04.01.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, නොකඩවා සෑම පියවරකදීම පරමාත්ම පියාගේ ශ්‍රේෂ්ඨ උපදෙස් අනුගමනය කරන්න. එක් පියාට පමණක් සවන් දෙන්න, එවිට මායා ඔබට පහර නොදෙයි.

ප්‍රශ්නය:
ශ්‍රේෂ්ඨ තත්ත්වයක් හිමිකර ගැනීමේ පදනම කුමක්ද?

පිළිතුර:
උසස් තත්ත්වයක් හිමි කර ගැනීමට පරම පියාගේ සෑම උපදේශයක්ම නොකඩවා අනුගමනය කරන්න. ඔය දරුවන්ට පියාගෙන් උපදෙසක් ලැබුණු වහාම, තව දුරටත් නොසිතා එය පිළිගන්න. 2. මෙම ආධ්‍යාත්මික ඉගෙනුමේ නිරත වී සිටින්න. ඔබ අන් කිසිවෙකු සිහිපත් නොකළ යුතුයි. ඔබ මිය ගිය විට, ඔබට ලොව මිය ගිහින්ය එවිට පමණයි ඔබට උසස් තත්ත්වයක් හිමි කර ගත හැකි වන්නේ.

ගීතය:
ඔබව හමුවීමෙන්, අපට මුළු ලොවම හමු වී තිබේ.

ඕම් ශාන්ති.
සුමිහිරිම ආධ්‍යාත්මික දරුවන් ගීතයට සවන් දුන්නා. එය භක්ති මාර්ගයේ ගයන ලද්දක්ය. එහි අරුත පරම පියා ඔය දරුවන්ට විස්තර කර දෙයි. ඔබගේ අසීමිත උරුමය පියාගෙන් හිමි කර ගන්නා බවත් ඔය දරුවන්ට වැටහෙයි. කිසි කෙනෙකුට එම රාජධානිය අපගෙන් උදුරා ගත නොහැකිය. භාරත රාජධානිය බොහෝ දෙනෙක් ගෙන ඇත. මුස්ලිම්වරුන් එය ලබා ගත්තේය බ්‍රිතාන්‍යයන් එය ගත්තේය. ඔවුන් රාක‍්ෂක මත අනුගමනය කළ බැවින්, ඇත්ත වශයෙන්ම එය පළමුවෙන්ම ගත්තේ රාවණ්ය. දුෂ්ඨ දේ වලට සවන් නො දෙන්න, දුෂ්ඨ දේ නොදකින්න, දුෂ්ඨ වචන කතා නොකරන්න යනුවෙන් වඳුරන්ගේ ස්වරූප යොදා පෙන්වීමේ යම් කිසි වැදගත් කමක් ඇති. පරම පියා විස්තර කරන්නේ එක් පැත්තක පියාව නොහඳුනන රාවණ්ගේ ජන කොට්ඨාශය සිටියි. අනෙක් පැත්තේ සිටින්නේ ඔය දරුවන්ය. පෙර කල ඔබටද මෙය වැටහුනේ නැත. පරම පියා මෙම කෙනා ගැනද කතා කරයි, මන්ද ඔහුද බොහෝ සේ භක්තියේ යෙදී තිබේ. ඔහුගේ බොහෝ උපත් වල අවසන් උපත මෙයයි. මොහු මුලදි පාරිශුද්ධව සිටි අතර දැන් අපවිත්‍ර වී සිටියි. මම ඔහුව දන්නෙමි. ඔබ දැන් තව දුරටත් වෙන කිසිවෙකුට සවන් නොදිය යුතුයි. පරමාත්ම පියා පවසන්නේ මම කතා කරන්නේ ඔය දරුවන්ටයි. ඔව්, ඔබ ඔබගේ නැදෑ මිත්‍රයින් කැඳවාගෙන ආ විට මම ඔවුන්ට ටිකක් කතා කරනවා. පළමුවන දේ පාරිශුද්ධ වීමයි, එවිට පමණයි ඔබගේ බුද්ධියට යම්කිසි දෙයක් ධාරණය කර ගැනීමට හැකි වන්නේ. මෙහි නීතී ඉතා තදයි. ඔබ දින හතක බත්තියක සිට, වෙන කිසිවෙකු