03.10.21    Avyakt Bapdada      Sinhala Murli     31.03.88    Om Shanti    Madhuban


වචන සහ ක්‍රියා යන ශක්තීන් දෙක රැස් කරගැනීම සඳහා දේවමය උපක්‍රමයක්.


අද, ආධ්‍යාත්මික දැල්ල, ඔහුගේ ආධ්‍යාත්මික සලබයන් දෙස බලනවා. සෑම දිශාවකම සිටින සලබයන්, දැල්ල සමඟ සෙනෙහසින් බැඳී සිටියි, එනම්, ඔවුන් දැල්ලට තමන්ව කැප කර ඇත. තමන්ව කැප කරන, එනම්, සෙනෙහසින් බැඳෙන සලබයන් අප්‍රමාණ සංඛ්‍යාවක් සිටියි. කෙසේවෙතත්, ජීවාත්මයන්ගේ හදවත් තුළ දැල්ල කෙරෙහි ඇති සෙනෙහස නිසා කැප වීමෙන් පසුව, දැල්ල හා සමාන බවට පත් වන එම කැප වීම, අංකානුරූපයි. ඇත්ත වශයෙන්ම කැප වීම සිදුවන්නේ ඔවුන්ගේ හදවත් තුළ සෙනෙහස ඇති නිසයි. හදවත තුළ ගැඹුරු සෙනෙහස තිබීම සහ සෙනෙහස තිබීම අතර වෙනසක් තිබේ. සියලු දෙනා තුළම සෙනෙහස තිබේ, එමෙන්ම කැප වීම සිදු වී ඇත්තේ සෙනෙහස තිබීම නිසයි. පරම පියාගේ හදවත තුළ ඇති දේවල් සහ ඔහුගේ බලාපොරොත්තු වටහාගෙන එමෙන්ම ඒවා ඉටු කරන්නේ, තම හදවත් තුළ සෙනෙහස ඇති අයයි. පරම පියාගේ හදවතේ ඇති බලාපොරොත්තු සහ ආශා ඉටු කරන්නේ තම හදවත් තුළ සෙනෙහස ඇති අයයි. හදවතින් සෙනෙහස පෑම යනු, පියාගේ හදවතින් පවසා ඇති කුමක් වුවත් දරුවන්ගේ හදවත් තුළ මුසු වී තිබීමය. ඔවුන්ගේ හදවත් තුළ මුසු වී ඇති කුමක් වුවත්, ඒවා ඔවුන්ගේ ක්‍රියාවල ඉබේටම තිබෙයි. සෙනෙහස පමණක් ඇති ජීවාත්මයන්ගේ හදවත් තුළ සමහර දේවල් පමණක් මුසු වී ඇති අතර සමහර දේ ඔවුන්ගේ හිස තුළ මුසු වී ඇත. ඔවුන්ගේ හදවත් තුළ මුසු වී ඇති කුමක් වුවත්, ක්‍රියාවට නැංවෙයි. ඔවුන්ගේ හිස තුළ මුසු වී ඇති දේ තුළින් මෙවැනි බොහෝ සිතිවිලි ඉස්මතු වෙයි අපට මෙය කළ හැකිද, බැරිද? හෝ එය කළ යුතුයි, එය නිසි වෙලාවට සිදුවෙයි. මෙවන් බොහෝ සිතිවිලි නිසා, එය සිතිවිලි මට්ටමින් පමණක් තිබෙන අතර එය ක්‍රියාවට නොනැඟෙයි.

එබැවින්, තමන්ව කැප කර ඇති ඔබ සියලු දෙනාව, අද දින බාප්දාදා දුටුවා. ඔබ තමන්ව කැප කර නොමැති නම්, ඔබ බ්‍රහ්මණයන් ලෙස හැඳින්විය නොහැක. පරම පියා කෙරෙහි ඇති සෙනෙහසින්, පියා පවසා ඇති දේ කිරීමේ කැප වීම, ඔබ සිදුකළ යුතුයි, එනම්, ඔබ මම යන අවධානය අත්හල යුතුයි. එය අහංකාරකම හෝ දුර්වලතා යන කුමක් වුවත්, දෙකම අත්හල යුතුයි. මෙය කැප වීමක් ලෙස හැඳින්වෙයි. තමන්ව කැප කරන බොහෝ දෙනෙක් සිටියි, නමුත් මෙම කැප කිරීම සිදු කිරීමට එඩිතරකම තිබෙන අය අංකානුරූපයි.

