04.01.19       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පියාගේ සිහිපත් කිරීමේ හිඳ, නිරතුරුවම ප්‍රබෝදමත්ව සිටින්න. පියාගේ සිහිපත් කිරීමේ සිටින අය, බොහෝ සේ විනෝදමත් සහ මිහිරිය. ඔවුන් සතුටින් හිඳිමින් සේවය කරයි.

ප්‍රශ්නය:
ඥානයේ කුල්මත්භාවය තිබීමත් සමගම, කුමන පරීක්ෂාව ද තිබීම අත්‍යාවශ්‍ය වන්නේ?

පිළිතුර:
ඥානයේ කුල්මත්භාවය සමගම, ඔබ කොපමණ දුරට, ජීව අවධානයට පත් ව ඇතිදැයි පරීක්ෂා කර බලන්න. ඥානය ඉතාමත්ම පහසුයි, නමුත් මායා බාධක ඇති කරන්නේ යෝගාවේය. ඔබ, ඔබගේ පවුලේ අය සමඟ නිවසෙහි ජීවත් වන අතර, ඔබ ආකර්ෂණයෙන් නිදහස්ව සිටිය යුතුයි. මායා වන මීයා, ඔබව දිගින් දිගටම ඇතුලතින් සපා කන අතර, ඔබ ඒ ගැන නොදැනුවත්ව නොසිටිය යුතුයි. ඔබට බාබා කෙරෙහි ගැඹුරු සෙනෙහසක් තිබේදැයි අඛණ්ඩව ඔබගේ නාඩි පරීක්ෂා කරන්න. ඔබ කෙතරම් වේලාවක් සිහිපත් කිරීමේ සිටිනවාද?

ගීතය:
සලබයා තමන්ව පුළුස්සා නොගන්නේ මන්ද?

ඕම් ශාන්ති.
සුමිහිරිම දරුවන් ගීතයේ එක් පද වැලකට සවන් දුන්නා. පියා මෙතරම් සුන්දරත්වයක් පෙන්නුම් කරන අතර, එමෙන්ම ඔබ මෙතරම් ලස්සන වන බැවින්, ඔබව අවලස්සන බවින් ලස්සන කරවන එවන් පියෙකුට, ඔබ අයත් නොවී සිටින්නේ මන්ද? ඔබ අවලස්සන බවින් ලස්සන වන බව ඔය දරුවන්ට වැටහෙනවා. මෙය වන්නේ එක්කෙනෙක් පමණක් නොවෙයි. එම මිනිසුන් ක්‍රිෂ්ණාට ශ්‍යාම්-සුන්දර් යැයි කියයි. ඔවුන් ඔහුගේ එවන් පිංතූර ද නිර්මාණය කරයි. සමහර පිංතූර වල ඔහු පැහැපත් වන අතර, සමහර පිංතූර වල ඔහුව නිල් පාටින් පෙන්වා තිබේ. මෙය වන්නේ කෙසේද කියා මිනිසුන්ට නොවැටහෙයි. ස්වර්ණමය යුගයේ ක්‍රිෂ්ණා කුමරු අවලස්සන විය නොහැක. සෑම කෙනෙක්ම කියන්නේ ඔවුන් ක්‍රිෂ්ණා වැනි දරුවෙක් හෝ ස්වාමියෙක් හෝ ලබන්නට කැමති බවයි. ඉතිං ඔහු අවලස්සන වන්නේ කෙසේද? මිනිසුන්ට කිසිම දෙයක් නොවැටහෙයි. ඔවුන් ක්‍රිෂ්ණාව අවලස්සන කිරීමට හේතුවක් තිබිය යුතුයි. ඔවුන් පෙන්වා ඇත්තේ ක්‍රිෂ්ණා සර්පයෙක් උඩ නටන අයුරුයි, නමුත් එවැනි දෙයක් විය නොහැක. ඔවුන් එම දේවල් ආගමික ග්‍රන්ථ වලින් අසා ඇති බැවින් ඒවා ගැන කතා කරයි. ඇත්ත වශයෙන්ම එවන් කිසි දෙයක් නොමැත. ඔවුන් නාරායන්ව පෙන්වා ඇත්තේ සර්ප යහනාවක් මත අසුන් ගෙන සිටින ආකාරයෙන්. සර්ප යහනාවක් නොමැත. සර්පයෙකුට කටවල් සිය ගණනාවක් තිබිය හැකිද? බලන්න, ඔවුන් ඉඳගෙන නිර්මාණය කර ඇති පිංතූර වර්ග දෙස. පියා විස්තර කරන්නේ ඒ කිසිවක් තුළ කිසි හරයක් නොමැත. ඒ සෑම එකක්ම භක්ති මාර්ගයේ පිංතූරයි. කෙසේවෙතත් එයත් නාටකයේ නියම වූ දෙයක්. ආරම්භයේ සිට මේ දක්වා, නාටකය පටිගත කර ඇති කාලය කොපමණද, එය නැවතත් ඒ ආකාරයෙන්ම සිදු විය යුතුයි. මිනිසුන් භක්ති මාර්ගයේ කරන දේවල් ගැන ඔබට විස්තරයක් කරනවා පමණයි. ඔවුන් බොහෝ මුදල් වැය කරයි. ඔවුන් නොයෙක් විවිධ ආකාරයේ පිංතූර සාදයි. පෙර, ඔබ ඒ සියල්ල දුටු විට, ඔබ පුදුම නොවන්නට ඇති. දැන් පියා ඔබට විස්තර කර දී ඇති නිසා, ඒ දේවල් සැබවින්ම භක්ති මාර්ගයේ දේවල් බව, ඔබගේ බුද්ධියට ඇතුළු වෙයි. භක්ති මාර්ගයේ සිදුවන කුමන හෝ දේවල්, නිසැකයෙන්ම නැවත වතාවක් සිදුවෙයි. ඔබ හැරුණු කොට අන් කිසිවෙකුට මෙම දේවල් නොවැටහෙයි. පෙර සිට නාටකයේ නියත වී ඇති කුමන හෝ දෙයක්, දිගින් දිගටම නැවතත් සිදුවන බව ඔබ දන්නවා. අනේක ආගම් සියල්ලම විනාශ වී, එක් ධර්මය ස්ථාපනය වනු ඇත. මෙහි බොහෝ යහපතක් තිබේ. ඔබ දැන් වන්දනාමාන ආදිය නොකරයි. මිනිසුන් ඒ සියල්ලම කරන්නේ දෙවියන්ගෙන් ඵල ලබා ගැනීමටයි. ඵලය, ජීවන-මුක්තියයි. ඉතිං, මේ සෑම දෙයක්ම ඔබට විස්තර කෙරෙනවා. මෙහි ඇත්තේ මිනිසුන්ගේ පාලනයයි. ගීතාවේ මෙසේ සඳහන් වනවා ඕ භාරතයේ ජනතාවනි, කෞරවයන් සහ පාණ්ඩවයන්, ඔබ කුමක් කරන්නේද? සැබවින්ම, යාදවයන් මිසයිල නිපදවීය ඔවුන් තමන්ගේම වංශ විනාශ කර දැමුවා. ඔවුන් සියලු දෙනාම එකිනෙකාගේ සතුරන්ය. ඔබ ප්‍රවෘත්ති ආදියට සවන් නොදෙයි. එයට සවන් දෙන අයට ඉතා හොඳින් වටහා ගැනීමට හැකි වෙයි. දවසින් දවස, ඔවුන් අතර බොහෝ ගැටුම් ඇති වෙයි. ඔවුන් සියල්ලම ක්‍රිස්තියානුවන්, එනමුත් ඔවුන් අතර බොහෝ ගැටුම් තිබේ. නිවසේ අසුන් ගෙන සිටින අතර, ඔවුන් එකිනෙකාව මරා දමයි. ඔබ රාජ යෝගාව ඉගෙන ගන්නවා, එබැවින් රාජධානිය සඳහා, පැරණි ලෝකය අනිවාර්යෙන්ම ශුද්ධ කළ යුතු වෙයි. ඉන්පසුව