහමින් වංශයයි. මෙය ප්‍රායෝගික වූ දෙයකි. පළමුවෙන්ම බ්‍රහ්මින් වංශයට පැමිණෙන්නේ නැතිව කිසිම කෙනෙකුට දේවතා වංශයට යාමට නොහැකියි. තමා බ්‍රහ්මාගේ දරුවෙක් බවත්, ශිව බාබාගෙන් ඒ දිව්‍යමය රාජ්‍යය ලබනවා යන විශ්වාසයත් ඔබ තුළ තිබෙනවා. ඔබ දැන් උත්සාහයෙහි යෙදෙනවා. ඒ වගේම ඔබ තරඟ කළ යුතුයි. ඔබ ඉතාමත් හොඳින් ඉගෙන ගත යුතු අතර අන් අයවත් වටිනා අය බවට පත් කරවීමට ඔවුන්ට ඉගැන් විය යුතුයි. ඉතින් එවිට ඔවුනුත් දිව්‍යලෝකයේ සතුට දැක ගනු ඇත. සෑම කෙනෙක්ම ක්‍රිෂ්ණාගේ දේශය සිහිපත් කරනවා. නමුත් ඒ අන්ද විශ්වාසයෙන් යුතුවයි. ඔවුන්ට කිසිම දෙයක් වැටහෙන්නේ නැහැ. පියා විස්තර කර දී තිබෙනවා, මේ කාලයේ මුළු ලෝකයම තමෝප්‍රධාන් වූ අවලස්සන තත්ත්වයට පත්ව තිබෙනා බව. භාරතය ඉතාමත් අලංකාර ලෙස තිබුණා. එය ස්වර්ණම යුගයයි. දැන් එය කලි යුගයයි. ඔබත් ඉන්නේ කලි යුගයේයි. දැන් ඔබ ස්වර්ණම යුගය වෙතට යා යුතු වනවා. පරම පියා කරන්නේ රන්කරුවාගේ වැඩ කොටසකි. ජීවාත්ම වන ඔබ තුළ බැඳී තිබෙන්නා වූ යකඩ තට්ටුව දැන් ඉවත් වෙමින් පවතිනවා. ජීවාත්ම වන ඔබ මෙන්ම ඔබගේ ශරිරයත් දෙකම දැන් ව්‍යාජ වූවක් බවට පත්වෙලා. ඔබ දැන් නැවතත් නියම රත්රන් බවට පත්වීමටයි යන්නේ. නියම රත්රන් වල බොහෝ සෙයින් මලකඩ බැඳී තිබෙනා විට එමගින් තැනෙනා ආභරණවලත් ඔපයක් ඇත්තේ නැහැ. ජීවාත්ම වන ඔබ තුළ දැන් ඉතිරිව තිබෙන්නේ ඉතාමත් පුංචි රත්රන් ස්වල්පයකි. ආභරණයත් පරණයි; එය කැරට් දෙකේ රත්රන් ලෙස හඳුන්වන්නට පුළුවන්. පියා මෙහි අසුන්ගෙන ඔබට ශ්‍රිමත් දෙනවා. ඇත්තෙන්ම භාරතය දිව්‍යලෝකයක් වූවා. එහි වෙන කිසිම ආගමක්, කිසිම රාජ්‍යයක් තිබුණේ නැහැ. ඔබ දැන් නැවතත් ඒ දිව්‍යලෝකය වෙත යාමට උත්සාහ දැරිය යුතුයි. කොහොමනමුත්, මායා ඔබට මෙය කිරිමට ඉඩ දෙන්නේ නැහැ. මායා බොහෝ සෙයින් ඔබට විරුද්ධවාදීකම් කරනවා. සටන් බිමෙහිදී ඇය ඔබව අන්තයටම පරාජය කර දමනවා. මෙසේ ඉදිරියට යන කල, සමහරුන්ට කුණාටු වලට මුහුණ දීමට සිදු වෙනවා. ඉතින්, ඔවුන් පාපයෙහි ගැලී ඔවුන්ගේ මුහුණු සම්පූර්ණයෙන්ම කැත කර ගන්නවා. පරම පියා කියනවා: මා දැන් ඔබගේ මුහුණු ලස්සන කරවනවා. පාපයෙහි යෙදී නැවතත් ඔබගේ මුහුණු කැත කර ගන්න එපා. යෝගාවෙහි යෙදීමෙන් ඔබගේ තත්ත්වය පාරිශුද්ධත්වයට පත් කර