අද දින බාප්දාදා මෙම එක් මාසයේ පමණක් ප්‍රතිඵලය දකිනවා. මේ වාරයේ ඔය ජීවාත්මයන්ට, බාබාට සමාන වීමට (බාප් සමාන්) බාප්දාදා විශේෂයෙන් බොහෝ වාර ගණනාවකදි විවිධ අන්දමින් සංඥා දී තිබේ. මෙය බාප්දාදාගේ හදවතේ ඇති විශේෂ ශ්‍රේෂ්ඨ ආශාවයි. ඔබට බොහෝ සම්පත් සහ බොහෝ ආශිර්වාද ලැබී ඇත. ඔබ ආශිර්වාද හිමිකර ගැනීමට මෙහි දිව විත් තිබේ. එතරම් සෙනෙහසකින් දරුවන් ඔහුව හමුවීමට පැමිණීම ගැන සහ ඔවුන් ආශිර්වාද හිමි කරගැනීමට ප්‍රිය කිරීම ගැන පියාද සතුටු වනවා. කෙසේවෙතත්, පරම පියාගේ හදවතේ බලාපොරොත්තු සහ ආශා ඉටු කිරීමට යන අය කවුද? පරම පියා ඔබට පවසා ඇති දේවල් ඔබ කෙතරම් දුරට ක්‍රියාවට නංවා තිබෙනවාද? තුනෙහිම ප්‍රතිඵලය කුමක්ද සිතිවිලි, වචන සහ ක්‍රියා? නෑ සම්බන්ධතා තුළ ඔබගේ මනස කෙතරම් ප්‍රමාණයකට බලවත්ද? ඔබ නිකම්ම අසුන්ගෙන මේ සියලු දේ ආවර්ජනය කර තිබෙනවා පමණක් නම්, එය ස්ව-ප්‍රගතියට ඉතා හොඳ වන අතර එය සිදුකළ යුතුයි. කෙසේවෙතත්, උසස් මනසක් ඇති ඔය ශ්‍රේෂ්ඨ ජීවාත්ම, එනම්, බලවත් සිතිවිලි සහ සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් ඇති අය, ඔබගේ මනසේ බලයේ කැඩපත කුමක්ද? මේවායේ කැඩපත වන්නේ ඔබගේ වචන සහ ක්‍රියාය. ඥානය ඇති ජීවාත්ම හෝ ඥානය නොමැති ජීවාත්ම සමඟ වුවද, මේ දෙපිරිස සමඟ ඔබගේ නෑ සබඳතා වලදි ඔබගේ වචන සහ ක්‍රියා, කැඩපතකි. ඔබගේ වචන සහ ක්‍රියා, සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් වලින් පිරී නොමැති නම්, ඔබගේ මනසේ බලයේ ප්‍රායෝගික ස්වරූපය වටහාගන්නේ කෙසේද? පිවිතුරු සහ බලවත් මනසක් ඇති අයට ඉබේටම බලවත් සහ පිවිතුරු වදන් සහ ක්‍රියා තිබෙයි ඒවා සුබ පැතුම් වලින් පිරී තිබෙයි. බලවත් මනසක් යනු, ඔවුන්ගේ සිහි කිරීමේ බලය, ශ්‍රේෂ්ඨ සහ බලවත් වන අතර ඔවුන් පහසු යෝගීවරු වෙයි. ඔවුන් පහසු යෝගීවරු පමණක් නොව ඔවුන් පහසු කර්ම යෝගීවරු ද වෙයි.

දරුවන්ගෙන් වැඩි දෙනෙක් සිහි කිරීම බලවත් කිරීමට අවධානය යොමු කරන බවත් ඔවුන්ගේ සිහි කිරීම පහසු සහ නිරන්තර කිරීමට ඔවුන් තුළ උනන්දුව සහ උද්යෝගය ඇති බවත් බාප්දාදා දුටුවා. ඔවුන් මෙයින් ඉදිරියට ගමන් කරන අතර නොකඩවා ඉදිරියට ගමන් කරනු ඇත. පියා කෙරෙහි ඔවුන් තුළ හොඳ සෙනෙහසක් ඇති අතර සිහි කිරීමට ඔවුන් හොඳ අවධානයක් යොමු කරන්නේ මේ නිසයි, මන්ද සිහි කිරීමේ පදනම, සෙනෙහසයි. පරම පියා සමඟ හදවතට සමීප කතා බහක යෙදීමේ කාරණාවේදි සියලු දෙනාම ඉතා හොඳයි. කෙසේවෙතත්, ඔවුන් එකිනෙකා සමඟ අප්සෙට් වන විට ඇතැම් විටෙක සැර ගතියක් පෙන්වා, ඉන්පසුව පියාට පැමිණිලි කරයි ඔබ මෙය නිවැරදි නොකරන්නේ ඇයි? එම ඇස්, ආදරය සහ සෙනෙහසින් පිරි ඇති නමුත්, ඔවුන් සමූහය තුළට පැමිණි විට, ඔවුන් ක්‍රියා සිදු කිරීම සහ පවුලේ අය සමඟ සම්බන්ධ වන විට, සමූහය තුළ නිෂ්ඵල වදන් බොහෝ තිබෙයි, එනම්, වදන් වල බලය තුළින් එය පැහැදිලි වෙයි.