කිසි සේත්ම සිහිපත් නොකළ යුතු බව, පෙර කල ඔබට කියන ලදී. ඔබට කිසිවෙකුට ලිපියක් ලිවීමටද නුපුළුවන් විය. ඔබ කොහේ ජීවත් වුවද, දවස පුරාම බත්තියක සිටිය යුතු විය. දැන් ඔබ බත්තියේ ඉගෙන ගෙන ඉන්පසු එලියට යති. සමහරු මෙම ඥානය අසා පුදුම වී, එයට සවන් දී වෙනින් අයටත් කියා දෙයි, ඉන්පසු මායා පැමිණ, ඔවුන් දිව යයි. මෙම ගමනාන්තය ඉතාමත් ඉහළයි. ඔවුන් පරමාත්ම පියාට සවන් දෙන්නේ නැත. ඔහු පවසන්නේ ඔබ සිටින්නේ විශ්‍රාමික තත්ත්වයේය. ඔබ අන් අය තුළ නිකම් සිර වී සිටින්නේ ඇයි? මෙම ආධ්‍යාත්මික ඉගෙනුමේ තමන්ව නිරත කර ගන්න. ඔබ අන් කිසි කෙනෙක්ව කොහොමවත් සිහිපත් නොකළ යුතුයි. ඔබ මිය යන විට ඔබට ලොවද මිය යන්නේය. එවිට පමණයි ඔබට උසස් තත්ත්වයක් හිමි කර ගත හැකි වන්නේ. ඔබගේ උත්සාහය සාමාන්‍ය මිනිසෙකුගෙන් නාරායන් බවට පත්වීමටයි. ඔබ සෑම පියවරකදීම පරම පියාගේ උපදෙස් අනුගමනය කළ යුතුයි, කෙසේනමුත්, මෙයටද නිර්භීතකම අවශ්‍යයි. එය පිළිබඳව කතා කිරීම පමණක් නොසෑහේ. බැඳීම් වල ලණු ද අඩු නැත. ඔබ සෑම බැඳීමක්ම විනාශ කළ යුතුයි. ශිව් බාබා මිස අන් කිසිවෙක් මගේ නොවේ! මම බාබාගේ පිළිසරණ ගෙන සිටිමි. මම කිසි විටෙක විෂ නොදෙන්නෙමි. ඔබ පරමාත්ම දෙවියන් වෙතට පැමිණි විට මායා ඔබව තනි කරන්නේ නැත. ඔබ වට්ටන්නට ඇය බොහෝ උත්සාහ දරයි. වෙද්දුන් පවසන්නේ ඔබ යම්කිසි ඖෂධයක් පානය කළ විට, පළමුව එම අසනීපය මතු වෙන බවයි. ඔබ ඒ පිළිබඳව බිය විය යුතු නැත. මෙහිද ඒ වගේමයි. මායා ඔබට බොහෝ කරදර කර, ඔබගේ විශ්‍රාමික තත්ත්වයේ වුවද, දුර්ගුණ වල සිතිවිලි ගෙන එයි. එවිට බැඳීම් වර්ධනය වෙයි. මේ සෑම දෙයක්ම සිදුවන බව බාබා ඔබට කල් තියාම කියයි. ඔබ ජීවත්ව සිටින තුරාම මායාගේ පහර දීම සිදුවෙයි. මායාද බොහෝ ශක්තිමත් වී ඔබව තනි කරන්නේ නැත. මෙයද නාටකයේ නියම වූවක්ය. ඔබට දූෂිත සිතිවිලි නොගෙනෙන්නට යැයි මම මායාට නොකියමි. බොහෝ දෙනෙක් මෙසේ ලියයි බාබා, අනුකම්පා කරන්න! කිසිවෙකු වෙනුවෙන් මෙවන් අනුකම්පාවක් මා තුළ නොමැත. මෙහිදි ඔබ කළ යුත්තේ ශ්‍රීමත් අනුගමනය කිරීමයි. මම අනුකම්පා කළොත්, සෑම කෙනෙක්ම අධිරාජ්‍යයෙක් බවට පත් වෙයි. මෙය නාටකයේ නොමැත. සෑම ආගමකම අය පැමිණෙයි. වෙනත් ආගම් වලට මාරු වී ගොස් සිටින සෑම කෙනෙක්ම