ගන්න. ඔබ මෙසේ පාරිශුද්ධත්වයට පත්වෙන කල, ඔබ මත බැඳි සියලු මලකඩ ඉවත්ව යනු ඇත. මේ නිසා තමයි ඔබ යෝගා නම් වූ භතියෙහි (ගින්නෙහි) යෙදිය යුතු වන්නේ. රන්කරුවන්ට මේවා හොඳින් වැටහෙනවා. රත්රන්වල බැඳි මැළියම් ඉවත් කරන්නේ ගින්නට දැමීමෙනි. එවිට, ඔබ නියම රත්රන් කැටයක් ලබනවා. පියා කියනවා: ඔබ කොතරම් දුරට නොකඩවාම මා සිහිපත් කරනවාද, ඒ තරමට ඔබ පාරිශුද්ධත්වයට පත්වනු ඇත. පරම පියා ඔබට ශ්‍රීමත් ලබා දෙනවා. ඔහු වෙන මොනවා කරන්නද? සමහරු කියනවා: බාබා, අනුකම්පා කරන්න! බාබා මොන ආකාරයෙන්ද අනුකම්පා කළ යුත්තේ? පරම පියා කියනවා: ස්මරණයෙහි යෙදෙනවා ද නැති නම් අනුකම්පාව යදිමින් ආශීර්වාද ඉල්ලමින් ඉන්නවාද? මෙහිදී ඔබ සෑම කෙනෙක්ම තම තමන්ගේ පෞද්ගලික උත්සාහය යෙදිය යුතුයි. පරම පියා කියනවා: ආධ්‍යාත්මික දරුවනි, මෙම වන්දනා ගමනෙහිදී වෙහෙසට පත්වන්න එපා. නැවත නැවතත් පියා අමතක කර දමන්න එපා. ඔබ සෑම විටම ස්මරණයෙහි යෙදී සිටිනා විට, එය හරියටම ඔබ බතියක යෙදී සිටිනවා වැනියි. ඔබ ස්මරණයෙහි නොසිටියි නම්, ඔබ යෙදී ඉන්නේ බතියක නොවේ. එවිට ඔබ තව තවත් පව් කරනවා. තව තවත් පාප එක්වී ඔබ අවලස්සන වෙනවා. ඔබ ලස්සන වීමට උත්සාහ දරණ අතර ඒ වෙනුවට අවලස්සන වෙනවා. ඒ කියන්නේ ඔබ 50%ක් අවලස්සන ලෙස සිටියා නම්, දැන් 100% ම අවලස්සන වන්නට පටන් ගැනීමයි. ඔබව අවලස්න කොට තිබෙන්නේ රාගය නම් වූ පාපයයි. එය රාගයේ ගින්න වන අතර, මෙය ඥානයෙහි ගින්නයි. ප්‍රධානම දෙය පාපයයි. නිවසේ නොයෙකුත් ගැටුම් ඇති වන්නේ මේ හේතුවෙනි. පාරිශුද්ධත්වයෙන් සිටිනා නිසා, ඔබ හොඳ දරුවන් බව කුමාරීන්ට පැවසිය හැකියි. ඔවුන් පිරිසිදු නිසා සෑම කෙනෙක්ම ඒ කුමාරීන්ගේ දෙපා අභියස දණින් වැටෙනවා. ඔබ සෑම කෙනෙක්ම බ්‍රහ්ම කුමාරීන්. බ්‍රහ්ම කුමාරීන් වන ඔබ පමණයි භාරතය දිව්‍යලෝකය බවට පත් කරවන්නේ. එමනිසා, භක්ති මාර්ගයේ ඔබගේ සිහිවටන දිගින් දිගටම පැවතෙනවා. කුමාරීන්ට සෑහෙන ගෞරව කෙරෙනවා. බ්‍රහ්ම කුමරුන්ද ඉන්නවා. නමුත්, වැඩිපුර ඉන්නේ මව්වරුන්. පරම පියා පැමිණ මෙසේ කියනවා: මව්වරුන් හට අචාර. ඔබ පරම පියාව ඔබගේ උරුමකරුවා බවට පත්කර ගන්නවා. භක්ති මාර්ගයේ ඔබ දෙවියන්ගේ නාමයෙන් කියා දන් දෙන්නේ ඇයි? ක්‍රිෂ්ණාට දන් දීමට ඔහු ඔබගේ කවුද? එහි