වචන වල බලය අපතේ හැරීම නිසා, පරම පියාගේ හෙළිදරව්ව අන් අයට අත්විඳීමට ඇති විශේෂ ද්‍රව්‍යයේ හෝ බලයේ අඩුවක් තිබේ. ඔවුන් සවන් දෙන දේට ප්‍රිය කරයි එය වෙනම දෙයක්, මන්ද, ඔබ නැවත පවසන්නේ, පරම පියා පවසා ඇති දේවල්ය, එබැවින් ඔවුන් නිසැකවම ඒවාට ප්‍රිය කරයි. කෙසේවෙතත්, වචන වල බලය අපතේ හැරීම නිසා බලය රැස් වන්නේ නැත. මේ නිසයි පරම පියාගේ හෙළිදරව්වේ හඬ පැතිර යාමේ පමාවක් තවමත් තිබෙන්නේ. සාමාන්‍ය වචන කතා කිරීම බොහෝ සේ වැඩියි. ඒ වෙනුවට අලෞකික වචන, සුරඟනන්ගේ වචන කතා කළ යුතුයි. මේ වසරේ මෙය විශේෂයෙන් වැදගත් බව සලකන්න. ඔබ බ්‍රහ්ම පියාව දුටුවා ඔහුගේ වදන් සුරදූතයෙකුගේ වදන් විය - වචන ස්වල්පයක් සහ මිහිරි වචන. ඵලවත් වචන නිවැරදි වන අතර ඵලවත් නොවන වදන් නිෂ්ඵලයි. ඒවා ව්‍යාපාරික කටයුතු සඳහා වන වචන වුවත්, එමෙන්ම ඔබ ක්‍රියාකාරකම් වෙනුවෙන් කතා කළ යුතුයි නමුත් බොහෝ වදන් කතා නොකළ යුතුයි. ඔබ දැන් බලය රැස් කරගත යුතුයි. සිහි කිරීම තුළින් ඔබ මනසේ බලය රැස් කරගන්නා සේම, එමෙන්ම ඔබ නිහඬව අසුන් ගන්නා විට, ඔබ සිතිවිලි බලය රැස්කර ගනී, ඒ අන්දමින්ම වචන වල බලයද රැස්කර ගන්න.

බාබා ඔබට යම් හාස්‍යජනක දෙයක් පවසනවා. බාප්දාදාගේ ලෝකයේ සියලුම දෙනාගේ ඉතිරි කිරීමේ කැට තිබේ. ඔබගේ මධ්‍යස්ථාන වලත් කැටයක් (Baba's Box) තිබෙනවා නේද? පරම පියාගේ ලෝකයේ දරුවන්ගේ ඉතිරි කිරීමේ කැට තිබේ. දවස පුරාම ඔබ සෑම කෙනෙක්ම සිතිවිලි, වචන සහ ක්‍රියා යන බල තුන, ඉතිරි කරගෙන රැස් කර ගන්නවා, එමෙන්ම එය ඔබගේ ඉතිරි කිරීමේ කැටයයි. ඔබ මනසේ බලය, වදන් වල බලය සහ ක්‍රියාවන්ගේ බලය කෙතරම් රැස් කරගෙන තිබෙනවාද, යන සම්පූර්ණ ගිණුම තිබේ. තවද ඔබගේ ඉතිරි කිරීම් සහ වියදම් වල ගිණුම්ද, ඔබ එවනවා නේද? එබැවින් බාප්දාදා ඔබගේ ඉතිරි කිරීමේ කැට දෙස බැලුවා. මතු වන්නට ඇත්තේ කුමක්ද? ඔබගේ ගිණුමේ කෙතරම් ඉතිරි කර ඇත්ද? එක් එක්කෙනාගේ ප්‍රතිඵලය ඔහුටම වෙන් වූ එකකි. බොහෝ කැට පිරී තිබුණ නමුත් ඒවා තුළ තිබුණේ කාසි බොහොමයකි. කුඩා දරුවන් ඔවුන්ගේ ඉතිරි කිරීමේ කැටවල කාසි ඉතිරි කරන විට, ඔවුන්ගේ කැටය බොහෝ බර වෙයි. එබැවින් වචන වල ප්‍රතිඵලය තුළ බාබා විශේෂයෙන්ම මෙය බොහෝ සේ දුටුවා. ඔබ සිහිකිරීමට අවධානය යොමු කරන නමුත් වදන් වලට ඔබ එතරම්ම අවධානය යොමු කරන්නේ නැහැ. එබැවින්, මේ වසරේ, වදන් සහ ක්‍රියා යන බල දෙකම ඉතිරි කිරීමට උපක්‍රමයක් නිර්මාණය කරන්න. රජයද විවිධ ඉතිරි කිරීමේ යෝජනා ක්‍රම නිර්මාණය කරනවා නේද? ඔව් සැබවින්ම ප්‍රධාන වන්නේ සිතිවිලි බලය කියා ඔබ සියලු දෙනාම දන්නවා. කෙසේවෙතත්, සිතිවිලි බලය සමඟම වචන සහ ක්‍රියාද විශේෂයෙන් සම්බන්ධයි, මන්ද, ඒවා නෑ සබඳතා තුළ පැහැදිලිව දිස් වෙයි. සිතිවිලි අදෘෂ්‍යමානයි, නමුත් මේවා පැහැදිලිව පෙනෙයි. ඔබගේ වචන ඉතිරි කිරීමට ක්‍රමවේදය වන්නේ අඩුවෙන් කතා කරන්න, මිහිරිව කතා කරන්න සහ ගෞරවාන්විතව කතා කරන්න. බ්‍රහ්ම පියා, තරුණ, මහළු සියලු දෙනාව ඔහුට අයත් කරගත්තේ ඔවුන්ට ගෞරවය ලබා දී කතා කිරීමෙන්ය. මෙම ක්‍රමවේදය භාවිත කරමින් ඔබ වැඩියෙන් ඉදිරියට ගමන් කරන තරමට, වඩාත් විගසින් ජයග්‍රාහී මාලාව සූදානම් වෙයි. එසේ නම් ඔබ මේ වසරේ කරන්නට යන්නේ කුමක්ද? සේවය සමඟම, සේවය කරන අතර ඔබ විශේෂයෙන් මෙම බල රැස් කරගත යුතුයි.