නව ලෝකයේදී සියලුම දේවල් අළුත් වනු ඇත. එහි පංච මහා භූතයන් පවා සතෝප්‍රධාන්ය. පිටාර ගලා, හානි සිදුකිරීමට, සාගරයට බලයක් නොතිබෙයි. වර්තමානයේ, පංච මහා භූතයින් බොහෝ සේ හානි සිදු කරයි. ඒ සියලුම භූතයන් ඔබගේ සේවකයන් වෙයි, එබැවින් දුක ගෙන ඒම පිළිබඳ ප්‍රශ්නයක් ඇති නොවෙයි. මෙය කලින් නියම වුණු නාටකයේ රංගනයයි. ස්වර්ණමය යුගයට දෙව්ලොව යැයි කියයි. පළමුවෙන්ම තිබුණේ දිව්‍යලෝකය බව, ක්‍රිස්තියානුවන් ද කියති. අවිනාශි දේශය, භාරතයයි. ඔවුන්ව මුදව ගන්නා පියා හෝ ඔහු පැමිණෙන්නේ භාරතයේය යන බවවත් ඔවුන් නොදනී. ඔවුන් ශිවාගේ උපන් දිනය සමරන මුත් ඔවුන්ට කිසි දෙයක් නොවැටහෙයි. ශිවාගේ උපන් දිනය සමරනු ලබන්නේ භාරතයේ බවත්, එබැවින් ශිව බාබා නිසැකයෙන්ම භාරතයට පැමිණ, දිව්‍යලෝකය ස්ථාපනය කරන්නට ඇති බවත්, ඔහු නැවත වතාවක් දැන් එය කරන බවත්, ඔබ දැන් විස්තර කරයි. පුරවැසියන් වීමට ඇති අයගේ බුද්ධියේ මේ කිසිවක් නොරැඳෙයි. ඔවුන් සැබවින්ම ශිව බාබාගේ දරුවන් බව, රාජධානියට අයත් අයට වැටහෙයි. ප්‍රජාපිතා බ්‍රහ්මා ද සිටියි. බාබා විමුක්තිය ලබා දෙන්නා මෙන්ම ඥාන සාගරයයි. බ්‍රහ්මාව එසේ හඳුන්වන්නේ නැත. බ්‍රහ්මාටත් විමුක්තිය ලබා දෙන්නේ එම කෙනායි. සෑම කෙනෙක්ම තමෝප්‍රධාන් බැවින්, එකම පියා සෑම කෙනෙකුටම විමුක්තිය ලබා දෙයි. ඥාන සාගරය එසේ මතගෑම ඇතුලාන්තයේ අඛණ්ඩව සිදු විය යුතුයි. මිනිසුන්ට විගසින් වටහා ගැනීමට හැකි වන අයුරින් අපි ඥානය ලබා දිය යුතුයි. දරුවන් අංකානුරූපයි. මෙය ඥානයයි. ඔබ මෙය දිනපතාම හැදෑරිය යුතුයි. බිය නිසා ඉගෙන ගැනීම නොකරන්නේ නම් එය නිවැරදි නොවෙයි. එය ඔබගේ කර්ම බන්දනය බව එවිට කියැවෙයි. බලන්න බොහෝ දෙනෙක් නිදහස් වී මෙහි පැමිණි අන්දම, එමෙන්ම සමහරු ගිය අන්දම. සින්ද් වල බොහෝ දූවරුන් පැමිණි මුත් ඇති වූ කලබල නිසා, ඔවුන් සතුරන් බවට පත් විය. මුලදී ඔවුන් ඥානයට බොහෝ කැමති විය. ඔබ සියලු දෙනාටම දෙවියන්ගෙන් තෑග්ගක් ලැබී තිබුණු බව ඔවුන් සිතුවේය. දැනුදු මෙහි යම් බලයක් ඇති බව ඔවුන්ට වැටහෙයි. දෙවියන්ම අවතරණය වී ඇති බව ඔවුන්ට වැටහෙන්නේ නැත. මෙකල, බොහෝ දෙනෙක් තුළ ගුප්ත බලයන් තිබේ. ඔවුන් ගීතාව රැගෙන, එය දිගින් දිගටම කියා දෙයි. පියා පවසන්නේ ඒ සියලුම පොත් පත් භක්ති මාර්ගයයි. මම ඥාන සාගරයයි. භක්ති මාර්ගයේ සියලු දෙනාම සිහි කරන්නේ මාවයි. නාටකයේ සැලසුමට අනුව, මෙය නාටකයේ නියම වී තිබේ. ඔවුන්ට දර්ශන පවා ඇති වෙයි. ඔහු, භක්ති මාර්ගයේ අයවත් සතුටට පත් කරවනවා. සමහර මිනිසුන් ඥානය නොගන්නේ නම්, ඔවුන්ට භක්තිය වුවද හොඳයි, මන්ද අඩුම තරමින් ඔවුන්ට තමන්ව වෙනස් කර ගැනීමටවත් හැකි වෙයි ඔවුන් සොරකම් ආදිය නොකරයි. දෙවියන් වෙනුවෙන් භක්ති ගීත ගායනා කිරීමේ නිරත වී සිටින කෙනෙකුට (භක්තියේ යෙදී සිටින), කිසි කෙනෙක් වරදක් නොකරයි. මන්ද, ඔවුන් ද බැතිමතුන්ය. මෙකල, කෙනෙක් බැතිමතෙක් වුවද ඔහුට බංකොලොත් විය හැක. ඔබ ශිව බාබාගේ දරුවෙක් වූ නිසා ඔබ බංකොලොත් නොවී සිටින්නේ නැත. අතීතයේ කළ ක්‍රියා තිබේ, එබැවින් සමහරු බංකොලොත් වෙයි. සමහරු ඥානය ලබා ගත් පසුවද බංකොලොත් වෙයි, නමුත් එය ඥානයත් සමඟ සම්බන්ධ නැත. ඔය දරුවන් දැන් සේවයේ නිරත වී සිටියි. ශ්‍රීමත් වලට අනුව සේවයේ නිරත වී සිටීමෙන්, ඔබට එහි ඵලය ලැබෙන බව ඔබ දන්නවා. අප සෑම දෙයක්ම එහාට මාරු කර යැවිය යුතුයි. අපගේ ගමන් මළු ඇතුළු සෑම දෙයක්ම අප එහාට මාරු කර යැවිය යුතුයි. මුල් කාලයේදී බාබා බොහෝ විනෝදයක් ලැබුවේය. ඔහු එහි සිට පැමිණි විට, ගීතයක් නිර්මාණය කළේය පළමුවැන්නා අල්ලා සොයාගත් අතර, දෙවැන්නා රාජධානියක් සොයා ගත්තේය. ඔහුට ක්‍රිෂ්ණා සහ අත් සතරක් ඇති විෂ්ණුගේ පිළිරුවක දර්ශන ලැබී, තමන් ද්වාරකාවේ අධිරාජ්‍යයා වන බව වටහා ගත්තේය. ඔහු බොහෝ සේ කුල්මත් විය. මම මේ විනාශ වන ධනයෙන් කුමක් කරන්නද? එබැවින් ඔය දරුවන්ට ද එම සතුට තිබිය යුතුයි. බාබා අපට දිව්‍යලෝකයේ ආධිපත්‍යය ලබා දෙනවා. කෙසේවෙතත් දරුවන් ඒතරම් උත්සාහයක් දරන්නේ නැත. ඔවුන් ගමන් කරන අතර, ඇද වැටෙයි. බාබාට ආරාධනා කරන ඉතා හොඳ දරුවන්, බාබාව කිසි විටෙක සිහි නොකරයි. බාබාට මෙවන් ලිපි ලැබිය යුතුයි බාබා, මම බොහෝ සතුටිනි. ඔබගේ සිහිපත් කිරීමෙන් මම කුල්මත්ව රැඳී සිටින්නෙමි. බාබාව කිසිසේත් සිහි