යම් අර්ථයක් තිබිය යුතුයි. ක්‍රිෂ්ණා දිළිඳු නැහැ. ඒ වෙනුවට ඔවුන් කියනවා: දෙවියන්ගේ නාමයෙන් කියා. එය ක්‍රිෂ්ණාගේ නාමයෙන් විය නොහැකියි. ඔහු ස්වර්ණම යුගයේ රජ කුමරායි. පරම පියා විස්තර කරනවා: මා සැමගේ ආශාවන් ඉෂ්ඨ කරනවා. ක්‍රිෂ්ණාට ආශාවන් ඉටුකරන්නට බැහැ. මිනිස්සු ක්‍රිෂ්ණා දෙවියන් ලෙස සළකා, සෑම දෙයක්ම ඔහු වෙනුවෙන් කැප කරනවා. එතනදීත් ඵලය ලබා දෙන්නේ මමයි. භක්ති මාර්ගයේ සෑම දෙයක්ම දැන් විස්තර කර දී තිබෙනවා. ඔබ ශිව බාබාට දෙනවා. ඉතින් අනිවාර්යෙන්ම, ඔහු ඔබගේ දරුවා විය යුතුයි. භක්ති මාර්ගයේදිත් ඔහු දරුවා වන අතර මෙහිදිත් දරුවා වෙනවා. භක්ති මාර්ගයේදි ඔබ තාවකාලික කාලයක් සඳහා ඵලයක් ලබනවා. දැන් මෙය, ඔහු හා කෙලින්ම සිදු වන දෙයක් නිසා, ඔබට උපත් 21ක උරුමයක් හිමි වෙනවා. මෙහිදී, ඔබ සම්පූර්ණයෙන්ම කැපකළ යුතු වෙනවා. ඔබ එක් වතාවක් ඔබව ඔහු වෙත කැප කරනා අතර, ඔහු උපත් 21ක් පුරා ඔබ හට කැප වෙනවා. ඔබ පරම පියාගෙන් දියමන්ති ලබා ගැනීම සඳහා, ඔහු වෙත බෙලි කටු රැගෙන පැමිණෙනවා. ඇතුලාන්තයෙන් ඔබට වැටහෙන්නේ, තමා ශිව බාබාගේ බණ්ඩාරයට (ධන ගබඩාවට) සහල් මිටක් දමනා බවයි. සුධාමාගේ උදාහරණය අදාල වන්නේ මෙම කාලයටයි. ශිව බාබාට දීමට ඔහු ඔබගේ කවුද? ඔහු දරුවා නම්, ඔබ ඔහුටත් වඩා උසස්, ඔබ එක් වරක් දුනහොත්, ඒ වෙනුවෙන් දහස් වරක් ලැබීමට හැකි බව ඔබ දන්නවා. දානය කරනා එකම දානපතියා එම ඒකායන තැනැත්තා පමණයි. පූජකවරුන් ඔබට කිසිවක් දෙන්නේ නැහැ. භක්ති මාර්ගයේ පවා මා ඔබට දෙනවා. මේ නිසා තමයි බාබා ඔබගෙන් අහන්නේ: ඔබට දරුවන් කී දෙනෙක් ඉන්නවාද? සමහරුන්ට මෙය තේරුම් ගතහැකි අතර තවත් සමහරුන්ට නොහැකියි. තමා දැන් තමාව ශිව බාබාට කැප කරනා බව ඔබ දන්නවා. අප ශරිරය, මනස හා ධනය සියල්ල අයත් වන්නේ ඔහුටයි. ඔහු අපට උපත් 21ක් සඳහා වූ උරුමයක් ලබා දෙනවා. ධනවත් අයගේ හදවත මෙවිට ගැහෙනවා. දුප්පතුන්ගේ ස්වාමියා බාබායි. පරම පියා කියනවා: ඔබ තම පවුල් ජීවිතය රැකබලා ගත යුතුයි. මෙහි නවතින්නට පුළුවන් කියා සිතන්න එපා. නොකඩවා ශ්‍රීමත් අනුගමනය කරන්න. භක්ති මාර්ගයේදී, ඔබ මෙසේ ගායනා කළා: වෙන කිසිම කෙනෙක් නොව මගේ වන්නේ ඔහුම පමණයි. දරුවන්ට බොහෝ දේවල් විස්තර කරදී තිබෙනවා. සෑම කෙනෙක්ම එකම අයුරින් වටහා