ඔබ සියලු දෙනාම සේවය වෙනුවෙන් හොඳම සැලසුම් සාදා තිබේ. දැන් පවා සැලසුම් වලට අනුව, සෑම තැනකම සිදුවෙමින් පවතින සේවය භාරතයේ හෝ විදේශයන් වල වුවද, හොඳයි, එමෙන්ම ඔබ නොකඩවා හොඳ සේවයක් සිදු කරයි. ඔබ ඊලඟ ප්‍රතිඵලයට වඩා හොඳ ප්‍රතිඵලයක් නිර්මාණය කිරීමේ සුබ පැතුම් වලින් අඛණ්ඩව ඉදිරියට ගමන් කරන ආකාරයටම, සේවයේදි, තමන්ව සහ අන් අයව තෘප්තිමත් කිරීමේ විශේෂ සාමූහික සිතිවිල්ලද තිබිය යුතුයි, මන්ද, තුන් ආකාරයක සේවාවක් එකවර සිදුවෙයි 1. තමන් සමඟ තෘප්තිමත් වීම, ස්ව-සේවය මෙයයි. 2. සමූහයේ තෘප්තිමත් බව, පවුලේ අයට කරන සේවයයි. 3. ලෝකයේ ජීවාත්මයන්ට භාෂාව (වදන්) හෝ වෙනත් ක්‍රමවේදයකින් සේවය කිරීම. තුන් ආකාරයක සේවය එකවර සිදුවෙයි. ඔබ කුමන වැඩ සටහනක් නිර්මාණය කළත් එය තුළ තුන් ආකාරයක සේවය මුසු වී තිබේ. ලෝක සේවයේ ක්‍රමවේදය සහ ප්‍රතිඵලයට ඔබ අවධානය යොමු කරන ආකාරයටම, ස්ව-සේවය සහ සමූහයේ සේවය යන අනෙක් දෙයාකාරයේ සේවයට, තුනම (සිතිවිලි, වචන සහ ක්‍රියා) බාධක වලින් නිදහස්ව තිබිය යුතුයි, ඔබට සේවයේ අංක එකේ සාර්ථකත්වය තිබෙන බව පැවසෙන්නේ එවිට පමණයි. තුනේම සාර්ථක වීම යනු අංකයක් හිමි කරගැනීමය. මේ වසරේ එකවර තුන් ආකාරයේම සේවයේ සාර්ථකත්වය ඇති කර ගන්න. මෙම බෙර හඬ වයන්න. බෙර හඬ වැයෙන්නේ එක කොණක පමණක් නම්, හඬ කුම්භකරණගේ (නිදා සිටින යෝධයා) දෙසවනට ලඟා නොවෙයි. මෙම බෙර හඬ සියලු දිශා වල වැයෙන විට, සියලු කුම්භකරණයන් අවදි වෙයි. වර්තමානයේ එක්කෙනෙක් අවදි වන අතර තව කෙනෙක් නින්දට යයි දෙවැන්නා අවදි වන විට, තුන්වැන්නා නින්දට යයි. ඔවුන් ටිකක් අවදි වී මෙය හොඳ බව පවසා ඉන්පසුව නැවතත් නිදා ගනී. කෙසේවෙතත්, ඔවුන් අවදි වී, වචන වලින් හෝ ඔවුන්ගේ මනසින් ඔහෝ ප්‍රභූ! (පරමාත්ම දෙවියන් කෙතරම් ආශ්චර්යමත්ද!) කියා, ඔවුන්ගේ විමුක්තියේ උරුමය හිමිකරගත් විට පමණයි, නිමාව සිදු වන්නේ. විමුක්තියේ උරුමය ඔවුන්ට හිමි කරගැනීමට හැකි වන්නේ ඔවුන් අවදි වූ විට පමණයි. එබැවින් ඔබ කළ යුත්තේ කුමක්ද කියා ඔබට වැටහෙනවාද? එකිනෙකා සමඟ සහයෝගී වන්න. අන් අයව ආරක‍්ෂා කිරීමෙන් ඔබ තමන්ව ආරක‍්ෂා කරයි, එනම්, ඔබගේ ගිණුමේ ඉතිරි කිරීමට ඔබට හැකි වෙයි.