නොකරන අය බොහෝ දෙනෙක් සිටියි. ඔබගේ සතුට ඉහළ නඟින්නේ, සිහිපත් කිරීමේ වන්දනාවෙන් පමණයි. ඔබ ඥානයෙන් කෙතරම් කුල්මත්ව සිටියද, තවමත් බොහෝ සේ ශරීර අවධානය තිබේ. එම ජීව අවධාන තත්ත්වය කොහි වේද? ඥානය ඉතාමත්ම පහසුයි. මායා බාධක පමුණුවන්නේ යෝගාවේය. ඔබ නිවසේ ජීවත් වන අතර, ආකර්ෂණයෙන් මිදී සිටිය යුතුයි. මායා ඔබට පහර නොදිය යුතුයි. මායා මීයෙකු මෙන් ඔබව සපා කයි මීයෙක් කෙසේ සපා කන්නේද යත්, ලේ ගලමින් තිබුණත් ඔබට එය නොදැනෙයි. ඔවුන් ශරීර අවධානයට පත් වූ විට, කෙතරම් හානියක් සිදුවනවාද කියා දරුවන්ට නොදැනෙයි. ඔබට උසස් තත්ත්වයක් හිමි කර ගැනීමට නොහැකි වෙයි. ඔබ පියාගෙන් ඔබගේ සම්පූර්ණ උරුමයම හිමි කර ගත යුතුයි. ඔබත් මමා සහ බාබා මෙන් සිහසුනේ අසුන් ගත යුතුයි. ඔබගේ හදවත දිනාගන්නා කෙනා, පියාය. සම්පූර්ණ සිහිවටනය දිල්වාලා දේවාලයේ ඇත. ඇතුලත, ඇතුන් පිට, මහාරාතීන්ලා අසුන් ගෙන සිටිනවා. ඔබ අතරෙහිද, ඇත්තු පිට යන්නන්, අශ්වාරෝහකයන් සහ පාබල හමුදාව සිටියි. ඔබ එක් එක් කෙනා, තමන්ගේම නාඩි පිරික්සිය යුතුයි. බාබා එය කුමට පරීක්ෂා කරන්නද? ඔබ බාබා සිහි කරනවාද, එමෙන්ම බාබා මෙන් සේවය කරනවාද කියා තමන්වම පරීක්ෂා කර බැලිය යුතුයි. මම බාබා සමඟ යෝගාවේ සිටිනවාද? මම රාත්‍රීයේ අවදියෙන් සිට බාබාව සිහිපත් කරනවාද? මම බොහෝ දෙනෙකුට සේවය කරනවාද? ඔබ තම වාර්ථාව ලිවිය යුතුයි. මම ඇතුලාන්තයෙන් කෙතරම් ගැඹුරින් බාබාව සිහි කරනවාද? සමහරු සිතන්නේ ඔවුන් නිරන්තරයෙන් බාබාව සිහි කරනවා කියාය, නමුත් එය කළ නොහැක්කක්. සමහරු සිතන්නේ, ඔවුන් බාබාගේ දරුවන් වී තිබේ, ඉතිං එපමණයි! කෙසේ වෙතත් ඔබ තමන් ජීවයක් යැයි සළකා, පියා සිහි කළ යුතුයි. ඔබ බාබා සිහි නොකර ඕනෑම දෙයක් කරන්නේ නම්, එයින් කියැවෙන්නේ ඔබ බාබා සිහිපත් නොකරන බවයි. ඔබ බාබා සිහිපත් කිරීමෙන් සෑම විටෙකම ප්‍රබෝදමත්ව සිටිය යුතුයි. සිහිපත් කිරීමේ සිටින අය, සෑම විටෙකම විනෝදය ගෙන දෙන, ප්‍රබෝදමත් අයයි. ඔවුන් විශාල සතුටකින් සහ විනෝදමත් ආකාරයකින් අන් අයට විස්තර කරයි. සේවය කිරීමේ දැඩි උනන්දුවක් ඇති අය ඇත්තේ ඉතාමත් ටික