03.10.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, උපත් 84 ක මෝටර තුළට යෑමෙන්, ජීවාත්මයේ බැටරිය අඳුරු වී ඇත. දැන් සිහිපත් කිරීමේ වන්දනාවේ සිට, එය සම්පූර්ණයෙන් චාජ් කරගන්න.

ප්‍රශ්නය:
ඉතාමත්ම භාග්‍යවන්ත දරුවන් ලෙස බාබා සලකන්නේ කුමන දරුවන්වද?

පිළිතුර:
කිසිම අවුලක් නොමැති සහ බන්දන වලින් නිදහස්ව සිටින දරුවන්ට බාබා පවසන්නේ ඔබ ඉතාමත්ම වාසනාවන්ත දරුවන්, සිහිපත් කිරීමේ සිටීමෙන්, ඔබට සම්පූර්ණයෙන්ම ඔබගේ බැටරිය චාජ් කරගත හැක. ඔබ ඥානය කියා දෙනවා පමණක් නම්, එහෙත් යෝගාව නොමැති නම්, ඊතලයට, ඉලක්කයට වැදීමට නොහැක. ඔබ කෙතරම් අලංකාර ලෙස ඔබගේ අත්දැකීම් බෙදාගත්ත ද, ඔබ පවසන දේ ක්‍රියාවට නංවන්නේ නැතිනම්, ඔබගේ යටිහිත දිගින් දිගටම ඔබට වද දෙනු ඇත.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා, සුමිහිරි, ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කර දෙයි. ආධ්‍යාත්මික පියාගේ නම කුමක්ද? ශිව බාබා. ඔහු පරමාත්ම දෙවියන්, අසීමිත පියාය. කිසිම විටෙක මනුෂ්‍යයෙකුට අසීමිත පියා, ඊෂ්වර හෝ දෙවියන් කියා ඇමතිය නොහැක. ශිවා යන නම, බොහෝ මිනිසුන්ට තිබුණද, ඔවුන් සියලු දෙනාම ශාරීරික ජීවයන්ය. මේ නිසයි ඔවුන්ට දෙවියන් කියා ඇමතිය නොහැක්කේ. පරම පියා මෙතැන අසුන් ගෙන මෙය දරුවන්ට විස්තර කර දෙයි. මෙය, මා ඇතුළු වී ඇති කෙනාගේ බොහෝ උපත් වල අවසන් උපතයි. මෙම කෙනාට ඔබ දෙවියන් යැයි කියන්නේ මන්ද කියා, ඔබගෙන් බොහෝ දෙනෙක් විමසයි. කිසිම භෞතික හෝ සූක‍්ෂම ජීවියෙකුට, දෙවියන් කියා ඇමතිය නොහැකි බව, පරම පියා ආරම්භයේ සිටම විස්තර කර දී තිබේ. සූක‍්ෂම ශාරීරික ජීවයන්, සූක‍්ෂම කලාපයේ වැසියන්ය ඔවුන්ට දේවතාවන් යැයි කියයි. උසස්ම-උසස් කෙනා වන්නේ පරමාත්ම දෙවියන්, උත්තරීතර පියාය. ඔහුගේ නාමය උසස්ම උසස් වන අතර, ඔහුගේ වාසස්ථානයද උසස්ම උසස්ය. පරම පියා, සියලුම ජීවාත්ම සමඟ එහි වාසය කරයි. ඔහු අසුන් ගන්නා ස්ථානයද, උසස්ම තැනයි. ඇත්ත වශයෙන්ම එහි අසුන් ගැනීමට ස්ථානයක් නැත. තාරකා කොහේ හෝ අසුන් ගන්නවාද? ඔවුන් නිකම්ම සිටගෙන සිටිනවා නොවේද? ඔය ජීවාත්මයන්ද ඔබගේම බලයෙන්, එහි සිටගෙන සිටිනවා. එහි ගොස් සිටගෙන සිටීමට, ඔය ජීවාත්මයන්ට එවන් බලයක් ලැබෙයි. පරම පියාගේ නම වන්නේ සර්ව බලධාරියාය ඔහුගෙන් ඔබට බලය ලැබෙයි. මෝටර් රථයකට බැටරියක් තිබී, බැටරියෙන් මෝටර් රථය ක්‍රියාත්මක වන ආකාරයෙන්ම, ඔය ජීවාත්ම ඔහුව සිහිපත් කරන විට, ඔබගේ බැටරි චාජ් වෙයි. ධාරාවකින් බැටරිය චාජ් කරන විට, මෝටර් රථය ක්‍රියාත්මක වෙයි. ඉන්පසුව ක්‍රම ක්‍රමයෙන් බැටරිය බසි. එවිට නැවත චාජ් කිරීමට, බැටරිය ප්‍රධාන බල මූලයට සම්බන්ධ කළයුතු වන අතර, ඉන්පසුව එය නැවතත් මෝටර් රථය තුළට දමනවා. ඒවා සීමිත කරුණුයි. මෙහි තිබෙන්නේ අසීමිත කරුණකි. ඔබගේ බැටරිය වසර 5000 ක් පවති. ඉන්පසුව ක්‍රම ක්‍රමයෙන් ඔබ ගමන් කරන විට, එය දුර්වල වෙයි. එය සම්පූර්ණයෙන්ම බැස නොමැති බව ඔබට කිව හැක ටෝච් එළිය අඳුරු වන ආකාරයෙන් එහි චාජ් එක ටිකක් පවතියි. මෙම සිරුරේ බැටරිය වන්නේ ජීවාත්මයයි. මෙයද අඳුරු වනවා. මෙම බැටරිය, සිරුර අතහැර, ඉන්පසුව දෙවැනි සහ තුන්වැනි මෝටරයකට යයි. ජීවාත්මය, මෝටර 84 කට යයි. එබැවින් පරම පියා පවසන්නේ ඔබ බොහෝ අඳුරු ඔළුගෙඩි සහ ගල් වැනි බුද්ධි ඇති අය බවට පත් වෙලා! දැන් නැවතත් ඔබගේ බැටරි චාජ් කරගන්න. පරම පියාව සිහිපත් නොකර, ජීවාත්මයන්ට කිසිම විටෙක පිවිතුරු විය නොහැක. ඔබ යෝගාවේ සිටිය යුත්තේ එක් සර්ව බලධාරී පියා සමඟ පමණයි. පරමාත්ම පියාම ඔබට ඔහුගේ හැඳින්වීම ලබා දෙයි - ඔහු කුමන ආකාරයේද කියා - සහ ඔබගේ ජීවාත්මයේ බැටරි අඳුරු වන ආකාරය ඔහු ඔබට පවසයි. ඔබගේ බැටරි වලට සතෝප්‍රධාන් සහ නොම්මර එකේ වීමට හැකි වන පරිදි, ඔබට මාව සිහිපත් කිරීමට කියා, මා අවවාද කරනවා. ජීවාත්ම පිවිතුරු වන විට, කැරට් 24 ක් බවට පත් වනවා. මේ මොහොතේ ඔබ වෙනත් ලෝහ සමඟ මිශ්‍රිත වී ඇත ඔබගේ ශක්තිය සම්පූරණයෙන්ම අවසන් වී තිබේ. එම ලස්සන තවත් නැහැ. පරම පියා ඔබට දැන් විස්තර කරයි දරුවනි, ප්‍රධානතම දේ වන්නේ යෝගාවේ සිට පිවිතුරු වීමයි. එසේ නැත්නම්, බැටරි චාජ් නොවෙයි ඔබට යෝගාවේ සිටීමට නොහැකි වෙයි. කුකුලෙක් මෙන් ඥානය දෙන බොහෝ දෙනෙක් සිටියි. ඔවුන් ඥානය කියා දෙන නමුත් ඔවුන්ට එම මනෝ ස්ථීතිය නැත. මෙහි ඔවුන් බොහෝ අලංකාර ලෙසින් ඔවුන්ගේ අත්දැකීම් පවසයි. ඔවුන් පවසන දේට ඔවුන්ගේ මනෝ ස්ථීතිය සමාන නැති බැවින් ඔවුන්ගේ යටි හිත වද දෙනු ඇත. ඔවුන්ද යෝගී දරුවන්ය. පරම පියා බොහෝ සෙයින් දරුවන්ව ප්‍රශංසා කරයි. පරම පියා පවසන්නේ දරුවනි, ඔබ බොහෝ සේ, ඉතාමත්ම භාග්‍යවන්තයි. ඔබට වැඩිය පැටලිලි නැහැ. දරුවන් බොහෝ දෙනෙක් සිටින අයට, බන්දනද බොහෝ තිබේ. බාබාට බොහෝ දරුවන් සිටියි. ඔහු සෑම කෙනෙක්වම රැක බලා ගත යුතුයි. බාබා සිහිපත් කිරීමේද සිටිය යුතුයි. සෙනෙහෙවන්තයාගේ සිහි කිරීම බොහෝ ස්ථීර විය යුතුයි. භක්ති මාර්ගයේදී ඔබ බොහෝ සෙයින් පියාව සිහි කරමින් සිටියා අහෝ දෙවියනි! ඔබ පළමුවෙන්ම වන්දනා කරන කෙනා ඔහුයි. පළමුවෙන්ම වන්දනා කරන්නේ අශාරීරික දෙවියන්වයි. එකල ඔබ ජීවාත්ම අවධානයට පත් වන්නේ නැත. ජීවාත්ම අවධානයෙන් සිටින අය, කිසිම කෙනෙක්ව වන්දනා නොකරනු ඇත. පරම පියා විස්තර කරන්නේ භක්තිය මුලදී ආරම්භ වන විට, පළමුවෙන්ම වන්දනා කරන්නේ ඒකායන පියාවයි. වන්දනා කරන්නේ ශිවාව පමණයි. රජ සහ රැජිණ කෙසේද, පුරවැසියන්ද එසේමයි. උසස්ම උසස් වන්නේ පරමාත්ම දෙවියන්ය. සිහි කළ යුත්තේ ඔහුම පමණයි. ඔහුට පහළින් සිටින සෑම කෙනෙක්ම, එනම් බ්‍රහ්මා, විෂ්ණු සහ ශංකර්ව සිහි කිරීමට අවශ්‍ය නැහැ. සිහි කළ යුත්තේ උසස්ම-උසස් පියාව පමණයි. කෙසේවෙතත්, නාටකයේ චරිත කොටස කෙසේද යත්, ඔබ පහළට පැමිණීමට නියමිතයි. ඔබ පහළට පැමිණෙන්නේ කෙසේද කියා පරම පියා පහදා දෙයි. මුල සිට අග දක්වා සහ උඩ සිට පහළට සෑම දෙයක්ම පරම පියා විස්තර කර දෙයි. භක්තියද ආරම්භයේ සතෝප්‍රධාන් වන අතර එය පසුව සතෝ, රජෝ සහ තමෝ වෙයි. ඔබ නැවත වතාවක් සතෝප්‍රධාන් වනවා උත්සාහයක් අවශ්‍ය වන්නේ මෙයටයි. ඔබ පිවිතුරු විය යුතුයි. මායා ඔබව මුලා කරනවාද කියා තමන්ව පරීක‍්ෂා කර බලන්න. මට සාපරාදී දෑස් තිබේද? පාපයන් සිදු කිරීමට මට සිතිවිලි තිබේද? ප්‍රජාපිතා බ්‍රහ්මා සිහි කර ඇති බැවින්, ඔහුගේ දරුවන් බ්‍රහ්මණයින්, සහෝදර සහෝදරියන් විය යුතුයි. තමන් බ්‍රහ්මාගේ දරුවන් බව, ලෞකික බ්‍රහ්මණයන්ද සලකති. ඔය බ්‍රහ්මණයින්, සහෝදර සහෝදරියන්ය. එසේනම්, ඔබට සාපරාදී ද්‍රිෂ්ඨියක් තිබෙන්නේ ඇයි? ඔබට ලෞකික බ්‍රහ්මණයින්හට ඉතා හොඳින් ද්‍රිෂ්ඨි ලබා දිය හැක. බ්‍රහ්මාගේ දරුවන්, දැන් බ්‍රහ්මණයින් සහ ඉන්පසුව දේවතාවන් වන බව ඔබට වැටහෙයි. පරම පියා පැමිණ, බ්‍රහ්මණ සහ දේවතා ධර්ම ස්ථාපිත කරන බව කියැවෙයි. මෙය වටහා ගත යුතු දෙයකි. බ්‍රහ්මාගේ දරුවන් වන ඔබ, සහෝදර සහෝදරියන් වී තිබේ. එබැවින් නරක ද්‍රිෂ්ඨියක ඇදීමක් නොතිබිය යුතුයි. ඔබ එය වැලැක්විය යුතුයි. මෙම කෙනා මගේ සුමිහිරි සහෝදරියයි. එම සෙනෙහස තිබිය යුතුයි. ලේ සබැඳියාවක ඇති සෙනෙහස, ආධ්‍යාත්මික සෙනෙහසට පරිවර්ථනය විය යුතුයි. මෙයට පහසු සිහිපත් කිරීම යැයි කියන නමුත් එයට බොහෝ උත්සාහයක් අවශ්‍යයි. තමන් ජීවාත්මයක් බව සලකා, පරම පියාව සිහි කරන්න. ඔබ තුළ පාපී ද්‍රිෂ්ඨියක් නොතිබිය යුතුයි. ඔබගේ දෑස් ඔබව බොහෝ සෙයින් මුලා කරන බව, පරම පියා විස්තර කර දී තිබේ ඒවා පරිවර්ථනය කළ යුතුයි. මා ජීවාත්මයක්. මේ කාලයේදී අපි ශිව බාබාගේ දරුවන්ය. සහෝදර සහෝදරියන් වන අපව දරුකමට හදාගෙන තිබේ. අපි, අපව හඳුන්වන්නේ බ්‍රහ්ම කුමර කුමරියන් ලෙසයි. එවිට හැසිරීමේ වෙනසක් තිබෙයි. පංතියේ සෑම කෙනෙකුගෙන් මෙසේ විමසීම ගුරුවරයෙකුගේ යුතුකමයි ඔබගේ ද්‍රිෂ්ඨිය, සහෝදර සහෝදරියකගේ ලෙස කියා ඔබ සිතනවාද, එසේ නැත්නම් යම් දඟකාරකමක් තිබෙනවාද? සත්‍ය පියා ඉදිරියේ කෙනෙක් සත්‍යය නොපවසා බොරු කියන්නේ නම්, බොහෝ දඬුවම් විඳින්නට සිදුවෙයි. උසාවියකදී, ඔවුන් සත්‍යය වන දෙවියන් ඉදිරියේ, සත්‍යය පවසන බවට දිවුරයි. සත්‍ය පියාගේ දරුවෙක්ද සත්‍යවාදී වෙයි. පරම පියා සත්‍යයයි. ඔහු පවසන්නේ සත්‍යය පමණයි. අන් සියල්ලම මුසාවන්ය. ඔවුන් තම තමන්ව ශ්‍රී ශ්‍රී 108 ලෙසින් හඳුන්වා දෙයි. ඇත්ත වශයෙන්ම එය බ්‍රමණය කරන පබුළු මාලාවයි. ඔවුන් මාලාවක