03.12.18       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, දැනුම සහ යෝගා වලින් ඔබගේ හැසිරීම පවා ඉතා හොඳ තත්ත්වයට පත් වෙනවා. ඔබ තුළ කිසිම යක්ෂ ආත්මයක් තිබීමට ඉඩ හරින්න එපා.

ප්‍රශ්නය:
ධනවත් සහ කීකරු දරුවන් තුළ තිබිය හැකි වන්නේ ස්ථිර වශයෙන් කුමන කුල්මත් බවක් ද?

පිළිතුර:
ඔටුණු යුගලයක් හිමි ලෝකයේ පාලකයන් වන අපගේ උරුමය අප බාබාගෙන් ලබා ගන්නවා. එවන් ස්ථිර කුල්මත් බවේ අත්දැකීමක් බාබාගෙන් ලබා ගත හැකි වන්නේ කීකරු සහ ධනවත් දරුවන්ට පමණයි. කෙසේ නමුත් රාගයේ සහ කෝපයේ යක්ෂ ආත්මයන් ඔබ තුළ තිබේ නම්, මෙවැනි කුල්මත් බවක් ඇති විය නොහැකියි. එවැනි දරුවන් තුළ පියා වෙත ගෞරවයක් පවා නැත. පළමුව ඔබ තුළ ඇති යක්ෂ ආත්ම පලවා හැර ඔබගේ තත්ත්වය බලවත් කර ගත යුතු වන්නේ මේ නිසාය.

ගීතය:
ගෙජ්ජි හඬ නංවමින් මාගේ මනස නම් වූ දොරකඩට පැමිණ ඇත්තේ කවුද?

ඕම් ශාන්ති.
ඔබ දරුවන් හැර වෙනත් කිසිවෙකුට මෙහි තේරුම අවබෝධ කර ගත නොහැකිය. එයින්ද ඔබ දරනා උත්සාහය අනුව අංක පිළිවෙලටයි, මන්ද, උත්තරීතර ජීවය වන උත්තරීතර පියාගේ භෞතික හෝ සූක්ෂම ප්‍රතිරූපයක් නොමැති නිසයි. දේවතාවන් සුක්ෂමයි. ඔවුන්ගෙන් තිදෙනෙක් පමණක් දැනට සිටිනවා. ඒ වුණත් දෙවියන් තමයි වඩාත්ම සූක්ෂම වන්නේ. දැන්, කවුද කියන්නේ ඕ උත්තරීතර පියාණනි, උත්තරිතර ජීවය? ජීවයන්. උත්තරීතර පියා, උත්තරීතර ජීවය කියා අමතන්නේ දෙවියන්ටය. ජීවයකට තම භෞතික පියාට උත්තරීතර පියා ලෙස ඇමතිය නොහැකියි. ඔබ පාරලෞකික උත්තරීතර පියා, උත්තරීතර ජීවය සිහිපත් කරන විට ජීව අවධානයට පත් වී එසේ කරන්න. ඔබ සිහිකරන්නේ ශරීරය සමඟ නෑකම් ඇති පියාවයි. අනෙක් කෙනා තමයි බාබා. ඔහුගේ නෑ සම්බන්ධතාවය ඇත්තේ ජීවයන් සමඟයි. ඔහු දැන් මෙහි පැමිණ සිටිනවා. ජීවයට බුද්ධිය තිබෙන නිසා ජීවය හැම දෙයක් ගැනම දැන ගන්නවා. එමනිසා, උත්තරිතර පියා, උත්තරිතර ජීවය අනිවාර්යෙන්ම පාරලෞකික පියායි. ඔහුට දෙවියන් කියා ආමන්ත්‍රණය කරනවා. බාබා දැන් ප්‍රශ්න මාලාවක් සාදා තිබේ. ඒ තුළින් දරුවන්ට පැහැදිලි කිරීමට පහසු වේවි. එය හරියට වාක්‍යවල හිස්තැන් පුරවනවා වගේයි. ඒ ආකාරයටම ප්‍රශ්න මාලාව සම්පූර්ණ කිරිමට ඔබට ඒවා භාවිත කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්න අසන කෙනා ඒවාට පිළිතුරු දීමෙන් දැනුමෙන් පිරුණු කෙනෙක් බවට පත්වෙනවා. ඉතින් ඔවුන්ට අනිවාර්යෙන්ම ගුරුවරයෙක් වීමට ද පුළුවන්. ශරීරයක් තුළට ඇතුළු වී අවයව වලින් විස්තර කරනා ජීවය එය තමයි. මේ නිසා මෙම ප්‍රශ්නාවලිය නිර්මාණය කර තිබෙන්නේ දරුවන් වන ඔබට විස්තර කිරීමට පහසු වීම සඳහායි. කොහොමනමුත්, මේ දැනුම අවබෝධ කර ගන්නා දරුවන් ඉතාමත් හොඳයි. ඒ වුණත් සමහර දරුවන්ට හොඳ දැනුමක් තිබෙනවා, යෝගා කිරිමත් හොඳයි. ඒ දෙකත් සමඟම, හොඳ හැසිරීමත් තිබිය යුතුයි. හොඳ හැසිරීමක් නැති අය යක්ෂ ආත්මයන් වන රාගය, තරහව, තණ්හාව, අහංකාරය හා බැඳීම් ප්‍රදර්ශනය කරනවා. ඒවා තමයි ලොකුම යක්‍ෂාත්ම වන්නේ. ඔබ තුළ මේවා නොතිබිය යුතුයි. අප යක්ෂ ආත්ම පරාජය කරන යකදුරන් වාගේයි. තමා වටේ සිටින අපිරිසිඳු ජීවයන් භුතයන් ලෙස හැඳින්වෙනවා. නමුත් යකදුරන් වන අප ඒවා ඉතා දක්ෂ ලෙස එළවා දමනවා. උත්තරීතර පියා, උත්තරීතර ජීවයට හැර වෙන කිසිම කෙනෙකුට පංච පාපයන් වල යක්‍ෂාත්මයන් ඉවත් කරන්න බැහැ. සෑම කෙනෙකුගේම පංච පාපයන් ඉවත් කරන්නේ එකම කෙනා පමණයි. හැමෝටම ගැලවීම ලබාදිය හැකි එකම ජීවයයි සිටින්නේ. රාවණ්ගෙන් හැමෝම නිදහස් කර ගත හැක්කේ එකම එක කෙනාටයි. යක්ෂ ආත්ම ගොඩක් ඇත. මෙහෙම කියනවා මෙහි රාගය වන යක්ෂ ආත්මය තිබෙනවා, මෙහි බැඳීම නම් යක්ෂ ආත්මය තිබෙනවා, අපිරිසිඳු අහංකාරය, ආඩම්බරකම තිබෙනවා. ගැලවුම්කරු, උත්තරීතර පියා, උත්තරීතර ජීවයට පමණයි මේ යක්ෂ ආත්ම වලින් සියලු දෙනාම ගලවා ගත හැක්කේ. ඔබ දන්නවා මේ කාලය වන විට ක්‍රිස්තියානුවන් ගොඩක් බලවත් වෙලා (චදඇරමෙක). ඉංග්‍රීසි භාෂාවේ තිබෙන වචනත් ඉතා හොඳයි. රජු කවුරු වුණත් ඔහු භාවිත කරන්නේ ඔහුගේ භාෂාවයි. කිසි කෙනෙක් දේවතාවරුන්ගේ භාෂාව දන්නේ නැහැ. මගේ දැරියන් එහි ගොස් පැමිණ සෑම දෙයක්ම අපට කියනවා. ඔවුන් දවස් දෙකක් හෝ හතරක් එහි නතර වෙන්න පුරුදු වෙලා (සූක්ෂම ලෝකයේ). මෙහි ඉතා දක්ෂ පණිවුඩකරුවෝ ඉන්නවා. ඔවුන්ට ඉතාමත් හොඳින් භාෂාවත් හැසිරවිය හැකියි. දරුවන් වන ඔබලා භාරතයේ කතාව කියා දිය යුතුයි. භාරතය සතෝප්‍රධාන් තත්ත්වයේ සිට දැන් තමෝප්‍රධාන් බවට පත් වෙලා. වැඳුම් ලබනා අය අඩු නැතිව වැඳුම් ලබනවා. භාරතයේ දේවතා රූප බොහෝ ඇත. මිනිසුන් අන්ධ විශ්වාසයෙන් යුතුව ඒවාට වන්දනාමාන කරති. මන්ද, ඔවුන් ඔවුන්ගේ ජීවිත කතාව නොදන්නා නිසයි. අපි හැමෝම නළුවෝ වෙමු. ඉතින්, අපි නාට්‍යයේ අධ්‍යක්ෂක ඇතුළුව අනෙක් අය ගැන දැන ගත යුතුයි. මේ නිසා තමයි ප්‍රශ්න මාලාවක් සූදානම් කර ඇත්තේ. ඔබ පාප්වහන්සේට ද ලිවිය යුතුයි විනාශය සඳහා නිෂ්පාදනය කරන දේවල් නතර කළ යුතු බව ඔබේ අනුගාමික පිරිසට කියන්න. ඉතින්, ඇයි ඔවුන් ඔබට ඇහුම්කන් නොදෙන්නේ? ඔබ හැමෝගේම ගුරුවරයායි, ඔබව මහා ඉහළින් වර්ණනා කරනවා. ඉතින්, ඇයි ඔබට ඔවුන් ඇහුම්කන් නොදෙන්නේ? ඔබ මෙයට හේතුව දන්නේ නැහැ. ඉතින්, අපි ඔබට කියලා දෙන්නම් ඔවුන් ඔබගේ උපදෙස් නොපිළිපැදීමට හේතුව. ඔවුන් හැම දේම නිෂ්පාදනය කරන්නේ දෙවියන්ගේ මඟපෙන්වීම අනුවයි. දිව්‍යලෝකය නිර්මාණය වන්නේ ආදම් සහ ඒව මඟිනි. දෙවියන් දැනුමෙන් පිරි ඇති අතර ඔහු අදෘෂ්‍යමානය. අනිවාර්යෙන්ම ඔහුගේ හමුදාව ඔහුගේ අණට අනුව ක්‍රියා කරනවා. ඔබ මේ අයුරින් පැහැදිලි කරන්න. කොහොමනමුත්, දරුවන්ට අසීමිත පුළුල් වූ බුද්ධියක් නැත. එමනිසා, ඇණය තදකර ගත යුතුයි. එන්ජිම සිසිල් විට එය රත්වීම සඳහා ඔවුන් වැඩිපුර ගල් අඟුරු දමයි. මෙය දැනුමේ ගල් අඟුරුයි. උත්තරීතර පියා, උත්තරීතර ජීවය තමයි උසස්ම වන්නේ, හැමෝම පැමිණ ඔහුට ආචාර කළ යුතුයි. පාප්වහන්සේ බලවත් කියා හැමෝම කියති. ඔහුට දෙන තරම් සැලකිල්ලක් වෙන කාටවත් දෙන්නේ නැත. ඔවුන් පියාව දන්නේ නැත. ඔහු අදෘෂ්‍යමානයි. දරුවන් වන ඔබලා පමණයි ඔහු හඳුනාගෙන ඔහුට ඒ ගෞරවය දෙන්නේ. කොහොමනමුත්, තම දරුවන්ට මෙවැනි පියෙකුගේ රැකවරණය ලැබෙනවාට මායා කොහෙත්ම කැමති නැත. ඔබ පිටතට යන අතරවාරයේදී බාබා ඔබව ලෝකයේ පාලකයන් බවට පත්කරවනවා යන කුල්මත් බව අවසන් වනවා. ඇයි අපි අපගේ ඔටුණු දෙක සමඟ උරුමය ලබා නොගන්නේ? මෙය කීකරු හා දැනුමෙන් පිරුණු දරුවන් තුළ ඇතිවන කුල්මත්භාවයයි. කෙසේ නමුත්, බොහෝ දරුවන් තුළ රාගය, තරහව හෝ ආශාව යන යක්ෂ ආත්ම සිටියි. බාබා ඔබට මුරලිය කියන අතර ඔබේ ඇතුලාන්තයට එය දැනෙයි තවමත් මා තුළ රාගයේ ඡායාවල් තිබෙනවාද? එක පැත්තක් ශක්තිමත් වුවද කිසිදෙයක් සිදු නොවේ. සමහර අවස්ථාවල බිරිය ශක්තිමත් වන අතර තවත් විටෙක ස්වාමිපුරුෂයා ශක්තිමත් වේ. බාබාට හැම වර්ගයේම තොරතුරු ලැබෙනවා. සමහරු අවංක හදවතින් ලියනවා. පිටත හා ඇතුළත ඉතා උසස් අවංක බවක් හා පිරිසිඳු බවක් තිබිය යුතුයි. සමහරු පිටතින් අවංක වන නමුත් ඇතුලත බොරුව තිබෙනවා. කුණාටු බොහොමයක් අත්දකින්න ලැබෙනවා. ඔවුන් ලියනවා බාබා, අද