03.09.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සිහිපත් කිරීම තුළින් ඔබ සතෝප්‍රධාන් වනවාත් සමඟම, ඉගෙනගැනීම තුළින් ඔබ ආදායමක්ද උපයා ගත යුතුයි. ඉගෙන ගන්නා විටදි, බුද්ධිය එහෙ මෙහෙ නොයා යුතුයි.

ප්‍රශ්නය:
දෙගුණයක් අවිහිංසාවාදී, අප්‍රසිද්ධ සටන්කාමීන් වන ඔබලාට, නියමිත වී ඇති ජයග්‍රණය කුමක්ද? ඒ මන්ද?

පිළිතුර:
ඔය දරුවන් මායා පරාජය කිරීමට උත්සාහ දරමින් සිටිනවා. ඔබගේ අරමුණ වන්නේ, රාවණගෙන් ඔබගේ රාජධානිය අනිවාර්යෙන්ම නැවත හිමිකර ගැනීමයි. මෙම උපාය, නාටකයේ නිර්මාණය වී තිබේ. දෙවියන්, පෞද්ගලිකවම ඔබත් සමඟ සිටින නිසා, ඔබගේ ජය, සහතිකය. ඔබ යෝගා බලයෙන් ජය ලබයි. මන්මනභව යන මහා මන්ත්‍රය තුළින් ඔබට රාජධානියක් හිමි වන අතර, ඔබ ඉන්පසුව චක්‍රයෙන් භාගයකට පාලනය කරයි.

ගීතය:
අහෝ මිනිසාණෙනි, හදවත් කැඩපතෙහි තම මුහුණ බලන්න!

ඕම් ශාන්ති.
ඔය සුමිහිරි දරුවන් බාබා ඉදිරියේ මෙතැන අසුන් ගෙන සිටින විට, ඔබගේ ගුරුවරයා සැබවින්ම ශාරීරික නොවන බව ඔබට වැටහෙනවා. අපට උගන්වන්නේ, දැනුමේ මහා සයුර වන, බාබාය. ඔහු අපගේ පියාද වන බවට ඔබ තුළ ස්ථීර විශ්වාසයක් තිබේ. ඔබ ඉගෙන ගන්නා විට, ඔබ ඉගෙනීමට අවධානය යොමු කළ යුතුයි. ශිෂ්‍යයින් පාසැලෙක අසුන් ගෙන සිටින විට, ඔවුන්ට සිහිවන්නේ ඔවුන්ගේ පියා නොව, ඔවුන්ගේ ගුරුවරයාවයි. බාබා ඔබගේ ගුරුවරයාද වන බව ඔබ දන්නවා. ඔබ කිසිම නමක් අල්ලාගෙන නොසිටිය යුතුයි. පියාට සවන් දෙන, ජීවාත්ම පමණක් වීමට, ඔබගේ අවධානය යොමු කළ යුතුයි. ස්වර්ණමය යුගයේ මෙන්ම කලි යුගයේද එය මෙසේ නොවෙයි. තමන් ජීවාත්මයන් බව ඔබ සලකන්නේ සංගම යුගයෙදී පමණයි. අපගේ පියා මෙකල අපට උගන්වන නිසා, ඔහු අපගේ ගුරුවරයාද වෙයි. ඔහු කාර්යයන් දෙකම කළ යුතුයි. ඔය ජීවාත්ම ශිව බාබා සමඟ ඉගෙන ගනී. මෙය ඉගෙනුමක් මෙන්ම යොගාවද වෙයි. ඉගෙන ගන්නේ ඔය ජීවාත්ම වන අතර, උගන්වන්නේ උත්තරීතර ජීවාත්මයයි. පෞද්ගලිකවම මුහුණට මුහුණලා ඔබ මෙතැන අසුන් ගෙන සිටින විට, ඊටත් වඩා වැඩි යහපතක් අත්වෙයි. බොහෝ දරුවන් ඉතාමත්ම හොඳින් සිහිපත් කිරීමේ සිටියි. ඔබගේ කර්මතීට් තත්ත්වයට ඔබ පත් වූ විට, එය පාරිශුද්ධත්වයේ බලය ලබා ගන්නා සේය. අපට උගන්වන්නේ ශිව බාබා බව ඔබ දන්නවා. මෙය ඔබගේ යෝගාව මෙන්ම ඔබගේ ආදායමද වෙයි. ඔය