මතු වෙයි. අංකුරය පැළ කරමින් තිබේ. මෙයට බොහෝ උත්සාහය අවශ්‍යයි. අලුත් අය පැමිණෙන විට ඔවුන්ට නිකම්ම පරම පියා සිහිපත් කරන්න යැයි කියන්න. ශිව පරමාත්ම දෙවියන් කතා කරයි. ක්‍රිෂ්ණා දෙවියන් නොවෙයි. ඔහු උපත් 84 හි චක්‍රය වටේ යයි. ගණන් කිරීමට නොහැකි තරම් මත සහ කතා පුවත් ඇත. මෙය ඔබගේ බුද්ධිය තුළ ඉතා හොඳින් පැලපදියම් කර ගත යුතුයි. ඔබ පාරිශුද්ධව සිටියේය. ඔබට දැන් පාරිශුද්ධ විය හැකි අන්දම පරමාත්ම පියා පවසයි. චක්‍රයකට පෙරද ඔහු ඔබට කීවේය මා පමණක් සිහිපත් කරන්න! තමන් ජීවාත්මයක් ලෙස සළකා, ශාරීරික ආගම් සියල්ලක්ම අතහැර සජීවීව මියැදෙන්න! එකම පරම පියා වන මා පමණක් සිහිපත් කරන්න! මා පැමිණියේ සියල්ලන්ටම විමුක්තිය ලබා දීමටයි. ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ භාරතයේ ජනතාව පමණයි. ඉන්පසු ඔවුන් උපත් 84 ක් ගෙන පහත බසී. ඔවුන්ට කියන්න භාරතයේ ජනතාව වන ඔබලා මෙම දේවතාවන්ට වන්දනාමාන කරති. ඔවුන් කවුරුන්ද? ඔවුන් දෙව් ලොවට අධිපතියන් නොවේද? ඔවුන් දැන් සිටින්නේ කොහිද? උපත් 84 ක් ගන්නේ කවුද? ස්වර්ණමය යුගයේ සිටියේ මෙම දේවතාවන් පමණයි. දැන් මෙම මහාභාරත යුද්ධයේ සියල්ලන්ම විනාශ වීමට යයි. සියල්ලන්ම දැන් අපවිත්‍ර සහ තමෝප්‍රධාන්ය. මා පැමිණ මොහුගේ බොහෝ උපත් වල, අවසන් උපතේදී ඔහු තුළට ඇතුළු වන්නෙමි. ඔහු සම්පූර්ණ භක්ති වන්තයෙක්ව සිටියේය ඔහු නාරායනට වන්දනාමාන පැවැත්වූවේය. මා ඔහු තුළට ඇතුළු වී ඔහුව නාරායන බවට පත් කරවන්නෙමි. දැන් ඔබද උත්සාහ දැරිය යුතුයි. මෙම දේවතා රාජධානිය ස්ථාපනය වෙමින් පවති. මාලාවක් නිර්මාණය වෙමින් තිබෙයි. ඉහළින්ම ඇත්තේ අශාරීරික මලයි, ඉන්පසුව ද්විත්ව-පබුළු තිබේ. ඔවුන් ශිව් බාබාට කෙලින්ම පහළින් සිටගෙන සිටියි විශ්වයේ පියා බ්‍රහ්මා සහ විශ්වයේ මව සරස්වතී. ඔබ දැන් මෙම උත්සාහය දැරීමෙන්, විෂ්ණුගේ දේශයේ අධිපතියන් බවට පත්වෙමින් සිටිති. භාරතයේ මිනිසුන් කියන්නේ භාරතය අයත් වන්නේ අපටයි! ඔබ ලොවෙහි අධිපතියන් බවට පත් වන බවද ඔබට වැටහෙයි. අප ලොව පාලනය කරන විට අන් කිසිදු ආගමක් නොතිබෙයි. ඔබ මෙසේ නොකියයි මෙය මගේ රාජධානියයි. එහි වෙනින් රාජධානි නොමැත. මෙහි බොහෝ තිබේ. ඔවුන් මගේ සහ ඔබේ කියයි. එහි මෙවැනි දේ පවතින්නේ නැත. එබැවින් පරමාත්ම පියා පවසන්නේ දරුවනි, අන් සියලු දේම අතහැර නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් ක‍්ෂය වෙයි. කෙනෙක් විශේෂයෙන් ඔබ ඉදිරියේ වාඩි වී භාවනා මෙහෙය විය යුතු හෝ ඔබට ද්‍රිෂ්ඨි දිය යුතු නොවේ. පරම පියා පවසන්නේ ඇවිදින අතර සහ එහා මෙහා සැරිසරන අතර පරම පියා සිහිපත් කරන්න. ඔබගේ දින සටහන තබන්න. දවස පුරාම මා කොතෙක් වෙලා පියා ගේ සිහිපත් කිරීමේ සිටියාද? උදේ අවදි වීමෙන් අනතුරුව, මා කොතෙක් වේලා පියා සමඟ කතා බස් කළාද? මම අද දින බාබාගේ සිහිපත් කිරීමේ අසුන් ගත්තාද? මේ අන්දමට තමන් කෙරෙහි උත්සාහයේ යෙදෙන්න. ඥානය ඔබගේ බුද්ධිය තුළ ඇත. එසේනම්, එය වෙනත් අයටද විස්තර කර දෙන්න! විශාලතම සතුරා රාගය බව කිසි කෙනෙකුගේ බුද්ධියට ඇතුළු වන්නේ නැත. ඔවුන් වසර දෙකක් හෝ හතරක් මෙහි සිට, ඉන්පසු විශාල බලයකින් මායා ඔවුන්ට පහර දුන් විට ඔවුන් ඇද වැටෙයි. එවිට ඔවුන් මෙසේ ලියති බාබා මම මගේ මුහුණ කිලිටි කර ගත්තෙමි! බාබා ප්‍රතිචාර දක්වන්නේ තමන්ගේ මුහුණ කිලිටි කරගන්නා අය මාස 12 කට මෙහි නොපැමිණිය යුතුයි. ඔබ පරමාත්ම පියාට පොරොන්දු වූ නමුත් ඔබ දුර්ගුණ වලට වැටුණේය. මා වෙතට නොපැමිණෙන්න! ගමනාන්තය ඉතා ඉහළයි. පරම පියා පැමිණ ඇත්තේ අපවිත්‍ර අය පාරිශුද්ධ කිරීමටයි. බොහෝ දරුවන් විවාහ වී පාරිශුද්ධව සිටියි. ඔව්, ගැහැණු ළමයෙකුට පහර දෙයි නම්, ඇයව බේරා ගැනීම සඳහා පාරිශුද්ධ විවාහයක් පිළියෙල කෙරෙයි. මෙහිදීද මායා සමහරෙක්ව ඔවුන්ගේ නාසයෙන් අල්ලා ගන්නා අතර ඔවුන් එවිට පරාජය වෙයි. ස්ත්‍රීන්ද බොහෝ සෙයින් පරාජයට පත්වෙති! පරම පියා පවසන්නේ ඔබ සුප්නකාය (ස්ත්‍රී යක‍්ෂනියක්). ඒ සියලුම නම් වලින් හැඳින්වෙන්නේ මේ කාලය ගැනයි. බාබා දුෂ්ඨ මිනිසුන්ට මෙහි අසුන් ගැනීමට ඉඩ දෙන්නේ නැත. ඔබ සෑම පියවරකදීම පරමාත්ම පියාගෙන් අවවාද ගත යුතුයි. ඔබ කැප වූ විට, පියා පවසන්නේ දැන් භාරකරුවෙක් වී පියාගේ අවවාද නොකඩවා අනුගමනය කරන්න. ඔබගේ දින සටහන බාබාට පෙන්වූ විට පමණයි ඔහුට ඔබට අවවාද කළ හැකි වන්නේ. මේ දේවල් ඉතා හොඳින් වටහා ගත යුතුයි. ඔබට බෝග් පූජා කළ හැකි නමුත් මම ඒවා කන්නේ නැත. මම දානපතියායි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

