03.11.23 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ග්‍යාන් සහ යෝගා බලයෙන් වාතාවරණය පිරිසිඳු කරගන්න. ස්ව-දර්ශන චක්‍රය මඟින්
මායාව ජය ගන්න.
ප්‍රශ්නය:
ජීව සත්තාවන්
කෙදිනකවත් බ්‍රහ්මාලෝකය තුළ ගිලී අතුරුදන් නොවන බව ඔප්පු කරන එකම සාධකය කුමක්ද?
පිළිතුර:
මෙවැනි සඳහනක් ඇත: පූර්ව නියමයන් අනුව සිදුවන දේ සිදු වේ. ඒ නිසා නිසැකවම සෑම
ජීවාත්මයක්ම තමාට නියමිත චරිත කොටස නැවත රඟපායි. අතුරුදන් වීමක් වේ නම්, එම කොටසත්
එතැනින් අවසන් වනු ඇත. එසේ වු විට නාටකය සදාතනික යැයි කීම ද සාවද්‍ය වේ. ජීවාත්මයක්
පරණ ඇඳුම ඉවත් කර අළුත් ඇඳුමක් ලබා ගනී. එය කුමකවත් ගිලී නොයයි.
ගීතය:
අහෝ ඈත දනව්වේ
මඟියාණනි!
ඕම් ශාන්ති.
මෙම ගීතය අන් අයට තෝරා දෙන යෝගී සහ ග්‍යානි අය එය නිරවද්‍ය ලෙසම තේරුම් ගෙන තිබිය
යුතුයි. සියලුම මනුෂ්‍යයින් සොහොනෙහි වැළලෙයි. එනම්, තම ආලෝකය නිවීමට පත් වු සහ
තමෝප්‍රධාන් වු අය එසේ වේ. නව ලොව ස්ථාපනය කරන, එය පවත්වාගෙන යන අය උපතින් උපත
පැමිණ ඔවුන්ගේ උපත් සියල්ල සම්පුර්ණ කර ඇත. මුල සිට අග තෙක්ම ස්ථාපනය වු ආගම් ගණන්
කළ හැක. සීමිත නාටකවල නිර්මාණකරුට, අධ්‍යක්‍ෂකට සහ ප්‍රධාන නළුවාට විශාල සැළකීමක්
ඇත. ඔවුන්ට බොහෝ තෑගි ද ලැබේ. ඔවුන් ඔවුන්ගේ කාන්තිමත් බව පෙන්වයි. ඔබේ කාන්තිය නම්
ඥාන සහ යෝගායි. මරණය ඉදිරියෙන්ම ඇති බව, මෙම නාටකයේ දී උපත් කොපමණ ගන්නවාද හෝ කොහේ
සිට පැමිණියාද යන්න මිනිස්සු නොදනී. ඔබටත් මටත් සියලු උපත්වල විස්තර ගත නොහැකියි.
කොහොමනමුත්, මෙකල අනාගතය සඳහා අපි උත්සාහවන්ත වෙමින් සිටිමු. ඔබ දේවී දේවතාවරුන්
බවට පත්වෙන නමුත් කුමන තරාතිරම් ලබා ගන්නේද? ඔබට ඒ සඳහා උත්සාහය අවශ්‍ය වේ. ලක්ෂ්මී
හා නාරායන් උපත් 84ක් ගෙන ඇති බව ඔබ දනී. ඔවුන් නිසැකයෙන්ම රජ සහ රැජින ලෙස පත් වේ.
ඔබ ඔවුන්ගේ ස්වරූපය දනී. බාබා ඔබට ප්‍රායෝගික ලෙසින් දර්ශන දෙයි. භක්ති මාර්ගයේ
මිනිසුන්ට දර්ශන ලැබේ. ඔවුන්ට දර්ශන ලැබෙන්නේ ඔවුන් අදහන අය ගැනය. ඔවුන් නිල්
ක්‍රිෂ්ණා මත භාවනා කළොත් ඔවුන්ට ලැබෙන්නේ එම දර්ශනයි. නමුත් ක්‍රිෂ්ණා එසේ නොවේ.