ජීවාත්ම, සතෝප්‍රධාන් විය යුතුයි. ඔබ සතෝප්‍රධාන් වන අතරම ඔබට ධනයද ලැබෙනවා. ඔබ අනිවාර්යෙන්ම තමන් ජීවාත්ම බව සැලකිය යුතුයි. ඔබගේ බුද්ධිය වෙන කොහේවත් නො යා යුතුයි. ඔබ මෙතැන අසුන් ගෙන සිටින විට ඔබගේ සිහියේ තිබිය යුත්තේ, අපට ඉගැන්වීම සඳහා ශිව බාබා, ගුරුවරයා ලෙසින් පැමිණීමට ඉතා ආසන්න බවයි. දැනුමින් සපිරි වන්නේ ඔහු පමණක් වන අතර ඔහු අපට උගන්වනවා. ඔබ පියාව සිහි කළ යුතුයි. අප, ස්ව දර්ශන චක්‍රධාරීන් මෙන්ම ප්‍රදීපාගාර ද වෙයි. අපගේ එක් ඇසක සාම දේශයද අනෙත් ඇසේ ජීවන-මුක්තියද තිබේ. එය මෙම දෙනෙත පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි ඔබ ජීවාත්මයේ තෙවැනි ඇස පිළිබඳව කතා කරයි. ඔබ දැන් පියා සමඟ යෝගාවේ සිටියි. ඔබ ස්වර්ණමය යුගයට පැමිණි කාලයේ පටන් ඔබ වෙන්ව සිටියා, එනම් ඔබ පියා හා යෝගාවේ නොසිටියේය. ඔබ දැන් පියා මෙන් යෝගීන් බවට පත් වනවා. ඔබට යෝගාව උගන්වන්නේ දෙවියන් (ඊෂ්වර) වන අතර ඔහුට යෝගේෂ්වර යැයි කියන්නේ එබැවිනි. ඔබ යෝගේෂ්වර ගේ දරුවන්ය. ඔහුට යෝගාවේ සිටින්නට අවශ්‍ය නැත. ඔහු පරම පියාය, පරම ජීවාත්මයයි, ඔබට යෝගාව උගන්වන කෙනාය. ඔබ සෑම කෙනෙක්ම යෝගේෂ්වර හෝ යෝගේෂ්වරී කෙනෙක් වෙයි. ඉන්පසුව ඔබ රාජ-රජේෂ්වරී (රජ කුමර කුමරියන්) වෙයි. ඔහු දෙවියන්ය, ඔබට යෝගාව උගන්වන කෙනාය. ඔහුම එය ඉගෙන නොගන්නා නමුත් ඔහු එය උගන්වයි. ක්‍රිෂ්ණාගේ ජීවාත්මය, ඔහුගේ අවසන් උපතේදී යෝගාව හදාරා, ඉන්පසුව ශ්‍රී ක්‍රිෂ්ණා බවට පත් වෙයි. ඔහු මෙකල එය හදාරන බැවින්, මිනිසුන් ක්‍රිෂ්ණාටත් යෝගේෂ්වර කියා අමතයි. එම ජීවාත්මය, යෝගේෂ්වර සමඟ යෝගාව හදාරා, ක්‍රිෂ්ණා තත්ත්වය හිමි කරගනී. පියා විසින් ඔහුට බ්‍රහ්ම යන නම තබන ලදි. මුලදි ඔහුට ලෞකික නමක් තිබුණු අතර ඉන්පසුව ඔහු ජීවමාන මරණයක් මියැදුණා. ඔබත් පියා සමඟ යෝගාව හදාරනවා. ඔබ සාම දේශයට මෙම සංස්කාර ඔබත් සමඟ රැගෙන යනු ඇති. ඉන්පසුව ප්‍රතිලාභයේ, ඔබගේ නව චරිත කොටස් මතු වෙයි. එහිදී මෙම දේවල් ඔබගේ මතකයේ නොතිබෙයි. පියා ඔබට මෙම දේවල් පහදා දෙන්නේ මෙකලයි. ඔබගේ චරිත කොටස් දැන් අවසනානයකට පැමිණෙන අතර, ඉන්පසුව ඒවා නැවතත් අළුතින් ආරම්භ වෙයි. පියාට මෙහි පැමිණීමට සිතිවිල්ලක් පහළ වූ අන්දමින්ම, පියා මෙසේද පවසයි මා පැමිණි විට, මා කතා කිරීම ආරම්භ කරනවා. එහි මා සෑම විටෙකම සිටින්නේ නිහඬවයි. ඉන්පසුව, නාටකයට අනුව, ඔහුගේ චරිත කොටස ආරම්භ වනවා. පැමිණීමට ඔහුට සිතිවිල්ලක් පහළ වූ අතර ඔහු මෙහි පැමිණ, ඔහුගේ චරිත කොටස රඟ දක්වයි. ඔය ජීවාත්ම, චක්‍රයකට පෙර ඔබ කළ එම ආකාරයෙන්ම, ඔබ දරන උත්සාහයට අනුව, අංක පිළිවෙලට, මෙයට සවන් දෙනවා. දිනෙන් දින වර්ධනය, අඛණ්ඩව සිදුවෙයි. ප්‍රභූවරුන්ද පැමිණෙන, විශාල රාජකීය ශාලා, යම් දිනෙක ඔබට පුද කෙරෙයි. සෑම කෙනෙක්ම එකට අසුන්ගෙන ඔබට සවන් දෙයි. දිනෙන් දින, ධනවතුන් දුප්පත් වෙයි ඔවුන්ගේ පිටවල්, බඩේ ගෑවෙයි! එවන් ව්‍යසන පැමිණෙයි. මහා වැසි වසින අතර සියලුම ගොවිපලවල් ආදිය ජලයයෙන් යට වෙයි. ස්වභාවික ව්‍යසන අනිවාර්යෙන්ම ඇතිවෙයි! විනාශය සිදු විය යුතුයි. ඒවාට ස්වභාවික ව්‍යසන යැයි කියයි. විනාශය නිසැකයෙන්ම සිදුවිය යුතු බව, බුද්ධිය කියයි. අනෙක් පැත්තේ, ඔවුන්ගේ බෝම්බ සුදානම්ය. ස්වභාවික ව්‍යසන තිබෙන්නේ මෙහාටයි. මෙයට මුහුණ දීම සඳහා, ඔබට විශාල එඩිතරකමක් තිබිය යුතුයි. අන්ගාද්ගේ නිදසුන ඇත. ඔහුව චංචල කිරීමට කිසිවෙකුට නොහැකි විය. මම ජීවාත්මයකි යන පාඩම ඔබ කෙතරම් ස්ථීර කරගත යුතුද යත්, ශරීරය පිළිබඳ සෑම අවධානයක්ම අඛණ්ඩව ගිලිහී යා යුතුයි. ස්වර්ණමය යුගයේ, කාලය පැමිණි විට, ඔබ දැන් සිරුර අත්හැර දරුවෙක් විය යුතු බව, ඉබේටම දර්ශනයක් ලැබෙයි. ඔවුන් තම සිරුරු අත්හැර අළුත් ඒවාට ඇතුළු වෙයි. එහි දඬුවම් ආදිය නොමැත. දිනෙන් දින ඔබ අඛණ්ඩව සමීපයට පැම්ණෙයි. පියා පවසන්නේ මා තුළ පටිගත වී ඇති චරිත කොටස, දිගටම හෙළිදරව් වෙයි. මම එය අඛණ්ඩව දරුවන්ට කියන්නෙමි. ඉන්පසුව පියාගේ චරිත කොටස අවසන් වන අතර, ඔබගේ චරිත කොටස්ද අවසන් වෙයි. ඉන්පසුව ඔබගේ චරිත කොටස්, ස්වර්ණමය යුගයේ ආරම්භ වෙයි. ඔබ දැන් ඔබගේ රාජධානිය දිනාගත යුතුයි. මෙම නාටකය ඉතාමත්ම සැලිකිලිමත්ව සහ ඥානවන්තව නිර්මාණය වී තිබේ. ඔබ මායා පරාජය කරමින් සිටින අතර, මෙයටද කල් ගත වෙයි. එක් අතකින් ඒ මිනිසුන් සිතන්නේ, ඔවුන් දිව්‍ය ලෝකයේ ඉඳගෙන සිටින බව සහ මෙය සතුටු දේශය බවය. අනෙක් අතින් ඔවුන් භාරතයේ තත්ත්වය ගැන ගයති! එය තවත් වැඩියෙන් තමෝප්‍රධාන් වී ඇති බව ඔබ දන්නවා. නාටකයට අනුව, එය විශාල බලයකින් අඛණ්ඩව තමෝප්‍රධාන් වනවා. ඔබ දැන් සතෝප්‍රධාන් වෙමින් සිටිනවා. ඔබ දැන් සමීපයට පැමිණෙනවා. අවසානයේදී ජය, අනිවාර්යෙන්ම ඔබගේ වෙයි. වේදනාවේ විලාප වලට පසුව, ජයග්‍රහණයේ හඬ නැගෙයි. ගිතෙල් ගංඟාවන් ගලයි ඔබට ගිතෙල් මිලදී ගැනීමට සිදුනොවෙයි! ඔබ සෑම කෙනෙකුටම ඔබගේම අංක එකේ එළදෙනුන් සිටියි. ඔබ දැන් බොහෝ සෙයින් උසස් වනවා! ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය නැවත ඒ ආකාරයෙන්ම සිදුවන බව ඔබ දන්නවා. පියා පැමිණ, ලෝකයේ ඉතිහාසය නැවත ඒ ආකාරයෙන්ම ඇති කරනවා. මේ නිසයි මෙසේ ලියන්නට කියා බාබා ඔබට කියා තිබෙන්නේ ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය නැවත ඒ ආකාරයෙන්ම සිදුවන ආකාරය, පැමිණ වටහාගන්න. දැන් එය කලි යුගය බවත්, එබැවින් ස්වර්ණමය යුගය අනිවාර්යෙන්ම නැවත සිදුවන බවත්, නුවණ ඇති අය කියයි. ඇතැම් අය විමසන්නේ ලෝක චක්‍රය වසර සිය දහස් ගණනක් බැවින් එය ඒ ආකාරයෙන්ම නැවත සිදුවන්නේ කෙසේද? මෙහි, සූර්ය සහ චන්ද්‍ර පෙළපත් පිළිබඳ ඉතිහාසයක් නොමැත. මෙම චක්‍රය නැවත ඒ ආකාරයෙන්ම සිදුවන්නේ කෙසේද කියා අවසානය දක්වාම ඔවුන්ට වැටහෙන්නේ නැත. ඔවුන්ගේ රාජධානි නැවත පැමිණෙන්නේ කවදාද කියාවත් ඔවුන්ට වැටහෙන්නේ නැත. ඔවුන් රාමාගේ රාජධානිය කිසිසේත් නොදනී. ඔබ සමඟ දැන් පියා සිටියි. සර්ව බලධාරී දෙවියන්, පෞද්ගලිකවම ඔවුන් සමඟ සිටින පිළට අනිවාර්යෙන්ම ජය ලැබෙයි. පියා ඔබ ලවා හිංසන, සිදු කරවන්නේ නැහැ නේද? කෙනෙක් මැරීම හිංසනයකි. විශාලතම හිංසනය වන්නේ රාගයේ අසිපත භාවිත කිරීමයි. ඔබ දැන් දෙගුණයක් අවිහිංසාවාදීන් බවට පත්වනවා. එහි තිබෙන්නේ අවිහිංසාවේ වඩාත්ම ශ්‍රේෂ්ඨ දේවතා ධර්මයයි. එහිදී ඔවුන් සටන් කරන්නේවත් පාපයේ ගැලෙන්නේවත් නැත. ඔබට දැන් යෝගා බලය තිබෙන නමුත්, කිසිවෙක් මෙය වටහා නොගත් බැවින්, ඔවුන් දේවතාවන් සහ රකුසන් අතර යුද්ධයක් ගැන ග්‍රන්ථ වල ලියුවේය. කිසිම කෙනෙකුට අවිහිංසාවේ අරුත වැටහෙන්නේ නැත. මෙය වැටහෙන්නේ ඔබට පමණයි. අප්‍රසිද්ධ සටන්කාමීන් වන ඔබ ගැන කිසි කෙනෙක් නොදන්නා නමුත්, ඔබ බොහෝ සේ ප්‍රසිද්ධ අයයි. ඔබ සටන්කාමීන් බව යමෙක් සලකයිද? ඔබගෙන් සෑම කෙනෙකුටම මන්මනභව යන පණිවිඩය ලැබෙයි. මහා මන්ත්‍රය මෙයයි. මිනිසුන්ට මෙම දේවල් වැටහෙන්නේ නැහැ. මෙම දේවල් ස්වර්ණමය සහ රිදී යුගයන්හිදි නොපවති. මෙම මන්ත්‍රය තුළින් ඔබගේ රාජධානිය ඔබ හිමි කරගත් පසු, තව දුරටත් එහි අවශ්‍යතාවයක් නැත. ඔබ චක්‍රය වටා ගොස් මෙහි පැමිණ ඇත්තේ කෙසේද කියා ඔබ දන්නවා. පියා දැන් ඔබට මහා මන්ත්‍රය ලබා දෙයි. ඉන්පසුව ඔබ චක්‍රයෙන් භාගයක් පාලනය කරයි. ඔබ දැන් දිව්‍යමය ගුණදම් ධාරණය කර, අන් අයටත් එසේ කිරීමට දිරිගැන්විය යුතුයි. බාබා ඔබට අවවාද කරයි: ඔබගේ දෛනික වාර්තාව ලියන විට ඔබට විශාල ප්‍රීතියක් ඇතිවෙයි. වාර්තාවක, හොඳ, වඩා හොඳ සහ වඩාත්ම හොඳ තිබේ. ඇතැම් අය හොඳින් ඉගෙනගන්නා අතර තවත් අය කිසිම අවධානයක් යොමු කරන්නේ නැති බව, ඔබටත් හැඟෙයි. එබැවින් ඔවුන් අසමත් වෙයි. මෙහි මෙම ඉගෙනුම අසීමිතයි. පියා, ගුරුවරයා මෙන්ම ගුරුද වෙයි තිදෙනාම සිටින්නේ එකටයි. මෙසේ කියන එකම පියා මොහුය ජීවමානව මියැදෙන්න! තමන් ජීවාත්මයක් බව සලකා පියාව සිහි කරන්න! පියා පවසන්නේ මා ඔබගේ පියාය. මා ඔබට බ්‍රහ්මාගේ මාර්ගයෙන් රාජධානිය ලබා දෙනවා ඔහු අතරමැද සිටින ඒජන්තකරු වනවා. ඔබ ඔහු සමඟ යෝගාවේ නොසිටිය යුතුයි. ඔබගේ බුද්ධි දැන් සම්බන්ධ වී තිබෙන්නේ මනාලයා වන, සෑම සැමියෙකුගේම සැමියා වන ශිවාටයි. එම කෙනා මෙම කෙනා තුළින් ඔබව, ඔහු සතු කරගනී. ඔහු පවසන්නේ තමන් ජීවාත්මයක් බව සලකා මා සිහි කරන්න. ජීවාත්මය වන මා, දැන් මගේ චරිත කොටස අවසන් කර ඇති අතර, පියා සමඟ ආපසු නිවසට යා යුතුයි. මුළු ලෝකයම දැන් තමෝප්‍රධාන්ය. පංච මහා භූතයන් පවා තමෝප්‍රධාන්ය. එහි, සෑම දෙයක්ම අළුත් වෙයි. මෙහි දියමන්ති, මුතු මැණික් ආදිය නැත. ස්වර්ණමය යුගයේ ඒවා පැමිණෙන්නේ කොහේ සිටද? දැන් හිස් වී ඇති ආකර, එවිට නැවත වරක් පිරෙයි. ඔවුන් ආකර හාරා, ඒවා එලියට ගෙන එයි. මේ ගැන ටිකක් සිතන්න. එහි සෑම දෙයක්ම අළුත් වෙයි, එහෙම නේද? ආලෝකය ආදිය ස්වභාවික වෙයි. විද්‍යාඥයින් මෙහිදී ඉගෙන ගන්නා සියලුම දේවල් එහිදී ප්‍රයෝජනවත් වෙයි. හෙලිකොප්ටර ඔබ එනතුරු බලා සිටියි ඔබ බොත්තමක් එබූ පමණින් එය උඩ යයි. කිසිම අපහසුතාවයක් නැත. එහි සෑම දෙයක්ම දෝෂ රහිතයි. යන්ත්‍ර සූත්‍ර ආදිය කිසිදාක පළුදු නොවෙයි. සෑම කෙනෙක්ම නිවසේ අසුන් ගෙන සිටින අතර ඉන්පසුව තත්පරයකින් පාසැලට හෝ අවට සංචාරය කිරීමට යා හැකි වෙයි. පුරවැසියන්ට ඊට වඩා ටිකක් අඩු ගුණාත්මක බවින් යුතුවා තිබෙයි. එහි ඔබට සෑම අන්දමකම සතුට තිබෙයි. එහි