රාත්‍රී පංතිය 68/06/15
දුර්වල හදවතක් ඇති අය අතීතය පුනරීක‍්ෂණය කරන විට, ඔවුන්ගේ හදවත් වල ඇති දුර්වලතාද පුනරීක‍්ෂණය වෙයි, මේ නිසයි දරුවන්ට නාටකයේ පීලි මත ස්ථාවරව සිටීමට සලස්වන්නේ. සිහිපත් කිරීමෙන් පමණයි උපරිම ලාභයක් ඇතිවන්නේ. ඔබගේ ආයුෂ වැඩි වන්නේ සිහිපත් කිරීමෙන් පමණයි. දරුවන්ට නාටකය වැටහෙයි නම්, ඔවුන්ට වෙනත් සිතිවිලි කිසිවක් ඇති නොවෙයි. නාටකයේ මෙම කාලයේදී ඔබ ඉගෙන ගන්නා අතරම, ඥානය උගන්වයි. ඉන්පසු මෙම චරිත කොටස අවසන් වෙයි. පරම පියාගේ චරිත කොටස වත් අපේ චරිත කොටස් වත් ඉතිරි වන්නේ නැත. ඔහු ලබා දෙන චරිත කොටස වත්, අප ලබා ගන්නා චරිත කොටස වත් නො තිබෙයි. ඉතිං දෙකම එකක් වෙයි. එවිට අපගේ චරිත කොටස් නව ලෝකයේද, බාබාගේ චරිත කොටස නිශ්ශබ්ද දේශයේද වෙයි. අපගේ චරිත කොටස් වල පටය තැටි ගත වී තිබේ අපගේ චරිත කොටස් අපගේ තිළිණය වන අතර බාබාගේ චරිත කොටස නිශ්ශබ්ද දේශයේය. ලබා දෙන චරිත කොටස් සහ ලබා ගන්නා චරිත කොටස් තැටි ගත වී තිබේ නාටකය දැන් අවසන් වෙමින් තිබෙයි. ඉන්පසු අප ගොස් අපගේ රාජධානියේ පාලනය කරයි. එම චරිත කොටස ඉන්පසු වෙනස් වෙයි. ඥානය නැවතී අප ඔවුන් බවට පත් වෙයි. චරිත කොටස අවසන් වූ විට, කිසිම වෙනසක් ඉතිරි වන්නේ නැත. පරම පියාගේ සහ දරුවන්ගේ චරිත කොටස් නො තිබෙයි. මෙම කෙනාද සම්පූර්ණ ඥානය ලබා ගනී. එම එක්කෙනා ලඟත් කිසි දෙයක් ඉතිරි වන්නේ නැත. ලබා දෙන එක්කෙනා ලඟ කිසිවක් ඉතිරිවන්නේ නැති අතර, ලබා ගන්නා අයට නොමැති දෙයක් නැත, එබැවින් දෙදෙනාම සමාන වෙයි. මේ සඳහා ඥානයේ සාගරය කලඹන බුද්ධියක් ඔබට අවශ්‍යයි. විශේෂ උත්සාහය සිහිපත් කිරීමේ වන්දනාවටයි. පරමාත්ම පියා මෙතැන අසුන්ගෙන විස්තර කර දෙයි. එය කියා දෙන විට එය විශාල දෙයක් වන නමුත්, එය බුද්ධියේ ඇති විට ඉතාම සුක‍්ෂම දෙයකි. ශිව් බාබාගේ ස්වරූපය කුමක්ද කියා ඔබ ඇතුලාන්තයෙන් දනී. එය විස්තර කර දීමේදි, විශාල ස්වරූපයක් වෙයි. භක්ති මාර්ගයේදී ඔවුන් විශාල පිළිම නිර්මාණය කරයි. ජීවාත්මයක් ඉතා කුඩායි. මෙය ආශ්චර්යයකි! ඔබ කවදා අවසානය කරා ලඟා වෙයිද? අන්තිමේදී ඔවුන් නිකම්ම නිමා නොවනයැයි කියයි. සම්පූර්ණ චරිත කොටසක්ම ජීවාත්මයක් තුළ තැටි ගත වී ඇති බව බාබා විස්තර කර ඇත. මෙය ආශ්චර්යයකි. ඔබට අවසානයක් දක්වා