සේවයේ සැලසුම් සමඟ ඔබ අන් අයව සමීප සම්බන්ධතාවයකට ගෙන එන තරමට, ඒ තරමින් සේවයේ ප්‍රතිඵල ප්‍රායෝගික අන්දමකින් දිස් වෙයි. ඔබ පණිවිඩයක් ලබා දීමේ සේවය සිදු කරමින් සිටි අතර ඔබ එය අඛණ්ඩව කළ යුතුයි, නමුත් මේ වසරේ ඔබ පණිවිඩය ලබා දෙනවාට අමතරව ඔවුන්ව සහයෝගීද කළ යුතුයි, එනම්, ඔවුන්ව සමීප සම්බන්ධතාවයකට ගෙන එන්න. ඔබ ඔවුන් ලවා පෝරමයක් පුරවනවා, එමෙන්ම එය ඒ අන්දමින්ම පැවතෙයි, නමුත් මේ වසරේ ඉදිරියට යන්න. ඔවුන් ලවා පෝරමයක් පුරවන්න, නමුත් එය එතනින් නතර නොකරන්න ඔවුන්ව සබැඳියාවකට ගෙන එන්න. ඔවුන් සමඟ සම්බන්ධතාවයක් ඇති කිරීම සඳහා පුද්ගලයාගේ අවශ්‍යතාවයට අනුව සැලසුම් නිර්මාණය කරන්න. ඔබ කුඩා වැඩසටහන් පැවැත්වුවත්, මෙය ඔබගේ අරමුණ කරගන්න. පැයකට පමණක් හෝ පෝරමය පුරවන වෙලාවට පමණක් ඔවුන්ව සහයෝගී කරනවා වෙනුවට, සහයෝගය ලබා දී ඔවුන්ව සමීපයට ගෙන එන්න. ඔවුන් සමඟ සබඳතාවයක් ගොඩනගා ගන්න. එවිට ඔබ තව ප්‍රගතිය ලබන විට, සේවයේ ස්වරූපය වෙනස් වෙයි. තමන් වෙනුවෙන් කිසිම දෙයක් කිරීමට ඔබට අවශ්‍ය නොවෙයි. ඔබ සමඟ සම්බන්ධ වී ඇති මිනිසුන්, ඔබ වෙනුවෙන් කතා කරයි ඔබට තිබෙන්නේ ආශිර්වාද සහ ද්‍රිෂ්ඨි ලබා දීම පමණක් වෙයි. මෙකල ඔවුන් ශංකරාචාර්යව ආසනයක් මත ඉන්දවන සේම, ඔවුන් ඔබව පිදුම් ලැබීමට සුදුසු අසුනක ඉන්දවයි - රිදී පුටුවක නොවෙයි. කෙත සූදානම් කිරීමට ඔවුන් උපකරණ වන අතර ඔබට තිබෙන්නේ ඔබගේ ද්‍රිෂ්ඨියෙන් බීජ වැපිරීම, ආශිර්වාදයේ වචන කිහිපයක් පැවසීමයි, හෙළිදරව්ව එවිට සිදු වෙයි. එයින් ඔබ තුළින් පරම පියා දිස්වෙයි, එමෙන්ම පියාගේ ද්‍රිෂ්ඨියෙන් සහ ඔහුගේ සෙනෙහසේ අත්දැකීමෙන් හෙළිදරව්වේ හඬ ඇසීම ආරම්භ වෙයි.