ගන්නේ නැහැ. ඔවුන් මතුවන්නේ පසුවයි. පසුව ඔබටත් බලය ලැබෙනවා. ඔවුන් ඔබට සවන් දුන් විගස මෙය උකහා ගැනීමට ඔවුන්ට හැකි වෙනවා. පරම පියා උපත් 21ක් පුරා ඔබව ලෝක පාලකයින් බවට පත්කරවනවාය යන විශ්වාසය තිබෙනවා නම් ඔවුන් එක් මොහොතක් වත් අතපසු කරන්නේ නැහැ. මේ බාබාත් තම අත්දැකීම් කියනවා. ඔහු මැණික් වෙළෙන්දෙක්. මෙසේ සිටිනා අතර ඔහුට සිදු වූ දෙය බලන්න! තමාට බාබාගෙන් රාජධානිය ලැබෙනා බව ඔහුට නිකම්ම පෙනී ගියා. ඔහු විනාශය මෙන්ම රාජ්‍යයත් දුටුවා. ඉතින්, ඔහු මෙසේ පැවසුවා: මේ වහල් බවින් මම මිදෙන්නෙමි. ඔහු දර්ශන දුටුවා. නමුත්, ඔහු තුළ කිසිම දැනුමක් තිබුණේ නැහැ. තමාට අධිකාරීත්වය හිමිවන බව පමණයි ඔහු දැන සිටියේ. පරම පියා ඔබට දිව්‍යලෝකයේ අධිකාරීත්වය දීමට සැරසෙන බව දුටු විගස ඔබ ක්ෂණිකවම ඔහුව අල්වාගත යුතුයි. බාබා මේ සියල්ලම ඔබගේයි. එය ඔබගේ කාර්යය උදෙසා යොදා ගන්න. ඒ වගේම බාබා සෑම දෙයක්ම මව්වරුන් වෙත භාර කළා. ඔහු මව්වරුන්ගේ කොමිටියක් සාදා, ඔවුන්ට සියලු දේ ලබා දුන්නා. ඔහුව මේ සියල්ලම කිරීමට යෙදවූයේ බාබායි. තමා බාබාගෙන් උපත් 21ක් උදෙසා අධිකාරීත්වය හිමිකර ගන්නා බව ඔහුට වැටහුණා. ඔබටත් දැන් එය ලබා ගත හැකියි. බාබා කෙලින්ම එම වහල්භාවයෙන් අත් මිදුණා. ඒ සියල්ලෙන්ම අත්මිදුණු පසු, ඔහු ඉතාමත් සතුටින් ඉදිරියටම ගියා. මා බොහෝ අවස්ථාවන්හිදී දේවතා ධර්මය ස්ථාපනය කොට තිබෙනවා. බොහෝ අවස්ථාවලදී බ්‍රහ්ම කුමරුන් හා කුමරියන් මාර්ගයෙන් බාබා එය ස්ථාපනය කළා විය යුතුයි. එය එසේ තිබියදී, ඇයි ඔබ තවත් ප්‍රමාද කරන්නේ? අප අනිවාර්යෙන්ම බාබාගෙන් උපත් 21ක් පුරා වූ උරුමය හිමිකර ගන්නවා. බාබා ඔබව ඔබගේ පවුලෙන් හා ගෙදරින් ඉවත් කරවන්නේ නැහැ. ඒවාත් ඔබට හොඳින් රැක බලා ගත හැකියි. නමුත්, පියාවත් සිහිපත් කරන්න. තමා බාබාට අයිතියි යන කුල්මත්භාවය තබා ගන්න. සමහරු බාබාට ලියනවා: බාබා, අහවල් අහවල් කෙනාගේ බුද්ධිය තුළ ඉතාමත් හොඳ විශ්වාසයක් තිබෙනා අතර ඔහු දැඩි සිහිබුද්ධියෙන් යුතු වූවෙක් බව. ඔහු බොහෝ දෙනාට විස්තර කර දෙනවා. කොහොමනමුත්, බුද්ධියේ විශ්වාසය තිබෙනා අය මා ලඟට එන්නේ නැහැ! ඔහුට බාබාව මුණ ගැසෙන්නේවත් නැතිව මිය ගියහොත්, ඔහු උරුමයක් ලබන්නේ කෙසේද? මෙහිදී, ඔබව පියා