රාගයේ කුණාටුව මා ඉදිරියට පැමිණියා නමුත් මම ඉන් බේරුනා. ඔවුන් එලෙස ලීවේ නැතිනම්, මුලින්ම දඬුවම් අත්දකින්න වේවි, දෙවනුව එම පුරුද්ද දිගටම යනවා. අවසානයේ ඔවුන් පහතට වැටෙනවා. දරුවන් ගැන බාබා බලාපොරෙත්තු තබාගෙන ඉන්නවා. නරක පුරුදු කීපයක් තිබුණද ඒවා ඉවත් කර ගන්න පුළුවන්. ගොඩක් දරුවන් සිටිනවා, අද හොඳින් සිටිනා නමුත් හෙට වෙද්දී ඔවුන් ගැටලු සහගත බවකින් වෙළීයන්න පුළුවන්. නැතිනම්, ඔවුන්ගේ උගුර හිරවේවි. අනිවාර්යෙන්ම ඔවුන් යම් දෙයකට අකීකරු වෙනවා. සෑම අවස්ථාවකදීම ඔබ අවංක වීමට මතක තබා ගත යුතුයි. එවිට පමණයි ඔබ සත්‍ය දේශයේ පාලකයකු බවට පත්වන්නේ. ඔබ බොරු කීවොතින් ලෙඩ රෝග වැඩිවී ඉන් හානි සිදුවීමට පුළුවන්. දරුවන් වන ඔබ ප්‍රශ්නාවලිය ඉතාමත් උපක්‍රමශීලීව ලිවිය යුතුයි උත්තරීතර පියා සමඟ ඔබගේ නෑ සම්බන්ධය කුමක්ද? ඔහු පියා වුණු තැන් සිට සෑම තැනකම සිටිනවාය යන්න පිළිබඳ සැකය ඇතිවන්නේ නැත. ඔහු සැමටම ගැලවීම ලබා දෙන්නා, පාරිශුද්ධකරුවා සහ ගීතාවේ දෙවියන් වේ. එමනිසා, අනිවාර්යෙන්ම යම් කාලයක පැමිණ දැනුම ලබාදිය යුතුයි. මේ දේ හරිනම්, ඊළඟට, ඔබ ඔහු ගැන දන්නවාද? ඔබ ඔහු පිළිබඳව දන්නේ නැති නම් ඔබට උරුමය ලබා ගත නොහැකියි. පියාගෙන් ඔබ අනිවාර්යෙන්ම උරුමය ලබා ගත යුතුයි. දැන් දෙවැනි ප්‍රශ්නය අහන්න ඔබ දන්නවාද ප්‍රජාපිතා බ්‍රහ්මා සහ ඔහුගේ මුවින් උපන් නිර්මාණයක් ගැන? සරස්වතී කියන්නේ දැනුමේ දේවතාවියටයි. ඇය දැනුමේ දේවතාවිය ලෙස හඳුන්වනවා. මේ තමයි ජගදම්බා. ඉතින්, අනිවාර්යෙන්ම ඔහුගේ දරුවන් හා ඇගේ පියා ද සිටිය යුතුයි. ඔහු තමයි දැනුම ලබාදෙන එකම එක්කෙනා. ඉතින්, කවුද මේ ප්‍රජාපිතා සහ ජගදම්බා? ඇය ලක්ෂ්මී ලෙසත් හඳුන්වනවා. එම කාලයේ ඇය දැනුමේ දේවතාවිය නොවේ. මේ බ්‍රහ්මා හා සරස්වතී පසුව, රජු හා රැජින බවට පත් වෙනවා. එමනිසා, ඔවුන්ගේ දරුවනුත් අනිවාර්යෙන්ම දිව්‍යලෝකයේ පාලකයින් බවට පත්වෙනවා. දැන් මෙය සංගමයයි, කුම්භයයි. කුම්භමේලාවේදී සිදුවන්නේ කුමක්ද කියා බලන්න! රාත්‍රිය හා දහවල අතර වෙනසක් ඇත, ඉන් අදහස්කරන්නේ භක්ති මාර්ගය හා මෙහි, මේ කාලයයි. ගංඟා ජලය මුහුද හමුවන අවස්ථාව මෙයයි. මෙය මනුෂ්‍ය ගංඟාවන් දැනුමේ සාගරයෙන් මතුවන මේලාවයි. මෙම ප්‍රශ්නය අහන්න පුළුවන් ඔබව අපිරිසිඳු බවින් පාරිශුද්ධත්වයට පත්කරවන්නේ කවුද? මෙහි