මිනිසුන් මේවා ගැන කිසිවක් නොදනී. ඔබ මෙහිදි ප්‍රායෝගික තත්ත්වයෙන් සිටී. ඔබ ඔහුව
දකින්නේ සුක්‍ෂම කලාපයේදීත් පාරාදීසයේදීත්ය. ඔබට ජීවාත්මයක් හා පරම සත්‍ය වු
දෙවියන් පිළිබඳ ඥානය ඇත. මිනිසුන්ට ඇත්තේ ජීවාත්මයේ දර්ශන පමණි. ඔබට දැක්මක් ඇති
හැම දෙයක් ගැනම ඥානය ඔබට ඇත. පිටස්තර අයට එම ඥානය නැත. ඔවුන් කියන්නේ ජීවාත්මය යනු
දෙවියන් කියලයි. ඇත්තටම ජීවාත්මය තරුවක් වැනිය. බොහොමයක් ඒවා දැකිය හැකියි.
මනුෂ්‍යයින්ගේ ගණනටම ජීවාත්මයන් ද ඇත. කෙනෙකුගේ ශරිරය මේ ඇස් වලින් දැකිය හැකි වුවද
ජීවාත්මයක් දැකිය හැක්කේ දිව්‍යමය ඇස් වලිනි. මිනිසුන් ලොකු කුඩා වුවත් ජීවාත්මයක්
එසේ නොවේ. ඒවා එකම ප්‍රමාණ වේ. ඉන් එකක් බ්‍රහ්මාලෝකයට එකතු වුවහොත් එම කොටස නැවත
රඟපාන්නේ කෙසේද? නියමිත දේ සිදුවෙනවා යැයි සිහිපත් විය යුතුයි. මෙම සදාතනික නාටකය
නොනවත්වා කැරකේ. ඔබ මෙය දනී. ජීවාත්ම මදුරුවන් සේ නැවත ගෙදර යයි. මදුරුවන් මේ
ඇස්වලින් දැකිය හැක. දිව්‍යමය දර්ශනයකින් මිස වෙන ලෙසකින් ජීවාත්මයක් දැකිය නොහැක.
සත් යුගයේදි ජීවාත්මයන් දැකිම අවශ්‍ය නැත. එහිදි පරණ වු ශරිරය හලා අළුත් එකක් ගන්නා
බව ඔබට තේරුම් ගත හැකිය. ඔවුන් දෙවියන්ව කිසිසේත් නොදනී. පරම සත්‍ය වු දෙවියන්
දන්නේ නම් ලෝක චක්‍රය ද දැන ගත්තා වේ. ගීතයේ ද කියැවුණා, ඔබ යන තැනට මාවත් ගෙන
යන්න, කියා. අවසානයේදි ඔවුන් බොහෝ සේ පසු තැවේ. හැම කෙනෙකුටම ආරාධනයක් ලැබේ.
ආරාධනයක් දීමට විවිධ ක්‍රම ඇත. කවුරුත් සාමය ගැන කතා කළත් සාමය යන්න කිසිවෙක්
තේරුම්ගෙන නැත. සාමය ලබා ගන්නේ කෙසේද යන්න ඔබ දනී. වංගෙඩියට දමා අබ ඇට කුඩු කරනා සේ
හැම කෙනෙකුගේම ශරිරය විනාශයේදි සුන් වී යයි. ජීවාත්මයන් සුන් නොවේ, ඒවා නැවත ගෙදර
බලා යයි. ජීවාත්මයන් මදුරුවන් සේ නික්ම යන්නේ යැයි ලියැවී ඇත. සියලු පරමාත්මයන්
නික්ම යන්නේ යැයි කතාවක් නැත! මිනිසුන් කිසිවක් තේරුම් ගන්නේ නැත. ජීවාත්මයේත්
පරමාත්මයේත් අතර වෙනස ඔවුන් නොදනි. සියලු දෙනාම සහෝදරයින් යැයි කියනවා සේම එසේ
ජීවත් වීම ද කළ යුතුයි. සත් යුගයේ දී සියලු සහෝදරයිනුත්, සහෝදර සහෝදරයිනුත් කිරි
පැණි සේ ජීවත් වෙනවා යැයි ඔවුන් නොදනී. ලුනු වතුර ප්‍රශ්නයක් එහි නැත. මෙහිදී වරක
ඔවුන් කිරි පැණි සේ වන අතර ඊළඟ මොහොතේ ලුනු වතුර සේ වේ. එක අතකින් චීනුන් සහ
හින්දූන් සහෝදරයින් යැයි කියන අතර පඹයින් හදමින් ඔවුන් පිළිස්සීම ද දිගටම කරයි.