ලඟා විය නොහැක. ඔබට ලෝක චක්‍රයේ අවසානයට ලඟා විය හැක. නිර්මාණකරු සහ නිර්මාණයේ මුල, මැද සහ අවසානය දන්නේ ඔබ පමණයි. බාබා ඥානයෙන් පිරිපුන්ය. ඉන්පසු, අපිද පිරිපුන් වෙයි. තවත් ලබා ගැනීමට කිසිවක් ඉතිරි වන්නේ නැත. පරම පියා මෙම කෙනා තුළට ඇතුළු වී අපට උගන්වයි. ඔහු නිකම් තිතකි. ජීවාත්මයක දර්ශනයක් හෝ පරමාත්ම දෙවියන් ගේ දර්ශනයක් ඇතිවීමෙන් එම සතුට ඇති නොවෙයි. පරමාත්ම පියාව සිහිපත් කිරීමට ඔබ උත්සාහ දැරිය යුතුයි, මන්ද, එවිට පමණයි ඔබගේ පාපයන් ක‍්ෂය වන්නේ. පරම පියා පවසන්නේ මා තුළ ඇති ඥානය අවසන් වන අතර, එය ඔබ තුළින්ද අවසන් වෙයි. ඔබ ඥානය ලබා ගෙන ශ්‍රේෂ්ඨත්වයට පත්වෙයි. ඔබ සෑම දෙයක්ම ලබා ගනී, කෙසේවෙතත්, පරමාත්ම පියා පියාමයි. ඔය ජීවාත්මයන්, ජීවාත්මයන් වශයෙන්ම හිඳියි, ඔබ පියා බවට පත් වන්නේ නැත. මෙය ඥානයයි. පියා, පියාමයි, දරුවන්, දරුවන්මයි. එය ඥානයේ සාගරය කළඹා එහි ගැඹුරටම යෑම පිළිබඳ ප්‍රශ්නයකි. සෑම කෙනෙක්ම ආපසු නිවහනට යා යුතු බවත් ඔබ දනී. සෑම කෙනෙක්ම ආපසු යයි. ජීවාත්ම පමණක් ඉතිරි වෙයි. මුළු ලොවම අවසන් වීමට යයි. මේ පිළිබඳව ඔබ නිර්භය විය යුතුයි. ඔබ බිය නොවී සිටීමට උත්සාහ ගත යුතුයි. ශරීරය පිළිබඳ අවධානයක් නොතිබිය යුතුයි. ඔබ එම තත්ත්වයට ලඟා විය යුතුයි. පරම පියා ඔබව ඔහු හා සම තත්ත්වයකට පමුණුවයි. ඔය දරුවන්ද නොකඩවා අන් අයව ඔබට සමාන තත්ත්වයකට පත් කරවමින් සිටියි. එක් පරම පියා පමණක් සිහිපත් වන තරමට ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබට තවමත් කල් ඇත. ඔබ මෙය ඉතා තදින් පුහුණු කළ යුතුයි. ඔබ මෙය පුහුණු නො කළොත් ඔබ එක තැන නවතී. ඔබගේ දෙපා වෙව්ලා හදිසි හෘදයාබාද ඇති වෙයි. තමෝප්‍රධාන් ශරීරයකට හෘදයාබාදයක් ඇති වීමට වැඩි කාලයක් ගත වන්නේ නැත. ඔබ වැඩි වැඩියෙන් අශාරීරික වී පරමාත්ම පියාගේ සිහිපත් කිරීමේ සිටිනා තරමට, ඔබ නොකඩවා තව තවත් ලං වෙයි. යෝගාවේ සිටින අයට පමණයි නිර්භයව සිටීමට හැකි වන්නේ. යෝගාව තුළින් ඔබට බලය ලැබෙන අතර, ඥානය තුළින් ධනය ලැබෙයි. ඔය දරුවන්ට ශක්තිය අවශ්‍යයි, එබැවින් ශක්තිය ලබා ගැනීම සඳහා නොකඩවා පරම පියා සිහිපත් කරන්න. බාබා සනාතන ශල්‍ය වෛද්‍යවරයාය. ඔහුට කිසිම විටෙක රෝගියෙකු විය නොහැක. පරම පියා