දැනගත යුතු දෙයක් තිබෙන නිසයි අසන්නේ. ඔබ මෙම මව හා පියාගෙන් දැනුම ලබා ගැනීමෙන් රජවරු සහ රැජිනියන් බවට පත්වෙනවා. දෙවියන් හැමතැනම සිටිනවා කියා කීමෙන් ඔබගේ මුව සුමිහිරි වුණාද? ඔබ දැන් දැනුම ලබා ගන්නවා, එය භක්තියේ ඵලයයි. දෙවියන් දැන් ඔබට උගන්වනවා, ඔබ අයාලේ යෑම නවතා තිබෙනවා. බාබා කියනවා දරුවනි, ඔබ අශාරීරික වේවා! ජීවයන් දැනුම ලබා තිබෙනවා. ජීවයන් දැන් කියනවා අපි දැන් බාබාගේ නිවහන වෙත ආපසු යා යුතුයි. එවිට එකි ත්‍යාගය තිබේවි. රාජධානිය පිහිටුවා තිබේවි. මෙම කරුණු අවබෝධ කර ගත යුතුයි. මෙම ප්‍රශ්නාවලිය ඉතා හොඳයි. එය හැමෝගේම සාක්කුවේ තිබිය යුතුයි. සේවය කරනා දරුවන් පමණක් මේ ගැන සිතනවා ඇති. බාබා කියනවා දරුවනි, ඔබගේ අනාගතය උසස් කරගන්න. නැතිනම්, චක්‍රයෙන් චක්‍රයට ඔබගේ තත්ත්වය අඩු වේවි. මේ බාබා සහ මමා අධිරාජවරයෙක් සහ අධිරාජිනියක් බවට පත් වුණා වගේ, දරුවන් වන ඔබලාත් ඔවුන් මෙන් විය යුතුයි. කොහොමනමුත්, තමන් ගැන විශ්වාසයක් තිබිය යුතුයි. රජ කෙනෙකුට විශාල බලයක් තිබෙනවා. එහි, ඇත්තේ සතුටම පමණයි, වෙන කිසිවක් නොවේ. අනෙක් අය, රජවරුන් බවට පත්වන අය, එසේ වන්නේ දෙවියන්ගේ නාමයෙන් දන් දීමෙන් හා පුන්‍යකර්ම කිරීමෙන්ය. සියලු පුරවැසියන් රජුගේ අණට අනුව වාසය කරයි. මේ කාලයේ භාරතයේ ජනයා හට රජ කෙනෙක් නැත. එය, ජනතාව විසින් ජනතාවම පාලනය කරනා නිසා ගොඩක් දුර්වල වෙලා. බාබා දන්නවා ගොඩක් දරුවන්ට කුණාටු වලට මුහුණ දිමට සිදු වෙනවා. නමුත්, ඔවුන් මේ පිළිබඳ බාබාට කියන්නේ නැහැ. ඔබ බාබාට ලිවිය යුතුයි මම මෙවැනි දේකට මුහුණ දුන්නා, ඉතින් මට මේකට උපදෙස් ටිකක් දෙන්න! එවිට බාබා ඔබේ තත්ත්වය අනුව ඔබට අවවාද කරනවා. ඔබ ලියන්නේ නැහැ, ඔබේ සහකරුවා ලියන්නේත් නැහැ, කියන්නේත් නැහැ බාබා, මේක තමයි මගේ සගයාගේ තත්ත්වය. ඒ තොරතුරු බාබාට ලබාදිය යුතුමයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

රාත්‍රි පංතිය 1969/01/11

අසීමිත පියා පැමිණ ඔබට පැහැදිලි කර දෙනවා. ඔහු ඔබව ඔහුට අයිති කරගෙන රාජකීය තත්ත්වයක් ලබා ගැනීමට උගන්වනවා වගේම ඔබව පාරිශුද්ධ කරවනවා. පියා ඔහුව ඔබට හඳුන්වා දෙනවා. එමෙන්ම උරුමය ලබා ගැනීමේ මාර්ගය ද ඉතා පහසුයි. ඔබ විසින් එය පැහැදිලි කර ගැනීම සඳහා කැප විය යුතු නැහැ. ස්ථිර වශයෙන්ම ඔබ අසීමිත පියාගෙන් උරුමය ලබනවා. පියා ලබා දෙන්නේ කුමන ආකාරයක උරුමයක් ද කියා දැන ගැනීමට හොඳ බුද්ධියක් අවශ්‍යයි. ඔහු ඔබට නිවසක උරුමය, ඉගෙනුම සහ දිව්‍යලෝකයේ අයිතිය ලබා දෙනවා. පාරිශුද්ධ දේවතා සමාජයට පැමිණෙන අය රාජධානියටත් එනවා. ඉගෙනුම හොඳින් ලබාගෙන අනෙක් අයට උගන්වන කෙනා උසස් තත්ත්වයක් හිමිකර ගන්නවා. පියාගෙන් උරුමය ලබා ගන්නා දරුවන් ගොඩක් ඉන්නවා. පියා ඔබව දිව්‍යලෝකයේ පාලකයින් බවට පත් කරනවා, සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන් බවට. මොහු තමයි රාජධානියේ මුල් පාලකයා. ඉතින්, අසීමිත පියා දිව්‍යලෝකයේ නිර්මාණකරු වන අතර දරුවන් වන අපි ඔහුගෙන් දිව්‍යලෝකයේ අයිතිය ලබා ගන්නවා. රජ සහ රැජිණ මොන වගේද, පුරවැසියනුත් එලෙස වනවා. ඔබ උත්සාහ කරන තරමට අනුව ඔබට උසස් තත්ත්වයක් ලබාගත හැකියි. මේ උත්සාහය රාජධානියක් සඳහායි. සත් යුග රාජධානියක් හැමෝටම ලැබෙන්නේ නැහැ. ඔබ කොතරම් දුරට උත්සාහ කරනවාද, ඒ උත්සාහයේ තරමට ඔබට උසස් තත්ත්වයක් හිමි වනවා ඇත. ඔබගේ තිළිණය ඔබ දරණා උත්සාහය මත රඳා පවතිනවා. ඔබ කොතරම් දුරට උත්සාහ දරණවාද ඒ අනුව ඔබගේ අධිරාජ්‍යය ලැබෙන බව ඔය දරුවන් දන්නවා. ඔබ ජීවයක් බවට පත්වී පියාව සිහිකර තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් වී පිරිසිඳු රත්රන් බවට පත් විය යුතුයි. එවිට ඔබට රාජධානියක් ලැබේවි. මෙහි මිනිසුන් කියනවා ඔවුන් භාරතයේ පාලකයින්ය කියා. ඔබ තමයි පාලකයින් වන්නේ. නමුත් ඔබ ඊළඟට ලබා ගන්නේ කුමන තත්ත්වයක් ද? ඔබ ඉගෙනීමෙන් පසු දිව්‍යලෝකයේ ඔබේ තත්ත්වය කුමක්ද? ඔබ දැන් සංගම යුගයේ ඉගෙන ගන්නවා. ඉන් පසු ස්වර්ණමය යුගයේ පාලකයින් බවට පත් වෙනවා. පියා ඔබට යෝගා හා දැනුම කියා දෙනවා. අපි ඉගෙන ගන්නේ රාජයෝගා බව ඔබ විසින් අවබෝධ කරගත යුතුයි. පියා නිතර සිහි කිරීමෙන් අපි පාරිශුද්ධ බවට පත්වෙනවා. ඉන්පසු අපේ නැවත උපත මේ රාවණගේ රාජ්‍යයේ සිදුවන්නේ නැත, එය සිදු වන්නේ රාමාගේ රාජ්‍යයේයි. අපි දැන්, මන්මනභාව්, මධ්‍යජීභාව් ඉගෙන ගන්නවා. මේ කළි යුගයේ අවසානයයි. ඉන්පසු, සත් යුගය, දිව්‍යලෝකය අනිවාර්යෙන්ම එනවා. පියා පැමිණීමෙන් සංගම යුගයේදී පමණයි ඔහු මෙම අසීමිත දැනුමක් ඇති, අසීමිත අයිතියක් ලබාදෙන, අසීමිත පාසල නිර්මාණය කරන්නේ. ඔබ දන්නවා නව ලෝකයේ පාලකයින් වන්නේ ඔබ බව. අලුත් ලෝකයට කියන්නේ දිව්‍යලෝකය