භෞතිකව සහෝදරයින් අතර තත්ත්වය පවා බලන්න! ආධ්‍යාත්මික සබඳතාවය ගැන කිසිසේත්ම නොදනී.
පියා තේරුම් කරයි ඔබ ජීවාත්මයක් යැයි සැළකිය යුතුයි. ශරිර අවධානය තුළ සිර නොවන්න.
සමහරුන් එසේ සිර වේ. පියා මෙසේ කියයි ඔබ ඔබේම ශරිරයත් ඇතුළුව සියලු සබඳතා අත්හල
යුතුව ඇත. ඇත්තෙන්ම ඔබ උත්තරිතර දනව්වේ අයයි. ඔබේ කොටස කරන්නට පැමිණි තැන සිට ඔබ ආ
තැනටම නැවත යා යුතුව ඇත. අනතුරුව මම ඔබව සතුට කරා යවමි. එහෙයින් පියා මෙසේ කියය ඔබ
ඊට සුදුසු සේ වටිනා බවට පත් විය යුතුව ඇත. දෙවියන් රාජධානියක් හදමින් සිටී.
ක්‍රිස්තූන්හට රාජධානියක් නොතිබිණි. පසුව තමයි රාජධානියක් සෑදිය හැකි තරම්
ක්‍රිස්තියානිවරු ඇති වුයේ. මෙහිදි සත් යුගය බිහි වන්නේ එසැනින්ය. එය එතරම් පහසුය.
සත්‍ය ලෙසින්ම දෙවියන් පැමිණ ස්ථාපනය සිදුකර ඇත. ක්‍රිෂ්ණාගේ නම ඇතුලත් කර ඇති නිසා
ඔවුන් සියල්ල පටලවාගෙන ඇත. පුරාණ රාජයෝගා ඥානය ගීතාවේ සඳහන්ය. එය අතුරුදන්
(Disappear) විය. ඉංග්‍රීසි පද හොඳයි. බාබා ඉංග්‍රීසි නොදනී යැයි ඔබ කියන්නට ඉඩ ඇත.
බාබා මෙසේ අසයි මම හැම භාෂාවෙන්ම කොච්චර කතා කරන්නද? ප්‍රධාන හින්දි භාෂාවයි. ඉතින්
මම හින්දියෙන් මුරලි කියමි. මා උපයෝගි කර ගන්නා ඇඟ අයිති අයගේ භාෂාවත් හින්දිය.
එමනිසා, මම ද ඔහු කතාකරන භාෂාවම කතා කරමි. මා වෙනත් භාෂාවකින් ඉගැන්වීම් කරන්නේ
නැත. මම ප්‍රංශ කතා කළා නම්, මොහු තේරුම් ගන්නේ කෙසේද? ප්‍රධාන ප්‍රශ්නය මෙයා
(බ්‍රහ්මා) සම්බන්ධවයි. පළමුවෙන්ම ඔහුට තේරුම් යා යුතුයි. මම තවත් කෙනෙකුගේ ශරිරය
ගන්නේ නෑ. ගීතය කියන්නේ, ’ඔබත් සමඟ මාවත් ගෙන යන්න‘. පියා හෝ ඔහුගේ නිවස ගැන
කිසිවෙක් නොදනී. ඔවුන් දිගින් දිගටම බොරු කියයි. මිනිසුන්ට අනේකවිධ අදහස් ඇති අතර
නූල පැටලෙන්නේ ඒ නිසාය. බලන්න, පියා වාඩි වී සිටින හැටි! මේ පිට පතුල් කාගේද? (ශිව
බාබාගේය) ඒවා මගේ පිට පතුල්ය, මා ඒවා ණයට දී තිබේ. ශිව බාබා ඒවා තාවකාලිකව භාවිත
කරනවා පමණයි, එහෙත් ඒවා මගේ පිට පතුල්ය. ශිව කෝවිලේ ඔවුන් පිට පතුල් නොපෙන්වයි,
ක්‍රිෂ්ණාගේ නම් පෙන්වයි. ශිවා ඉහළම ඉහළ කෙනා නිසා ඔහුගේ පිට පතුල් කොහෙන් එන්නද?
ඔව් ශිව බාබා එය ණයට ගන්නා අතර බ්‍රහ්මාගේ ද වේ. කෝවිල්වල ඔවුන් පෙන්වන්නේ ගවයෙකි.
ඔහු ගවයෙක් මත යන්නේ කෙසේද? මනුෂ්‍ය ශරිරයක් භාවිත කරන්නේ ජීවාත්මයයි (Saligram).