ඔබ දැන් සේවයේ ස්වර්ණ ජුබිලිය සම්පූර්ණ කර ඇත. දැන් අන් අය සේවය කරන අතර ඔබ නරඹන්නන් වීමෙන් පමණක් සතුටු වෙයි. නිදසුනක් ලෙස පාප් වහන්සේ කරන්නේ කුමක්ද? ඔහු එතරම් විශාල සමූහයකට ද්‍රිෂ්ඨි ලබා දී ආශිර්වාදයේ වදන් ස්වල්පයක් පවසයි. දීර්ඝ දේශන ලබා දීමට වෙනත් අය උපකරණ වෙයි. පරම පියා ඔබට මෙම දේවල් පවසා ඇති බව ඔබ කියන අතර අන් අය මෙසේ කියයි මේ මිනිසුන් පවසා ඇති සියලු දේවල්, පියාගේ වදන්ය එවැනි කිසිවෙක් නොමැත. එබැවින්, එවන් හස්ත ක්‍රම-ක්‍රමයෙන් සූදානම් වෙයි. මධ්‍යස්ථාන බලා ගැනීමට හස්ත සූදානම් වී තිබෙනවා නේද? ඒ අන්දමින්ම අත්දැකීම් ලබා, ඉන්පසුව ඔබ වෙනුවෙන් කතා කිරීමට වෙනත් අය මතු වෙයි. ඔවුන් ඔබව වර්ණනා කිරීම පමණක් කරන අය නොවෙයි, නමුත් ඔවුන් ඥානයේ ගැඹුරු කරුණු පැහැදිලි කිරීමට සහ මෙම දේවමය ඥානය නිවැරදි බව ඔප්පු කිරීමට උපකරණ වෙයි. කෙසේවෙතත්, මෙය සිදු වීමට, එවන් ආදරණීය සහ සහයෝගී මිනිසුන් සමඟ සම්බන්ධ වී ඉන්පසුව ඔවුන් සමඟ සබැඳියාවක් ඇති කරගන්න. මේ මුළු ව්‍යාපෘතියේම අරමුණ වන්නේ, ඔබ ශක්තිය බවට සහ ඔවුන් මයික් බවට පත්වන අන්දමට ඔවුන්ව සහයෝගී කරවීමයි. මෙම සහයෝගිතා සේවයේ අරමුණ වන්නේ, තමන්ගේම අත්දැකීම්වල පදනමට අනුව, ඔබගේ සහ පරම පියාගේ ඥානය හෙළිදරව් කරන මයික් සූදානම් කිරීමයි. පහසුවෙන් සහ ඉබේටම අන් අය මත බලපෑමක් ඇති කරන මයික් සූදානම් කරන්න. සේවයේ අරමුණ කුමක්ද කියා ඔබට වැටහෙනවාද? ඔබ පවත්වා ඇති මේ සියලුම වැඩසටහන් වලින් උපුටා ගන්න වෙඬරුව කුමක්ද? බොහෝ සේවය කරන්න. කෙසේවෙතත්, මේ වසරේ, පණිවිඩයක් ලබා දීම සමඟම එයට මෙම එකතුවද කරන්න. එවන් වටිනා අය කවුරුන්ද කියා බැලීමට ඇස විවරව තබාගන්න, එමෙන්ම විටින් විට, විවිධ ආකාර වලින් ඔවුන්ව සම්බන්ධතාවයකට ගෙන එන්න. ඔබ එක වැඩසටහනක් පවත්වා ඉන්පසුව තව එකක්ද, පසුව තව එකක්ද පැවැත්වූ අතර ප්‍රථම කණ්ඩායමේ මිනිසුන් එතැනම සිටි අතර අවසන් වැඩසටහනේ අය ඉදිරියට පැමිණීම නොවෙයි සිදු විය යුත්තේ. මෙහිද රැස් කරගැනීමේ බලය සමඟ (සම්බන්ධ වූ අය සමඟ) ඔබ අත්හදා බැලිය යුතුයි. සෑම වැඩසටහනකින්ම අඛණ්ඩව රැස් කරගන්න, එවිට අවසානයේ, ඔබ සමඟ නෑ සබඳතාවයක් ඇති අයගේ මාලාවක් සකස් වෙයි. ඔබට වැටහෙනවාද? තව ඉතිරිව තිබෙන්නේ කුමක්ද? බාබාව මුණගැසීමේ වැඩසටහන.