දෙනයි. පිංතූර උපයෝගී කර ගනිමින් විස්තර කිරීම ඉතාමත් පහසුයි. මේ උසස්ම උසස් දෙවියන්ය, ඉන්පසුව ඔහුගේ නිර්මාණය වන, ජීව වන අප සියලු දෙනාම, සහෝදරයන් සිටියි. මෙය සහෝදරත්වයකි. එම මිනිසුන් පීතෘත්වයක් ගැන කියා තිබේ. පළමුවෙන්ම ඔබ ශිව බාබාගේ පිංතූරය විස්තර කළ යුතුයි. මේ අශාරීරික උත්තරීතර පියා, පරම ජීවය, සියලුම ජීවයන්ගේ පියාය. ජීව වන අප ද අශාරීරිකයි. අපි නළල මද්‍යයේ වාසය කරන්නෙමු. ශිව බාබා ද තරුවකි, නමුත් තරුවකට වන්දනාමාන කරන්නේ කෙසේද? මේ නිසයි ඔවුන් විශාල පිළිරුවක් සෑදුවේ. කෙසේ වෙතත්, ජීවයක් උපත් මිලියන 8.4ක් නොගනි. ජීව, පළමුවෙන්ම අශාරීරික ලෙස පහළට පැමිණ, ශරීර ගෙන, ඔවුන්ගේ කොටස් රඟපාන බව පියා විස්තර කරනවා. සතෝප්‍රධාන් ජීව, නැවත නැවතත් උපත් ගැනීමෙන් කලි යුගයට පැමිණෙයි. පසුව පැමිණෙන අය, උපත් 84ක් නොගනී. සෑම කෙනෙකුටම උපත් 84ක් ගත නොහැක. ජීවයක් ශරීරයක් අතහැර, තවෙකක් ගනී. ඔහුගේ නම, ස්වරූපය, කාලය සහ ස්ථානය යන සියල්ල වෙනස් වෙයි. ඔබ එවන් දේශන ලබා දිය යුතුයි. ඔවුන් ස්ව-අවබෝධය ගැන කතා කරයි, නමුත් ඔබට එය ලබා දිය හැක්කේ කාටද? ජීවය යනු පරම ජීවය යැයි කීම, ස්ව-අවබෝධයද? මෙය අළුත් ඥානයයි. ඥාන සාගරය වන පියා, පාරිශුද්ධකරුවා මෙන්ම, සැමටම විමුක්තිය පිරිනමන්නා ද වන්නේය. ඔහු මෙතැන අසුන් ගෙන ඔබට විස්තර කර දෙයි. එසේනම්, ඔහුට බොහෝ සෙයින් ප්‍රශංසා කරන්න! ඔහුගේ ප්‍රශංසාවට ඔබ සවන් දුන්නා. ජීවයේ හැඳින්වීම ගැන ඔබ ඇසුවා, දැන් අපි ඔබට දෙවියන්ගේ හැඳින්වීම ලබා දෙන්නම්. ඔහුට සියලුම ජීවයන්ගේ පියා යැයි කියයි. ඔහු ඊට වඩා කුඩා හෝ විශාල විය නොහැක. පරම පියා, පරම ජීවය, යනු උත්තරීතර ජීවයයි. ජීවය යනු ආත්මයයි. දෙවියන්, එපිටින් වාසය කරන්නාය. ඔහු කිසිම විටෙක පුනරුත්පත්තියක් නොගනී, මේ නිසයි ඔහුට පරම පියා යැයි කියන්නේ. මෙතරම් කුඩා ජීවයක් තුළ, කොටසක් පටි ගත වී තිබේ. පාරිශුද්ධකරුවා යැයි අමතන්නේ ඔහුට පමණයි. ඔහුගේ නම සදාකාලිකවම ශිව බාබාය. එය රුද්‍ර බාබා නොවෙයි. භක්ති මාර්ගයේදී ඔහුට බොහෝ නම් දී තිබේ. සෑම කෙනාම ඔහු සිහි කොට මෙසේ කියයි