පියා මෙසේ කියයි මා ඔබට කියා දුන් ඥානය අතුරුදන් වී ඇත. පිටි ගෝනියක ලුනු කුඩක් සේ
එය පවති. කිසි කෙනෙකුට එයින් තේරුම් ගත නොහැකිය. මා පැමිණම කතාකර එහි සාරාංශය ඔබට
කියා දිය යුතුය. මා ඔබට ශ්‍රීමත් සහ ලෝක චක්‍රයේ රහස් විස්තර කර ඇතත් ඔවුන්
ස්ව-දර්ශන චක්‍රය දේවි දේවතාවන් අතට දී ඇත. ඔවුන්ට කිසිදු ඥානයක් නැත. මේ සියල්ල
ඥානය පිළිබඳ කරුණු කාරනා වේ. මායාගේ හිස ගසා දමන ස්ව-දර්ශන චක්‍ර ඥානය ජීවාත්මයන්
ලබා ගනියි. ඉක්බිතිව ඔවුන් ස්ව-දර්ශන චක්‍රය යක්ෂයින් වෙත දමා ගසනවා පෙන්වයි. ඔබ
ජයග්‍රහණය ලබන්නේ මෙම ස්ව-දර්ශන චක්‍රය නිසාය. එක් යුගයක සිදු වු දෙය ඊළඟ යුගයට ගෙන
යාම ඔවුන් කර ඇති දෙයයි. ඔබ අතරිනුත් ඉතාම ටික දෙනෙක් පමණයි කලාතුරකින් හෝ මේවා හරි
හැටි ලබා අන් අයට ද ලබා දෙන්නේ. ඥානය ඉතා උසස්ය. ඒ සඳහා කාලයක් ගත වේ. අවසානයේදි
ඔබට ඇත්තේ ඥාන සහ යෝගා බල වේ. මෙය නාටකයේ නියමිතය. එසේ වු අයගේ බුද්ධිය දිගටම
නීරෝගී වෙමින් පවතියි. ඔබ වටපිටාව පිවිතුරු කරයි. මේ ඥානය එතරම්ම සැඟවුණු එකකි.
අජාමීල් වැනි පව්කාරයින් පවා එසවුණු බව ලියැවී ඇත. නමුත් එහි තේරුම කිසිවකු නොදනී.
ඔවුන්ගේ විශ්වාසය ජීවාත්මය බ්‍රහ්ම ලෝකය තුළ ගිලී යන බවයි, හෝ සාගරයේ ගිලී ගිය
බවයි. පාණ්ඩවයින් පස් දෙනා හිමාලයේ දිය වී ගොස් මුලුමණින්ම විණාශ වු බවයි. එක
අතකින් ඔවුන් රාජයෝගා ඉගෙන ගත් බව කියා ඊට පසු නිරුද්ධ වීමක් ගැන කියයි. ඊළඟට ඔවුන්
පෙන්වා දි ඇත්තේ ක්‍රිෂ්ණා බෝ කොලයක් මත ඇඟිල්ල උරමින් පාවී ආ බවයි. මෙහි තේරුමවත්
ඔවුන් නොදනී. ඉන් නිරූපණය කළේ මාළිගාවක් සේ සැපවත් දරුගැබයි. ළදරුවෙක් ඇඟිලි උරන එක
සාමාන්‍ය දෙයක්. එක තැනකට නියමිත දේ වෙනත් තැනකට ගෙන ගොස් ඇත. කියන්නේ මොනවා වුණත්
මිනිසුන් එය, ’ඇත්තයි, ඇත්තයි‘ යනුවෙන් බාර ගනියි. සත් යුගය කිසිවෙක් නොදනී. යමක්
නොතිබුණා නම් එයට කියන්නේ ව්‍යාජයක් කියාය. උදාහරණයක් ලෙස, දෙවියන්ට නමක් හෝ
ස්වරූපයක් නැතැයි කියා ඔවුන් කියයි, නමුත් ඔවුන් දිගින් දිගටම වන්දනා කරති. ඉතින්,
දෙවියන් අත්‍යන්තයෙන්ම සුක්ෂමයි. එතරම්, සුක්ෂම වෙන කිසිවක් නැත. ඔහු නිරපේක්‍ෂක
කුඩා තිතකි. එනිසාමයි කවුරුත් ඔහු ගැන නොදන්නේ. අහස සුක්ෂම යැයි කීවත් ඊට අවකාශය
නම් වු ඉඩක් වශයෙන් කියැවේ. මහා භූත පහක් ඇත. ඒවායින් නිමැවුණු ශරිරයකට ඔහු පැමිණේ.