කියාය. ඔබට මේ පිළිබඳව කුල්මත් බවක් තිබෙනවා නේද? ඇත්තෙන්ම පරණ ලෝකයට පසුව ඇත්තේ අලුත් ලෝකයයි. දරුවනි, මෙය මතකයට නඟන්න! උත්තරීතර පියා, උත්තරීතර ජීවය පැමිණ දිව්‍යලෝකයේ පාලකයින් බවට පත්වීම සඳහා අපට දැනුම ලබා දෙන බව දරුවන් සැමගේම හදවත් වල තිබෙනවා. ඔබට උගන්වන්නේ දෙවියන් බව ඔය දරුවන් මතක තබා ගත යුතුයි. අප දෙව්ලොව ඉහළම ඉහළ රජවරුන් සහ රැජිණියන් බවට පත් වෙමින් සිටිනවා. රාජයෝගා ඉගෙනීම මඟින් අපි රාජධානිය හිමිකර ගන්නවා, එහි පාරිශුද්ධත්වය, සාමය හා සතුට තිබෙනවා සෑම දේම එහි තිබෙනවා. ශිව බාබා දැන් මෙම බාබා තුළට ඇතුළු වී සිටිනවා. ඔහු උසස් අයගෙනුත් උසස් කෙනාය. ජීව ඔහු සමඟ මෙම අත්දැකීම විඳිය යුතුයි. ඔහු එහි ගිය පසු ඉඳගන්නේ රාජකීය විදියටයි. ශිෂ්‍යයින්ටත් තමාට වෙන් වූ ආසන තිබෙනවා. එක් අයෙකුට වෙන ශිෂ්‍යයෙකුගේ ස්ථානයේ වාඩිවිය නොහැකියි. ජීවයන් දෙදෙනෙකුට සමාන චරිත කොටස් ලැබෙන්නේ නැහැ. පියා පැහැදිලි කර දී තිබෙනවා ජීවයන් තුළ වාර්තාවක් පටිගත වී තිබෙනවා. අපේ උත්සාහය, නාටක සැලසුමට අනුව දිගින් දිගටම සිදුවනවා. සමහරු රජවරු වන අතර අනිත් අය රැජිණියන් වනවා. අවසානයේ දී උත්සාහයේ ප්‍රතිඵලය ප්‍රකාශ වන අතර ඒ අනුව මාලාව නිරමාණය වනවා. උසස් අංකයක් ලබා ගන්නේ කවුද කියා අනිවාර්යෙන්ම දැන ගත හැකියි. යම් අයෙක් මියැදුණු විට, ජීවය පිටව ගොස් තම කර්මයන්ට අනුව තවත් ශරීරයක් ගන්නා බව ඔබට වටහා ගත හැකියි. හොඳ ක්‍රියාවන් කළ අය යෝගා බලය තුළින් හොඳ උපතක් ලබනු ඇත. උත්සාහ නොකරන කෙනෙක් නම්, ඔහු පහත් තත්ත්වයක් ලබනා කෙනෙකි. මේ ආකාරයෙන් සිතීමෙන් සතුට අත්විඳින්නට හැකිවනු ඇත. මහාරාතීන් ලෙසට ඔවුන් වර්ණනා කෙරෙනවා. හැම කෙනෙකුම දැනුම පවසන ආකාරය එක සමාන නැහැ. සෑම කෙනෙකුගේම, දැනුම පවසන විදියේත් වෙනසක් තිබෙනවා. මෙම නාටකය නැවතත් කැරකෙනවා. දරුවන් වන ඔබ දැන් ඔබගේ කර්ම ගෙවා දැමීම සඳහා අවධානය යොමු කළ යුතුයි. මව හෝ පියා කරන දේ වලින් දරුවන් ඉගෙන ගන්නවා. ඔබත් දැන් ඒ ලෙස උසස් ක්‍රියා සිදුකළ යුතුයි. ඔබ කරන සේවයෙන් කෙනෙකුට මෙය අවබෝධ කර ගත හැකියි. මහාරාතීන් කරන උත්සාහය සැඟවී තිබෙන්නේ නැහැ. උසස් තත්ත්වයක් ලබා ගැනීමට සෑම දරුවෙකුටම අවස්ථාවක් තිබෙනවා. මේ සඳහා මන්මනභාව් යන පාඩම එහි තේරුම ද සමඟ ලබා ගත යුතුයි. දැනුමෙන් පිරි පියා