අකල් මරණ තිබිය නොහැක. එබැවින් ඔය දරුවන් බොහෝ සේ අවධානය යොමු කළ යුතුයි! මායාට විශාල බලයක් තිබේ. මෙය මායාගේ අවසන් පම්පෝරියයි. බලන්න, යුද්ධයකදී කීදෙනෙක් මිය යනවාද කියා. යුද්ධ කවදාවත් අවසන් නොවෙයි. මෙම විශාල මුළු ලෝකය සහ එක් දිව්‍ය ලෝකය පමණක් අතර බොහෝ වෙනසක් තිබේ. ගංඟා නදිය පාරිශුද්ධකරු බව ඔබ එහිදී නොකියයි. භක්ති මාර්ගයේ කිසිම දෙයක් එහි නොපවති. මෙහි මුඵ නගරවලම අපද්‍රව්‍ය, ගංඟා නදියට යන ආකාරය බලන්න. බොම්බායේ සියලුම අපද්‍රව්‍ය මහ මුහුදට ගලා යයි. ඔබ භක්ති මාර්ගයේදී විශාල දේවාල තනයි. එහි දියමන්ති සහ මුතු මැණික් වල සතුට තිබෙයි. හතරෙන් තුනකදී සතුට තිබෙන අතර හතරෙන් එකකදී දුක තිබෙයි. එය හරි අඩක් බැගින් වූයේ නම්, සතුටක් නොතිබෙනු ඇත. භක්ති මාර්ගයේදීද ඔබ බොහෝ සතුටින් සිටියි. ඔවුන් සියලුම දේවාල කොල්ලකෑමට පැමිණියේ පසු කාලයේදීය. ඔය දරුවන් ස්වර්ණමය යුගයෙදී බොහෝ ධනවත් විය. එබැවින් ඔය දරුවන්ට බොහෝ සතුට තිබිය යුතුයි. ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබ ඉදිරියේ තිබේ. මවට සහ පියාට එය සහතිකයි. සතුට තරම් පෝෂණයක් නැති බව සිහි කෙරෙයි. ඔබගේ ආයුෂ යෝගා බලය තුළින් වැඩි වෙයි. ඔහු උපත් 84 හි චක්‍රය වටා යන අන්දම සහ මෙතරම් විශාල චරිත කොටසක් රඟපාන අන්දම ගැන, ජීවාත්මයට දැන් තමාගේ දර්ශනයක් ලැබී තිබේ. සියලුම ජීවාත්ම, නළුවන්, පහළට පැමිණි පසු, පියා, සෑම කෙනෙක්වම ආපසු නිවසට රැගෙන යයි. ශිව පෙරහැර සිහිපත් කර තිබේ. ඔබ මේ සෑම දෙයක්ම, ඔබ දරන උත්සාහයට අනුව, අංක පිළිවෙලට දන්නවා. ඔබ සිහිපත් කිරීමේ සිටින ප්‍රමාණයට අනුව, ප්‍රීතියෙන් සිටිනු ඇත. දිනෙන් දින ඔබට මෙය දැනෙයි, මන්ද ඔබට උගන්වන්නේ එම පියා බැවින්. මෙම කෙනාද අඛණ්ඩව ඔබට උගන්වයි. බ්‍රහ්මාට කිසිවක් විමසීමට අවශ්‍ය නැත. සියලුම ප්‍රශ්න අසන්නේ ඔබයි. මෙම කෙනා සවන් දෙනවා පමණයි. පියා ප්‍රතිචාර දක්වන අතර මෙම කෙනාද අසා සිටිනවා. මෙම කෙනාගේ ක්‍රියාකාරකම් බොහෝ ආශ්චර්යමත්ය! මෙම කෙනාද සිහි කිරීමේ සිටිනවා. ඉන්පසුව ඔහු ඒ ගැන දරුවන්ට පවසනවා. බාබා මට කවනවා. මා ඔහුට මාගේ රථය ලබා දෙනවා. ඔහු මාව පදවන බැවින් ඔහු මට නොකවන්නේ මන්ද? මෙය මනුෂ්‍ය අශ්වයෙකි. මා ශිව බාබාගේ යානයයි. මෙය සිහි කිරීමෙන් ඔබට ශිව බාබාව