ඔහු එතරම්ම සුක්ෂමයි. ඔහු වූ කලී නිරපේක්‍ෂක කුඩා තිතකි. තරුවන් ඉතා කුඩාය. දෙවියන්
තරුවක් සේ පැමිණ මොහු සමඟ වාඩි වූ විට ඔහුට කතා කළ හැකිය. මේවා එතරම්ම සුක්ෂම කරුණු
කාරනා වේ. ගොරෝසු බුද්ධියක් ඇති අයට කිසිවක් තේරුම් ගත නොහැකිය. පියා මෙවැනි හොඳ දේ
ගැන විස්තර සපයයි. එය නාටකය අනුව ඔහු විසින් පසුගිය චක්‍රයේ දී යම් කොටසක් රඟපෑවාද
එම කොටසම දැනුදු ඉෂ්ට කරයි. බාබා සෑම දිනම පැමිණ අළුත් කරුණු කියා දෙන බව දරුවන් වු
ඔබ දනී. ඒ නිසා එය ඥානයක් නේද? ඒ නිසා ඔබ හැම දිනකම හැදෑරීම කළ යුතුයි. සිසුවෙක්
සෑම දිනකම පන්ති නොගිය විට පන්තියේදී එදා කුමක් වුණාදැයි යාළුවෙකුගෙන් අසයි. මෙහිදි
සමහරු ඉගෙනීම සම්පුර්ණයෙන්ම නවත්වයි. එය ඔහුගේ අවසානයයි. ඔවුන් කියන්නන් වාලේ
කියන්නේ ඥානය නම් වු මිණිමුතු උරුමය අනවශ්‍ය බවයි. අහෝ, ඉගෙනීම නැවතුන විට කිනම්
වටිනාකමක්ද? පියාගෙන් ලැබෙන්නේ කුමන උරුමයක්ද? අහවරයි! එය ඔවුන්ගේ වාසනාවේ නැත.
මෙහිදි කියන්නේ භෞතික දේපළ ප්‍රශ්නයක් නොවේ. ඔබ ඥානය නම් වු ධන නිධාන ලබන්නේ
උත්තරිතර පියාගෙනි. ඒ භෞතික දේපළ වැනසී යයි. එය ගැන ප්‍රීති විය නොහැකියි. ඔබ ඔබේ
උරුමය ලබන්නේ උත්තරිතර පියාගෙන් පමණි. ඔබට මිලියන ගණනකින් දේපළ තිබුණත් ඒ සියල්ල
අළු දුවිලි වී යයි. මේ කියන්නේ වර්තමානය ගැනයි. මෙසේ ලියැවී ඇත සමහර අයගේ ධනය පොළොව
තුළ වැළලෙයි. ඇතැමුන්ගේ ගිණි ගනියි... මේ සිදුවන දේ අවසානය දක්වාම දිගටම සිදු වේ.
දැන් විනාශය සිදුවිය යුතුයි. විනාශයෙන් පසු නව නිර්මාණය සිදු වේ. දැන් සිදු වෙමින්
පවතියි. එය අපේ රජ දහනයි. ඔබ තව කෙනෙක් වෙනුවෙන් කරනවා නොවෙයි. ඔබ යමක් කරන්නේද, එය
ඔබටම කරන්නකි. ශ්‍රීමත් පිළිපදින අය හිමිකරුවන් බවට පත් වේ. ඔබ නව ලෝකයේ නව භාරතයේ
අයිතිකරුවන් වේ. ඔබ හිමිකරුවන් වුයේ නව ලෝකයේය. එනම්, සත් යුගයේය. දැන් පැරණි වු
ලෝකයයි. ඔබ අලුත් ලෝකය වෙනුවෙන් උත්සාහ ගැනීමට දිරිගන්වනු ලබයි. මේවා තේරුම් ගැනීමට
ඉතා යහපත් දේය. මෙය ජීවාත්මයේ හා පරමාත්මයේ ඥානයයි ස්ව-දර්ශනයයි. ඔබේ පියා කවුද?