පබුළු බ්‍රමණය කරන්නේ මන්ද කියාවත් නොදනී. ක්‍රිස්තියානුවන්ටද රෝසරියක් ඇත බෞද්ධයින්ටද රෝසරියක් ඇත. ඔවුන් සෑම කෙනෙක්ම ඔවුන්ගේම ක්‍රමයට ඔවුන්ගේ මාලාවේ පබුළු කරකවයි. ඔය දරුවන්ට දැන් ඥානය ලැබී තිබේ. ඔවුන්ට පවසන්න 108 මාලාවේ ඉහළින් තිබෙන ටසලයෙන් සංකේතවත් වන්නේ අශාරීරික කෙනා බව. සෑම කෙනෙක්ම ඔහුව සිහි කරයි. අපි දෙව්ලොව රැජිණියන් වන්නේ, එනම්, අපි අධිරාජිනියන් වන්නේ ඔහුව සිහිපත් කිරීමෙනි. සාමාන්‍ය ගැහැණියකගෙන් හෝ මිනිසෙකුගෙන් ලක‍්ෂ්මි හෝ නාරායන බවට පත් වීම යනු සූර්ය වංශයේ විල්ලූද රජවරුන් සහ රැජිණියන් වීමය. පසුව ඔවුන් කපු අය (අඩු වටිනාකමක්) බවට පත්වනවා. එබැවින් අන් අයට විස්තර කිරීම සඳහා එවන් කරුණු ඔබගේ බුද්ධියේ තබාගන්න. එවිට ඔබගේ නාමය කීර්තිමත් වෙයි. සිංහ දේනුවක් මෙන් කතාකරන්න. ඔබ ශිව ශක්ති සේනාවයි. බොහෝ විවිධ මාදිලියේ සේනා තිබේ. වෙනත් ස්ථාන වලට ගොස් බලන්න, ඔවුන් සෑම දෙනාටම උගන්වන්නේ මොනවාද කියා. මිනිසුන් සිය දහස් ගණන් එහි යයි. සාපරාදී දෑස් ඔබව බොහෝ මුලා කරන බව, බාබා විස්තර කර තිබේ. ඔබගේ මනෝ ස්ථීතිය ගැන ඔබ කතා කළ යුතුයි. ඔබගේම අත්දැකීම් විස්තර කරන්න, එමෙන්ම ඔබ නිවසේ වාසය කරන්නේ කෙසේද සහ එය ඔබගේ මනෝ ස්ථීතියට බලපාන අන්දම ගැන පවසන්න. දිනපොතක් පවත්වාගන්න මා මෙම මනෝ ස්ථීතිය කොතරම් වේලාවක් පවත්වා ගන්නේද? පරම පියා විස්තර කරන්නේ මායා බොහෝ බලවත් වී, ශක්තිමත් අය සමඟ සටන් කරයි. මෙය සටන් භූමියක් නොවේද? මායා බොහෝ බලවත්ය. මායා යනු පාපයන් පහයි. මුදල් වලට ධනය යැයි කියයි. බොහෝ ධනය ඇති අයයි වැඩියෙන්ම අජාමිල් (මහා පාපතරයෙක්) මෙන් වන්නේ. පරම පියා පවසන්නේ පළමුවෙන්ම ඔබ ගණිකාවන්ව මුදාගත යුතුයි. එවිට ඔවුන් තමන්ගේම සංවිධානයක් ඇති කරගනී. අපට පරම පියාගෙන් අපගේ උරුමය හිමි කරගැනීමට අවශ්‍යයි. පරම පියා පවසන්නේ මා ඔබව ශිවාගේ දේශයේ (ශිවාලය) අධිපතියන් බවට පත් කරවීමට පැමිණ සිටිමි. මෙය ඔබගේ අවසන් උපතයි. ගණිකාවන්ට මෙසේ කියන්න භාරතයේ ගරුත්වය නැති වුණේ ඔබ නිසයි. ඔබව ශිවාගේ දේශයට රැගෙන යාමට, පරම පියා දැන් පැමිණ ඇත. ශ්‍රීමත් වලට අනුව, අප ඔබ වෙතට පැමිණ ඇත. ඔබ දැන් ලෝකයේ අධිපතියන් වී, අප කරන අන්දමට, භාරතයේ නාමය, කීර්තිමත් කළ යුතුයි. අපි පරම පියාව සිහිපත් කිරීමෙන් පිවිතුරුද වනවා. ඔබ එක් උපතකට එම කිලිටි ව්‍යාපාරය කිරීම නැවැත්විය යුතුයි. අනුකම්පාව ඇති කරගන්න, එවිට ඔබගේ නාමය බොහෝ සේ කීර්තිමත් වනු ඇත. එවිට මිනිසුන් මෙසේ කියයි ඔබට කෙතරම් බලයක් තිබේද, ඒ මිනිසුන් කරන කිලිටි ව්‍යාපාරය ඔවුන් ලවා නවතා දැමීමට ඔබට හැකි විය. සෑම කෙනෙකුටම සංවිධානයක් තිබේ. ඔබටත් තමන්ගේම සංවිධානය ඇති කර, රජයෙන් ඔබට අවශ්‍ය දෙයක් ගැනීමට පුළුවනි. එබැවින් දැන් කිලිටි ව්‍යාපාරයේ යෙදී භාරතයේ නාමය අපහාසයට ලක් කරන අයට සේවය කරන්න. ඔබගේ සංගමයද බොහෝ ශක්තිමත් විය යුතුයි. ඔබගෙන් මිනිසුන් දහ දොළොස් දෙනෙකුට ගොස්, ඔවුන්ට විස්තර කළ හැක. ඉතා හොඳ මව්වරුන් සිටිය යුතුයි. නව යුවළක් පැමිණෙන්නේ නම්, ඔවුන්ට කියන්න අප පිවිතුරුව සිටිනවා. ඔබ ලෝකයේ පාලකයෙක් වන්නේ පිවිතුරු වීමෙන් පමණයි. එබැවින් ඔබ පිවිතුරුව නොසිටින්නේ කුමකටද? ඔබගෙන් මුළු කණ්ඩායමක්ම ගොස් විස්තර කළ යුතුයි. බොහෝ නිරහංකාරීව පවසන්න අපි උත්තරීතර පියා, උත්තරීතර ජීවයගේ පණිවිඩය ඔබට ලබා දීමටයි පැමිණියේ. විනාශය දැන් අත ලඟයි. පරම පියා පවසන්නේ මා පැමිණ සිටින්නේ සෑම කෙනෙක්වම ඉහළ නැංවීමටයි. ඔබ මෙම එක් උපතෙදි පාපයේ නොගැලිය යුතුයි. ඔවුන්ට පවසන්න බ්‍රහ්ම කුමර කුමරියන් වන අපි, අපගේ ශරීර, මනස සහ ධනයෙන් භාරතයට සේවය කරනවා. අපි දානයක් ඉල්ලන්නේ නැහැ. අපි පරමාත්ම දෙවියන්ගේ දරුවන්ය. එවන් සැලසුම් සාදන්න. ඔබට උපකාර කිරීමට බැරි නැහැ. ඔබව ප්‍රශංසාවට ලක්වන එවන් ආකාරයේ ක්‍රියා කරන්න. ඔබට උපකාර කිරීමට දහස් ගණනින් පැමිණෙයි. ඔබගේම හමුවක් නිර්මාණය කරගන්න. ප්‍රධාන අය තෝරා ගන්න. සම්මන්ත්‍රණ පවත්වන්න. දරුවන්ව රැක බලාගත හැකි බොහෝ දෙනෙක් මතු වෙයි. තමන්ව පරමාත්ම දෙවියන්ගේ සේවයේ කාර්ය බහුල කරගන්න, එපමණයි. විගසින් ගොස් සේවය