පවසන්නේ ඔබ දැන් නොකඩවා අවිනාශි ඖෂධය තමන්ට ගත යුතුව ඇත. මම කුමන අන්දමේ ජීවිතය-ලබා දෙන ඖෂධයක් ලබා දෙන්නේද යත් කිසිවෙකු කෙදිනකවත් රෝගී වන්නේ නැත. නොකඩවාම පාරිශුද්ධත්වයට පමුණුවන පරමාත්ම පියා සිහිපත් කරන්න, එවිට ඔබ පාරිශුද්ධත්වයට පත් වෙයි. දේවතාවන් සෑම විටෙකම රෝග වලින් නිදහස් වන අතර පාරිශුද්ධයි. ඔබ සෑම චක්‍රයකදීම ඔබගේ උරුමය හිමිකරගන්නා විශ්වාසය ඔය දරුවන්ට දැන් තිබේ. පරම පියා දැන් පැමිණ ඇති ආකාරයටම, අසංඛ්‍යාත වාරයක් පැමිණ ඇත. බාබා උගන්වන සහ විස්තර කර දෙන ඕනෑම දෙයක් රාජ යෝගාවයි. ගීතාව ආදිය අයත්වන්නේ භක්ති මාර්ගයටයි. පරම පියා දැන් ඔබට මෙම ඥානයේ මාවත පෙන්වා දෙයි. පරම පියා ඔබව පත්ලෙන් අහුලා ඉහළට ඔසවා තබයි. තම බුද්ධියේ ස්ථීර විශ්වාසය ඇති අය මාලාවේ පබුළු බවට පත් වෙයි. ඔබ භක්තියේ යෙදීමෙන් පහතට පැමිණ ඇති බව ඔය දරුවන්ට වැටහෙයි. පරම පියා දැන් පැමිණ ඔබට සත්‍ය ආදායමක් උපයාගැනීමට දිරිගන්වයි. පාරලෞකික පියා ඔබට එවැනි ආදායමක් උපයා ගැනීමට සළස්වන අන්දමට ලෞකික පියෙක් නොකරයි. අච්චා.
දරුවන්ට ශුභ රාත්‍රියක් සහ නමස්තේ.

ධාරණය සඳහා සාරාංශය:
1. මායා බොහෝ ශක්තිමත් වී ඔබ ඉදිරියට පැමිණෙයි. ඇයට බිය නොවන්න. මායා ජයගන්නා කෙනෙක් වන්න. තමන්ට අනුකම්පා කොට සෑම පියවරක් පාසාම ශ්‍රීමත් අනුගමනය කරන්න.

2. පරම පියාට ඔබගේ සැබෑ දින වාර්තාව පෙන්වන්න. භාරකරුවෙක් වශයෙන් ජීවත් වන්න. ඇවිදින විට සහ එහා මෙහා යන විට සිහිපත් කිරීමේ සිටීමට පුරුදු වන්න.

වරදානය:
ඔබගේ ස්වරූපය තුළින්, ඔබගේ බැතිමතුන්ට ඔබගේ ආලෝක කිරුළේ දර්ශනයක් ලබා දී, විශේෂ ආදරණීය දේවතාවක් වේවා.

ඔබ පරම පියාගේ දරුවන් වී, පාරිශුද්ධත්වය වෙනුවෙන් පොරොන්දුවක් වූ විට, ඔබට එහි ප්‍රතිඵලය ලෙසින් ආලෝකමත් කිරුළක් ලැබුණා. මෙම ආලෝක කිරුළ හා සසඳන විට, මැණික් එබ්බවූ කිරුළ සුළු දෙයකි. ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියා වලින් ඔබ වැඩියෙන් පාරිශුද්ධත්වය ධාරණය කරගන්නා තරමට, ආලෝක කිරුළ වඩාත් පැහැදිලි වන අතර එවිට ඔබගේ බැතිමතුන් ඉදිරියේ විශේෂ ආදරණීය දේවතාව ලෙසින් ඔබ හෙළිදරව් වෙයි.

පාඨය:
සෑම විටම බාප්දාදාගේ ආරක‍්ෂක වියන යට සිටින්න එවිට ඔබ බාධක විනාශ කරන්නෙක් වෙයි.