පැමිණ ගීතාවේ දැනුම ලබා දෙන අතර ඔහු දෙන්නේ නිවැරදි දැනුම පමණයි. ඔබ සවන් දුන් දැනුම ප්‍රායෝගික ස්වරූපයෙන් කොපමණ දුරට උකහා ගත්තේද? එය අමාරු නැහැ. ඒ සඳහා කළ යුත්තේ පියා සිහිකිරීම සහ චක්‍රය පිළිබඳව දැනගැනීම පමණයි. මේ ඔබේ අවසන් උපතේ ලබනා අධ්‍යාපනයයි. ඔබ එය සමත් වී අලුත් ලෝකය වන ස්වර්ණමය යුගයට යා යුතුයි. එහි විශ්වාසය තුළයි ජයග්‍රහණය ඇත්තේ. ඉතින් දරුවනි, ඔබගේ ආදරණීය බුද්ධිය සමඟ ඔබ තේරුම් ගත යුතුයි ඔබට උගන්වන්නේ දෙවියන් බව. ඔබ ජීවයන් වන බවත්, මේවා ඔබ උරාගන්නා බවත් ඔබලා දන්නවා. ජීවය මෙම ශරීරය මඟින් ඉගෙන ගන්නවා. ඔහු රාජකාරියක් කරනවා. මෙම කරුණු තේරුම් ගත යුතුයි. ඔබ පියා හැර, මායා, රාවණ් සිහිකරන විට යෝගා කැඩෙනවා. ඔබ මායාගේ ප්‍රහාර වලින් බේරී සිටිය යුතුයි. පියාව පමණක් සිහි කළ යුතුයි. ඔබ බොහෝ වර්ධනය වන විට, ඔබේ බලපෑම බොහෝ සෙයින් පැතිර ගොස්, ඔබේ සතුට ද ඉහළ යනු ඇත. ඔබ අලුත් උපතක් ගන්නා විට, මෙය ඔබට හොඳින් පැහැදිලිව දැකගැනීමට හැකිවනු ඇත. අච්චා.

ආධ්‍යාත්මික බාප්දාදාගෙන් සුමිහිරිම ආධ්‍යාත්මික දරුවන්ට, සෙනෙහස, සිහිපත් කිරීම සහ ශුභ රාත්‍රියක්.

ධාරණය සඳහා සාරාංශය:

1. ඇතුළත හා පිටත පිරිඳුව තබා ගන්නා ගමන් අවංක වීමට මතක තබා ගන්න. අවංක හදවතින් ඔබගේ සෑම තොරතුරක්ම පියාට පවසන්න. කිසි දෙයක් සඟවන්න එපා.

2. ඔබ දැන් නිවස බලා නැවත යා යුතුයි. අශරිරික බව පුහුණු කරන්න. නිරන්තරයෙන්ම නිශ්ශබ්දව සිටින්න.

වරදානය:
ඔබ මගේ යන අවධානය අතහැර, භාරකරුවෙක් ලෙස සේවය කර, නිරතුරුවම තෘප්තිමත් ජීවාත්මයක් වේවා.

ඔබගේ පවුලේ අය සමඟ වාසය කරමින් සේවය කරන අතර, ඔබ භාරකරුවෙක් සහ සේවකයෙක් බව සෑම විටෙකම මතකයේ තබාගන්න. සේවය කරන අතර මගේ යන සුළු අවධානයක්වත් තබා නොගන්න, මන්ද, ඔබට තෘප්තිමත්ව සිටීමට හැකි වන්නේ එවිට පමණයි. මගේ යන අවධානය තිබෙන විට, ඔබ අසහනයට පත් වී මගේ පුතා මෙය කරයි කියා සිතයි. එබැවින් මගේ යන අවධානය තිබෙන විට, ඔබ අසහනයට පත්වන නමුත් සෑම දෙයක්ම ඔබගේ වන විට, ඔබ පිහිනීම ආරම්භ කරයි. ඔබගේ කියා පැවසීම යනු, තම ආත්ම-අභිමානය පවත්වා ගැනීම වන අතර මගේ, මගේ කීම යනු, අහංකාරකම තිබීමයි.

පාඨය:
ඔබගේ බුද්ධිය තුළ සෑම විටෙකම, පියා සහ ශ්‍රීමත්වල අවධානය තබාගන්න, එවිට ඔබ හදවත කැප කළ ජීවාත්මයක් ලෙස හැඳින්වෙයි.