කළ හැකි අන්දමේ ත්‍යාගශීලි හදවතක් ඔබට තිබිය යුතුයි. එක් අතකින් මෙම සේවය කරන අතර, අනෙක් අතින් ගීතාවේ සේවය කරන්න. කණ්ඩායමක් වශයෙන් එකතු වී මෙම දේවල් ගැන සාකච්ජා කරන්න. ඔබ ඉගෙන ගන්නේ ලක‍්ෂ්මි සහ නාරායන් බවට පත් වීමටයි. එබැවින් ඔය දරුවන් අතරේ, අදහස් වල කිසිම ගැටුමක් මෙහිදී නොතිබිය යුතුයි. ඔබ පරම පියාගෙන් යමක් සඟවා ඔහුට සත්‍යය නොපවසන්නේ නම්, ඔබ තමන්ට සිදුකරගන්නේ පාඩුවක්. ඔබ සිය ගුණයක දඬුවම් වැඩියෙන් රැස් කර ගනීවි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අපි සුමිහිරි පරම පියාගේ දරුවන්ය. අපි මිහිරි සහෝදර සහෝදරියන් ලෙසින් එකට වාසය කළ යුතුයි. කිසිම විටෙක පාපකාරී ද්‍රිෂ්ඨියක් ඇති කර නොගන්න. ඔබගේ ද්‍රිෂ්ඨියේ කිසියම් දඟකාරකමක් තිබේ නම්, ආධ්‍යාත්මික ශල්‍යවෛද්‍යවරයාට සත්‍යය පවසන්න.

2. ඔබ අතරේ කිසිම විටෙක අදහස් වල ගැටුමක් ඇති කර නොගන්න. ත්‍යාගශීලී හදවතක් ඇති අයෙක් වී, ඔබගේ සිරුරින්, මනසින් සහ ධනයෙන් මහත් වූ නිරහංකාරකමකින් සේවය කර, සියලු දෙනාට පරම පියාගේ පණිවිඩය ලබා දෙන්න.

වරදානය:
ඔබ මායාට ඔරොත්තු දෙන කෙනෙක් වී, ඔබගේ ශ්‍රේෂ්ඨ ජීවිතය තුළින් පරමාත්ම දෙවියන්ගේ ඥාන මිණි මුතු වල සාක‍්ෂිය ලබා දෙත්වා.

තමන් ප්‍රායෝගික නිදසුනක් බව සලකා, පරමාත්ම දෙවියන්ගේ ඥානය ඔප්පු කිරීමෙන්, ඔබ මායාට ඔරොත්තු දෙන කෙනෙක් වෙයි. ප්‍රායෝගික සාක‍්ෂිය වන්නේ ඔබගේ ශ්‍රේෂ්ඨ පිවිතුරු දිවියයි. කිසිසේත් කළ නොහැකිව තිබූ නමුත් කළ හැකි බවට පත්වන්නේ, එපිට සිටීමේ ආකල්පයක් තිබෙන අතර ගෘහයක ජීවත් වීම සහ භෞතික ලෝකයේ සිරුරු සහ නෑදෑයන් පිළිබඳ අවධානය ඉක්මවා සිටීමයි. පැරණි ලෝකයේ දේවල් දෙස ඔබ පැරණි සිරුරේ දෑස් වලින් දකින නමුත් නොදැකීමෙන් කියැවෙන්නේ ඔබ සම්පූර්ණ පිවිතුරු දිවියක් ගත කරන බවයි. පරමාත්ම දෙවියන්ව හෙළිදරව් කිරීමට සහ මායාට ඔරොත්තු දීමට ඇති පහසු ක්‍රමය මෙයයි.

පාඨය:
අවධානයේ මුරකරුවන් හොඳින් වැඩ කරන්නේ නම්, ඔබගේ අතීන්ද්‍රීය සතුටේ සම්පත ඔබට අහිමි වන්නේ නැත.