සිහි කිරීමට හැකි වෙයි. සිහිපත් කිරීමේ සිටීමෙන් යහපතක් සිදුවෙයි. ඔබ මුළුතැන්ගේ හි ආහාර පිළියෙල කරන විට, ඔබ එය පිළියෙල කරන්නේ ශිව බාබාගේ දරුවන්ට බවත්, ඔබද ශිව බාබාගේ දරුවෙක් බවත් වටහාගන්න. මේ අන්දමින් සිහිපත් කිරීමේ සිටීමේ යහපතක් තිබේ. සිහිපත් කිරීමේ සිටීමෙන් සහ සේවය කිරීම තුළින් ඔවුන්ගේ කර්මතීට් තත්ත්වය ලබා ගන්නා අයටයි, ශ්‍රේෂ්ඨතම තත්ත්ව ලැබෙන්නේ. ඒ බාබාද බොහෝ සේවය කරනවා නේද? එම කෙනාගේ සේවය අසීමිත වන අතර, ඔබ සීමිත සේවයක් කරයි. මෙම කෙනාට ඔහුගේ තත්ත්වය හිමි වන්නේ සේවය කිරීම තුළිනි. ශිව බාබා පවසන්නේ මේ මේ දේ කරන්න. ඔහු මෙම කෙනාට අවවාදද කරයි. සමහර දරුවන් කුණාටු අත්විඳියි. ඔබ සිහිපත් කිරීමේ නොසිට, භෞතික අවයව පාලනය කිරීම අපහසුයි. ඔබගේ ඔරුව එතෙරට යන්නේ, සිහිපත් කිරීමේ සිටීමෙන්ය. යමක් පවසන්නේ ශිව බාබාද නැත්නම් බ්‍රහ්ම බාබාද කියා වටහා ගැනීමට අපහසු වෙයි. මේ සඳහා ඉතා පිරිපහදු වූ බුද්ධියක් අවශ්‍යයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙකල, ඔබ සම්පූර්ණයෙන්ම ජීවමානව මියැදිය යුතුයි. හොඳින් ඉගෙනගෙන, ඔබගේ දෛනික වාර්තාව සහ රෙජිස්ටරයද පවත්වා ගන්න. සිහිපත් කිරීමේ සිට, ඔබගේ ස්ථීතිය, කර්මතීට් කරගන්න.

2. විනාශයේ අවසන් ජවනිකා දැක බලා ගැනීමට, ඔබ එඩිතර විය යුතුයි. ඔබ මා ජීවාත්මයක්ය, පුහුණු වන විට ශරීර අවධානය දිගින් දිගටම බිඳී යනු ඇත.

වරදානය:
ඔබ ඔබේ බුද්ධියෙහි සම්පූර්ණ ශ්‍රද්ධා විශ්වාසයෙන් ඕනෑම බියකරු ප්‍රශ්නයක් නිවා දමන්න.

පරම පියා කෙරෙහි ඔබට තිබෙන ශ්‍රද්ධා විශ්වාසය තරම්ම ඔබ කෙරෙහිත් නාටකය කෙරෙහිත් ශ්‍රද්ධා විශ්වාසය තබන්න. ඔබ තුළ තමා පිළිබඳවම දුබල සිතිවිලි නැඟෙමින් තිබේ නම්, ඒවා දුබල සංස්කාර නිර්මාණය කරයි. එබැවින්, ඔබ ඇතුළාන්තයට අපත සිතිවිල්ලේ දුබල විෂබීජ කිසිවක් ඇතුල් වීමට ඉඩ නොදෙන්න. ඒත් එක්කම, නාටකයෙහි ඔබ දකිනා ඕනෑම දර්ශනයක යහපතම අත්දකින්න. එය කලබලකාරී දර්ශනයක් වූවත් එහි යහපත අත්දකින්න. ඔබව සෙලවිය හැකි වාතාවරණයක් ඇති වූවත් කරදර ප්‍රශ්න භයානක වූවත්, සෑම විටම ඔබේ බුද්ධියේ දැඩි ශ්‍රද්ධා විශ්වාසයක් තිබීම මඟින් එම භයානක කරදර ප්‍රශ්න නිවී යනවා ඇත.

පාඨය:
පරම පියාට සහ සේවයට සෙනෙහස ඇති අයට ඉබේම පවුලෙන් සෙනෙහස ලැබේ.