විසින් දරුවෙක් ලෙස ලබා ගත යුතුයි. ඔබ විශ්වාසය තිබියදීත්, කිසිම උත්සාහයක් දරන්නේ නැතිව, ශරිරය අතහැර ගියහොත්, කලි යුගී තත්ත්වයෙන් ස්වර්ණමය යුගී තත්ත්වයට පත් නොවුණහොත්, ඔබට සාමාන්‍ය පුරවැසියෙක් ලෙස තමයි උපත ලබන්නට සිදුවන්නේ. ඔබ දරුවෙක් බවට පත්වී, හොඳ ශක්තිමත් බවට පත් වී පසුව ශරීරය අතහැර ගියහොත් ඔබ උරුමකරුවෙක් බවට පත්වනු ඇත. උරුමකරුවෙක් බවට පත්වීමට උත්සාහයක් අවශ්‍ය නැහැ. සමහරු සූර්ය වංශය හිමිකර ගන්නා අතර, සමහරු සේවයෙහි යෙදීමෙන් අවසන් උපතේදී රාජ්‍යයෙන් ස්වල්පයක් ලබනවා. එය නියම සතුට නොවේ. රාජ්‍යයේ සතුට තිබෙන්නේ ආරම්භයේදීයි. පසුව කලාවන් කෙමෙන් කෙමෙන් පහළ බසිනවා. දරුවන් උත්සාහයෙහි යෙදී ඔබගේ මව හා පියා අනුගමනය කළ යුතුයි. අඩුම තරමින් මමා හා බාබාගේ සිහසුනෙහි අසුන් ගැනීමට හෝ උත්සාහ දරන්න. ඔබ හදවත් රිදවා ගන්නේ කුමටද? උත්සාහ දරා ඔවුන්ව අනුගමනය කරන්න. සූර්ය වංශයේ සිහසුනෙහි වැජඹෙනා පාලකයන් බවට පත් වන්න. අඩුම තරමින් දිව්‍යලෝකයට (ස්වර්ණම යුගයට) වත් පැමිණෙන්න. අසමත් වන කෙනෙක් චන්ද්‍ර වංශයට යනවා; එවිට එහිදී කලා දෙකක අඩුවක් සිදුවනු ඇත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පියාගේ ආශීර්වාදය අයදිනවා වෙනුවට ස්මරණය නම් වූ වන්දනා ගමනෙහි නිරත වන්න. මෙම ආධ්‍යාත්මික වන්දනා ගමනෙහිදී කිසිම විටෙක වෙහෙසට පත් වන්න එපා.

2. ශිව බාබා ඔබගේ උරුමකරුවා බවට පත්කොට ගෙන, සම්පූර්ණයෙන්ම ඔබව ඔහු වෙත කැප කරන්න. මව හා පියා අනුගමනය කරන්න. උපත් 21ක් උදෙසා සතුටේ රාජ්‍යය හිමිකර ගන්න.

වරදානය:
ඔබ නොබැඳි සහ ළබැඳි වී උපකරණයක් වූ අවධානය පුහුණු වන විට ඔබත් අන් අයත් දියුණු වනවා ඇත.

උපකරණයක් වීමේ විෂය ඔබව නිරන්තරව නොබැඳි සහ ළබැඳි කරවයි. උපකරණයක් වීම ස්වභාවිකව පහසු අවධානයෙන් යුතුව පුහුණු වන්නේ නම්, සෑම විටම ඔබේත් අන් අයගේත් වර්ධනය එම සෑම පියවර තුළම ගිලී තිබෙයි. එවන් ජීවාත්මයන්ගේ පාද පොළවෙහි නොරැඳී වේදිකාව මත තිබෙයි. උපකරණයක් වූ ජීවාත්මයන් නිරන්තරයෙන් තමන් පරම පියාට සමාන වූ ලොවට ආදර්ශයන් යන අවබෝධයෙන් සිටිති.

පාඨය:
සතුටේ පිරිනමන්නාගේ දරුවන් වශයෙන් නිරන්තරව නොකඩවා සතුටු ඔන්චිල්ලාවේ පැද්දෙන එසේම දුක් රැලි කිසිවක් නොඑන්නට වගබලාගන්න.