මේ වසරේ, මාස හයක සේවයේ ප්‍රතිඵල දැකීමට බාබා කැමතියි. සේවය සඳහා ඔබ නිර්මාණය කර ඇති සැලසුම් කුමක් වුවත්, සෑම තැනකම සිටින සියලු දෙනා සමඟ සහයෝගී වී, සේවය කිරීමට වටේ සංචාරය කරන්න. තරුණ, මහළු සියලු දෙනා තුළම උනන්දුව සහ උද්යෝගය ඇති කර, තුන් ආකාරයේම සේවයෙන් ඔවුන්ට ඉදිරියට යාමට සලස්වන්න. මේ නිසයි බාප්දාදා රාත්‍රිය දහවල බවට පරිවර්ථනය කරමින්, ඔබට මේ වසරේ සම්පූර්ණයෙන්ම සේවය කළේ. තුන් ආකාරයේම සේවයේ ඵලය බුදින වසර මෙයයි. මේ වසර තිබෙන්නේ, මෙහි පැමිණීමට නොවෙයි, එය ඵලය බුදින වසරයි. (ඒ වසරේ මධුබාන් වාරයක් නොපැවැත්වීමට නියමිතව තිබුණා). මේ වසරේ ඔබට මෙහි පැමිණීමට කිසිවක් නියම කර නැහැ. පරම පියාගේ සකාශ් (ආලෝකයේ සහ බලයේ සූක‍්ෂම කිරණ) නිරන්තරයෙන් ඔබ සමඟයි. නාටකයේ නියම වී ඇති දේ පිළිබඳව ඔබට පවසා ඇත. නාටකය විසින් පිළිගන්නා දේ ඔබ විසින්ද පිළිගත යුතුයි. බොහෝ සේවය කරන්න. ප්‍රතිඵල මාස හයකින් පෙනෙයි. දැන් පරම පියාගේ ආශා ඉටු කිරීමට සැලසුමක් සාදන්න. ඔබ කොහේ බැලුවත්, ඔබ කවුරුන් දැක්කත්, සෑම කෙනෙකුගේම සිතිවිලි, වචන සහ ක්‍රියා පියාගේ බලාපොරොත්තුවේ පහන් දල්වන ඒවා විය යුතුයි. පළමුව මෙහි නිදසුන මධුබාන් වල පෙන්වන්න. ප්‍රථමයෙන් ඉතිරි කිරීමේ යෝජනා ක්‍රමයේ ආකෘතියක් මධුබාන් වල සාදන්න. පළමුව මෙම බැංකුවේ රැස් කරගන්න. සියලුම මධුබාන් නිවැසියන්ට ආශිර්වාද ලැබී තිබේ බාබාව මුණගැසීමට ඉතිරි වී සිටින කිහිප දෙනෙක් තවමත් සිටින අතර මේ වසරේ එය විගසින් සම්පූර්ණ වනු ඇත, මන්ද පියා තුළ ඔහුගේ සියලුම දරුවන් කෙරෙහි සෙනෙහස තිබේ. ඇත්ත වශයෙන්ම සෑම දරුවෙකුටම සෑම පියවරකදීම පියාගෙන් ආශිර්වාද ලැබෙයි. තම හදවත් වල සෙනෙහස ඇති දරුවන්, සෑම පියවරකදීම ආශිර්වාද සමඟ ඉදිරියට ගමන් කරනවා. පියාගේ වදන්, වචන වලින් පමණක් නොවෙයි, නමුත් ඒවා මතුවන්නේ හදවතින්මයි, එමෙන්ම හදවතින් මතු වන ආශිර්වාද සෑම විටම හදවතේ සතුට, උනන්දුව සහ උද්යෝගයේ අත්දැකීම ලබා දෙයි. හදවතින් මතුවන ආශිර්වාද වල සලකුණ මෙයයි. හදවතෙන් මතු වන ආශිර්වාද, තමන්ගේ හදවත් තුළට ධාරණය කරගත් අයගේ ලක‍්ෂණය වන්නේ ඔවුන් නිරන්තරයෙන් සතුටින්, උනන්දුවෙන් සහ උද්යෝගයෙන් ඉදිරියට ගමන් කිරීමයි. ඔවුන් කිසිම දෙයක් නිසා එක තැන සිර වන්නේ හෝ අවුලට පත් වන්නේ නැහැ. ඔවුන් කිසිම තැනක නතර වන්නේ නැත. ආශිර්වාද තුළින් ඔවුන් නොකඩවා පියාසර කරන අතර අන් සියලු දේ පහළ දමා යයි. අතුරු ජවනිකා වලට වත් පියාසර කරන අයව නතර කළ නොහැක.