ඕ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණ අපව පිවිතුරු කරන්න! එබැවින් ඔහු නිසැකයෙන්ම පැමිණිය යුතුයි. ඔහු පැමිණෙන්නේ එක් ධර්මයක්, ආදි සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපනය කළ යුතු වන විටයි. එය දැන් කලි යුගය වන අතර, මනුෂ්‍යයින් බොහෝ දෙනෙක් සිටියි. ස්වර්ණමය යුගයේ මනුෂ්‍යයින් ඉතාම සුළු ප්‍රමාණයක් පමණක් සිටියි. ස්ථාපනය සිදුවන්නේ බ්‍රහ්මාගේ මාර්ගයෙන් ද, විනාශය සිදුවන්නේ ශංකර්... යැයි සිහි කෙරෙයි. ආදි සනාතන ධර්මය, ගීතාව තුළින් ස්ථාපනය විය. ඔවුන් එහි වරදක් සිදු කොට, ක්‍රිෂ්ණාගේ නම ඇතුල් කොට තිබේ. පියා පවසන්නේ ඔහු (ක්‍රිෂ්ණා) පුනරුත්පත්ති ගනී. මම පුනරුත්පත්තියට ඔබ්බෙන් සිටිමි. එබැවින් දැන් විනිශ්චය කරන්න පරම පියා, පරම ජීවය, අශාරීරික ශිවාද නැතහොත් ශ්‍රී ක්‍රිෂ්ණාද? ගීතාවේ දෙවියන් කවුද? දෙවියන් යැයි අමතන්නේ එක් අයෙකුට පමණයි. ඉන්පසුව, ඔවුන් මෙම දේවල් විශ්වාස නොකරන්නේ නම්, ඔවුන් ඔබගේ ධර්මයට අයත් නොවන බව ඔබ තේරුම් ගත යුතුයි. ස්වර්ණමය යුගයට යෑමට සිටින අය, මෙම දේවල් විගසින් වටහා ගෙන, උත්සාහ ගැනීම ආරම්භ කරයි. ප්‍රධානතම දෙය මෙයයි. ඔබට මෙහි ජයග්‍රහණය තිබේ, නමුත් එම ජීව අවධාන තත්ත්වය කොහිද? ඔබ එකිනෙකාගේ නමෙහි සහ ස්වරූපයේ සිර ගත වෙයි. භක්ති මාර්ගයේදී, ඔබ මෙසේ ගායනා කළා ඔවුන් එපිට, බ්‍රහම් තත්ත්වයේ වාසය කළ, පරම ජීවය ගැන මහත් සැලකිල්ලකින් සිටියා. එබැවින් ඔබ කිසිම දේකට බිය නොවිය යුතුයි නේද? බොහෝ එඩිතරකමක් අවශ්‍යයි. දේශන පවත්වන අය, ජීවය පිළිබඳ ඥානය, මහත් කුල්මත්භාවයකින් ලබා දිය යුතුයි. පරම ජීවය යනු කවරෙක්ද කියා, ඉන්පසුව ඔවුන් විස්තර කළ යුතුයි. පියාගේ ප්‍රශංසාව වන්නේ සෙනෙහසේ සාගරය, ඥාන සාගරය යන්නයි. ඇත්ත වශයෙන්ම මෙය ඔය දරුවන්ගේ ද ප්‍රශංසාවයි. කෙනෙක් සමඟ තරහ වීම යනු, නීතිය ඔබ අතට ගැනීමය. බාබා බොහෝ සේ මිහිරිය. යම් දෙයක් කරන්න යැයි කී විට, දරුවන් බැහැ කියන්නේ නම්, ඔවුන්ට ක්‍රිෂ්ණා මෙන් විය නොහැක. ඔබ බොහෝ සේ මිහිරි විය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. 