පියා මෙසේ කියයි මම එන්නේ, ජීවාත්මයන් නම් වන ඔබට ඉගැන්වීමටයි. ඔබ දැන් පියාගෙන්
පියා ගැන දර්ශනය ප්‍රත්‍යක්ෂ කරගෙන ඇත. පියා මෙසේ විස්තර කරයි ඔබ වූ කලී මගෙන් බොහෝ
කාලයක් වෙන්ව සිට දැන් හමු වු දරුවන්ය. ඔබ පැමිණ ඇත්තේ චක්‍රයක අවෑමෙන් ඔබගේ උරුමය
නැවත ලබා ගැනීමටයි. ඉතින්, ඔබ උත්සාහ ගත යුතු නොවේද? එසේ නොවු විට ඔබට පසු තැවීමට
සිදු වේ. බොහෝ දඬුවම් ලැබේ. මගේ දරුවන් වු පසුත් වැරදි කරන අය ගැන නොඇසිය යුතුයි!
බලන්න නාටකය තුළ බාබාට කොතරම් කොටසක් තිබී ඇත්ද? ඔහු සියලු දේ අත්හැරියේය. පියා
දැන් මෙසේ කියයි ඒ වෙනුවෙන් ඔබට අනාගත උපත් 21ක් සළකමි. පෙරදී ඔබ දානය කළේ
වක්‍රවයි. එයින් ඔබට ලැබුණේ ඊළඟ උපත සඳහා පමණි. ඔබ දැන් සෘජුවම දෙන නිසා උපත් 21කට
රක්ෂණය කරමි. සෘජු සහ වක්‍ර යන්නෙහි විශාල වෙනසක් ඇත. ඔවුන් දෙවියන් හා රක්ෂණය
වන්නේ තඹ යුගයට හා කලි යුගයටය. ඔබේ රක්ෂණය ස්වර්ණමය යුගයට හා රිදී යුගයටයි. මෙය
සෘජු නිසා ඔබට උපත් 21ක ලැබීමක් ලැබේ. අච්චා.
සුමිහිරි, ආදරණීය වූ
බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වී සිටින, දරුවන් වන ඔබ හට, අනුපිළිවලින්
ඔබගේ උත්සාහයේ තරමට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක්
ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. සදාතනික
පියාගෙන් නොනැසෙන ඥාන ධන සම්පත ගෙන, වාසනාවන්ත වන්න. හැමදාම නව දැනුම නව අධ්‍යයනය
ඉගෙන ගන්න. වාතාවරණය පිරිසිඳු කිරීමේ සේවය කරන්න.
2. ඔබේ අනාගත උපත්
21ක් සඳහා සියල්ල රක්ෂණය කරන්න. පියාට අයිති වු පසු, නරක ක්‍රියා කිසිවක් කරන්න
එපා.
වරදානය:
ස්ව-ප්‍රගතිය
වෙනුවෙන් නිවැරදි උපැස් භාවිතා කිරීමෙන්, ඔබ නොසැලකිල්ලෙන් නිදහස් වී ආදර්ශමත්
වේවා.
ලොකු ඔලුවකින් පමණක්
තමන්ව පරීක්ෂා කරන දරුවන් නොසැලකිල්ලේ උපැස් පලඳියි. ඔවුන්ට දැකිය හැකි එකම දේ
වන්නේ, තමන් බොහෝ දේවල් සිදු කරන බවයි. ‘මා මේ කෙනාට හෝ අර කෙනාට වඩා හොඳයි;
ප්‍රසිද්ධ ජීවාත්මයන්ට පවා සුළු දුර්වලතා තිබෙනවා.’ කෙසේවෙතත්, අවංක හදවත් වලින්
තමන්ව පරීක්ෂා කරන අය, ස්ව-ප්‍රගතිය වෙනුවෙන් නිවැරදි උපැස් පලඳියි. ඔවුන් දෙවන හෝ
තුන්වන පුද්ගලයන් සිදු කරන දේවල් නොදකින අතර ඔවුන් දකින්නේ තමන්ව සහ පියාව පමණයි.
ඔවුන් සැලකිලිමත් වන්නේ තමන්ව පරිවර්ථනය කර ගැනීම ගැන පමණයි. ඔවුන් අන් අයට නිදසුන්
වෙයි.
පාඨය:
සියලු
සීමාවන්ගේ මුල් අවසන් කරන්න, එවිට ඔබට අසීමිත අධිරාජ්‍යයක කුල්මත් වීමට හැකි වනු
ඇත.