අද දින බාප්දාදා, මේ වසරේ සේවය කර ඇති දරුවන්ට, වෙහෙස නොබලා තම හදවත් වලින් සේවය කළ අයට, සුබ පතනවා. සේවාධාරීන්ට විශේෂ සුබ පැතුම්. ඔබ මධුබාන් වලට පැමිණ මධුබාන් වල අලංකාරය විය. මධුබාන් වල සැරසිල්ල වී ඇති දරුවන්ට බාප්දාදා සුබ පතනවා. වගකීම් දරණ උපකරණ වන ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ටත් සුබ පැතුම් ලබා දෙනවා, ඔවුන්ද පියා හා සමානව නිරන්තරයෙන් වෙහෙස නොබලා, ඔවුන්ගේ සේවයෙන් සියලු දෙනාව නැවුම් කරවයි. රථයටත් සුබ පැතුම්. සෑම තැනකම සිටින සේවාධාරී දරුවන්ටද සුබ පැතුම් බාධක වලින් නිදහස්ව සිටිමින් ඔබ ඉදිරියට ගමන් කරමින් හිඳ ඇති අතර ඒ ආකාරයෙන්ම ඔබ නොකඩවා ඉදිරියට ගමන් කළ යුතුයි. මෙහි පැමිණ ඇති මේ දේශයේ සහ විදෙස් වල සියලු දරුවන්ට සුබ පැතුම්, එමෙන්ම ඔබගේ නැවුම්තාවයට සුබ පැතුම්, කෙසේවෙතත්, මෙම නැවුම් බව මාස හයකට පමණක් තබා නොගන්න, එය සදාකාලිකව තබා ගන්න. නැවුම් බව ගැන කියන විට, තව වැඩියෙන් නැවුම් වීමට නොපැකිලව මෙහි පැමිණෙන්න, මන්ද, සියලුම දරුවන්ට සෑම විටම පියාගේ උරුමයට අයිතියක් තිබෙනවා. පියා සහ සම්පත් සෑම විටම ඔබ සමඟ තිබෙන අතර ඉදිරියටත් සෑම විටම ඔබ සමඟ තිබෙයි. වැදගත් බව පවසා ඇති දේවලින් සරළව තමන්ව නිදසුනක් බවට පත් කරගෙන, මෙම විභාගයෙන් වැඩිපුර ලකුණු ලබා ගන්න. අන් අය කරන දේවල් දෙස නොබලා තමන්ව නිදසුනක් බවට පත් කරගන්න, මන්ද, එයට මුල පුරන ඕනෑම කෙනෙක් අර්ජුනය, එනම්, අංක එකය. බාප්දාදා ඊලඟට පැමිණෙන විට, සුරදූතයන්ගේ ක්‍රියා, සුරදූතයන්ගේ වචන, සහ සුරදූතයන්ගේ සිතිවිලි, සෑම විටම සියලු දෙනා තුළම දිස් විය යුතුයි. සමූහය තුළ එවන් පරිවර්ථනයක් දිස් විය යුතුයි. සුරදූතයන්ගේ වදන් සහ ක්‍රියා කෙතරම් අසහායද කියා සියලු දෙනාම අත්විඳිය යුතුයි. මෙම පරිවර්ථනයේ උත්සවය බාප්දාදාට දැකීමට අවශ්‍යයි. ඔය සෑම කෙනෙක්ම එක දවසකට හෝ තමන්ගේ වදන් පටිගත කරන්නේ නම්, මේ සියලු දේ ඔබට ඉතා පැහැදිලිව වටහාගැනීමට හැකි වෙයි. ටිකක් පරීක‍්ෂා කර බලන්න, එවිට කෙතරම් අපතේ යනවාද කියා ඔබ පැහැදිලිව දැනගනීවි. භෞතික පටිගත කිරීමකින් නොව, මනසේ ටේප් යන්ත්‍රයෙන් එය පරීක‍්ෂා කරන්න. සාමාන්‍ය වචනත් නිෂ්ඵල ගිණුමේ රැස් වනවා. වචන 4ක් වෙනුවට ඔබ 24ක් කතා කරන්නේ නම්, 20 අයත් වන්නේ කුමන වර්ගීකරණය යටතේද? එබැවින් ඔබගේ ශක්තිය ඉතිරි කරගන්න, එවිට ඔබ පවසන වචන දෙකක ආශිර්වාදය, පැයක දේශනයක කාර්යය කරාවි. අච්චා.

තමන්ව මුළුමනින්ම කැප කරන සියලුම ආධ්‍යාත්මික සලබයන්ට, පරම පියාට සමාන වීමේ අධිෂ්ඨානයෙන් ඉදිරියට ගමන් කරන සියලුම විශේෂ ජීවාත්මයන්ට, තම පියාසර ස්ථීතියෙන් නිරන්තරයෙන් සියලු අතුරු ජවනිකා තරණය කරන ආලෝකමත් සහ සැහැල්ලු දරුවන්ට, ආධ්‍යාත්මික දැල්ල වන බාප්දාදාගෙන් සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

වරදානය:
ඔබට විශ්වාසයෙන් පිරි බුද්ධියක් තිබී ඔබගේ හිතකාමී හැඟීම් වලින් සියලු ජීවාත්මයන්ගේ සංස්කාර පරිවර්ථනය කරත්වා.

ඔබගේ බුද්ධිය තුළ පරම පියා කෙරෙහි 100%ක විශ්වාසයක් තිබේ, එබැවින් කෙනෙක් ඔබව කෙතරම් චංචල කිරීමට වෙර දැරුවත් ඔවුන්ට එය කළ නොහැක. ඒ ආකාරයෙන්ම, දිව්‍යමය පවුලේ හෝ ලෞකික සමාජයේ ජීවාත්ම ඔබට කුමනාකාරයේ ප්‍රශ්න පත්‍රයක් ලබා දුන්නත්, ඔවුන් කෝපයට පත් වී ඔබට විරුද්ධ වී, නින්දා හෝ අපහාස කළත්, ඔවුන්ට ඔබව චංචල කළ නොහැක. මේ සඳහා සියලු ජීවාත්ම වෙනුවෙන් හිතකාමී හැඟීම් පවත්වා ගන්න, එවිට මෙම හැඟීම් ඔවුන්ගේ සංස්කාර පරිවර්ථනය කරයි. මෙහිදි ඔබ නොඉවසිලිවන්ත නොවිය යුතුයි. නිවැරදි වෙලාවට අනිවාර්යෙන් ඵල මතු වෙයි - මෙය නාටකයේ නියම වී තිබේ.

පාඨය:
පාරිශුද්ධත්වයේ බලයෙන් ඔබගේ සිතිවිලි, පිරිසිදු සහ පිවිතුරු මෙන්ම ඥානයෙන් පිරිපුන් කරගෙන, ඔබගේ දුර්වලතා අවසන් කරන්න.