ධාරණය සඳහා සාරාංශය:

1. ඔබගේ සියලුම ගමන් මළු මාරුකර යවා, බොහෝ කුල්මත්ව සහ සතුටින් සිටින්න. මමා සහ බාබා මෙන් සිහසුනේ අසුන් ගෙන සිටින්න. හදවතේ ගැඹුරින්ම සිහිපත් කිරීමේ යෙදෙන්න.

2. කෙනෙකුට ඇති බිය නිසා, කිසිම විටෙක ඉගෙනුම නොනවත්වන්න. සිහිපත් කිරීම තුළින් ඔබගේ කර්ම බන්දන සැහැල්ලු කරගන්න. කිසිම විටෙක කෝපයට පත් වී, නීතිය ඔබගේ අතට නොගන්න. ඔබට ඕනෑම අන්දමක සේවයක් කිරීමට කියූ විට, බැහැ නොකියන්න.

වරදානය:
ඔබ බ්‍රහ්මන දිවියේ දේපළ සහ පෞරුෂත්වය අත්දකින සහ අන් අයට අත්දැකීමට මඟපාදන, විශේෂ ජීවාත්මයක් වේවා.

බ්‍රහ්මනයන් වීම, ඔබගේ මහා භාග්‍යයක් බව, බාප්දාදා ඔය සියලුම බ්‍රහ්මන දරුවන්ට මතක් කර දෙයි. කෙසේවෙතත්, බ්‍රහ්මන දිවියේ උරුමය සහ දේපල වන්නේ තෘප්තිය වන අතර බ්‍රහ්මන දිවියේ පෞරුෂත්වය වන්නේ සතුටයි. කිසිම විටෙක මෙම අත්දැකීම අහිමි කර නොගන්න. ඔබට අයිතියක් තිබේ. පිරිනමන්නා සහ ආශිර්වාද පිරිනමන්නා විවෘත හදවතකින්, ඔබට ලැබීම්වල සම්පත් ලබා දෙන බැවින්, ඒවා අත්විඳ අන් අයට ද ඒවා අත්විඳීමට මඟපාදන්න, එවිට ඔබ විශේෂ ජීවාත්මයක් බව කියැවෙයි.

පාඨය:
අවසන් මොහොත ගැන සිතනවා වෙනුවට, ඔබගේ අවසන් ස්ථීතිය ගැන සිතන්න.


බ්‍රහ්ම පියාට සමාන වීම සඳහා විශේෂ උත්සාහයන්.
සේවයේ ප්‍රායෝගික ඵලය පෙන්වීම සඳහා, ඔහුගේ ආධ්‍යාත්මික ස්ථීතිය තුළින්, බ්‍රහ්ම පියා සේවය කළ ආකාරයෙන්, ඔය දරුවන්ද දැන් ඔබගේ ආධ්‍යාත්මික ස්ථීතිය හෙලිදරව් කළ යුතුයි. ජීවාත්මය, රූහ් (ආත්මය) බව කියන අතර එය සාරය බව ද කියයි. එබැවින් ඔබගේ ආධ්‍යාත්මික (රුහානි) ස්ථීතියේ සිටීමෙන්, ඔබ දෙකම වෙයි. දිව්‍යමය ගුණදම් වල ආකර්ෂණය, එනම්, සාරය, ආත්මය වන අතර ජීව-අවධාන ස්වරූපය ද දිස්වෙයි.